අවුල් වන්නට පෙර (6)…තුම්මුල්ලේ යාළුවෝ….

   රාජකීය විදුහලේ ගතකල පාසැල් ජීවිතය ඉතා මිහිරි විය. එය වඩාත් රසවත් වූයේ අප පංතියේ අය නොයෙකුත් පලාත්වලින් පැමිණි අය නිසාත්, ඔවුන්ගේ ජීවිත අත්දැකීම් එකිනෙකට වෙනස්වූ බැවිනුත්ය. එකම ශ්‍රේණියේ පන්ති හත බැගින් පැවැත්වූවත්, අප පංතියේ එවුන් සැමවිටම එකම කංඩායමක් ලෙසින් කල් ගෙවූහ. නගරයේ සිසුන්ගේ චර්යාවන්ට හැඩගැසීමට මදක් කල් ගතවිය.

         අපට ඉගැන්වූ ගුරුවරුන් ඉතා කාරුණික අය විය. ලින්ටන් සර්, අමරදාස සර්, ඉලේපෙරුම ආරච්චි සර්, නන්දා ගුනවර්ධණ මැතිනිය ඉන් ප්‍රධාණය. අමරදාස සර් ඉතාමත්ම කාරුණික සහ විනෝදශීලි ගති පැවත්ම් ඇති අයෙක් විය. ලයනල් රංවල මහතාද ටික කලක් අපට උගන්වා ටික කලකින් ආනන්ද විදුහලට මාරුවී ගියේ රාජකීයේ එවුන්ට සංගීතය උගන්වා වැඩක් නැතිව ඇතැයි සිතා විය හැක. සොමිපාල හෙට්ටිආරච්චි මහතා නැටුම් විෂය ඉගැන්වීය. බෙර තද කරගැනීමට ගන්නා කොට මහත පොලු කෑල්ල අපගේ දණහිස් බුරුල් කිරීමට පාවිච්චි කලේ විෂය මැනවින් ඉගැන්විය යුතු නිසාමය. මොහු නිශ්පාදණය කල පාසල් වේදිකා නාට්‍යයක නාගරික මවකගේ චරිතය මා නිරූපණය කලේ ලුන්ගියක් සහ බ්ලවුසයක් ඇඳ බවත් මතකය. මොවුන්ගේ ඇසුරේ කාලය හෙමින් ගලා ගියේය.

       එවකට අධ්‍යාපණ ඇමතිව සිටියේ ආචාර්‍යය බද් උද්දීන් මොහමඩ් මහතාය. අපේ රටේ අධ්‍යාපණ ප්‍රතිසංස්කරණ සිදුවන්නේ පත්වන ඇමතිගේ අභිලාශයන් අනුවය. එය එදත් අදත් එලෙසමය. කාට කියන්නේදැයි නොදන්නා මුත් වැඩේනම් කොහෙත්ම හොඳ නැත. ප්‍රාග්වෘර්තීය විෂයන් 1 සහ 2 ලෙසද, සෞන්දර්‍යය විෂයන් තුනකින් එකක් තෝරා ගැනීමට ඉඩ සැලසුනේ අප හයවැනි පංතියට ඇතුලත්වූ වසරේ සිට යැයි සිතමි. ප්‍රාග්වෘර්තීය විෂයන් පාසලින් පාසලට වෙනස්වූයේ, තමන්ට ඇති සම්පත් මත හැකි විෂයන් සුදානම් කර ගැනීමට විදුහල්පතිවරුන්ට ඉඩකඩ තිබූ බැවින් විය යුතුය. ප්‍රාග්වෘර්තීය 1 සඳහා ඡායාරූප ශිල්පය, මුද්‍රණ ශිල්පය, උද්‍යාණ විද්‍යාවත් ප්‍ර.වෘ. 2 සඳහා මැටි වැඩ, ලෝහ වැඩ, සහ වඩු වැඩද විය. චිත්‍ර, නැටුම් සහ සංගීතය සෞන්දර්‍ය විෂයන් විය. මමද රිසි පරිදි උද්‍යාණ විද්‍යාවද, මැටි වැඩද, නැටුම් විෂයද තෝරා ගත්තේය. පසුකාලීනව, ඉගෙනගත් උද්‍යාන විද්‍යාවෙන් මල් කැඩීමට පුරුදුවූවාසේම අනන්තවත් මැටි වැඩනම් කර ඇත. ඉගෙනගත් නැටුම්වලින් පලක් නොවූවත් නටපු වෙන වෙන නැටුම් නම් බොහෝය.

