අද අවුල් නැත

පොඩි මල්ලිලා ලොකු වැඩ කරන කොට එහි උපරිම සතුට හද පත්ලෙන්ම විඳින්නේ අයියලා බව ඕනම අයියෙක් දනී. මටත් ඇත්තේ එවන් සතුටකි.

“මට හිතෙන හැටි” බ්ලොගය ලියාගෙන යන අප පවුලේ බඩ පිස්සා වන ඉන්දික පෙරේරා විසින් රචිත ෆීදෙල් නම්වූ කෘතිය ජනවාරි මස දහසය වෙනිදා,පස්වරු තුනයි තිහට, කොළඹ හත, පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේදි එළි දැක්වීමට නියමිතය.

ශ්‍රීලංකා දේශපාලන පක්ෂ පුවත්පත් ඉතිහාසයේ ඉදිරිගාමි පුවත්පතක්වූ “ඇත්ත පත්තරේ”ට ඔහු විසින් ලියූ ලිපි ඇසුරෙන් මෙය ග්‍රන්ථයක් ලෙස දොරට වඩී. ඉන්දික මීට පෙරද එක් පොතක් ලියා පළකර තිබේ.

ඔබට හැකිනම් එදාට එතනට ගොඩ වදින්න. මම හිටියා නම් “සෙට්වීම” ෂුවර්ය.

වැඩි විස්තර මෙතනින්. https://matahithenahatiblogger.blogspot.co.uk/2017/01/16.html එතනත් මහ විස්තරයක් නැත. අවුල හෙට අනිද්දා නැවත ලියමි.

පොත විකුණාගැනීමේ වාණිජ පරමාර්ථයෙන් මේ සටහන පළකළා යැයි නොසිතන්න. සහෝදර ප්‍රේමය ඊට වඩා ඉතා ප්‍රබලය.

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

45 Responses to අද අවුල් නැත

  1. Duminda says:

    ඔහුට මගේ සුභ පැතුම්.

    ජයවේවා!!!

    • තෑන්ක්ස් දුමි…ලියන හොඳම කවි හීනියට එකතුකරගන්න. පොතක් කියන්නේ කඩදාසි විතරක් නෙවේ. වේයෝ කන කඩදාසි අතරේ ලොකු ආත්ම තෘප්තියක් ඇති. ඒවා තමාට තමන් දකින්න පුලුවන් කැඩපත්.

  2. Anonymous says:

    ඒකට කමක් නෑ ලොකු පුලුවන් තරම් ප්‍රචාරය දියන්.
    5%ක් විතර දෙන්නම් උඹටත්.
    – මීට ඉන්දික පෙරේරා

    • ෆයිව් පර්සෙන්ට් ඇනෝ මචං. මේක තමයි පොත් ලියන එකාගේ අභාග්‍යය. පොත් විකුනලා සල්ලි හොයන්න යන්න එපා. පොතක් ලියලා අතේ තියෙන පනම් අටට කෙලව ගන්නනම් පුලුවන්. ඒ මගේ සෙකන්ඩ් හෑන්ඩ් අත්දැකීමක්. මම පොත් ලියලා නැහැ. ලියන්න මම දන්නෙත් නැහැ.

      “ප්‍රචාරේ තමයි ..රටේ විකාරේ”

      මට සෝමලතාගේ විකෘති මතක් වුනා. මේක ලොකු කුඩා කාටත් හොඳයි.
      මෙන්න ලොකු අයට.

      මෙන්න පොඩි අයට.

  3. සියරටෙන් ඇත්තට!
    එළ!!!

    සියරට පොත ගෙනාවත් තාම කියවන්න නම් බැරිවුණා.

    අරූල අපි ලිව්වොත් ඉතිං පොතේ නම ඉන්ෆිඩෙල්.

