ගිනිගත් හදවතින් යුතුව ගිනිතැබු නගරයට ගොඩවුණේ දවස් ගණනාවකට පසුය. කයද මනසද බොහෝ සේවිඩාවට පත්වී ඇත. මගේ නවාතැන් පොළවූ තාරුකාගේ නිවසට ගොඩවැදුනෙමි. ෂෙරුණිකාද කොළොන්නාවේ තමනිවෙස බලා ගියාය. කිසිවක් සිදු නොවූ ලෙස මහා පාළුවක්ද තනිකමක්ද දැනේ. එදා රාත්‍රියේ තවත් අපූරු සිදුවීමක්විය.
එකවරම නිවස ඉදිරිපිට පොලිස් ජීප් රථයක් නැවත්විය. මමත්, මගේ සගයාවූ ඥාති සහෝදරයාත්, තාරුකාගේ වැඩිමහල් නැගණියත් මිදුලේ සුහද කතාබහක යෙදී සිටියෙමු. රාළහාමි ගේට්ටුවත් ඇරගෙන මිදුලට විත් මගේ සගයාගේ නමින්ම අමතා අතින් අල්ලාගෙන ජීප් රියට ගොඩවෙන්න යැයි සැරෙන් අණ කළේය. මම ජීප් රථය අසලට පැමිණි විගස, එහි වාඩිවී සිටි කාන්තා රුව හඳුනාගත්තෙමි. වැඩේ කිරිමේල් බව සහශුද්ධයෙන් පැහැදිලිය. වරදකරු මගේ සගයා බව මම හොඳින්ම දනිමි. දැන් සියල්ල තීරණය වන්නේ නීතිය ඉදිරියේ යන්න පැහැදිලිය. මවක් තම දරුවාගේ පියා සොයමින් ආ ගමනක අවසානය දැන් රඟ දැක්වේ. මිතුරාද පටවා ගත් ජීප් රථය පිටත්විය.
තාරුකාගේ නැගණිය හඩන්නට පටන්ගති. මට නොදැනුවත්වම ඔවුන් දෙදෙනා අතර ප්‍රේම සබඳතාවයක් ගොඩනැගී ඇති බව කථාවෙන් දැනේ. එය නවතා දමන ලෙසත්, සිදුවී ඇති තත්වය පැහැදිලිකර දීමෙන් පසු, එම ගෙදරසිටි පේමසිරි නම්වූ පුද්ගලයාත් සමග මම කොහුවල පොලිසිය බලා පිටත්වුණෙමි. බනිස්, ප්ලේන්ටි සංග්‍රහයෙන්පසු අපි නීතිඥ මහතෙක් සොයමින් රාත්‍රියේ සැරිසැරුවෙමු. අවසානයේ මට අමරේ අයියා සිහිපත් විය. පහුවදා ඔහුගේ පිහිටින් හඳුනන නීතිඥයෙක් මාර්ගයෙන් පොලිස් අත් අඩංගුවෙන් මුදා ගන්නට ලැබීය. මෙම නීති ක්‍රියාමාර්ගයේ ඉදිරියට වූ දේ පිළිබඳ කිසිවක් මගේ මතකයට එන්නේ නැත. ඔහු විදෙස් රටක සැපවත්, ධනවත්ජීවිතයක් ගතකරනා බව මම දනිමි. අර උපන් දරුවාට දැන් මුහුකුරා ගිය මිනිසෙකු විය යුතුය. ඔහු තම පියා කවුද, කොහෙද යන්න දන්නවාද කියා මම නොදනිමි. ඒ කාලයේදි ඒ දරුවාගේ මව මා හමුවීමට නොයෙක් උත්සාහ ගත්බව මම දනිමි. මගහැර සිටිනවා හැරෙන්නට මට කල හැකි අන් කිසිවක් නොවීය. එය වරදකාරී ප්‍රතිචාරයක් බවමම දනිමි. නමුත් එය එසේ සිදුවිය. අප ඊට පසුකාලයේත් මිතුරුදම් පැවත්වුවත්, ඒ චෝදනාව මම ඔහුට වරින් වරමතක් කරදී ඇත්තෙමි.
මගේ මිතුරා එදිනට පසු තාරුකාගේ ගෙදරට පැමිණියේම නැත. නමුත් නැගණිය හා තිබු සම්බන්ධය නම් තව සුලුකාලයකට ගලාගිය බව මම දනිමි. තාරුකාගේ අයියා ඉහළින්ම ගෝරනාඩුවක් පැවත්විය. මෙය කෝලම් මඩුවක්නොකරගත යුතු බවත්, අවශ්‍යනම් මට රැඳීසිටිය හැකිබවත් ඔහුට දොර වසාදමන බවත් දැන්වීය. මම, තාරුකාඇතුළු ගෙදර අන් අයගේ බලවත් අකැමැත්ත මත වුවද නවාතැන මාරු කිරීමට තීරණය කෙරුවෙමි. මේ කාලයවනවිට මම ෂෙරුනිකා සමගින් පෙමින් වෙලී සිටි නිසා තාරුකාගෙ ඇසුරෙන් මිදීමට මෙයද අවස්ථාවක් කරගත්තෙමි. තාරුකාගේ අයියාත් මමත් කාලයක් යනතුරුත් මිතුරන්සේ ඇසුරු කෙරුවෙමු. මින් වසර ගණනාවකට පෙර ඔහු ජීවිතයෙන් සමුගත්තේය.
ෂෙරුනිකාගෙත් මගේත් ප්‍රේම කතාව සෙමින් සෙමින් ඉදිරියට ගලා ගෙන ගිය වෘතාන්තයකි. අප දෙදෙනා තුළ ප්‍රේමයටත් වඩා එහාගිය මහා සොඳුරු බැඳීමක් විය. අපි අප දෙදෙනාගේම නිදහසට ඉහළින් ගරු කෙරුවෙමු. අපදෙදෙනාත් අන් සියලු පෙම්වතුන්සේම එහි මනා රසයන් අත්වින්දෙමු. අපිට අපේම ලෝකයක් විය. රාත්‍රී සාදයන්ද, හෝටලයේ විනෝද චාරිකාවන්ටද අප දෙදෙනා නිරතුරුවම සහභාගි විය. දින දෙක තුනක් පිටත නවාතැන් ගන්නා, ආයතනයේ වාර්ෂික විනෝද චාරිකාවන්ට, අප දෙදෙනාව එකම කංඩායමකට ඇතුළත් කිරීමට අපේ ලොක්කෝත් උදව් කළෝය. මේ ගමන් බිමන්ද ඉතාමත් රසවත් සිදුවීම් වලින් පිරී තිබුණි. තරුණ, තරුණියන්ට මේ තරම් ආස්වාදයක් වෙන කොහේ ඇතිද කියා සිතන්නෙමි. මේ අත්දැකීම් හරහා අපි බොහෝ දේ දැක ගත්තෙමු. ඉතා හොඳ කංඩායමක් සේ එක් වුණෙමු.
