මේ සියලු විනාශකාරී සිදුවීම් සියල්ලෙන් පසු මම අරලිය ගහ මන්දිරය ඉදිරිපිට බස් නැවතුමෙන් බැස හෝටලයට ගොඩවුණෙමි. කිසිම හා හූවක් නැත. කාර්ඩ් එක පන්ච් කර ලොකර් රූම් එකට ගොස් ශුද්ධ පවිත්‍රවී , යුනිෆෝම් රාජයාගෙන්ද සැරසී, මැනේජර් මහතාට වාර්තා කෙරුවෙමි. ඒ කාලයේ, ඔබරෝයි හෝටලයේ අවන්හල් සේවකයින් වැඩ මුරයක් ආරම්භ කිරීමට පෙර, එම අවන්හලේ මැනේජර් ලොක්කා විසින් පවත්වන අනිවාර්‍ය හමුවීමක් තිබේ. මෙය briefing යනුවෙන් හඳුන්වනු ලැබීය. විනාඩි පහළොවක් හෝ වැඩි කාලයක් ගතවේ. හමුදා පෙරෙට්ටුවක් හා සමාන වේ. යුනිෆෝමය, නේම් බැජ් එකේ දිස්නය, සපත්තු, මේස්, පෑන , ලයිටරය, රැවුල, කොණ්ඩය යන අංග පමණක් නොවේ, දැනුමද පරීක්ෂා වේ. ඒ දිනයේ හෝටලයේ ඉන්නා රෙසිඩන්ට්ස්ලා ගණන, අද දවසේ අපේ ටාර්ගට් එක, මේ වෙනතුරු accumulation , අද දවසේ මෙනු පතේ non -availability මොනවාද යන්න, soup of the day, wine of the day එක මොකක්ද, රෙගියුලර් කස්ටමර්ස්ලාගේ අවශ්‍යතාවන් මොනවාද, නයිට් ක්ලබ් එකේ අද ගහන බැන්ඩ් එක මොකක්ද, ඔවුන් මොන රටේ අයද, ගහන්නේ මොන වර්ගයේ මියුසික්ද, මහා ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙළකි. අපේ අවන්හලේ පමනක් තිබු 150කට වඩා කෑම වර්ග, ඒවා සාදන පිලිවෙල පිලිබඳ අවම පැහැදිලි කිරීමක් තමන් සතුව තිබිය යුතුවේ. වයින් ලිස්ට් එකේ වර්ග තිහකින්, රට, පලාත, මිදි වර්ගය පිලිබඳ අතරින් පතර විමසනු ලැබේ. අදටත් මේවා සිදුවෙනවා නම් නොඳය. එදා අප සමග සිටි වේටර්ලා, අද ජීවිතයට යම් අරුතක් සපයාගෙන ඇත්තේ මේ ඉගැන්වීම් නිසා බව ආඩම්බරයෙන් කියමි.ඉන් කාලයකට පසුව වුනත් රජ සහ රජ කුමරුන්ටත් මගේ සේවය ලැබුනේ මේ ආභාශය නිසාය. එදා ඔබරෝයි හෝටලය, මට නම් ශාන්ති නිකේතනයකි. ගුරුවරුන් සහ මගේ සගයින්ට බොක්කෙන්ම තැන්ක්ස්ය!! මම අදටත් මේ ඉගැනුමෙන් පල ලබන්නෙමි. යමක් කරන්නට, පෙර සුදානමක් තිබිය යුතුය. වේටරයා යනු අපේ කාලයේ නිකම්ම, නිකම් වේටර්යකු නොවීම පිළිබඳ අදත් මම සතුටුවෙමි. තල වපුරන්නේ, තල නෙලීමට මිස වල් නෙලීමට නොවන බව මම ඔබරෝයි හෝටලයෙන් ඉගෙන ගත්තෙමි.