    • ඔව්නෙ රසික මම නම් ඉන්ෆිඩෙල් එකෙන් එකෙන් එලියට ගියේ පන්සලේ ඉන්න කාලෙමයි. ඒ මිත්‍යාද්‍රෂ්ටික අරුතෙන්ම පමනයි. අපේ තාත්තාගෙ ජීවන රටාවම මට ඒකට ලොකු තල්ලුවක් වුනා. ඔහු ඇත්ත චරිතයක්. තාත්තගේ ලයිෆ් ස්ටයිල් එකේ මොන වැරදි තිබුනත්, මම ඒ අභ්‍යන්තරයට ඇළුම් කරනවා. පිස්සෙක්ට තව පිස්සෙක්ව පේන්නේ එහෙම වෙන්න ඇති. මම ෆිදෙල්ට ආදරෙයි. ඇයි කියලා අහන්න එපා. ආදරය විග්‍රහ කරන්න අමාරුයි.

      මෙහෙම කිව්වට තරහ වෙන්න එපා. කකා මරාගෙන උපන් රසික, කකාව අයාලේ යව්වනවා. ආපහු කියන්නේ තරහ වෙන්න එපා කියලා. කකාලට අයිතියක් තියෙනවා මේ විකාරයෙන් එලියට එන්න. මම දෙන්නේ චූටි ට්‍රයි එකක්. අපි බ්ලොග්ස් රසවත් හා නිර්මාණශීලි කරමු. මම වැරදි වෙන්න පුලුවන්.

  4. Sa rasa says:

    යන්ට බලාපොරොත්තු වෙමි හිටන්… කෝ මේ ප්‍රා ජේ නීතිඤ්ඤ තුමා සැට් වෙයිද දන්නෙ නෑ නේ…

    • මචං සරසයෝ….උඹලා සෙට් වෙයන්. මේ දොරට වැඩුම් වලට වෙලා තියෙන මුස්පේන්තුකම්, මම එකදාස් නවසිය අසූ ගනන්වල ඉඳලා දැකලා තියෙනවා. කිසිම සංවාදයක් නැහැ. ලේඛක වරුනා විතරයි. දේශකයෝ වදාරයි. අසන්නෝ අසා සිටී. සුහද ඇරයුම්වල සුහද සාකච්ඡා සිදුවිය විය යුතුයි. අපේ රටේ මේ විවෘතභාවය අඩුයි. එංගලන්තයේ සිංහල සමාජයත් එහෙමයි. මම දෙමල මිනිසුන්ගේ ඒ සංවාදවලට සහභාගිවෙලා නැහැ. එකක් මගේ භාශා දුර්වලතාවය. නමුත් යම් සංවාද ෆෝරම් තියෙනවා. ඒවාත් උන් කියවන, අපි අහන පොඩි පොඩි දේවල් බව මම දන්නවා. මේක අපේ රටේවත් වෙනස් කරමු.

      පොත දොරට වැඩීම අල නොකර, සුන්දර මිනිස් සංවාදයක් ගොඩ නැගෙනවානම්, එය ලියන්නාටත්, කියවන්නාටත් බොහෝ ප්‍රයෝජන වේවී. ප්‍රශ්නව්ලට බය නොවන, ගිරා පෝතක නොවන සමාජයක අපි හමුවෙමු.

      සාරසයා තුල සිටිනා අදේශපාලනික චින්තකයා බිහිවෙන තුරු මම මම උඹේ ගොන් චූන් රස විඳින්නෙමි. 😀

      • Anonymous says:

        බොහෝවිට 2020 හෝ ඊළඟ වතාවෙදි මරාගෙ කල්ලිය බලයට එනවනෙ.
        ඉන්පස්සෙ උනුත් කාගෙන කාගෙන යන්න පටන් ගන්නවනෙ.
        අන්න එදාට මේ සාරස නිහඬ වෙයි (හැංගෙයි) නැතිනම් ඔබ ඔයකියන “අදේශපාලනික චින්තකයා” බිහිවේවි.
        එතකල් ඔය මෝඩ චූන් රසය විඳගෙනෙ ඉන්න දරුව.