දැන් මගේ අලුත්ම නවාතැන බම්බලපිටියේ ජෝශප් ලේන් එකේ තනි කාමරයක්ය. මමත් මගේ හෝටල් සගයෙක්වූ මනිලාලුත් මෙහි නිත්‍ය සාමාජිකයන්ය. ඕන කෙනෙකුගේ අවශ්‍යතාවයකට කාමරයේ යතුර ඉල්ලාගැනීම අනිකුත් මිතුරන්ගේ පුරුද්ද විය. ඒ කිසිවෙකුටත් ගණිකාවන් කාමරයට ගෙන්වීමට ඉඩ දුන්නේ නැත. අපද ගණිකාවන් ඇසුරුකර නැත්තේ නොවේ. නමුත් අපි අන් අයට මේ කාමරයේ ඒ අයිතිය ලබා දුන්නේ නැත. තම පෙම්වතිය සමග යන්නට තැනක් නොමැතිනම්, ඒ සුවය වෙනුවෙන් අපි අපේ නිදහස අහිමි කරගෙන, පැය ගණන් අවන්හල් තුළ කාලය ගෙවා දමා ඇත්තෙමු. ඕනෑම ආදර කථාවක ඔය වැඩෙත් සිදුනොවී නැත්නම් පුදුමයකි.
බම්බලපිටියට පැමිණීමත් සමගම මගේ ජීවිතය බොහෝ සිදුවීම්, හැල හැප්පීම් රාශියකට මුහුණ දුන් යුගයක ආරම්භය විය. ෂෙරුනිකා උදය වරුවේ වැඩ මුරයටත් මම දවල් වරුවේ වැඩ මුරයටත් වෙන්කර දමා තිබුණේ ඔය සමයේය. මගේ රාජකාරී අවසන් වන්නේ රාත්‍රි දහයටය. ඇය හමුවූවත් වැඩි කතාබහට වෙලාවක් නැත.අපේමිතුරන් රාශියක් පදිංචිව සිටියේ නගරයේය. ඉතා හොඳ බස් සේවාවක් පැවති බව නම් ලියා තැබිය යුතුවේ. මහපාන්දර දක්වා ලංගම සේවය පැයකට දෙකකට වරක් හෝ දකින්නට තිබුණි. තරුණයින්වූ අපි මුලු රාත්‍රියම ගෙවාදමන්නේ බාර් තුළ හෝ වීදියේය. බම්බලපිටිය එයට තෝතැන්නක් විය. සියල්ල අතේ දුරින්ය. කෑම, බීම හෝ ලෑමඕනෑම මොහොතක සැපයීමට බම්බලපිටිය නිතර සුදානම්ය. මේ නොනිදන නගරයේ අප වැනි හෝටල්සේවකයන්ද, නොයෙකුත් මාදිලියේ තරුණයන්ද නිරතුරුව දැක ගත හැකිවිය. ගාලුපාරේ සිරිසඳ නම්වූ හෝටලයඉදිරිපිට කොට තාප්පයට කතා කල හැකිනම් බොහෝ දේ පවසනු ඇත. මේ තාප්පය උඩ එදා හමුවූ මිතුරන් බොහෝ දෙනෙකු ඉහළ යැයි කියු සමාජ කොටස්වල පුතුන්ය. සමහර දූවරුන්දසිටියෝය. මුදල් හදල් ඇති පදමට තිබු ඔවුන් අතර හොඳින් අධ්‍යාපනය ලැබුවන්සේම. නොයෙකුත් හැකියාවන්ඇතිවුන්ද සිටියෝය. සංගීතයට ලොල්වූ පිරිස වැඩිය. සුදුසු කාලයේදි ඒ තාප්පයෙන් බැස ගැනීමට නොහැකිවූවෝබොහොමයකි. පසු කාලයකදීවත් ඔවුන් එයින් බැස යන්නට ඇත. එසේ නොකළානම් ඔවුන් අදටත් ජීවත්වෙනවාදැයි කියා මට ඇත්තේ සැකයකි. ඔය සිරිසඳේ තාප්පයට ලොකු ඉතිහාසයක් ඇත. ඔතන බොහෝ දේහුවමාරු විය.
රාජකාරී නිමවීමෙන් පසු අප නිරතුරුවම ගොඩවෙන පළමුවෙනිම ස්ථානය නම් හෝටලයට ඉදිරිපසින් වෙන්නටමුහුද ආසන්නයෙම ඉතා විවෘත ස්ථානයක පිහිටා තිබු එවර්ලාස්ට් හෙවත් යුනයිටඩ් කල්බ් එකය. ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයට යාබද ඉඩමේ පිහිටා තිබු මෙම ස්ථානය ඉතා සොඳුරු බොන ස්පොට් එකක්ව තිබුණි. මුහුදු සුළඟේ පහස ලබමින් බෝතල් හිස්කිරීමට මධු ලෝලියෝ මධ්‍යම රාත්‍රියටත් ගොඩවේ. බෙල්ල පාත්වෙනකම්බොන ධනපාල අයියා නම්වූ වේටර් අයියාද වෙරි මරගාතේ වුණත් ඉල්ලුමට සැපයුම ලබාදේ. මෙය අයිතිව තිබුණේ නිමල් රිචඩ් නම්වූ ධනවත් පුද්ගලයෙකුටය. සුදු සරම සහ කමිසයත්,දම්වැලක් බඳු රත්තරන් මාලයත්, බ්‍රෙස්ලට්එකත්, රොලැක්ස් ඔරලෝසුවත් පැළඳ බාර් කවුන්ටරයටවී ඔහුත් මහ රාත්‍රිය වෙනකම් බීමෙන් සප්පායම් වේ. රාජකීය විදුහල අසල පස්වැනි පටුමගේ මාලිගාවක් වැනි අලංකාර නිවසක් ඔහු සතුවිය. ඔහු චිත්‍රපට නිෂ්පාදනයේද නිරතවී සිටි බව මතකය. ඕනම දේකට ඔට්ටු චණ්ඩි සල්ලිකාරයෙකි. කවුරුන් හෝ පසු කාලයකදිමොහුව වෙඩි තබා ඝාතනය කළේය.
ඔබ කිසිවෙක් විශ්වාස නොකරනා අමුතුම පන්නයේ තැනක් ඔය බාර් එකටත්, ඉන්දියන් මහ කොමසාරිස් කාර්යාලයටත් මෙහා පැත්තෙන්, රේල්පාරට නුදුරුව මුහුද අයිනට වෙන්නට තිබුණි. ගස් කොළන් වලින් ආවරණයවූ මේ කාමර දෙක, විවෘත ඉස්තෝප්පුව සහ වැසිකිළියක් සහිත නිවස අපගේ නිශාචර ජීවිතයේ තවත් නැවතුමක් විය. මෙහි නැවතී සිටියේ හෝටල් සගයන් දෙදෙනක් සහ එහි අයිතිකරුගේ ගෝල බාලයෙක්ය. අද මේකුඩා බිම් කඩේ මහා විශාල ගොඩනැගිල්ලක් සාදා තිබෙන්නට පුළුවන. මේ සියලු නවාතැන් සහ සමාජ වටපිටාවන්සමගම, මගේ ජීවිතයත් එක්තරා දිශාවකට තල්ලු වෙමින් පවතින බව එදා නොතේරෙන්නට ඇත. මේ සියල්ල ජීවිතේ කොටස් බවට මතක් කරගැනීම පමණක් ඉතුරුව තිබේ. ජීවිතය පරිස්සමින් පරිහරණය කිරීම තමන් සතු වගකීමකි. මා ඉදිරියට කියන්නට යන්නේ ඒ තුළින් මා ලැබු පාඩම්ය.
