අවුල් වන්නට පෙර (57)…මිතුරෝ…අපි මිතුරෝ.

නැවත මගේ කතාවට ප්‍රවිෂ්ට විය යුතු යැයි සිතාගතිමි. අම්මා ඇතුළු අන් සියල්ලම පදිංචිව සිටි ලොකු අම්මාගේ නිවස පසුකරමින් මම විජේරාමේ නවාතැන සොයා යන්නෙමි. මේ වනවිටත් මම සේවය කරේ ඔබරෝයි හෝටලයේ බව ලිය තිබේ. පාසල් කාලය පුරාවටම මා නැවති සිටියේම පිටස්තර නවාතැන්වලම නිසා මට ගෙදරත් නවාතැන් පොළක් බඳුම හැඟුණා දැයි මට නොතේරේ. වෙහෙසකර රැකියාවකින් පසු හරිහමන් විවේකයක් ගැනීමට හැකි වටපිටාවක් නොතිබීමත්, සෑම රාත්‍රියකම තාත්තා බීමත්වී රඟනා නාට්‍යය නොදැකීමට තිබු අකැමැත්තත් නිසාම, මම ඒ අසලම විජේරාමේ නිවහනට තදින් ප්‍රිය කරෙමි. ඒවා නිදහසට කාරණා පමණක් විය හැක. මම විජේරාමේ ගෙදරට කැමති වුණේ අන් කිසිවක් නිසා නොව, මිතුරු සමාගමේ කල්ගෙවීමට තිබු බලවත් කැමත්ත නිසා බව මගේ යටිහිත දනී.

පඩි ලැබුණු දිනට අම්මාගේ අතට මුදල් දීමත්, ඉඳහිට ගෙදරට ගොඩවී අල්ලාප, සල්ලාපයේ යෙදී තාත්තා එන්නට පෙර පිටවීයෑමත් මගේ පුරුද්ද විය. තාත්තා ඉස්තෝප්පුවේ නවතාගෙන සිටි ඔහුගේ මිතුරන් දෙදෙනා නම් මා සමග ඇසුරට යම් ඇල්මක් දැක්වීය. මමත් රණසිංහ අන්කල් සමග අඩියක් පුඩියක් ගැසීමට කැමැත්තෙමි. ඔහු ඉතා හොඳින් ඉගෙනගත්, භාෂා බොහෝමයක් දත් මත්පැනට ලොල්වූ වැඩිහිටියෙකි. මම රණසිංහ අන්කල්ට හැකි විටක, තාත්තාට හොරෙන් කීයක් හෝ අතමිට මොලවා යන්නෙමි. අම්මා කියන්නෙත් ඔන්න ඔය කීයක් හරි දෙන්න ළමයෝ කියාය. අපි සියලු දෙනා සමග රණසිංහ අන්කල්ගේ හොඳ සම්බන්ධයක් විය. තාත්තාත් ඔහුත් අතිජාත මිත්‍රයන් විය. එක්තරා යුගයක ප්‍රේම සම්බන්ධතාවයක ප්‍රතිඵලයක් ලෙස ඔහු කිසිදා විවාහ නොවු බව මම අසා තිබේ. හීනියට අඩියකට සෙට්වූ විට මම මේ ගැන අසා ඇත්තෙමි. කිසිදා ඒ විස්තර මට නොකීවත් ඉංග්‍රීසියෙන් ආදරය පිළිබඳ දේශනයක් නම් ලැබෙයි. ඔහු බොහෝ දේ උගත් මිනිසෙකි. මොහුගේ දැනුමට ඔවුන්ගේ කන්තෝරුවේ ලොකු ලොක්කන්ද ගෞරව කල බව මම දනිමි. නමුත් නිදාගන්නට පැදුරත්, බෙලෙක් පිඟානට බත් ටික ලැබුණේත් අපේ අම්මාගෙන් පමණි. බේබදුකමේ අවසාන ප්‍රතිඵල කොහේ හෝ “චාටර්” වීම නොවේදැයි මම එදාත් දුටුවෙමි.

දෙදෙනා ඉස්තෝප්පුවේ සිට බීමත්ව කතාව පටන්ගන්නේ ඉංග්‍රීසියෙනි. එන්න එන්න සද්දෙත් වැඩි කලවම් භාෂාවක් ඇසෙයි. රණසිංහ අන්කල් පාලි,සංස්කෘත භාෂා පිළිබඳද අධ්‍යාපනයක් ලැබු මිනිසෙකි. රණේ තාත්තාට පාලියෙන් යමක් කියයි. “රණේ තේරෙන භාෂවකින් කියපන්..උඹේ පාලි රෝල් කරලා පුකේ ගහගනින්” එසේ කියන්නේ අපේ තාත්තාය. සමහරක් දවස්වලට මේ කතා බොහෝ දුර දිග යයි. කවදාවත් මේ දෙදෙනා තරහාවී සිටිනු බවක් අසා නැත. පහුවදා උදෙන්ම ලෑස්තිවී, එකම තැනකින් පටන් ගන්නා ගමන රාත්‍රියේදි එකම තැනකින් අවසන් කරයි. ඒ කන්තෝරුව සහ අපේ කුඩා ගෙදර ඉස්තෝප්පුව නැමති ගමනාන්ත දෙකය. අතරමග නවාතැන් කොපමණ තිබුණාද කියා දන්නේ එකට බිව් යාළුවෝ පමණය. සියල්ල කෙසේ සිදුවූවත් එක් ගමනක් පමණක් රණසිංහ අන්කල් තාත්තා අතහැර තනිවම යන්නට ගියේය. ඔහු මිය යන තෙක්ම, තාත්තා හැකි අයුරින් රෝහල් තුළත්, අන් සියලු අයුරිනුත් රනේව අතහැර නොදැමු එකම මිතුරා විය. තාත්තාට “රණේ”ගෙන් තොර ලෝකයක් නැත. රණේට “බෑඩ්”ගෙන් තොර ලෝකයක් නැත. රණසිංහ අන්කල්ගේ වියෝව තාත්තා කොහොම දරාගන්නට ඇද්ද යන්න මට තවමත් ප්‍රෙහෙලිකාවකි. මන්ද යත්, තාත්තාගේ දුක බෙදාගැනීමට තබා, ඔහු සමග වචනයක් හෝ කතාකරේ ගෙදර අයගෙන් අපේ අම්මා සහ ආච්චී පමණය. ඇති හැකි යහළුවන් සියල්ල රණේලාව, බෑඩ්ලාව අතහැර දමා තිබුණේ බොහෝ කලකට පෙරය. නමුත් මේ දුප්පත් මිතුරන් දෙදෙනා, මිය යන තෙක්ම සැබෑ මිතුරන් විය. ඒ මිත්‍රත්වයට මම අදත් ගරු කරමි. මේවා ලියවෙන්නේද ඔවුන් වෙනුවෙනි. මටත් එවැනි එක් මිත්‍රයෙක් සිටී.ඌ ඉන්නේ ඔමානයේය. අපි බොහෝදේ බෙදාහදා ගෙන ඇත්තෝය. දුකේදීත්, සැපේදීත් අප කිසිදා වෙනස් නොවූහ. එහෙව් එකෙක් හොඳටම ඇතිය.

