අවුල් වන්නට පෙර (44)…පොලිස් කැස්බෑවෝ

බාලගිරි දෝෂය අද නොවේ හෙට යැයි සිතමින් කල් ගත්තෙමි. ඒ වැඩ කටයුතු බහුල වීම නිසාමය. කෙසේ හෝ අද මේ කොටස ලියමි.

ගල්කිස්සේ සේවය කරනා කාලය තුළ බොහෝ රාත්‍රී යාමයන් අප ගෙවා දැමුවේ මුහුදු වෙරළේ හෝ රාත්‍රියට හිස්වන අප සේවා ස්ථානයේ මේස පුටු අතරය. මේ සෑම රාත්‍රියක්ම මධුවිතින් ඇති පදම් සප්පායම් වීමට මුදලුත්, තරුණ ජවයත් පිරී ඉතිරී ගොස් තිබුණි. සිය දහස් ගණනින් වෙරළ පුරා සිටි සංචාරකයින්, වෙළෙන්දන්, බීච් බෝයිස්ලා, රස්තියාදුවෙන්නන් රාත්‍රී හත,අට වෙනවිට විසිරී ගොස් අවසන්ය. නැවත අවන්හල් පිරෙන්නට ගන්නේ මේ වේලාවෙන් පසුවය. නොකඩවා ඇදී එන සුදු සංචාරකයන් නිසා අප කාර්ය බහුල වෙන්නෙමු.

ඒ යුගයේ මාසයකට වරක් හෝ දෙවරක් විදේශීය නාවුක හමුදාවන්ට අයත් නැව් කොළඹ වාරයට සේන්දුවේ. ‘නැවක් බැහැලා’ යැයි පොදු ව්‍යවාහරයේ තිබූ යෙදුම විය. මේවා බොහොමයක් යුරෝපීය රටවල් වල නාවුක හමුදාවන් මුහුදු සංචාරයන් අතරතුර දිනකට හෝ දෙකකට ගොඩ බැසීමේ ක්‍රම වේදයක් විය. සමහර නෞකාවන්හී පන්සීයකට අධික නැවියන් සිටි බව අසා ඇත්තෙමි. කොළඹට නැවක් පැමිණිවිට වඩාත්ම කාර්ය බහුලවන්නේ ගල්කිස්සය. මේ නෞකාවන් දින දෙක තුනකට වඩා නැංගුරම්ලා සිටින්නේද නැත. මහ සයුරේ සති මාස ගණන් ගමනේ යෙදෙනා නැවියන් සහ එහි කාර්ය මංඩලය නැවෙන් එළියට බහින්නේ කූඩුවෙන් එළියට පියාඹන කුරුල්ලන් සහ කිරිල්ලියන් මෙනි. කොළඹ අවට ප්‍රදේශයන්හී නම් ඒ ඒ රටවල නාවික හමුදා නිල ඇඳුමෙන්ම සැරසුණු නැවියන් දහවල් කාලයේ හතර අතේ ඇවිදිනු පෙනේ. ගොඩබිම සිටිනා කෙටි කාලය තුළ උපරිම සතුටක් භුක්ති විඳීමට ඔවුන් වගබලා ගනී. දිනකින් හෝ දෙකකින් නැවත පිටවෙන නිසා ඈත පළාත්වලට නොයනා මොවුන් බොහෝ විට ගල්කිස්ස ඔවුන්ගේ සතුටු පාරාදීසය කරගනී. අවට ප්‍රදේශවල ටැක්සි රියදුරන්, ගණිකාවන්, තැරැව්කරුවන් මෙන්ම කුඩා සංචාරක නවාතැන් හිමිකරුවන්ද, අවන්හල්ද කඩිමුඩියේ වැඩට බසී. මේ දිනවලට නම් මාසයක දෙකකට අපි උපයනා දේ දවසින් දෙකෙන් උපයා ගන්නේ ඔවුන්ගෙන් ලැබෙනා සංතෝසම් නිසාය. හෝටල් පිරෙනවාට එහි සේවකයන් කැමතිය. එවිට අපට ලැබෙනා සර්විස් චාජ් එකත් වැඩිය.

නැවියන්ගේ ජීවන රටාව ගැන අමුතුවෙන් කිව යුතු නොවේ. ගණන් බැලීමකින් තොරව හිතුමතේ අතපය දිගහැර වියදම් කරනා මොවුන්, සියලු සැප සතුට එකවර ලබාගන්නේ, ලෝකය හෙට දින කඩා වැටේවී යැයි පහළවූ බියකින් දැයි සිතේ. එහි ඇති වරදක් නැතැයි නැවත සිතෙන්නේ ඔවුන්ගේ ඒකාකාරී මුහුදු ජීවිතය ගැන සිතා බැලූ විටය. මොවුන් බීමතින් කලහකාරී ලෙස හැසිරෙන අවස්ථා නැත්තේද නොවේ. නැවෙන් බැස කුඩා කංඩායම් කංඩායම් ලෙස වීදි බසිනා, මොවුන් තුලා මා දුටු සුවිශේෂී ලක්ෂණයක් විය. එනම් ඒ ඒ කංඩායමේ එකෙක් හෝ දෙදෙනෙක් බීමත්ව නොසිටීමට වගබලා ගැනීමයි. සමහර විට ඔවුන් බීමට පුරුදු නොවූ අය විය යුතුය. ඒසේ නොමැතිනම් ඒ ඔවුන් සංවිධානය වෙන ආකාරය විය යුතුය. මන්ද යත් පළමු දිනයේ නොබී සිටිවුන් දෙවෙනි දවසේදී ඔසවාගෙන යන තෙක් බොන බැව් දැක ඇති නිසාය. එදාට නොබී ඉන්නේ පෙරදා කරටි කැඩෙන්නට බිව් එකෙක් හෝ දෙදෙනෙකි. ඒ කුඩා කංඩායමම මෙහෙයවන්නේ නොබී ඉන්නා එකා හෝ දෙදෙනාය. බීමත්ව හැසිරෙනා ඔවුන් රැකබලා ගන්නේත්, පාලනය කරන්නෙත් ඔවුන්ය. ඒ හඬට බීමත්වුන් අවනතය. ඒ නැවියන්ගේ සිරිතක්දැයි මම නොදනිමි.

මධ්‍යම රාත්‍රිය වන විට බාර් එක හිස්වූ අවස්ථාද මම දැක ඇත්තෙමි. එවැනි අවස්ථාවල ඉල්ලුමට සැපයුම මදවූ විට, කෑමෙන් පසු කෝපි සමග එක් වරක් කුඩා වීදුරුවකින් බීමට ගන්නා නොයෙකුත් Liqueur වර්ග පවා බෝතල් ගණනින් හිස් කර දමති. සාමන්‍යයෙන් මේවා සපයනු ලබන්නේ මිලි 15-20 වැනි කුඩා වීදුරුවලය. මොවුන් සීයේ ෂොට්ස් හෝ බෝතල් ගණන් මේසයට ගෙන්වා ගන්නේ කෙසේ හෝ මත්වීමටය. Liqueur යනු මත්පැන් වර්ගයක් වුවත් පැණි රස සහ එක් එක් පලතුරු රසයන් අඩංගු නිසා මේවා මත්වීමට බොන වර්ගයක් නොවේ. එය අහාර දිරවීම පහසු කිරීමට ගන්නා මත්පැන්ය. ඩෝප්වී කර පිටින් යන්නෝ බොහෝය. ඒ වෙනුවෙන් ටැක්සි කරුවෝද, පමණට මත්වූවන් වෙනුවෙන් පිම්පියන්ද දුම් රිය පාර අයිනේ බලාසිටී. මේ නැවියන්ට අමතරව,මගී ප්‍රවාන නෞකාවලින්ද ධනවත් සංචාරකයින් කොළඹට පැමිණියෝය. පසු කාලයක මා දන්න මිතුරන් කිහිප දෙනෙක්ද මෙවන් විදේශීය වල සේවයට බැඳුණි. මට ඒ සඳහා කැමැත්තක් නොවීය.

මධ්‍යම රාත්‍රීයේ මුහුදත්, වෙරළත් ,සේවය නිමවූ අපත් සන්සුන්ය. දෙතුන් සීයකට කන්න බොන්න දුන් අප සේවකයන්ගේ කන බොන වාරය පටන් ගන්නේ මින් පසුවය. බොහෝ හෝටල් සේවකයන්ගේ ජීවන රටාව ඔය ආකරයේය. ගල්කිස්සේ වෙරළේ සුද්දන් වෙනුවෙන් තනා තිබූ පොල් අතු මඩුවල අප, බෝතල් සහ කෑමද ගෙන ගොස් සෙට් වෙන්නෙමු. වෙරළ පාළුය. හඳ නැති දිනෙක නම් දැඩි කළුවරය. ඉඳහිට තැනක හෝ දෙතැනක කම්සැප ලබමින් මුහුදේ නාමින් සිටිනා තරුණ සුදු ජෝඩුද නැත්තේ නොවේ. නිහඬ රාත්‍රියක,පාළු මුහුදු වෙරළේ , කවුරුන් හෝ ඇස නොගැටෙනා මායිමක ,චමත්කාර ලෙස ප්‍රේමයෙන් අනුරාගයෙන් වෙලී රති ක්‍රීඩාවේ යෙදීම ඔවුන්ට නැවුම් අත් දැකීමක් විය යුතුය. නැවුම් අත්දැකීම ලබන්නට අකැමත්තෝ සිටීද? අප ඔවුනට කිසි විටෙකත් බාධා නොකළෙමු.

මහා රාත්‍රියේ බැටන් පොලු දෙකක්ද අතැතිව රාත්‍රී මුර සංචාරයේ යෙදෙනා පොලිස් රාලහාමිලා දෙදෙනෙක්ද ඉඳහිට ගැවසේ. අප කුඩා පොල් අතු මඩුවක බොමින් කමින් කාලය ගතකරනා එක් රාත්‍රියක , මොවුන් දෙදෙනෙක් අප පසුකර වෙරළේ දෙහිවල දෙසට ඇවිද යනු අප දුටුවෙමු. ඔවුන් අප දුටුවේ නැත. මගේ මිතුරෙක් ඇස ගැටුණේ මුහුදේ සිට වෙරළට ඇදෙනා කැස්බෑවෙකුගේ දසුනකි. අප නිහඬව බලා සිටියෙමු. දනි පනි ගා කැස්බෑවා දෙසට ඇදුණු රාලහාමිලා, වෙහෙස දරා කැස්බෑවා අනිත් පිට පෙරළා ගත් බව දැක්කෙමි. අනිත් පිට පෙරළු විට කැස්බෑවුන් තම ඉදිරි පාද දෙකෙන් තම බඩවතට ගසා ගනිමින් හැකි ඉක්මනින් නැවත හරිපිට පෙරළෙන්නට උත්සාහ දරති. විශාල ශබ්දයක් ඇතිකරමින් දඟලන කැස්බෑවාට රාළහාමි බැටන් පොලු ප්‍රහාරයක් එල්ල කරයි. මෙය ඉවසා බලා සිටීමට බැරි තැන අප එතනට ඇදුණේ ‘මොකද රාළහාමි..කරදරයක්ද’ යැයි අසමිනි. අප දුටු මොවුන් දෙදෙනා කලබලයට පත්වී ‘ නෑ ඕයි මූව මුහුදට තල්ලු කරන්න උදව් වෙනැයි’ කියා සිටී. ආ ඕක සුළු වැඩක් යැයි කියු අප කැස්බෑවාව මුහුදට තල්ලු කර දැමුවෙමු. මිනිස්සුන්ව බලාගන්නවාට වගේම අපිට දැන් කැස්බෑවොත් බලාගන්න වෙලා අයිසේ…යැයි මජර හිනාවක්ද දමා, බොන්නට දෙයක් නැත්දැයි අසා අප සමග අඩියක් ගසන්නට හවුල්වී පිටත්ව ගියේ, කැස්බෑ සංරක්ෂණය පිළිබඳ වැදගත් උපදෙස් මාලාවක්ද දෙසා බෑමෙන් පසුවය. සිනහවෙන්නටවත්, නැවත ප්‍රශ්න කිරීමකටවත් ගොසින්, කැස්බෑවට තැලූ බැටන් පොල්ලෙන්ම අපත් තලා ගත යුතු නැති නිසා නිහඬව සිටියෙමු. කෙසේ හෝ වේවා, වසර සීයකට වඩා ජීවත් වෙනවා යැයි කියන කැස්බෑවෙක් සයුරට අහිමිවීම වැලක්වූයේ අපේ මැදිහත්වීමෙන්ය.

