අවුල් වන්නට පෙර (61)..ඈ මට හමුවූවා..

මම මේ ජීවිත පොත ලියමින් සිටිනා අතරේ මගේ ආදර කතා පරිච්ඡේදයන්ට ගොඩවන්නට වූයේ,ජීවිතය ඇදීගිය මාවත සහ කාලය අනුව කතාව ගොඩ නගා ගතයුතු උවමනාවෙන්ය. මේ සටහන් කියවන බස්සා, මේ ප්‍රේම කතා පරිච්ඡේදයන් හැඳින්වූයේ සමනල සීරිස් එක කියාය. ඇත්තටම මේ යුගය නම් සමනල යුගයක්ම විය. නොයෙකුත් අවස්ථාවන් පසුකරමින් සැහැල්ලුවෙන් ගතකරනා මේ කාලය සමනලයෙකුගෙ මෙන්ම විය. මොකෙක්ගේ හෝ ගොඳුරක් වේ දැයි කියාවත්, මොකෙක් හෝ ඒ වර්ණවත් තටු අත පතගා විනාශ කර දමාවී යැයි කියාවත් මට සිතෙන්නට නොමැත.දළඹුවෙක්ව සිටියාදැයි මතකයේත් නොමැත. ඒ නමුදු, මමත් සමනලයෙක්මි. ඒ සමනල යෞවනයයි. ඒ සමනළිය නම් ෂෙරුණිය. අලුතෙන්ම රැකියාවකට ආ ඒ උස, හීන්දෑරි ගැටිස්සිය ෂෙරුණිය. මම ඇයගේ රුව සිතෙහි සටහන් කර ගත්තෙමි. අදත් ඒ මතකය මට මිහිරක්ම ගෙනදේ. සොඳුරු මිනිසෙක්ගේ පළමු හමුවීම කිසිවෙකුට කිසිදාකවත් අමතක නොවේ. ඒ ඔබටත්, මටත්,අප කාටත් පොදු සත්‍යයකි. මෙයට සමනල සීරිස් එක කිව් බස්සාට ඉංග්‍රීසියෙන් කියන්නේ අවුල්ය. මට කොහොමත් අවුල්ය. ඒ නිසා මෙය අවුල් කතාවකි.

ඒ කාලයේදී සංචාරක හෝටල් ක්ෂේත්‍රයට පිවුසුණු බොහෝ දෙනා, වැඩිදුරටත් උසස් අධ්‍යාපනයේ යෙදුණු තරුණියන් හෝ තරුණයන් නොවේ. මා එසේ ලියන්නේ කිසිවෙකු අපහසුතාවයකට පත් කිරීමේ අරමුණකින් නොවේ. මගේ යුගයේ යථාර්ථය එයම විය. බොහෝ දෙනා උසස් පෙළ විභාගය අසමත් වූවන් හෝ එහි ප්‍රතිඵල නිකුත්වන තෙක්, යම් ආදායමක් හෝ සුදුසුකමක් අපේක්ෂාවෙන් හෝටල් ක්ෂේත්‍රය තෝරාගත් වුන්ය. මුදල් ඇති හෝ නැති බොහෝ නාගරික තරුණයාගේ හොඳම තෝරාගැනීම මෙය විය. ඒ යුගයේ සමාජ නැඹුරුව මේ වන්නට ඇත. මමද එවැන්නෙක්මි. ඇයද එලෙසමය. මේ ගැටවරයන්ටත්, ගැටිස්සියන්ටත් ජීවිතය හෝ සමාජය පිළිබඳ මනා අවබෝධයක්වත් බරපතලකමක්වත් නැති බව ඒ චර්යාවන් තුළින් වැටහේ. එතරම් සැහැල්ලුය. ශ්‍රීලාංකීය සමාජය තුළට පිවිසෙන ඕනෑම යොවුන් විලාසිතාවක්, හොඳ හෝ නරක පුරුද්දක්, වේගයෙන් ගලා ආවේත්, යුහුසුළුව වැළඳ ගත්තේත් සංචාරක ක්ෂේත්‍රයේ සිටි අප වගේ නොපැසුණු උදවිය බව අතීතය මතක් කරනා විට සිහියට එක්වේ. තරුණයන් අතරේ දිනපතා සෙට්වීම් වලට අමතරව, මාසයකට වරක් හෝ දෙවරක් අප අංශයේ කාගේ හෝ උපන්දින පාටිය. නැත්නම් විවාහ උත්සවයක්ය. ඒ සියල්ලටම වඩා වැදගත් වූයේ හෝටලය විසින් වසරක් පාසා සංවිධානය කරන දින දෙක තුනේ විනෝද චාරිකාය. නිමක් නැති සෙට්වීම්ය. මේවා මහ අපූරු කතන්දරය. අදත් මම රසවිඳින්නෙමි. වර්තමානයේ තත්වය මීට වඩා වෙනස්දෝ යැයි මම නොදනිමි.

ඔබරෝයි හෝටලය තුළ,මගේ ක්ෂේත්‍රයේ සිටි සියලුම සේවකයින් වරින් වර පවත්වන වෘත්තිය පුහුණු වැඩ සටහන් සහ ලිඛිත, ප්‍රායෝගික විභාගයන්ට සහභාගීවීම අනිවාර්ය විය. පාසල් සමයේ එක්තරා කාලයක දීප්තිමත් සිසුවෙක්ව සිටි මම, ඉන් බැහැරව අයාලේ ගිය කතාව පසෙකට තැබුවත්, මට ඉගෙනීම අරහං වූවෙක් නොවේ. ඒ නිසාම හෝටලය තුළත් මම යම්කිසි අයුරකින් බුද්ධිමත් සේවකයෙක් විමි. උසස්වීමකින් පසු කංඩායම් නායකයෙක් වැනි කුඩාම කුඩා ලොක්කෙකි. තම පුහුණු කාලය අවසන් කල ෂෙරුනිව සහ ඒ කංඩායම අදාළ අංශවලට අනුයුක්ත කරන ලදි. ඇයට සේවය කිරීමට සිදුවූයේ මා සමගය. අප රටේ හෝටල් ක්ෂෙත්‍රය තුළ බිහිවූ හොඳම පුහුණු කළමනාකරු යැයි බය නැතුව කිව හැකි රුවන් පුංචිහේවා නොහොත් පුංචා, මට කීවේ ඇයව හොඳින් බලාගන්නා ලෙස සහ පුහුණු කරන ලෙසත්ය. මම ඇයව හොඳින් “පුහුණු” කෙරුවෙමි. සත්තකින්ම ආදරයෙන් රැක බලා ගත්තෙමි. අඩ සියවසකටත් එහා ගිය මේ ජීවන ගමනේ, අප දෙදෙනා මේ සංසාර ගමන මෙතරම් දුරක්, බොහෝ බාධක, කටු පඳුරු මැදින් මෙන්ම, මහා විනෝද සාගරයක් මැදින්ද මෙතරම් දුරක් ඇදගෙන යමින් සාර්ථක අවසානයක් කරා ගමන් කරාවි යැයි, ඇය හෝ මමවත් එදා කිසිසේත් නොසිතන්නට ඇතිය. විවාහය දක්වා අපේ ආදර කතාව එතරම්ම සොඳුරු නැත. ඒ බොහෝමයකට වගකිව යුත්තේ මගේ අවිචාරවත් ජීවන පැවතුම්ය. ඒ අතර තවත් නොයෙක් පෙම් සබඳතාද විය. අදත් අප ඒවා ගැන කතා කරමින් අප අපටම සිනා සෙන්නෙමු. ඒ අතීතය මම සෙමින් සෙමින් ලියන්නෙමි. ෂෙරුණි නම් ඒ උතුම්, සොඳුරු ලලනාවිය නොසිටින්නට අද අරුණයෙක් නොමැත. ඒ බැව් නිතර මට මතක් කර දෙන්නේ මගේ අම්මා, තාත්තා ඇතුළු අපේ පවුලේ උදවියම වීම මහත් භාග්‍යයකි. (ලියවෙනවා සීරියස් වැඩිද මන්දා. ඒත් හිතට එන්නේ මෙහෙමය )

ඒ වන විට ඇයට වයස අවුරුදු 19ක් පමණ ඇත. මම ඇයට වඩා වසර දෙකක් වැඩිමහල්ය. සෙරුණිගේ උපන් ගම මදුරාසිය වුවත්, ඔවුන් කොළොන්නාවේ මුල් වැසියෝය. කොළඹ ආනන්ද බාලිකාවේ ආදි සිසුවියක්ය. පවුලේ අයියා,අක්කා සහ මල්ලීය. පියා ඒ සමයේ රැකියාව කරේ දිල්ලියේ හෝ මදුරාසියේ ශ්‍රීලංකා මහ කොමසාරිස් කාර්යාලට අනුයුක්තව විදෙස් සේවයේය. මව රැකියාවක් කළේ නැත. සෝමා ඇන්ටී නම්වූ මේ “අම්මා” ගැන ලිවීමට බොහෝ දේ ඇත. අපේ අම්මාට නොදෙවෙනි පුණ්‍ය මාතාවක්ය. පසු කාලයන්හීදි ඇය අප බොහෝ දෙනෙකුගේ ජීවිතවලට මහඟු පාඩම් කියා දී තිබේ. ඒවා පාඩම් නොව, ආදර්ශයන්ය. පාඩම් සහ ආදර්ශයන් යනු දෙකක් බව මම ඇගෙන් ඉගෙනගෙන ඇත්තෙමි. මේ උතුම් මිනිසුන් දෙදෙනා අද ජීවතුන් අතර නොමැතිවීම, අපේ පවුලටත්, ඇයගේ පවුලටත් දැරිය නොහැකි පාඩුවකි. මල්ලි වැඩිපුර අධ්‍යාපනය සඳහා ඉන්දියාවේ ගොසින්ය. අක්කා එවකට විවාහකද කියා මට මතක නැත. අයියා රැකියාව කරේ සවුදි රාජ්‍යයේය. මුලින් මුලින් මමත් සෙරුණිත් දොඩමළු වූයේ ඔවැනි දේ පිළිබඳවය . ඒ හොරගල් අහුලන “වෙන්ඩ” පෙම්වතුන්ගේ, කතාවට අල්ලා ගැනීම් බව ඔබ දන්නවා විය යුතුය. තම “වෙන්ඩ” පෙම්වතියගේ පියා සහ සහෝදරයින් රටෙන් පිටව ජීවත්වීම තරම් සතුටක් තරුන පෙම්වතෙකුට තිබේද යන්න මට නොදැණුනාද නොවේ. විශේෂයෙන් පියා සහ වැඩිමල් සොහොයුරන්. මං අයියලාට බයයි නංගියේ…. පින් මන්ද රංග භූමියේ….