අපේ ගෙදර ඉස්තෝප්පුවේ කතාව එසේ වුවත්, විජේරාමේ ඉස්තෝප්පුවේ කතාව මීට වෙනස්ය. හැන්දෑවේ හය හත වනවිට අප පස්දෙනාම ගෙදරය. අමරේ අයියා රැකියාවක් නොකෙරූ නිසා වෙනත් වැඩක් නොතිබුණොත් ඔහු ඉන්නේ සුදානම් පිටය. ඉංජිනේරුවෙක්වූ පොඩි අමරේ අයියා පදමට රත් වෙන්නට කැමතිය. ලොකු අරුණ හැන්දෑවෙ වැඩ නැත්නම් අපිත් සමගය. ජානක අයියාද එවරෙඩිය. මේ අතරින් බාලයාමවූ මම ඕනම දේකට සුදානම් වර්ගයේ කෙනෙක් විය. පොඩි අමරේ අයියාට පුදුම හිතෙන වර්ගයේ ආශාවක් විය. ඔහු පදමට රත්වූ පසු සවන්දෙන්නේ සහ මුමුනන්නේ එකම එක ගීතයකි. ඒ විතරක් නොව අපට ඇසෙන්නේද එපමණකි. ඒ මොහිදින් බෙග් මාස්ටර් ගැයු “ආදරියේ රුචි රාණනියෙ” නම් ගීතය පමණමය. ඒ කාලයේ තිබුණේ කැසට්යන්ත්‍ර සහ “කැසට් කෑලි” පමණක් බව කිව යුතු නොවේ. මෙයින් විනාඩි අනූවක කැසට් පටියක් පුරාවට පටිගත කර තිබුණේ මේ ගීතය විතරමය. එහා මෙහා පැති මාරුකරමින් අසන්නේ ඔය ටික පමණය. පමණමය. ඒ ඇයිදැයි කියා ඔහු කිසිවෙකුටවත් කියන්නේ නැත. අපි කාටත් තිබුණේ ඔය කැසට් වාදන යන්ත්‍රය විතරය. ඒකත් පොඩි අමරේ අයියාගෙ බැවින් ලෙඩක් ඇදගන්නටත් බැරිය. වරෙක අපි පොඩි අමරෙ අයියාගේ කැසට් පටියට ගේමක් දෙන්නට සිතුවත් එය වැලක්වූයේ අමරබන්දු අයියාය. කිසිවෙක් ආශාවෙන් රස විඳින දෙයක් නැතිකර දැමිම තරම් වරදක් තවත් නොමැති බව ඔහු මට කීවේය. ඒ කතාව තුළ තව බොහෝදේ ගැබ්ව තිබුණා විය යුතුය. ඔහු බොහෝ සෙමින් ඒ කියූ කතාව මට තවමත් මතක්වේ. එවන් මිහිරි කාලයක් මගේ මතකයට නැගෙන්නේ නැති තරම්ය. අමරබන්ධු රූපසිංහයන් පසුකාලයක කෙරූ යම් යම් නිර්මාණයන්හී වැරදි, නිවැරදි කර ගැනීම්, කටහඬ හසුරුවා ගැනීම් වැනි කටයුතු නිවසේදි කරගත්තේ ඔය කැසට් යන්ත්‍රයේ පිහිටෙනි. ඔහුට එය ඉතා කටුක කාලයක් වෙන්නට ඇත.

සමහරක් සතිඅන්ත නිවාඩු දිනයන්හී මේ අය ගම්බිම් බලා යන අවස්ථාවන්ද වේ. මේ හැමෝටම නිවෙස්බලා යන ගමනට මාවද එක්කර ගැනීමට තදබල උනන්දුවක් විය. පොඩි අමරේ අයියා බදුල්ලේ නිසා බදුලු ගමනට මාවද කැටුව යයි. ඒ නිවසේ මම සමහර සති අන්තයන් ගෙවා ඇත්තෙමි. ඒ නිවැසියන්ගෙන් මට හරි සැලකිලිය. පොඩි අමරෙ අයියා පසුකාලයක අපේ ඥාතියෙක් බවට පත්වීය. ලොකු අරුණ මා කැටුව ඔවුන්ගේ කඩවැද්දුව නිවසට රැගෙන යයි. ඒ යටියන ප්‍රදේශයේය. ඒ නිවසද ඉතා සොඳුරු මිනිසුන්ගෙන් පිරි නිවසක් විය. අරුණගේ පියා සෝම ගුණරත්න මහතා ගමේ මිනිසුන්ට බොහො හිතවත් මිනිසෙකි. අරුණ දැන් පළාත් සභාවේය. ඔහු මහින්ද රාජපක්ෂ මහතාගේ ඉතාමත් ළඟ ඥාතියෙකි. ඒ කාලයේ බැසිල් රාජපක්ෂ වැඩ කරේ ගාමිණි දිසානායකගේ අමාත්‍යාංශයේ බව මතකය. අරුණ සමග මම එවන් ගමන්ද ගොස් ඇත්තෙමි. අරුණ මට අවසන්වරට හමුවන්නේ මින් බොහෝ කාලයකට පෙර දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපතිව සිටි යුගයකය.

ජානක අයියා ගෙදර යෑමට එතරම් උනන්දුවක් නොවේ. ජානකට වෙන රාජකාරී බොහෝ විය. මාස දෙක තුනකට වරක් වත් ඔහු යන්නේ නම්, මා ගමනට එක් කරගැනීම පුරුද්දක් විය. ඒ සුන්දර දියතලාව නගරයේත්, ඒ අවට පරිසරයේත් මමත් ජානකත් ඇති පදම් පිස්සු කෙළියෝ වෙමු. නැන්දලා කියන්නේ ගෙදර ආවාට ඉන්නේ පිට නිසා නෑවිත් හිටියාට කමක් නැති බවය. ජානකගේ දියතලාවේ, බණ්ඩාරවෙල මිතුරන් කොළඹ පැමිණිවිටත් ඔය ආනිසංශයම අනිත් අතට සිදුවේ. අපේ කංඩායමේ සිටි ලකී ඒ කාලයේ සේවය කළේ හම්බන්තොටය. ලකී ගෙදරවිත් නැවත යනවිට මම නිවාඩු සුදානම් කරගත යුතුය. ඒ හම්බන්තොට යන්නටය. යන්නේ ලේක් හවුස් පත්තර බස් එකේ හෝ ඔහුගේ මොරිස් මයිනර් එකේය. ලකීට මයිනර් කිහිපයක් විය. ලකී හම්බන්තොට ගෙව්වේ අපූරු සුන්දර ජීවිතයකි. පසු කාලයක ලකී සොයාදුන් නිසා මම හම්බන්තොට රැකියාවකද යෙදුණේය. හිතහොඳ මිතුරෙක්වූ ලකී ගැන ඉදිරියට ලියවේ. අමරබන්දු අයියා පවුලෙන් දුරස්වූ ජීවිතයක් ගතකළ හෙයින් ඔහු මා කැටුව යන්නේ අපූරු තැන්වලට බව මම කියා ඇත්තෙමි. අමරෙ අයියා සමග ගමන් සුන්දරය. මිහිරිය. අමරේ අයියා නිතර ගොඩවූ නිවසක් වූයේ රාජගිරියේ කේමදාස මාස්ටර්ගේ නිවසය. මමද මොහු සමග එහේ ගොඩවී පසෙක පුටුවටවී වරු ගණන් මේ ලොක්කන්ගේ කතා බහද, පුහුණුවීම්ද , විහිළු තහළුද තනියෙන්ම රස විඳ ඇත්තෙමි. කේමදාස මාස්ටර්ගේ සොඳුරු කම එළියට පේන්නේ නැත. ඔහු ඉදිරියේ බොහෝ අය එක්තරා වෙනස් විදිහකට හැසිරෙනවා දෝ සිතුණු අවස්ථාද විය. සියල්ල අවසානයේ සියල්ලෝම මහ හඬින් සිනාසෙමින්,ප්‍රීතිවෙනවා දකිද්දී හිතෙන්නේ මේ අර කේමදාසමද යන්නය. කේමදාස මහතා ඉතාමත් අපූරු සුන්දර, හිතහොඳ මිනිසෙක් බව අමරේ අයියා මට කියාදී තිබේ. වචනයකට දෙකකට හෝ වඩා මම කතා කර නොමැත. ඇත්තටම මට ඔහු පිළිබඳ ළංවිය නොහැකි බියක් විය. ඒ මගේ ගොංකම විය යුතුය. මම කේමදාසයන්ගේ බොහෝ වේදිකා නිර්මාණ දැක බලා රස විඳ ඇත්තෙමි. ඒ සමහරක් මහජන ප්‍රදර්ශනයටත් පෙරවීම මහඟු අවස්ථාවකි. ඒ අමරබන්දුට පින් සිදුවන්නටය.

