ෆැන්සි පන්සල්?????

අම්පාර පැත්තේ තවත් අසපුවකට මුල්ගල් තැබු බවත්,අවට පන්සල් වලින් විරෝධතා පැවැත්වු බවත්,මුල්ගල් තැබුවේ මහතැන් වල ලොකු ලොකු අය බවත් ආරංචිය.විරෝධතා පැවත්වුයේ කුමන සේනාවකට අයත් හේවායන් දැයි නොදන්නා මුත් අවට පන්සල්වල මූලිකත්වයෙන් බව දුටිමි.
                          කුමක් වුවත් මේ අසපු නිකායවල උදවියනම් කරන්නේ බුද්ධ දර්ශණය විකා දැමීමකි,නැත්නම් විකුනා දැමීමකි.බුදුන් වැඳීමට ෆැන්සි පන්සල්වත්,කෝටියක් මල් වට්ටිවත්,බේබි වොයිස් සාධුලාවත් ඕන නැත.මේ නම් එකිනෙකා පරයන ආශාව,තන්හාව වැඩි කරගන්නට පාර කපා ගැනීම හැර අන් කවරක්ද?බෞද්ධ දර්ශනය වෙතට යොමු කරවිය යුතු දෙනෙත් කෝටියක් මල් වට්ටි දෙසට යොමුකරවීම ආනන්තරීය පාප කර්මයකි.මේ බුදුන් ගිය මග නොව රුදුන් ගිය මගය.අවශ්‍යනම් දහම් දැනුමක් ලැබෙන පොතක් පතක් පරිශීලනය කරනවාට වඩා හැන්දෑවට මල් කඩන එක ලේසිය.චූන්ය.
                                 දිගාමඩුල්ලේත් රටේ අනිකුත් පලාත් වලත් දානයක් නොලැබෙන,බුදුගෙට වහලක් නැති පන්සල් ඕන තරම් ඇත.කල යුතුව ඇත්තේ ඒවාට ඇවැසි අවම පහසුකම් ටිකවත් ලබා දීම මිස කෝටි ගනන් වියදම් කර අසපු සෑදීම වත්,හැන්දෑවට හැන්දෑවට කෝටි ගනන් මල් කැඩීමවත් නොවේ.
                     හන්දියක සුපර් මාකට් එකක් ඇරියොත්,පුංචි පුංචි සිල්ලර කඩ ටික අනාථය.ඒ කාටත් පොදු වෙළඳ න්‍යායය.මේ ඇරිලි වලින් වෙන්නේත් ඒ ටිකමය.අවට ඇති සාම්ප්‍රදායික පන්සල් ගොන්න තව තව කොන්වී යාමත් ඉන්න පැවිදියන් උපැවිදි වීමත්ය.අවට සංඝයා වහන්සේලා විරෝධතා පවත්වන්නේ මේ නිසා විය යුතුය.අරයාගේ භාශාවෙන් නම් මේවා අධිරාජ්‍යවාධි කුමන්ත්‍රන විය යුතුය.
                       ඇස් දෙක හැර බැලුවොත් ඔය සමහරක් ෆැන්සි පන්සල්වල ඉන්නේ පොන්සි සාධුලාය.වැඩත් ඒ වගේය.පෙනුමත් ඒ වගේමය.හැම දේකටම ඕකේ කියන රටේ අම්පාරටත් ෆැන්සි පන්සලක් ඕකේ වෙන එක වලක්වන්නට බැරිය.පල්ලි කඩන,කෝවිල් කඩන අයට අසපු හදන එක ගැන හඬන්න වෙන්නේ අද නෙමේ හෙටය.
                                                     දිගාමඩුල්ලට අවශ්‍ය වන්නේ ෆැන්සි පන්සල් නොව,තියෙන පන්සල් ටික රැකගැනීමය.ගොවියාට ගොවිබිම්ය.පොඩි උන්ට කිරිපිටිය!!!!!!!!!!!!!!!!!!.