AT THE CROSSROADS OF LIFE – BY MARTY ROBBINS
බලන් ඉඳල ඈත් වූවේ ළඟින් තාරුකා
ළඟින් ඉන්න හොයා ගත්තෙ පසුව ෂෙරුණිකා
ගසින් වැසුණු නව නැවතුමෙ මතක ගීතිකා
ඉතින් ලියන තුරු ඉන්නෙමි ඇඟිලි නිය විකා…….
ජයවේවා!!!
දුමී කවි කමෙන්ටුවට ස්තූතියි!! මගේ ජීවිතේම සිදුවීම්, සිදුවීම් සහ සිදුවීම්. බොහෝ දේවල් අමතක කරලා තමයි ලියන්න වෙන්නේ. නැත්නම් මාත් අවුල් වෙනවා 😀
Yes aru dis place very famous for all hotel members! I am from Taj Samudra & lots of sweet memories!
එවර්ලාස්ට් එක කියන්නේ මාර ජොයින්ට් එකක් තමයි. ඔබරෝයි. ටාජ්. ගලදාරි, ඉන්ටකොන්ට්, ගෝල්ෆේස්, හොලිඩේ ඉන් ඔය ඔක්කොම ස්ටාෆ් හැන්දෑ වෙනකොට ගාටන්නේ ඔය පැත්තට. මම මීට අවුරුදු බර ගානකට ඉස්සෙල්ලා ආසාවට ආපහු ගියා. එතකොටත් ධනපාල අයියා, ඒ ජොබ් එකම කරනවා. දැන් නම් මැරිලත් ඇති.
අජෝ…උඹ ටාජ් සමුද්‍රා ඉන්න කාලේ කොච්චර ස්ටාෆ් එකක් හිටියද…
Every day almost 10 will be there from Taj plus another 30 to 40 from other Hotels Sudda leads Oberoi & my gud friend Sahajan RIP! Who passed away couple of years ago! Now dis place Army camp!
කවුද මේ ඔබරොයි සුද්දා….
මචං රිදම් එක අවුට් යනවා වාගේ
අටමෝ….මටත් ඒක තේරෙනවා බං. වැඩි උත්සාහයක් ගන්නේ නැහැ. ඇදලා ගත්තා- දමලා ගැහුවා ස්ටයිල් එකේ යන්නේ. ඉක්මනට ඉවරකරන ෆීලින්ග් එකක් තියෙන්නේ.
හ්ම්…. ඒත් අවුලක් නෑ
බස්සෝ…පොඩි උදව්වක් කරන්න. මේ සිරිසඳ හෝටලය ගැන මිත්‍ර ශ්‍රී කරුණානායක සමාජ විද්‍යාත්මක ලිපියක් ලිව්වා. ඔහු හොඳ ගවේශකයෙක් කියා මම හිතනවා. ඒ ලිපිය හොයාගන්න බැහැ. පුලුවන් නම් හොයලා දෙන්න….
පෙනෙන විදිහට ඔහු ඒ ලිපිය ලියල තියෙන්නෙ දිවයින ඉරිදා සංග්‍රහයට, මොකක්ද කුඩු කේස් එකක් ගැනත් කියවෙන පාටයි. ට්‍රයි කලා, ඒත් හොයාගන්න බෑ.දිවයින ආකයිව්, ගූගල් වල හොඳට ඉන්ඩෙක්ස් වෙන්නෙ නෑ.
මිත්‍ර ශ්‍රී කරුණානායක හොඳ ගවේශකයෙක් බව මේ ලිපි බැලුවාම පැහැදිලියි:
http://www.divaina.com/2009/11/01/feature28.html
http://www.medaperadiga.com/ගෙන්-ගෙට-එන-මේ-මගඩියට-ඔබ/?m=gka
තෑන්ක්ස් බස්සෝ. මම ඔහුගේ සමහරක් ලිපි කියවා තිබෙනවා. ඒ බොහොමයක් නිවැරදි විශ්ලේෂනයන් කියා කිව යුතුයි. ඔහුත් ඔබරෝයි හිටිය කෙනෙක් බව දැනගත්තේ මේ ලින්ක් එකේ ලිපියකින්.
//ජීවිතය පරිස්සමින් පරිහරණය කිරීම තමන් සතු වගකීමකි. //
උඩ ඇනෝ කමෙන්ටුව වැටුනේ මගේ අතින් වැරදිලා…
මම කියන්න ගියේ තමන්ගේ ජිවිතේ, වෙජිටෙරියන් කනවද, එහෙමත් හොඳට බැදල ඉස්ටු දාල කනවද කියල තීරණය කරන්නේ අපිමයි….
කතාව ටිකක් හදිස්සියෙන් ලියනවා වගේ….හෙමින් ලියන්න අරූ, නැත්නම් ආයිමත් අවුල් වෙයි :), මෙව්වා අපි රහට කියෝනවා වගේ නෙවේ, පැටලුම් ඇරලා ලියන්න හුඟක් අමාරු ඇති කියල හිතෙනව…
//මම කියන්න ගියේ තමන්ගේ ජිවිතේ, වෙජිටෙරියන් කනවද, එහෙමත් හොඳට බැදල ඉස්ටු දාල කනවද කියල තීරණය කරන්නේ අපිමයි//
හූනා කිව්වැහේ කියඤ්ඤං, අරූ නං කාලා තියෙන්නෙ හොඳට බැදල ඉස්ටු දාල. එක අතකට වැරුද්දක් කියන්නත් බෑ නෙව, ඒක රස්සාවෙ හැටි නෙව?
///////එක අතකට වැරුද්දක් කියන්නත් බෑ නෙව, ඒක රස්සාවෙ හැටි නෙව?///////////////
වෙජිටේරියන් අයත් හිටියා 😀 ඔය අපේ එකෙක් කෙල්ලෙක් එක්ක කාමරේකට ගිහිල්ලා, මොකක්ද කරන්න කියලා. ඒ කෙල්ල කිව්වලු “මම මස් කන්නේ නැහැ මෙයා” කියලා. ඒක ඒ කාලේ ඔබරෝයි එකේ නැගලා ගිය කතාවක්. මට මේ දෙන්නව තාම මතකයි. කොල්ලා ලංසි බුවා.
මගේ ජීවිතේ නම් අමුම අමු රස්තියාදු ජීවිතයක්. ඒකෙ නම් දෙකක් නැහැ. පුදුමයි ගොඩ ගිය එක.
පොකුරු…..ඇත්තටම කාලයක් මිඩංගු කරොත් මේ ගැටලු බේරගෙන ලියන්න පුලුවන්. මගේ ජීවිතේ නොයෙකුත් සිදුවීම් රාශියයි. රටේ සමාජයේ සිදුවීම සහ මගේ පෞද්ගලික එව්වා. දැන් නම් අතුරු කතා අතහැරලා ලියන්නේ. හෙමින් ලියන්න ඕන.