විජේරාමේ කට්ටිය කිසිවෙකු නිවසේ නැති රාත්‍රියක මම හුදකලාවේ හාන්සියක් දාගෙන සිටියෙමි. මහා පාළුය. කිසිවෙකු දොර ඇරීමට උත්සාහ ගන්නා බව දැනී. මම ඉදිරියට ගොස් දොර විවෘත කෙරුවෙමි. අප්පට හුඩු..අමරේ අයියා සහ ගුණදාස කපුගේයන් මා ඉදිරිපිටය. ඉන්නේ බඹර පදමේ බව සද්සුදක් සේ පැහැදිලිය.ගෙට කැන්දවා වාඩිකරවා, මමද වාඩිවුණෙමි. මේ දෙදෙනාම ගමන් බිමන් යනවිට කාර්යාල හම්බෑග් රැගෙන යයි. දෙදෙනාම කලිසම්, කමිස පමණක් නොව සරම කමිසයද හැඳ ගමනේ බිමනේ යයි. අද දෙදෙනාම කලිසම් කමිසය. අතේ හම් බැග්ය. කපුගේ අමරේට වඩා මදක් උස වුවත් යම් තාක් දුරට එක වගේය. දිගැටි මුහුණුය. පදමට සූර්වී සිටි නිසාදෝ මන්දා අයියායි, මල්ලියි සේ මට පෙනුණා වගේය. මට පුදුම සතුටකි. කපුගේ අපේ බෝඩිමේය. තේ එකක් හදන්නද යැයි ඇසූවිට අමරේ අයියා කිව්වේ, එපා..අඩියක් ගහමු, නමුත් කාසි හිඟ බවය. ඒ අමරේ අයියාගේ හැටිය. මට විජේරාම හන්දියේ තේ කඩේ උඩ බාර් එකේ එකවුන්ට් එකට බඩු ගන්න හැකිය. මාසේ අන්තිමට කලට වේලාවට ඒවා පියවන බව අයිතිකරු දනී. කොළඹ හෝටල්වල් වැඩකරන එවුන්ට කොහොමත් පොඩි සැලකිල්ලක් එදා තිබුණේ ලෝස් නැතුව වියදම් කෙරූ නිසාවෙන් විය යුතුය.

මට දැන් ඉවසිල්ලක් නැත. මම දඩිබිඩියේ හන්දියට ගොස් අඩුම, කුඩුම, සිගරට්, ගෝදම්බ, මස් කරිත් උස්සාගෙන එනවිට දෙන්නා පුටු දෙකේ ගොරවමින් නිදිය. ඇහරවා වීදුරු දෙකක් අතටදී සියල්ල දිග හැර දුන් පසු, දඩිබිඩියේ කටට හලා ගත් පසු, බයිට් එකක් දෙන්න හැදුවිට, මුකුත් එපා ළමයා අපේ බිල කීයද අසා, මෙන්න මේක තියාගන්නවා කියා කීයක්ද අතටදී, අඩුපාඩු හෙට බලාගමු යැයි කියා පිටටත් තට්ටුවක් දමා ඩබලම යන්නට ගියෝය. මට මාර හොල්මන්ය. ආපහු එන පාටක් නැත. මමද හොරෙන් පසුපසින් ගොස් හයිලෙවල් පාරට වී බලා සිටියෙමු. බස් රථයකට ගොඩවූ මේ දෙන්නා නුගේගොඩ පැත්තට ගියෝය. දුකේ බැරිය.මම සමාජයේ බොහෝ ඉහළ යැයි කියනා මිනිසුන්ට වේටර් වැඩය කර තිබේ. ඒ සමහරුන් දකින්නට ලැබෙන්නේ මාධ්‍යයෙ පමනි.. ඒත් ගුණදාස කපුගේ නම්වූ ඒ මිහිරි, රසැති,සුන්දර මිනිසාට විනාඩි පහකටවත් වේටර් වැඩේ කිරීමට ලැබීම පිලිබඳ මට ඇත්තේ රජ කුමාරයකුට ඒ වැඩේ කරාටත් වඩා මහා ආඩම්බරයකි. ආඩම්බරයකටත් වඩා එහා ගිය වින්දනාත්මක හැඟීමකි. සත්තය.

පසුදිනයක මම මොකද වුණේ යැයි අමරේ අයියාගෙන් ඇසුවෙමි. දෙන්නටම මුකුත් මතක නැති බවත්, කොහෙදෝ ගොස් නිදාගත් බවත් පැවසීය.දැන් කවුරු මොනවා කීවත් මොවුන් නම් මට ඇත්ත මිනිසුන්ය.

ගායනය : ගුණදාස කපුගේ
පද රචනය : රන්බණ්ඩා සෙනෙවිරත්න
සංගීතය : සේන වීරසේකර

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

77 Responses to අවුල් වන්නට පෙර (57)…මිතුරෝ…අපි මිතුරෝ.

  1. wicharaka says:

    මේ අත්දැකීම් නිසා තමයි උඹට ලෝකය පීරාගෙන ඕනෙම අස්සක් මුල්ලක් නෑර යන්න චිත්ත ධෛර්‍යය ලැබුනේ කියලා මට හිතෙනවා.

    • මොන මගුළක්ද මම දන්නේ නැහැ විචා…මම ඔහේ ලියනවා. මම පුදුම විදිහට පිස්සු නටලා තියෙනවා. ඒ සියල්ලක්ම භෞතික පිස්සු. දැන් මං මචෝ භෞතික පිස්සු බාගයක් අධ්‍යාත්මික පිස්සු බාගයක් එක්ක කලවමේ විඳින්නේ 😀
      මේ සියල්ල නිදහසේ ගලා යුතුයි. අනං මනං වැඩක් නැහැ විචා. අපි ආතල් සිංදුවක් අහමු.