ගල්කිස්ස හෝටලය ළඟ සිටි ආතර් අයියා එවකට රටම දන්නා පුද්ගලයෙකි. ඔහුගේ රැකියාව ටුවරිස්ට් ගයිඩ් සහ ඩ්‍රයිවර් වැඩේය. ඒ ඔහුගේම රථයෙන්ය. මොහු ඉතා සුන්දර විනෝදකාමියෙක් විය. තමාගේ රැකියාව පිළිබඳවද අති දක්ෂයෙක් බැව් එදා සිටි අයට මතකය. වසරක් පාසා ලංකාවට එන සමහරක් විදේශිකයින් ආතර් අයියාගේ සේවය ලබාගැනීම අනිවාර්ය පුරුද්දක් කරගෙන තිබුණි. සරමත් ,කමිසයත් ඊට උඩින් කෝට් එකත් ඇන්ද මේ මැදිවියේ මිනිසාට ගල්කිස්සේ කවුරුත් සැලකූහ. ආතර් අයියා චණ්ඩියෙක්, පාතාලයෙක් නොවු අතර ගල්කිස්සේ මුල් පදිංචි කරුවෙක් විය. ඔහුට සැලකුවේ ඔහු ගල්කිස්සට ආභරණයක් වූ නිසා විය යුතුය. බයිලා චක්‍රවර්ති එම්.එස්.ප්‍රනාන්දුගේ මිතුරෙක් වූ ආතර් අයියා වෙනුවෙන් ඔහු ගී පබැඳිය. ආතර් අයියාගේ බිරිඳවූ ප්‍රේමක්කා ගැනද ගී ගැයුවේය. ඇයට ‘ප්‍රේමා බතික්’ නමින් සංචාරකයන් වෙනුවෙන් පවත්වා ගෙන ගිය බතික් සහ වෙස් මුහුණු කඩයක්ද විය. එම්.එස්.’ප්‍රේමක්කාගේ බතික් කඩේ’ ගීතය ඇය වෙනුවෙන්ය. ආතර් අයියාගේ දරුවන්ගෙන් සමහරක් ගල්කිස්සට පැමිණි විදේශිකයන් හා විවාහවී ඒ රටවලට පදිංචියට ගිය බවත් මතකය.

මේ 1981 වසරයි. ජේ.ආර්.ජයවර්ධන පාලනය විසින් ශ්‍රීලංකාවට තවත් අලුත් ගැලවිජ්ජාවක් හඳුන්වා දුන්නේය. ඒ දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රමයයි. දිස්ත්‍රික් ඇමතිවරුන් පත්කලේ මේ ඡන්ද ක්‍රමය හරහාය. මේ අත්හදා බැලීමේ ගුණ අගුණ ගැන යමක් ලියා තැබීමට මට මතකයක් නැත. මේ ක්‍රම වේදය එක් වාරයකට පමණක් සීමා විය. කෙසේ වෙතත් මේ ඡන්ද කාලය තුල ශ්‍රීලංකාවට නැවත මැකිය නොහැකි කළු පැල්ලමක්, අපකීර්තියක් නම් එකතු විය. අති දුර්ලභ පුස්තකයන් රාශියක් ගබඩා කර තිබූ ජාතික සම්පතක්වූ යාපනය මහජන පුස්තකාලය ගිනිබත් කෙරුණි. යාපනය දිස්ත්‍රික්කය එජාපය පරදින බව දැනගෙන, ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක්වූ යාපනය පුස්තකාලයට ගිනි තැබුවේ කොළඹින් ගිය ආණ්ඩුවේ මැරයන් බව කවුරුත් දැන සිටියෝය. ඒ කළු පැල්ලම ශ්‍රීලංකා ඉතිහාසයට තව තවත් නපුරු කාලයක් එකතු කිරීමට මූලික විය. අපි ගිනි නිවනවාට වඩා ගිනි තැබීමට දක්ෂයෝ වෙමු. ගිනි තබන්නට උපදෙස් දුන්නෝ අද ජීවතුන් අතර නැති නමුත් ඒ ගිනි තවමත් සංවේදී ජනතා හදවත් තුල නිවී හමාරවී නැත. අප කිසිදිනෙක පාඩම් ඉගෙනගන්නා මිනිසුන් නොවේ. අද අළුත්ගමදී ගිනි තියපන් යැයි අණ දුන්නෝ හෙට මියැදෙනු ඇත. නමුත් මතු දිනෙක හෝ අප පරම්පරාවන් සිහළුන්, දෙමළුන්, මුසොල්මානුවන් ලෙස අත්වැල් බැඳ ගත යුතුව තිබේ. පමාවීම පසුතැවිල්ලට හේතුවේ. අප ප්‍රමාද වැඩිය.

ප.ලි. මේ බ්ලොග් සටහන් ඔබේ පහසුව තකා අරූගේ අඩවිය බ්ලොගර් අඩවියේත් මින්පසු පළවේ.

මේ ලින්ක් එක කියවන්න. කියවන්න. තව අදහස්!!

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

114 Responses to අවුල් වන්නට පෙර (44)…පොලිස් කැස්බෑවෝ

  1. මොන අඩවියේ පළවුනත් අරූගේ අඩවියනේ හැම එකම , මම නම් යන්නේ නෑ ඔය බ්ලොගර් එකට ,අර නසරානි අටමයි, වැල පත්තරයයි, නිමෝ කියන එකයි ,වෙල් විදානේයයි , ප්‍රියා කියන දණ්ඩයි, වරත්තු මැලේ රාලයයි , ත්‍රිභාෂා ප්‍රසන්නයි ඉන්න තැන්වලට , හුහ් ඕකුන් ආශ්‍රය කරන්න පුළුවන් මිනිස්සුද අපිවගේ වැදගත් එවුන්ට ,

    අපිත් අර නැවියන්ගේ සෙට් එකේ එවුන් වගේ තමයි ,

    අර කැස්බෑවාට තව ටිකෙන් ටොපිය හම්බවෙනවා නේද?

    • හැක් අපිත් එයි ආපහු අකුරු තද කරන් කමෙන්ට් කරන්න. 😉 හැක්.

    • මැලෙ රාල says:

      මමත් ඉවාන් සමගයි යන්නෙ න අපහු එතනට ජයවෙවා ඉව්ාන්..

    • මේක නං පරම්පරාගත වලියක් වගේ….හැක් හැක්

    • /////අපිත් අර නැවියන්ගේ සෙට් එකේ එවුන් වගේ තමයි ,//////
      ඉවාන්…..උඹලා නම්sailors ලා seamen ලාම තමයි. නැවක් බැස්සාම කොළඹම හොල්මන් වෙනවා වගේ මාව බ්ලොගර් එක ඇතුලේ හොල්මන් වෙලා ගියා. දෙන්න බඩු නැහැ. බාර් හිස්. කස්ටමර්ස්ලා කෑගහනවා. නෝටිස් එකක් දාලා බාර්මන් ශේප් එකේ යන්න ගියා. 😀
      ////අර කැස්බෑවාට තව ටිකෙන් ටොපිය හම්බවෙනවා නේද?/////
      ඔව් බන් අපි නොදකින්න මස් ටික ඇතිලියේ තියෙයි ,කට්ට සුද්දෙකුට විකුනලා ඒ සල්ලිවලින් බොන්න ගෙනෙයි. එහෙම පොරවල් තමයි.

    • සිරා says:

      අන්න හරි ඉවාන්…අපි වගේ හොද කොල්ලො ආශ්‍රය කරපං…මැලේ රාළලා වගේ අංකල්ලා ආශ්‍රය නොකර…

  2. ගම්සභා, දිස්ත්‍රික් සභා, පළාත් සභා, මේ ඔක්කොම එකයි අරූ.. මොකද ඕනේ කාලෙට නෙමෙයි මේවා දෙන්නේ. මේක දීලා බේරගන්න බැරි තැනකට ආවාම තමයි මේවාට හා කියන්නේ. ඒත් එතකොට තුවාලේ ගොඩක් උඩු දුවලා ඉවරයි…..

    • කුරුටු ළමයි….අපි කීයක් දේවල් ට්‍රයි කරාද? තව කීයක් ජාතියේ සභා ගැන කථා කරනවාද? මේ කිසිම දේකින් ලැබුනු ප්‍රතිඵලයක් තියෙනවාද..සිද්ධ වුනේ මේවා නඩත්තු කරන්න වැයවන මුදල් නාස්තියයි….අවුරුද්ද පුරා දෙන මැතිවරන දන්සල් ටිකයි තමයි. බලය විමධ්‍යගත වුනෙත් නැහැ. ජනතාවට සෙතක් වුනෙත් නැහැ. අවසානයේ අදවෙන කොට සියලු බලතල එක තැනක අණසකට යටත් වෙලා. හැබැයි මිනිස්සු ජාතීන්, ආගම් හැටියටනම් නියමෙටම වෙන්වෙලා. ඒක එකතුකරන්න කවදා ලැබෙයිද කියන එක තමයි ගැටළුව.

  3. kathandarakaraya says:

    නැවියෝ බිව්වේ නැවිකට් හෙවත් කැප්ටන් සිගරැට් වෙන්නැති?

    • Anonymous says:

      කැප්ටන් නෙවෙයි capstan.
      හර්ෂ

    • කකා….පුදුම සිගරට් බීමක් ඒක නම්. මාර ස්ට්‍රෝන්ග් සිගරට් තමයි උන් ගාව තිබුනේ. සමහර සිගරට් ෆිල්ටර්ස් තිබුනෙත් නැහැ. මට මතකයි Gitanes, Camel 99, Gauloise, Marlboro,Lucky Strike. උන් ඕවා පැකට්ස් ගණන් දීලා යනවා. බොන්න බැහැ සැරයි. අපේ කිචන් එකේ පොරවල් නම් ඕවාට කැමති නිසා ඒ අයට දෙනවා. සමහරු නම් ඕවා කොටුවේ සිගරට් කරත්තවලට විකුණුවා.

  4. DDT says:

    නිස්කලංක වෙලාවක මුහුදු වෙරළෙ ටික වෙලාවක් ගතකරන එක මාත් ආසම වැඩක්. ඒ වෙලාවට හිත මාරවිදියට සැහැල්ලු වෙනවා. පසළොස්වක දවසක හොඳට හඳපායල තියෙද්දි මුහුදු වෙරළෙ ඇවිදින එක අපූර්වම අත්දැකීමක්.