               මැටිවැඩ කියද්දී මේ සිද්ධිය මතක්විය. මැටිවැඩ පංතිය සහ අපේ පංතිය වෙන්කර තිබුනේ තුනී ලෑලී වෙන්කිරීමකින්ය. “සයන්ස් කොටා” නමින් ඔහුට නෑසෙන්නට අප ආදරයෙන් හැඳින්වූ මිටි විද්‍යා ගුරුතුමා, මා කරපු වරදකට කොලරයෙන් අල්ලා අර ලෑලී බිත්තියේ එබුවා මතකය. මහා හඬින් ශබ්දයක් නැගුනු අතර එහා පංතියේ මැටිවැඩ උගන්නන අලස් ටීචර් පැමිනියේ ඉතා දරුණු විලාසයකින්ය. ඇය කළු, මිටි, මහත, තොල් රතු කෙරූ නවීන පන්නයේ සාරී අඳින කෙනෙකි. මැටි වැඩ කාමරයේ ලෑලී බිත්තියේ රාක්ක ගසා එකතුකර තිබුනේ නොබෝ දිනයකින් පවත්වන්නට තිබූ මැටිවැඩ ප්‍රදර්ශණය සඳහා සිසුන් විසින් විසින් නිර්මාණය කරන ලද හොඳම භාණ්ඩයන්ය. මා විසින් සාදන ලද අළු බඳුනක්ද එහි විය. බොහොමයක්ම දේ කැඩීබිඳී අවසන්ය. ප්‍රදර්ශණය ටික කාලයකට කල් දැමීය. මගේ වැරදි වැඩක් නිසා ගුරුවරුනුත් අන් අයත් මහා කරදරයක පැටලිනි. බිත්තියේ  ගැසු පලමුවන්නා සහ අවසානයා මමම විය.

       මැටි භාණ්ඩ නිර්මාණය සඳහා අවශ්‍ය හැඩගැන්වීමේ මෙවලම් අපටම සාදාගැනීමට සිදුවිය. එක එක හැඩයන්ගෙන් යුතු මේ ආයුධ ඇට්ටේරියා ලී හොයාගෙන සාදා ගන්නට විය. ලී හොයාගෙන කූරු, තල ආදී වශයෙන් ඒවා සාදා ගැනීමත් ලමයින්ටම පැවරීම අමුම අමු මැටි වැඩකි. සකපෝරු නම් පාසලේම තිබුනේය. නොකඩවා උසස් වර්ගයේම මැටිද පාසලට සපයන ලදී. ලෝහ වැඩ සහ ලීවැඩ පංති තිබුනේ පාසලේ කොනකටම වෙන්නටය. ඒ ශබ්දය අන් පංතිවලට කරදරයක්වූ නිසාය. එදා මැටිවැඩ, වඩුවැඩ, ලෝහ වැඩ ඉගෙනගත් මගේ පංතියේ යහළුවන් අද අති දක්ෂ වෛද්‍යවරුන්ය, ඉන්ජිනේරුවන්ය, උගතුන් බුද්ධිමතුන්ය. මොවුන් නිදහස් අධ්‍යාපණය තුලින්  දැණුම, ඥාණය ලබා අද කොහේ සේවය කලත් ලෝකවැසියන්ට නම් මහඟු සේවයක් ලැබෙනවා විය යුතුය. ඔවුන් සමහරක් ගැන සඳහන් කිරීම වටී.