      වෑදිය නිල්ල සුදු නෙළුමට මිහිර පොවයි
      පාළුව ලුහුබඳින කිරළා හඬා වැටෙයි
      නොකියූ රහස හද උතුරා වාන් දමයි
      මතකයෙ සුවඳ තවමත් මා සිතට දැනෙයි…..

      ගායනය – අමරදේව
      පද රචනය – සුනිල් සරත් පෙරේරා
      සංගීතය – අමරදේව

  2. මොන දේ සිද්ධ වුනත් ඔබ හැබෑම වාසනාවන්තයෙක්, මේ වගේ සුන්දර මිනිස්සු ඇසුරේ කාලය ගත කරන්න අවස්තාවක් ලැබුන නිසා…

    • ඕවා අහම්බෙන් වෙච්ච සිදුවීම් පොකුරු.. සිදුවීම් හරි අමුතුයි. ඒවා සිදුවීම් කියා අපට මතක තියෙන්නේත් ඒ අමුතුකම නිසා. නැත්නම් මතක ගබඩාවේ හැම මතයක්ම හැම තත්පරයෙම ගබඩා වෙන්න එපැයි. මතකය,වඩාත් නිවැරදිව ගබඩා කර ගන්නට කැමති ජීවිතයේ කටුකම අත්දැකීම්. ඒක එහෙමයි. එහෙම කැපෑසිටි එකක් නැති මතක ගබඩාවල් සතු අය ජීවිතය පරාදයි. ජීවිතය කියන්නේ පොඩි සබ්ජෙක්ට් එකක්. කවුරු කවුරුත් හෙමිහිට තේරුම් ගන්න ඕන : D

  3. ඔන්න ට්‍රැක් එකට වැටිලා….!

    • තාමත් නැහැ බං. ඔහොම යං. දැන්නම් මචෝ ට්‍රැක් නෙමෙයි. අවුට් ඔෆ් ට්‍රැක් 😀
      මම ඔමාන් ගැන හෙමිහිට ලියනවා. උඹත් ලියපන්..දෙන්නෙක් දෙවිදිහකින් ලියනකොට මරු. මායි, මට හිතෙන හැටියි දෙවිදිහකට ලියනවා. පොඩ්ඩක් හිටහන් මම ඔමාන් යනකං.

  4. obk56 says:

    නොදැකීමට තිබු අකැමැත්තත් ? Double negative නේද?

    “දැකීමට ඇති අකමැත්තත්” හරි “නොදැකීමට ඇති කැමැත්තත්” වෙන්න ඕන නේද?

    • මචං මට ඒ භාශා අවුල වැටහෙනවා. සහතිකයි ඒක තේරුනෙත් උඹ කිව්වට පස්සේ. හැබැයි ඒක ඩබ්ල් නෙගටිව්ම වෙන්නැති. මට ඒ තරමටම අපේ තාත්තා සම්බන්ද කතාව එහෙමයි. නොදැකීමත්, අකැමැත්තත් දෙක එකට තිබුනා. ඒ නිසා වෙන්න ඇති ලියනකොට පවා ඒ ඩබ්ල් නෙගටිව් එක එලියට එන්නේ. හිතලා කරනා එව්වා නෙමේ මචෝ :

  5. ravi says:

    පිස්සු පීකුදු බං…නොහොත් bloody crazy liver… මට මේ ලෝකෙ ඉරිසියා හිතිල තියෙන්නෙ මේ අද වෙනකල් දෙන්නෙක් ගැන විතරයි. ඒ අමරදේව මාස්ටර් ගැනයි කුමාර් සංගක්කාර ගැනයි.

    ඒත් ඒ මවිසින් ඉරිසියාකරනු ලබන්නන්ගේ කණ්ඩායමේ තුන්වැන්නාගේ ස්ථානයට මචං උඹ බොහොම සීඝ්‍රයෙන් ලඟාවන බව සාතිසය ප්‍රීතියෙන් යුතුව මේ අවස්තාවේදී දැනුම් දෙනු කැමැත්තෙමි.

    /බයිට් එකක් දෙන්න හැදුවිට, මුකුත් එපා ළමයා අපේ බිල කීයද අසා, මෙන්න මේක තියාගන්නවා කියා කීයක්ද අතටදී, අඩුපාඩු හෙට බලාගමු යැයි කියා පිටටත් තට්ටුවක් දමා ඩබලම යන්නට ගියෝය./

    හිනාවෙලා පණගියා බං මේ කෑල්ල කියවල…:D

    කපුගේ මට හම්බවුනෙත් ඔයවගේම සීන් එහෙකදි…හෙහ්,හෙහ්,

    • පිස්සු පීකුදු කිව්වම මට මතක් වෙන්නේ පිස්සු බාබත් කතාව. ඒක ඇහෙන් , ඇසින් රස විඳි සිද්ධියක්.

      ////හිනාවෙලා පණගියා බං මේ කෑල්ල කියවල…:D//////

      මටත් ඒක මතක්වෙන කොට හිනා යනවා. දෙන්නා පුක් වෙන්න වැදිලා හිටියෙ රවී. දෙන්නා ගැනම බොහෝ මිනිසුන් දන්නවා. ඒකනේ ජනාධිපතිලත්, උපහාසයෙන් හෝ අපහාසයෙන් මතක් කරන්නේ. උඹ අහලා තියෙනවද අමරේ අයියා ගැන මෛත්‍රීගේ තව කතාවක්. එව්වා බොරු නෙමේ. මට පොර කියලා තියෙනවා. සමන් අතාවුදහෙට්ටි අමරේ අයියා ගැන හොඳට දන්නවා.

    • I remember, therefore I am.ඔහොම යං 🙂

      • ////////I remember, therefore I am.ඔහොම යං🙂////////
        අපි වාඩිවෙලා හිතමු. එතකොට තමයි පුකෙන් ඔලුවට බඩු වැඩ කරන්නේ. මගේ යාළුවෙක් කියනවා,අර කුසතණ කියන්නේ කුසතන විතරක්ම නෙමේලු…මගේ විහිළු …වැඩිපුර ඔලුවට ගන්න එපා.
        බස්සෙක් වුනේ ඇයි, පිස්සෙක් නොවී : පිස්සෝ රෑටත් හිනා වෙනවා. මම පිස්සෝ කියන වචනෙට කොහෙත්ම කැමති නැහැ.ඒ වචනෙට කැමති නැත්තෙ පිස්සොම තමයි බස්සෝ.

    • මගේ විජේරාමෙට වඩා අද විජෙරාම වෙනස් බස්සෝ. මගේ විජේරාම දැකපු අය තව බොහෝ ඇති. සන්නස්ගල හැබෑ විජෙරාම දැක්ක කෙනෙක්. ඒත් ඉතින් බදුල්ලෙනෙ 😀 (විහිළුවක්. වරහන් දාලා හිනා මූනු දලා ලියන්නත් එපැයි. සමහර බබාලට වරහන් නෙමේ සූප්පුත් දාන්න වෙනවනේ.)

  6. /* ….මුකුත් එපා ළමයා අපේ බිල කීයද අසා, මෙන්න මේක තියාගන්නවා කියා කීයක්ද අතටදී, අඩුපාඩු හෙට බලාගමු යැයි කියා…. */

    ඒක තමයි ජොලි ම කෑල්ල!