    දැන් කාලෙනම් නැවියො වෙන්න මිනිස්සු ලක්‍ෂගනන් වියදම් කරනවා. ඒත් ඒ කාලෙ කතාවල තියෙන්නෙ (එක්දාස් හත්සිය, අටසිය ගනන් වගේ ඔය රුවල් නැව්වල එහෙම) එකිනෙකා මරාගන්නා සමාජයෙ හිටපු එපාම කරපු දාමාරිකයො, අපරාධකාරයො, නීතියෙන් පලායන්නො නාවිකයො විදියට රැකියා කළා කියල. අරූ කියන්නෙ මේ මෑත කාලෙ ගැනත් විදේශීය නාවුක හමුදා ගැනත් නිසා ඔවුන් අයිට වැඩිය නම් ශිෂ්ඨ ඇති.

    කැස්බෑවො මරණ එක නම් මහ පවු වැඩක්. මොන සතා උනත් මරණවට මගේ නම් කැමැත්තක් නෑ. අපේ ගමේ හිටපු ඔය විදියට කැස්බෑවො මැරුවය කියල කියන මිනිස්සු දෙන්නෙක් සුනාමියට අහුවෙල මරණවත් හම්බුනේ නෑ, මුහුදටම ගහගෙන ගිහින්. සමහර විට වෙන පළාතකට ගොඩගැහුවද දන්නෙත් නෑ.

    • @DDT….මමත් කැමතිම තැනක් තමයි මුහුදු වෙරළ. එකට හේතුව මම මුහුද කිට්ටුවම වැඩ කරපු නිසාද දන්නේ නැහැ. මම අවුරුදු 10-12ක් විතර මුහුද අසලම පදිංචි වෙලා හිටියා. ඒක හරිම ලස්සන තැනක් ඕමානයේ තියෙන. මීටර් 100-200ක විතර පොඩි වෙරළ තීරයක් තිබුනා මහා විශාල ගල් කඳු දෙකක් අතර. මම ඒ ගැන ලියන කාලෙට ෆොටෝ එකක් දාන්න බලන්නම්.

      DDTකියන්නේ pirates ලා හිටපු කාලය වෙන්න ඇති නේද? දැනුත් පේන්නේ නැද්ද සෝමාලියාවල.

      ////අරූ කියන්නෙ මේ මෑත කාලෙ ගැනත් විදේශීය නාවුක හමුදා ගැනත් නිසා ඔවුන් අයිට වැඩිය නම් ශිෂ්ඨ ඇති./////
      එහෙමම කියලාත් තිබුනේ නැහැ බන් ඔය සේලර්ස්ලා ආවාම. අන්තිම නසරාණි වැඩ කරනවා බීලා වැඩිවුනාම. අන්තිමට ඉතිරිවෙන්නේ උන් තමයි රෙස්ටෝරන්ට් එකේ. යවාගන්න බැහැ. සෙට් එකම කලිසම් ගලවලා ජුන්ඩා එලියේ දාගෙන ඩාන්ස් කරනවා කවුරුත් නැත්නම්. බෑන්ඩ් එකේ එවුන්ට මුන් සල්ලි දීලා තියාගන්නවා ආතල් ගන්න. අපිට ඕෆ් වෙන්න විදිහක් නැහැ. ඒත් හරි ජොලි උන් ආපුවාම. වලිත් යනවා. අනිත් එක සුද්දියෝ සෙට් ආපුවාම උනුත් මුන්ට පැනලා දෙන්නේ. එකක් මුන් හරි ජොලි,ස්මාට්, හැන්ඩ්සම් බුවාලා. අනිත් එක මුන් අතපය දිග ඇරලා වියදම. මහ රෑ බීච් එකේම දාගෙන අහවල් සැපත් ගන්නවා. ඒ උන්ගේ හැටි. එක කෙල්ලට දෙන්නා තුන්දෙනා ගහගන්නවා. හැබැයි යනකොට කරට අත දාගෙන යනවා.

      කැස්බෑවෝ මරණ එක නම් මහා අපරාධයක්. දැන් නම් ඕවා වෙනවා බොහොම අඩු ඇති. ඉස්සර කැස්බෑ බිත්තර දෙහිවල, ගල්කිස්ස පැතිවල මාළු ලෑලිවල විකුනන්නත් තිබුනා. ඒවාට එහෙම නීති තිබුනේ නැහැ ඉස්සර. මම පස්සේ ලියන්නම් ඕමානයේ තියෙන ලෝක ප්‍රසිද්ධ කැස්බෑ වෙරලක් ගැන. මම ගියා බලන්න.

  5. kathandarakaraya says:

    ඔය දිස්ත්‍රික් සංවර්ධවන සබා චන්දේ සිරිලංකාකාරයෝ වර්ජනය කළා නේද? ජවිපේ නං ඉල්ලුවාද කොහෙද!

    යාපනේ පුස්තකාලය ගිනි තැබීම ගැන සමනල විප්ලවය චැප්ටෙර් එක මෙතනට ලින්ක් කරන්න

  6. Ravi says:

    හෙහ්,හෙහ්, උඹල යකෝ ඩෝප් මරගාතෙ විකාර දැකල අර රාළහාමිල දෙන්නට නිරපරාදෙ අපහාස කලාට මට නම් බඩු ෂුවර් උං දෙන්න සද්බාවයෙන් සැට් උනේ අර කැස්බෑව ආපහු මූදට තල්ලු කරන්ටම තමයි. ඒ කියන්නෙ බාං ඔය කටුකුරුන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලෙ පුහුණුවෙදි එක පාඩමක් තමයි කැස්බෑ සංරක්ෂණය.

    ඒකට ඉස්සෙල්ල කැස්බෑව Turn turtle කරන්න ඕන. ඊට පස්සෙ අර බැටං පොළු වලිං තඩි බාන්නෙ බං වෙන එහෙකට නෙවෙයි උගෙ මස මුර්දු කරන්ට. කැස්බෑවො අවුරුදු සීයකට එහා ජීවත් වෙන එක ඇත්ත. ඒත් එහෙම දීර්ගායුස ලබන්ට උගෙ මස මුර්දු කරන්ට ඕන. මුර්දු කරාට පස්සෙ දුරු මිරිස් තුනපහ තලියකුත් ඇඟ පුරා ඇතිල්ලුව නම් අන්න වැඩේ සර්ව සම්පූර්ණයි. ඔව්ව ඔක්කොම කියල දෙනව පොලිස් කෝස් එකේදි. රාළහාමිල ඔය තුනපහ ආලේප කරන එක ගැන කියන්ට නැත්තෙ උඹල වෙන වෙන අනං මනං බහුබූත හිතයි කියල වෙන්ට ඕන.

    අනික කැස්බා අර ඉස්සරහ අත් දෙකෙන් දේයි දේයි හාල බඩ පැත්තට ගහගන්නෙ වෙන මොකටවත් නෙවෙයි අදික ප්‍රීතිය දරාගන්ට බැරුව. අපි ඔය අප්පුඩි ගහන්නෙ. අන්න ඒ වගෙ. අවුරුදු සීයකට එහා දීර්ගායුස ලබනව කියන්නෙ සෙල්ලං කෙලියක්ද? බොරු නෙවෙයි බොල. අපෙ පොඩි අම්මගෙ පුතා කටුකුරුන්දෙ ඔය පොලිස් කෝස් එක කලානෙ. ඌ තමයි මා දැක්ක කිව්වෙ. කිව්වට විස්වාස කරපං අයියෙ..මේං මෙහෙමයි..මේං මෙහෙමයි..මේං මෙහෙමයි කියාල. 😀

    • helapayaa says:

      මචං ඔහොම පපුවට අතින් තඩිබාගන්න බොලාගෙ මාම කෙනෙකුත් හිටිය නේද,පොරත් කලින් පොලිසියෙද වැඩකලේ නැත්නං ඒ මාමගෙ අයියද.

      • Anonymous says:

        මාමගෙ අයියා තමා පොලිසියෙ හිටියෙ

    • රවි
      කැස්බෑව ඹය ගහගන්නෙ මාතෘ භූමිය කවදාවත් පාවාදෙන්නෙ නෑ කියල!

    • රවී….turn turtle අමතක වෙලා තිබුනු යෙදුමක්. ස්තූතියි!! turn turtle කියනවා නේද යමක් උඩු යටිකුරු වුනාම, පෙරලුනාම.

      නියම පොලිස් කෝස් එකක්නේ බන් මේක. ඔය දේයි දේයි කියලා පපු මැද්දට ගහගන්න හැම කැස්බෑවාම ආපහු මුහුදට යාගන්න තමයි ඔය ගැහිල්ල ගහන්නේ. පේනවානේ පහුගිය ටිකේ. දැන් ආපහු පටන් ගනියි…හෙට අනිද්දා ඌවටත් මුහුද ලංවෙන හින්දා.

      මචං මරු ඊමේල් එකක් ආවා. ඒකත් පොලිස් කේස් එකක්. මට ඒක දාන්න දන්නේ නැහැ මෙතනට. ප්‍රා තමයි එව්වේ.

      ප්‍රා…..පුළුවන් නම් ඒක මෙතනට දාන්න.

  7. ඇළපාත says:

    //නැවුම් අත්දැකීම ලබන්නට අකැමත්තෝ සිටීද? අප ඔවුනට කිසි විටෙකත් බාධා නොකළෙමු.//
    අපි කට ඇරගෙන බලා සිටීම පමණක් කළෙමු

    • ඇළපාතගේ එළ ටෝක් එකක්. ඔව්..කට ඇරන් බලන් ඉඳලා දවස් ගණන් ගුණ සමරණවා 😀

  8. Damith says:

    අන්තිමට කියල තියන දෙ තමයි වැදගත්ම.අර මුලින් කියපුවගෙ කාලයක් ආපහු ටික දවසකට හරි එනවනම් නේද

    • අනේ අපි කවදාක හිනැහෙමුද මේ රටේ….
      එන්න එන්නම කචල්ප්‍රේමී රටක් වෙනවා හැරෙන්න වෙන මොනවාද බන්.

  9. අපි අරූයියා මුල අමතක කරන්න හොඳ නැහැනේ අන්න ඒ නිසා මේකෙම කියවලා මේකෙම කමෙන්ට් කරන්නම් අර බ්ලොගේ නැතුව.:D

    ගල්කිස්ස වෙරළේ තියෙන පොල් අතු මඩු තාමත් තියෙනවා.විදුලි බලයක් නැහැ ලී පටි ගහලා හදපු මේසෙකට ඉටිපන්දමක් ගහලා විදුරු චිමිනියකින් වහලා තමයි එළියක් දෙන්නේ.එත් සමහරක් පොල් අතු මඩු වලනම් දැන් බැටරි එකකින් දෙන කණාමැදිරි එළියක් වගේ දෙන බල්බ් එකක් දාලා දෙනවා.ජනාකීර්ණ ගල්කිස්ස වෙරළ රෑට තමයි ලස්සන.පිට්ටු බම්බුව කියන ලංකා බැංකු ගොඩනැගිල්ලේ විදුලි බුබුළු දැම්මාම ලස්සනට එක පේනවා.දැන් කොළඹ වාරය හදන නිසා එකේ දාලා තියෙන ලයිට් පවා ලස්සනට ගල්කිස්ස වෙරළට පෙන්වා.