  5. මල්ලි ගෙන් ආදර්ශ අරන් අයියාගේ අවුල් ටික පොතක් වෙයි කියල අපි බලාපොරොත්තු වෙමු. පොතක් ලියල සතුටු වෙන එක සල්ලි වලින් මනින එක මෝඩයි. සල්ලි ලැබුනොත් ආතල් තමයි. හැබැයි ඒ ආතල් එක සිල්ලරයි. ලියපු දේ අනිත් මිනිස්සු කියවල එක ගැන අදහස් දෙනකොට , එහෙම නැත්නම් බනින කොට, නැත්නම් බොරුවට හරි වර්ණනා කරද්දී දැනෙන ආතල් එක අහිංසකයි හෙහ් හෙහ්

    අරූ ගේ මල්ලි වෙච්ච මූ ට මගේ සුබ පැතුම්…

    • ///////මල්ලි ගෙන් ආදර්ශ අරන් අයියාගේ අවුල් ටික පොතක් වෙයි//////
      උඹට පිස්සු පැතුම් : D අපි කවද්ද අපිට බාල අයගෙන් ආදර්ශ අරන් තියෙන්නේ. මම නම් අපේ දුවගෙනුත් ඉගෙනගන්නවා. ඔව් සත්තයි.ඒත් මම පොත් ලියන එක, ඒකට සුදුසු හැකියාවක් තියෙන මිනිස්සුන්ගේ අතට යනවා නම් සතුටු වෙනවා. අදහස් ලියා තැබීම පමනක් පොතක් ලිවීමට සුදුසු කමක් නොවේ කියා මම තරයේ අදහනවා. නමුත් මම ධර්මසිරි බෙනඩික් වගේ අයට හදවතින්ම ආදරෙයි. ඒ හැඟීම් ලියා තබනා බෙනාලා පොරවල්. මේ කවියා හෝ මිනිසා සොයාගෙන කියවන්න. ඔහු පවුලො කොයුලේ(කොයුයෝ) තරම් ප්‍රභල නැහැ. මට ඌ පොරක්. මට පොතක් ලියන්න තරම් මහ දේවල් නැහැ පැතුම්. ඒත් ලියන කෙනෙකුට පැන්සලක් වෙන්න පුලුවන්. අද ලියන්නේ පොත්. ඒ පොත් අතර ජීවිතය මග හැරිලා. මම කියවීම අත හැරලා.

      පොතක් කියන්නේ කඩදාසිවත්, අකුරුත් නොවිය යුතුයි. එය සුවඳ හමන ජීවිතයක් විය යුතුයි. ඔබ ගොඩාක් කියවන කෙනෙක් බව මම හිතනවා. කියවීම යනු අකුරු නොව, ජීවිතය බව මම දැන් දැන් නිතර හිතනවා.

      ////ගංජාකාරයෙක් ආයුර්වේද පෙම්වතියට ලියූ කවියක්
      Nagollagoda Dharmasiri Benedict | නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්
      Nagollagoda Dharmasiri Benedict | නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්
      බූන්දි, බ්‍රහස්පතින්දා, ඔක්තොම්බර් 6, 2016 05:02:27

      පිළිගැන්වීම: කුඩු චුට්ටෙට, මල් ධර්මෙට, ගුලි සෝමෙට හා පෙති විජේට බොක්කෙන්ම

      අමු ඉඟුරු වදකහ සමග තිප්පිලි
      කල්ක ගුලි ඒ වගේම ඔයාගෙ රැවිලි ගෙරවිලි
      කලං අවුංස අඩු සිනා මවනා නළලෙ වක් රැළි
      මොන මඟුලකට මං පෙම් කළාදෝ
      සූකිරි ඉවතලා වෙනිවැල්ගැටේකට මේ හැටි

      හාතාවාරිය බැලතණ වැල්පෙනෙල මල් නැති
      යකිනාරං දොඩම් ඉරිවේරියද කටු පිරි
      පස්පංගුව බිබී නස්න කර කර පෙමින් ආතුර විටකදි
      මී පැණි ගොඩක් ළඟ ගඳ ගගහ
      සුදුළූණු සදාකල් තැවෙනු ඇති

      රතුරෝස මල් මානෙල් රේණු ගෑවිලාවත් නැති
      මෝදක ජාපාල මිශ්‍රව වස්ති වී යයි ප්‍රථම ප්‍රේමය
      සංසාර සාගරේ අමෘතය වෙනුවට මණු ගැසුනේම අරිෂ්ඨය
      සුපෙම්බර ගෝමර පොකුර ඔයා මගෙ හොරි හැදුණු පෙම් හිතේ
      දද අතර කුෂ්ඨය