    හැබැයි බීපු මිනිහෙක් ගෙදර ගැනි එක්ක නිදාගෙන ඉඳලා නැගිටලා ගානක් දීලා යන්න ගියොත් තමයි බඩු බනිස් වෙන්නේ!

    • //////හැබැයි බීපු මිනිහෙක් ගෙදර ගැනි එක්ක නිදාගෙන ඉඳලා නැගිටලා ගානක් දීලා යන්න ගියොත් තමයි බඩු බනිස් වෙන්නේ!///////////
      සල්ලිත් හම්බවෙන නිසා හැමදාම එන්න කියයිද දන්නේ නැහැ 😀

  7. /* ……..අප්පට හුඩු..අමරේ අයියා සහ ගුණදාස කපුගේයන් මා ඉදිරිපිට….. */

    මෙතැන කපුගේයන් කියන වචනේ අවුල් මට නම්. අමරදේවයන්, ආරියරත්නයන් කීවාට ගම්ලතුන් කියා නේ කියන්නේ. ඒ වගේ කපුගේ, ගමගේ වගේ නම් වර නගන ක්‍රමයක් ඇති.

    මේක හොයා ගන්න හොඳම තැන තමයි ගම්ලතුන් ගේ ගී මිණි ආර පොත් තුන!

    • ///////ඒ වගේ කපුගේ, ගමගේ වගේ නම් වර නගන ක්‍රමයක් ඇති.////////
      දන්න කෙනෙක් යමක් කියන්න.

      එතකොට පෙරේරා ……පෙරේරාවන්…..හරිම කැතයි තාරාවන් වගෙ 😀

      • Anonymous says:

        ඉතින් මොන සෙද්දටද බන් අගට වන් ටූ ත්‍රී දාන්නෙ

      • ///////ඉතින් මොන සෙද්දටද බන් අගට වන් ටූ ත්‍රී දාන්නෙ////////
        මචං මේ කමෙන්ට් එක මරු. මේ තමයි හියුමර් කියන්නේ. මේක මරු බං.

      • ඔය වන් ටූ ත්‍රී කතාව අපි සින්දුචකටත් එකතු කරලා කියවානේ මෙන්න මෙහෙම.

        “ආලෙ බැන්ද මාගෙ රම්‍යවන් ටූ ත්‍රී ෆෝ, ආලෙ බැන්ද මාගෙ රම්‍යවන්….”!

      • ////////////“ආලෙ බැන්ද මාගෙ රම්‍යවන් ටූ ත්‍රී ෆෝ, /////////////
        නියමයි රසික. කොහෙන් ඔලුවට එනවද මන්දා.

    • කපුගේව අමතන්න තියෙන හොඳම නම “කපුගේ”. එහෙම කියද්දි මනුස්සයගෙ සරල කම දැනෙනවා වැඩියි.

      • /////////කපුගේව අමතන්න තියෙන හොඳම නම “කපුගේ”////////
        සීයට සීයක් එකඟයි චෙවිඳු. පොඩ්ඩක් දිව නැමෙන්නේ නැහැ තාමත් සමහරුන් ගැන ලියනකොට එහෙම කියන්න. ඒ ටොප් බුවාලාට විතරයි. කපුගේ ටොප් බුවෙක්. ටොප් කියලා කියන්නේ, ඕල් රවුන්ඩ් හේතුත් එක්ක. ෆේල් වුනේ අඩි පුඩි ගහන මාතෘකාවේ විතරයි. අනිත් හැම තැනකම කපුගේ “පාස්” මිනිහෙක්.

    • Aru- please delete the about duplicate comment in wrong place

    • මා ගම්ලතුන් ගේ පොතේ බැලුවා, ඒකේ ලියා ඇත්තේ කපුගේ සූරින් ආකාරයට දෙවෙනි වචනයක් ද සහිතවයි. තවත් නම්වලට සුධීමතුන් කියා යොදා තියෙනවා. කාන්තාවන්ට සිරිමතිය.

  8. පොස්ටුවෙන් කළේ ගීයෙන් ඇති කෙරන භාවයන් තවත් උද්දීපනය කිරීම නේද අරූ. ඉතාම කදිම ගැලපුමක් අරූ.

  9. මෙයා අවුල් වෙලා මදිවට අපිවත් අවුල් කරනවා. ඒ කාලෙ ඉන්ඩ තිබුනෙ.

    • ඒ කාලෙ, මේ කාලේ කියලා මහ ලොකු වෙනසක් නැහැ කසුන්. හොඳ මිනිස්සු, නරක මිනිස්සු කවදත් ඉන්නවා. මමත් ඔය හැම තැනකම ඉඳලා අවුල්වෙලා පස්සේ නිරවුල් වුනා 😀

  10. Anonymous says:

    “අප්පට හුඩු..අමරේ අයියා සහ ගුණදාස කපුගේයන් මා ඉදිරිපිටය”
    මට එහෙම නම්න ඔය වගේ වෙලාවකදි කියවෙන්නෙ “අම්මට හැමිනියන් ගුණදාස කපුගේ මෙහේ” වගේ වැකියක්.

    • ///////“අම්මට හැමිනියන් ගුණදාස කපුගේ මෙහේ” ////////
      ලිව්වේ අර විදිහට වුනාට කිව්වේ මෙහෙමද මන්දා :

  11. Jaliya says:

    අරූ ,
    කාලයේ වෙනසද මන්දා , ඒ කාලේ පොලවේ ඇවිදන් ගිය මිනිස්සු වැඩිපුර හිටි බව හිතෙන්න ගන්නවා . මුලින්ම ඔබ මට ගැටවර වියේදී , නුගේගොඩ , අවන් හලක කොනක මේසයක කවුදෝ එක්ක බෝතලයක් හිස් කරන කපුගේ දෙස ගෞරන්විතව හොරෙන් හොරෙන් බලපු හැටි මතක් කළා . දෙවනුව ඉස්කෝලේ පාළි උගන්නා කළ , ඔබේ පියා කියූ ලයින් එකම එකෙක් කීවේ තව එකෙක් වර නැගීම් කට පාඩම් කිරීම ඉවසා ගෙන ඉන්නම බැරි තැන . නමුත් එයට ලැබුණු කදිම පිළිතුර වුයේ එවිට ( අධෝවාතය පිට කරන හඬ) සෝ , ( අධෝවාතය පිට කරන හඬ) සං යනුවෙන් අධෝ වාත පිටවීමට ඉඩ ඇති බවය .

