අවුල් වන්නට පෙර…….දේශපාලණික සටහනක් නොවේ

           

                දේශපාලණ,සමාජ,ආර්ථික,සංස්කෘතික ආදී සතර අතම අවුල්ය.මේවා දෙස අවධියෙන් බලාසිටින මා වැන්නවුන්ගේ ඔලුගෙඩිද අවුල් වී යා හැකි බැවින් අවුල් වන්නට පෙර මේවා ලියා තැබිය යුතු යැයි සිතා ගතිමි.
අඩසිය වසකටත් වඩා කාලයක් දිව යන මගේ ජීවිතයේ සටහන් කාටවත් වැදගත් වේදෝ යැයි මම කිහිප විටක් සිතා බැලුවෙමි.                                                                                                                                                          මගේ ජීවිත කතාව කොහේ හෝ සටහන් කර තබනුයේ නම් එය අගනේ යැයි මා දන්නා කිහිප දෙනෙක් පවසා ඇති නිසාත් මෙසේ සටහන් තබන්නට සිතා ගත්තෙමි.මා මේ දිනවල වඩාත් රුචියෙන් නරඹන “අමුතු මිනිස්සු” ටෙලි නාට්‍යයේ මානවගේ චරිත අභ්‍යන්තරයත්,රවී විසින් සටහන් තබා ඇති “සරත් සඳ”පෝස්ටුව කියවීමෙන් නැවත දෝංකාර දෙන දෙවොන්දරා සංගේ ආත්මීය කෙඳිරිල්ලත් මෙය ලිවීමට මට බලකරන් ලදී.

                     

                        මා පසුකල ජීවිතකාලය තුල මට මුන ගැසුනු පුද්ගල චරිත බොහෝය.කොම්පඤ්ඤවීදියේ සිමෙන්ති මුඩුක්කුවේ සිට එංගලන්තයෙ රජ චරිත දක්වා මේ අය විවිධය.විෂමය.ගංගොඩවිල-නුගේගොඩ,පහත්ගම-හංවැල්ල,ඉහල තල්දූව-අවිස්සවේල්ල,දෙහිවල-ගල්කිස්ස ආදී නොයෙකුත් ප්‍රදේශයන්හී මම පදිංචිවී ඉඳ ඇත.රටින් පිට නම් මා වැඩිපුරම ජීවත්ව ඇත්තේ ඕමානයේ මස්කට්-අල්කුවේර් ආශ්‍රිත පෙදෙස් වලත් එංගලන්තයේ නොයෙකුත් පලාත්වලත්ය.ඕමානය අධික ඌශ්ණය.එංගලන්තය අධික ශීතලය.ලංකාවේ උපන් මා ඕනෑම දේශගුණයකට ඔරොත්තු දේන මිනිසෙකු විය.මට හමුවු සහ ඇසුරු කිරීමට ලැබුනු පුද්ගල චරිත කිහිපයක් පමනක් දැනට සඳහන් කිරීම වටි.නිවන්තිඩියේ ආනන්ද නායක ස්වාමීන්,අමරබන්ධු රූපසිංහයන්,කුඩු රජා ඩේලු,පාකිස්තාන් හිටපු ජනාධිපති සියා උල් හක්,මහා බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරුද ඉන් සමහරක්ය.මේ අයගෙන් දැනට ජීවත්ව ඉන්නේ චාල්ස් කුමරු පමණය.මොහුගේ පෞද්ගලික ආවතේවකරු[BUTLER] ලෙස මට දින දෙකකට අධික කාලයක් සේවය කිරීමට ලැබුනි.එය අප වෘත්තිය ක්ෂේත්‍රය තුල බොහෝ අයට නොලැබෙනා මහඟු අවස්ථාවක් විය.මා මෙහි සඳහන් කලේ එවැනි චරිත කිහිපයක් පමනි.තව අය බොහෝය.ඔවුන් හා බැඳුනු අත්දැකීම් රාශියකි.ඉදිරියේදී ඒවා ලියා තබන්නට උත්සාහ කරමි.
                      මා සඳහන් කල පලාත්,පුද්ගලයන් සම්බන්ධව අත්දැකීම් සහ තොරතුරු ඇත්නම් මා හා එක්වන්න යැයි ඔබෙන් ඉල්ලා සිටිමි.මේවා කියවීමෙන් ඔබට පලක් වේදැයි මම නොදනිමි.නමුත් ජීවිතයේ සැඳෑසමයට පියමන් කරන්නෙකුගේ ජීවිත අත්දැකීම් එසේ මෙසේ ඉවත හෙලිය නොහැකි බව හුඟ දෙනෙකුගේ මතයයි.දේශපාලණ කරලිය නැවත උණුසුම් වෙනතෙක් කොටස් කිහිපයකින් අප මෙසේ හමුවෙමු.

