මට ජීවිත දෙකක් ඇත. එකක් මගේ පවුලේ ජීවිතයයි. අනික අපේ පවුලේ ජීවිතයයි. අපේ කියා කිව්වේ…අපේ අම්මා සහ පවුලත්, මගේ බිරිඳගේ පවුලත්ය. මේ දෙකම මට එකකි. මිනිසෙකුට හෝ ගැහැනියකට මේ සියල්ල මනා සම්බන්ධතාවයකින් පවත්වාගෙන යාමට නම් හොඳ සහකරුවෙක් හෝ සහකාරියක් සිටිය යුතුය. මට මේ දෙය ලියන්න සිතුණේ, සමහර අයගේ ජීවිත මහා ආගාධයන්ට සහ ජීවිත විනාශයන්ට පවා යොමුවෙන්නේ සහ යොමුකරන්නේ, මේ නිවැරදි සහකරු සොයා නොගැනීමේ ප්‍රතිඵලය නිසා බව සිතන නිසාවෙනි. මේ සඳහා වඩාත් වැදගත් වන්නේ මානව සබඳතාවන් නිසිලෙස හඳුනාගැනීමේ තමන් සතු හැකියාවයි. මෙය පොතින් හඳුනාගැනීමටත් හැකිය. නමුත් පොත තුළ අතගා බැලිය නොහැකිය. මම පොත නැතුව අතගා බැලුව එකෙකි. මට බොහෝ සමාජ තලයන් සමග ඇසුරක් විය. ඇසුරක් නොවේ නම් ඔවුන් හා විනාඩියකට හෝ පොඩි චැට් එකක් දැමීමට අවස්ථා ලැබී තිබුණි. මරදානේ පික්පොකට් කාරයා, කුඩු කාරයා, කුඩු රජා යැයි කිව් ඩේලුගේ සිට චාල්ස් කුමාරයා සමගත්, අත්දැකීම් තිබේ. මම සමාජ විද්‍යාව තියා කිසිම විෂයක් නිසියාකාරව හදාර නොමැත. ඒත් මට මොකක්දෝ සමාජ ඉවක් තිබේ.
මම චරිතාපදාන කියවීමට කැමැත්තෙමි. කිහිපයක් කියවා ඇත්තෙමි. නමුත් අප කවුරුත් දන්නා, ප්‍රසිද්ධ මිනිසුන් ගැන කියවීමට මම එතරම් කැමති නැත. ඒ අප ඔවුන් පිළිබඳ බොහෝ දේ කියවා සහ අත්විඳ ඇති නිසාවෙන් බව කිව යුතු නොවේ. මම කියවන්නට කෑමතිවන්නේ වැදගම්මකට නැති, ඇත්ත මිනිසුන්ගේ කථාය. ඒවා තියෙන්නේ පොත් රාක්කවල නොව සමාජයේය.මම අමුතු මිනිස්සු කිව්වේ ඒ නිසාය. අමුතු මිනිස්සු නමින් හොඳ ටෙලිනාට්‍යයක් කලකට පෙර ප්‍රචාරය විය. එය හොඳ නාට්‍යයකි. මිනිසුන්ට රස පෙවීමට නොහැකිය. නමුත් රස හඳුන්වා දිය හැකිය. කෙනෙක් යමක් රසට උයා, කෙනෙකුට එය කවන්නට විඳින්නේ මහා පරිශ්‍රමයකි. එය හොඳින්ම දන්නේ පිසින්නෙකි. මම දැන් කුස්සියට ගොඩවන්නේ, සින්ක් එකෙන් අත සෝදා ගැනීමට පමණි. ෂෙෆා නම් ඒ ආස්වාදය, එලෙසින්ම ලබනා බව පෙනේ. ආහාර සැකසීම විනෝදාංශයක් වෙනතාක් කල් එය “හොබි” එකකි. ගෙවල්වල උදවිය මේක දිගටම කොහොම කරනවාද යන්න, සිතීම පවා මට නම් හෙණ වාතයකි. මේ යකා මොනවා ලියනවාද කියා වැඩිපුර නොසිතන්න.
ඔබරෝයි හෝටලයේදි මම අපේ රටේ අගමැති කෙනෙකු සහ පසුව ජනාධිපති කෙනෙකුගේ බිරිඳගේ කකුල් දෙකේ උඩු කොටස දැක්කෙමි. එසේ දැකීම හෝ පෙන්වීම මහා අපරාධයක් නොවේ. නමුත් ඒ වෙනුවෙන්, අන් අයගේ සරල සුවපහසුවට බාධා කිරීම කොහෙත්ම සුදුසු නොවේ. මෙය සිදුවූවේ ඔබරෝයි හෝටලයේ නාන තටාකයේ නොහොත් ස්විමිං පූල් එකේය. ඒ කාලයේ අඩියෙන් අඩියට පූල් තිබුණේ නැත. හෝටලයේ නේවාසික අමුත්තන්ට පූල් එක තහනම් විය. අන්දොස්ය…මඤ්ඤංය. සින්දුවක් අහලාම ලියමු. මට මෙම ගීතය මතක්වූයේ එදා විමල් සුරේන්ද්‍ර වැනි ජායාරූප මාධ්‍යවේදීන්ගේ ඝාතන මතක්වෙන විටය.
vමේ නෝනාට මහ පුදුම පිස්සුවක් තිබුණු බව, රටට අමුතුවක් නොවේ. කරන්නේ මොනවා දැයි, නොකරන්නේ මොනවා දැයි කිසිම හැඟීමක් තිබුණේ නැතැයි මට දැන් සිතේ. නෙට්බෝල් හරහා ටෙනිස්, වෝටර් පෝලෝ දක්වාත්…ගී ගැයීමේ සිට ක්ලිවේජ් එකේ ඩීප් එකට යනකම් කරන මහා පුෂ්ප පූජා දක්වාත් මෙය ඉහවහා ගොස් තිබුණි. මේ ඇයගේ ජීවිතය, වඩාත් සුපෝෂ්පිතවු කාලය යැයි මට සිතේ. එතුමියට වෝටර්පෝලෝ ක්‍රීඩා කිරීමට සිත් ඇත්විය. ඒ සඳහා, ඔබරෝයි පූල් එක ඇය සහ ඇයගේ සහචරියන්ට පමණක් විවෘත විය. සුද්දන්ට මුඛ පූට්ටුය. තමන් නිදහසේ බුක් කරවාගත් හෝටලයට එවන් ක්‍රියා මාර්ගයක් ගැනීමට සිදුවීම පිළිබඳව, හෝටල් කළමනාකාරිත්වය ලැජ්ජා විය යුතු බව සුද්දෝ කියා සිටියෝය. මේවා එදත් උන්ට ඕන විදිහටය අදත් කියා කිසි වෙනසක් තිබේද…නමුත් රටේ තත්වය ඊට වඩා මහා අධිපතිවාදයක් ඉසුලු බව සැබෑය. පැය කීපයකට එය තහනම් කලාපයක් විය. අපි ලොක්කියන්ගේ කකුල් නැරඹිය. තමන්ට සුදුසු සහකාරිය හෝ සහකරුවාගේ කතාව අප නැවත සිතිය යුතුවේ, එදා එලීනා ජයවර්ධනට මනා හික්මීමක් තිබුණා යැයි මම සිතමි. අද ශෂී වීරව්ංසලාට නැත්තෙත් ඕකය. තව කතා තිබේ. මේ ඔබරෝයි කතා දන්න කෙනෙක් ඇත්නම් මා හා එක්ව ලියන්න යැයිද ඉල්ලමි.
ඔබරෝයි හෝටලයත් මා හයවෙනි වසරේ සිට ඉගෙනගත් රාජකීය විදුහල වගේ ස්පොට් එකකි. බොහෝ ප්‍රසිද්ධ ආයතනයන්ය. හෝටලයේදී මට හමුවු අසූව දශකයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෝ සහ විචාරකයෝ බොහොමයක් ජොලි පොරවල්ය. චැපල් බ්‍රදර්ස්ලාගේ සිට ඩෙනිස් ලිලී, ඉයන් බොතම්, ඉම්‍රාන් ඛාන්, සුනිල් ගවෙස්කාර්, අබ්දුල් කදීර් වගේ උදවිය බොහෝය. මුනුත් අපි උඹලා වාගේ අමුතු මිනිස්සුය. මොවුන්ගේ පෞද්ගලික චර්යාවන් යම්තරමක් හෝ දකින්නේ හෝටල් සේවයකින්ය. මේ ගැන වෙනම ලිවීම වටී. මේ දේවල් මම දෑසින් දුටුවෙමි. මුන් ජොලි පොරවල්ය. මුන්ගේ ගෑනු දන්නවා නම් ජුණ්ඩා කපා දමනවා ෂුවර්ය්ස්. හැමෝම එසේ නැත. ඒ සමහර ගැනුන් මුන් සමගම එන නිසාය. දෑසින් දුටු දේ බොහෝය.
