මගේ ජීවිත කාලය පුරාවට මම බොහෝ ජීවිත අත්දැකීම් ලබා ඇත්තෙමි. ඒ බොහෝමයක් සමාජ අත්දැකීම්වේ.. ඒ හමුවු බොහෝ දෙන සහා හමුවු මිනිසුන් සැබෑ මිනිසුන්ය. බ්ලොග් ලෝකය තුලින් මට හමුවූ සැබෑ මිනිසුන් බොහෝය. ඉන් එකෙක් නම් “කුඩාගේ සිතුවිලි” නමින් ලියනා කුඩා නොවනා විශාල මිනිසාය. මම මිනිසුන් මණින්නෙ හදවතින් මිස වෙන කිසිම මිණුම් දණ්ඩකින් නොවේ.
“කුඩාගේ සිතුවිලි” මා ලියු බයිලා නොහොත් “අරූගේ අඩවිය” කියවා තිබූ නිසා, ඔහු මට ඔහු ජීවත්වෙන වේල්ස් පුරවරයට පැමිනෙන ලෙස ආරාධනය කෙරුවේය. අපි එහි ගියෙමු. එය ඉතා සුහද සහ සුන්දරණීය අත්දැකීමක් විය. කුඩාගෙ අත්දැකීම් සහ අප දුටු අපූරු ස්ථානයක් ගැන කුඩා සහ ඔහුගේ පවුලේ උදවිය මෙවන් සටහනක් ඔබ සැමගේ සමාජ, සංස්කෘතික ආකල්ප වර්ධනය පිනිස යූ ටියුබට එකතු කර තිබේ. මෙය නරඹන්න. එය ඔබේ ලෝකයට යමක් එකතු කර දෙනු ලැබේ.
“උඩ ඉන්න කොට පහල බලන්න බැරි ” මම වගේ ලෙඩ්ඩුනම් මෙතනට යායුතු නොවේ. ඒවා කුඩාගෙන් අසා ගත යුතුවේ.
බ්ලොග්ස් තුලින් හමුවු තවත් ආදරනීය මිනිසුන්ගේ ආරාධනා මත නොයෙකුත් රටවල් කිහිපයක අපි සංචාරය කෙරුවෙමු. මේ මිනිසුන් ගැන මම විටින් විට ලියන්නෙමි. ලංකාවේදි හමුවු අයද බොහෝමය. මගේ අයර්ලන්ත මිතුරා පිලිබඳ කතාවද අපූරුය. මේවා මහ පුදුම කතාය. මේ මිනිසුන් අරූව හඳුනාගෙන තිබුනේ අකුරුවලින් පමනි. නමුත් අපි දැන් සැබෑ ජීවිත තුලද මිතුරන් වෙමු.
උතුරු වේල්ස් පුරවරයේ පිහිටි මේ Pontcysyllte Aqueduct අපූරු නිර්මාණය පිලිබඳ කුඩාගේ සිතිවිලි ගෙන එන මේ ඉදිරිපත් කිරීම නරඹන්න. කුඩා වේල්සයේ පිහිටි , ඔබ අපව රැගෙන ගිය මේ Llanfairpwllgwyngyllgogerychwyrndrobwllllantysili නම් මේ ග්රාමය පිලිබඳ වැඩසටහනක් යූටියුබයට එකතු කරන මෙන් ඉල්ලා සිටිමි. ඔය දීර්ඝ නාමය ඇත්තේ ඉතා කුඩා ග්රාමයකට බව අපි දැක්කෙමු.
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
ස්තූතියි ඔබගේ දිරි ගැන්වීම් වලට. සයිබර් අවකාශයේ හමු වු සුන්දර මිනිසා “අරු” , සැබැ ජීවිතයේදී හමුවීම තවත් සුන්දර අත්දැකීමක් වුනා. ජය වේවා….!!!!
කොහොමද බන්ස් ඒ නම කියවන්නේ ? සිංහලෙන් ලියන්න පුළුවන්ද ශබ්ධ වෙන විධිහ?
ඔය welsh භාශාව. ඒක මහා අමුතුම භාසාවක් සෙන්නා.මෙන්න මේ තත්පර ගානක වීඩියෝ ක්ලිප් එක බලපන්.
පිස්සු හැදෙනවනේ බන්… දෙවියන් වහන්සේට උන්ට ස්පේස් බාර් එකක් දෙන්න අමතක වෙලාවත්ද ? 😀
වීඩියෝ එක හා විස්තර හරිම පැහැදිලියි. බොහොම ස්තුතියි ඔබේ අත්දැකීම අපිටත් දැනෙන්න සැලසුවට