පිස්සුද හැටිද…….

කෙනෙක් ට්‍රම්පට් වයද්දි, තවත් කෙනෙක් බටනලා වාදනය කරයි. කෙනෙක් තාලයට මංගල බෙර වාදනයේ සිටිනා තත්පරයේම, තවකෙක් අවමංගලයේ ශෝකි තම්මැට්ටම වාදනය කරයි. මේ සියල්ල සිදුවන්නේ මිනිස් සන්තානයන් තුල බව අප කවුරුත් දන්නා කරුනකි. නමුත් මේ කිසිවක් නොදන්නා හෝ නොදැනී සිටින්නන් ඉන්නා බව මගුලේ සිනහා වෙන්නා සහ අවමඟුලේ අඬන්නා නොදනී. මේ නම් මිනීසාගේ සැබෑ ජීවන ස්වරූපය බව, මම අත්දැකීමෙන් සහ මට සෙනෙහස දැක්වූ බොහෝ ගැහැනුන් සහ මිනිසුන් ගෙන් මා ඉගෙන ගත්තෙමි.මෙය සැබෑවක්ම මා හඳුනාගත්තේ මගේ අම්මාගෙන්ය. පසුකාලිනව මගේ බිරිඳගෙ අම්මා සෝමා ඇන්ටිගෙන්ය. තාත්තාගෙන් මා ඉගෙනගත් පාඩම් බොහෝය. මිනිසත්කමේ මහා විශාල පාඩම කියා දුන්, සැබෑ මිනිසුන් අතරේ අති විශාල මිනිසා මගේ තාත්තා බව මම අදටත් කියමි. අනිකා මගේ අම්මාය. සෝමා ඇන්ටිලා, ස්ටැන්ලි අන්කල්ලා, ආනන්ද ලොකු හාමුදුරුවෝ,කොම්පඤ්වීදීයේ ඩේලුලා,පකිස්තානයේ සියා උල් හක්ලා ,ඔමානයේ සුල්තාන් කබූස්ලා,එංගලන්තේ චාල්ස් කුමාරයා, මට අහම්බෙන් හමුවූ චරිතන්ය. මගේ කුලුඳුල් දැසින් මා දැක්කේ සහ ඇසුවේ මගේ ආදරනීය අම්මගේ කඳුලුත්, තාත්තාගේ සිනහවත් බව මම නිතර නිතර හිතමි. ඒ සෙනෙහස සහ මතකය හඬ හඬා රස විඳින්නෙමි. හඬ හඬා සැතපෙන්නෙමි. අප සියල්ලෝම මවු පිය සෙනහසේ රැකවල් ගත්තෝ වෙන්නෙමු.

වැරදිකරුවෝ සහ නිවැරදිකරුවෝ කවුරුන්දැයි කීමට තරම් මම විනිශ්චයකරුවෙක් නොවෙමි. නමුත් මම දරුවෙක්ගේ පියෙක් සහ විශාල පවුලක ලොකු දරුවා බව, මගේ බිරිඳ මට නැවත, නැවතත් මතක් කරදේ. වැරදී නොකෙරු පියවරුන් සිටීනම් දෑත් ඔසවා නොසිටින්න. මමද පියෙක්මි. මගේ තාත්තාද පියෙක්ය. ඔහුට අත පසුවූ බොහෝ දේ ඇති බව මම දනිමි. ඔබට අතපසුවූ දෑ කොතරම් ඇත්දැයි ඔබම සිතන්න……

මේවා බ්ලොග් පෝස්ට් නෙමේ. හිතට එන දේවල් විතරයි.

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

15 Responses to පිස්සුද හැටිද…….

  1. Anonymous says:

    පෝස්ට් එක ලියන්නෙ කවද්ද දන් නෑ?
    හැලපයා.

  2. Anonymous says:

    අපේ කාලේ එමපය්ර් එකේ කුයින් ශ්‍රී දෙවිත් මලා බන්

  3. Anonymous says:

    සියල්ල සම්පූර්න වූවන්, ලොවෙත් නැත, ලොවි ගහෙත් නැත, මෝල ගහෙත් නැත..

  4. mppgunasinghe says:

    හිතට එන්නෙම පිස්සු දේවල් තමයි අරු

  5. එල ද බ්‍රා මෙන්ඩා says:

    ලියන එකයි වටින්නෙ…

  6. පිස්සුද හැටිද ? ලියන්න පටන් ගමුද ? 😀

  7. හිතට දැනෙන දේ බොහෝවිට අර්ථාන්විතයි එය ඇතිවෙන්නේ හද පත්ලෙන්මය . සමහර ප්‍රශ්න වලට පිළිතුරු සෙවීම අපහසුය .
    විචාරක දියණිය

  8. Ajith Dharma says:

    කොම්පඤ්වීදීයේ ඩේලුලා – ඩේලු කියල කෙනෙක් මමත් අහල තිබ්බ – රියෝ එක පැත්තේ

  9. මේකත් පෝස්ට් එකක්ම තමයි…

  10. pra jay says:

    හැටි

  11. Manoj says:

    තල්ලු ස්ට්ටාත්

  12. ඉවාන් පවුලූශා says:

    එල එල ආයේ බ්ලොග් පෝස්ට් දාන්න එපා, හිතට එන ඒවා ලියන්න කොන්ඩේ කළු වෙනකං

  13. අම්මලා රත්තරන් වන කල තාත්තලා පිත්තලද?

  14. ඔහොම යන්.. ඔහොම යන්.. ටික ටික පරණ අරූ ට ලං වෙනවා.. බ්ලොග් පෝස්ට් වෙන්දම ඕනි නෑ..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s