//ඔබ කිසිවෙක් විශ්වාස නොකරනා අමුතුම පන්නයේ තැනක් …….අද මේකුඩා බිම් කඩේ මහා විශාල ගොඩනැගිල්ලක් සාදා තිබෙන්නට පුළුවන//
මට හොඳටම විස්වාසයි, අරූ “ගූගල් ස්ට්‍රීට්” ලංකාවෙ වැඩ කරන බව දන්නෙ නැති බව. එක අතකට නොබලන එකත් හොඳයි. එව්වා වෙනස් වෙලා තියෙන හැටි දැකලා ආයෙ “අවුල්” වුනොත් මොන දෙයියන්ට කියන්නද? 🙂
//////අරූ “ගූගල් ස්ට්‍රීට්” ලංකාවෙ වැඩ කරන බව දන්නෙ නැති බව. එක අතකට නොබ//////
මේ වගේ දේවල් තියෙන බව දන්නවා. නමුත් පාවිච්චි කරන්නේ නැහැ. බේසික්ස් ටිකෙන් ප්‍රයෝජන ගන්නවා. ඕවා අස්සේ හිරවුනොත්, දන්න ටිකවත් පාවිච්චි කරගන්න බැරිවෙයි කියලා බයයි.
ජීවිතයේ වටිනාකම් වැඩි වන්නේ ලැබූ අත්දැකීම් හරහාය
සමහරුන් නම් කියන්නේ වටිනාකම් වැඩි වන්නේ බැංකුවේ ඩිපොසිට් එක අනුව කියලා 😀
යුනයිටඩ් ක්ල්බ එකෙන් තමයි දැනගත්තේ හැඬැල්ලෝ කියන්නේ දිවිය ලෝකයේ කෑමක්ය යන බව.. උඹට මතකද ඔතන තිබුන ආමි කෑම්ප් එක ඇතුලේ තිබුන අමුතුම බිල්ඩිම. ඔය කියන කාළේ අපි ඒ ලෙවල් කරන කාලේ. මටත් අපේ පන්තියේ උන්න අමුතුම සෙට් එකක් සෙට් උන කාළේ. මේ ඒ කාළේ බම්බලපිටියේ ජීවිතය මම ලියපු පල් හෑල්ලක්…
http://maathalan.blogspot.com/2013/12/23-mrs-perera-13.html
ඇ බං මාතලන් පහු කාලේ අර උඹේ මාමණ්ඩියට තිබූන පිටකොටුවේ මිහිඳු මාවතේ කඩ කැල්ල උඹට හම්බවෙයි කියලා දත මැදගෙන හිටියේ එකට මොකද උනේ? දැන් එතැන ඉන්නේ තම්බි සෙට් එකක්නේ…..
මාතා….මට මතකයි. ඒක තිබුනේ ඔය අස්සට වෙන්න. ඒක ස්පෙෂල් යුනිට් එකක් කියලා යාන්තම් මතකයි. ඔය හරියේ තමයි බං ජීවිතේ යම් කාලයක් ගෙවා දැම්මේ. ගෝල්ෆේස් කෝට් එකේ කඩවල් ඉස්සරහ මිනිස්සුත් නිදාගන්නවා ඉස්සර.
ඔයාලගේ සමනල අවදිය ගෙවුනු ඒ කාල වකවානුවේ අපි නම් පොඩි කොල්ලෝ. එත් ඒ කාලේ තිබුන ලංකාව දැන් නෑ සම්පුරණයෙන්ම වෙනස්වෙලා. බොහෝ වෙනස්කම් සිද්ධවුනේ යුද්දෙත් එක්ක තමයි.
අසංග….අපේ රටේ යම් සමාජීය අර්බුදයක් හැදුනා නම් ඒක ඔජ්ජල් කරපු තැන තමයි අසූතුන. ඒවා කතාකිරීමත් නිශ්ඵලයි.
////ඔයාලගේ සමනල අවදිය ගෙවුනු ඒ කාල වකවානුවේ අපි නම් පොඩි කොල්ලෝ//////
එතකොට මමද මේකේ ඉන්න නාකිම නාකියා 😀
සික් විතරක් නාකි සමනලය .. හැක.. හැක…
///නාකි සමනලය///
නාකි සමනලයා නෙවෙයි යකෝ, වියපත් බඹරා…අන්න එහෙම වරෙන්.
එක්ස්පෝ…උඹ අපේ ගමේ පොරක්ද….
කවුද ලොකු අයියේ නාකි කිව්වේ තාම යං කොල්ලෙක්නේ. දැන් බැපුවාම අපිත් ඉතිං හතලිහ පැනපු මැන්ටල් වේගෙන එන නාකි අංකල් පොරවල් තමයි
ගෙවුනත් දිවිය කාලයේ වැලි තලාවේ එරුන
ගතින් වෙන්නට බැරිවෙයිනේ තරුන
එයයි මෙලොව ගෙවෙන ධර්මයේ කරුන
සිතින් සැමදා කොල්ලෙකි අයියේ අරුන
අසංග……මට නම් දැන් කොල්ලෝ කතාකරන්නෙම අන්කල් කියලා. හැබැයි ඒ අන්කල් එක ඉස්සරහට මචං කෑල්ලක් දාල්ලා පොඩි ෆිට් එකක් දෙනවා. සෙල්ලංද කොල්ලෝ, අවුරුදු පනස් පහක් මේ ජීවිත සටනේ ඉන්න එක. තාම ජොලියෙන් ඉන්නවා 😀
එවර්ලාස්ට් හෙවත් යුනයිටඩ් කල්බ් එකට ගිහිං තියෙනවා. මං හිතන්නෙ අවුරුදු විසිපහකට එහා පැත්තෙ. පස්සෙ කාලෙකත් එතැන තියෙනවද බැලුව. හොයා ගන්න බැරි වුණා.
මම අන්තිමට එක්දාස අනූවේ එක දවසක් ගියා. ඒ දවසත් මාර සිදුවීමක් වුන දවසක්. ඒ තවත් පාඩමක් ඉගෙන ගත්ත දවසක්. වයිෆ්ට මාව අතේ කෝට් වුන වැඩක්. පස්සේ ලියන්නම්.
ඔව් බං අරුන අයිය්යෙ.. උඩහමුල්ලෙ කනත්ත පල්ලෙහා ඇන්ටිගෙ කඩේට සූට්ටක් එහා. ඔය දෙල්කඳ පොල ගාව තියෙන ටයෙර් කඩේ දැං රේඩියේටර් නේ.. ගාමිනි අය්ය කුලියට හිටිය ගේ එහා පැත්තෙ..
විය පත් බඹරා ඈ…හා…හා. .. එහෙම කියලවත් හිත හදා ගමුකො…
ගාමිනි කිව්වේ රත්නසිරිගේ මස්සිනා නම්…මම ඔය පැත්තේ හැදිච්ච එකෙක්.
Hmmmmmmm
Pra listen
මං හිතන්නෙ රත්නසිරිගෙ මශ්ශිනා තමයි… මම හිටියෙ හරියටම නැශනල් මුදලාලිගෙ ගේ පිටි පස්සෙ. අලිය බඳින එහා වැටේ…
////අලිය බඳින එහා වැටේ…//////
එහා වැටේද….අලියගෙ පිට උඩද…
“අලියගෙ පිට උඩද ?” බොලා හිතුවද මමත් පුක්ශි පොරක් කියල හිටන්. අනෙ මගෙ කට. අරුන අයියෙ බොලා කිවුව විජේ රාමේ පංසල ඉස්සරහ ගෙදර පස්සෙ කාලෙ කැම්පස් පොරවල් නතර වෙලා හිටිය නේහ්..?