    මගෙත් තියෙනවා ආශාවක් නැවියෙක් වෙන්න නොවේ නැවක චාරිකාවක් යන්න විදේශයකට.
    බෝට්ටුවෙන් හරි ඔස්ට්‍රේලියා යන්න ට්‍රයි එකක් දීලා බලන්න ඕනේ ඒ නිසා. ..:D

    • ////////අපි අරූයියා මුල අමතක කරන්න හොඳ නැහැනේ අන්න ඒ නිසා මේකෙම කියවලා මේකෙම කමෙන්ට් කරන්නම් අර බ්ලොගේ නැතුව.:D//////////////

      ඕන ටොෆියක් පනම් අටයි මනෝ 😀

      ඔය පොල් අතු මඩුවල ඉස්සර හයෙන් හතෙන් පස්සේ මොකුත් වුනේ නැහැ. කිසි කෙනෙක් නැහැ පාළුයි. දැන් රෑටත් බිස්නස්ද? ඉස්සර මව්න්ට් ලැවිනියා හෝටලය එක පැත්තකින්, අනිත් පැත්තෙන් කොළඹ පැත්තේ බිල්ඩිම්වල ලයිට් එලියයි ලස්සනට පෙණුනා. මුහුද මැද්දේ නැව් වලත් ලයිට් දාලා ඈතින් පෙණුනා . හරි ලස්සනයි. හඳ පායපු දවසට ඩබල් ආතල්.

      නැවක ටුවර් එකක් යන්න පුළුවන් නම් කොච්චර හොඳඳ. ඒත් ඕවාට සල්ලිනේ ඕන. නැවක වැඩ කරලා සල්ලි හොයාගෙන, ඒ සල්ලිවලින් වෙන නැවක ටුවර් එකක් පලයන් 😀

      • දැන් අරූයියා ඔය පොල් අතු මඩු වල වැඩ රෑට තමයි නියම.
        දවල් කාලෙනම් ඕවා ගැන කියන්න දන්නේ නැහැ.

        //ඕන ටොෆියක් පනම් අටයි මනෝ//
        එත් පොඩි කේස් එකක් තියෙනවා බං අරූයියේ දැන් අපිට මේවායේ කමෙන්ට්ස් බලන්න තැන දෙකටම එන්න වෙනවා.එකනම් කමක් නැහැ.නමුත් හරවත් සංවාදයක් එක තැනක ගොඩ නැගෙන්න නැති වෙන්න එක බාදාවක් වෙනවා.එක මොකක් හරි ක්‍රමයක් හොයාගන්න බලපන්කො බං අරූයියේ.

      • මනෝ….උඹ දන්න විදිහක් තියෙනවානම් මටත් කියපන් 😀

  10. අරූ අයියෙ කමෙන්ට් එක බ්ලොගර් එකෙ දැම්මා.

    ඔයා මේකෙන් දීලා තියෙන ලිංක් එක වැඩ කරන්නෑ වගේ පොඩ්ඩක් බලනවද?

    අවුල් වන්නට පෙර (44)…පොලිස් කැස්බෑවෝ

    • ප්‍රියා…..මම දැක්කා. මේ ලින්ක් එකේ හුටපටේත් මම පස්සේ දැකලා හැදුවා. තෑන්ක්ස්. ඇත්තටම මේ ටිකේම වෙලාවක් නැහැ බන්. පහුගීය ටිකේ ගෙදර හිටිය නිසා වැඩ ගොඩවෙලා. කිසිම බ්ලොගක් කියවන්න බැරිවුනා.

  11. මැලෙ රාල says:

    ෨අරු අයියා අද පොඩ්ඩක් රිදම් එකෙන් අවුට් වගෙ ,..
    දෙකක් හදා ගත්තා වගෙ නෙමි දෙඵපත්තකට රිප්ලයි දාන්න ගියාම…

    • රාළේ…..රිදම් අවුට් වෙන්න ඇති. මොකද මම සුමාන ගානකට බ්ලොගක් කියෙව්වේ නැහැ. ඒ කිසි දේකට වෙලාවක් තිබුනේ නැහැ. එහෙම වුනාම රිදම් අවුට් වෙනවා. ඉස්සරහට බලමු. දෙකකට රිප්ලයි දාන එක ටිකක් වාතේ තමයි. ඒත් වෙලාව සෙට් වෙනකම් ඔහොම යනවා.

  12. “යේ..හෝ..හෝ..රම් බෝතලයක්..!”

    මට ට්‍රෙශර් අයිලන්ඩ් මතක් උනා.

    හැබෑවටම අරූ අයියේ මේක තාම බ්ලොගර් වල දැම්මෙ නැත්ද?

    • බ්ලොගර් එකේ දාලා තියෙන්නේ මනෝෂ්. නිවිසැනසිල්ලේ කියවන්න. රම් , බාබිකිවු, පින්කොලාඩා, සන් ශයින්,බ්ලැක් ගර්ල්ස්, ජැමෙයිකා, කැරිබියන් ෆන් තව මොනවාද උඹට ඕන…

  13. සාමාන්‍යයෙන් ආරක්ෂක හමුදා සාමාජිකයන්ගේ කුඩා කණ්ඩායමක වුනත්, එක්කෙනෙක් ඉන්නවා orderly කියලා. එක එක දවසට ඉන්න ඕඩර්ලි තමයි එදාට අනික් එවුන්ව දක්කන්නේ 😀

    මේ රසවත් අත්දැකීම් මෙහෙම කියවලා මදි අරු. දවසක හමුවී, රෑක, වෙරල තීරයක ඉඳගෙන, රසවිතක් අතැතිව, කියමු. එතකොට පුළුවන් මේ වගේ සංස්කරණයකින් තොරව රස විඳින්න.

    දිස්ත්‍රික් සභා ක්‍රමයේ ලොකුම විහිළුවක් තමයි යාපනේ දිස්ත්‍රික්කය දුන්නේ පොල්ගහවෙල යූ.බී. විජේකෝන් ඇමතිවරයාට. අද තියන පළාත් සභා ක්‍රමයත් විහිළුවක් තමයි.

    • Anonymous says:

      විචා දැන් elderly නෙ….

      • විචා විතරක් නෙමේ බං මාත් දැන් elderly category එකේ. හැබැයි තාම ඕනනම් විචා කියන orderly category එකේ ඩියුටියත් උඹලා එක්ක කරන්න පුළුවන් : හැබැයි ඊළඟ දවසේ මට බීපු එවුන්ගේ කෝළම් බලන්න බැහැ. මටත් නන්න වෙන්න ආතල් එකක් ගන්න ඕන.

      • Older the bull harder the horn ඇනෝ

      • Wichaa….+++++++++++++++

    • @ wichaa…ඇත්තටම ලියන්න නම් ගොඩාක් දේවල් තියෙනවා මේ ට්‍රේඩ් එකේ ඉන්න කොට අපි කරපු දේවල්. සමහර දේවල් ලියන්න අමාරුයි..ගෙදර අය ගැන හිතපුවාම. ඇය බොහෝ දේ දන්නවා. හැබැයි ඕන කෙනෙකුට මගේම රහස් කියලා දේවලුත් තියනවානේ. රසවත් කාල පරිච්ඡේදයක ආරම්භය තමයි ගල්කිස්ස. වැල්ලක සෙට්වුනු දවසක කතා කරමු…& Army stories as well.

      යුබී විජේකෝන් මට මතක යාපහුවේ කියලා. විචා…පොරගේ පුතා අපේ ඉස්කෝලේ හිටිය දක්ෂ බැඩ්මින්ටන් ප්ලේයර් කෙනෙක්. මට වඩා වයස අඩුයි. ලංකාවේම හිටිය දක්ෂ ප්ලේයර් කෙනෙක්. නිරෝෂ හරි නිර්මාල් හරි නම.

      යුබී කාලයක් තානාපති කෙනෙක් වෙලත් හිටියා. යාපනයට යූබීලා දානකොට එතන තිබ්බ ගින්න පප්පාට අමතක වුනා. අද යාපනයට චන්ද්‍රසිරි වගේ හමුදා ජෙනරල්ලා වෙනුවට උතුරට දාන්න තිබුනේ ලයනල් ප්‍රනාන්දුලා වගේ අය ආණ්ඩුකාරයෝ කරලා. රාජ්‍ය පරිපාලනය සහ හමුදා පරිපාලනය දෙකම බල්ලන්ට දාපු පාලකයෝ තමයි අපි දකින්නේ. ඒ නිසා තමයි ජයන්ත ධනපාලලා වෙනුවට..ශවේන්ද්‍ර සිල්වලා විදෙස් කටයුතු මූලිකයෝ වෙන්නේ. විචා…මට චිත්‍ර අඳින්න බැහැ වගේම තමයි…මගේ යාලුවාට කෑම හදන්න බැහැ. සිම්පල් තියරි එකක් විචා. මුන් කවදා ඉගෙන ගනියිද…

      • ඉතාම දීර්ඝව සාකච්ඡා කලයුතු කරුණු ටිකක්. මෙහෙම ලියලා සාකච්ඡා කරන්න අමාරුයි. බල්ලෝ පාලකයෝ වෙලා පාලකයෝ බල්ලෝ වෙලා.

      • supirikrida says:

        නිරෝෂන් විජේකෝන්,හ්‍රී ලංකාව බිහි කළ සුපිරිතම බැඩ්මින්ටන් ක්‍රිඩකයෙක්.ඔබේ විද්‍යාලය අම්බලන්ගොඩ ධර්මාශොක්යෙන් නෙලා ගත් නිලූක කරුණාරත්න හමු වේ නිරෝෂන්ගේ වාර්තා බොහොමයක් මැකි ගියා.කොහොම නමුත් යූබී විජේකෝන් නිරෝෂන් වෙනුවෙන් ක්‍රීඩා කරන්න නොපැමිණීම අගය කළ යුතුයි.දේශපාලන සෙල්ලමක් යටින් දියත් නොවුණු හොද ක්‍රීඩා සංස්කාතියක් නිරෝෂන් ක්‍රීඩා කරන කාලයේ තිබුණා.
        නමුත් නිලූක කරළියට පැමිණෙන මොහොතේ නිලූක වදයට ලක් වූ ඔහුගේ ප්‍රථම සංචාරයේ පුහුණුකරු හෝ කළමණාකරු ලෙස සිටියේ නිරෝෂන්.එයනම් එතරම් යහපත් දෙයක් නොවන බව කිව යුතුයි.

      • @ විචා…බල්ලන්ට අපහාස කරන්න එපා 😀 උන් අඩුම ගානේ කන්න දීපු එකාට නගුටවත් වනනවා

      • නිශ්මං…..මචං නිරෝෂන් ආවේත් පිට ඉස්කෝලෙකින් මගේ හිතේ. ඔක්කොම හොඳ ක්‍රීඩකයින්ව ලොකු ඉස්කෝල ඩැහැ ගන්නවා. ඒක කාලයක් රෝයල් ක්‍රිකට් ටීම් එකේ හිටිය වැඩි දෙනෙක් පිට පාසල්වලින් ආපු අය (අසන්ත ඩිමෙක් ගහන කාලේ) උඹට ක්‍රීඩා ගැන සහ ක්‍රීඩකයන් ගැන හොඳ දැණුමක් තියෙන්නේ. ආපහු ලියපන් බං පත්තරේකට. මම ඉස්සර උඹේ ලිපි ආසාවෙන් කියෙව්වා පත්තරවල.