    

     අප තිස්පස් දෙනාගෙන් හයදෙනෙක්ම දොස්තරවරු විය. පහලොස්දෙනෙක් පමණ ඉන්ජිනේරු සහ ගණිත ආදී විෂයන්ගේ බොහෝ දුරගිය වුන්ය. මමද ඇතුළු හත් අට දෙනෙක් පමනක් උසස් අධ්‍යාපණයට වරම් නොලැබූහ.

          මොවුන්ගෙන් දෙදෙනකු හෝ තුන් දෙනෙකු දැන් අපගෙන් සමුගෙන අවසන්ය. පාසල් ඉගෙනුමෙන් පසු වසන්ත කරුණාරත්න දිවියට සමුදුන්හ. වෛද්‍යවරයකුවූ ආර්.එච්. ගුණසේකර ගැනද අසන්නට ලැබුනේ අසුභ ආරංචියකි. මට එය ඉඳුරා කිව නොහැක.අනිකා නම් සඳුන් ගුණසේකර නම්වූ දක්ෂ නාවුක නිලධාරියාය. මොහු පාසල් කාලයේදිත් දක්ෂ කරාටේ ක්‍රීඩකයෙක් විය. ඊට පෙර මා සමගද පාසලේදී ද්වන්ධ සටනක යෙදී ඇත. කොතලාවල හමුදා ඇකඩමියෙන් සමත්වී නාවික හමුදාවට බැඳුණු සඳුන් නාවුක හමුදාපති ක්ලැන්සි ප්‍රනාන්දු මහතාගේ Flag Officer ලෙසින් සේවය කරද්දී ත්‍රස්තවාදීන් ඇටවූ බෝම්බයකට හසුවී නාවුක හමුදාපතිතුමා සමගම එම රථයේම ජීවිතය පූජා කරණ ලදී. නාවුක හමුදාපතිගේ Flag Officer යනු කුමන රාජකාරියක්ද යන්න විචාරක තුමාවත් පැහැදිලි කරොත් මැනවි යැයි සිතමි.

     දොස්තරවරුන්වූ අය අතරින් පී.යූ.රාමණයක අද එංගලන්තයේ ජ්‍යේශ්ඨ වෛද්‍යවරයෙක් ලෙස සේවය කරණ අතර ,ගංගා හේමතිලක ඇමරිකාවේ Kansaas University School Of Medicine හී Associate Dean වරයෙක් ලෙස සේවය කරයි. හේමමාල් ජයවර්ධන යුනිසෙෆ් ආයතනයට සම්බන්ධව ලමා ආරක්ෂක කටයුතු වෙනුවෙන් මූලිකවී කටයුතු කරයි. Medical Law සහ Forensic Medicine යන විෂයන් අතින් පොත් කිහිපයක්ද රචනය කර ඇති මොහු රටටම සම්පතකි. හේමන්ත හේරත් සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධිතව අධ්‍යක්ෂක වරයෙක් වශයෙන්ද, ජයන්ත හේරත් රටේ හෝ ලෝකයේ යම්කිසි තැනක වෛද්‍යවරයෙක් වශයෙන් සේවය කරන බව දනිමි. ජයන්තගේ ආදරණීය පියාණන් 1971දී ඝාතනයට ලක්වූ අතර ඉතා උනන්දුවෙන් අධ්‍යාපණය නිමකල අතර නැවතී සිටියේ නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලේ විදුහල්පතිව සිටි බන්නැහැක මහතාගේ මහරගම නිවසේය. ජයන්ත ගැන මට ඇත්තේ අති මහත් ආඩම්බරයකි.

