මම ලියන දේවල් ටිකක් පොලිටිකල් සහ සාර්කැස්ටික් නිසා ඒවට අකැමති අය මේක කියවන්න එපා ප්ලීස්…
කැලෑවක පාලනය කපුටෙකුට ලැබුනොත්,,ඔක්කොම සත්තු කාක් කාක් ඇහුනම උනුත් කාක් කාක් කියන්න පටන් ගන්නවා. සිංහයෝ පවා. රටක් කියන්නෙත් ඒ වගේ පොඩි සිවිල් පාලනයක්නේ. රටක් එළුවෙක් පාලනය කරන්න පටන් ගත්තම රටම බෑ බෑ කියනවා. ඒක වරදක් නෙමේ. මීට වසර ගනනාවකට පෙර බැහැ කියලා අත ඇරලා ගිය උදවිය ,ඒ වෙලාවේ බෑ කියලා ගිහිල්ලා දැන් පුලුවන් කිව්වාම අපි සද්දෙ හඬ තේරුම් ගත්තා. බැහැ කියලා ගියේ ඇමරිකාවටනේ. එහෙ වෙනස්. මෙහෙ වෙනස්. ඒකනේ මම අපේ ගංගා වගේ ෆ්‍රෙන්ඩ්ස්ලාට කිව්වේ කැලිෆෝනියා පොහොට්ටු සහ කැකිරාවේ පොහොට්ටු කියන්නේ ජාති දෙකක් කියලා. ඒවා දැන් ක්ලෝස් කරපු සබ්ජෙක්ට්ස් නේ. ඒත් මේ ටික කියන්නම්. සර්ට තාමත් පොලව සමග ගනුදෙනුව හදලා දෙන්නේ වියත් මගේ සෙට් එක නම් සර් තාමත් අනාතයි. සර් අනාත වුනාට කමක් නැහැ. පුතා තාත්තව බලාගනයි. ඒත් සර් අපි කැකිරාවෙ…කැලිෆෝර්නියාවේ නෙමේ. පොඩ්ඩක් හිතන්න….මේ කැලිෆෝනියාවත් ,එංගලන්තේ සමර්සෙට්වත් නෙමේ. සර්ව ඇන්දුවේ කවුද කියලා ආපහු හිතන්න. දැන්වත් ඒ බැහැ කියලා අත හැරපු මිලිටරි කෝලමයි, පොලිස් වෙස් මූණයි අත අරින්න. ලෝකය එදාට වඩා අද සීග්‍රයෙන් මිනිස් සහ පරිසර අවශ්‍යතා මත ගොඩගැහෙන දියුණු උවමනාවන්ට ඉඩදෙන රාජ්‍යයන් ගොඩ නගනවා. මම කියන්නේ බොරු නම් සර් ඇමරිකාවේ ඉන්න ඔහෙගේ සහජාතක ආදරණීය පුතාගෙන් අහන්න. ඔය අනිත් බේබිලාට වඩා ඒ පුතාට හිතන්න පුලුවන් සමාජ එන්වයර්මන්ට් එකක් එහේ තියෙනවා. සර් ඔයා ඒක දන්නවා. අපි පව් සර් අපි කැකිරාවේ…නැත්නම් කැබිතිගොල්ලෑඅවේ.