මේ එවන් ක්‍රීඩයෙක් හා කතාවකි. අපේ ආර්යාවට, රිචර්ඩ් හැඩ්ලී සමගින් ටෙනිස් ගැසීමට ආශාවක් ඇතිවිය. හැඩ්ලී ඒ දිනවල අහිසය ප්‍රසිද්ධය. අපේ පිතිකරුවන්ගේ මූලික ඉලක්කය වූයේ හැඩ්ලිට ෆේස් කිරීමය. ඒ කෙසේ වෙතත් හැඩ්ලි ඇතුළු නවසීලන්ත කංඩායම හිටියේ අපේ හෝටලයේය. රෙසිඩන්ට්ස්ලාට පැය කිහිපයකට ටෙනිස් කෝට් එක තහනම් විය. රිචර්ඩ් හැඩ්ලි සහ ආර්යාව ටෙනිස් ගහනවා දැකපු එවුන් අතරේ සිටි එකෙක් අතර මමද වෙමි. මම කකුල් මෙන්ම ටෙනිස්ද දැක ඇත්තෙමි. මේ විහිළු තුළින් අපි ඕනෑ තරම් පාඩම් ඉගෙනගෙන ඇත්තෙමු. අද මීටත් වඩා අමුතු මිනිසුන් ජීවත් වෙනවා විය හැක. ලියන්නට තව දේ බොහෝය. මේ නෝනා නෙට්බොල් ගහන කාලේ, මම ජෝන් ද සිල්වා රඟහලේ නිතර නාට්‍යය නරඹනා තරුණ කොළුවෙක්මි. ඇයගේ ඒ ගැටිසි ජීවන ආශාව,ඇයට නිසි කාලයේදි මග හැරී ගිය හෝ නොලැබුණු දෙයක් වන්නට ඇත. මටත් එවැනි දේ බොහෝය. නමුත් අප අනුන්ගේ අනුහසින්, ජනතාව සතු දේ පරිහරණය කරන්නෝ නොවෙන බව පැහැදිලිය. මේ කතාව නිසාම මාගේ නාට්ටි පිස්සුවත් මතකයට එක්වේ. ඒකත් තව පස්සට යන පෝස්ට් එකක් වීම වැලක්විය නොහැක.
ඒ නෙට්බෝල් කංඩායමේ මගේ මිතුරෙක්ගේ පොෂ් සොයුරියක්ද විය. රෝසි සේනානායක නෙට්බෝල් කොට සායට හොඳ හැඩයක් විය. නෝනාද වරදක් නැත. පස්සට වඩා ඒ කාලයේ ඔළුව ලොකුව තිබෙන්නට හැක. මම එය නොදනිමි. මේ සියල්ල අතරේ පසු කාලයකදි, අපේ දුව, බිරිඳ සහ සෝමා ඇන්ටි නම් මගේ දෙවෙනි අම්මාටත්, මේ ආර්යාව සමග පෞද්ගලික තේ සැඳෑවකට අවස්ථාවක් උදා විය. ඇය සංග්‍රහශීලී ගැහැනියක් බව මගේ නැන්දම්මා පැවසීය. එය කෙසේ සිදුවූවා දැයි මට මතක නැත. මගේ අතිජාත මස්සිනා එය නිවැරදිවම දන්නා බව මම දනිමි. එය යාලට සම්බන්ධය. මට යාල ගැන ලියන්නත් බොහෝ දේ තිබේ. මම එක තැන කැරකෙනවා නොව,නූල් බෝලයක් දිග හරිමින් සිටින්නෙමි. මෙය නිකං නූල් බෝලයක් නොව අවුල් නූල් බෝලයකි.
යමක් ලියා අවසන් කර හෝ වෙන යමක් කර අවසන් වෙන විට ඇතිවන්නේ පුදුම සතුටකි. ඒත් එක් වැඩක් නම් ඉක්මනින් අවසන් කරන්නට හෝ වෙනවා දැනීම ඉවසාගත නොහැකි වේ. අදට මෙතනින් අවසන්ය. අදට අඩිය සමගම ලිවීමද අවසන් කරන්නෙමි. අකුරු ටිකක් වැඩියෙන් කෙටීමද දැන් දැන් මහා අලස ක්‍රියාවකි.
පවුල් දිවිය සමබර ලෙස ගෙනියන්න
අවුල් නොවී වටපිට දැණුමක් ගන්න
තැවුල් තොරව දිවියම හෙට ජයගන්න
අවුල් නොවුණු මේ සටහන් කියවන්න…….
ජයවේවා!!!
පවුල් දිවිය සමබර ලෙස ගෙනියන්න
අවුල් නොවී වටපිට දැණුමක් ගන්න
තැවුල් තොරව දිවියම හෙට ජයගන්න
අවුල් නොවුණු මේ සටහන් කියවන්න…….
ජයවේවා!!!
ප්‍රේමය නැමති මහා ගංගා දහරා වේ
පීනන කුඩ මසුන් අපි දෙන්නා වූවා වේ
ගඟ දිය පහර දෙ අතක වෙන්වූ වා වේ
දිනකදි දෙකම එකටම සයුරට යා වේ…….
උඹ මගේ ස්වයං චරිතාපදානය කියවලා තියනව ද ? හෙහ් හෙහ්…
ඔබරෝයි එකෙදි මට ටෝනි ග්‍රෙග්ව දැකීම වාසනාව ලැබුනා..කොහෙද යන පගර නැට්ටෙක් වෙච්ච මාත් එක්ක කට පුරා හිනා වෙච්ච මනුස්සයා නිහතමානි කෙනෙක් කියලා මට හිතුනා.. එක හිනාවෙන් මිනිස්සු මනින්න බෑරි වුනාට එයා එහෙම කෙනෙක් වෙන්න ඇති කියලා හිතන්න මම කැමතියි..
සමහර හෝටල් සේවකයින් නම් ග්‍රෙග් ගැන කියන්නෙ වෙනස් කතාවක්.
වෙස්ට් ඉන්ඩීස් ක්‍රිකට් ක්‍රීඩකයොත් හරිම උද්දච්ච් කියලයි ඒ සේවකයො කියන්නෙ
වෙන්න ඇති ප්‍රා… හැබැයි පොර මොකක් හරි හේතුවක් හින්දා මගෙත් එක්ක කට පුරා හිනා වුනා.. එක හිනාවෙන් මිනිස්සු මනින්න බෑ…
///////සමහර හෝටල් සේවකයින් නම් ග්‍රෙග් ගැන කියන්නෙ වෙනස් කතාවක්.///////////
ප්‍රා…….මෙහෙම කියන්න හේතු තියෙනවා. මේ මිනිස්සුන්ව මැචස් දවසට දකින්න පුලුවන් බ්‍රෙක්ෆස්ට් වෙලාවට හෝ, ඩිනර් වෙලාවට විතරයි. බොහොමයක් ප්‍රසිද්ධ අය ඒ දවස්වලට රෙස්ටෝරනට්වලට එන්නෙම නැහැ. සියල්ල කාමරයටම ගෙන්න ගන්නවා. එකක් මහන්සිය. අනිත් එක උන් ජොබ් එක කන්සන්ට්‍රේට් කරනවා. ඒ අස්සේ අපේ පොරවල් ගිහින් අත්සන් ගන්නයි, බයිලා අහන්නයි ගියාම උන්ට මල පනිනවා. ඔය වගේ අය උදේ වරුවට වෙන ලෝකයක ඉන්නේ. තනියම කියවන එවුනුත් ඉන්නවා. ඒ රාජකාරියට සෙට් වෙන වෙලාවනේ.
මට ටික කාලයක් රූම් සර්විස් කරන්න වුනා. තනියම කාමරවල ඉන්න වෙලාවට තමයි මුන් චැට් දාන්නේ අපිත් එක්ක. ඒ වෙලාවට ඇත්ත මිනිහා එලියට එනවා. ඉම්‍රාන් කාන්, අබ්දුල් කදීර්, වසීම් අක්‍රම් වගේ අය මට කාමර ඇතුලේ චැට්වලට අහුවෙලා තියෙනවා. “පොශ්” තරුන කෙල්ලෝ ඒ දවස්වල හෝටල් හොයාගෙන එන්නේ. රසවත් වගේම, දුක හිතෙන කතාත් තියෙනවා. මෙහෙම ලියන්න බැහැ. අපේ කෙල්ලෝ විතරක් නෙමේ සුද්දියොත් පැනලා දෙන්නේ.අපිට ඊරිසියයි. උන්ට සෙක්ස් ෆ්‍රී…
වෙස්ට් ඉන්ඩීස් එවුන් මහ ඇරගන්ට් කියලා හිතෙන්නේ, උන්ගේ කතා කරන විලාසේ නිසා වෙන්න ඇති. උන් හොඳම පිස්සෝ. මම කියන්නේ ඒ කාලේ.
සෙන්නා….උඹේ චරිතාපදානේත් මේ වගේම මලදානයක්ද දන්නේ නැහැ. 😀
/////එහෙම කෙනෙක් වෙන්න ඇති කියලා හිතන්න මම කැමතියි..//////
එහෙම හිතපන්. හොඳ මනුස්සයෙක්. නිතර කතාකරන්නේ නැහැ. ඒවුනාට ජරා පොරක් නෙමේ. ප්‍රසිද්ධ වෙන්න වෙන්න, බොහෝ දුරට ඉතා පෞද්ගලික වෙන්න වෙනවා. නැත්නම් තමන්ගේ වැඩේ කරගන්න අමාරුයි.
//ඇය සංග්‍රහශීලී ගැහැනියක් බව මගේ නැන්දම්මා පැවසීය. එය කෙසේ සිදුවූවා දැයි මට මතක නැත. //
ආර්යාව දෙමටගොඩ සුදුවැල්ල ක්‍රීම් හවුස් එකේ වැඩ කරන කාලේදී අඳුනාගන්න ඇති හිටන්!