      ඔළිඳ මදටිය රතුපාට ඇස්වලට
      නිකකොළවලින් තානුව අනා තැනුවාද ඇසිපිය
      ඔය ජීවිතේ මං දැකලාම නෑ ලියලන අයුරු සෙනෙහෙ කොළ
      ගිතෙලින් පොඟා මී තෙලින් තවරා
      පත අට එකට සිඳුවා හදවත තබමි
      ප්‍රේමයේ ලිප උඩ

      ඔයා හීනෙක පාවෙලා යනවා වැල්මී වැලට රෝද හයිකොට
      මට පේන්නේ එහෙමමයි කංසා එතුව කළ පාවට්ට කොළවල
      අබිං නම් තිත්තයි තමයි විරහ දුක දරන ඇලදිවට
      කොහොඹ පොතු දොඹමල් රේණු කුරුඳු කොළ
      මොනවටද මට පෙම්බරිය
      ඔයා විතරයි මං දුටුව තුත්තිරි අතර පොපි මල

      • ප.ලි.
        පැතුම්.. මගේ “ලොකු” ටෝක් වැඩිය ගනන් ගන්න එපා. මට ඕනම ලොකු දෙයක් පේන්නේ පොඩියට සහ හීනියට 😀

  6. සෙන්නා says:

    Is he your own bada pissa? Can remember atama introduced this blog but yet to go there..

    not sure can participate to the ceremony, Wish him good luck anyway….

    • ඔව් සෙන්නා, ඒ අපේ පවුලේ හත්වෙනි සාමාජිකයා. අටමා බ්ලොග් එක ඉන්ට්‍රඩියුස් කරා. ඌ ඒ දේවල් බොහෝ අයට කරා. ඒවා මිනිස්සුන්ට මතකද මන්දා. මාතාත් ඔය වැඩේ දන්න කාලෙක ඉඳන් කරනවා. අපි ඇත්තට ඇත්ත කියන්නත්, බොරුවට බය නැතිව ඒක බොරු කියන්නත් තාම හැඩ ගැහිලා නැහැ බං. දුකයි.

  7. එදාට කොලඹ ආවොත් කොහොමහරි යන්නම්.

    • ආවොත් පලයන්. මොකද දැන් ලියන්නැත්තේ. මම ආසාවෙන් කියවපු හොඳ සටහන් තිබුනා. ෆිට් එකේ දෙන්නත් එක්ක ලියන්න. අහසෙන් එන්න 😀

  8. දමිත් says:

    Will u be there

  9. සෙන්නා says:

    උඹ අවුල් නැති එක අපිට හෙන අවුල්ය… 😀

    • අපි ඔක්කොම අවුල්නේ බං. ඒත් උඹ නැති එක ඊටත් වඩා අවුල්. උඹ මේකේ කමෙන්ට්ස් ෆලෝ කරනවා නම්, මගේ පහුගිය පෝස්ට් එකට බන්ධුල කුදලාගම එවා තියෙන කමෙන්ට් එක කියවපන්. හරි සාරවත් අදහස්.

  10. Anonymous says:

    පොතක් පළ කළාම පොත විකුණාගැනීමේ වාණිජ පරමාර්ථයත් තියෙන්න ඕනෙ. ඒ ගැන අහිතක් නෑ. හැකි තරම් ප්‍රචාරය දෙමු. එදාට යන්න බලන්නම්.

  11. නොකී කතා says:

    පොතක් පළ කළාම පොත විකුණාගැනීමේ වාණිජ පරමාර්ථයත් තියෙන්න ඕනෙ. ඒ ගැන අහිතක් නෑ. හැකි තරම් ප්‍රචාරය දෙමු. එදාට යන්න බලන්නම්.