අපේ මේ සියලු හමුවීම් සහ දොඩමළු වීම්, රාජකාරී වේලාවන් තුළට පමණක් සීමාවීම මට ඉවසාගත නොහැකිවිය. මට පාදයක් පෙරට තැබීමේ බලගතු උවමනාවක් වේ. නමුත් ප්‍රේමය නම් ක්‍රීඩාව ඉදිරියේ, බොහෝ විට පාදයක් පසුපසට ගෙන පහරදීම මගේ උපන් ගති ලක්ෂණයක් වේ යැයි මම සිතමි. ඒ නිසාම මට මග හැරීගිය හයේ සහ හතරේ පහරවල්ද බොහෝ බව මතකයට නැංවේ. සෙරුණිත් මමත් සෙමින් සෙමින් හොඳ මිතුරන් බවට පත්වුණෙමි. අලුතෙන් කංඩායමක් පැමිණිවිට ,ඒ තරුණියන් හා මිතුරුවීමට හා සම්බන්ධතා ගොඩ නගා ගැනීමට ඕනෑම තරුණයෙක් තුළ ඇත්තේ නොයෙක් ආකාරයේ ප්‍රදර්ශනාත්මක හැසිරීම් බව රහසක් නොවේ. මේ ආකාරයේ සංදර්ශනකරුවෙන්ගෙන් ඇය බේරාගෙන, මගේම කර ගැනීමේ අවශ්‍යතාවය හිතට මහා වදයක්වේ. ඒ මදිවාට, රාජකාරි අහවරවූ සැණින් දිනපතා වල බැසීමට මම ගොඩවෙන, හෝටලය ඉදිරියෙන් පිහිටා තිබු යුනයිටඩ් ක්ලබ් හෙවත් එවර්ලාස්ට් ක්ලබ් එක ගැනත්, කවුරුන් හෝ ඇයට පවසා ඇත. එවැනි කේලම්කරුවෝද නැත්තේ නොවේ. උන්ට අපි ඒ දවස්වල කිව්වේ නිවිච්ච ටෝස්ට් කෑලී කියාය. නිවුණාට පසු කන්නත් නොහැකිය. ඒත් ඕවා එකතුකර මැෂිමක දමා කුඩුකර බ්‍රෙඩ් ක්‍රම්බ්ස් බවට පත්කරනු ලැබේ. මේ වගේ ටෝස්ට් කෑලි අදත් සමාජයේ බහුලය. කුඩු කර නැවත සාදාගන්නවා මිසක්, කුණු ගොඩට දැමීමද අපරාධයකි. මම ඇයට මගේ බීමවත්, දුම් පානයවත් රහසක් ලෙස තබා ගත්තේ නැත. ඇය මගෙන් ඕවා ගැන මහ ලොකුවට ඇසුවේත් නැත. මට සඟවන්නට උවමනාවකුත් නොවීය.

මම තාරුකා පිළිබඳ ඇයට කීවෙමි. ඇගේ ඉරියව්හී වෙනසක් නොවීය. ඇයගේ පරණ පෙම් කථාවක පොඩි කොටසක්ද මට පැවසුවාය. මම එයට උනන්දුවෙන් ඇහුන්කම් නොදුන්නෙමි. මට ඒ පැවති හෝ පවතින ආදර කතාවක්ද යන්නවත් වැදගත් නොවීය. ඔහු පසු කලෙක අප දෙදෙනා සමග එකම ආයතනයක සේවයද කළේය. පසුව ඔහු මගේ මිතුරෙකුද විය. වල බැසීමේ ශූරයෙක්ද වූ ඔහු හිත හොඳ පොරක්ය.

පරාජිත ප්‍රේමයක් අත්විඳිමින් සිටී මා, ෂෙරුණිගේ ආශ්‍රය නිසා නැවත ජීවයක් ලබමින් සිටී. ඒත් අප තවමත් ඉතාමත් හොඳ මිතුරන් පමණය. නිවාඩු දිනයක අප දෙදෙනා කොහේ හෝ යමු යැයි කතිකා විය. ඇය බැහැ කීවේ නැත.ඇය එදත් අදත් ලස්සනට හැඳ පළඳින්නට ශූරය. කැමතිය. ජැන්ඩියට හැඳ පැළඳගත් මම නුගේගොඩ හන්දියේදි ඇය හමුවුණෙමි.

කොහේ යනවාදැ‍යි, කුමකට යනවා දැයි කිසිම තීරණයක නොසිටි මම එකවරම , අපි තාරුකාලාගේ ගෙදර යමු යැයි කීවෙමි. ඇය කිසිත් කීවේ නැත. ඒවන විටත් මම නැවතී සිටියේ කොහුවල තාරුකාලාගේ නිවසේය. අපි කොහුවල ගියෙමු. නිවසට ගොඩවීමට පෙර මම ඇයගේ අතින් අල්ලාගත්තා මතකය. එය නිකම්ම නිකම් අල්ලා ගැනීමක් නොවන බව ෂෙරුණි වටහාගන්නට ඇත. අපි ගෙට වැදුනෙමු. තාරුකාගෙත් මගේත් ඇස් එක තැනක නතරවන්නට ඇත. මම පළමුව ෂෙරුනිව හඳුන්වා දුන්නෙමි. ඉතිරිය පසුවට..

එදා මම ආදරයෙන් අල්ලා ගත් ඇයගේ දෑත්වලින්, ඇය එදටත් වඩා දැඩිව සහ ශක්තිමත්ව මගේ දෑත් අල්ලාගෙන සිටිමින් මට රැකවරණය දෙන්නේය. නමුත් අප දිනෙක මේ අල්ලාගෙන සිටිනා දෑත් වලින් මිදී යා යුතුවේ. ජීවිතයේ මැදිවිය පසුකරන කාලයේදී, මේ ලෝක සත්‍යය වඩ වඩාත් නිවැරදිව පසක් කල ගතයුතු බව කවුරුත් දනී. ඒ වෙන්ව යාමේ ගමනේ, පළමුවන්නා මා විය යුතු යැයි මම නිතර සිතන්නෙමි. ඒ නම්, ඇය නැති දිනෙක, ඒ ශෝකය දරා ගැනීමේ ශක්තියක් නොමැති කම නිසාම ඇතිවෙන බොළඳ සිතුවිල්ලක්ම යැයි කියා අපි දෙදෙනා සිනාසෙන්නෙමු. නමුත් එය තීරණය වෙන්නේ ජීවත්වෙන අප දෙදෙනාට රිසි අයුරින් නොවන බව අප දෙදෙනාම දනිමු. මේ ලෝක සත්‍යතාවය අප කාටත් පොදු අවසානයක්ම වේ.

එදා අපි අතින් අල්ලා ගෙන හමුවුයෙමු.

ගායනය – සනත් නන්දසිරි පද – විමලධර්ම ජයවීර තනුව – සනත් නන්දසිරි …

ඇවිලුනු ගිනිදැල් නිවි නිවි යද්දී,
ඈ මට හමුවූවා
සුපිපුණු වනමල් සුවඳ හමද්දී,
ඈ මට හමුවූවා
රන්කේඳි දහරින් පෙරි පෙරි ඉතිරී
හිරු අවරට ඇදුනා..
පාළුව තනිකම රජයන විටදී
ඈ මට හමුවූවා
සුසිනිඳු සළුවක් සුළඟට ඇඹරී
රහසක් මට කීවා..
සුදු-මුදු වැල්ලේ සිටියදී තනිවී
ඈ මට හමුවූව

https://www.shazam.com/track/130594706/awilunu-ginidal

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

96 Responses to අවුල් වන්නට පෙර (61)..ඈ මට හමුවූවා..

  1. හැරයාමක් ගැන, මා ඉස්සරවේද, ඇය ඉස්සරවේද, ගැන සිතිවිලි පහලවෙන්නේ ඇයි අරූ…මට නං එතනට යන්න බෑ හිතේ තියෙන අති සංවේදීභාවය නිසා…
    එලෙස බැඳි අත් කිසිදා නොගැලවේවා යයි මගේ ප්‍රාර්ථනය සහෝ….!