ඉතින් මොකැ ඒකට
ඒකනේ අටමෝ. වෘත්තිය කියන එකට අපේ තාත්තා කිව්වේ ආදායම් මාර්ගය කියලා. රස්සාව තුලින් මිනිස්සුන්ව මනින්න එපා කියන පාඩම මට කියා දුන්නේ පරණ සමසමාජ කාරයෙක් වෙච්ච අපේ තාත්තා සහ ඔහුගේ සමහර මිතුරන්. ඒ පාඩම අපි දරුවන්ටත් කියලා දෙනවා.
සරසයෝ….කන්න බොන්න දීලා හුරු මිනිස්සු තමයි වඩාත් සංග්‍රහශීලී බව මම අත්විඳලා තියෙනවා. අපේ සමාජයේ හිටපු සහ ඉන්න ලොකු නෝනලගේ බේස් එක ගැන කතාකිරීම මෙලෝ රහක් නැහැ. එව්වා කතාකරන්න ගත්තොත් කොහෙන් ඉවරවෙයිද දන්නේ නැහැ. අර පල්ලෙහා ඇනෝ කෙනෙක් අහන්නේ මගේ බලාපොරොත්තු ගැන. නමුත් මා කියන මැය ඉතාමත් සංග්‍රහශීලි බව මම දැක තියෙනවා. මම අරලිය ගහ මන්දිරයට ඔබරෝයි සේවකයෙක් ලෙස කිහිප වරක් ගොසින් තිබෙනවා.
80 දශකයේ ඔබගේ මන පිනවූ ආර්යාවගේ කකුල් දෙකේ උඩු කොටස දැක්කෙමි කියා එකල කිසි හඬක් නොගා දැන් මොර දීමෙන් මෙකල කුමක් බලාපොරොත්තු වේද ?
///////කල කුමක් බලාපොරොත්තු වේද ?/////////
කිසි බලාපොරොත්තුවක් නැහැ ඇනෝ…..මතක තිබිච්ච දෙයක් ලිව්වා. මට තියෙන ලොකුම බලාපොරොත්තුව , මාසේ අන්තිම පඩිය තමයි. කූල් එකේ කියවන්න. යකඩ යකඩ විදිහට දකින්න. යකඩ රත්වෙලා කියලා හිතලා අල්ලන්න එපා. අත් පිච්චෙනවා. ඔන්න ඔහේ කියවගෙන පලයන්. නැත්නම් අත හැරලා දාපන්.
ඔන්න ඔහේ කියවගෙන පලයන්. අනිවා !! හැබැයි පිට කසනුනම් එපා…. දෙල් කඳයි ගල් අම්බලමයි වැඩිදුරක් නැනේ
පිට කැසීම මගේ ශබ්ද කෝෂයේවත්, ජීවන රටාවේවත් නැහැ. ඒත් මචං ගල් අම්බලම, දෙල්කඳ හංදිය වගේම බොහෝ තැන් මගේ ජීවිතයට සම්බන්දයි. ඒ නිසා නම, ගම, දාතම, පාසල, ස්ථාන, රැකියාව, සහ චරිත අදාල කරගන්න එපා. ඒවා භෞතික දේවල්. අපි බොක්ක කතා කරමු.
aaa
bbb.. 😀
Ccc
zzz 😀
මට උඹලගේ කෝඩ් සිස්ටම් එක තේරෙන්නේ නැහැ.
මේක වෙනස්ම කතාවකි.අවුල තියෙන්නෙ උම අපිව අවුල් කරන එකේය.එක දිගටම සියල්ල ලියා දානවනම් මරුය.නැත්නම් සික් එක වගේය.
නිශ්මා…ඔන්න ඔහේ ලියා ගෙන යන්න දීපන් බං. සැලැස්මක්, ඇජෙන්ඩාවක් ගැන වැඩිපුර හිතන්නේ නැති එකෙක්, සැලෑස්මකට ලියයිද…මට ඉතුරුවෙලා තියන කතාව ඇතුලේ , මට පස්සේ කාලයක උනත් උඹ බොහෝ දේ දැක ඇති එකෙක් බව මට හිතෙනවා. ඒ සාකාච්ඡාවට මම මාර ලොල්. මම ලියාගෙන එන්නම්. “ලේඛකයෙක්” මගේ තුලින් උඹ බලාපොරොත්තු නොවීම මම අගය කරනවා.
හැබැයි ඒ කාලේ ඔය ලොන්තේගේ සුදු කකුල් ගැන ඔ්වා කිව්වා නම් අරුන අයියාට ඇඩ්රස් නැති ෆියුනරල් එකක් සෙට් කරලා දෙනවා ෂුවර්.
එක එක කාලවලදි නොයෙක් විදිහට මිනිස්සුන්ව අතුරුදහන්වුනා. තාමත් හොයනවා. සමහර ඒවා අමතකවෙලාත් ගිහිල්ලා. ඉදිරියටත් වෙයි . පාලකයාව ප්‍රශ්න කිරීම අතුරුදහන්වීමට මාර්ගයක් වීම, අපේ දේශපාලන සංස්කෘතියද මන්දා…..
ඇත්තම කියනවනම් අදනම් කිසිම කමකට නෑ.
නිකමට හිතුවොත් මේ පලවෙනි ලිපිය කියල, Zero.
නියම අරූ ස්ටයිල් එක එන්න බිව්වමද, නැතුවමද දන්නෙ නෑ.
සමාවෙනු මැනව ඇනෝ.
//////නියම අරූ ස්ටයිල් එක එන්න බිව්වමද, නැතුවමද දන්නෙ නෑ./////////
මමත් එහෙම ස්ටයිල් එකක් තියෙනවද සහ ඒක එන්නේ කොයි වෙලාවටද කියලා, බීලා සහ නොබී දෙකෙන්ම ට්‍රයි කරලා බලනවා :
පිළිවෙලක් නැති අවුල් කතා වලට අපි මහත් කැමතිය…පෙර කතා පෙළෙහි ඉතුරුව බලාපොරොත්තුවෙන් ඉමි..
දෙන්නම්කෝ ලොක්කා..ඉදිමෙන්නට බොක්කා 😀
අට පට්ටම් මිනිස්සු කියලා පොතක් තිබුනා කියවලා තියනවද ….
උදේම හිල්ටන් එක ඉස්සරහට ගිහින් හවස් වෙනකන් ඒක දිහා බලගෙන ඒක තමන්ගේ කියලා හිතාගෙන සිහින මවන මිනිහෙක් ගැන
අලුතෙන් පටන් ගන්න නැව් සමගමකට කැප්ටෙන් ගේ සිට සියලුම සේවයකයන් ඕනේ කියලා පත්තරේ දැන්වීමක් දාපු අතේ පිජිය නැති මිනහෙක් ගැන (පොර නැව සමගමක් ලියපදින්ජි කරලා සමගමක් ලියාපංචි කරන්න රුපියල් 29 ලු )..
ඒ පොතේ තිබුනේ …
පත්තරෙත් ඒ ලිපි මාලාව ගියාද කොහෙද
මම නම් ඔය පොත කියවලා නැහැ මෙන්ඩෝ. මිනිස්සු සිහිනවල ජීව්ත්වීම නරක දෙයක් නෙමේ කියලා අපේ දුව කියනවා. හැබැයි සිහිනයි යතාර්ථයයි වටහාගන්න පුලුවන් නම් වැඩේ හරි. මට නම් එහෙම හීන කියලා දෙයක් තිබුනේ නැහැ මෙන්ඩා. එන විදිහට ගියා. ඒක ඒ තරම්ම හොඳ වැඩක් නෙමේ කියලත් සමහරු කියනවා. මම ගොඩක් දේවල් ගිව් අප් කරන ජාතියේ කෙනෙක්. අමුතු මිනිස්සු.
හ්ම්… මොනවා කියන්නද…? ළඟදි ගෙදර ගිය මැඩම්ටත් ඔය පිස්සුවම තිබුනා.. ඒ ඇර අර මඩම් නොකරපු දේත් කළා.. ඒ අතින් ප්‍රොෆෙසර් වික්‍රමසිංහ හා එලේනා ජයවර්ධනට වගේම සිරිසේන නෝනත් අගය කළ යුතුමයි…
මැඩම් ගැන තා එක දෙයක් කියන්න ඕන.. ඔය ප්‍රේමදාස මහත්තයගේ හඳහන් සෙට් එකේ කෙනෙක් නේ අපේ මාමන්ඩි.. අනිතිම කාළේ නම් උන්නැහේ මාමන්ඩි එක්ක මලෙන් උන්නේ ගාමිණිලා ලලිත්ලා එන යන එකට. මාමන්ඩි කියපු දෙයක් තමයි රාජ යෝගය තියෙන්නේ ප්‍රේමදාසට වඩා නෝනටය කියන එක. ඒක මම හිතන්නේ ප්‍රේමදාස මහත්තයත් දන්නවා. ඒ නිසා ඔය වැඩ වලට ඉඩ දෙන්න ඇති. ප්‍රේමදාස මහත්තයත් සැන්ට් ජෝසප් ගියාය කියලා අමු කෙප්පයක් ඇද බෑවේ.. ප්‍රේමදාස ගිහින් තියෙන්න මරදානේ තිබුන “පෙම්බෲක්” කියන ඉස්කෝලේට. ප්‍රේමදාස මහත්තයගේ මල්ලියි අපේ තාත්තයි එක පන්තියේ යාළුවෝ. ඉස්සර ගෙදර ආවා ගියා.