  14. Ravi says:

    විචාරක,

    යූ.බී. විජේකෝන් පොල්ගහවෙල නෙවෙයි දඹදෙණියෙ.2010 ජනාධිපතිවරණෙටත් ඉල්ලුව ….පොල්ගහවෙල මන්ත්‍රී හිටියෙ අර මනුස්සය..සුනිල් රංජන් ජයකොඩි.. 🙂

    • ඔව් ඔබ හරි. මට වැරදීමක් වුනා.

    • @රවී& විචා….එහෙනම් මාත් වැරදියි. මම හිතුවේ යාපහුව කියලා.

      සුනිල් රන්ජන් කියන්නේ අද මැර සිල්වාද දුම් සිල්වාද මන්දා කියලා හිතෙනවා. පොල්ගහවෙල බඩ දරු අම්මා කෙනෙකුට පයින් ඇනලා විනාශයක් කෙරුවේ ඔය මුරුගයා. ඔය නඩුවේ දෙවැනි විත්තිකරුවා වුනේ මාත් එක්ක කලක් ඔබරෝයි වැඩ කල කෙනෙක්. ඌ පොලිසියට යන්න ඉස්සෙල්ලා ,දක්ෂ මෝටර් සයිකල් ධාවකයෙක්. නම කියන්නම් ප්‍රශ්නයක් නැහැ. ජානක කරුණානායක. එළකිරි බුවෙක්. මට මතක ඉතිහාසයක් තියෙනවා ඌත් එක්ක. සද්ධන්ත බයික් වලින් තමයි වැඩටත් ආවේ. අපි ෆුල් පිස්සු කෙලියා. කරුමෙට මේ යෝනියා, අපෙන් ඉවත්වෙලා පොලිස් රෙද්දට ගියා. ජානක උඹ මේවා දකිනවා නම් මාව කන්ටෑක්ට් කරපන්.

      • සුනිල් රන්ජන් යුද හමුදා කෝප්‍රල් කෙනෙක්. රෙජිමේන්තුවත් මම දන්නවා. නමුත් මෙතැනට ඒක අවශ්‍ය නැහැ. ඔහුගේ මල්ලියෙක් මාත් එක්ක කෑගලු විද්‍යාලයේ ඉගෙනගත්ත 1960 දශකයේදී. මිනිහත් නහයට අහන්නේ නැති, හැමදාම ගෝරි වලට පැටලෙන එක්කෙනෙක්. අරු දන්නවද වැඩක්. සුනිල් රන්ජන්ගේ උඩුකය පිළිරුවක් හදාගෙන යනවා පොල්ගහවෙල නගරයේ තුම්මං හන්දියේ.

      • අබුද්දස්ස කාලේ ඔය වගේ අයගේ තමයි පිළිරූ හැදෙන්නේ…අපේ රටත් හරියට වහලක් නැති ගෙයක් වගේ.

  15. Dinesh says:

    අද කතාව වෙනදා තරම්ම ලියන් යන ගැම්ම පොඩ්ඩක් නැතුවද මන්දා..

    කෝම වුනත් ඉතින් ආයේ ඒ කාලේ එන්නේ නැති හන්දා අතීත මතක හිතේ තියාගෙන ඉමු අපිත්..

    • ////අද කතාව වෙනදා තරම්ම ලියන් යන ගැම්ම පොඩ්ඩක් නැතුවද මන්දා../////
      හරියටම හරි දිනේෂ්.. තරහා වෙන්නේ නැතුව මැලේ රාළට (‘කාම පැයට’) දාපු කමෙන්ට් එකේ කමෙන්ට් එක කියවපන්.

      අතීතය කියන්නේ සුන්දර මතක සටහන් මිස….වරදකාරී ප්‍රකෝපවීම් නොවිය යුතුයි දිනේෂ්. එදා 1915 සිදුවීම් අප අමතක කර තියෙන්නේ ඉතාමත්ම වැදගත් විදිහට. මා ඉතිහාසය තියා භූගෝලයවත් හැදෑරු කෙනෙක් නොවේ. නමුත් මිනිස් සංවේදිතා යනු ඉතිහාසයවත්, තර්කවත් නොවේ. පවතින තත්වයයි. මම උඹට කියනවා නොවේ. මට පෙනෙන දේ ටයිප් කලා පමනි.

      මේවා අමතක කර ඔබේ ඉදිරිය ගැන සිතන්න .ඒ ඔබ ලියනා පොත වෙනුවෙන් පමනයි. සමාජ සත්වයෙක් වීම එන්නේ සිවිල් බලයක් තුල පමණි. ඒ නිසා උඹ පොරක් විය යුතුය. නැත්නම් ඔක්කොම ෆක්ය. මේ ඇත්තය. විහිළුවට කියනවාත්, ඩෝප් එකේ කියනවාත් නොවේ. ඕක තමයි ඇත්ත.

  16. //මේ රසවත් අත්දැකීම් මෙහෙම කියවලා මදි // මගෙත් අදහස මේකමයි අරු

    • ගුණේ මහත්තයෝ….හිස නමා ආචාර කරමි!!!!!
      අපි දවසක උග්ගල් අළුත් නුවර දවසක හීනියට අඩියක් ගහගෙන කතා කරමු. මම ගුණේට වඩාත් ගෞරව කරන්නේ වෙන කිසිවක් නිසා නොව…ඔබ යම් කිසි සංස්කෘතික ලක්ෂන , වැඩිහිටි අප වෙනුවෙන් පවා සංරක්ෂිතය කරනා නිසා වෙමු. මගේ හරි හමන් නොදන්නා භාශා භාවිතාවය ගැන කමන්නෙමි. පස්වාන් දහසකට අවසර…..මට හැකි ලෙස මම කෙලින්නෙමි.

      ගුණේ මචෝ…මාව වරදවා තේරුම් ගන්න නම් එපා. ඔය මගේ හැටි!! සුබසේ දාලා නිවැරදි කරලා වැඩක් නැහනේ…මම ඔය දන්න තරමනේ.

      අජිත් තිලකසේන නම්වූ භාශා විශාරදයා මා වැනි මිනිසුන් ගැන සිතාදෝ මන්දා නිවැරදි ආස්ථානයක සිටියා. ඔහු භාෂා විශාරදයෙක්. මේ අතුරු මාතෘකාව මා දක්වන්නේ මා නොදන්නා දේ සඟවා සිටීමටයි. මා වයසේ වැන්නවුන් හිතේ තියෙන දේ ලියන්න පෙර, සිංහල පංති ගියොත්, පෙට්ටියේ ඉඳන් තමයි කතාව ලියන්න වෙන්නේ :

      අමනාප නොවන්… මේ මට හිතෙන දේ. භාශා දැණුම අනිවාර්යයි. තරුනයෝ ඒ ගැන අවධානය යොමු කල යුතුයි.

      • පවසන දෑ එහි ධ්වනිතාර්ථ ද සමග පැහැදිලිව තේරුම් යනවා නම් ඊට වඩා හොඳ භාෂා භාෂා භාවිතයක් තිබෙන්නේ ද ? ඔබේ භාෂා භාවිතය ගැන මට නම් ගැටළුවක් නැහැ. මගේ භාෂා භාවිතයේ ගැටළු නිසා උඩුගන්වන දෑ නැවත බලද්දී හමුවන අඩු ලුහුඬුතැන් නිසා කම්පාවට පත්ව සිටින අවසථා කෙලවරක් නෑ.
        ඔබ වැනි දැක්මක් සහිත පිරිසක් හමු වෙන්න තිබෙනවා නම් එය වාසනාවක් සම්පතක් සේ සලකන්නෙමි. ඒ වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරන්නෙමි. ඒ සඳහා පෙරහර දින හොඳම අවස්ථාවක් වේවි. මෙවර පෙරහර දින පිළිබඳ අවසන් තීරණ ගත් විගස මෙහි සටහන් කරන්නෙමි.

      • ස්තූතියි ගුණේ!

  17. maheshrathnayaka says:

    අරූ අය්යට කන්න හම්බවෙලා තියෙනවද බරාකානා නම වගේම බර කෑමක්
    බත් හදන්නෙත් විාශ්ෂ විදිටයකට… ඒකරල ග්‍රෑම් හාරසීයක් බර හිටින්න කුකුල් මස් බැදල, තලපත් මාල්‍ු ග්‍රෑඋම් දෙසිය පනහක වගේ කෑල්ලක් බැදල සෝස් ටිකක් හම්බෙන වෙලාවතුත් තියේ… තව අල හරි මොනා හරි ටයිප් එකේ(නැවි වල කල් තබාගෙන ගෙනයා හැකි) දෙයක් හදනව… ඒ කරල ඩෙසට්එකට හම්බෙන්නෙත් බඩඋස්ස ගන් බැරි ජාතියෙ අයිටම් එකක්… මේ ඔක්කම කවම රම් ටොට් එකක් හම්බෙනව.. නැවේදි නම් ඊට වඩා දෙනව…

    ඔයාගෙ නාවිකායි ගැන කියද්දි මට මතක් වුනේ ඒක

    • මහේෂ්…..මට නයිට් ෂිෆ්ට් එක පටන් ගන්න යන්න තියෙනවා. ඒක ලේසි නැහැ. මම හෙට රිප්ලයි කරන්නම්. දැන් පොඩි හාන්සියක් ගහලා , පැයකින් වැඩට යනවා. මම ඔෆිස් බුවෙක් නෙමේ. බර වැඩ කරන සාමන්‍ය මිනිහෙක්. මේ රට හැමෝටම ආදරෙයි. ඒ වුනාට මම අපේ රටට ඊට වඩා ආදරෙයි. සත්තයි.

      ඔය කෑම එක ගැන අපි හෙට කතා කරමු.!!

      • මොකක්ද මහේෂ් ඒ කෑම. උඹ නැවක වැඩ කලාද..බරාකානා කියන්නේ නමද? ඔයට ටිකක් සමාන කැරිබියන් බතක් නම් කාලා තියෙනවා. ඒ බත් එක උයන්නේ ,බෝංචි, කඩල වගේ ඇට වර්ග එක්ක. බතත් හරි ගොරෝසුයි. කැරිබියන් කෑම බරයි (heavy). රසයි.

  18. නැවියන් ගැන විස්තරය මරු! තව ඇද්දත් පාඩු නෑ. ‍මේ දේවල් දන්න උදවිය කීයෙන් කීයද ඉන්නෙ. දිස්ත්‍රික් සංවර්ධන සභා ඡන්දය කියන්නෙ (යාපනේ එක) ලංකා ඉතිහාසයේ තීරණාත්මක අවස්තාවක්. එදා ආණ්ඩුවේ හැසිරීමට ටිකක් විතර සමාන හැසිරීමක් තමයි දැන් තියෙන්නෙත්.

    අරූගෙ වර්ඩ්ප්‍රෙස් අඩවියට ආයුබෝවං එහෙනං. මින් මත්තට මාත් යනව පුරුදු බ්ලොගර් වලට!