    • සිගරට් එකක් ගහන්න ගෙයින් එලියට බැස්සා. හිම වැටෙනවා. පොඩි ආතල් එකක් තියෙනවා. අඩියක් ගහපන් කියලමයි හිත කියන්නේ 😀

      /////එලෙස බැඳි අත් කිසිදා නොගැලවේවා යයි මගේ ප්‍රාර්ථනය සහෝ….!////
      තැන්ක්ස් ශෙෆා….ඒත් අපි කවදා හරි යායුතුයි කියන එක ශුවර්නේ. ඒකට දැන්ම ඉඳන්ම හිත රෙඩි කර ගත්තාම, අවසානයන් එච්චර දුක්බර වෙන්නේ නැහැ. පිස්සු හැදෙන සඳ. ඉපදුනා වගේම නිදහසකින් මැරෙන්නත් පුලුවන්. දර්සන ටෝක් වැඩිද මන්දා මගේ.ජොයින්ට් එකක් ගහන්නත් හිතෙනවා. 😀

  2. //අම්මා බොහෝ කාලයක සිට පදිංචිය සහ සේවය එංගලන්තයේය. එක නැගනියක්ද ඒ රටේමය. අයියාත්, මල්ලීත් අනික් නැගණියන් දෙදෙනාත් පදිංචිව සිටියේ මාවරමංඩියේය.//

    //පියා ඒ සමයේ රැකියාව කරේ දිල්ලියේ හෝ මදුරාසියේ ශ්‍රීලංකා මහ කොමසාරිස් කාර්යාලට අනුයුක්තව විදෙස් සේවයේය. මල්ලි වැඩිපුර අධ්‍යාපනය සඳහා ඉන්දියාවේ ගොසින්ය. අයියා රැකියාව කරේ සවුදි රාජ්‍යයේය.//

    //මට පාදයක් පෙරට තැබීමේ බලගතු උවමනාවක් වේ. නමුත් ප්‍රේමය නම් ක්‍රීඩාව ඉදිරියේ, බොහෝ විට පාදයක් පසුපසට ගෙන පහරදීම මගේ උපන් ගති ලක්ෂණයක් වේ යැයි මම සිතමි.//

    ඇත්ත නේන්නම්! පිටියේ පිතිකරුවන් ස්ථානගත වී සිටින ආකාරය හොඳින් නිරීක්ෂණය කර ආරක්ෂාකාරී පහරදීම් වලටමනේ ගිහින් තියෙන්නේ. 🙂 “ජීවිතය හෝ සමාජය පිළිබඳ මනා අවබෝධයක්වත් බරපතලකමක්වත් නැති බව” කියල කිවුවට සෑහෙන සෙල්ෆ් කන්ට්‍රෝල් එකකුත් ඔය අස්සෙම තිබිල තියෙනවා.

    • ඉකොන් …උඹේ හොඳ ඇනලයිසින්. ඒක හොඳ හැකියාවක්. මම කතා කරන්නේ ඇකඩමික් පැත්තෙන් නෙමේ. ඒකට මට සුදුසුකම් නැහැ. ඩේටා, සංඛ්‍යා ලේඛන වගේම අපි අපේ ජීවිතත් ඇනලයිස් කරගන්න ඕන. ඒක මාර වටිනවා. තමන් තමන්ව හරියට ඇනලයිස් කරගත්තොත්, අනිත් අයව ඇනලයිස් කරන එක සිම්පල්. ඒත් අපි හැමදාම කරන්නේ අනුන්ව ඇනලයිස් කරන එක. ඉකොන් මොකද හිතන්නේ..

      /////////පිටියේ පිතිකරුවන් ස්ථානගත වී සිටින ආකාරය හොඳින් නිරීක්ෂණය කර ආරක්ෂාකාරී පහරදීම් වලටමනේ ගිහින් තියෙන්නේ//////////////

      පන්දු රකින්නන් ස්ථානගත කිරීම දුර්වල වුනාම, ටේල් එන්ඩර්ස්ලාත් වැටට උඩින් තමයි ගහන්නේ 😀

      සෙල්ෆ් කන්ට්‍රෝල් එක නම් එන්න ඇත්තේ, මගේ පාසල් කාලේ ජීවිතේ නිසා වෙන්න ඇති. මම තැන් 11ක ඉඳන් ඉස්කෝලේ ගියා. එතකොට ඒ ඒ තැන්වල එක එක ජීවන රටා. ඇජස්ට් වෙලා ඉන්න එපැයි. ඒ ඒ බනිස්නේ. ඒක හොඳ එක්ස්පීරියන්ස් එකක් වෙන්නැති සෙල්ෆ් කන්ට්‍රෝල් එකට.

      • //තමන් තමන්ව හරියට ඇනලයිස් කරගත්තොත්, අනිත් අයව ඇනලයිස් කරන එක සිම්පල්. ඒත් අපි හැමදාම කරන්නේ අනුන්ව ඇනලයිස් කරන එක. ඉකොන් මොකද හිතන්නේ..//
        අනිත් අයව ඇනලයිස් කරන්න ගියාට ගොඩක් වෙලාවට අනිත් අය ඇතුලෙනුත් අපිට අපිවම තමයි පේන්නේ. නමුත්, ඒක ඒ වෙලාවට තේරෙන්නෙ නැහැ. තමන්ගෙන් එළියට ගිහින් තමන් දිහා වෙනත් කෙනෙකු දිහා බලන එක හරිම ෆන් වැඩක්. එතකොට අපිට අපි ගැනම හිනා යනවා. යම් වයසකදී ගොඩක් අයට ඔය හැකියාව ඉබේටම එනවා. සමහර අයට ඒකට කල් යනවා.

        //මම තැන් 11ක ඉඳන් ඉස්කෝලේ ගියා.// මගෙ රෙකෝඩ් එක ඒ තරම්ම නැහැ. මම ඉස්කෝලේ යන කාලේ හිටියේ තැන් 8ක විතරයි. ඔක්කොම එකතු කළාමනම් තැන් තිස් ගාණක්.

      • “තමන් දිහා වෙනත් කෙනෙකු දිහා මෙන් බලන එක”

      • “///////තමන් දිහා වෙනත් කෙනෙකු දිහා මෙන් බලන එක///////

        මේකත් නියම වැඩක්. තනියම හිනාවෙන්න පුලුවන් තමයි. ඉකොන් කියවලා තියෙනවද Mitch Albomගේ TUESDAYS WITH MORRIE කියන පොත.

  3. maathalan says:

    මේක හැපි එන්ඩින් ඉස්ටෝරියක් නිසා මක්කත් නෑ වගේ…. එහෙම බලුවාම මොළේ අවුල් වෙන සම්බහිය සෝ බලන එකත් නරකම නෑ..
    ඩයනා ටොපික් එකක් වෙන්නෙත්, කේට් ගානක් නැත්තෙත් ඒ නිසා වෙන්ටෑ..

    අර හොටල් ක්ෂේශ්ත්‍රයේ අය ඉක්මනින්ම දේවල් වැළඳ ගත්තා කියන එකට නම් මම එකඟ නෑ. මොකද අපේ කාලේ වෙන කොටත් කොළඹ හෝටල්වල ඩිස්කෝවලට කොල්ලෝ කෙල්ලෝ බහින සමාජය පුලුල් වෙලා තිබුනේ… උඹට මතක ඇති ඔය කාළේ ගාළු පාර.. මම කියන්නේ කළු ජූලියට කලින්…

    ඉස්කෝලවලත් කානිවල් ඩිස්කෝ එක්සිබිසොන්, වෙස්ටර්න් බෑන්ඩ් වල මියුසිකල් ෂෝස් එහෙම වික්ටෝරියා පාක් එකෙත් තිබුනා.. එහෙම බැලුවාම දැන් ඒවා නෑ.. ඒත් දැන් රටම මොඩර්න්.. ඒකේ ගෞරවය කෙලින්ම භාතිය සන්තුශ්ලට යන්න ඕන… ඉරාජ් දැන් සමාජයම කොර කරනවා.. ඒවා දැනටත් පරක්කු වැඩි දේවල්…

    • //////මේක හැපි එන්ඩින් ඉස්ටෝරියක් නිසා මක්කත් නෑ වගේ…. එහෙම බලුවාම මොළේ අවුල් වෙන සම්බහිය සෝ බලන එකත් නරකම නෑ..
      ඩයනා ටොපික් එකක් වෙන්නෙත්, කේට් ගානක් නැත්තෙත් ඒ නිසා වෙන්ටෑ./////.

      අනේ මන්දා මාතා…ඔන්න ඔහොම තමයි ලියවුනේ හිතේ තියෙන ඒවා. හැපිද සෑඩ්ද මන්දා.

      මේ තරම් තාක්ශනය නොදියුනු ඒ දවස්වල සංචාරකයෝ හරහානේ බොහේ දේ රටට ආවේ. ෆිසිකල්, කල්චරල් දෙකම එහෙමයි. ශූ ඩිසයින් එකේ ඉඳලා හෙරොයින් දක්වා. ඒකයි මම කියන්න ට්‍රයි කරේ.

      • maathalan says:

        සුද්දෝ අපි පොඩි කාළෙත් ආවනේ බං… ඉස්සර අපො පෑන් ටොපි ඉල්ල ඉල්ල පිටි පස්සෙන් යන්නේ.. ඔය කල්චර් එක එන්නේ 77 ජේ ආර් පප්පගේ ඕපන් ඉකොනොමි එකත් එක්ක.. කුඩු එන්නෙත් ඊට පස්සේ.. හොඳ නරක දෙකම එන්නේ ඒ පස්සේ…

      • ඔව් මාතා මම මේ කියන්නේ 1982-1983 කාලේ ගැන. ඔය අහිතකර කේස් යම් ප්‍රමානයකට ගොඩබාන්න පටන්ගත්තේ අසූවේ මුල් කාලේ ඉඳලාවගේ තමයි.

  4. //මම ඇයව හොඳින් “පුහුණු” කෙරුවෙමි//

    හෙහ්, හෙහ් නරියට කිකිළියෙක් නෙව බාර දීලා තියෙන්නෙ. ඔහොම හොඳට පුහුණුකරන්න බාරදීපු කතාවක් තව බ්ලොග් එකක තිබුණා වගේ මතකයි. එතනත් ගෙදරටම එක්ක ගිහින් බලාගත්ත කතාවක් තමා තිබුණෙ.