ඔය මිනිස්සු පිස්සු කෙලියට. බොහෝම ලෙන්ගතු හිතවත් මිනිස්සු කියලා තමයි දන්න කියන අය ඔක්කෝම කියන්නේ..
මාතේ….ඇත්ත කතාව. මට එලේනා ජයවර්ධන මගේ රැකියාව නිසා හමුවී තිබෙනවා. ඇය බොහොම හොඳ මනුස්සයෙක් බව කිව හැකියි. සියා උල් හක්, ජේ ආර්/එලීනා, ප්‍රේමදාස/ හේමාවෝ, වගේ ඉහල සෙට් එකකට සංග්‍රහ කිරීම මටත් තව දෙතුන් දෙනෙකුටත් පැවරුනා. ඒ ස්ටේට් බැන්ක්වට් එකකදි.
ඩීබී විජේතුංග පවුලත් බලය කියන ඔටුන්න කැත විදිහට පාවිච්චි නොකරපු පවුලක් කියා මම හිතනවා.
මට හිතෙන්නේ අනිත් හැම දේකටම උඩින් ජෝතිසේ ඔලුව උඩින් තියාගෙන ඉන්න උදවියව පාලනය කරේ ගෙදර නෝනලද කියලා. ඔය නායකයෝ දෙන්නටම වෙලා තියෙන්නේ එකම දේද මන්දා.
පෙම්බ්‍රොක් එක තිබුනේ අපේ ඉස්කෝලේ ගාව. මරදානේ සේන්ට් ලෝරන්ස් කොලෙජ් කියලා එකක් තිබුනා.
/////ඔය මිනිස්සු පිස්සු කෙලියට. බොහෝම ලෙන්ගතු හිතවත් මිනිස්සු කියලා තමයි දන්න කියන අය ඔක්කෝම කියන්නේ..//////////////
මේ පිලිබඳව මමත් අහලා තියෙනවා. මගේ මස්සිනා මේ බව මට කියා තියෙනවා.
ටිකක් අවුල් ගිහින් වගේ නේහ්?
ඔය කියන මැඩම් පසු කාලෙක බලය නැති වෙලා ඉන්න කාලේ මට නිතර හමුවෙලා තියෙනවා. මම කන්න යන තැනකට නිතරම එතුමියත් එනවා ඒ කාලේ. ඒ දවස් වල නම් හිටියේ බොහොම අහිංසක විදියට හරියට කාත් කවුරුවත් නැති කෙනෙක් වගේ. කොටින්ම හිටපු ප්‍රසිඩන්ට් කෙනෙක්ගේ වයිෆ් කීවම අපි ඊට වඩා කල එලියක් බලාපොරොත්තු වෙනවානේ. සී බී කේ වගේ
මම හිතන්නේ බලයෙන් අමුතු විදියටම අන්ද වුනේ ඊට පස්සේ කෙනා. මහින්ද මහත්තයාටත් නීති දාන්න තරම් ඇය බලයේ උපරිමය විඳිමින් හිටියා කියලා තතුදන්නෝ කියන්නේ. අර ජිම් එකේ කේස් එකේදි එහෙම මහ දාවාලේ ගිහින් සෙකුරිටි එකක් අස්සේ තග දාන්න තරම්.. අම්මෝ බයේ බෑ…
ඒ අතින් අර මාතලන් කියනවා වගේ අනිත් තුන් දෙනා නම් අගයන්න වටිනවා.
/////ටිකක් අවුල් ගිහින් වගේ නේහ්?////////
ටිකක් ?
හරියට කාත් කවුරුවත් නැති කෙනෙක් වගේ. කොටින්ම හිටපු ප්‍රසිඩන්ට් කෙනෙක්ගේ වයිෆ් /////
මට මෙහෙම හැඟීමක් ආවා ඇයව ඔමානයේදි ශොපින්ග් සෙන්ටර් එකකදි දැක්කාම.ඇය යම්කිසි චිත්ත පීඩාවකින් පසුවන බව හිතුනා. ඒ බලය නොමැති කාලේදී.
සමහරු ගැන ඇත්තටම් ප්‍රේහේලිකාවක් ..
ජීවිතය කියන්නෙම අමුතු ප්‍රෙහෙලිකාවක්නේ සුමුදු. අපි ඔක්කොම එකිනෙකාට වෙනස් අමුතු මිනිස්සු. මට පේන විදිහට නෙමේ උඹට පේන්නේ. උඹ හිතන විදිහට නෙමේ මම හිතන්නේ. ඒ නිසා මේවා අමුතු තමයි. මාත් අමුතුම එකෙක් වෙන්න ඇති තවකෙකුට.
මට හමුවී ඇති නා නා ප්‍රකාර අප්‍රසිධ මිනිසුන් ගැන වෙනමම පොතක් ගැහුවැකි.
මා ප්‍රිය අරුණ පෙරේරාණෙනි,
ඔබතුමා එදවස දුටු ආර්යාවගේ ශ්වේත වර්ණ කලව පිළිබඳ එදවස නො ලියා මෙදවස ම ලිවීම ඔබගේ හිතසුව පිණිස ම වූයේ ය යි සිතේ. දැක හෝ නො දැක හෝ ආර්යාවගේ ජල ක්‍රිඩා වර්ණන (දිය කෙළි වැනුම්) ලේඛනගත කරන්නට වූ අප හිතවත් ලසන්තා නතර වූයේ ඉන්දියාවේ ය. ඔබතුමා මෙහි ලියා ඇති දෑ එදවස ලියුවේ නම් ඔබතුමාට එසැණ ඉන්දියාවට නො ව එංගලන්තයට ම විසා ලබා ගැනීමට හැකි වන්නට ඉඩ තිබිණි. ඔබතුමාගේ කේන්ද්‍රයේ ග්‍රහ පිහිටුම හොඳ වූයේ නම් අරුණ මහා දිව්‍යරාජයා ලෙස දිව්‍ය ලෝකයේ උපදින්නට ද වරම් ලබන්නට ඉඩ තිබිණි.
තවත් වරෙක ආර්යා තොමෝ දැල් පන්දු ක්‍රිඩා කළා ය. එය මළ කෝලමක් වූයේ අනෙක් ක්‍රීඩිකාවන් ඇයට අභියෝග කරනු තබා ඇය ළඟට යන්නට හෝ බිය වූ නිසා ය. මහවැලි අමාත්‍යාංශයට අනුයුක්ත ව සේවය කළ සනෝජා බිබිලේ ද එම දැල් පන්දු කණ්ඩායමේ සිටියා ද කියා මට පැහැදිලි මතකයක් නැත.
“ශ්‍රීමත්” රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ජනවිඥානය හඳුනා ගත්, නිලධාරීවාදය මැඬ ලූ කාර්යශූර දේශපාලනඥයෙකි. එතුමා බොහෝ වැඩ කළේ ය. ඒවා පිළිබඳ බොහෝ සේ කීවේ ය; අනුන් ලවා කියවා ගත්තේ ය. එතුමා උපන් ගෙයි ප්‍රදර්ශනකාමියෙකි.
තමනට රුචි නො වූ සතුරාට එළව එළවා පහර දුන් එතුමා තමනට රුචි වූ මිතුරනට එපා කියන කල ද “නෑ ගන්න සහෝ ගන්න” ය යි පවසමින් සංග්‍රහ කළේ ය. ලංකාවේ රාජ්‍ය සේවයේ නිලධාරී පෙළැන්තියෙන් නිසි ආකාරයට වැඩ ගත් නායකයා ප්‍රේමදාස ජනාධිපතිතුමා ය. වසර ගණනක් තිස්සේ සාදා නිම නොකෙරුණු පාරවල් එතුමාගේ අවධානය ලද කල නො ලසා සෑදිණි. නිලධාරීන්ගේ කෙස් පැළෙන තර්කවිතර්ක අසා සිටින එතුමා පවසන්නේ “මා සති දෙකකින් එනවා පාර විවෘත කරන්න. වැඩ කටයුතු අවසන් කර තබන්න” යනුවෙනි. සති දෙක අවසානයේ දී පැවසූ ලෙස ම කාර්යසාධනය වන්නේ ය.
ජනපති ජංගම සේවය ද එදවස නවමු පරිපාලන කටයුත්තකි. ඇතැමකු කුකුළු කූඩු ලෙස හැඳින්වූයේ වුව ප්‍රේමදාස මහත්මාගේ සැමට සෙවණ ගම්උදා නිවාස අගය කළ යුතු ය. අනූර බණ්ඩාරනායක මිනිස් පැය සහ මිනිස් දින පිළිබඳ අරුම පුදුම ගණන් සාදමින් පාර්ලිමේන්තුවේ සුප්‍රකට කතාවක් කළ ද ප්‍රේමදාස මහත්මා බොහෝ අයට හිසට සෙවණක් දුන්නේ ය; නළ ළිං සාදවා බොන්නට දිය දුන්නේ ය. ඒ තරමට ම මංසන්ධිවල ඔරලෝසු කණු ද සෑදෙව්වේ ය! ඒ සියලු ඔරලෝසු කණු අතර හිඟුරක්ගොඩ මංසන්ධියේ ඇති ඔරලෝසු කණුව නම් මනරම් ය.
