මතක මාවත නොහොත් නොස්ටැල්ජියානු සුන්දරත්වය

කාලය කොතරම් මිහිරිද සොඳුරිය…..බොහෝ කාලයකට පසු මට මේ සොඳුරිය මුන ගැසෙන්නේ දෙල්කඳ හන්දියේ, හයිලෙවල් පාරේ , ඉරිදා පොල අසල , මහා කලබෑගැනි කරච්චල් අවස්ථාවකය. ඒ මට ඇය හමු විය යුතුමයි සිතු නිසාවෙන්මය. ඇය සහ මා යනු දෙකක් නොව එකක්ම බව යටි හිත වමනය දමමින් . ඔක්කාර දමනා තත්වයකි. මට මගේ ආදරනීය අම්මා සහ මගේ ජීවිත කළලය ,මා දරුවෙක් සේ වැඩම්මවු ඒ නිවස අසලට පැමිනියේ වසර පනස් හයකට පමන පසුවය. මා සොඳුරිය යැයි ආමන්ත්‍රනය කරන්නේ , මගේ ජීවිත ගමනේ සොඳුරු හෝ අඳුරු ආරම්භය ලබා දුන් අපේ මහා ගෙදරටය.

මම සහ මගේ බිරිඳ පසුගිය නිවාඩුවේ,562, හයිලෙවල් පාර, ගංගොඩවිල, නුගේගොඩ ලිපිනය ඉදිරිපිට, සිසිර මල්ලිගේ ගෙදරට ගොඩ වෙන්නේ, මගේ සොඳුරිය නෙතින් නෙත බලා අතීත ආවර්ජණයක දෙකොපුල් සිඹින්නටය. නමුත් අප මහළුවී, 562 නිවස පමනටත් වඩා නාඹරවී ඇති බවක් මට දැනේ. මට මහා ඊරිසියාවක් සහ මහා සාංකාවක් දැනුණේය. මම සිසිර මල්ලී සමග දොඩමළු වුනෙමි. සිසිර මල්ලී සහ මම කතා කල දේ බොහෝය. එදා සිටි අද නැති මිනිසුන් සහ ගැහැනියන් මෙන්ම, ඒ ගොඩනැගිලිද අද අවතැන්ය. අරක්කු වීදුරුවකට වඩා රසවත් ෆලුඩා වීදුරුවක රස විඳි මම, මගේ බිරිඳගේ අතින් අල්ලාගෙන, අපේ මිත්‍රයාගේ ත්‍රීවීලයට ගොඩ වුනෙමි.

මේ සංසාර ගමනේ, මා අතපත ගෑ ගමන් මගේ ,ඒ සියළු අතුරු මාර්ගයන් තුල හැකි සෑම විටක, ඒ හරහා නැවත ඇවිදීමට මම සිතා ගත්තෙමි. ඒ නිසාම අපි දෙදෙනා නැවත ඕමානයේ සැරිසැරුවෙමු.

මේ කතා කෙසේ ලියා අවසන් කරන්නේ දැයි මම නොදනිමි. මා විශ්වාස නොකරන්න. හිතට දැනෙන විටක පමනක් ලියමි.

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

13 Responses to මතක මාවත නොහොත් නොස්ටැල්ජියානු සුන්දරත්වය

  1. /* මා විශ්වාස නොකරන්න. හිතට දැනෙන විටක පමනක් ලියමි. */

    හා, මචං!

  2. ඔබේ මිතුරා (A) හදිසියේ හමුවුණා. ඔහු මා හැඳින නොගත්තා පමණක් නොවෙයි (එය නම් කමක් නෑ, හමුවූයේ වසර 30+ පමණ පසුව නේ) අලුතෙන් මිනිසෙකු ලෙස මා හඳුණා ගැනීමට ද කිසිම උනන්දුවක් දැක්වූයේ නෑ.

    • රසික…..මා හිතනා මිතුරා A නම් , ඔහු කිසිවිටෙක මා හෝ ඔහුගේ පෞද්ගලික හෝ දේශපාලන මිතුරන් නැවත හමුවීමට හෝ දැකීමට ප්‍රිය නොවන බව මට විශ්වාසයි. ඔහුට දේශපාලන ජීවිතයේ අසීරු අවස්තාවල රැකවරනය දුන් අය පවා අදත් මට ඒ පිලිබඳව කියනවා. ඒක මම දන්නවා. මම හිතන්නේ ඒක එක්තරා මානසික ව්‍යාකූලතාවයක්. ඒ පිලිබඳ වොරි නොවී ඉමු.

  3. Anonymous says:

    දැකීමත් සතුටක්…!
    නොස්ටැල්ජික් කතා අහන්න බලාගෙන ඉන්නවා.

  4. ලියන්න…මටත් ලියවේවි එතකොට හැමදේම…

  5. Amila U.D Pannilage says:

    අවිශ්වාසය මත පදනම්ව කියවීමට හෝ ඇත්තේ සුලු ප්‍රමාණයක ලියිවිලි ය. ඒ අතරිනුත්
    කුමන හෝ හේතූන් නිසා ඒවායේ හිමිකරුවන් විසින් කරනු ලබන බාධා මධ්‍යයේ අපි ඒවා
    කියවන්නෙමු!
    මා මේ දවස්වල
    ජැමෙයිකා farewell ගීතය රසවිඳිමි. ඒ ගීතය පිළබඳව දැන ගත්තේ ඔබගේ සටහනකින් බැව්
    කිවමනාය…. nothing else matters අසා ඇති ද?

    අරූ…. ඔබගේ වයසින් භාගයක් පමණ වයස්ගත (යැයි උපකල්පනය කරන) අප වැනි “කොල්ලන්”
    ට ලබා ගැනීමට අපහසු අත්දැකීම් පිළිබඳව ඔබේ සටහන් කියවීමට
    හැකි වීම ද සතුටකි….
    හැකි නම්, ඉතා කුඩා හෝ සටහනක් බ්ලොගයේ තබන්න…. ඒවා ව⁣ඩා හරවත් ය.

    වචන භාවිතය/ ව්‍යාකරණ හෝ වාක්‍ය ගැලපීම මතු නොව අදහස් ප්‍රකාශනය ද විකෘති
    ස්වභාවයක් ගනු ලැබීම පිළිබඳව සමා වුව මැන!!!!

  6. මෙහෙම හරි කමක් නැ

  7. මෙහෙම හරි කමක් නැහැ මොනා හරි ලියපන් අයියේ…

  8. pra jay says:

    //මේ සංසාර ගමනේ, මා අතපත ගෑ ගමන් මගේ ,ඒ සියළු අතුරු මාර්ගයන් තුල හැකි සෑම විටක, ඒ හරහා නැවත ඇවිදීමට මම සිතා ගත්තෙමි. //

    දුක/සතුට දැනෙන කරන්න ඉතා ආසා දෙයක්.

  9. Manoj says:

    කස ගැහුවා ඇති දැන් ලියහන් අරුයියේ.

  10. Anonymous says:

    කොහොම හරි කමක් නෑ නිතරම මොනා හරි ලියනවා නම්.
    හැලපයා.

  11. කාලයක් අපෙත් ආසම් තැනක්.. ආයෙම කියවන්න උනත් ආසයි ඉතීම් ලියන්නේ නැතුව මිසක් නෙහ්..

  12. Anonymous says:

    පුක මතක් වෙන්නේ රෙන්න බර වුනාම විතරද

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s