    • අරූ මේ බ්ලොගර් එකක් අටවාගෙන දැන් හොඳ කමෙන්ට්ස් බලන්න දෙපැත්තටම යන්න වෙනවා , නැත්තම් මුල ඉඳන්ම බ්ලොගර් එකේම ඉන්න තිබ්බා …,අයියෝ සල්ලි

    • රාජ්….නැව් කාරයෝත් එක්ක බොන්න සෙට් වුනොත් කෙලවරක් නැහැ. නැව් ඇතුලේ මාස ගණන් ඉඳලා ඉඳලා අප්පිරිය වෙලානේ එන්නේ. මට නම් ඒ ජීවිතේ අල්ලන්නේ නැහැ බන්. ROYAL NAVY OF OMAN නැව් වල මගේ යාළුවෝ වැඩ කරපු නිසා මම ඒ නැව් ඇතුලට ගිහින් තියෙනවා. මට නම් ඒක හෙණ බිබිලක්,තුවාලයක්.

      මේ විදිහට ගියොත් එදා යාපනයේ වුනා වගේ මෙදා අනිත් පැතිවලත් වෙයි. තවත් ලේ වැගිරීම්වල පෙර නිමිතිද මේ දකින්නේ කියලා හිතෙනවා.

      ////අරූගෙ වර්ඩ්ප්‍රෙස් අඩවියට ආයුබෝවං එහෙනං. මින් මත්තට මාත් යනව පුරුදු බ්ලොගර් වලට!///////
      කොහෙදි හරි හමුවෙමු……

  19. helapayaa says:

    81 සංවර්ධන සභා ඡන්දෙ පැවැත්වුව විදිහ අද පවත්වන ඡන්දවලට දුන්න පූර්වාදර්ශයක් මචං.

    • ඔව් බන්. අද යුඇන්පියට තාම ඔළුව උස්සන්න බැරි එක කාලයක නටපු නාඩගම් නිසා. ඒවා ගොඩාක් අයට තාම මතකයි. ඔය ආනිසංසේම තමයි මේ ඔරුව පෙරලුනාමත් වෙන්නේ. ඔරුව පදිනකම් ජොලි.

  20. රසික says:

    මචන් බ්ලොග් දෙකක් තියෙන එක පොඩ්ඩක් අවුල් නේද?

    උඹෙ පෝස්ට් එකේ රස තියෙන්නෙ කමෙන්ට් සහ ඒවලට උඹ දාන රිප්ලයිත් එකතු උනාම. දැන් පෝස්ට් එකක රස බලන්න බ්ලොග් දෙකටම යන්න වෙනවා. උඹටත් අමාරු වෙයි දෙකේම කමෙන්ට් වලට රිප්ලයි කරන්න. ඒ නිසා දෙකෙන් පහසු එකක් විතරක් තිබුනොත් හොඳයි නේද?

    පහුගිය පෝස්ට් එකට කමෙන්ට් එකක් දාන්න උවමනාව තිබුනත් වෙලාවක් තිබ්බෙ නෑ. ඒකෙ තිබුන අර කුස්සියෙ වැඩකරන මිනිස්සු මතක් වෙන්නෙ කෑම රස නැති වෙලාවට කියන එක මාර විදියට හිතට අල්ලලා ගියා. අවුරුදු 06කට ආසන්න වෙන මගේ දීර්ඝ පශ්චාත් උපාධි කාලෙ මැදදි වගේ එක අවස්ථාවක මට පොඩි ආර්ථික අස්ථාවර බවක් දැනුනා. මට තිබ්බ ලේසිම තෝරාගැනීම තමා ආපනශාලාවක පාට් ටයිම් එකක් අදින එක. මම මාස 07ක් සුශි රෙස්ටොරන්ට් එකක කිචන් එකේ වැඩකලා. ඒක පට්ටම කට්ටක්! අර කව්ද කියලා තිබ්බ පිඟන් කඳු මමත් දැක්කෙ එතනදි. කඩේ මැනේජර් ප්‍රියමනාප තරුණයෙක්. ඒත් මනුස්සයා උදේ 9.00 ඉඳන් රෑ 11, 12 වෙනකම් වැඩ සතියට එක දවසයි නිවාඩු. දවසින් වැඩි කාලයක් හිටගෙන.

    උඹ කියලා තිබ්බ විදියටම රෙස්ටොරන්ට් එකක සේවකයො දිහා වෙනස් විදියකට බලන්න මටත් පුලුවන් ඒ අත්දැකීම් නිසා.

    • /////මචන් බ්ලොග් දෙකක් තියෙන එක පොඩ්ඩක් අවුල් නේද?//////
      රසික…..ඒකෙත් ඇත්තක් තියෙනවා. හැබැයි මේ දෙක එකක් වුනොත් කාලයත් එක්ක වැඩේ හරි. බලමු රසික මොකද වෙන්නේ කියලා. මමත් ඇත්තටම රස විඳින්නේ කමෙන්ට්ස් සහ ඒවාට උත්තර දාන එකෙන්. කාලයත් එක්ක ලොකු ෆයිට් එකක් බන්. කිසිම බ්ලොග් එකක් කියවන්න බැරිවුනා.

      හෝටලයක අත්දැකීම් තියෙනවා කියන එකත් හොඳයි. උඹට තේරෙනවා ඇතිනෙ කොච්චර කට්ටක්ද කියලා ඕක. හෝටල්වල අමාරුම රස්සාව තමයි පිඟන් පිරිසිඳු (kitchen stewarding) කරන ඩිපාට්මන්ට් එක. ඒ වගේම තමයි ලොකු හෝටල්වල laundry dept එකත්. හෝටලේ රෙස්ටෝරන්ට්වල වැඩ කරන එකනම් ගානක් නැහැ නොයෙකුත් මිනිසුන් හම්බවෙනවා,කතාබහ කරනවා එහෙම නිසා. හෝටල් ජීවිතේ හොඳයි තරුණ කාලේදී නම්. කකුල් අමාරු හැදෙන එක වලක්වන්න බැහැ. Restaurant Manager කියන්නෙත් අමු කට්ටක්. යකෙක් බැඳ ගත්තා වගේ. කොටි වලිගයක්. මට ඒ අත්දැකීම තියෙනවා. මට Butler කෙනෙක් හැටියට අත්දැකීම් තියෙනවා. මම පස්සේ ලියන්නම්.

  21. Anonymous says:

    80 ගණන්වල කොළඹ වරායට සතියකට මගී නෞකා 2ක් 3ක් විතර එනවා. Princess Line, P&O වගේ. ඉඳහිට Cunard Line එකත් ආවා. යුද නැව් කීපයකුත් මාසයකට එනවා. ඒ ආවහම වරාය හරිම කලබලයි. මගී නැව් වල එන අය බහුතරයක් වයසක උදවියයි. මගී ජැටිය මත ඉදිකරන තාවකාලික සල්පිල සහ bum boat වෙලඳුන් තරඟයට වෙළඳාම් කරනවා. සමහර ගෲප්ස් ගල්කිස්සට හෝ නුවරට බස් වලින් ගෙනයනවා. ජැටියෙ තියෙන කුලීරථ වලටත් වැඩ. මට මතකයි පැරණි නළුවෙක් වන පියදාස විජේකෝන් කලක් කුලී රථයක් පැදෙවුවා.අද වගේ නොවෙයි සමහර කුඩා නැව් වලට අවශ්‍ය provisions ගන්න නාවිකයන් කොළඹ නගරයට පයින් යනවා. කොළඹ කොටුවෙ වරාය අවට කඩවල නිතරම තිබුණ දෙයක් තමයි වියළි පොල්පලා. රුසියන් බසින් Pol пала කියල පැකට් කර තියනවා. රුසියන් නාවිකයන් අනිවාර්යයෙන්ම ගන්න දෙයක්. ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය මේ දිනවල ඉතාම කාර්ය බහුලයි.
    නැව් ගැන කියනවා නම් ලෝකයේ බහුතරයක් ඒවායේ අයිතිකරුවන් කවුරුන් වුනත්ධාවනය වන්නේ පැනමා සහ ලයිබීරියා ධජයන් යටතේ. නමුත් ඉන්දියන් නැව් නම් ඉන්දියානු ධජය යටතේම තමයි. අනෙක ඉන්දියානු නැව් වල 50-60 ක් කාර්ය මණ්ඩලයක් සිටිනවිට ඒ හා සමාන වෙනත් නැවක ඉන්නේ 20 ක් වැනි සංඛ්‍යාවක්. බොහොමයක් නැව් වල steward නම් පිලිපීන ජාතිකයෙක් මයි. කොමියුනිස්ට් රටවල නැවක නම් කපිතාන් ට ඉහලින් වයසක පොරක් ඉන්නවා Political Officer කියා. 80 ගණන් වලදී කන්ටේනර් භාවිතය ඇරඹුණ පසු පෙර මෙන් මාස ගණන් නැවක් වරායක රැඳී ඉන්නේ නැහැ.
    හර්ෂ

    • හර්ෂ…… පළමුවෙන්ම බොහොම ස්තූතියි මේ වටිනා තොරතුරු වලට.
      මගී නෞකා ගැන මම උඩින් පල්ලෙන් ලිව්වේ. මෙතන තියෙනවානේ තොරතුරු. හර්ෂ නැවක වැඩ කරාද…හාබර් එකේ වැඩ කරාද. ඔය නැව්වල ආවේ ගොඩාක් සල්ලි තියෙන අය කියලායි මතක. වයසක උදවිය තමා. මමත් අහලා තියෙන හැටියට ගොඩාක් Stewards ලා ෆිලිපීන් කොල්ලෝ තමයි. මම දන්න ලංකාවේ දෙන්නෙකුත් Cruise එකක Stewardsලා හැටියට ගියා. ඒ Cruise එක ගැන නොයෙකුත් කටකථාත් තිබුනා ඒ කාලේ..ඒක සමරිසි අයගේ cruise එකක් කියලා. හොඳ පඩි ගෙව්වා. ඇමරිකන් එකක් කියලා වගේ මතක.මගේ වයිෆ්ට වයසක සුදු නෝනා කෙනෙක්ව සතියක් Cruise එකක ගෙනියන්න ලැබිලා තියෙනවා (පඩිගෙවලා රාජකාරියකට ). ඒ ජර්මනියට සහ හංගේරියාවට. මට හිතුනා මම ගිහින් එන්නම් කියන්න : D ආසයි එහෙම ටුවර් එකක් යන්න.

      හර්ෂ….ඔය පොල්පලා පැකට් මට හොඳට මතකයි. අපේ නැන්දලාගේ ගෙදරටත් ඉස්සර ගේනවා. ඒ මාමා කොටුවේ වැඩකරේ. පොල්පලා නිතර බොනවා. දැනටත් එහෙම තියෙනවාද දන්නේ නැහැ. පොල්පලාවලට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද?

      //////ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය මේ දිනවල ඉතාම කාර්ය බහුලයි.///////
      මේ මතකය අවදි කීරීම ගැන ස්තූතියි!! අප කාටත් අමතක වෙන හෝටලයක්. තවත් දීර්ඝ ඉතිහාසයක්-1800 ගණන්වල්- තියෙන්නේ. මොන හේතුවක්ද මන්දා අපේ කාලේ හෝටල් සේවකයන් පවා මේ හෝටලය ගැන කතාවුනේ නැහැ. ඒ මේ හෝටලය old fashioned එකක් නිසා වෙන්න ඇති. කාලයක් මේක තැප්‍රොබේන් හෝටලය කියා නම් කලා. පස්සේ ආපහු GOH වුනා. මම මේ හෝටලය ඇතුලට ගිහින් තියෙනවා. ගොඩාක් සිහිවටන තියෙනවා ඇතුලේ.ලෝක ඉතිහාසයේ බොහොම ප්‍රසිද්ධ මිනිසුන් මෙහි නැවතීසිට තිබෙනවා. මට ඒ නම් මතක්වෙන්නේ නැහැ. මම ඔතන Restaurant Managerකෙනෙක් ලෙස ඉන්ටවීව් ගියා. පිටරටකට ආපු නිසා එය මගහැරුනා. ඒ කාමර එහෙම හරිම ලස්සනයි.