දහසක් ලුහුඬුකම් මැද වුව එතුමා ඇරඹූ ජනසවිය දුප්පත්කම පිටුදැකීමේ වැඩපිළිවෙළක් ලෙස අගය කළ යුතු ය. බොහෝ උගතුන් ප්‍රේමදාස මහත්මා කෙරෙහි අවඥාසහගත වුව ද ඔක්ස්ෆර්ඩ්හි උගත් සුසිල් සිරිවර්ධන සේ ම එහි ම උගත් චානක අමරතුංග ද ප්‍රේමදාස මහත්මාට සමීප වූහ. සුසිල් එදවස සුවිශාල කාර්යභාරයක් කළ දක්ෂතම රාජ්‍ය නිලධාරියෙකි. අවසන් කාලයේ දී චානක තම සුවියත් භාෂා සහ දේශපාලන-ආර්ථික ඥානය ප්‍රේමදාසයන් වෙනුවෙන් වැය කළේ ඇයි යන්න පිළිබඳ විවිධ අර්ථකථන පවතී. රිය අනතුරකින් චානක අකාලයේ අප හැර ගියෙන් එම ප්‍රශ්නයට නිසි පිළිතුරක් නැත.
මීගලෑවේ ආරියදාසගේ සිට හිඟුරක්ගොඩ සමන් මුදලාලි දක්වා පොදුජනයා ප්‍රේමදාස මහත්මා පෞද්ගලික ව දැන සිටියහ. රටේ ජනාධිපති තමන්ගේ ගෙදරට පැමිණ තේ කෝප්පයන් බී, “මුදලාලිගෙන් මට උදව්වක් ඕනැ. ගම්උදා භූමියට යන්න පාර හදන්න මුදලාලිගේ ඉඩමෙන් ඉඩක් දෙන්න පුළුවනි ද?” ය යි විමසීම පණ්ඩිතමානී උගතුනට වැඩකට නැති වුව ද සාමාන්‍ය මිනිසුනට නම් මහා වැදගත් ය.
ප්‍රේමදාස ජනාධිපතිතුමා පිළිබඳ පෙර කී හොඳ එතුමා ක්‍රියාවට නැඟුවේ සඳ නැඟෙන කාලයේ ය. සඳ බසින කාලයේ එතුමා කළ කී දෑ කුප්‍රකට ය. මම ඒවා මෙහි නො ලියමි. ප්‍රේමදාස පුතණුවන් පිළිබඳ නම් මම කතා නො කරමි. ඒ තැනැත්තා පිළිබඳ කතා නරන්නට දෙයන් නැති නිසා ය. එක්සත් ජාතික පක්ෂය බිඳ දමන්නට ව්‍යාජ ලෙස මහත්මා දේශපාලනඥයකු ලෙස පෙනී සිටින කරූ ජයසූරිය තරමට ම විනාශකාරී කාර්යයක් කළ තැනැත්තා පුතණු තෙම ය.
මා ළබැඳි අරුණ පෙරේරාණන්ගේ අවධානය දිනා ගත් ආර්යාව පිළිබඳ ජනතාකල්පය එතරම් හොඳ නැත. වියුණුපති මාතලන් පවසන “ඒ අතින් ප්‍රොෆෙසර් වික්‍රමසිංහ හා එලේනා ජයවර්ධනට වගේම සිරිසේන නෝනත් අගය කළ යුතුමයි…” යන ප්‍රකාශයට මම සැක සංකා නැති ව එකඟ වෙමි. සිරිසේන නෝනා අගය කළ මනා වුව ද දූ කුමාරිය නම් යන්නේ පෙර කී ආර්යාවගේ පාරේ බව සිතේ! (එදවස රාජ්‍ය සේවය පිළිබඳ මා දන්නා තරමට නම් රාජ්‍ය නායකයන්ගේ දූ කුමරියනට රාජ්‍ය සේවකයන් මෙහෙය වන්නට නොහැකි ය. මෙදවස එසඳහා අවසර තිබේ ද යන්න මම නො දනිමි.)
අරුණ පෙරේරාණනි, ඔබරෝයි හෝටලයේ ඉහළ මහල්වල සිට අවට නරඹන කල ඔබතුමාට මහනුග උද්‍යානය පෙනුණේ ද? හැට-හැත්තෑව දශකවල ලංකා දේශපාලනයේ මහමොළකරු වූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක සේ ම පුරෝගාමි ගුවන් විදුලි මාධ්‍යකරුවකු වූ වර්නන් කොරයා පදිංචි ව සිටියේ ද එහි ය. එදවස ප්‍රකට කලාකරුවෝ නිතොර මහනුග උද්‍යානයට ආ ගියහ.
අරුණ පෙරේරාණන්ගේ ලිපියට ස්තුතියි. මම ඔබතුමාගේ ලිපිය අගයමි.
බන්‍ධුල කුදලාගම,
සදම්ටනය.
/////අරුණ මහා දිව්‍යරාජයා ලෙස දිව්‍ය ලෝකයේ උපදින්නට ද වරම් ලබන්නට ඉඩ තිබිණි.///////
බන්ධුල……ඔය විත්තියක් දන්නවා නම්, ඒ දවස්වලම ඔය විස්තර කාටහරි කියනවා. දිව්‍යරාජයෙක් වෙලා ඉන්න තියෙනවා නම් මොන සැපද ලොක්කා 😀
දිව්‍යරාජයෙක්ම නොවුනත්, මට මතක්වුනේ සුභ සහ යස නාට්ටියේ සයිමන් නවගත්තේගමව. මම වගේ රජෙක් :d මට ඒ දිනවල ප්‍රසිද්ධ නාට්ටියක් මතක් වෙනවා. නම ඔලුවට එන්නේ නැහැ. දේවාලයක් ගැන. මනෝ, ලාල් කුලරත්න, ජයශ්‍රී චන්ද්‍රජිත් එහෙම හිටියේ. මනෝ රඟපෑ ඇති නාට්‍ය නම් කොපමනක්ද…ඔහු මහා පුරුශයෙක්.
බන්ධුල මනෝගේ වෙබ් අඩවියට ගියාද…http://jayalathmanorathna.org/Home.aspx ඔබේ අදහසට තව කෙටි පිලිතුරක් පසුව ලියන්නම්.
/////“ශ්‍රීමත්” රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ජනවිඥානය හඳුනා ගත්, නිලධාරීවාදය මැඬ ලූ කාර්යශූර දේශපාලනඥයෙකි. එතුමා බොහෝ වැඩ කළේ ය. ඒවා පිළිබඳ බොහෝ සේ කීවේ ය; අනුන් ලවා කියවා ගත්තේ ය. එතුමා උපන් ගෙයි ප්‍රදර්ශනකාමියෙකි.//////////
මේවා ඇත්ත බන්ධුල. මේ ටික විතරක් නෙමේ මේ කමෙන්ට් එකේ බොහෝ දේ ඇත්ත. ඒක මහින්ද රාජපක්ශලාටත් අදාලයි. මම හිතන්නේ අපේ මිනිස්සුන්ට ඕන ප්‍රදර්ශනකාමීන් තමයි. අපේ මිනිස්සු ශෝ එකට ලොල්. පඩ ශෝ වලට ගොඩක් ලොල්. නමුත් අපේ අයට හඳුන්වා දිය යුත්තේ සොඳුරු අඥාපතියෙක්. මෙහෙම කෙනෙක් සිංහල වේදිකාවේ නම් හිටියා. ඒ සුගතපාල ද සිල්වා. මම බන්ධුලව අවුස්සනවද මන්දා…ඒත් මේක බලන්න. https://www.youtube.com/watch?v=8I_ZForOyUs
රාජ්‍ය පාලකයෙක් හැටියට මම සොඳුරු ආඥාදායකයෙක්ව අත්විඳලා තියෙනවා. ඒ සොඳුරු කමක්ම නෙමේ. සෙමි ඩික්ටේටර් වගේ එකක්. ඒ තමයි ඕමානයේ සුල්තාන් කබූස් නම්වූ ඕමාන පාලකයා. මට වඩා මේවා හැලපේ දන්නවා ඇති. ඒත් අමුතු පාලකයෙක්. රජෙක් වගේ රජෙක්.
ඔය ක්ලිප් එකේ සුගතපාලයන් කියනවා ” ශේක්ෂ්පියර්ලා එක පාරටම බිහිවෙන්නේ නැහැ” කියලා. අවාසනාවකට ඒක බොහෝ අය දන්නේ නැහැ බන්ධුල.
