මහරාජලා….මහරජාලා සහ මහජනතාව….

මේවා බ්ලොග් පෝස්ට් ලෙස ගනන් ගත යුතු නොවේ. මේ සියලුදේ තුල ඇත්තේ නොයෙකුත් මත්වීම් යැයි මම විශ්වාස කරමි. ඒ මත්වීම් අරක්කු, සිගරට්, ගංජා, කොකේන් නොවන බව අපි දනිමු. මේ තමා විශ්වාස කරනා මිනිහෙක්, ගැහැනියෙක්, ජීවත්වීමේ රටාවක්, හෝ තමන් වඩාත් ප්‍රිය කරනා පූසෙක්, බලු පැටියෙක් , ගිරවෙක්, මයිනෙක් හා ලංව සිටීමේ කැමැත්තට හා සමාන තෝරා ගැනීමක් බව මම විශ්වාශ කරමි. අද අපේ රට පත්ව ඇත්තේත් හුරතලේට රාජ්‍ය පාලකයින් පත්කරගැනීමේ අවාසනාවන්ත තත්වයට බවත් මට සිතේ. හුරතලේට ඇති කරන එකා , තමන්ට සතුටු විය හැකි උපරිමය තෙක් සතුටුවේ. ඒය බල්ලාද, බලු ස්වාමියාද, පූසාද, පූසාගේ අයිතිකාරයද, මයිනාද, ගිරවාද කියා වෙනසක් නැත. නමුත් මාළුවෝ එසේ නොවේ. උන්ව සුරතල් කලත් නොකලත්, බඩට ලැබුනත් , නොලැබුනත්, පිහිනමින් කෑම සොයා ගනී.

රාජ්‍ය තාන්ත්‍රික මාලුවෙක් හෝ ගිරවෙක්, බල්ලෙක්, පූසෙක් හෝ රිලවෙක් සොයා ගැනීම, ගෙදර අයිති මිනිසා හෝ ගැහැනියගෙන් ගිලිහී අවසන්ය. ඒ සඳහා අපට දැන් පෙට් ශොප් විවෘතව තිබේ. එවායේ දැන් ඉබ්බන්ද, කටුස්සන්ද, ගප්පින් විතරක් නොව ආඳන්ද විකිනීමට තිබේ. යමු..යමු..අපි මිලදී ගමු. මේ සුරතලුන් විකිනීමේ කාලයයි, විකිනෙන කාලයයි. අපි සෙල් නොවී, මුන්ව සේල් වෙන හැටි බලා ඉමු.

“මහරාජලා” නොවී, “මහරජාලා” නොවී මොන රෙද්දකට අපි “මහ ජනතාව” වුනා දැයි කියා හිත හිතා ඉන්නෙමි. මහ ජනතාව කියා අපි සියල්ලම කරන්නේ පාලනයට සුරතලුන් සම්පාදනයකි. කපුටන්ට ආප්ප අරන්දීම මීට වඩා යහපත්ය. මේවා පෙට් ශොප්ස්ය..

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

17 Responses to මහරාජලා….මහරජාලා සහ මහජනතාව….

  1. ටිපිකල් පොලිටිකල් අරූ! හෙහ්.. දැන් අගමුල හොයාපන්කෝ මේවගේ.. 🙂

    • කමියෝ…….ඈතට ඈතට හිතන්න යන්න එපා. ඒකෙන් කිසි කෙනෙකුට “මහා” ලොකු වැඩක් වෙන්නේ නැහැ. ඒ “මහා “දේවල් කරන්නේ සහ හිතන්නේ “මහා” අය. ඒ මහා චින්තනය මොහොතකට අමතක කරලා, හෙමින් බලා ඉඳපන්. ලියන්න හිතාගෙනම ලිව්වේ නැහැ මේ සටහනත්. ඒත් ලියන්න හිතුනා. මට පේන්නේ ඔහොමයි, මේ මොහොතේ පවතින තත්වය. හෙටත් අපි කරන්නේ ඕකමයි. මේවා රටක් වෙනුවට පක්ශ හදන අමු ගොන් පාට්. අපේ මිනිස්සුන්ට ඕන රාජ්‍ය නෙමේ ආණ්ඩු. ඒවා හදමු ….ඒවා කඩමු. මරු බං.