      ////කොමියුනිස්ට් රටවල නැවක නම් කපිතාන් ට ඉහලින් වයසක පොරක් ඉන්නවා Political Officer කියා.////
      මෙහෙම කෙනෙක් හිටියේ ඔය නැවියෝ වෙනත් රටවලට ගියාම පැනලා යන නිසා… ඒ සම්බන්ධව වැඩ කටයුතු කරන්න කියා කවුදෝ ඒ කාලයේ කීවා. නැවියන් දැනුවත් කිරීම වගේ වැඩ. ඇත්ත බොරු දන්නේ නැහැ.
      ////ඒවායේ අයිතිකරුවන් කවුරුන් වුනත්ධාවනය වන්නේ පැනමා සහ ලයිබීරියා ධජයන් යටතේ./////
      මේකට හේතුව මොකක්ද හර්ෂ?

      පියදාස විජේකෝන් නළුකමට අමතරව තව කොච්චර වැඩ කරලා තියෙනවාද කියලා කල්පනා වුනා.

      • Anonymous says:

        ඔව්. අරු.. මම කාලයක් හාබර් එකේ වැඩ කරලා.තියෙනවා.
        පොල්පලා වලට ඉංශ්‍රිසියෙන් කියන්නේ මොකක්ද කියලා දන්නෙ නැහැ. විකිපීඩියාව කියන්නේ ‘Areva Lanata’ , Mountain Knotgrass කියලා
        සාමාන්‍යයෙන් වෙළඳ නැව් වල ගිනි අවි නැහැ. නමුත් කොමියුනිස්ට් නැව් වල තියෙනවා. ඒවා තියෙන්නේ Political Officer භාරයේ.
        ////ඒවායේ අයිතිකරුවන් කවුරුන් වුනත්ධාවනය වන්නේ පැනමා සහ ලයිබීරියා ධජයන් යටතේ./////
        මේකට හේතුව තමා Labour rules සහ Tax issues. ඉතින් නැව් සමාගම් වාසි තැනට ඇදෙනවා.
        හර්ෂ

  22. Dilan says:

    http://www.socialmediacolombo.com/vote/index.php

    අරූගේ අඩවිය හොදම බ්ලොග් තේරිමේ තරගෙකට නොමිනේට් වෙලා තියනවා,,අරූ අයියේ ඔන්න ඔහෙ ජන්ද කැම්පේන් එකක් පටන් ගන්න.

    • මාත් අරූට මනාපයක් දුන්න

    • ඩිලාන්…….තෑන්ක්ස් මේ ඔත්තුවට. මම මේ බව දැණගත්තේ උඹෙන්. හැබැයි මම ෆේස්බුක් නැති නිසා මට ඒක බලන්න වුනේ නැහැ. ඔක්කොම බ්ලොග්ස් පහක් තියෙනවාලු. තිලකෙගෙ බ්ලොග් එකත් තියෙනවා කියලා කෙනෙක් මට කිව්වා. පුළුවන් නම් ලින්ක් එකක් දාපන් ඒ පේජ් එකේ. කාටද ආඩම්බර සම්මාණයක් ලැබුනොත් :

      කෝකටත් මනාපයක් දීපන්..මොකද වෙන්නේ කියලා බලන්න.

      බොග්ප්‍රේමී බොග්රංජන අරූ දිනවමු!!!!! 😀

  23. Javi says:

    අරූ, මේ දෑස මක්කටද කියල හිතුනා උඹ දෑකපු දේවල් අහපුවම. ඔය සුදු ජෝඩු වලට ගානක් දුන්නත් කමක් නෑහෑනෙ බන් නොමිලෙ පෙන්නපු ශෝ වලට.
    කෑස්බෑ සීන් එක නම් පට්ටයි බන්. විලි ලෑජ්ජ නෑති කමක මහත.
    ඉරාජ්ගෙ පොලිසිය සින්දුවයි අර වලහෙක් වෙනුවට හාවෙක් අල්ලන් ආපු එකයි දෙකම මතක් වුනා.
    ජය වේවා මචන්.

    • ජවියෝ….ඒක තමයි හරි තැන හරි වෙලාවට ඉන්න ඕන කියන්නේ 😀 ඒ දවස්වල නම් ඕවා මැජික් වගේ.CITY HOTELS වල වැඩ කරනවාට වඩා RESORT HOTELS වල වැඩ කරනකොට දකින්න බෝනස් නෙමේ කරන්නත් බෝනස් ලැබෙනවා 😀 මේ හෝටල් ප්‍රභේද දෙක තුල වෙනස් ආකාරයේ අත්දැකීම් ලබන්න පුලුවන්. ආපහු හෝටලයක වැඩට යන්න හිතෙනවා 😀

      පොලිස් සේවයේ ඉස්සර නම් පොලිස් පොඩ්ඩෝ තමයි ඔය නෝන්ඩි වැඩ කරේ. දැන් දැන් පොලිස් ලොක්කෝ තමයි පීචං. පොඩ්ඩෝ ඔය පොඩි ජරාවක් කාගෙන ඉන්නවා. මට නම් මේ පොලිස් පොඩ්ඩෝ ගැන තියෙන්නේ අණුකම්පාවක්.(පොලිස් කැස්බෑවෝ ගැන නෙමෙයි )

  24. Dilan says:

    ඉස්සල්ලා පෝස්ට් එකටත් කමෙන්ට් එකක් ලියන්න බැරි උනා,මේ හෝටල් කතා සෙට් එක මරු.
    පොලිස් කියද්දි මතක් උනේ මෑතකදී අපේ පැත්තක SI පොරක් මිනිහගේ තුවක්කුවත් අරන් තවත් හමුදාවෙන් පැනපු පොරක් එක්ක විල්පත්තු පැත්තෙ ගිහින් වල් ඌරෝ මරාගෙන ඇවිත්,කොහොමහරි දැදුරු ඔය පාලමෙදී චෙක් කරලා,,මුන් ලොකු කතා කියලා,වැඩේ ගස් ගියා,,වැඩ තහනම් උනා SI පොරගේ,අනිකත් මාට්ටු හමුදාවෙන් පැනපු එකට,,ඒ අස්සෙන් ඌ වෙන රටක ඉදලා තියෙන්නේ රිමාන්ඩ් ඉදලා බොහොම අමාරුවෙන් එලියට ආවෙ,
    අපේ රටේ සංචාරක ප්‍රදේශ වල තියන අමිහිරි පැත්ත ලියන්න හිතන් ඉන්නවද අරූ අයියෙ,මීගමුවට ලග නිසා එහෙ වෙන දේ සෑහෙන්න දන්නවා,සුද්දන්ගේ රට සල්ලි වලට ඕනම දහ ජරාවක් කරන්න ලෑස්ති පිට තමා ගොඩක් අය බලන් ඉන්නේ,හික්කඩුවේ තත්වේ මීගමුවටත් වඩා භයානකයි කියලයි ඒ පැත්තේ හෝටල් වල වෑඩ කරපු මගෙ යාලුවෝ කීප දෙනෙක් කිවුවෙ.ඕනම වෙලාවක පවුලේ ඕනම කෙනෙක් විකුනන්න ලෑස්ති පිට ඉන්න පවුල් බොහොමයි.ගල්කිස්සේ ඉස්සර තත්වේ කොහොමද,,අද කොහොමද කියලා දන්නෙත් නම් නෑ.
    උඩ කමෙන්ට් එකත් මගේ ආ අහම්බෙන් දැක්කෙ ඔයාගෙ බ්ලොග් නමත් තිබුනා

    • බොහොම ස්තූතියි ඩිලාන් ඒ ලින්ක් එක දැම්මාට. කොහොම තෝරාගත්තාද දන්නේ නැහැ. බලමු මොකද වෙන්නේ කියලා. මට වෝට් කරන්න වෙන්නේ නැහැ. මම ෆේස්බුක් නැති නිසා.

      ඔය හමුදාවෙන් පැනලා ආපු එවුනුත් හරිම හිසරදයක් වෙලා තියෙන්නේ. පොලිසියේ අයියලා කවදා හැදෙයිද? ඩිලාන්ට කියන්න ඕන නැහැනේ….එංගලන්තේ පොලිසිය වගේ විනයගරුක, ආචාරශීලී පොලිසියක් හදන්න ලංකාව උඩු යටිකුරු කරන්න ඕන. අපේ අසරණ මිනිස්සුන්ව පොලිසීය කැත විදිහටනේ බය කරන් ඉන්නේ.

      ඩිලාන් කියන අමිහිරි සිද්වීම් අහලා තිබුනාට මට ඒ ගැන ලියන්න තරම් අත්දැකීම් නැහැ. ඔය වගේ දේවල් සංචාරකයෝ ගැවසෙන අප වගේ රටවල්වල සමහරක් උදවිය පෙලඹිලා තියෙන එක ගැන දුකයි. මිනිහෙක් මිනිහෙකුට ගෞරවයක් සහ තමන්ට අයිතියක් නැති කම තමයි මේවාට මුල.

  25. මට හැමදාම අරූගේ සටහන් කියවනකොට මේ මතක තබා ගැනීමේ හැකියාව ගැන පුදුම හිතෙනවනේ. (ඉරිසියාත් එක්ක 🙂 )

    මට මුකුත් මතක නෑ ඒ හන්දා මම කරන්නේ යන, තැන්වල සටහන් ගන්න එක.

    • පොඩ්ඩි ඕකට කියන්නේ ඊරිසියාව නෙමේ මාත්සර්‍ය්ය (?) නොහොත් මසුරුකම කියලා රත්න ශ්‍රී විජේසිංහයන් වැඩ සටහනකදි කිව්වා. එයාටත් එහෙම හිතෙනවා කියලා සමහර නවක කවීන්ගේ නිර්මාණ දැක්කාම. අනේ මටත් මෙහෙම ලියාගන්න පුලුවන් නම් කියලා. මටත් එහෙම හිතෙනවා පොඩ්ඩිගේ ලිපි කියවන කොට.

      මතක ටිකක් DHL කරලා එවන්නද 😀

  26. supirikrida says:

    “අප කිසිදිනෙක පාඩම් ඉගෙනගන්නා මිනිසුන් නොවේ”
    මේක තමයි ඇත්ත.හෝද හෝද මඩේ දාන එකයි හැමදාම වෙන්නෙ

    • ඔව් බන්…..ඔය යන විදිහට ඉතිරිවෙන්නේ කිළුටු රෙද්දක් විතරයි. ඒක හෝදන්න අලුත් සබන් වර්ගයක් හදන්න වෙනවා. තියෙන ඒවා හරියන්නේ නැහැ.