    තාරුකා ඉස්සරහට , ෂෙරුණිගෙ අත අල්ලන් යෑම, තාරුකාට දීපු නිහඬ පණිවිඩයක් නේද?

    ධනුධර වුනාට ඉහත සන්දියේ
    මම සිංහයාට බයයි නංගියේ

    “ඉහත සංදියේ” කියන එක නං එච්චරටම ගැලපෙන්නෙ නෑ, ඊට පස්සෙත් කරල තියෙන්නෙ වටේටම විදින එක නෙව? 🙂

    //ෂෙරුණි නම් ඒ උතුම්, සොඳුරු ලලනාවිය නොසිටින්නට අද අරුණයෙක් නොමැත// මට මතක් වෙන්නෙ සයිමන් නවගත්තේගම ගැන ඔහුගෙ බිරිඳ කියල තිබුණ දෙයක්

    • ඒ කතාව කියන්ඩ බස්සෝ

      • සයිමන් නෝනට කිව්වලු” වෙන කොච්චර බිසව් හිටියත්, උඹ තමයි මගේ අග බිසව ” කියලා. අරූ කියනව වගේ මිනිස්සු කියන්නෙ කලුත් නැති, සුදුත් නැති “අළු පාට” චරිත නෙව? ඇත්ත කියන එකත්, ඒ තිත්ත ඇත්ත ඉවසා වදාරපු එකට සයිමන්ගේ නෝනට සම්මානයක් දෙන්න වටිනවා.

      • බස්සෝ…ඕක මරු කතාවක්. සයිමන් කියන්නේ සයිමන් නවගත්තේගම මිසක් සවිමන් කබලාන වගේ චරිතයක් නෙමේනේ. මම නවගත්තේගමට හරි ආදරෙයි. ඒ වෙන මොකවත් නිසා නෙමේ, ඒ විවෘතභාවයට. මට එයාගේ දොණි හමුවෙන වෙලාවලත් මම ඕක කියනවා. සයිමන් මහත්තයා ගැන ජගත් මාරසිංහ ලියපු ලිපියක් තියෙනවා.
        කියවලා බලපන්.

    • //////// තාරුකාට දීපු නිහඬ පණිවිඩයක් නේද?///////////
      හිතලා කරාද මම දන්නේ නැහැ. ඒත් මට “පෙන්නන්න” උවමනාවක් වෙන්න ඇති, උඹ විතරක් නෙමේ මේ ලෝකේ ඉන්නේ කියලා. මෙතනින් එහාට මට මාර වැඩ තමයි වෙන්නේ. ඒ ඔක්කොම මම විහින්ම කරගත්ත එව්වා.

      හිත එක තැනක නෑනේ ඒ කාලේ. එක පාර දෙක, තුන ලව් කරන්න ගිහිල්ලා මට වෙච්ච දේවල් ඉදිරියට. බරපතලකම් නොතේරෙන කාලේ. ඒත් එහෙම දේවල් වුනානේ කියලා හිතන කොටත් පුදුමයි. වටේම ගිහිල්ල තමයි හරි තැනට එන්නේ.

      සයිමන්ගේ කතාව මොකක්ද…හොඳ මනුස්සයා අප්පා. ඉස්සර එනවා අපේ යාලුවෙක්ගේ ගෙදර.

  5. ෂැහ්, දෙකෙන් ම ගොඩ ද?
    Life time imprisonment for the second crime?

    • පස්සේ දෙක තුනවෙලා, හරි වැඩ වෙන්නේ. ලයිෆ් ටයිම් ලැබෙන්නේ තව කාලයක් ගියාට පස්සේ රසික.ඒ 1988දී. ඒ අතරතුර අමු පිස්සු තමයි. දඩ බඩ ගාලා රෝල්වෙලා ගිය කාලයක්.

  6. Anonymous says:

    අරූ අයියේ සනත් නන්දසිරි ගැයූ මුල්ම ගීතය වූ ‘ඇවිලුනු ගිනිදැල්’ ගීතය රචනා කළේ විමලධර්ම ජයවීරයි.

  7. අරූ අයියේ සනත් නන්දසිරි ගැයූ මුල්ම ගීතය වූ ‘ඇවිලුනු ගිනිදැල්’ ගීතය රචනා කළේ විමලධර්ම ජයවීරයි.

    • බොහොම ස්තූතියි සින්දු ඇනෝ…උඹ තාම මේක කියවනවද….

      තනුවත් සනත් නන්දසිරිගේ බව කෙනෙක් කීවා. මම ඒක පෝස්ට් එකට එකතුකරා. විමලධර්ම ජයවීර අප අතර නැහැ. ගුවන් විදුලියට සම්බන්ද බවට හීනි මතකයක් තියෙනවා.

      • Mendis says:

        සින්දු උබට මගේ මෙව්වා එක …
        එල ද බ්‍රා මචෝ

  8. තමන්ගේ කැඩිච්ච ලවු හුටපටයක් නිසා දිවිහානිකරගන්න ඇසිඩ් බීපු තරුණයෙක්. විනෝදකාමියෙක්. රසකාමියෙක්. කුකුලෙක්. ප්‍රදේශයේ කාන්තාවන් අතර ජනප්‍රිය කොල්ලෙක්…. ඒ තරුණයා ඇසිඩ් බීලා ඉස්පිරිතාලේ ඉන්නකොට තමන්ගේ පියා සමග ඔහුගේ සුවදුක් බලන්න පැමින, ඒ හමුවේදී මල් හීසර වැදුන හීන්දැරි නිවුන තරුණියක්. ඔහුට වඩා අවුරුදු 12ක් බාල. ඇසිඩ් බීම හේතුකොටගන සිදුවී ඇති ශරීර අභ්‍යන්තර හානී නිසාම පවුල්, යාලුවන් පවා දොස්කියපු , විරුද්ධවුන අවුරුදු 5ට වැඩි ආදර සම්බන්දයක්. විවාහ වෙලත් ලැබෙන්න සිටින දරුවන් ගබ්සාවීම හේතුකොටගන දරුවන් නොමැතිව අවුරුදු දහයකට වඩා තනියෙන්ම ජීවත්වුන දෙන්නෙක්. අන්න ඒ කොල්ලගේ ආසම ගීතයත් ඇවිලුන ගිනිදැල්…. සහ සෝක සැනසුම් වේදනාවන් කියන ගීත දෙකයි.

    දැන් කියන්න යන දේ අපේ නැන්දගෙන් අහුලගත්තේ…

    තාත්තා කරපු ව්‍යාපාරයේ ප්‍රදාන ගැණුම්කරු අධ්‍යතන අමාත්‍යාංශයි. අසිඩ් බීම නිසා ඇතිවුන අභ්‍යන්තර හානී නිසා පසුකාලීනව එයා ගොඩක් අසනීපවුනා. ඒ නිසා ඒ ව්‍යාපාර කටයුතු වලට කරගහන්න වුනේ අම්මා කියන යකඩ ගැහැනියට. ඒ කාලේ ඔය වවුචර්, චෙක් ගන්න යන්න අම්මට මොරටුවට යන්න වෙනවලු.මාලබේ ඉදන් කොට්ටාව, ගල්කිස්ස හරහා මොරටුවට යන ගමන 1985 වගේ කාලවකවානුවක පොඩි එකාට අවුරුද්දක් තරම් වුන ගැහැනියෙක්ට ලේසි වැඩක් නෙමෙයි කොහොමවත්. ඒ කරලා තාත්තව බලන්න කොළඹ ඉස්පිරිතාලෙටත් යන්න ඕනේ 12 වෙද්දී. ගමේ සමාජ සේවකයෙක් හා ග්‍රාමෝධ්‍ය බල මණ්ඩලේ සභාපතිවෙලා හිටපු එයාව බලන්න සෑහෙන්න සෙනග එනවලු. ඒත් එයාගේ ඇස් තියෙන්නේ වාට්ටුවේ දොර දිහාවටමලු. නැන්දා විතරක් ඉන්න වෙලාවක දවසක් එයා කියනවලු,

    “රත්නායක තාම නෑනේ….කොහේ ගියාද මන්දා…. කොහේ ගියත් වැරද්දක් කියන්නත් බෑනේ… තරුණ ගෑණියෙක්නේ….”

    “මොනවද ආරියදාස අයියේ ඔය කියවන්නේ… අක්කා ගියේ මොරටුවට. දැන් එයි….”

    එහෙම කිවුවත් වාට්ටුවේ දොරින් අම්මා මතුවෙන කොට ලොකු හිනාවක් මූනේ ඇඳෙනවලු.