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

26 Responses to අවුල් වන්නට පෙර…….දේශපාලණික සටහනක් නොවේ

  1. Chandana says:

    ලියමු අරූ. හොඳ ලිපි පෙලක් වේවි මේ ලිපි ටික.

    • arugeadaviya says:

      ස්තූතියි චන්දන..ඇත්තටම මා ගැන දන්න අය කියනවා කොහේ හරි ලියලා තියන්න කියලා.මේක අමුතුම කතා වස්තුවක්.

  2. මාත් කැමතියි ඒ කතන්දර කියවන්න!

    ප/ලි:
    මං හිතුවේ අවුරුදු පනහක් විතර යන කොට රටේ ලෝකේ අවුල්වලින් වියුක්තව හිතන්න, ජීවත්වෙන්න පුළුවන් වෙනවා කියලනේ! ඇයි එහෙම කරන්න බැරි?

    • arugeadaviya says:

      ඇත්තටම කකා එහෙම තමයි හිතන්න ඕන.ඒ වුනාට පුරුද්දට මන්දා ඒවා හිතලා බලෙන් අවුල් කරගන්නවා.
      ප.ලි.–කකාගේ හැම කොමෙන්ට් එකක්ම ස්පැම් වෙනවා.මගේ වරදක්ද?හදාගන්නේ කොහොමද?

  3. Podi shan says:

    හොද පොස්ට් ටිකක් ලියන්න අපි එනව කියවන්න. ජය වේවා!

    • arugeadaviya says:

      වරෙන් ශාන්…වැදගත් දේවල් ජීවිතේට එකතුකර ගනිං.අනිත් දේවල් තුලින් ජීවිතය ඔප මට්ටම් කර ගනිං.

  4. DDT says:

    ඇත්තෙන්ම අරූ ස්වයං ලිඛිත චරිතාපදාන කියවන්න මම හුඟක්ම කැමතියි. කවුරුවත් ලියන චරිත කතාවලට වඩා ඒව රසවත් වගේම පරිපූර්ණයි. මේක කොයි විදියට ලිව්වත් හොඳ අත්දැකීම්, රසවත් සිදුවීම් අනන්ත ප්‍රමාණයක් ඇති. ඉදින්, අපි බලා සිටිනවා ඔබ ලියන තෙක්.

    • arugeadaviya says:

      කොල්ලෝ මට මචං කියලාම ආමන්ත්‍රණය කරපං.ඒක හරි පහසුයි.මම ඒ ගැන පොඩි පූර්විකාවක් එක්කම හෙට අනිද්දා කතාව පටන් ගන්නම්.මේ දැනට කියන දේවල් ඇඩ් කියලා හිතන්න එපා සහතිකෙන්ම.

  5. මෙන්න මේවනේ අරූ කෙරෙන්න ඕන.. ලියමු ලියමු… මේ ලිපි පෙළ ඉතාමත් ම ජනප්‍රිය වන බව සිකුරුයි.

    • arugeadaviya says:

      මචං නලීන්….මේ කියන්න සුදානම් දේවල් සම්බන්ධ සමහරක් ඡායාරූප මා ගාව තියෙනවා.බ්ලොග් තුලින් මට එක එක දේවල් ටෙක්නිකලි කරන හැටි සම්බන්ධව ගොඩක් බ්ලොග් මචංලා කියලා දුන්නා.මට එහෙම සමහරක් දේවල් තේරෙන්නෙත් නැහැ.තේරුම් ගන්න උත්සහා කරන්නෙත් නැහැ.හෙට අනිද්දා දෝණියැන්දා ආපුවහම කරලා දෙයි.ධෛර්යමත්කිරීම සම්බන්ධව උපරිම තුති.පඩ ෂෝ කියලා හිතන්න එපා හොඳේ.

  6. ලියන්න ලියන්න ලියන්න අරූ
    එලිය නිසා එයි රෑට මෙරූ
    නොකර සද්ද සිටි මනස මැරූ
    අවදිවෙලා එයි විලස හිරූ

  7. රාජ් says:

    අන්න මචෝ නියම වැඩක්. මම පහුගිය දවසක ඉඳල හිතාගෙන ඉන්නව බ්ලොග්වල නොලියවුනු විෂයයන් පිලිබඳ ලිපියක් ලියන්න. මේ පැත්ත ගැනත් ලියන්න හිතාගෙන හිටිය. මාරයා වගේ සුළු පිරිසක් තමයි චරිතාපදානයන් වැනි ලිපි ලියල තියෙන්නෙ.
    කලබල නැතිව හෙමින් ලියමු බලන්න.