  27. Senna says:

    මට ගිය පාරත් ආව පුරස්නයක්.. එතකොට උඹලා නිදා ගන්නෙ කොයි වෙලාවටද ? මටත් ඕලෙවල් ඉවර වුන දවස් වල හෝටල් කෝස් පිස්සුව තිබුනා.. පස්සෙ තාත්තා කිව්වා පිස්සු කෙලින්නැතුව ඒ ලෙවල් කරහන් කියලා.. ඒකෙන් වැඩේ එහෙම්මම හබක් වුනා.. නැත්නම් සමහර විට අද මම අරූව පුද්ගලිකව හඳුනනවා වෙනන්ත් පුළුවන්…. :ඪ්

    අර සී මෑන්ස්ලගෙ ක්‍රමෙත් නරකම නෑ නේද ? නැත්නම් දන්නැති රටවල් වල ගිහින් බීල පිස්සු කෙලලා මොන මොනා කර ගනියිද කියන්න බෑනෙ..

    1981 ?? හුහ්.. මම මුලින්ම ඉස්කෝලෙ ගියේ 81දී….

    • උඹේ පුරස්නේ….සෙන්නා අපි වැඩ පටන් ගත්තේ හැන්දෑවේ තුනට නිසා, දවල් වරුවේ දොයිය බබා. එලිවෙනකම් බයිය බබා…..

      එක කාලයක් තිබුනා අහන අහන එකා හොටෙල් කෝස්. හරි හමන් එකකට ගියේ නැත්නම් හබක්. අපේ කාලේ පස්සේ සමයක ජාතික ආධුනිකත්ව මංඩලයෙන්(NAB) තරු හෝටල්වලට පුරුදු වෙන්න කට්ටිය දැම්මා. ඒක සාර්ථක වුනා. එක හොඳ වැඩපිලිවෙලක්. පස්සේ (NAB)එකත් විනාශවුනා.

      සී බුවාලාගේ වැඩේ වුනේ යුධ නැව්වල ආපු එවුන් අතරේ. ඒක හමුදාවල චාරිත්‍රයක් වෙන්න ඇති. උන් ගැන නම් කතා ගොඩයි.

      උඹ 81 ඉස්කෝලේ පටන් ගත්තා කියන්නේ….අපි අතර සෑහෙන වයස ගැප් එකක්. හුප්!

  28. සිරා says:

    අද කථාව තුලින් නැවියන්ගේ ආතල් රාත්‍රියක් පිළිබද කදිම චිත්ත රූපයක් මැවුනා. මා හදුනන නැවියක ලෙස ලෝකය වටා යන මිත්‍රයෙකු වතාවක් මා සමග කිව්වෙ..බ්‍රසීලයට ගිහිල්ලා නැව නැංගුරම් ලා ගොඩට එද්දි බ්‍රසීල ගණිකාවො බලෙන්ම අතින් ඇදගෙන පුංචි හෝටල් සොයා දුවන බවක්…නාවිකයන්ට ඉතිං ඒ අංශයෙන් සෑහෙන උවමනාවක් තියෙන්න එපායැ මාස ගනනාවක් මුහුද මැද ඉන්න නිසා.

    ගල්කිස්ස මුුහුදු වෙරළෙ ජෝ ජෝගෙ පොට් එකේ ලන්තෑරුම් එළියෙන් මගේ එවකට සේවා ආයතනයක මිත්‍රයො සැට් එකක් එක්ක ගතවුනු මධුවිත රැයකුත් මට මතක් වුනා…හරිම සුන්දරයි …මුහුදේ රළ බිදෙන හඩ, පාලුවට ගිය වෙරළ, අහසේ ඉගි බිගි කරන තරු….මදින් මද බොක්කට වැටෙන රහමෙර…..

    • සිරා….ඇත්තටම මේක ලියවෙනකොට මාත් හිටියේ ඒ වගේ මූඩ් එකක. ඒවා ඇත්තටම දකින්න ඕන දේවල්. ඔය ගණිකාවෝ සීන් එක කොළඹත් එහෙමයි. හැබැයි ඒවා වුනේ තැරැව්කාරයෝ මාර්ගයෙන්. නැවෙන් බැහැපු ගමන් ඕක තමයි පළවෙනි ටාගට් එක. මානුෂික අවශ්‍යතාවයන්නේ.

      ////…මුහුදේ රළ බිදෙන හඩ, පාලුවට ගිය වෙරළ, අහසේ ඉගි බිගි කරන තරු….මදින් මද බොක්කට වැටෙන රහමෙර…../////
      ඇත්තටම මාත් හරිම කැමතියි සුන්දර මිනිසුන් ටිකක් එක්ක…සොඳුරු රාත්‍රියක් වෙරළේ ගෙවන්න. ඒක හොඳ එකක් මගේ හිතේ. හැබැයි කලබල කාරයෝ එක්ක ඔය වැඩේ කරන්න බැහැ. රහමෙරත් එක්කම කලබල අඩුකරන බෙහෙතත් ඕනමයි. එතකොට තමයි වැඩේ සන්සුන් වෙන්නේ 😀

      ඔය ජෝජෝගේ පොට් එක කිව්වේ, මේ පාර බ්ලොග් සොමිය තියපු තැන නේද..

  29. මම හිතන්නේ දැන් නම් ගල්කිස්ස හරියේ කැස්බෑවෝ නෑ වෙන්න ඕනේ. කොළඹ ඉන්නවා නම් ඉර එලිය වැටෙන්න කලින් මවුන්ට් බීච් එකට යන පුරුද්දක් මට තියෙනවා. එතකොට මට දැනෙන්නේ ලෝකෙන්ම වාසනාවන්ත පුද්ගලයා මම කියලා. ඒ වුනාට අනිත් එවුන් නම් කියන්නේ උදේ පාන්දරට වද දෙන්න එනවා කියලා.
    😉
    කැස්බෑවෝ මරන්න තහනම් නේද? කොග්ගල පැත්තේ නම් හෝටල් සේවකයෝ බහුතරයක් කැස්බෑ සංරක්ෂණ වැඩ සටහන් කරනවා දැකලා තියෙනවා. කවදද ඉතින් ලංකාවේ පොලීසිය නීතිය රැක්කේ?

    • මොකද අනේ මේ බ්ලොග් දෙකක්? මට හිතෙන විදියට බ්ලොගර් වලට වඩා අරූට ගැලපෙන්නේ වර්ඩ්ප්‍රෙස්. අපි නම් පරණ විදියට මෙහේටම එන්නම්.

      • රංගී මම දිය යුතු උත්තරේ මටත් තේරෙන්නේ නැහැ. රංගි පහසු තැනකට එන්න. ඔබේ පැමිනීම අගය කරනවා.

    • /////මම හිතන්නේ දැන් නම් ගල්කිස්ස හරියේ කැස්බෑවෝ නෑ වෙන්න ඕනේ///////
      රංගි….අර පොලිසියෙන් ගුටි කෑව කැස්බෑවා, ගිහින් කියලා ගල්කිස්සේ පොලිසීයේ මාර පොරවල් ඉන්නේ…ඒපැත්තේ බිත්තර දානවාට වඩා හොඳයි..බිත්තර බඩේ තියන් ඉන්න එක කියලා. එදා ඉඳන් ගල්කිස්සට කැස්බෑවෝ එන්නේ නැහැ.

      ඇත්තටම මම දැකලා මුහුදු තීරයන් අතරෙන් ලංකාවේ ගල්කිස්ස බීච් එකට මම හරිම කැමතියි. ඒ මගේ මතකයන් ඒ තුල තියෙන නිසා වෙන්න ඇති. ඔය වෙරළ මගේ ජීවිතය බේරුව අවස්ථාවක් තියෙනවා. මම පස්සේ ලියන්නම්.

      කැස්බෑවෝ සංරක්ශනය ගැන නීති තියෙනවා. මම ඒ ගැන හරියට දන්නේ නැහැ. හැබැයි මුන්ව pets ලා හැටියටත් විකුණන්න තියෙනවා. මම විස්තර දන්නේ නැහැ.

  30. මේ කමෙන්ට් එක බ්ලොගර් එකෙන්. Sa rasa දාපු එකක්!!!!!

    මුහුද ලඟ රාජකාරි කරන රාලහාමි කැස්බෑවන්ට තලනවා නම්, වැවු ලඟ රාජකාරි කරන රාලහාමිලා ඉබ්බන්ට තලනවා ඇති නේද?
    ReplyDelete
    Replies

    Aru-ගේ අඩවියJune 21, 2014 at 12:07 AM
    Sa rasa…..මසුරන් කතාවක් බන්. ඔය යක්කුන්ට මොකෙකුට හරි තැලුවේ නැත්නම් නින්ද යන්නේ නෑ තමයි. කතා කරොත් තලන්න තමයි හදන්නේ. ඉස්සර ඔය ප්‍රොටෙස්ට් එකකට ගිහිල්ලා මට එකෙක් ඇට දෙකට පයින් ගැහුවා. අම්මෝ දවස් දෙකක් විතර කොර වෙලා හිටියේ.
    Delete

  31. COMMENT BY.CHEF ARCHITECT ///අර කැස්බෑව නං රාලහාමිලාගෙන් බාගෙට ගුටි කාලා මුහුදට ගියා…ඒකට අපි තාමත් මුංගෙන් ගුටිකකා ගොඩබිම..///
    COMMENT BY RAJ ////සමහර විට ගැහුවම මූදට යයි කියල හිතාගෙන වෙන්න ඇති රාලහාමිලා කැස්බෑවට තඩිබාන්න ඇත්තෙ/////
    COMMENT BY..PATHTHARA MALLI////මං හිතුවා කැස්බෑව හංගපු බිත්තර පෙන්නන්න පොලිස් මාම එක්කන් එන්න ඇති කියලා.. පෙන්නුවෙ නැති හින්දා පොඩි තරවටුවක් කරන්නැති !!!!/////

  32. නිම්මි says:

    දැන් තවත් ආකාරයක ගිනිතැබීමක්,
    අන්තවාදී ගැටුම්
    එයද, යම් දවසක ශ්‍රී ලංකාවේ ඉතිහාසයට කළු පැල්ලමක් වේවි….

    • මේ ගිනි නිවන්න බැහැ නිම්මි…හරිහමන් උත්තර නැතුව. මෙච්චර ප්‍රශ්නයක් රටේ සාකච්ඡා වෙන්න තිබියදි ..දැක්කාද ඊයේ හම්බන්තොට නටපු’සෞභාග්‍යයේ මහෝඝය’ සංගීත නාඩගම. ඒ පෙන්නන්නේ අපිට ඕවා ප්‍රශ්න නෙමේ කියලානේ.

  33. maathalan says:

    අරූ තම ජීවිත කතාව ඇතුලෙම වත්මන් තත්වය ගැනත් කතා කරපු එක ළොකු දෙයක්. වෙන කියන්න තියෙන්නේ ඉතින්, බොහෝ දෙනෙක් නොදන්නා දෑ, ඉතා රසවත්ව හික්මීමකින් ඉදිරිපත් කිරීම ඉතා ඉහලයි කියන දේ තමයි.

    • මාතා…..වත්මන් තත්වය ගැනනම් මාතා කතාකරලා වැඩක් නැහැ බන්. මේ ලියන ඒවා උරච්චි කරලා පොවන්න ඕන.
      මම ඉතින් මචං ඔන්න ඔහේ ලියාගෙන යනවා. උඹ දන්නවානේ මගේ ලියවිලි.

  34. බ්ලොග් එක සුපිරි සහෝ…සුභ පතනවා එන්න එකතුවත් එක්ක එකතු වෙන්න http://ekathuwa.org/

    • තරිඳු….තෑන්ක්ස්!! එකතුකිරිලි දන්නේ නැහැ.අඩු කිරිලිනම් දන්නවා 😀

Leave a comment