      //////////නමුත් මාළුවෝ එසේ නොවේ. උන්ව සුරතල් කලත් නොකලත්, බඩට ලැබුනත් , නොලැබුනත්, පිහිනමින් කෑම සොයා ගනී.///////////////////////

  2. එල ද බ්‍රා මෙන්ඩා says:

    ඇයි බන් බල්ලන්ට ආප්ප අරන් දුන්නත් හොදයි..

  3. Anonymous says:

    නියමයි

  4. Anonymous says:

    /නමුත් මාළුවෝ එසේ නොවේ. උන්ව සුරතල් කලත් නොකලත්, බඩට ලැබුනත් , නොලැබුනත්, පිහිනමින් කෑම සොයා ගනී./
    නියමයි අරූ! 🙂

  5. Ajith Dharma says:

    හහ් හහ් හා – ජෙහාන් ගාවට යනවද සහෝදරයා ගාවට යනවද කියල හිතා ගන්න බැහැ අරූ. හොඳ වෙලාවට ලන්ඩන් වල නතර වුනේ

  6. Anonymous says:

    හැබයි මචෝ වහල්ලු විතරක්ම නැති එක ළොකු දෙයක්….
    පාවෙන මහා ජනතාවකුත් ලංකාවේ ඉන්නවා…
    මම උන්ට හරි ආදරෙයි…
    මම හිතන්නේ උඹ සහ මම ඉන්නේ ඒ කුලකය තුල..
    උන් කාටවත් ණයත් නෑ බයත් නෑ..
    හැබයි කෙලින්න ඕන සක්විති රජ්ජුරුවන්ටද, ගමරාලටද, ප්‍රභූවරයෙක්ද කියන දේ උන්ට අදාල වෙන්නේ…
    උන් ඒ ඕන එකෙක්ගේ පුකටම පයින් ගහලා,
    ඇටෙත් මිරිකලා ගෙදර යවනවා…
    අන්න ඒ සෙට් එකට පින් අත් වෙන්න..
    ප්‍රජාතන්ත්‍රවාදෙද මොකක්ද රෙද්ද තාම තියෙනවා…
    අර වේසිගේ පුතාලටත් එහෙම එකක් තියෙනවා නේද පකෝ කියලා මතක් වෙනවා…
    මේ වෙලා තියෙන්නේ ඒක…
    හැබයි මාසයයි…
    ඕක උන්ට අමතක වෙනවා…
    ආයෙත් රථ ගාය හැදෙනවා…
    මුල නෙමෙයි, ගෑණි දරු මල්ලොත් අමතක වෙනවා..
    නාකි නිලියෝනට මාකට් එකක් හදනවා..
    ටෙලි කෑල්ලක් එක්ක එපාර්ට්මන්ට් එකකට ගෙවදිනිවා..
    හැමිනෙනවා…
    කනවා..
    බොනවා…
    චූ කරනවා…
    කක්කා දානවා…
    චූ දානවා…
    ගව ගාලේ නිදා ගන්නවා…
    අපි පුක ඉරාගෙන හම්බ කරලා උන්ට ආතල් දෙනවා..
    උන් මාද්දිය සාකඡ්චාද මක්කද හුත්තක් තියලා..
    ගොබ්බ මාද්දියවේදිනටයි..
    වහල්ලුන්ටයි…
    අපිටයි..
    පට්ට ආතල් එකක් දෙනවා…

    හොදි ඕනම නෑ…
    බයිට් ඕනෙත් නෑ..
    මල් ඕනෙත් නෑ..
    ගල් තිබ්බම ඇති මෙයා

    දිල් දෙකි දේකෝ…. ///
    දිල්…
    ටීක් බෝල ඕන නෑ
    ඇටේ ගලවලා
    ගහමුද මල්ලියෙ ජිල්

    ෂෙප් එකයි, පාරයි…. – ටෝච් එකයි…, පොල්ලයි…

    මක්කා හරි මේකේ එල්ලුවට තෑන්ක්ස් මෙයා..

  7. පෙට්ලා නිසා හරි අරූ අයිය ආයේ ආපු එකම මදෑ…

  8. Anonymous says:

    හෑ, මේ අර අරූද?
    කොහෙද මගෝඩියො ගිහින් හිටියෙ ?

  9. අනේ මේ ඔය මගුල් ලියල නිකං තෙල් පුච්චගන්නැතුව අර අවුල්වන්නට පෙර ලියල දාන්ඩ.

