ෆිලොසොෆිකල් හීන

මට දැන් ටික කාලෙක ඉඳලා ෆිලොසොෆිකල් ඩ්‍රීම්ස් නොහොත් දාර්ශනික හීන පේනවා. මාර ගති. පොඩි ආතල් එකකුත් තියෙනවා. උදාහරණයක් කියන්නම්. මම දැක්කා බුදුන්,යේසුන්,මොහමඩ්,ශිව වගේ සෙට් එකක් එකට වාඩිවෙලා ලන්ච් ගන්නවා. මහනායකලා බත් බෙදනවා. සමන්තභද්‍රලා,කිරිබත්ගොඩලා පඩික්කම් අල්ලනවා. පාප්ලා කාඩිනල්ලා තැඹිලි කපනවා.මක්කම සෙට් එකේ මුල්ලලා පාත්තර හෝදනවා. තිරුපති බුවාලා දැහැත් වට්ටි හදනවා. ඥාණසාරයි රතනයි වෙනම කාමරේක හොරෙන් බූරුවා ගහනවා. මොන හීනද මන්දා. අර ඉස්සර දානේ ගෙයක් වගෙ.

තව හීනයක් දැක්කා. මුහුද අයිනෙ ගලක් උඩ සුදු ඇඳගත්ත මිනිහෙක් වාඩිවෙලා ඉන්නවා. මැරිලත් වගේ. එක පාරටම කුම්බලාවෙක් මුහුදෙන් ගොඩ ඇවිල්ලා අර මිනිහගේ බෙල්ල හපලා කනවා. ඒ මදිවට මේ කුම්බලාවා කියනවා “මිනිස්සුන්ට කොරෝනා නැහැ මුන්ව කාපිය” කියලා. හුරුල්ලෙක් වීඩියෝ කරනවා . සාලයෝ,හාල්මැස්සෝ,කාරල්ලො ,පරා පැටව් වගේ එවුන් බීච් එකේ ඉඳන් බලන් ඉන්නවා. තෝරු මෝරුනම් හිටියෙම නැහැ.

අනිත් එක නම් අමුතුම එකක්. සිරිමා බෝධිය ගාව මිනිස්සු මහා ගොඩක් කිටි කිටියෙ හිරවෙලා සිල් අරන් ඉන්නවා. එක පාරටම හාමුදුරු කෙනෙක් ඇවිත් අර මිනිස්සුන්ගේ කටවල් ඇරලා පෙත්ත පෙත්ත දානවා. තත්පර දහයක් ගියා විතරයි මේ මිනිස්සු ලේ දියව් ,මරපියව් කිය කිය මාර කචල් එකක්. අන්තිමට රත්තරන් වැටෙ පොලු ගලෝලා අනිනවා, ඔලු පලනවා. අන්තිමට හාමුදුරුවරු දහ පහලොව දෙනෙක්ව අපවත් කරවනවා. වීරවංශ හොරෙන් වීඩියෝ කරනවා. ඔව්..ඔව්.විමල් වීරවංශම තමයි ෆුල් ශුවර්.
අනේ මන්දා බං මාර හීන තමයි මේවා. මාර ෆිලොසොෆිකල්…

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

2 Responses to ෆිලොසොෆිකල් හීන

  1. Pra Jay says:

    Sweet & sour dreams !

  2. sudeeka says:

    මාර ඒවා තමයි ඔයාටත් පේන්නේ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s