   ඉංජිනේරු හා ගණිත ආශ්‍රිත විෂයන් තුලින් ඉදිරියට ගිය අය බොහෝය. ඉන් බැසිල් නානායක්කාර ඇමරිකාවේ University Of Pennsyivenia හී ගණිත අංශයේ මහාචාර්යවරයෙක් වශයෙන් සේවය කරයි. යසන්ත රාජකරුණනායක ඇමරිකාවේ සිටිනා තොරතුරු තාක්ෂනය සහ මෘදුකාංග සම්බන්ධ ඉහලම ගණයේ පර්යේෂකයෙකි. පේටන්ට් බලපත්‍ර කිහිපයකම අනාගත හිමිකරුවෙකි විය හැකි බවත්, අන් අයගේ දැණුම වර්ධණය සඳහා ග්‍රන්ථ කිහිපයක් ප්‍රකාශකර ඇති බවත් සමහරුන් මට පවසා ඇත. ගිහාන් සෙනෙවිරත්න කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කතිකාචාර්යවරයෙකි. කුශාන් කුරුකුලසූරිය ඇමරිකාවේ ඛනිජ තෙල් ආශ්‍රිත ඉංජිනේරුවෙකි.

      චම්පාල් කොස්තා, හර්ෂ සූරියාරච්චි වැන්නන් රටටත්, ලොවටත් තම සේවය බෙදමින් සිටී. කුමාර් කිරින්ද ගුවන් හමුදාවේ ඉහල නිලධරියෙක් ලෙසද, ආර්.ඩබ්.උඩවත්ත යුධ හමුදාවේ බ්‍රිගේඩියර්වරයෙක් ලෙසද සේවය කරති. මහේෂ් පත්මපෙරුම, විමල් කනහැර යන අය සංචාරක ව්‍යාපාරය තුලත්, බෙලිඅත්තේ සිට පැමිණි ධර්මපාල පමනක් ඔවුන්ට එදා සිටම උරුමව තිබූ වෙලඳ ක්ෂෙත්‍රයටත් යොමුවිය. ඔය කිහිප දෙනෙක් පමණි. මම ගියේ කොහේදැයි ඔබට පසුව දැණගත හැක.

   වඩාත් වැදගත් වන්නේ කවුරුන් මේවන විට කොහේ සිටියත්, මොවුන් සියල්ලක්ම නිදහස් අධ්‍යාපණයටත්, පහේ ශිෂ්‍යත්ව ක්‍රමයටත්, ඔවුන්ගේ අප්‍රතිහත ධෛර්‍යයට ස්තූතිවන්නටත්, කොළඹින් පිට සිට පැමිණි මධ්‍යම පාන්තික දෙමව්පියන්ගේ දරුවන් බවය. බුද්ධි ගලණය එදත් තිබුනේය. අද එය පෙරටත් වඩා කනගාටුදායකය. පාලකයින්ට ඔල්මොරොන්දන් නිසා මේවාට පිලිතුරු නැත.

 

කනගාටුවෙන් වුවත් ප.ලි……
සමහරක් බ්ලොග් අඩවි තුල, එය කියවන්නා දන්නා දේ සහ කියවා ඇතිදේ අදහසක් සේ පලකිරීම ගෝචර නොවන බව කියවේ. එක් මූලාශ්‍රයක් පමනක් නොසෑහෙන බවටත් කියා සිටී. මට නම් මෙය පිළිකුල් සහගතය. මා දන්නා පරිදි බ්ලොග් ලෝකය පමනක් නොව අන් සියළුම දෑ රඳා පවතින්නේ උස් මිටි අදහස් හා සංවාද මතය. සත් සමුදුරු තරණයට විශාල නෞකා අවශ්‍ය බව සැබෑය. නමුත් සාගරය මැදදී කාර්මික දෝෂයක් සිදුවූවිට ගොඩවෙන්නට වන්නේ පුංචි පුංචි බෝට්ටුවලට බව පමනක් බව හොඳ කප්පිත්තෝ නම් දනී. මම බ්ලොග් ලෝකයේ කුහුඹුවෙක්මි. මමද පැණි සොයා යන්නමි. මට පැණිද තව බොහෝදේද හමුවිනි. අලියෙක් නොවී කුහුඹුවෙක් වීම අදටත් හෙටටත් කාටත් හොඳය. බර අඩුය. සැහැල්ලුය.