සඳුදා වෙන තෙක් අප නිවසින් පිටව සිටිනා නිසා, මේ ලියා තැබුයේ කැත ජූලියේ ඉතිරි භාගයට ප්‍රවිශ්ටයක් පමණි. මට සමාවෙන්න.මම අද සිට ඉරිදා වෙන තෙක් ඩෝප් වීමට නියමිත බැව් මිතුරෙක් පැවසීය. ඉතිරිය සඳුදාට හෝ ඉන් පසුවට ඉතිරි කරමි. මේ අවුල් කථාවේ හැට තුන නොව, හැට දෙකට අන්දපු පොඩි ජොකෙක් පමණය.
//මම අද සිට ඉරිදා වෙන තෙක් ඩෝප් වීමට නියමිත බැව් මිතුරෙක් පැවසීය.// 😀
ඉබ්බා දියේ දාන්නද කියලා ඇහැව්වලු ………… මෙරි ක්‍රිස්මස් අරු.!!!
ක්‍රිස්මස් තාම ඉවර නැහැනේ. ඔය පොඩි පොඩි සෙට්වීම් වෙනවා. වතුර කොහෙද ඉබ්බෝ එතන.
එදා ඔබරෝයි හෝටලය, මට නම් ශාන්ති නිකේතනයකි ///// +++++++++++ ඉන්න ස්ථානය කුමක් වූවත් දැණුම ආකරයකි
ඒක තමයි රුවන්. කරන රැකියාව, ස්ථානය මොක වුනත් අපිට ජීවිතේට යම් යම් දේ එකතුකරගන්න පුලුවන්.
හූම්, පඳුරු තැලිලිලක්. සමානය කතාව නූනත් , මේකත් නරකම නෑ. මැනේජරයා ලයිටර් එක බලන්නෙ මොකටෑ?
හා, බොමු බොමු. මට බ්ලැක්බෙරි වයින් නම් හොයා ගන්න බැරි වුනා.
බසු මං හිතන්නෙ ඒ කාලෙ නාටා ඇක්ට් එක තිබ්බෙ නෑනෙ. ඉතිං කා ගාව හරි විටමින් කූරු තිබිල ඒක පත්තු කරගන්න විදියක් නැතිව ගියොත් හරි නෑනෙ ඒ හිංද වෙන්න ඇති… හෙහේ
මහේෂ්….දැකීමත් සතුටක්!!!!! විටමින් කූරට ඒ කාලේ කිසිම තහංචියක් තිබුනේ නැහැනේ. ගෙස්ට් කෙනෙක් කූරක් අතට ගත්තාම ගින්දර තැබීම අපේ වැඩක් ලෙස තමයි, පොතෙ ලියලා තිබුනේ. අපිත් කරා. කස්ටමර්ගේ සැටිස්ෆැක්ශන් එක තමයි මූලික වුනේ.
https://www.shutterstock.com/image-photo/sexy-woman-lighting-cigarette-her-girlfriend-26297914?src=ZgfcQsIhS6GLMy9Sax3U8A-1-45
බස්සෝ…ලස්සන සින්දුව!!!
ඉස්සර ඔය පොඩි සර්විස් ට්‍රික් එකක් තමයි, ගෙස්ට් කෙනෙක් සිගරට් එකක් අතට ගත්තාම, සේවකයෙක් ඒක දැල්වීම. ඒක හරි ආතල් වැඩක්. ගෙස්ට පොඩි ගැම්මක් එනවා. ඒක හොඳ සර්විස් එකක් කියලා තමයි ඒ කාලේ කිව්වේ. පොඩ්ඩක් ස්ටයිලිශ් විදිහට තමයි කොල්ලෝ ඕවා කරේ. සුද්දියෝ එහෙම හොල්මන් වෙනවා. ෆයිව් ස්ටාර් බස්සෝ ෆයිව් ස්ටාර්…….
මදැයි ඇට තුන බලන්න ආවා…
බැලුවද 😀
මෙකත් නොදා ඉන්ඩමනේ තිබුනෙ
චි..චි..ඒම කීන්න එපා ලොක්කා….අපි මේමවත් ගේම දෙනානේ බොසා….
ඔබරෝයි කියන්නේ දැන් “සිනමන් ග්‍රෑන්ඩ්” එකද ?