අරුණ පෙරේරාණෙනි,
මනෝ විශිෂ්ට යි. ඔහු විශිෂ්ටයකු වන බව සරච්චන්ද්‍රයන් තම ස්වයං අපදානයේත් ලියා ඇත. මම ඔහුගේ නාට්‍ය බොහෝමයක් නැරඹීමි. ඔහුගේ නාට්‍ය කීපයක් ම මා සේවය කළ ආයතනවල නාට්‍ය උලෙළ සඳහා ඇතුළු කිරීමට ද කටයුතු කෙළමි. මනෝ උගත්, නැණවත්, ඉදිරිමත්, වැදගත් මහත්මයෙකි. මනෝ පිළිබඳ ලියන්නට අප්‍රකට බොහෝ දේ ඇතත් රාජකාරියේ දී හමු වූ අයගේ විස්තර ලිවීම මගේ වෘත්තිය ආචාර ධර්මවලට අකැප නිසා නො ලියමි (එම වෘත්තීය සබඳතා ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු සමඟ බැඳී ඇති නිසා ය. සෑම වෘත්තියකට ම මෙය අදාළ නැති විය හැකි ය). එහෙත් රාජකාරී සමය තුළ පෞද්ගලික ව හමු වූ හිතවතුන් පිළිබඳ ලිවීම අකැප නැත. ලිවිය හැකි දෑ ඉදිරියේ දී ලියමි. අරුණ පෙරේරා සැම දා මෙන් මට ලියන්නට ඇති මාතෘකා ලැයිස්තුව දිගු කරයි! සියල්ල ලියන්නට මාරයා ඉඩ නොදෙන්නට ඉඩ ඇත. මනෝගේ වෙබ් අඩවිය මා දුටුවේ අද ය. එය හඳුන්වා දුන්නාට ස්තුතියි!
රෝහණ සහදෝරයා මනුකයෙන් නො දුටු අය ද රෝහණ සහෝදරයාගේ අරක ඇද යි, මේක ඇද යි කීම පිළිබඳ මට ඇත්තේ පිළිකුලකි. දැන් සමහරු මෙකී ආචාර ධර්ම නො සලකා පොත් ද ලියා පළ කරති. මේ අශිලාචාර වැඩේ වසංගතයක් කළෝ ඉරිදා පත්තරවල අතිරේකකාරයෝ ය.
මම මේ දිනවල මරදන්කඩවල යකඩයා පිළිබඳ මගේ පැරණි මතකය සටහන් කරන්නට මනස් කෙටුම්පත් සකසමින් සිටිමි. ඔහු මට ජීවිතයේ යුග තුනක දී හමු වී ඇත. හේ රසාකරයකි. ඔහුගේ සුප්‍රකට පුස්කොළ පොත් පිළිබඳ ඔහුගේ කතා අමරස ය. වෛද්‍ය වෘත්තිකයන්, නීතීඥයන් සහ දෛවඥයන් තමාට රාජකාරියේ දී මුණ ගැසුණු අයගේ පෞද්ගලික තොරතුරු ලියා පළ කරන්නට වුව හොත් මරු එකට තියේ වී!
බන්‍ධුල කුදලාගම,
සදම්ටනය.
අරුණ පෙරේරා මා ළබැඳි මිතුසඳ,
මා ලියා ඇති දේ “රාජපක්ෂලාටත්” නො ව “රාජපක්ෂලාට වඩාත්” අදාළ ය. ප්‍රේමදාසයන්ගේ ප්‍රදර්ශනකාමී ඉතිහාසය රාජපක්ෂ යුගයේ දී වඩා තීව්‍ර ලෙස පුනර්කරණය වූ බව පිළිගත යුතු ම ය. ඉතිහාසය පුනර්කරණය වීමේ දී එය පළමු ව ඛේදවාචකයකි; දෙවනු ව විගඩමකි. තෙවනු ව එය කුමක් වේ ද යන්න මාර්ක්ස් නොකීවේ ය. තෙවනු ව එය මළකෝලමක් විය හැකි ය. විගඩම්කාරයා හොඳ නැති බව පවසා බලයට පැමිණි අය මළකෝලම්කාරයන් වීම අවාසනාවකි. මම වැඩි ම කලක් ලංකාවේ රාජ්‍ය සේවයේ සිටියේ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩු කාලවල ය. මා දුටු දුර්වල ම එක්සත් ජාතික පක්‍ෂ පාලන සමය වර්තමාන ආණ්ඩු සමය ය. මේ හවුල අවුල් ය. හවුල කඩා තනි පක්‍ෂයක ආණ්ඩුවක් සාදාගත යුතු ය. මොන පක්‍ෂයෙන් වුණත් කම් නැත. ජාතික ප්‍රශ්නය විසඳිය හැකි කවරකුට වුව මම මනාප ය (සරසතුමාගේ ලිපියට මා එක්කළ ආලෝචනය කියවනු මැනවි). ලංකාවේ ඡන්ද බලයත් නැති මම ඕවා ගැන කතා කරන්නට නො රිසියෙමි. අරුණ මගේ හිතවතකු නිසාත් මා අරුණ විමසන සෑම කරුණක් පිළිබඳ ම අවධානී නිසා ද පැවසුවෙමි.
සුගත්ගේ සොඳුරු ආඥාදායකයා පිළිබඳ ලියූ ලිපියක් මගේ ලිපි ගොනුවේ තිබිය යුතු ය. සොයා පළ කරමි. සොඳුරු ආඥාදායකයා යනු නාට්‍ය ප්‍රයුංජකයාට, පාත්‍ර වර්ගයාට පමණක් නො ව ප්‍රේක්‍ෂකාගාරයටත් වඩා උච්ච සංකල්පයක්. ඒ ඇයි? නාට්‍යය නිසි ලෙස ගෙන යන්න දහසක් අදහස් ඒක්ක නොහැකි නිසා. සුගත්, අපේ කට්ටිය… අන්න කතා කරන්න විටින මිනිස්සු.
බන්‍ධුල කුදලාගම,
සදම්ටනය.
සුගත්ගේ විඩියෝව සමඟ තිබුණු මේ විඩියෝවත් අගෙයි. තිස්සගේ හඬ.
බන්‍ධුල කුදලාගම,
සදම්ටනය
මරා මාදෙස බලන්න…මරා මාදෙස බලන්න. බන්ධුල ඔබ බොහේ දේ කතාකරනවා. මේ සියල්ල අප කවදාහෝ බ්ලොග්ගත කල යුතුයි. ඒවා සිදුවිය යුත්තේ ඔබ වැනි උගත් මිනිසුන් අතිනුයි. ඒ ඔබ සමාජශීලි බුද්ධිමතෙක් යැයි මම සිතනා නිසා. පිට කැසීමක් නොවේ.
උඹ කිව්වත් වගේ ගෙදර ඇත්තෝ 365ස් දවසේම උයනපිහින එක ගැන හිතනකොටනං පිස්සු ඩබල් වෙනවා තමයි….!
මචං අර රිචඩ් පතිරණ චූ කලෙත් ඔබරෝයි පූල් එකටද නැත්තං ඉන්ටකොන් එකේ පූල් එකටද..?
උඹේ මේ පාර පෝස්ට් එක ත්‍රීවීල් මල්ලිලා පාරේ යන වීදිය හා ස්පීඩ් එක මතක් කරා…!
/////උඹ කිව්වත් වගේ ගෙදර ඇත්තෝ 365ස් දවසේම උයනපිහින එක ගැන හිතනකොටනං පිස්සු ඩබල් වෙනවා තමයි….!///////////
උයන පිහන එක විතරක්ද බං. තව කී දාහක් ගෙදර වැඩ තියෙනවද.. හෙට අනිද්දා මම එක්තැන් වුනොත්, තව කොච්චර වැඩ වැඩිවෙයිද. දැනුත් බලාගන්නේ පොඩි එකෙක් වගේ. මම ශෙෆෝ ස්ත්‍රීන්ව නිරතුරු වර්ණනා කරනවා. ඒක පැවැත්මට හොඳයි 😀
////////අර රිචඩ් පතිරණ චූ කලෙත් ඔබරෝයි පූල් එකටද නැත්තං ඉන්ටකොන් එකේ පූල් එකටද..?////////
පිස්සුද බං….”අපේ ඔබරෝයි” එකේ සුදු සරං කාරයින්ට හුජ්ජ කරන්න දෙනවද…පොර චූ කරේ එයාගෙම පැත්තෙ පූල් එහෙක බව මට මතක. පව් බං. ඩෝප් එකේ කරපු වැඩක්නේ. මොනවා කරන්නද…නැශනල් එක අඳින මිනිහා වෙච්චි, සරම උස්සගත්තට, තැන අමතක වෙන්න ඇති. වැඩිපුර ඩෝප් වුනාම , ඕවා වෙන්න පුලුවන් දේවල්.. අප්සෙට් එක වුනේ ලොක්කා අධ්‍යාපන ඇමතිවෙලා හිටිය නිසා. ජල සම්පාදන වගේ වුනා නම් එච්චර අවුලක් නැහැ. පව් බං. ඩෝප්.
////උඹේ මේ පාර පෝස්ට් එක ත්‍රීවීල් මල්ලිලා පාරේ යන වීදිය හා ස්පීඩ් එක මතක් කරා…!/////
ත්‍රීවීල් මල්ලිලාත් ඇතුවත් බැරි, නැතුවත් බැරි සෙට් එකක් බං….උන්ගේ අගේ දන්නේ කාර්වල යන අපි නෙමේ බං : අද මගේ ටෝක්ස් වැඩිද බං…
Thank you Aruna.
Thank you too Ranjan.