    ලොකූ කතාවක් ලියන්න හිතේ තියන් උන්න දේකින් කෑල්ලක් එලියට පැන්නා අර සිංදුව දැකලා.මේ බ්ලොග් එක , කොච්චියගේ බ්ලොග් එක, හැලපයියගේ බ්ලොග් එක මට විරේක බෙහෙතක් වගේ. කමෙන්ට් වලින් කියන්න දේවල් ගොඩයි. මාත් ලොකුවෙලා ඒ අය වගේ නාකි වුනහම ලියනවා ලිවිල්ලක්……

    • //////කොහේ ගියාද මන්දා…. කොහේ ගියත් වැරද්දක් කියන්නත් බෑනේ… තරුණ ගෑණියෙක්නේ….”///////////////////
      මේවා හරිම මානුශික ප්‍රශ්න කටුස්සෝ. ආදරය කියන්නේ පුදුම වින්දනයක්. නොදැක ඉන්නකොට හිතෙන බහුභූත, දැකපු ගමන් අමතකවෙලා යනවා. අම්මා කොහේ හරි ගිහිල්ලා එනකම් තාත්තා ඉන්නේ කේන්තියෙන්. ආපු ගමන් ඒ ඔක්කොම ඉවරයි.
      කවි අතරට කතාත් ලියපන්කො.
      නොදැක ඉන්න බැහැ මට නම් මගේ ආදරී…..
      ගායනය/සංගීතය…රුවන් හෙට්ටිආරච්චි
      පද…සජිත් චතුරංග

    • මේ සමනල සීරිස් එක නිසා , මට නැගලම යන වැඩේ , මෙන්න මේ වගේ අතුරු කතා ඇදිලා එන එකයි. නියමයි

      • ඔව් බං මාත් හරි කැමතියි මිනිස් කතා එලියට ගන්න හෝ දෙන්න. නිකන් ඉන්න ගමන් “මං කපුගේ ගැයු මං මුලාවි පාර හොයාගෙන ” ගීතය අහපං. කාලයක් මගේ ෆේවරිට්.

        ගායනය/ මියුසික්: කපුගේ
        පද: සුනිල් ආරියරත්න

        මං මුලාවී පාර හොයාගෙන
        හසරක් අසමින් යන ගමනේ
        මං මුලාවූ සමනළියකගෙනි
        පාර අසා තිබුනේ //

        ඇයත් නොදන්නිය ඇය යන මානය
        උන්හිටි තැන් මතකයේ අඩමානය //
        පාර කියන්නේ කෙලෙසද මා හට
        ඇයටද පාරක් ඇති නැති ගානය

        මං මුලාවී……….

        අප හමුවූයේ මන්දැයි නොදනිමි
        පාර ඇසූයේ ඇයිදැයි නොකියමි //
        අපේ ගමන අද නවතනු හැකිනම්
        අප යන ගමනද අද මෙතැනින් නිමි

        මං මුලාවී………

    • එල ද බ්‍රා මෙන්ඩ says:

      ඇයි යකෝ තෝ ලියන්නේ නැත්තේ …
      කමක් නැහැ කෙමෙන්ට් විදිහට හරි ලියපන්

  9. Transylvania says:

    ඔබගේ කතා සියල්ලම එක තැනකට ගන්න එය පොතක් ලෙස පල කරන්න

    • අනේ මන්දා රුවන්. ඔක්කොටම ඉස්සෙල්ලා මේ අවුල ලියලා ඉවර කරන්න ඕන. තාම කතාවේ මග ඉන්නේ.

      • එල ද බ්‍රා මෙන්ඩ says:

        නෙලුම් යායේ සම්මානයක් ගන්න දවසට පුටුව උඩට නැගලා විසිල් එකක් ගහනවා

      • මෙන්ඩා….මේ කමෙන්ට් එකෙන් අදහස් කරන්නේ මා ගැන නම් , උඹට පුටු උඩ නගින්න වෙන්නේ නැහැ. මම සම්මාණනීය වෙන්න කැමති බුවෙක් නෙමේ.

  10. ජිවීත කතාවේ පිිටු ඉක්මමනට පෙරලන්ඩ එඑපා ලොක්කා ….එතකොට සමහරක් පිටු මග ඇරෙනවවා

    • අටමෝ…..එක පිටුවක්වත් මග හරින්න හිතෙන්නේ නැහැ. මේ කොටසින් කියාගන්න ඕන ටිකක් ලියලා ඉවරකරා. එතකොට ආතල් එකේ නිදහසේ ඉතිරිය දිග අරින්න පුලුවන්.

  11. ඔය නිවිච්ච ටෝස්ට් කෑලි නම් හැමතැනම. මූනට හොදයි, රහසින් වැඩ ගොඩයි.
    මන් අදුරන කෙල්ලෙක් ඉන්නවා ඒකි මත් එක්ක පට්ට ෆිට්
    මේ හරියටම පෙරෙදා මට ට්‍රේන් එකෙ යන්න බැරි උනා මාත් එක්ක එතනම යන කොල්ලෙක් ඒකිට කියනවා මන් අන කෙල්ලත් එක්ක ගියාලු(කතාව ඇත්ත.හැබැයි එයා මගෙ අක්ක කෙනෙක්). මන් ඒ වෙලාවෙ එයත් එක්ක ෆෝන් එකේ හිටියේ. ඒක නිසයි දැනගත්තේ. නැත්තම් ඒයා කියන්නෙත් නෑ මට ඕක. ඔය හාල් කෑලි කියන ඒවා කාටවත් වැඩක් නෑ. මන් උගෙන් අහන්න ගියෙත් නෑ. ඕවා කිව්වා කියලා උන්ට උස්සලා දෙන්නෙත් නෑ. ඕකුන්ට ගැලපෙන හරිම නම තමයි “ලිංගික කුහකයෝ” කියන නම ලිංගික කියන්නෙ අපි අමුවෙන්ම කියන සෙක්ස් නෙවෙයි මන් හිතන්නෙ. විරුද්ධ ලිංගිකයෝ දිහා ඇති වන අඩු පෞර්ෂ්‍යත්ව ලක්ෂන වලට තමයි එහෙම කියන්නෙ 😀

    • රොමා ඔය වගේ පොරවල් ඕන තරම් ඉන්නවා. තරුන සමාජයේ විතරක් නෙමේ. මේ කසාද බැඳපු පවුල් අතරත් වෙනවා. හස්බන්ඩ් හිටිය බාර් එක, කා එක්කද හිටියේ කියන ඒවා වයිෆ්ලට ඇවිත් කියන, ගෑණු විතරක් නෙමේ මිනිස්සුත් මම දැකලා තියෙනවා. ඒවගේ හිඩ්න් ඇජෙන්ඩාස් තියෙනවා. සමහරු අහුවෙනවා. මිනිස් ස්වභාවය.

      • එල ද බ්‍රා මෙන්ඩ says:

        පිරිමි චිත්ත ඇඳම කැතයි ..මල් චිත්ත වලින් රැලි දාලා ජංගි ඇනදහම වස කැතයි

      • ///////.මල් චිත්ත වලින් රැලි දාලා ජංගි ඇනදහම වස කැතයි///////

        අපොයි අපොයි වසම කැතැයි නේන්නම්.

        මෙහේ හෙට අනිද්දා තියෙනවා walk the walk කියලා වෝක් එකක්. ඒක බ්‍රෙස්ට් කැන්සර් චැරිටි එකකින් කරන්නේ. ඩේකරේටඩ් බ්‍රෙසියර්ස් ඇඳන් ඇවිදින්න තියෙන්නේ. මේක ටිකක් ප්‍රසිද්ධ ඉවෙන්ට් එකක්. උඹ බ්‍රා කාරයා නිසා මෙන්න ටිප්ස් ටිකක්.

        Hot tips for all!
        Always wash your bra before decorating it.
        NEVER decorate under the arms on the elastic.
        If you decorate the back be sure that your decoration allows the elastic to stretch, or your bra wont fit!
        Adjust your straps before sewing anything onto them.
        If you stitch onto the cups try not to stitch through to the inside of the cup as it can become uncomfortable.
        Try to do at least one training walk in your bra, or at least wear it around the house for a while… always fun… to make sure it works for you!

  12. Anonymous says:

    සුන්දරයි..නමුත් ලංකාව වැනි රටක ශරීර ගනුදෙනුවට ආදරය කියන වචනය බාවිතා වෙනව මිස ප්‍රේමය ගැඹුරින් හදාරන්නැ..ඔබේ ලිවීම අපූරුයි

  13. upeksha nuwansreeni says:

    සුන්දරයි..නමුත් ලංකාව වැනි රටක ශරීර ගනුදෙනුවට ආදරය කියන වචනය බාවිතා වෙනව මිස ප්‍රේමය ගැඹුරින් හදාරන්නැ..ඔබේ ලිවීම අපූරුයි

    • තෑන්ක්ස් උපේක්ෂා. ප්‍රේමයේ ගැඹුරු හැදෑරීම කියන්නේ, ඒ අත්දැකීම් තුලින්ම වටහා ගැනීම කියන තියරිය තමයි මට හිතෙන හොඳම හැදෑරීම. ඒක නිසා වෙන්න ඇති වයසින් මුහුකුරා යනකොට ප්‍රේමයේ වඩාත් අරුත්බර තැන් ස්පර්ශ වෙන්නේ. එදා ඇයගෙන් නොදුටු බොහො ලයාන්විත දේ කාලයත් සමගම දැනෙන්න ගන්නවා. ඇයට ඔහු පිලිබඳවත් ඒසේම වෙන්න ඇති.

  14. raj1st80 says:

    1.“බත් එකට ලියනව“ කියන එක අහල තිබුනට දැක්කෙ අදයි. ඔව්. ඔන්න අරූ ගෙදර කුස්සියෙ බත් එක වෙනුවෙන් ලියනව. හහා 🙂 (විහිලුවක් ඈ!)

    2.// නමුත් ප්‍රේමය නම් ක්‍රීඩාව ඉදිරියේ, බොහෝ විට පාදයක් පසුපසට ගෙන පහරදීම මගේ උපන් ගති ලක්ෂණයක් වේ යැයි මම සිතමි. ඒ නිසාම මට මග හැරීගිය හයේ සහ හතරේ පහරවල්ද බොහෝ බව මතකයට නැංවේ//
    අවුලක් නෑනෙ. බෝලෙ පේන්න ගත්තම දැවැන්ත පහරවල් ගහල තියනවනෙ.