අරුන අයිය .. කස්ටිය දැන් කතා කරන ඒව අහුවම .. හිනා යනව.. නිදගස් අද්දියාපනෙ පියා කියන්නෙ එකෙක්ට…ඔය නිදහස් අද්යාපනේ කියන වසලය කන්නංගර . ඒත් නිදහස් ද්ද්යාපනේ වෙනුවෙන් යුද්ද කරේ වෙන එකෙක්. ඒ කාඅලෙ කොල් වින් හිටියෙ ඉන්දියාවෙ හිරේ . අන් ඇම් පේරේරා අනිත් එකා. . කොල්වින් නිදහස් අද්යාපනේ ගෙන කතා කරේ හිරේ ඉන්දන්. එතකොට දැන් නිදහස් අද්ද්යාපනේ පියා කන්නංගර පට්ට අවස්තා වාදියෙක්. එකා ඒකට විරුද්දව චන්දෙ දුන්න.. ශ්‍රිලන්කා වමේ වියාපරයෙ ඉතිහාසය කියන පොතේ ඕව තියේ.. විජේ මරනකොට විජේවීරයි ප්‍රේම දාසයි රුක්මන් සේqනානයක ගෙ ගෙදර සාකච්චා කොරා බලය බෙදා ගන්න. එදා රුක්මන් සේනානායක ලගෙ ගෙදර හිටිය කොටින්ගෙ ඔලුව අත ගගා තමයි විජේ වීර සාකච්චා කොරේ. එකෙ ප්‍රතිපලයක් නිසා තමයි විජේ ට වෙඩි තිබ්බෙ..ප්‍රථිපලය විජේ ට සොරි වීම . ඇත්ත ඉතිහාසස රහසක් කොරන් මුන් ඉන්නෙ. අද ලන්කාවෙ ඉතිහාසය විකුර්ති කරල තියෙන්නෙ.
ලන්කාවෙ ඉතිහාසයම ඩීල්.
විජෙවීර තමංගෙ නම වෙනස් කරං (බුවා උගෙ නම වෙනස් කොරේ ඇයි කියල කවුරුත් අහැවුවෙ නෑනේහ්..?) රෝහන කියල නමක් අරන් ආවෙ නිකං කියලද හිතන්නෙ .. පට්ට ජාති වාදයට.. ඔක්කොම අද ජෙවිපෙ මාක්ස් වදී පක්ශයක් කියල ඔටුනු පැලැන්දුවට ඒක ෆැසිස්ට් වාදී පක්ශයක්. අද ලන්කාවෙ වාමාන්ෂික ඉතිහාසෙ දන්නෙ නැති උන් ලංකාවෙ වාමාංශික පක්ශෙ ජෙවිපි කියනකොට මටනං පුකෙං හිනා යනව. පොරට හීනමානයක් තිබ්බ . ඒ නිසා ගාල්ලෙ රෝහන කියන නම ගත්තම කුලහීනයන්ගෙ කැමැත්ත බුවාට ගන්න පුලුවන් කියල හිතුව. ඒකම ත මයි ප්‍රභා කරේ. ජූලි වර්ජනේට ජෙප්පො කල පාවා දීම නිසා මිනිස්සු කීයක් තාම දුක් විඳිනවද. හිනා යන දේ තමයි අද එහෙම ජූලි වර්ජනය පාවාදීපු ජෙප්පො ජූලි වර්ජකයො ගැනත් කිඹුල් කඳුලු හෙලනව.
අරුන අයිය. අදත් එදා වගේ.. ඒදානං අපි සංගීතෙ රසවිඳල නිදා ගත්ත. අද පොඩ්ඩක් ට්‍රැක් පැන්න. මම අකමැතිම කාරනයක් මේ … සොට් එකක් දල කතා කොරන්න. සොරි ඈ… අද ඔයාගෙ මසුරං පෝස්ට් එක අල කරනන්නෙ නෑ…. ඒදා රවියගෙ එක වගේ…
අරුන අය්යෙ අපි හැමදාම ඉතිහසය ඉතිහාසයෙන් වියුක්ත කරල ගන්නෙ. නෑ ඒ අවස්තාවට ඉතිහාසයෙ වාස්තවික තත්වයන්. අපි අමතක කරනව. අපි තිහාසෙ ගැන කතා කරනකොට ඒ අයිතිහාසික තත්වයන් ගැන හිතන්න ඕනේ. එදා වෙච්ච දේවල් අද තියෙන වාස්තවික තත්වයෙන් ගනන් ගත්තොත් ඉතිහාසය විකුර්ති වෙනව. හරියට අවුරුදු 2500 එහා හිටිය ලෝඩ් බුද්ද අදට ගලපනව වගේ විකාරයක්
එක්ස්පෝ…..අලියගේ පිටේද කිව්වේ නැෂනල් මුදලාලිගේ අලියා නිසා. ඔය අලියා ඒ කාලේ අපේ වත්තේ තිබුන කිතුල් ගහකුත් ඇදන් ගියා. ඔය මුදලාලිට නැශනල් කිව්වේ ෆිල්ම් හෝල් එක හින්දද…උඹලා උඩහමුල්ලේ නිසා අපි දන්නවත් ඇති.
/////අපි අමතක කරනව. අපි තිහාසෙ ගැන කතා කරනකොට ඒ අයිතිහාසික තත්වයන් ගැන හිතන්න ඕනේ. එදා වෙච්ච දේවල් අද තියෙන වාස්තවික තත්වයෙ/////
මේක නම් ඇත්ත කතාව. සියල්ල විග්‍රහවිය යුත්තේ පවතින තත්වයත් සලකා බලමින් බව මමත් හිතනවා.
///////අරුන අයිය. අදත් එදා වගේ.. ඒදානං අපි සංගීතෙ රසවිඳල නිදා ගත්ත. අද පොඩ්ඩක් ට්‍රැක් පැන්න. මම අකමැතිම කාරනයක් මේ … සොට් එකක් දල කතා කොරන්න. සොරි ඈ… අද ඔයාගෙ මසුරං පෝස්ට් එක අල කරනන්නෙ නෑ…. ඒදා රවියගෙ එක වගේ…//////////
එක්ස්පෝ….මේක ඇතුලේ අල කිරීම්, පැල කිරීම් ගැන නොහිතා , උඹට ඕන දෙයක් කියපන්. අද මේක තියෙයි, හෙට මේක වැහෙයි…සියල්ල අනිත්‍යයයි. වමනේ දාන එවුන්ට අත අල්ලපු අපිට, මේවා මොනවද බං. වගකීම් ඉටු කරමින්,ජොලියෙන් ඉන්න තමයි තියෙන්නේ
රත්නසිරි කියන්නේ අපේ විල්සන් කරු ඩුප්ලිකේට් එකට නේද? ඒකාත් මළා. ඒකා ගැන මගේ මතකය ලියන්න මම පොරොන්දු වුණත්, එකාගේ ෆොටෝ එක තවම හොයනවා.
සුදීක…..මම කියන්නේ පොර ගැන තමයි. පුලුවන්නම් සුදීක ඒ ගැන ලියන්නකෝ. මම හිතනවා සුදීක කවදා හරි රත්නේ ගැන යමක් ලියයි කියලා.
නිමල් රිචඩ් මරා දැම්මේ කැසිනෝ කේස් එකකට නේද ( ගෝල්ඩන් නගට් )???