    • ////////පොතක් පළ කළාම පොත විකුණාගැනීමේ වාණිජ පරමාර්ථයත් තියෙන්න ඕනෙ////////

      ඒක ඇත්ත කතාවක් නොකී කතා…

      ඒත් මේ පොත් විකුනාගැනීමේ අරගලය මට වඩා ඔබ හොඳින් දන්නවා ඇති. පොත් ප්‍රකාශකයන්ටත් මේ අවුලම ඇති. ඒ මම නොදන්න පැත්තක්. මාළු පාන්, කිඹුලා බනිස්, නම් හදලා චූන් පාන් කාරයෙකුට දෙන්නැහැකි හැන්දෑවට වටේ අරන් යන්න. ඒත් මේවා පොත්නේ බං :

      හෙන්‍රි පුලුවන් නම් ගොඩ වදින්න. පොරට කතා කරන්න. ඔබේ අත්දැකීම් බාලයාට කියා දෙන්න. ඔහු කැමතිවෙයි.
      මම හෙන්‍රිගේ එන්ඩ්ලස් ජර්න්යි ශෝටේ ක්ලිප්ස් එහෙම බලලා තියෙනවා. ඒත් මේවා හරියට බලාගන්න විදිහක් නැහැනේ. ෆිල්ම් එකට මොකද වුනේ…මම ඕවා කියවනවා රසිකයෙක් හැටියට. එන්ඩ්ලස් ජර්නි සාරවිට එකේවත් තියෙනවද…

  12. Anonymous says:

    Last time I was there & had a good time at bamba police mess! All the best Lucky! Ajo!

    • අජෝ….මගේ මස්සිනා. උඹ මේක කියවන එකට ෆිට්. ෂෙරුණි උඹේ ආදරනීය නංගි. මම තාමත් ආදරෙයි. හෙමින් කියවපන්. මට දෙමටගොඩ සමන්තා එක, සෝඩියැක් එක මතක් වෙනවා.

      ලකීගෙ ජීවිතේ ස්ටාර්ට් එක උඹ. ටයිනි තාම උඹව මතක් කරනවා කෝල් කරපුවාම. හීනියට කියවගෙන පලයන්.

  13. ඔබේ සොහොයුරාට හදවතින්ම සුබ පතනවා….මේ කතන්දර ටිකත් කවදාහරි පොතක් කරමු…බොරුවෙන් ජිවිතේ වහගෙන ජිවත් වෙන මිනිස්සුන්ට කියවල, තමන් දිහා ආපහු සැරයක් හැරිලා බලන්න…

    • දිරි ගන්වන අදහස් පොකුරු. ස්තූතියි. බොරුවෙන් ලෝකය රවට්ටන්න පුලුවන් ටික කාලයකට විතරයි. නමුත් ඒ බොරුවෙන් තම ජීවිතය සදාකාලයටම රවට්ටගන්නවා නේද කියන එක වැටහෙන්නේ නැති තරම්. අපිත් එහෙම බොරු කරගන්නවා ඇති. ඒත් ඒවා මනස්ගාත වැඩ.

  14. ඔහුට මගේ සුබ පැතුම්…
    වැඩ කරන දවසක් නිසා සහභාගී වෙන්න හැකි වෙන්නේ නැහැ…

    • ලොකු පුතේ ස්තූතියි!!

      වැඩ කරලා කාටද බං හරිගියේ 😀 දේශපාලනය කරපන්. අන්න හරියන තැන.

  15. Manoj says:

    සුබ පැතුම් මල්ලිට අපෙනුත්.මේ පොත් එළි දැක්වීම් වැඩකරන දිනවලටම යොදා ගන්න නිසා එව්වාට යැමේ ප්‍රශ්න ඇති වෙනවා අපිට.අනිත් එක අවුරුද්දේ මුල නිවාඩු ගන්න එහෙමත් පොඩ්ඩක් අපහසුයිනේ.

    • තෑන්ක්ස් මනෝ…..මාත් මේ කල්පනා කරන්නේ, මේ පොත් දොරට වැඩීම් සතියෙ දිනවල තියන්නේ ඇයි කියලා. සතිඅන්ත ඒ වගේ වැඩවලට දිය කරනවාට වඩා, මිනිස්සුන්ට පොඩ්ඩක් නිදහසේ ඉන්නත් එපැයි.

  16. මගෙත් සුභ පැතුම්.එතනටත් යන්නම්.