    3.ප්‍රේමයේ සුන්දරම කාලය තමයි ට්‍රයි කරල ට්‍රයි කරල කැමැත්ත ලැබෙන්න ඔන්න මෙන්න අවස්ථාව සහ ඊට පෙර පසු ආසන්න අවස්ථා ටික. ඒ නිසා වාරනය කලයුතු තැන් අවම වශයෙන් වාරණය කරල ලියපං අරූ!

    • එකගයි අවම වශයෙන් වාරණය කරන්න.ප්ලීස්… ඈ……

    • රාජ්…
      1) හුරේ…බත් එකට ලියනවා කියන එක මීටර් වෙන්න ටිකක් වෙලා ගියා. පිස්සුද බං මමනේ උයන්නේ 😀

      2)ඇත්තටම එහෙන් මෙහෙන් මිස් වෙච්ච සික්සර්ස් ටිකක් තිබුනා ජීවිතේ. දැනුත් ඉඳලා හිටලා ෆුල්ටොස් දාන අය ඉන්නවා. ඒ වුනාට ෆීල්ඩර්ස්ලා සෙට්කරලා තියෙන විදිහට, බැට් එක උස්සන්න බයයි 😀

      3) මම හිතන්නේ නැහැ රාජ් මට එහෙම වාරණයක් දාගෙන ලියන්න වෙයි කියලා. මොකද මේ ඔක්කොම එයත් දන්න, මාත් දන්න කතා. වාරණ කොහොම වුනත්, ලිස්සා යෑම්නම් එහෙන් මෙහෙන් වෙයි. තමා විසින්ම රැකගත යුතු රහස් කියලා ජාතියකුත් තියෙනවනේ. ගෑනිටත් නොකියන රහස් තියෙනවනේ 😀

  15. raj1st80 says:

    කමෙන්ට් කරන්න බෑ කියල බෑඟිරි ගහන හාදයන්ට,
    කමෙන්ට් බොක්ස් එකේ යට තියන වර්ඩ්ප්‍රෙස් මාක් එක (ෆොක්ස්වැගන් ලෝගෝ එක වගේ එක) ක්ලික් කරල වර්ඩ්ප්‍රෙස්වල රෙජිස්ටර් වෙන්න. වැඩේ ලේසියි.

  16. Manoj says:

    අරූයියා “මතු සම්බන්ධයි”වගේ එකක් අන්තිමට දානවාට වඩා මෙහෙම සින්දුවක් දාන එක නියමයි.
    ඇවිලුනු ගිනිදැල් නිවා දැමු “ආදරණිය උණුසුමක්”

    • මනෝ….මගේ විකාර කියව කියව ඉන්නේ නැතුව, බ්ලොග් එක ලියපන්. උඹ රහට ලියපු එකෙක්. සින්දුවක් අගට දාපුවාම මගේ බයිලා අමතක වෙනවා කියවන අයට 😀

      ඇවිලුනු ගිනිදැල් නිවා දැමු “ආදරණිය උණුසුමක්”නෙමේ මරු හෝස් පයිප්පයක්. තාමත් මගේ ගින්දර නිවනවා : රාජ් නම් කියයි “බත් එකට ලියනවා” කියලා 😀

  17. සෙන්නා says:

    උඹ දෙකෙන්ම ගොඩ ගිහින්නෙ එහෙනම්.. ඒ මැද්දෙන් වෙන වෙන කතා තිබුන එක තමා අවුල.. කොහොමත් ඉතින් උඹ අවුල් ජාලයක්නෙ…

    මගෙ යාලුවෙක් හිටියා ඌ එකම කෙල්ලට දහ අට පාරක් ට්‍රයි කරලා දහ අට පාරක් යාලු වුනා.. ඒ මැද්දෙන් වෙන වෙන කතා ගොඩක් තිබුනා… අද ඒකිවම බැඳලා පොඩ්ඩො දෙන්නෙකුත් ඉන්නවා…

    • මේක දැක්කාම , මට කතාවක් මතක් වුනා සෙන්නා. කතාවෙ කියවෙන්නෙ, ඔය “ට්‍රයි කිරීම” පාරෙ බස් වගේ කියලයි. එකක් මිස් වුනොත්, ඊළඟට එන එකේ නගිනවා. පේන විදිහට අපේ ලොකු පුතාත් සෑහෙන “බස්” තොගයකටම නැගලා තියෙන පාටයි.

      ඔය බස් අතර තියනවාලු, තමන්ව ගෙදර අරන් යන එක විශේෂ බස් එකක්. අනෙක් මොකක් මිස් වුනත්, ඒක නං මිස් කරගන්න එපා කියල තමයි, කතාවෙ කියවෙන්නෙ.

      අපේ ලොකු පුතාට ඒ බස් එක මිස් වෙලා නම් නෑ.

      • සෙන්නා says:

        ලොකු පුත්‍රයත් සෙල්ලම් නෑ එහෙනම්…. 😀

      • බස්සා…… Cupcake Brown එයාගේ A Piece Of Cake කියන පොතේ යාලුවෝ ගැන මෙහෙම කියනවා. ඔලුව පිස්සු හැදෙන පොතක්. ඇත්ත කතාවක්.

        “Friends are like buses,, if you miss one, sooner or later, another will come. The names of the routes change, but the destinations don’t. It will always cost something to ride–nobody rides for free. And, they’ll leave your ass if you don’t get with the schedule.”
        ― Cupcake Brown

      • //The names of the routes change, but the destinations don’t. …..nobody rides for free. And, they’ll leave your ass if you don’t get with the schedule//

        හෙහ්,හෙහ් දැන් මේක කියවලා තාම හිනා.

        අපේ බිල්ඩිමෙත් ඉන්නවා කල්ලො, මම නං වැඩි කැමැත්තක් නෑ, එහෙන් එනකොට, මම කරන්නෙ මෙහෙන් ලුහුටලා යන එකයි. දවසක් එහෙම අහක බලාගෙන ලිස්සලා යනකොට එක කල්ලියෙක් බැන්නා මෙහෙම:

        “ෆකින් පීපල්. ඩොන්ට් සේ ගුඩ් මොනින්,ඊවන් “. තව එකක් ඉන්නවා ,දැක්කාම මතක් වෙන්නෙ පාර තලන ගල්රෝලක්. අපි කියන්නෙ යකා කියලා. අඳින්නෙම පස්සෙ ක්‍රැක් එක පේන්න. මම, ගෙදර අනිත් කාමරේ නැවතිල ඉන්න උගුඩුවට කියන්නෙ” බලපන් යකා කොරිඩෝවෙ හක්මන් කරනවද කියලා? ඒ ලංකාවෙ යක්කු එක්ක සෙල්ලං මුනුත් එක්ක බෑ, මුන් පුක පෙන්නන්නෙ අපිට”

        කප් කේක් බ්‍රවුන් , මගේ “කලු ෆෝබියාව” වෙනස් කල මාර චරිතයක්.

      • ආ, මට හොඳම කෑල්ල මිස් වුනා නෙව? කිව්වෙ මෙහෙමයි:
        “ෆකින් පීපල්, නෝ මැනර්ස් ඇට් ඕල්, ඩොන්ට් සේ ගුඩ් මොනින්,ඊවන් “ කියලයි. ” මැනර්ස්? මයි ඈස්” මට හිතුනා. ඌරොන්ට මොන සෞඛ්‍යද? මහන්සියෙන් වැඩකරලා අපි හොයාගන්න පණං හතරට ආණ්ඩුව තුන් පාරක් ටැක්ස් ගහනවා. අත පය හතර හොඳට තියෙන කල්ලො නිකම්ම ඉඳලා පිං පඩි ගන්නවා. වැරදිද මන්දා? මගේ අකමැත්තට හේතුව ඒකයි.

        ඒත් ඔය අතරෙ උඩුගං බලා පීනන කල්ලොත් ඉන්නවා

      • Rangi says:

        Hats off basso. Nothing more to add.

        මහන්සියෙන් වැඩකරලා අපි හොයාගන්න පණං හතරට ආණ්ඩුව තුන් පාරක් ටැක්ස් ගහනවා. අත පය හතර හොඳට තියෙන කල්ලො නිකම්ම ඉඳලා පිං පඩි ගන්නවා. වැරදිද මන්දා? මගේ අකමැත්තට හේතුව ඒකයි.

        ඒත් ඔය අතරෙ උඩුගං බලා පීනන කල්ලොත් ඉන්නවා

      • බස්සා& රංගි…..
        ඔය කියන කතාවේ ඇත්තකුත් තියෙනවා. ඒත් හැම කල්ලගෙම ජීවිත ඔච්චරම කළුත් නැහැ. උඩුගම් පොරවල් බොහෝයි. ලන්ඩන් ඉන්න කාලේ, මම කල්ලෝ ගොඩක් ආශ්‍රය කරා. ෆිට් වුනාම උන් වගේ බොක්කෙ පොරවල් කොහෙත් නැහැ. කරදරයකදි අත අරින්නෙත් නැහැ. හැබැයි කළු කමට උන් අදිනවා. ඒක උන් මැණිකක් වගේ රකිනවා. ෆිට් නම් ෆිට්. නැත්නම් වලි තමයි. ඉතාම නීතිගරුක, යුක්ති සහගත හොඳ පුරවැසියන් කොටසකුත් ඔය අතරේ ඉන්නවා.

        අල්ලපු ගෙදර ගල් රෝලේ ඔයිල් චෙන්ජ් කරන්නේ කවුද 😀

      • ගංජා මල්ලි වෙන්ටෑ. ඇස් දෙකත් ඩිම් කරගෙන ඒ පැත්තට පාවෙලා යනවා දැකලා තියනවා. හරියටම කියන්න බෑ, බලන්න බයයි, ලොකු පුතේ. රෑකට දැක්කොත් පේන්නෙ දත් ටික විතරයි. මෙහෙ නූලක්වත් මතුරගන්ට කට්ට්ඩියෙක්වත් ඉන්න එකක්යෑ?