ඔව් සෙන්නා….මේ ඉස්සර අසූව යුගයේ.
https://www.delcampe.net/en_GB/collectables/postcards/sri-lanka-ceylon/cpm-sri-lanka-colombo-steuart-place-hotel-lanka-oberoi-336853222.html
හොදයි හොදයි ඉතිරියත් එනතුරු සිටිමි
ඉක්මනට ලියන්නම්.
ඩෝප් වෙලා එන්නකෝ එහෙනම්….:)
දැන් ඩෝප් බැහැලා මනෝ.
නොසෑහෙන කාලෙකින් මාත් ආව ඕං අරූ අයියව බලල කරල යන්ඩ. සෑහෙන කාලෙකිං ඉතිං අපෙ මූණත් තහඩ්ඩ බ්ලොග් පැත්තෙ ඔබාගන්නතත් බැරි වුණා නෙව හිටං
මගෑරිච්ච ඒව ඔක්කම කියවං ආවෙ.. හොදම හරිය මිස් වෙලා නෙව හිටං
මං කිව්වෙ අර සමනල සීරිස් එකගැන හෙහේ…
අපිත් ඉන්නෙ ඩෝප් වෙන්ඩ බලං ඕං
සමනල සීරිස් එක හෙමින් හෙමින් ලියවෙනවා. කෝ ඒ අස්සේ රටේ අප්සෙට්, මගේ අප්සෙට්, ඒවා ඔක්කොම ලියාගෙන එන්න එපැයි. පුංචි කෝච්චිය වගේ.
මහේෂ් ලියන්න පටන් ගත්ත බව දැක්කා. දිගටම ලියන්න.
ඔය උඹලත් එක්ක හිටපු අපේ එකෙක් ගැනත් ගැන මම උඹෙන් ඇහුව මතකද? හැන්ගෝවර් එකට පස්සෙ මතක් කරලා බලාපංකො.
මතකයි….මගේ වයිෆ්ගේ බැච් එකේ මගේ හිතේ. ඩුබායි හරි කොහේ හරි ගියා ඒ කාලේ.
අරූ අයියා.. හුඟ කාලෙකින් ආයෙත් බ්ලොග් වලට ආවේ. දැන්නම් මතකත් නැතුව ඇති..
හුඟක් තියෙනවනේ කියවන්ට.. එළ එළ..
ඔන්න සින්ඩියටත් දා ගත්තා..
අලුතෙන් සින්ඩියක් හැදුවා. දන්න කියන බ්ලොග් තියේනම් කියන්න..
දිගටම එන්නම්.. ජය!
චින්තකගේ සින්ඩියට ජයවේවා!!! එකතුකරාට ස්තූතියි!! දිගටම ලියන්න.
heh
😀
ඔන්න මමත් ගොඩ වැදුනා මෙහෙට. බුදු අම්මෝ කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර කරන්නද මන්දා
අයියෝ ඇයි මාව ඇනෝ විදියට වැටෙන්නේ ( සොඳුරු සඳවතී )
දරුවා සඳ……මේවා බ්ලොගර් වගේ කසිකබල් නෙමේ…වර්ඩ්ප්‍රෙස්…වර්ඩ්ප්‍රෙස්. ඒකනේ කමෙන්ට් කරන්න අමාරු. දන්න කෙනෙක්ගෙන් අහන්න. හෙමින් හෙමින් කියවන්න. මම තාම ඉන්නේ 80 මුල්කාලේ. ඉපදිලාවත් නැතුව ඇති නේද…
මේ තියෙන්නේ ඇති තරම් කියවන්න 🙂
මේ මොකෝ අපිව ඇනෝ වෙලා පෙන්නේ – මං එරන්දී
දරුව එරන්දි…..මේ මාගල කියවලා ඉවර කරන්නත් බැහැ. ලියලා ඉවර කරන්නත් බැරි කොටි වලිගයක්. හෙමින් කියවන්න. මාත් හෙමින් ලියන්නම්. වර්ඩ්ප්‍රෙස් කමෙන්ට් කිරීම ටිකක් වෙනස්ලු.
ඕං ඉතින් බාගෙට ලියන එනකොට කවුරු හරි එකෙක් බොන ඇදගෙන ගොහින් වගේ 😀