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

23 Responses to ෆැන්සි පන්සල්?????

  1. maathalan says:

    බිස්නස් එකක් උනාම එහෙම තමයි. මාකටින් ට්‍රික්ස් දන්න එකා අසපු හදනවා. අනික් උන් හිඟා කනවා.

  2. //දිගාමඩුල්ලට අවශ්‍ය වන්නේ ෆැන්සි පන්සල් නොව,තියෙන පන්සල් ටික රැකගැනීමය.ගොවියාට ගොවිබිම්ය.පොඩි උන්ට කිරිපිටිය!// මෙන්න කියමන. මේ පොන්සිලාගෙනුත් බුද්ධාගම බේරගන්න වෙනවා අනාගතේදි අනිවා.

    • arugeadaviya says:

      බෞද්ධ දර්ශනය{වැරදුනා…බෞද්ධ ආගම} ආරක්ෂා කරගත යුතුව ඇත්තේ බාහිර බලවේගවලින් නොව,අභ්‍යන්තර රීරි යක්කුන්ගෙනි.

  3. DDT says:

    හාමුදුරුවරු නිකායවල්වලට බෙදිල තවත් ඒව ඇතුලෙත් කල්ලි හදාගෙන කොහේ යන්න හදනවද මන්ද. ගිහියොන්ට මඟ පෙන්විය යුතු ආදර්ශයක් විය යුතු උන්නාන්සෙල. අනේ මන්දන්නෑ…

    • arugeadaviya says:

      කල්ලි හදාගත්තොත් මිනිස්සු පල්ලි යන්න පටන් ගනියි.
      පල්ලි,පන්සල්,කෝවිල් ඔය කොහේ ගිහින් හරි කමක් නැහැ, අවුල තේරුම් ගන්න පුලුවන් නම්. අපේ හංදියේ රංජිගේ හොර පොට් එකට එන අයට තියෙන සත්‍යාවබෝධය සමහරක් පැවිද්දන්ට නැහැ DDT.

  4. Kenji @ Japan says:

    හැම දේම කනපිට හරවන කාලෙ,බුද්ධාගම විතරක් එතැනම තියල හරි නැහැ නොවැ.
    දුෂ්කර ගම්මානවල හාමුදුරුවරු සිවුරක්,දානේ ටිකක් නැතිව දුක් විදිනව.
    මාලිගාවෙ උපදේශන ඝනයො බිස්නස් කරනව මදිවට,පාසල්වල උගන්වන්නෙ නැතිව මාසෙ අන්තිමට ගුරු වැටුප ගන්නව.පඩිය ගන්න විතරයි පාසැලට යන්නෙ.

    • arugeadaviya says:

      ඔව් කෙන්ජි…සමහරක් උන්නාන්සේලාගේ ඒකායන පමාර්ථය පඩි තකෙන් වැඩ ගැනීම පමනයි!!!!!!!!!!නොගෙනම ඉන්න කියනවා එහෙම නොවෙයි හොඳේ.

  5. එන්න පැමිණ වෙනස වටහා ගන්න.
    බෝධි පූජාවක් ඉතාමත් සාධාරණ මිලකට. සියලු ආම්පන්න සපයනු ලැබේ. පැමිණීම පමණක් සෑහෙයි , මනා ලෙස පුහුණු කල නෙත්තාකර්ශනීය තරුණ හිමිවරුන්ගේ කර්ණරසායන මධුර හඬින්, සාධාරණ අමතර මුදලකට නවාතැන් පහසුකම් සැපයේ (අවශ්‍ය නම්). නියම ප්‍රමිතියකින් යුතු අටපිරිකරද මෙහිදී මිලදීගත හැක.

  6. Kandyan says:

    වෙළඳපලට අළුත් තරඟකාරයෙක් එනකොට ඉන්න ව්‍යාපාරිකයෝ කලබල වෙන එක අහන්නත් දෙයක්ද?