අදනම් ලියන්න හොඳ බ්‍රෑන්ඩ් එකක් නෙමේ සෙට්වෙලා තියෙන්නේ…
කලවම් කරල හොරාට මුඩිය ගහපු එකක්වත් සෙට් උනාද දන්නේ නැහැ… 😉
හැමදාම උයන එක වගේම හැමදාම කන එකත් පණ යන කේස් එකක්නේ…
///////අදනම් ලියන්න හොඳ බ්‍රෑන්ඩ් එකක් නෙමේ සෙට්වෙලා තියෙන්නේ…///////////
ලොකු පුතා….ලියන්න හොඳම බ්‍රෑන්ඩ් එක මොකක්ද කියලා මාත් හොයනවා. ඒත් අපි ලැබෙන බ්‍රෑන්ඩ් එක අනුව මොකක් හරි ලියනවා. අඩෝ ලොකු පුතා උඹ මොකද කියන්නේ…මොන බ්‍රෑන්ඩ් එකකින්වත් උඹ ලියන්නේ නැහැනේ. මල්ලි මොකද කියන්නේ….
///හැමදාම උයන එක වගේම හැමදාම කන එකත් පණ යන කේස් එකක්නේ…//////
කන සහ +කන දෙකම පණ යන කේස් තමයි. නොකාත් බැහැ… නො+කාත් බැහැ 😀
වයසත් එක්ක තේරුං ගත්ත සත්‍යයක් 😀
ඇරියස් කවර් කිරීම
ඕක හැම මනුශ්‍යාගේම අඩු වැඩි වශයෙන් දකින්න ලැබෙන දෙයක් මමනම් හිතන්නේ. ඒත් අපි වගේ ඇත්තෝ ඒ ඇරියස් එක කවර් කරන්නේ මුදල් අතට ආවහම. මේ කියන අයට මුදල් එක්ක බලයත් ආවහම උන් පිස්සෝ වගේ ඒ දේ කරන්න යනවා. ලොකුම හේතුව හීනමානය වෙන්න ඇති. ඒත් බලය කියන තැනදී හැමෝම තමන් දිහා බලන් ඉන්නවා කියලා උන් අමතක කරනවා. අන්න ඒ වෙලාවේදී අනේ උන් නිකම්ම ජෝකර්ලා ටිකක් බවට පත්වෙනවා. පවු ඉතින්….
ඇරියස් කවර් කිරීම
ඕක හැම මනුශ්‍යාගේම අඩු වැඩි වශයෙන් දකින්න ලැබෙන දෙයක් මමනම් හිතන්නේ. ඒත් අපි වගේ ඇත්තෝ ඒ ඇරියස් එක කවර් කරන්නේ මුදල් අතට ආවහම. මේ කියන අයට මුදල් එක්ක බලයත් ආවහම උන් පිස්සෝ වගේ ඒ දේ කරන්න යනවා. ලොකුම හේතුව හීනමානය වෙන්න ඇති. ඒත් බලය කියන තැනදී හැමෝම තමන් දිහා බලන් ඉන්නවා කියලා උන් අමතක කරනවා. අන්න ඒ වෙලාවේදී අනේ උන් නිකම්ම ජෝකර්ලා ටිකක් බවට පත්වෙනවා. පවු ඉතින්….
///////ලොකුම හේතුව හීනමානය වෙන්න ඇති/////////
කටුස්සෝ……වෙන්න ඇති නෙමේ, ඒක තමයි ප්‍රධානතම හේතුව. ඕක මානසික ලෙඩක්. මම ඩොකෙක් නෙමේ. ඒත් ඕක ලෙඩක්. තමන්ට තමන් ගැන විස්වාශයක් නැති වෙන්න පටන් ගත්ත තැන ඉඳන් හීනමානය කියන ලෙඩේ පටන් ගන්නවා. හොඳ කරන්න ටිකක් අමාරුයි. ඩොකාලා බෙහෙත් දන්නවා ඇති. මම දන්නේ නැහැ. හැබැයි හොඳ සහකරුවෙක් හෝ සහකාරියක් හිටියා නම්, ඔහොම ලෙඩ හැදෙන්නේ නැහැ. මේක කායික සහ මානසික ප්‍රශ්නයක්. බැලන්ස් නැතුවුනාම තමයි, ඔය වගේ රෝග ලක්ශන මතුවෙන්නේ. මම කියන්නේ බොරුද හා..
මගේ මතකය නිවැරදි නම් අලුත්ගම සීසෑන්ඩ් හෝටලයේ පූල් දර්ශනයක් වීඩියෝ කල කැමරාකරුගේ වීඩියෝ පටිය ආරක්ෂකයන් විසින් එලියට අද දමා තිබේ. ඔවුන්ට වෙනත් අලකලංචි සිදු වුවාදැයි නොදනිමි. මමද යම්තාක් දුරට මේ එරියස් වැඩේ කර ඇත්තෙමි. මා ක්‍රිකට් පිත්තක් මිලදී ගත්තෙමි. එය මට අවැසි ආකාරයට වෙනස් කර බැලුවෙමි. පසුව එය නැගණියගේ පුත්‍රයාට පරිත්‍යාග කළෙමි. වෙනස ඒ සඳහා වැය කලේ මගේම මුදල් වීමය. නමුත් ඒ තුලින් මා අත්දැකීම් ලබා ගතිමි. ආයතනයේ පිත්තක් මොඩිෆයි කිරීමේ හැකියාව ඇතිතරම් තිබුනද, එසේ නොකලෙමි.
සුදීක……එහෙම තමයි වෙන්නේ. අපි කාටත් එරියර්ස් කවර් කිරීමේ ආශාව එක් එක් පරිමානයෙන් තියෙනවා. එහෙම නැහැ කියනවා නම් ඒවා බොරු. අපි එරියර්ස් කවර් කරගන්න හදන පාලකයෝ නම් රටට නායකයො ලෙස තෝරන්නේ, අපිට තමයි වැරදිලා තියෙන්නේ. අපි මහ අමුතු මිනිස්සු කොට්ඨාශයක් මචං. මේක තේරුම් ගන්න ලොකු කාලයක් යනවා. මම ඒක තේරුම් ගන්නවා මා තුලින්ම.
පොතෙන් පතෙන් උගනින්නට බැරි බොහෝ දේ මහ පාරෙන් ඉගෙනගන්න පුළුවන් කියල කාරනාවට මම එකෙන්ම ඔබතුමා සමග එකඟයි අරුණ මහත්මයා.. එදත් අදත් මම කැමති වයසක මිනිස්සු එක්ක අල්ලාප සල්ලාපයේ යෙදෙන්න.. ඒ මිනිස්සු ඇතුලේ තිබිල එලියට එන සමහර අත්දැකීම්, ආගිය කතා ඇත්තටම හරිම සුන්දරයි..
හෝටල් සේවකයින් විදිහට ඔබතුමාලා ඇතුලේ ගබඩා වී තිබෙනා රහස් එෆ් බී අයි , ස්කොට්ලන්ඩ් යාර්ඩ් වලත් නැතුව ඇති මම හිතන්නේ..
අම්බලංගොඩ කතා මහත්මයානනි, ඔබතුමාගේ ආලෝචනය මම කියෙව්වෙමි. අඩෝ ගොඩයෝ…මට සෙට්වෙන, මට කැමති තරුන සෙට් එකක් ඉන්නවා. උන් මට අයියා කියනවා නැත්නම් අන්කල් කියනවා, නැත්නම් මචං කියනවා. මෙන්න මේ පරම්පරා, සාම්ප්‍රදායික ගැප්ස්, තව දුරටත් ගැප්ස් නොවිය යුතුයි. ගැප්ස් තුල ඇතිවෙන්නේ ඈත්වීම්. එක පාරට ලංවෙන්න බැහැ. අප හඳුනාගත යුතුයි. ෆ්‍රෙන්ඩ්ස්ලා සහ කම්පෑනියන්ස්ලාගේ වෙනස ,පාලකයෝ දැන ගෙනත් නැහැ, පාලිතයෝ දැනං ඉඳලත් නැහැ. මට ඩෝප් ඕයි.
////////හෝටල් සේවකයින් විදිහට ඔබතුමාලා ඇතුලේ ගබඩා වී තිබෙනා රහස් එෆ් බී අයි , ස්කොට්ලන්ඩ් යාර්ඩ් වලත් නැතුව ඇති මම හිතන්නේ../////////////
එහෙමමත් නෙමේ. ඒත් ස්කොට්ලන්ඩ් යාඩ් එකට තියා බෙඩ්ලන්ඩ් යාඩ් එකේ ගෙදර ජීවිතේ බෙදාගන්න ගෑනිටත් නොකියන රහස් තියෙන්නේ. ඒ මොනවද දන්නවද…..තමන් කරපු මෝඩකම් සහ වල්කම්. මෝඩකම් නම් පස්සේ කාලෙක කියනවා. වල්කං..කියන්න දෙයක් නැහැ. මොකද අපි වල්කං කොරලා නැහැනේ.
අරුයියේ,
මේ දේවල් මෙහෙම කියවන කොට මට හිතෙන දෙයක් තමයි කොච්චර වුනත් එදාට වඩා අද යම්තාක් දුරකට හෝ අපි ග්‍රෝත්තික බවෙන් මිදෙමින් තියෙනවා කියලා.ඉස්සර අතිගරු ශ්‍රීමත් උතුමාණන්ලා ජනපතිකම් කරපු රටේ දැන් නිකම්ම ජනාධිපති කියලා කියන්න පුළුවන් තත්වයක් නේ තියෙන්නේ.හැමදේම නෙගටිව් විදියට දකින එකේ එහෙමවත් පොසිටිව් දෙයක් දකින්න බලන්න ඕන.