    හැබැයි , අපේ පත්තරේ විස්තරේ තුමාට පින් සිද්ධ වෙන්න අමරබන්දු රූපසිංහ කියනකොට මට මුලින්ම මතක් වෙන්නේ හිනා යන්නේ නැති ජෝක් එකක් ,

    JP

    • සෝ….සං……හඬනම් ඕන එකක් ගඳ තමයි ඉවසන්න බැරි කිව්වලු 😀

      මොකක්ද අර හිනා නොයන ජෝක් එක…

  12. මේක කියවල ඇත්තටම අවුල් උනා මචෝ…
    පුදුම විඳීමක් තියෙන ලියවිල්ලක්, හැබැයි අද ටිකක් කෙටියි වගේ…

    අර ඩබල ඒ වෙද්දීත් ඉන්න ඇත්තේ නකතන් වෙලා, ඔය වෙලාවට ඔහොම තමයි…
    අපිටත් ඉතින් ඔය ගාණට බීපු දවසට කලින් දවසේ ජීවිතෙන් අහක් වෙච්ච පැය කීයක්නම් කියල තියෙනවා කියලද…
    ඒක පට්ට මෙමරි ලොස් එකක්, මොක කලත් මතක් වෙන්නේ නැහැ…

    • ////////අපිටත් ඉතින් ඔය ගාණට බීපු දවසට/////////
      අපොයි ඔව්. මටත් එහෙම මෙමරි ලොස් වෙච්ච දවස් තියෙනවා. දවස් ගානක් යනවා වෙච්ච දේවල් ලින්ක් කරගන්න. මේ දෙන්නා කොහේ හරි එක තැනකට වෙලා කරටි කැඩෙන්න බොන්න ඇති. ඒ මරගාතේ තමයි නින්දෙන් ඇහැරුන ගමන් ඔලුවට එන්න ඇත්තේ. බිල ගෙව්වා…කඩාගෙන බිඳගෙන යන්න ගියා 😀

  13. maathalan says:

    ලංකාවේ උන් ඉස්සරට වඩා බොනවා… ඒත් මේ වගේ බේබද්දො නම් සෑහෙන අඩුයි.. මම නම් හිතන්නේ කාළාකාරයන්ගේ ලිවර් අනෙක් උන්ගේ ඒවට වඩා වෙනස් ඇති… නැත්නම් ඔය ගහන ගැහිලි වලට කොහොමද බං සෑහෙන කලක් උන්නේ… එක්කෝ ඒ බඩු ලිවර් එකට හොඳයි.. එහෙම් නැත්නම් වෙරි උනාට බඩු බාලයි…

    කපුගේ නම් හමු වී ඇත. අනෙක් පුද්ගලයා ගැන ඇත්තේ මතකයක් පමණි…

    කපුගේට වේටර් කම් කරපු එක මරු බං… ඒකෙ වටින්නේ උන් ඒ බව නොදැන උන්න එක..

    ඉස්සර මගේ හොඳ යාලුවෙක් උන්නා.. දැන් ඌ ප්‍රසිද්ධ එකෙක් නිසා නම කියන්න බෑ.. අපි කන පැලෙන්න බීලා.. මූව අල්ලගෙන ඇවිත් බයික් එක ස්ටාර්ට් කරලා ඒකේ තියලා ප්ලයන් කියනවා…. මූ අගේට ගිහින් ගේ ගාව වැටෙනවා.. එතකන් යන්නේ කොහොමද කියන එක ඌටත් හිතා ගන්න බෑ..

    • Anonymous says:

      මාතෙ, අන්න අර සාරසයට ඒ වගේ පොවල බයික් එකක නග්ගල පාලමක් උඩින් හරි මුහුද පැත්තට හරි යවන්න බැරිද.
      හරීම කරදරේ අෆ්ෆ.

      • ///////////හරීම කරදරේ අෆ්ෆ./////////////////

        බයික් එකක නග්ගලා දියවන්නාවට තල්ලු කරලා යවමු 😀

    • /////////කාළාකාරයන්ගේ ලිවර් අනෙක් උන්ගේ ඒවට වඩා /////////////
      අනේ මන්දා මාතා, ඒවා ලිවර් නෙමේ ගලිවර් වෙන්න ඇති. ඒ කාලේ පොරවල් කොච්චර බොනවද…ප්‍රියා, පුන්සිරි මට දෙල්කඳ ගෝල්ඩන් ඇරොස් එකේදි දකිනවා. හම්මේ ඒ වගේ මාර ලිස්ට් එකක් තියෙනවා. ඒ කාලේ අය ඔච්චර බිව්වේ ඇයි මන්දා.. කපුගේව මට අමරේ අයියා එක්ක ආපහු හම්බවුනා කම්පන කරන කාලේ.

      මගේ යාලුවෙකුත් හිටියා හම්බන්තොට. වාහනේ එලවන් යනවා හරියටම ගෙදරට. ඒත් මතක නැහැ. මමත් ඉස්සරහ සීට් එකේ ගිහින් තියෙනවා පොරත් එක්ක.

  14. Anonymous says:

    ඇසුරු කරන අයට සුන්දර මිනිස්සු වෙන්න ඇති. නමුත් මම හිතන්නෙ අඹු දරුවන් ගැන නොහිතන කාලකන්නි කියලා…..

    • අනේ මන්දා ඇනෝ…අපිට මිනිස්සු පිලිබඳව පූර්ව විනිශ්චයන්වලට එන්න පුලුවන්ද කියලා හිතෙනවා. ඔය චෝදනාවම තමයි අපේ තාත්තාටත් තිබුනේ. ඒත් සමහරුන් නම් ඔය දෙකම බැලන්ස් කරගෙන යනවා. සමහරු අනාගන්නවා. පස්සේ අඬනවා. මේ වගේ අයගේ දරු මුනුබුරන් නම් ඒ තත්වයෙන් මිදිලා ඉන්නවා. ඒත් සමහරුන් ඒ විදිහටම ගියා. ඒ තාත්තලාගේ නම නිසාම ජීවිත ගොඩ දාගත්ත පවුලුත් ඉන්නවා. එක්කො අපෙ මිණුම් දඬු කුඩා වැඩියි, ඒ මිනිස්සුන්ව මනින්න.

  15. rangi says:

    අරූ කපුගේ ගැන ලියනකොට මටත් තියෙනවා ඒ වගේ ලොකු මනුස්සෙක් එක්ක මම වගේ පුංචි කෙල්ලෙකුටත් තිබුනා ආදරෙන් මතක් කරගන්න පුළුවන් මතකයන්.
    මුල්ම සිදුවීම 93 හෝ 94 විය යුතුයි. මාරවිල අපි දන්න යාළුවෙක්ගේ හොටෙල් එකක. ‍යාලුව අම්බ බේබද්දා. හිටියේ ඉතාලියේ. එක දවසක හොටෙල් එකේ ඉන්නකොට මිස්ට සෑම් එන්න කිවුවා කියලා රිසෙප්සන් එකෙන් කෝල් එකක් ආවා. මතක විදියට එදා මේ ලඟ කාලෙක මිය ගිය ගාමිනී අයියගේ ෆිල්ම් එකක වැඩ වගයකට අපි එහේ ගිහින් හිටියේ. අප්පටසිරි පහලට එද්දි මගේ ඒ කාලේ ජීවමාන වීරයෙක් වෙච්ච ගායකයා බාර් එකේ සින්දු කියනවා. සෑමා, මාව දැක්ක ගමන්ම මචන් මේ ඉන්නේ උඹල වගේම තද විප්ලවකාරියක් කියලා කපුගේට මාව ඉන්ට්‍රොඩුයුස් කරනවා. මට මතකයි පාන්දර තුන හතර වෙනකම් එදා කපුගේ ඇතුළු සෙට් එක සින්දු කිව්වා. කොටින්ම කපුගේ මට නිකම්ම නිකම් මචං කෙනෙක් වුනා. (ඒ කාලේ එහෙම වචන අපි භාවිතා කලේ නෑ.) ඒත් අර දාර සයිස් සෙට් එක මැද්දේ කපුගේ කෙලින් හිටගන්න බැරි තරම් බීල හිටියත් ලංකාවෙන් යන්න ඉස්සෙල්ල අපි ආයේ සෙට් වෙමු නංගි කියලා මාර ෆිට් එකෙන් කීවේ. රෙමි මාර්ටින් බිබි හිටපු සෙට් එක අන්තිමට ගමේ අරක්කුත් බිව්ව එක ගැනත් මට එවෙලේ පුදුමයක් තිබුනේ. කොටින්ම ඒ කාලේ අපිට ඒ වගේ දෙයක් අදහන්නත් බෑ නේ. අද සෑමාත් , ගාමිණි අයියත්, කපුගේත් හා තව බොහෝ අය ජීවතුන් අතර නෑ. ඒත් ඒ මතක සුන්දරයි.