අපි ඒ කාලේ හේමාස් බිල්ඩිමේ තිබුනු පොලිපැක් එකේ වැඩ… නිමල් ගේ විසාල මරණ දැන්වීම් කොටුවෙ පැගෝඩා හරියේ අලවලා තිබුනා මතකයි…
සරස….මේ ඝාතනය වුනේ 86-87 වගේ මතකයි. කාගේ එකවුන්ට් එකට වැටුනද මන්දා.. එහෙම යුග අපේ රටේ තිබුනා.
ඒ මරණ දැන්වීම් පෝස්ටර් මට තාම මතකයි.
නිමල් රිචර්ඩ්ගේ ඇතුලත දන්නේ නැහැ. හැබැයි හෙන ජොලි බුවා මිනිස්සු අතරේ. මිනිහා බොසා සේ ආතල් එකේ ඉන්න ගමන්, අපේ මේසෙටත්, බයිට් එකක් හරි, බෝතලයක් හරි ෆිට් එකේ දීලා තමයි යන්නේ. ඒ වෙන මුකුත් නෙමේ, අපි වාතයක් නැති රෙගියුලර් කස්ටමර්ස්ලා හින්දා වෙන්නැති. බජාර් එකේ බුවෙක්.
නලීන් ෆොන්සේකා මතකද…අපේ රාජකීය රස්ති බජාර් එකේ පොරක්. දැන් කොහෙද මන්දා…
මම 1991 දී පිටකෝට්ටේ නතරවෙලා කොළඹ 05 තියෙන ඉස්කෝලෙකට ගියා අවුරුද්දක්, ඒ කාලේ මම ඉස්කෝලේ ආව ගිය පාරෙ අතරමග හරියක තමයි මම දැන් පදිංචිය…
ඒ කාලේ දැකපු තැන් අදත් එක්ක මැච් කර ගන්න මම මාර ගේමක් දුන්නා…
මම නතරවෙලා හිටපු ගෙදර සර් කාරය එක්ක බයික් එකේ ආපු පාර යන්තම් හරි තේරුම් ගත්තේ මේ බොහොම මෑතකදී, ඒත් මට තාම හරියට ෂුවර් නැහැ…
පිටකෝට්ටේ පන්සල ගාව ඉඳල නුගේගොඩ හරහා ඇවිත් බේස් ලයින් පාර දිගේ ඇවිත් දැන් දැන් ලංකා හොස්පිට්ල් එක ගාවින් තියෙන පාරෙන් ඇතුළට ගිහින් ඉස්කෝලේ ගියා කියල තමයි දැනට මගේ අනුමානය…
ඒ දවස් වල බේස්ලයින් පාර හදන කාලේ මයේ හිතේ, ගොඩක් පළල තාර දාපු නැති පාරක ගියපු හැටි අද වගේ මතකයි…
දෙපැත්තේ බිල්ඩින් තිබ්බෙත් නැහැ, වෙල් ආත්ත වවිච්ච වගුරු හරියක් අහු උනා කියලත් මතකයි…
නුගේගොඩ ඉඳල පිටකෝට්ටේ දිහාට ගියේ පාන් බාග වගේ හුන්ඩු වෑන් වල, 06 වසරේ පොඩි එකෙක් වෙච්ච මට අවුලක් නැති උනාට ලොකු මිනිස්සු දෙකට නැමිලා ඒවයේ ගියේ…
අද ඇතිවෙලා තියෙන වෙනස් දැක්කම පුදුම හිතෙනවා, අරූ එදා දැකපු තැන්වල වෙනස් වීම දකිනවට වඩා පරණ සුන්දර මතකය හිතේ තියාගෙන ඉන්න එක හොඳයි කියල හිතෙනවා ඒ වෙනස දකිද්දී…
ඒ අඩෝ ලොකු පුතා……මම 1991 එකේ ඔමාන්වල..උඹ හයේ පන්තියේ. මේ සාකච්ඡාව මෙතනින් නවත්තමු. අපි වැඩිහිටියෝ ඩෝ :
ඇතුල් කෝට්ටේ අම්බලම සහ පින්තාලිය මතකද….මතක නම් ඔබ ඊලඟ වටයට සුදුසුකම් ලබනවා ..
//////අරූ එදා දැකපු තැන්වල වෙනස් වීම දකිනවට වඩා පරණ සුන්දර මතකය හිතේ තියාගෙන ඉන්න එක හොඳයි කියල හිතෙනවා ඒ වෙනස දකිද්දී…////////.
දුකයි…මොනවා කරන්නද. ඒත් අපි යතාර්ථය තේරුම් ගන්න එපැයි ලොකු පුතේ.
///ඇතුල් කෝට්ටේ අම්බලම සහ පින්තාලිය මතකද….මතක නම් ඔබ ඊලඟ වටයට සුදුසුකම් ලබනවා ..///
නැතුව නැතුව, මම පස්සේ කාලෙකත් ඒ අම්බලම බලන්න ගියා ෆොටෝ එකක් හරි ගහගන්න හිතාගෙන…
ඒකෙ හිඟන්නෝ සහ බුලත් විට විකුණන මිනිස්සු පිරිලා, කණු වල හුණු පාරවල් ඕසෙට…
ඒක නම් කමක් නැහැ කියමුකෝ පොඩි ක්ලැසික් ගතියක් තියෙනවා ඒ හුණු පාරවල් නිසා…
අන්තිමට ෆොටෝ එකක් වත් ගහන්නේ නැතුව 91/92 කාලේ හොයා ගත්තු ආනන්ද ශාස්ත්‍රාලයේ තියෙන උමග බලලා ආපහු ආවා…
අනේ ඔව් ලොකු පුතේ, ඔතන කිසිම හව්හරනයක් නැති මිනිස්සු වැටිලා හිටියා. ඒ දවස්වල ඔය පලාත් හොඳ ලස්සනට, ගස් කොළන් තිබුනු පලාත්…ඔය අම්බලමේ නිදාගෙනත් තියෙනවා..සංගීතයක් බලලා එනකොට වැඩිවෙලා. බල්ලොයි, කොල්ලොයි.
මිනිස්සු සුදු පිරුවට වලින් වහගෙන ඉන්න, කුණු වෙලා ඕජස් ගලන යථාර්තය මෙහෙම කියවනකොට, වෙලාවකට ජීවිතේ ගැන මාර කළකිරීමක් එනවා බන්..
//////ජීවිතේ ගැන මාර කළකිරීමක් එනවා බන්../////////
උඹට පිස්සුද සෙන්නා…..ජීවිතය ගැන කලකිරීම වෙනුවට සුන්දරවත්ය සහ එහි රස විඳීම මාර සීන් එකක්. පොඩ්ඩක් නාකි වෙන්නත් ඕන ඕක තේරුම් යන්න.