    • ඉවර නැහැ සෙන්නා….ඉස්සරහට කියවපන් වෙලා තියෙනවා නම්. මම අවුලක් නෙමේ වියවුලක්. මේ ගෑනි නිසාම තාමත් ජීවත්වෙනවා. මම ඉස්සර වලේ හොඳම එක. හෙමින් ලියන්නම්.

      සොමියට වරෙන් පුතා අගුළු දාලා නැහැ දොරේ..

      පද…හේමසිරි හල්පිට
      මියුසික්..ලාල් තේනබදු
      ගායනය…නිහාල් නම් නෙල්සන්..නෙල්සන් නම් නිහාල්

      • ///පේන විදිහට අපේ ලොකු පුතාත් සෑහෙන “බස්” තොගයකටම නැගලා තියෙන පාටයි.///

        බස්සෝ උඹ මගේ චරිතේ ඝාතනය කරනවා කියල නඩුවක් ෆයිල් කරනවා, හරිය…
        අපි හැදිච්ච ළමයි බොලව්…

  18. ravi says:

    නතරවූ සඳ ඔබ දෙපාමුල නිලඹරේ සැරිසරා අවසන,
    සොඳුර නැඟි ඒ සිහිල සහනය කෙතෙක්දැයි නොදනිමි මසිත තුල,

    *********************************

    මේ ගඟ මේ දුරු කතර ගෙවා
    ඇයි මෙතනින් සයුරේ වැටුනේ
    මේ හැටි දුර පියමං කරලා
    ඇයි මම ඔබ ලඟ නතර වුනේ . . .

    මේ විල මේ නිල් දියෙන් පිරී
    ඇයි මේ මල විල මත පිපිනේ
    මා හද විල පතුලෙන් මතු වී
    ඇයි ඔබ ආදර මල පිපුනේ
    ඇයි ඔබ ආදර මල පිපුනේ . . .

    මේ ගඟ මේ දුරු කතර ගෙවා
    ඇයි මෙතනින් සයුරේ වැටුනේ
    මේ හැටි දුර පියමං කරලා
    ඇයි මම ඔබ ලඟ නතර වුනේ . . .

    .- නිරංජලා සරෝජිනී

    • මේ ගඟ මේ දුරු කතර ගෙවා…

      ගායනය : නිරංජලා සරෝජිනී පීරිස්
      පද රචනය : ලූෂන් බුලත්සිංහල
      සංගීතය : එච්. එම්. ජයවර්ධන

      රවී..මහා දයාන්විත ගීතයක් නේ. මම අහන්න කැමති ගීතයක්. නිරංජලා ගී නොගැයීම ගැන රසිකයෙක් හැටියට ලොකු කනගාටුවක් තියෙනවා. අබේ- නිරංජලා එක යුගයක් මචං. මේවා මතක් කරනවට සතුටුයි සහ ස්තූතියි. අබේවර්ධන බාලසූරිය ගැයූ “ඇතෙකුට ඇත් දළ යුවලක් වාගේ..මට ඔබගේ ප්‍රේමේ” ගීතය මගේ ලිස්ට් එකේ උඩ තියෙන එකක්.දෙකම මෙතනට එකතු කරනවා.
      ගී පද – ප්‍රේමකීර්ති ද අල්විස්
      සංගීතය – රෝහණ වීරසිංහ

  19. Sa rasa says:

    // D.G.M බස්සා says:
    January 13, 2017 at 2:10 pm

    සයිමන් නෝනට කිව්වලු” වෙන කොච්චර බිසව් හිටියත්, උඹ තමයි මගේ අග බිසව ” කියලා.//

    ඉස්සර යමක් කමක් තියෙන චීනුන් ට බිරිඳ කියලා වචනයක් තිවිලානැහැ නෙ හිටන්…. තිවිලා තියෙන්නේ ප්‍රදාන බිරිඳ Tai tai (太太) කියලා නේ! වින්ක් වින්ක්!

    හෆොයි… සරස තුමා ඉපදුනෙත් කොලොන්නාවෙ නේ හිටන්!

    • බන්‍ධුල කුදලාගම says:

      අරුණ පෙරේරාණෙනි,

      සරසතුමාගේ වියුණුවේ යම් ගැටලුවක් පැන නැඟී ඇති සෙයකි. විමසා බලනු මැනවි.

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      • Sa rasa says:

        අතිගරු කලානිධි බන්‍ධුල කුදලාගම මැතිඳුනි….

        මා දැන් මගේ වියුනුව පරීක්ශා කලා…. එහි වෙනසක් මට නොතෙරේ…..

      • බන්ධුල…එහෙම අප්සට් එකක් නැහැනේ. පොඩි ටෙස්ට් කමෙන්ට් එකක් දාලා බලන්න.

    • ටායි ටායි මරු කේස් එකක්නේ. අද තමයි ඒ ගැන කියෙව්වේ. රසවත්.

      කොළොන්නාව මරු ගමක් ඒ කාලේ. හොඳ මිනිසුන් බිහිවෙච්ච තැනක්. වීරසිංහ මල්ලිමාරච්චිලාගෙන් පස්සේ වැඩේ අවුල් වුනා. ඔය ගම ගැන ඉස්සරහට විස්තරයක් ලියන්න ඕන. දැන්නම් යාළුවෝ විතරයි ඉන්නේ.

  20. Anonymous says:

    හරීම ගැඹුරුයි බං!

  21. Anonymous says:

    හරීම ගැඹුරුයි බං!
    දයල් බතී

  22. එක හුස්මට කියවන්න පුළුවන් අරූ.. ලස්සනට ගලාගෙන යනවා කතාව. ඔහොම පුහුණු කරන්න බාර දුන්න කෙනාව මමත් ගෙදරටම අරන් ආවා. හෙහ් හෙහ්.. මේ තියෙන්නේ ඒ විස්තරේ http://biththiya.blogspot.my/2014/05/blog-post.html

    හැමදාම කොටසක් ලියන්න.

    • මම ඒ පෝස්ට් එක කියෙව්වා පැතුම්. ආදරණීය කතාවක්, ඉතාම කෙටියෙන් ලියලා. නියමයි.
      /////හැමදාම කොටසක් ලියන්න./////
      එහෙම ලිව්වොත් නම් මැරෙන්න ඉස්සෙල්ලා ලියලා ඉවර කරන්න පුලුවන් 😀 ඒත් මම හරිම කම්මැලියි බං මේ ලියන වැඩේට.

  23. helapaya says:

    ඉතිං මම මොනාද ලියන්නෙ බං. චෙෆාකියා නං ලඟදි මේ පැත්තෙ එනවා. උඹ එන්නෙ කවදද?
    හැලපයා.

    • මචං හැලපෙ…මගෙත් බලාපොරොත්තුවක් තියෙනවා. ඒත් අරූ හම්බවුනොත් හඟවන්න එපා.

  24. Ajith Dharma says:

    මම කොමෙන්ට් දාන්න එන්නේ නැහැ කියල හිතන් හිටියත් ෂෙරු ගැන ලියන කොට නෑවිත් බැහැ හ කියල හිතුන. අපි දෙන්නගේ ස්ටැන්ස්ටෙඩ් කෝච්චිය මිස් වෙන්න ඇති. නමුත් උඹ *** ගැන ලියල තියෙන හැම දේටම මම එකඟයි. උඹ හැමදාම ඉටිපන්දමක් පත්තු කරලා හොඳ සුවඳ හඳුන් කුරක් ගහල පින් දීපන් කාට හරි උඹට *** ව මුණ ගැස්සෙව්වට. උඹවගේ පිස්සු හු*****ව ජිවත් කරල තියා ගන්නේ *** නිසා. මතක් කලා කියපන්. ආදරයෙන්.

    • Ajith Dharma says:

      පිස්සු h කතාවට අමනාප වෙන්න එපා. spur of the moment.

      • ***? හපෝයි ලොකුපුතා අමාරුවෙන් හොයාගත්ත නමට වෙච්ච සැන්තෑසියක්. කෙලිය නේද පාත්තරේටම? ඉතිං මොකේදැයි දං වළඳන්නෙ? 🙂

      • බස්සෝ…අකුරු වෙනුවට තරු දැම්මා. සොරි හොඳා…

    • අජිත් ධර්මා…..මම මේ කමෙන්ට් එකේ අකුරු තුනක් වෙනුවට තරු තුනක් දැම්මා. ඒ එඩිට් එකට සමාවෙන්න. මං ගැන දන්න අය නම් ඔය විදිහටම තමයි කියන්නේ.

  25. Jaliya says:

    අරූ , ඔහොම යං .

    හැබැයි ලොක්කා වැඩේ දැන් නම් බර සාරයි .. දැන් නිකම් අරූ ත් නෙමෙයි උඹත් පෙරේරාණෝ වෙලා .

    https://publicsphere2017.wordpress.com/2017/01/09/%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%B8%E0%B6%BA-%E0%B6%85%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B7%83%E0%B7%92-%E0%B7%84%E0%B7%90%E0%B6%9F%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A/

    හා හා හා . ..
    මම උඹව අඳුනාගෙන ඉන්න විදියටනම් , අර උඹ උඩින් කියූ විදියටම , මෙයත් තමන් දිහා බලාගෙන හිනා වීමටම නිමිත්තක් වේවි

    • “හිතූමතේ ජීවිතේ” – ඉස්සර බ්ලොග් ලියපු පක්සියෙක්ගෙන් “පෙරේරාණෝ උපහාර”

      • “හිතූමතේ ජීවිතේ” – ඉස්සර බ්ලොග් ලියපු පක්සියෙක්ගෙන් “පෙරේරාණෝ උපහාර”

      • /////And I don’t want the world to see me
        ‘Cause I don’t think that they’d understand
        When everything’s meant to be broken
        I just want you to know who I am////////

        මේ පක්ෂියා මොකාද… මම අවුල්ද…

      • //මේ පක්ෂියා මොකාද… මම අවුල්ද…//
        කිසිම අවුලක් නෑ. පක්සියා අර පරණ බස්සාම තමා.