  8. Kenji @ Japan says:

    අනිවා ලියපන් මචං.
    අපේ කාලේ කරපු/කියපු දෑ මේකේ ලියන/කියවන අයට පඩ ෂෝ වෙන්නෙ නැහැ.
    ඔය ඉදල හිටල පහත් වෙන කබ්බෙකුට ඇරෙන්න.

    • arugeadaviya says:

      කෙන්ජියෝ තාමත් මතකය හොඳයි.අවුල් වෙන්නට පෙර ලියලා දැම්මොත් හොඳයි.

  9. තරූ says:

    අද මේ ලිපි පෙළ කියවන්න පටන් ගත්තෙ… ඇත්තටම ආසයි දැන ගන්න අපි නොදන්නා අතීතය ගැන.. අපි නොදන්නා මිනිසුන්, අත්දැකීම් ගැන….
    මෙය අපූරු ලිපි පෙළක් වේවි කියල හිතෙනවා….

  10. ආපස්සට කියවන් ආපු නිසාද මන්දා අමුතුම ගතියක් දැනෙනවා යාලුවෙක් හම්බුනා වගේ. ඔය කතා කරන පරිසරය මට හොඳට හුරු පුරුදු එකක් එත් යුගය වෙනස්.දිගටම ලියන්න සුභ පතනවා

  11. ලියමු ලියමු මචං. ඔන්න මමත් සෙට් වුනා කියවන්න. උඹ හිටපු දිහාස් සහ ආශ්‍රය කරපු චරිත ගැන කියෙව්වාම පුදුම පිපාසයක් දැනුනා කියවන්න.

    මොකක්ද උමට තියෙන ලොකුම ටෙක්නිකල් ප්‍රොබ්ලම් එක?
    ස්පෑම් වෙන එකද. ස්පෑම් ෆෝල්ඩරේට ගිහින්, ස්පෑම් වෙච්ච කමෙන්ට් එක ටික් කරලා සිලෙක්ට් කරලා Not Spam කියන එක උඩ ක්ලික් කරපං. ඊට පස්සෙ ඒ ප්‍රොෆයිල් එකෙන් දාන කමෙන්ට් ස්පෑම් වෙන්නේ නෑ. නමුත් නිතර පුරුද්දක් හැටියට ස්පෑම් එක වරින් වර චෙක් කරපං.

    • arugeadaviya says:

      ///මොකක්ද උමට තියෙන ලොකුම ටෙක්නිකල් ප්‍රොබ්ලම් එක?///

      ලොකුම ප්‍රොබ්ලම් එක මෙලෝ දෙයක් නොදන්න කම. දන්නේ ස්පැම් චෙක් කරන්නයි, පබ්ලිශ් කරන්නයි විතරයි. මගේ බුවෙක් එනවා අද හෙට මෙහේ.එතකොට හරි යයි. මචං උඹ සෙට් වෙච්ච එක නියමයි. දිගටම වරෙන්.

  12. arugeadaviya says:

    මචං මම එංගලන්තේ වෙලාවේ ඉන්නේ.ඒත් පැයක් එහා මෙහා වෙලා.මම හදාගන්නම්.ස්තූතියි.

    • arugeadaviya says:

      සාමන්‍යයෙන් තියන්නේ තමන් ඉන්න රටේ වේලාවද?මම මෙහේ වෙලාව තියලා තියෙන්නේ.

      • හරි මචං උඹ ග්‍රිනිච් වෙලාව තියාගත්තා නම හරි. උඹ හරි. UK වල එකම වෙලාද නැතිනම් අර රේඛාවට දෙපැත්තේ වෙලාවල් දෙකක්ද?

      • arugeadaviya says:

        මචං…..එකම වෙලාව.
        පැයක් අඩුවෙන් තිබුනේ.ඒකත් දැන් ටිකකට ඉස්සෙල්ලා මගේ යාළුවා හදලා දුන්නා. ඌ මාව team viewer කියලා එකකින් සම්බන්ධ කරලා තියෙන්නේ.උන්ගේ ගෙදර ඉදන් මගේ සිස්ටම් එකට ගිහින් කරා.මට නම් මේවා ලැටින් වගේ බන්.

Leave a comment