    ඊගාව එක 95 ඉතාලියෙදි කපුගේ පුතා වයිෆ් ටුවර් එකකට ආවා. ඒ කාලෙදි ළඟින්ම ආශ්‍රය කරන්න ලැබුනා. සමාජවාදි සංගමේ රැස්වීම් හිටන් අපි එකට කලා. ලංකාවේ ආටිස්ට් කෙනෙක් මෙහේ ආවමතියෙන අර්ථික අමාරුකම් ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. කොටින්ම මෙහෙදි කපුගේට හම්බ වුනු තෑගි පවා එක එකා හොරකම් කරලා තිබුනා. එවෙලේ අපිටත් සල්ලි තියෙන කාලයක් නෙමෙයි. ඒත් අපි අමාරුවෙන් හරි කීය කීය හරි හොයලා තෑගි, සල්ලි දුන්නා. එආර මහ ෆේමස් ආටිස්ට නෙමෙයි අපේ යාළු කපුගේට. යන්න එයාපෝට් එකට යන ගමනුත් මචන් ලංකාවට ආවම අනුරාදපුරේ වරෙන් වැව් මාළු අල්ලල සමරමු කියලා ගියේ. (මට හා ඒමිට) ඒ කාලේ අපි වයින්වත් බොන එවුන් නෙමෙයි. පොඩි එවුන්. ඒත් ඔහු අපිට දැක්වුවේ ඔහුගේම සගයෙකුඅ දක්වන හිතවත්කම.

    ඒත් අපිට ආයේ කපුගේ සෙට් වුනේ නෑ.පස්සේ කාලෙක අයියා දවසක් කෝල් කලාම කිව්ව අන්න ඔයගේ යාළුවා මිය ගිහින් කියලා. අපිට අනුරාදපුරේ ගිහිනුත් කපුගේ වගේ මනුස්සෙක් හම්බවෙන්න උවමනාවුනේ නැති එක ගැන අම්බ දුකක් දැනෙනවා මේ මොහොතේත්.

    • rangi says:

      දිග කොමන්ට් එකට සමාවන්න.

    • Anonymous says:

      රංගි මචං උඹත් මාරයිනෙ

    • /////////මේ ලඟ කාලෙක මිය ගිය ගාමිනී අයියගේ ෆිල්ම් එකක වැඩ වගයකට ///////////////

      රංගි….ලඟ කාලෙක මිය ගිය ගාමිනි අයියා කියන්නේ කවුද? අනුරාධපුරේදි කපුගේව හමුවුනා නම් කොච්චර අගනා මතකයක් ඉතුරු වෙයිද නේද. කපුගේ ගැන දන්න ඕන කෙනෙක් කියන එකම කතාව තමයි මනුස්සකම සහ බීම. ඒ ඔහු තෝරාගත් හෝ පත්වුන ජීවන රටාව. ඔහු නිකමෙක් නොවන බව නම් ඕන කෙනෙක් කියනවා. මම ඉස්සෙල්ලාම ලිව්ව බ්ලොග් සටහනත් මේ මිනිසා ගැනයි.

      රංගිගේ දිග කමෙන්ටුවට මම කැමතියි.

  16. නියමයි අරූ අයියේ ….ආයෙත් අවුල් වෙන්න කලින් ඉතුරු ටික ලියාපියෝ !!!

    • දිනෙක අවුල්, දිනෙක නිරවුල් 😀 බලමු මොකද වෙන්නේ කියලා.

      • සින්දු ඇනෝ…… මෙතන කියන්න ඕන දෙයක් නෙමේ මේ කියන්නේ. උඹ රොක් මාස්ටර් ගැන ලියපු ලිපිය කියවලා ඉවර වෙලා ටික දොහකින්, මේ සිකුරාදා “චැට් ඇන්ඩ් මියුසික්” බැලුවා. බලන්න…රොක්සාමි ගැන තව ආදරේ හිතුනා.

  17. සෙන්නා says:

    ඇත්ත මිනිස්සු වෙන්නේ බෙබේලා විතරද බන් ?

    • මොන බොරුද සෙන්නා. ඇත්ත මිනිහෙක් වෙන්න මත් වෙන්නම ඕන කියන්නේ එක්ස්කියුස් එකක්. මම මත් වුනාම විවෘත වෙනවා. මත් නැති වෙලාවට, ඒ විවෘත වීම ගොන් කමක්ද හිතෙනවා. මත්වීම නෙමේ සෙන්නෝ විවෘත වෙනවා කියන්නේ. ඒක ජීවිත එකවුන්ට් එකේ නිවැරදි ෆයිනල් බැලන්ස් එක නෙමේ. හැබැයි ඒකත් එකවුන්ට් එන්ට්‍රි එකක්. ඒක ඇතුල් නොවුනොත්, ප්‍රොෆිට් ලොස් හොයා ගන්නවත් බැරි, පාන් චූන් එකවුන්ට් එකක් වෙනවා. මම හිතන්නේ මිනිස්සුන්ට ඕන ග්‍රාෆ්ස් නොමේ චිත්‍ර. අපි කාටත් ඒක පොදුයි.

      • සෙන්නා says:

        උඹේ මේ ලස්සන කතාව ඇතුලේ කවදා හරි හමුවෙලා ඇති නේද මත් නොවී ඇත්ත මිනිස්සු වෙච්ච අය…උන් ගැනත් ලියහන්…මත් වීමේන් බැට කාපු මිනිහෙක් හැටියට කොච්චර ඇත්ත මිනිස්සු වුනත් මත් වෙන මිනිස්සු ගැන මට එච්චර ප්‍රසාදයක් නෑ බන්. අර උඩ ඇනෝ කෙනෙකුත් කියලා තියනවා වගේ ඒ මිනිස්සුන්ගේ පවුල් වල සාමාජිකයන්ගේ කතාවත් කන්සිඩර් කරන්න වෙනවා හරියට අකවුන්ට් බැලන්ස් එක ගන්නනම්…

      • ////කතාව ඇතුලේ කවදා හරි හමුවෙලා ඇති නේද මත් නොවී ඇත්ත මිනිස්සු වෙච්ච අය/////
        එහෙම එවුන් ඉන්න ඇති. ඒත් උන් ගැන මතක නැහැ 😀

        මම දන්න සමහරු ඉන්නවා මත් ජීවිතයට තිත තියපු අය. ඊට පස්සේ ඒ මිනිස්සු කූඩු වෙනවා. ඒ කූඩුවට යන්නේ ඇයි කියලා හිතාගන්න අමාරුයි. එතකොට සමහරුන් මාර විදිහට වෙනස් වෙනවා. ඇත්ත වෙන්නේ මත්වුනාම විතරක්ද කියලා හිතෙන්නේ එතකොට තමයි.

