තාත්තලා ,අප්පච්චිලා එහෙමත් නැත්නම් ඩැඩීලා හෝ පපාලා ලේසියෙන් හඬන්නේ නැත.. ඔවුන් හඬන්නේ ඇසේ කඳුළු වලින් නොව හදවතේ කඳුළුවලින් පමනක්ම මම බව හොඳින්ම දන්නෙමි. ඒ මමද තාත්තා කෙනෙක් නිසාවෙන්මි. පියෙකුගේ ආදරය කොතරම් වින්දනාත්මකද සහ වේදනාත්මකද යන්න අපූරුවට වටහා ගැනීමට නම්, ඔබ ඔබේ තාත්තාගේ ජීවිතය මුලින්ම වටහා ගත යුතුවේ. එය ඔබ ඔබවම කියවා ගැනීමක් වැනිය. මට මගේ තාත්තා පිලිබඳ නොයෙකුත් විවේචන තිබේ. එනමුත් ඒවා සදාකාලික විවේචනයන් හෝ ක්‍රෝධයන් නොවේ.
ලලිත් රත්නායක නිර්මාණයක් වූ ,” තාත්තා” ටෙලි නාට්‍යය මම “සිරසෙන්” නරඹන්නෙමි. සිරසෙන් වුවත් මා එය රස විඳින්නේ හදවතින්මය. ශ්‍යාම් ප්‍රනාන්දු නම්වූ මේ මිනිසා රඟපෑමට උපන්වූ මිනිස් පුතෙක් බව නැවත නැවතත් පෙන්නුම් කරයි. කැමති අය නරඹන්න. රෝහණ ධර්මකීර්ති නම් අති සුන්දර නිහඬ මිනිසාගේ තනුවක් සහ ගායනයක් වූ මේ ගීතයට සවන් දෙන්න. මේ කුමාර ලියනගේ විසින් රචිත ටොපේ ටොප් පද ආනන්දයක්. තාත්තලා කියන්නේ මහා පුදුම ජාතියක් බං. උන් හරි අහිංසකයි. සංවේදියි. අනේ මන්දා…
අර හීන් හඬට දිය පෑරෙන පහළ වක්කඩේ
දුර ගලා බසින රිදී සිනා රැලි තාම තියේ
කඳු වළලු මැදින් එන හුළඟට කන තියන පුතේ
කෝ දැනෙනවා ද මහ පොළොවේ පපුවෙ තෙතමනේ
වැට කඩුලු මඬුලු උඩ කැරකෙන සකලයො ඉන්නේ
මගෙ පුතේ පිහාටුවමයි අත්තටුවක් වෙන්නේ
ජීවිතේ විතර ගැහැටක් තව කොහිද තියෙන්නේ
මේ ගහේ වැලේ මල් ගැන මං විතරයි දන්නේ
වල් කොළේ කොතැන තිබුණ ද මහ වනේ දන්නෙ නෑ
කුණ්ඩලේ තරම ඇත් ඇහැකින් බලා ගන්න බෑ
පුතු සෙනේ සිරුර සිඳ යන හැටි කියා ගන්න බෑ
මගෙ හිතේ තියෙන සී පද මගෙ පුතා අහල නෑ
ඔයා කලින් දවසක කිව්වා වගේ මේවගේ නිර්මාණ ඉදිරිපත් කරන්න සිරස ට සිරස පහල වීම නම් ලොකු දෙයක්.
//”ශ්‍යාම් ප්‍රනාන්දු නම්වූ මේ මිනිසා රඟපෑමට උපන්වූ මිනිස් පුතෙක් බව නැවත නැවතත් පෙන්නුම් කරයි”//
මාත් එහෙමයි 😛
“මාත් එහෙමයි ”
ඒ කියන්නේ ඉවානුත් රඟපෑමටම උපන් එකෙක් ද?
++++++++++
ඔත්තුවට ස්තූතියි මචං . දැන් නාට්‍යයක් නැතිව හිටියේ බලන්න කුඹියෝ , සහෝදරයා ඉවර වුනාට පස්සේ.
“ තාත්තා“ මම බලපු විශ්ෂ්ථ නිර්මාණයක්. මටත් එහේමයි අරු….. මගේ තාත්තා ගැන මටත් ඕන තරම් විවේචන තියෙනවා…….ඒත් ඒ මගේ තාත්තා……… මට මහ පොළවේ කෙළින් හිට ගන්න කියා දුන් කෙනා. තාත්තා….., “ලොව් තුරු සුව විඳීයි….. අප රජවනු දැකලා “……..!!! …….“තාත්තා“……අසිමිත ආදරයක්………!!!!