ඒක තමයි මනෝ වෙන්න ඕන. ගෝත්‍රික කමෙන් මිදීමේ මූලික සංකල්ප හැදෙන්න ඕන ගෙදරින් කියලා මට දැන් හිතෙන්නේ. මේවා දේශපාලන, සාහිත්‍යය හෝ වෙනත් මාධ්‍ය හරහා දැනුවත් කරන්න පුලුවන්. ඒත් පලමුව, ගෙදරින් සහ දෙමව්පියන්ගෙන් මනසට, ශරීරයට බද්ධවෙන තාක් කල්, මේවා ප්‍රායෝගිකව සහ පොත්වලින් කියලා දෙන්න පුලුවන් දේවල් කියලා නෙමෙයි මම හිතන්නේ. කියලා දෙන්න පුලුවන්…ඒත් තෝරලා දෙන්න අමාරුයි.
නෝනා වෝටර් පෝලෝ ගහල ගියාම උඹල කට්ටියම ගිහිල්ල පූල් එකට බැහැල ඉන්නවලු වරුවක් විතර නේද? මට කිව්වෙ මෙහෙ ඉන්න ඔය කාලෙම ඔබ් රෝයි වැඩ කරපු කෙනෙක්…හෙහ්,හෙහ්,
නෝනගෙ නෙට්බෝල් ටීම් එකේ හිටිය සනෝජා බිබිලේ, යසා රාමචන්ද්‍ර එහෙම. තව හිටිය ඒ කාලේ මිස් ශ්‍රී ලංකා තේරිච්ච් කෙල්ලත්. ඒ කාලෙ ඩේලිනොයිස් පත්තරේ නිතරම ගියා නෝනා කකුලක් එහෙම පොළවට සමාන්තරව උස්සගෙන බෝලෙ ෂූට් කරන්න ලෑස්ති වෙලා ඉන්න පෝටොස්. පිස්සු හැදෙනව එව්ව දැක්කම.
සාමාන්‍ය නෙට්බෝල් නීතිරීති වලට අමතරව නෝන සෙල්ලම් කරන මැච් වලට විශේෂ නීති තිබ්බලු.
1. නෝනා බෝලෙ ඩ්‍රිබ්ල් කරන කොට වෙන අයට ඒකට බාධා කරන්න තහනම්.
2.විරුද්ධ පිලේ අය වුනත් අත්පොලසන් දීල කමෝන් යුවර් එක්සලන්සි කියල චියර් පාර දෙන්ට ඕන.
3. සෑම විටම නෝනට අමතන්න ඕන යුවර් එක්සලන්සි කියල.
4. කිසිම හේතුවක් නිසා නෝනගෙ ඇඟේ හැප්පෙන්න සපුරා තහනම්.
5. විවේක කාලෙදි අනික් ප්ලේයර්ස්ල ටක් ගාල නාල අලුත් ඇඳුම් ඇඳල පර්ෆියුම් දාගෙන එන්න ඕන මොකද නෝනට දාඩිය ගඳ අපුලයි.
යකෝ ඒක මාර තරග නීති …
////යකෝ ඒක මාර තරග නීති …/////මෙන්ඩෝ……මේ ලෝකෙ හැමදාම නීති දෙකක් හෝ හැඳි දෙකක් තිබුනා. ඔය දෙකෙන්ම දෙවිදියකට තමයි බෙදුවේ සහ බෙදන්නේ. මහ ලොකු දේවල් බලාපොරොත්තු වෙන්න එපා. කළකිරීමෙන් කියන්නේ. ඒවා සිහින.
ජීවිතය රස විඳිනා ගමන් ,තම පවුලේ අනාගතය ගැන වඩාත් අවධානය යොදවපන්. වැඩිහිටියෙක් ලෙස කියන්නේ, “පොරක්” නෙමේ.
////////නෝනා වෝටර් පෝලෝ ගහල ගියාම උඹල කට්ටියම ගිහිල්ල පූල් එකට බැහැල ඉන්නවලු වරුවක් විතර නේද? ///////////////////
ඇයගේ පහස ලැබු ජලය පවා මට රසයකි…..ගනු කඩුව..සහ..එනු සටනට. හරි ඩ්‍රැමටික් රවියෝ…
නෙට්බෝල් ක්‍රීඩාවේදි පාලකයන්ට සහ පාලිතයන්ට ක්‍රීඩා නීති දෙකක් තියෙන බව මම ඉගෙනගත්තේ, ජෝන් ඩි සිල්වා එකේ තාප්පය මෙහාට වී, නොමෑඩ්ස් පිටිය දෙස බලා සිටි නිසාය. අද කියා වෙනසක් තිබේද කියා හිතෙන්නේ, ඔය හැම ක්‍රීඩාවකම පොඩි නෙට් එකක් තිබෙන නිසාවෙන්ය.
මචං…මම බොරුද කියන්නේ අපි ඔක්කොටම පිස්සුයි කියලා. මට නම් හොඳටම පිස්සු මචං.
අර ලොකුපුතා කියුවා වගේ අද නං බ්‍රෑන්ඩ් එක අවුල්.. හැබැයි කොමෙන්ට් ටිකෙන් පෝස්ට් එක ගොඩ.. 😀😁
////////හැබැයි කොමෙන්ට් ටිකෙන් පෝස්ට් එක ගොඩ.. 😀😁///////////
ගොඩනම් ගොඩ කමියෝ….ගොඩවුනේ කොහොමද කියලා හිතලා වැඩක් නැහැ. ගොඩක් අය එහෙමයි. උඹට මට වඩා එක්ස්පීරියන්ස් ඇති. අපේ ජීවිත වගේ.
මචං කමියා…මගේ බ්ලොග් එකේ හැමදාම මාර කමෙන්ට් බුවාලා සෙට් එකක් හිටියා. ඒ නිසා මම හැමදාම මාර චැට් එකක් හෝ “පොර” ටෝක් එකක් උන් එක්ක හුවමාරු කරගත්තා. ගොඩ එන්න හෝ වැලලෙන්න හෝ හොඳ, නිර්භීත ,සදාචාරමත් කමෙන්ට්කරුවෝ ඉන්න ඕනේ. මම උන්ට ගරු කරනවා…එහෙම එවුන් බ්ලොග්ස් පොඩ්ඩක් රසවත් කරනවා.
මේ නෝනාට මහ පුදුම පිස්සුවක් තිබුණු බව, රටට අමුතුවක් නොවේ/////අඩු කලේ සෙලවේ කියා සිංහල පිරුලක් තිබේ
/////////////අඩු කලේ සෙලවේ කියා සිංහල පිරුලක් තිබේ///////////
අනේ මන්දා රුවන්..මේක හීනමානයද…මම ඔය රෝග ගැන නොදනිමි.
අඩු කළේ සෙලවීම, විද්‍යාත්මක සිද්ධාන්තයක්ද…..
අරුණ අයියා. මම සහකාරිය ගැන සැලකිලිමත් වෙද්දි දෙමව්පියන්ගේ චොයිස් එකට මගේ චොයිස් එක කැප කලාය.
මම ජිවිතේ අද වෙනකං ගත්ත එකම වැරදි තීරණයත් එයමයි.
මම මේටික ලියන්නෙ හිටපු ගැහැනියට හෝ දෙමව්පියන්ට වරද පැටවීමට තුන් හිතකින් නොව.
ඒ වැටුණු මානසික වැටිල්ලෙන්
2% පමණ මානසිකව ගොඩ වීමට ගෙදර අය උදව් කලත් මේ ඉතුරු 98% න් වගේම සමාජය ඉස්සරහදීම ගොඩ වීමට උදව් කරගත්තේ මවිසින්මය.
මම අදටත් මට ඕන තීරණයක් මමම ගන්නව. එතකොට පාඩුවට හෝ ලාබය ට හානිය ට උත්තර බැඳීමට සිටින්නේ මම පමණක් නිසාය.
ඈ අරුණ තුමෝ. ඔහේගෙ පොස්ට් වලින් මිනිස්සු හිප්නටයිස් කොරනවයි…??
🤔
///////// මම සහකාරිය ගැන සැලකිලිමත් වෙද්දි දෙමව්පියන්ගේ චොයිස් එකට මගේ චොයිස් එක කැප කලාය.
මම ජිවිතේ අද වෙනකං ගත්ත එකම වැරදි තීරණයත් එයමයි.///////////////
වෙච්ච දේවල් වෙලා ඉවරයි බං. ඒ පසුතැවීම්වලින් ලබන දෙයක් නැහැ. ඔය වැඩේ කවදාවත් උඹේ දරුවෙකුට කරන්න එපා. ඒක නොවිය යුතුදෙයක්.
මම හිප්නොටයිස් කරනවද මන්දා. මම නම් හිප්නොටයිස් වෙනවා 😀 හිප්නොටයිසින් කියන්නෙත් නොකල යුතු දෙයක් බව මගේ ගොං හිතට හිතෙනවා. ටික්කා අර බන්ධුල දාලා තියෙන ක්ලිප් එකට පොඩ්ඩක් සවන් දීපන්. මොකද….කතාවක් විතරක් ලියලා වැඩක් නැහැ කියලා මම විශ්වාස කරනවා. එතන සුගතපාල ද සිල්වා සහ තිස්ස අබේසේකරගේ සාකච්ඡාව තුල මා විශ්වාස කරන විදිහ කතා වෙනවා. බන්ධුල මේ ක්ලිප් එකට රොම්බ තෑන්ක්ස්.