Senna,
/මෙහෙම කියවනකොට, වෙලාවකට ජීවිතේ ගැන මාර කළකිරීමක් එනවා බන්../
ඔන්න ඉතිං මඟුලක් කතා කරනව. යකෝ..අරූ මෙව්ව ලියන්නෙ උඹලට ජීවිතේ ගැන කලකිරෙන්ට නෙවෙයි බොලව්,ජීවිතේ සුන්දරද මෙතරම් කියල සතුටු වෙන්ට..බොලා ඔහොම කළකිරෙන්ට ගියොත් අරූ මට හිතෙන්නෙ ආයමත් නවත්තල දායි ලියන එක…:D
හප්පට සිරි එහෙම වෙයි ද ? එහෙනම් මම කළකිරීම ඉල්ලා අස් කර ගන්නවා… 😀
//////////////ඔන්න ඉතිං මඟුලක් කතා කරනව. යකෝ..අරූ මෙව්ව ලියන්නෙ උඹලට ජීවිතේ ගැන කලකිරෙන්ට නෙවෙයි බොලව්,ජීවිතේ සුන්දරද මෙතරම් කියල සතුටු වෙන්ට..බොලා ඔහොම කළකිරෙන්ට ගියොත් අරූ මට හිතෙන්නෙ ආයමත් නවත්තල දායි ලියන එක…:D////////////////////////
මම බොරුද කිව්වේ…..නාකියෙකුට විතරයි ඕක තේරුම් යන්නේ 😀
කළකිරීම ඉල්ලා අස්කරගන්න එක හොඳයි සෙන්නා. නැත්නම් සමහරු වගේ , ඉල්ලා අස්කරගත්ත එකට කළකිරෙන්න වෙනවා 😀 දෙයියන්ගේ රටේ මිනිස්සුනේ බං.
ටෙස්ට්
දැන් හරි කෙමෙන්ට් එකක් දාගන්න බැරිව මම විදපු දුකක්
මෙන්ඩා….වර්ඩ්ප්‍රෙස් හරි වාතේ නේද. අටමා තමයි කිව්වේ වර්ඩ්ප්‍රෙස් හොඳයි කියලා. බොරු නම් අහපන්.
උබත් එක්ක බීපු දවසක අටමට බන්නින්න මතක් කරපන් අයියන්ඩි
අරූයියාගේ “ටයිටල් නැති” කතා වලට අපිට කියන්න දේවල් නැහැ.මොකද අරූයියාගේ ඔය කතාවලට පසුබිම් වෙච්චි කාලේට පස්සේ පරම්පාරවේ උන්නේ අපි.අපිට තියෙන්නේ අවුල් නොවී අවුල් වෙන්න පෙර බලන් යන්න විතරයි.
අවුල් බලන් යන්න…..අවුල් නොවී ඉන්න ……මනෝ පල්ලෙහා ඇඩ් එක දැකලා තියෙනවාද…
අවුල් නං බලන්න එපා! අවුල් අය බලන්න එපා!
මල හත් ඉලව්වයි , කියවන්න් බැරිවෙච්ච දවස් ටිකට අරු අයියා හොඳටම අවුල් වෙලා, හිටින් මුල ඉඳන් කිවන් එන්න හිටං
කොහෙද ඉවාන් ගිහින් හිටියේ. දැන් ඕකේද….හෙමින් කියවපන්
අවුල තැවුලකි
පවුල දවුලකි : D
මේ කියන කාලේ අරුත් මමත් එකම තැනක් හිඳින්න තියෙන සම්භාවිතාවක් තියෙනවා. මම හොටෙල් ජොයින් වුණු 88-89 කාලේ, ට්‍රැවල් ට්‍රේඩ් ක්‍රිකට්,ෆුට්බෝල් මැච් තිබුණා කොල්ට්ස්, බී.ආර්.සී., පේදිරිස් ග්‍රවුන්ඩ් වල. එන්න ඇති නේ බලන්න. මට හොඳටම මතක චරිතයක් තියෙනවා තඩි මහතා කළු පාට කිට් එක ගහලා, ආව වෙලේ ඉඳන් අම්බානක ගහලා ඩාන්ස් කරන පොරක්. මම ඒ කාලේ පොරට දාපු නම ගෝල් ෆිෂ් මාළුවා කියන එක. මොකද ඩාන්ස් කරනකොට ඒ වගේ පේන්නේ.
සුදීක……ට්‍රැවල් ට්‍රේඩ් ක්‍රිකට් මැචස්වලට ඉස්සර අපි බහිනවා. මැච් බලනවට වඩා බොන එක තමයි කරේ. හැබැයි මම 87දී රටෙන් පිටවෙනවා. අපි කොහෙ කොහෙ හරි දැකලත් ඇති. ඔබරොයි එකෙත් හොඳ ක්‍රිකට්/ෆුට්බෝල්,නෙට්බෝල් ටීම් එකක් තිබුනා, කොල්ට්ස්, බී.ආර්.සී., පේදිරිස් ග්‍රවුන්ඩ් තමයි ඔය වැඩේට ප්‍රසිද්ධ. නොමෑඩ්ස් ග්‍රවුන්ඩ්ස්වලත් තිබ්බා. සුදීකට නොමෑඩ්ස් දයා සහබන්දු ක්‍රිකට් ගහනවා මතකද…
මගේ ජීවිතෙනුත් දැන් වැඩි කාලයක් ගතවෙන්නෙ බම්බලපිටියේ. ඒ නිසා මේ කතා තවත් ටිකක් වැඩිපුර දැනෙනවා.
ඒ නැතත් මේ ලියන ලියවිල්ල අපේ කරන් කියවනවා,විදිනවා…බොරු සෝබන නැති ඇත්ත ඇති සැටියෙන් ලියන ලියවිල්ලට පට්ටටම කැමතියි.
රස්ති…..බම්බලපිටිය සහ දෙහිවල මට අමතක නොවෙන හන්දි දෙකක්. මම මතක්වෙන දේවල් ලියන්නම්. බම්බලපිටිය පිස්සු ටවුමක්.
සෝබනය කියන්නේ රවට්ටා ගැනීමක්නේ. ඒකෙන් ඉන්න පුලුවන් බොහොම ටික කාලයයි. ජීවත්වෙන්න සෝබනේට වඩා පහසු ක්‍රම ගොඩක් තියෙනවා.
මේ මගුල් කියවන උඹත් අවුල්ද…
සමහරතැන් වලදි මට මාව ඔය ලිපි වලදි හම්බෙනවා.ඉතින් අවුල් නොවී ඉදීවිද???
රස්ති…..දෙකක් ගහලා ඉන්න වෙලාවේ මෙහෙම කියන්න හිතුනා.
හැම මනුස්සයෙකුගෙම ජීවිතේ යම් යම් අවස්තා, අනිකුත් හැම පුද්ගලයෙකුගේම ජීවිතවල අංශුමාත්‍රික හෝ කොටස්. ඒ වගේ අත්දැකීම් තියෙනවා. ඒවා හොඳ හෝ නරක විය හැකියි. තවකෙකුගේ ජීව්තයක් කියවේමේදි එය දැනෙන්නේ ඒ නිසයි. එහෙම දැනෙන්නේ වඩා සංවේදි සහ විවෘත මිනිස්සුන්න්ට තමයි වැඩිපුර. ඒත් අපි ජීවිතයට එකතුකර ගත යුත්තේ, අනිකාගේ හොඳ ගති පැවතුම් විතරයි. අනිකාගේ නරක ගති සිතමින් කාලය ගතකිරීම මහ ලොකු මෝඩකමක්. මේ පාඩම මට කියා දුන්නේ මගේ නැන්දම්මා. සෝමා ඇන්ටි.