        ඩබල් කමෙන්ට් කරන්න වුනා , උඩ විඩියෝ ලින්ක් එක වැඩ කලේ නැති නිසා. උඩ එක ඩිලීට් කලා නම් තමා හොඳ

      • //// And I’d give up forever to touch you
        ‘Cause I know that you feel me somehow
        You’re the closest to heaven that I’ll ever be
        And I don’t wanna go home right now ////

        This is one of my favorite songs, I will stop and listen to this anytime anywhere I hear it. The lyrics and the music never gets old.

    • ජාලිය නොහොත් ජේපී…… යකෝ මට ගිය කලක්. මටම පුදුමයි සහ මටම හිනා තමයි 😀

      ඒ බ්ලොග් එකට මම කැමතියි. ඒ මගේ ගැන තියෙන නිසා නෙමේ. ඒකෙන් මම නොදන්න සිංහල සහ නොදන්න දේවල් ඉගෙනගන්නවා.

      • Jaliya says:

        පොඩි විහිළුවක් කළේ . මමත් කැමතියි ඒ බස් හරඹවලට . ඇත්තටම බස් සර්කස්

      • බස් සර්කස් 😀 ජේපී විහිළුවට බර බුවෙක් කියලා මට තේරෙනවා.

  26. ambalangodakatha says:

    මේ මුළු විශ්වයම අනිත්‍ය කියන සංඥාවට යටයි අරුණ මහත්මයා.. ඒ අනිත්‍ය දේවල් වලට තදින් බැඳීම තුලින් ඇතිවෙන්නේ දුකම විතරයි. මේ සංසාර ගමන ඇතුලේ අපි ලක්ෂ කෝටියක් බිරින්දෑවරු, දෙමාපියන්, දරුවන් ,ඥාතීන් දාල ඇවිල්ලයි මේ ඉපදිලා ඉන්නේ. ඒ දාල ආපු විදිහටම මේ අයත් අපිට දාල යන්න වෙනවා.. එහෙම නැත්තම් එයාල අපිව දාල යනව. මම හිතන්නේ ඒ සත්‍යයය තේරුම් අරගන්නේ නැතුව බැඳීම් වලට තදින් ඇලීම දුක තව තවත් ලංකරගැනීමක් විතරයි නේද..

    • මචං අම්බ කතා….ඕක තේරුම් යන්නේ මුහුකුරා යාම සහ වගකීම අහවර වෙන කාලෙට තමයි. තරුනයන් තරුනයන් ලෙසටත් වැඩිහිටියන් වැඩිහිටියන් ලෙසටත් වගකීම් සහ ජීවිතය තේරුම් ගත්තාම හරි. අපි එකිනෙකාට වෙනස්, තමන්ගේම සිතුවිලි සහ ජීවන රටාවල් වලනේ ජීවත් වෙන්නේ. ඒ සියල්ලන්ටම ගරු කරමින් ගමෙනේ යන්න තියෙන්නේ. ඔච්චර තමයි මම තේරුම් අරන් තියෙන්නේ. ජීවිතය වින්දනයක් කරගමු.

  27. //එදා මම ආදරයෙන් අල්ලා ගත් ඇයගේ දෑත්වලින්, ඇය එදටත් වඩා දැඩිව සහ ශක්තිමත්ව මගේ දෑත් අල්ලාගෙන සිටිමින් මට රැකවරණය දෙන්නේය. නමුත් අප දිනෙක මේ අල්ලාගෙන සිටිනා දෑත් වලින් මිදී යා යුතුවේ. ජීවිතයේ මැදිවිය පසුකරන කාලයේදී, මේ ලෝක සත්‍යය වඩ වඩාත් නිවැරදිව පසක් කල ගතයුතු බව කවුරුත් දනී. ඒ වෙන්ව යාමේ ගමනේ, පළමුවන්නා මා විය යුතු යැයි මම නිතර සිතන්නෙමි.//

    යථාර්තය…එහෙත් අපි කවුරුත් පිළිගන්න, හිතන්න අකමැති කාරනාවක්…වෙනද වගේම ආගිය තොරතුරු රහයි…

    මා ලියු මේ නිර්මාණය මතක් වුනා…

    මරණ මංචකයේදී බිරිඳක කි කවිය….

    හිත බැඳුන බැමි ලිහිල් නොකරම
    යන දවස ඉක්මනින් ආ හැටි
    ලියන්නට කියලා හිතා උන්
    කතා කිසිවක් තව ඉවර නැති…

    මෙතැන් සිට එය ලියා ගන්නට
    සොඳුර දිරි ඇති නුඹ සිතට හැකි
    ඉඳහිටක පටලැවුන තැන්වල
    කොතෙක් නුඹ හැදුවාද ඉස්පිලි…

    මේ ටිකත් මං මෙහෙම ඉන්නම්
    බදා ඉස්සර වගේ නුඹ ළය
    එදා රහසින් ඇසුන ස්වරයම
    උස් හඬින් අද ඇසෙනවා මට…

    එදා වාගේ නොවේ හිමිසඳ
    මෙදා ඇත දෑතෙහිම කරගැට
    පිරිමදින්නට මිස ලඟින් හිඳ
    දමා යන්නට හිතට ලෝබය…

    තව දොඩන්නට හුඟක් දේ ඇති
    කිව්වාට වැඩි සෙනේ හිත ඇති
    ඉඳ හිටක රොස් පරොස් බස් ඇති
    රෑක නුඹගේ හිත රිදෙන්නැති…

    එදා වාගෙම නුඹේ කඳුලක්
    අදත් මං ඇස දකිනු රිසි නැති
    මක් කරන්නද සොඳුර මේ අපි
    පතාගෙන ආ හැටිය වෙන්නැති…

    මිදුණි කිරි කළ හතම ලැම අග
    හිතට කහටක් නොම දැනීයන්
    නුඹම මිස මට වෙන හීන නැති
    සිව්වරම් දෙවි පිහිට වීයන්…

    නින්ද නේනා රෑක තරුවක්
    ලඟදි නුඹ මා මුණ ගැහීයන්
    බදා ගන්නට හැමට ඉස්සර
    මතු සසරෙදිත් මගෙම වීයන්…

    http://pokuruwahi.blogspot.com/2016/05/blog-post_33.html

    • /////////නුඹම මිස මට වෙන හීන නැති
      සිව්වරම් දෙවි පිහිට වීයන්…////////

      අපූරු කවි පන්තියක්!!!!! හිතට මහා සාංකාවක් දැනුනා. කවුරු හෝ පළමුව වෙන්ව යායුතුවේ කියන පරම සත්‍යය සිහිකර ගත්තාම දෙන්නාගෙන් කවුරු ඉක්මන් වුනත් දුක දුකමයි කියන දේ අපි දෙන්නා වටහාගෙන ඉන්නවා. හොඳ කවි පෙළක් පොකුරු.

      ReplyDelete
      Replies

      පොකුරු වැහිMay 18, 2016 at 4:16 PM
      බොහොම ස්තුතියි අරුණ. ඇත්තෙන්ම එක්කෙනක් අනිකාට පෙර නික්ම යාම අපි කාටවත් වලක්වන්න බැහැ. ඒ වේදනාව හිතට තේරුම් කරලා දෙන්නම වෙනවා.///////////

      මේ තියෙන්නේ මම ඒ පෝස්ට් එකට දාපු කමෙන්ට් එකක් සහ පොකුරුගේ උත්තරය. අපි මොන රෙද්දවල් කතා කරත්, ලිව්වත් ඇත්ත ඕකනේ පොකුරු. ඔය ගොල්ලෝ ඕවා දැන්ම හිතන්න එපා…පොඩි වැඩියි. දුර ගමනක් යන්න තියෙනවානේ. විනෝදෙන් ජීවත් වෙන්න.

  28. Pra Jay says:

    //ෂෙරුණි//
    +++++++++++++++++++

  29. ටික්කා says:

    අම්මටහුඩු.. 1994 ලව් ස්ටෝරි. ඔබ දෙපලටම හදවතින්ම දිර්ගායුෂ සතුට සහ සැපත ප්‍රර්ථනා කරනව. 🙏🙏🙏..

    යකෝ මේක මාර ඉන්ටරෙස්ටින් බ්ලොගක් නේ හිටන්..

    🙊🙉🙈

  30. පිස්සු බම්ප් වෙනව කියන්නේ මේවට, අලුත් එක්කෙනා අරගෙන පරණ එක්කෙනා හම්බ වෙන්න යන සිරිතක් තියනවද ?

    අරුණ අයිය දෙකක් දාලද හිටියද මන්ද එදා 😀

    වැඩේ ගැස්සුණා නම් ඉවරයි ඔක්කොම,මේ සම්බන්ධ දේවල් වලදි අපි තියා දෙවි කෙනෙක් හිටියත් කොහොම හැසිරෙයිද කියන එක කාටවත් ප්‍රෙඩික්ට් කරන්න බැහැ කියලයි මට හිතෙන්නෙ 🙂

    නමුත් හැම දේම හොඳ අතර හැරිච්චි එක ගැන මට සතුටුයි !

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s