  17. Pra Jay says:

    ඉන්දික, සුබ පැතුම්.

    අරුණගේ පොත කවදාද?

    • මට බ්ලොගක් හදලා දුන්නේ ඉන්දික. ඕක ලියාගෙන යනකොට මගේ ජීවිත කතාව ලියන්න කියලා කිව්වේ, ඒ ගැන දන්න අය. එහෙම අය බොහෝ හිටියා. අවුල ලියාගෙන යනකොට ඒක පොතක් කරන්න කියලා මුලින්ම කිව්වේ ප්‍රා තමයි.ඊට පස්සේ තව බොහෝ අය කිව්වා. දැනට එහෙම අදහසක් නැහැ මචෝ. මේක බ්ලොගේ ලියලා ඉවරවුනාම, ආපහු මුල ඉඳන් කියවලා බලලා හිතලා බලනවා. තෑන්ක්ස් ප්‍රදීප්.

  18. මල්ලිට සුබ පැතුම්.. 16 ඒ පැත්තෙ යන්න උත්සාහ කරන්නම්කෝ…

    • තරු ඔය වගේ වැඩවලට සහභාගිවෙන කෙනෙක් බව, ඔයා ලියන දේවල්වලින් මට තේරිලා තියෙනවා. යොදාගත් විශේෂ වැඩ නැත්නම් ගොඩ වැදිලා එන්න. ඔබට ජයවේවා!!

  19. Anonymous says:

    කියවීම මිනිසාගෙන් ඈත්කරවන කාලයක පොතක් එළිදක්වනවා කියන්නේ බොහොම වටිනා සමාජ සත්කාරයක් විදිහටයි මම දකින්නේ. ගොන් මෝල් අද්යාපන ක්‍රමය ඇතුලේ කියවීම කියන දේ නැත්තටම නැතිවෙලා. කියවීමේ වටිනාකම ඇගයීමකට ලක්වෙන්නෙම නැති තරම්. ඒ ගැන සංවාදයක් ගොඩනගන්න පුලුවනිනම් එක අපේ අනාගත පරපුර වෙනුවෙන් කරන හොඳ ආයෝජනයක් වෙයි කියල මම හිතනවා.

    • Anonymous says:

      වර්ඩ් ප්‍රෙස් වල කමෙන්ට් දාද්දී බ්ලොගර් ID එක වැටෙන විදිහට දාන්න දන්නේ නැහැ නෙව.. උඩ ඇනෝ කොමෙන්ට් එක දැම්ම මම අම්බලන්ගොඩ කතා..

      • අම්බ.කතා……ඔබේ අදහස හරියට හරි. කියවීම අපෙන් ඈත් වුනේ ඇයි කියන එක හරි අමිහිරි තත්වයක්. මේවා ගෙදරින්, පාසලෙන් හුරුවෙන්න ඕන දේවල් මගේ හිතේ. අපේ දුවත් නිතර පොත් කියවනවා. ඒක සතුටක්.

        මේ වර්ඩ්ප්‍රෙස් එකේ කමෙන්ට් කරන එක ටිකක් අන්දොස් වැඩක් කියලා සමහරුන් කියනවා. මට ඒ පිලිබඳ ටෙක්නිකල් දැණුමක් නැහැ මචෝ.

  20. බලන්නම් යන්න…
    අතකට කෙළ වී ඇත.එය ලියූ අතය…කොම්පියුටරය තියෙන නිසා අත අත ඇරලා දාපං කිව්වට කොහොම කරන්නද?මම වැඩක් කළ අත.මාව රට හඳුනාගත් අත
    ඒත් ට්‍රයි කරන්නම් දෝමනස්ස අවුල් හැර ගොහින් එන්න……

  21. ඔහේගෙ සහෝදරයාගේ බ්ලොග් එක ලිස්ට් එකට දාගෙන ඉන්නවා සෑහෙන කාලෙක ඉඳන් … අයියගෙ මාගලවත් තවම කියවල අහවර කරන්න බැරි වෙච්චි එකේ මලයගේ එක පටන් ගන්න බෑ දැම්ම කොහොමටවත් 😀

    හැබැයි කවද හරි කියවනවා !

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s