  7. arugeadaviya says:

    හරියටම හරි.දයාසිරි අරලිය එකට ගියාම ජොනීලා,යාපාලා,නාවින්නලා කලබල වනවා වගේ.මචො..රටම කඩයකි.උන් වෙළෙන්දෝය.අපි පාරිභෝගිකයෝ වෙමු.අපි නැත්නම් උන් නැති බව,උනුත් නොදනි…අපිත් නොදනි.

  8. Kenji @ Japan says:

    මෙය ඔබ බලල/අහල ඇති.කුනුහරුපක් බැවින් තනියම අහන්න.
    මාතලන් කලකට ඉහතදී දීපු දෙයක්.
    Hamuduruwo Kunuharupa

    • Kenji @ Japan says:

      මෙය ඔබ බලල/අහල ඇති.කුනුහරුපක් බැවින් තනියම අහන්න.
      මාතලන් කලකට ඉහතදී දීපු දෙයක්.
      Guide
      Hamuduruwo Kunuharupa
      kunuharupa Katha kunuharupa Katha·12 videos
      522
      232,671
      Like 118 Dislike 83

      Uploaded on Nov 29, 2009

      No description available.

      Category

      News & Politics
      License

      Standard YouTube License

  9. Anonymous says:

    //ෆැන්සි පන්සල්වල ඉන්නේ පොන්සි සාධුලාය//
    මේකනම් සිරා ඇත්ත. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි ! 😀

  10. ෆැන්ටසි ලීගයේ ලොකු පප්පා අපේ ඔය හාමුදුරුවෝය. එයා සංස්කෘත හා දැන පිරිත් කැටි කරන්නේ සිංහලෙනි.. රට පුරා අමුණන අසපු වල ශුකාණු නිහීන කරන ලද කොලු රැලක් සුදු ඇදගෙන පිරිත් දෙසයි..

  11. nirmala says:

    ෆැන්සි පන්සල්වල සමහර පොහෝ දිනවල සිල් සුවද හමා යන, මෙත් බර පැතිරී යන, ජීවිතයේ සත්‍ය පැහැදිලි කරන උත්කර්ෂවත් ෆැන්ටැසි ය. දැනට වසර කිහිපයකට පෙර අනුරාධපුර නගරයේ පුදබිමටත් පටබැදි නමක් තිබුනා.
    මා අසා ඇති පරිදි එක් ප්‍රසිද්ධ පංසලක විහාරාධිපති පිටතින් ගෙනෙන දානය කන්නේ (වලදන්නේ) නැතිය. තම බිරිද ලෙස හඳුනාගත් අයකුගේ නිවසින් පමණයි දානය ගන්නේ.
    සමහර නිකායවලට, දීන සමාජ වර්ගීකරණ මිණුම් අනුව අඩු කුලයේ යැයි පවසන ජනතාවට පැවිදිවීමට අවසර නැත.!
    මීට අමතරව කොලොන්පුරේ විහාර මන්දිර කිහිපයකම හිමිවරු බණක් කීම, පිරිතක් කීම, …. වැනි අවස්ථා සඳහා පැයකට රුපියල් දහස් ගණනින් විකිණේ. සියල්ල විකිණෙන සමාජයේ සියල්ලට පෙර ඔවුන් බොහෝ දෙනෙක් විකිණී අවසන් ය.
    කවුරු හෝ සිල් සුවඳ කියන එන් ජී ඕ එකේ පරම අරමුණ සහ ගමන ගැන දන්නවා ද?

  12. බෞද්ධයෙකුව උපන්නත් මා පන්සල් යන එක නවත්වා දැනට අවුරුදු 15 කට වැඩිය 😦

    ඒ බුදුදහමේ වරදක් නිසා නොව එය රකින්නට සිටිනා බොහොමයක් බුද්ධ පුත්‍රයන් වහන්සේලා කරනා කියනා දේ දැක කළකිරෙනු මිස ශ්‍රද්ධාවක් ඇති වන්නේ නැති නිසාය !

Leave a reply to Anonymous Cancel reply