  10. Rangi says:

    ආයේ ආයෙත් බැලුවා මේ අපේ අරූ මද කියලා.
    අරූ කියන්නේ ලියන්න බොහෝ කතා තියෙන කෙනෙක්. අර මොකක්ද වෙන්න ඉස්සෙල්ල ඒවා ලියන්න ඕනෙ. නැතිව උඩින් පැනලා යන එක අනුමත කරන්න බෑ.
    මම පොලිටිකල් ටෝක් නම් දන්නේ නෑ. කොටින්ම මේ ටිකේ දුවන රන් එකේ වෙලාවක් අහු උනේ නෑ ඒ ගැන ෆලො කරන්න. ඒ විතරක් නෙමෙයි ඒ වෙලාවෙත් නිදියගන්න හෝ කිසිම තේරුමක්නැති වැඩක්
    වුනත් කරන්න මම කැමතියි.
    ආ අහම්බෙන් රවියාගෙ පරන පෝස්ට් එකක අරූගෙයි මගෙයි කතාවක් අහු වුනා ඊයේ. වර්නදේහ වාදේ ද බේදෙද කොහෙද නම 😋

  11. හැට්ටර් -මේ විට්ටර් ගෙ මල්ලි says:

    ඉතාමත් විශිෂ්ඨ විශ්ලේෂණයක්!
    (නොතේරෙන ඒවාට සිංහලෙන් කියන්නේ එහෙමනේද? හැම රජයෙන්ම අති විශාල වැඩ සම්භාරයක් කළා කියලනේ කියන්නේ. එහෙම කෙරුව නං ඉතින් සුද්දෝ රංචු පිටිං ලංකාවට ඇවිදිල්ල PR ගන්ඩ පෝලිමේ ඉන්ඩ එපාය දැන් වෙනකොට, නැද්ද සෑර් )

    මේ අරූ සෑර් ඒක නෙවෙයි, අපේ ලොක්කට ඇයි ‘කපුටා’ කිව්වේ, එයා කළු නෑනේ කොන්ඩෙ ටිකක් ඩයිහට්සු ගෑවට? එහෙමත් නැත්තං ආ …..ප් …ප ….. කෑව නිසාද?

  12. pra jay says:

    ටැංකියේ / bowl එකේ ඉන්න මාළු කෑම දෙනකං බලං ඉන්නෙ. හොයාගෙන කන්න බෑ. උන්ට කෑම නොදුන්නොත් ඒකෙ ඉන්න පොඩි මාලුන්ව කයි. ඊට පස්සෙ belly -up තමයි.

    මගේ ෆේවරිට් සතුන්වන බල්ලන්ට දේසපාලුවන් සමාන කිරීම ගැන විරෝධය.

  13. ඉවාන් පවුලූශා\ says:

    මොන හත් ඉලව්වක්වත් තේරුණේ නෑ , ඒ වුනාට තේරුනා වගේ ඉන්න ඕන

    • pra jay says:

      අපි නම් හැමදාම එහෙම ප්‍රබුද්ද විදිහට තමයි හිටියේ, චෙෆ් ආකිගේ කවි , දරුමකීර්තිගේ පොලිටික්ස් වගේ හයානක දේවල් විතරක් නෙමෙයි හුඟක් දේවල් තේරෙන්නෙ නෑ. ඒත් තේරුනා වගේ තමයි කමෙන්ට් දාන්නෙ.

      සමහරවෙලාවට මගෙම කමෙන්ට් එක ආයිත් කියෙව්වාම මටම තේරෙන්නෙ නෑ. (ෂ් ෂ් කාටවත් කියන්න එපා ලව් පූස්, ඔය මගෙ උඩ කමෙන්ට් එකත් එහෙම තමා ) හොඳ වෙලාවට බ්ලොග් ලියන්නෙ නැත්තෙ

      ඒක නෙමෙයි අරූ වහන්සේ පෙට් ෂොප් එකක් දාල කියල නේද තියෙන්නෙ.
      දැන් හියු හෙෆ්නර් හිටිය වගේ ඇති.

  14. අරු අයියේ… කොහොම උනත් කමක් නැ මාලුවෙක් ගැන හරි ලියන්න. අතුරුදහන් නොවී

  15. අරුණ අයියේ මේ දේසපාලුව අල්ලලා දාල අර අවුල් වෙන්න කලින් පටන් ගත්තු අවුල ලිහල හිටිය නම් ?

Leave a reply to එල ද බ්‍රා මෙන්ඩා Cancel reply