                                              පසුව හමුවෙමු!!!!!!!!!!!!!!!!

              

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

113 Responses to අවුල් වන්නට පෙර (6)…තුම්මුල්ලේ යාළුවෝ….

  1. Ravi says:

    ආපෝ බං බොල තුම්මුල්ලෙ සෙන්ට්‍රල් එකේ වෙලත් කලේ මැටි වැඩද? 😀 😀

    අන්න මචං ඒකට අපි…ගමේ ඉස්කෝලෙක වෙලත් අපි කලේ පී.වී. 1 ට වාණිජ්‍යය සහ පී.වී. 2 ට මෝටර් යාන්ත්‍රික ශිල්පය…සිව් පහරේ ඇන්ජිම..1. චූෂණ පහර 2. සම්පීඩක පහර 3. බල පහර 4. පිටාර පහර….තාමත් මතකයි බං..අවුරුදුම නං කීයක්ද? සර්ව ලෝක පූට්ටුව ගැන ඉස්සෙල්ලාම ඉගෙනගත්තෙත් ඔය මෝ. යා. ශිල්පය පාඩමෙදි තමයි.

    අඩේ මමත් කලේ නැටුම් තමයි…නැටුං තෝරගන්න හේතුව නං අහන්න එපා…හොඳද?…මොන හේතුවක් හින්ද තෝර ගත්තත් අරූ …අන්තිමට මම දක්ස නැට්ටුවෙක් උනා.. ජා.පො. අ.ස. විබාගෙදි A එකක්ම තුබුණ.

    ගජගා වන්නම තමයි මගෙ ෆේවරිට්..

    දෙව්පූ..ඌ..ඌ..ඌ..ර.. ඈ..තේ..කී…
    කුඹු..දා හා..ස ය..කි ඊ..ඊ..ඊ…
    දිග දා ල…ආ..ආ..ට..කී..ඊ..ඊ…
    සත් ගැ ඈ..ඈ බ..කී..
    හා කැරකිල දෙකට නැමිල…කැරකිල දෙකට නැමිල… 🙂

    • මොනවාද රවී පී. වී කියන්නේ?

      • Ravi says:

        අර අරූ කියපු ප්‍රාග් වෘත්තීය විෂයම තමයි බං..ඒකට කඩ්ඩෙං කිව්වෙ Pre-vocational Subject කියලයි. කෙටියෙං පී.වී. 🙂

    • එහෙනම් රවිත් නටලා තියෙන්නෙ, “ගජගා” වන්නම… 😀

    • @ රවී……..උඹ ගජගා වන්නම ලියලා තියෙන විදිහට ඉඳගෙන නැටවෙනවා බං. උඹට කියන්න මටත් වලදී නැටුම්වලට බී එකක් තිබුනා.උඹ මගේ සිංහල ස්පෙලින්ග් නිවැරදි කෙරුව බව දැක්කා ප්‍රා.වෘ. තැන. ඒකට බොහොම ස්තූතියි.සර්ව ලෝක පූට්ටුව තියා ඇණයක් මුරුච්චියක් අඳුනන්නේ නැහැ බං මම. බෝල බෝල මැටි සහ මල් පිපීදැයි බලන්න තමයි මගේ කෙරුවාව.