කොට කරන්නේ නැතුව පුළුවන් තරම් ලියන්න පුළුවන් දේවල් ඔබ්බල ලිව්වම තමා අරුණ මහත්මයා මේ පෝස්ටුව තවත් රසයෙන් ගුණයෙන් වැඩි වෙන්නේ.. ඒ නිසා මේක කොට කරන්න එපා.. ඒ මගහැරෙන දේවල් ආයෙත් කවදාවත් නොලියවෙන්න ඉඩ තියෙනවා. මමත් අරුණ මහත්මයාගේ වයසට ආවාම අද ලියන්න බැරුව හිරකරන් ඉන්න කතා සේරෝම ලියල දානව මේ වගේම. සමහර කතා දැන් ලිව්වොත්නම් බෙල්ල කඳෙන් වෙන් වෙන්න තියන ඉඩකඩ බොහොම වැඩියි.
එහෙම කොට කරලා ලියන්න ගිහින් මගේ ට්‍රේන්ස් , ප්ලේන්ස්, ඔටෝමොබයිල් පොස්ට් එකේ මගහැරිච්චි දේවල් බොහොමයි. මට හොඳටෝම ලියන්න ඕනෑකම තිබ්බ මා එක්ක එහා සීට් එකේ ආපු ටීචර් කෙනෙක් ගැන. ඒ ටීචර් මාස හයකින් ගෙදර යන්නේ.. එයාගේ මහත්තය ඇවිත් හිටිය ස්ටේෂන් එකට එයාව එක්කයන්න.. ඒ මනුස්සය ටීචර්ව උස්සල තමා කෝච්චියෙන් බාගත්තේ. මාස හයකින් ගෙදර එන මනුස්සයනේ නේද.. කොහෙද මුන්ගේ බලකිරීමට ඒ වගේ විස්තර කෝටියක් මගහැරුණ නෙව..
ගොඩයෝ……මේක කියවන අයගෙන් පෞද්ගලිකව දන්නා කිහිප දෙනෙක්ම මට හමුවුනාම හෝ දුරකතනයෙන් පොඩි, පොඩි චෝදනා කරනවා. මම නොලියපු තව රසකතා සහ වැදගත් දේ තියෙනවාය…නොලියන්නේ ඈයි කියා බනිනවා. මම නොලියන්නේ දිග්ගස්සන්න කම්මැලි නිසා. නමුත් https://publicsphere2017.wordpress.com/2017/02/24/%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7-%E0%B6%B1%E0%B7%90%E0%B6%AD-%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%94-%E0%B7%80%E0%B7%93-%E0%B6%85%E0%B7%80%E0%B6%B1/සාර්වජනික ක්ෂේත්‍රයේ පලව ඇති ලිපියක් නිසා,,එසේ නොකලයුතු යැයි කියාත් හිතුනා. බලමු බං
///////මමත් අරුණ මහත්මයාගේ වයසට ආවාම අද ලියන්න බැරුව හිරකරන් ඉන්න කතා සේරෝම ලියල දානව මේ වගේම//////////////
ඇත්තටම ගොඩයෝ මම ලියන වගේ දේවල් ලියන්න ටිකක් වයසට යනකම් ඉන්න එක හොඳයි. ඒ වෙනකොට තමයි බිරිඳ, දරුවා වුනත් තාත්තා ගැන හරියටම වටහාගෙන තියෙන්නේ. එතකොට හංගන්න දෙයක් නැහැ, නැත්නම් ඕවා ලියන්න ගියාම චතුර සේනාරත්න මොඩ්ල් එකට වැටෙන්න තියෙන සම්භාවිතාව වැඩියි :
ඔව් ඔව් ලියන ඒවා මෙගා ටෙලියක් වගේ ඇදුනත් කෙටි කරන්න නම් එපා.මොකද හොදම දේවල් හම්බෙන්නෙ ඒ වගේ අහුමුළු වලින්
හිතේ තදකර ගෙන ඉන්න බොහෝ දේවල් තියෙනවා රස්ති. ඒ දේවල් මගේ දුවයි, බිරිඳයි දන්නවා. ඒ දේවල් ලියන්න ඔවුන් මට තහනම් පනවන්නේ නැහැ. ඔවුන් මේක කියවනවා. හැබැයි මම හෙට ලියන්නේ මොනවද කියලා ඒ දෙන්නා දන්නේ නැහැ. හොරෙන් කියවනවා 😀
කෙමෙන්ට් ටික කියව්වා
උඹට මොකද හිතෙන්නේ 😀
අරුණ පෙරේරාණෙනි,
කරීම් මාස්ටර් සමඟ සීතා නානායක්කාර ගැයූ “මේ ශාන්ත වූ රෑ කාලයේ – පෙම් පානා හදේහී ප්‍රීති දේ” ගීතයේ පද රචකයා ඔබතුමාගේ මතකයට නැඟේ ද? මට සොයා ගන්නට නොහැකි විණ. ගුරු දේවයන් ද එකල එම ගී රචකයා දැන සිටියේ නැත. ඔබට හමු වුණොත් දන්වනු මැනවි.
බන්‍ධුල කුදලාගම,
සදම්ටනය.
ලිව්වේ සරත්චන්ද්‍ර ආටිගල බවත්, සංගීතය පී.එල්.ඒ සෝමපාලගේ බවත් කියවෙනවා. කෝකටත් සින්දුව මෙතනට දාමු. මෙතුමා ගීත දෙසීයකට වඩා ලියා ඇති බව කියවෙනවා.උඩරට කඳුකර සිරියා පරදන…. ඉන් එකක්. දෙවනි ක්ලිප් එක කරීම් මාස්ටර් ගැන.
ස්තුතියි අරුණ පෙරාෙරණෙනි!
ආටිගල සරච්චන්ද්‍ර පිළිබඳ මා දැන සිටිය මුත් ම එම ගීය ඔහුගේ බව මා දැන සිටියේ නැත. බොහෝ කලකට පෙර අගනගරයේ පැවති සම්මන්ත්‍රණයක් අවසානයේ දී ගුරුදේව ගම්ලතුන් සමඟ කතාබහක යෙදී සිටි මම අතීතයේ දී පේරාදෙණියේ සංවාදයක් අවසන සාදයක දී වූ සිදුවීමක් සිහි කළෙමි. අතීතකාමයෙන් වාජීකරණයක් ලද අපට එසඳ මේ ගීය මතකයට නැඟිණි. අපට එසඳ පද රචකයා මතක් කර ගත නොහැකි විණි.
අමතක ව ගිය එම ගීයේ රචකයා පිළිබඳ මතකය යළි අවදි වූයේ මගේ මැණිකේ පසු ගිය දිනෙක කලක් ලංකාවේ සේවය කළ වෛද්‍ය සීතා නානායක්කාර (ගායිකාව නො වේ) හිතවතිය සිහි කළ නිසා ය.
බන්‍ධුල කුදලාගම,
සදම්ටනය.
අරුණ පෙරේරාණෙනි,
කිසියම් ලිපියක් පිළිබඳ ඔබතුමාගේ අදහස් විමසීමට අවශ්‍ය ව ඇත. එම ලිපිය ඔබතුමා වෙත යොමු කිරීමට ඔබතුමාගේ ඉලෙක්ට්‍රොනික තැපැල් ලිපිනය සාර්වජනික ක්ෂේත්‍රයෙන් ලබා ගැනීමට අවසර දිය හැකි ද?
බන්‍ධුල කුදලාගම,
සදම්ටනය.
කිසිම අවුලක් නැහැ බන්‍ධුල. papuperera@gmail.com