අද උදෑසන සිට ලෙස්ටර් ජේම්ස් පීරිස් නම්වූ ඒ උදාර සිනමා වේදියාගේ අවමංගල්‍ය සජීව විකාශය බලා සිටියෙමි. සමාවෙන්න…මේ උතුම් පුරුෂයන් විකුනා ජීවත්වීමේ කාලයයි. පතිරාජයන් මිය යා යුතුව තිබුනේ .ලෙස්ටර් මහත්තයාට පසුවය.එසේවූවා නම් පතිරාජ මළමිනිය විකිනීමට මුන්ට තවත් ඉළක්කම් සහ ටෝක්ස් එකතු වේ. පතිරාජයන් ගිය විදිය හොඳය.
පතිරාජ සහ ලෙස්ටර් යනු මහා සහ සම්බන්දතාවයක් බව ඔවුන් දෙදෙනාම දණී. නමුත් පතිරාජගෙ නික්ම යෑම වඩාත් හිතට දැණෙන්නේ ,මුන්ට විකුනා කෑමට තවත් කුණක් ඉතිරි කර නොතැබු නිසාවෙනි.
ලෙස්ටර් මහතුනෙනි…..සමාවෙන්න, ඔබගේ අවසාන මොහොතේ, මට නම් අසන්නට ලැබුනේ, අදූර් ගෝපාල ක්‍රිශ්ණානයන්ගේ කතාව පමනි. අනිත් සියල්ල අඳෝනා සහ ආයාචනා පමනි.
සමාවෙන්න ලෙස්ටර් උතුමානනි….යන්න තිබුනේ පතිරාජ ගිය විදිහටම යැයි මට හිතෙන්නේ, මම ඔබට දක්වන ගෞරවය නිසාමය.
ඔබත් නැත.. පතිරාජත් නැත…ඔබේසේකරත් නැත…හෙට අනිද්දා ධර්මසිර්ලාත් නැතිවී යා හැකිවේ.ඒ කෙසේ වෙතත් ධර්මසිරිලා ආපහු සඳළු තලවලින් බැසිමේ කාලයත් එක්ස්පයරි වීගෙන එන බවත් ඒ, ඒ, ආකරයෙන් දැන ගත යුතුවේ. යක්ශයෝ ආගමනය වෙන්නේ, මකරාශයන්ට වඩා වේගයෙන්. නමුත් තොපලා විකිණීමේ අශික්කිත අවසන් පත්‍රයට තිත තැබිය යුතුවේ. ධර්මසේන පතිරාජ නම්වූ සැබෑ මිනිසාට මම හිස නමා ගෞරව කරන්නෙමි.
පඩ රාජ්‍ය ගෞරව නම් ගොන් සංකල්පය අං දෙක බිම ගසා පිලිකෙව් කරන්නෙමි. හඬන්නට කඳුළු නොව, වසාගන්නට ඈස් දෙකක්වත් නැති තරමට මේ මිනිසුන් සමාජය අපහරනය කරමින් පවතින්නේය.
මං නං ඔය “මළ විකාර” බලන්න කාලය නාස්තිකර ගන්නේ නෑ!
ඔයාට ඉතින් නිල් චිත්‍රපටි බලන්න නං වෙලාවක් අවේලාවක් නැහැ.. මළ විකාර!
අනේ… මං දැන් දැක්කෙ අරූ නැවත ඇවිත්…. ලිපිය තාම කියෙව්වෙ නැහැ. ඉන්න කියවල එන්නම්. පුනරාගමනයට සුබ පැතුම්
සම්මානෙත් හොරකම් කරලලු… ඔන්නෝමයි අපි රාජ්‍ය ගෞරව දෙන්නේ.. හෙහ්…
.කියලා වැඩක් නෑ අරූ අයියේ ඒ ගැන කතා කරලා …අම්මට සිරි ලංකාවනේ …
ගුණ ගී වරුසා පැසසුම් ඝෝෂා
රැව් දෙන්නේ මරණින් පස්සේ
කී දොස් නැවතී එතුවක් පැවතී
හොඳ මතුවේ මරණින් පස්සේ…
නොතකා සිටි ඒ වටිනා ජීවිත
පොළොවේ සැඟවෙන දා
කළ මහ සේවා සත්ගුණවත් කම්
ගුවනේ රැව් දෙනවා…
මේ ඉර හඳ යට පුහුදුන් වූ අප
කාටත් වරදිනවා
යම් යම් තැන්වල සමහර සිතුවිලි
කාටත් පැටලෙනවා…
ගී පද : කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව සහ සංගීතය : ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු
ගායනය : මයිකල් පීරිස්