  18. ලස්සන කතා ගොඩක්. ඔක්කොම කියවන්න කලින් මේකට කමෙන්ට් කරන්න හිතුවා. මේ වගේ අත්දැකීම් ලබන්න ලොකු කාලයක් ඕනි. ඒ වගේම මේ වගේ රහට ලියන්න හොඳ දැනුමකුත් ඕනි. හිතාගන්නවත් බෑ.

    • මෙඩුසා…….මගේ දැණුම නම් අබ ඇටයක් වගේ. මම එච්චර දේවල් දන්නේ නැහැ.

      මෙඩුසාටත් හොඳට ලියන්න පුලුවන්නේ. ඒ වගේම හොඳ අත්දැකීම් ඇති කියලත් හිතෙනවා. දිගටම ලියන්න.

  19. මල්madahasa says:

    Ela kiri machang uncle.. Really y nice article with some real life experiences. As one of the guys said earlier in a post, I also envy your ‘Rasa’ experiences. Meeting in the flesh and having had the chance to spend time with the artists who we actually love and treasure and ect I’m sure we could have really ‘rasa bara’ Sindu session when we meet up next…

    • මල් මදහස්…….මේ කවුද කියලා මට හිතාගන්න අමාරුයි. කවුරු වුනත් “මල් මදහස්” පොරක් වගේ. මාව ආපහු හම්බවුන දවසකවත් උඹ කවුද කියලා කියපන්. මට හිතෙනවා මේ කීබෝඩ් ගහන මල් කොලුවද කියලත්. මොකා වුනත් මේ සින්දුව අහපන්. මේකේම තව වර්ශන් එකක් තියෙනවා. ඒක ඔරිජිනල් එකද මන්දා.

      මෙන්න අනිත් එක. ඒකත් මරු.මෙන්න අනිත් එක. ඒකත් මරු. මේක තමයි ඔරිජිනල්. ප්‍රදීප් තුශාර ගෝවින්නගේ නිර්මානයක්. කටහඬ කීර්ති පැස්කුවල් වගේ.

    • හරි පුතා .අපි වෙලාවක කොහේ හරි සෙට් වෙමු!!!!

  20. අමිල says:

    එලස්…..මේල් එකක් දාන්න පුලුවන්ද අරූ?

  21. sudeeka says:

    අනික් බ්ලොග් කාරයෝ මගෙත් එක්ක තරහ වේවිද මන්දා, මම මේ දවස් වල කියවන්නෙත් – කමෙන්ට් කරන්නෙත් මේකට විතරයි. මේ ලියවිල්ලට මම කැමතියි. මේ අය ජීවිතේ යාලුවොත් එක්ක මිස පවුල් වල අයත් එක්ක විඳින්න පුරුදු වුණු අය නෙවෙයි. මෙහෙම අයත් ඉන්නවා. මේ අය ප්‍රසිද්ධයි. ඒ වගේම හිත හොඳයි.

    • සුදීක…..ලියවීමත් එක්කම කියවීමත් නවත්තලද : D
      මාත් හිටපු ගමන් බ්ලොග්ස්වලින් මාරුවෙලා ඉන්නවා. ඒත් කියවනවා. සුදීක ආපහු ලියන්න.

      මෙහෙම මිනිස්සු ඉන්නවා. හරි සිම්පල් ලයිෆ් එකක්. මේ මිත්‍රලොල්, සමාජ ලොල් ගතියට තදින්ම ඇළුම් කරන නිසා තමයි, අනිත් සියල්ල පසෙකට වැටෙන්නේ. බොහෝ අය භෞතික ලෝකයේ හෙන ෆේල්. හැබැයි අර සතුටු මිනිසා හිත ඇතුලෙන් රස විඳිනවා. මේ චරිත එක එක අය නොයෙක් විදිහට අර්ත දක්වනවා. මීට වඩා තදබල “අමුතු” “බොහිමියානු” මිනිස්සු මට මේ රටේදි හමුවෙලා තියෙනවා. සුදීක ආපහු ලියන්න.

      • Semi Bohemian ජිවිතයක් තමා හදා ගන්න ඕනේ.. හැබැයි කරන්න පුළුවන් ද දන්නේ නෑ.. 🙂

      • නිදහසක්…. ඕවා අමාරු වැඩ පැතුම්…අපි වගකීම්වලින් හොඳටම බැඳිලා. පොඩි වැඩක් අතපසු වුනොත් කොච්චර බර බරද…ආදරය යනු වගකීම් පමනක්ද?

  22. පුලුවන් වෙලාවක පුලුවන් අය “ආරාරෝරේ” කියන ටෙලිය බලන්න. දැනට මරු. නිකං ඉන්න වෙලාවක් තියෙනවා නම්”සමනලී” කියන එකත් බලන්න. මේ දෙකම සති අන්ත නාට්‍යය. සමනලී නම් සතියට දවසයි. මට නම් හිතට දැනුන නාට්ටි දෙකක්. ඇට්ටින් මාරයි ඕයි!!

  23. ජීවිතේ මාරයි නේද අරූ……………. ඒ ඒ යුග වලදී එක එක විදිහේ අත්දැකීම් නේද????

    • ඔව් අෆ්ෆා ….ජීවිතේ කියන්නේ මාර ගමන් මාර්ගයක්..ඒක මාරම මාර කරගන්න හොඳ පාට්නර් කෙනෙක් සහ හොඳ මිත්‍රයෝ ඉන්න ඕන. ගමන් සහකරු ෆිට් නම් යාන්තමට හරි ගොඩ දාගන්න පුලුවන්. ගොඩ දාගන්නවා කියන්නේ මුදල්, හදල්, යාන, වාහන අර්තයෙන් නෙමේ මම කියන්නේ.

  24. Pra Jay says:

    ඕනැවට වඩා ප්‍රසංසා කලොත් මීටත් වඩා හොඳින් ලිව්වහම කියන්න දෙයක් නැතිවෙන නිසා ඉතා හොඳයි පමණක් කියන්නම්

    • මේවට හොඳයි කියනවා නම්, හොඳ ඒවට මොනවා කියන්නද.

      ප්‍රා….බොහොම ස්තූතියි.

  25. පහුගිය දවසක කන බොන තැනක සින්දු කියනකොට කවුද මන්ද අපේ එකෙක් “කොට්න්හවුස් මාස්ටර්ගෙ – ට්වින්කල් ට්වින්කල් ලිට්ල් ස්ටාර්” කියන්න කියල ඉල්ලීමක් කරනවා ඇහුන, හැබැයි හාස්‍යට මිසක් මම හිතන්නේ නැහැ අපහාසයකට එහෙම කිව්වා කියල.

    මොකද ඊට පස්සේ කට්ටිය බෝක්කෙන්ම “බින්දු බින්දු තාරාකා” ගීතය අමාරුවෙන් හරි කියපු හන්ද 🙂

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s