  2. සමහරක් බ්ලොග් අඩවි තුල, එය කියවන්නා දන්නා දේ සහ කියවා ඇතිදේ අදහසක් සේ පලකිරීම ගෝචර නොවන බව කියවේ. එක් මූලාශ්‍රයක් පමනක් නොසෑහෙන බවටත් කියා සිටී. මට නම් මෙය පිළිකුල් සහගතය. මා දන්නා පරිදි බ්ලොග් ලෝකය පමනක් නොව අන් සියළුම දෑ රඳා පවතින්නේ උස් මිටි අදහස් හා සංවාද මතය. සත් සමුදුරු තරණයට විශාල නෞකා අවශ්‍ය බව සැබෑය. නමුත් සාගරය මැදදී කාර්මික දෝෂයක් සිදුවූවිට ගොඩවෙන්නට වන්නේ පුංචි පුංචි බෝට්ටුවලට බව පමනක් බව හොඳ කප්පිත්තෝ නම් දනී. මම බ්ලොග් ලෝකයේ කුහුඹුවෙක්මි. මමද පැණි සොයා යන්නමි. මට පැණිද තව බොහෝදේද හමුවිනි. අලියෙක් නොවී කුහුඹුවෙක් වීම අදටත් හෙටටත් කාටත් හොඳය. බර අඩුය. සැහැල්ලුය.

    මේ අදහසම මාත් අදහමි.
    මා නිතර බ්ලොග් වල කොමන්ට් කරන්නෙකුද නෙවේ. ඒත් බොහෝ බ්ලොග් කියවන්නෙක් වෙමි. මොනවා වුනත් ඔබ වැන්නන්ගේ සටහන් කියවීමෙදි මට හැඟෙනා දේ නම් ඔබ ලියන්නෙ ප්‍රමාද වී බවයි. මේ සටහන් මීට කලින් පල වුනා නම් යෙහෙකැයි කියාද සිතමි.
    (ඒ අතරින් මා දන්නා කියන අයගේ නම් කිහිපයක්ද තිබෙනු දැක්කෙමි.)

    • බූරු බබෝ…….මම 2010 ඉඳන් ලිව්වා. පස්සේ කාලයක් ලියවිල්ල අත්හැරලා කියවන්න විතරක් පටන් ගත්තා. පස්සේ මාතලන් දීපු සපෝට් එක නිසා ආපහු ලියන්න හිතුවා. බ්ලොග් ලෝකයේත්, අනිත් හැම තැනකම වගේ නොයෙකුත් ආකාරේ බුවාලා ඉන්නවනේ බං. ඔහොම යං.

      මොනවා උනත් උඹ දන්නවා යැයි කියපු අය ගැන පොඩි සඳහනක් දාපන්. මාත් ආසයි උඹලාගෙනුත් අහන්න.

  3. ප්‍රාග්වෘතීය විෂයට මම තොරගත්තෙ ලෝහ වැඩ, සෞන්දර්යයට චිත්‍ර. ලෝහ වැඩ වලට 8 පන්තියේ දි විතර විෂය ප්‍රවීණතාව වෙනුවෙන් එවකට අධ්‍යාපන ඇමති වූ, ලයනල් ජයතිලක මහතා අතින් තෑගිත් ගත්තා.
    අදටත් මට වැඩක් වෙලා තියෙන්නෙ ඉස්කෝලේ ඉගෙනගත්ත විෂයයන් වලින් ලෝහ වැඩ විතරයි. විෂයේ නම ලෝහ වැඩ වුනාට ඇත්තටම කෙරුනෙ යාන්ත්‍රික ඇඳීම.

    • සුමිත්…….ලයනල් ජයතිලක මහත්තයා අධ්‍යාපණ සේවා ඇමති වෙලා හිටියා නේද ඒ කාලේ.උඹලගේ කාලෙත් ප්‍රා.වෘ. තිබුනා එහෙනම්. අපේ කාලේ ලෝහ වැඩවලට ප්‍රායෝගික වැඩ තිබුනා. පරණ ටින් පතුරුවලින් පොඩි පොඩි පෙට්ටි,කැට වගේ ඒවා හදන්න. පස්සේ පස්සේ ඒවා විහිළු තහළු වගෙත් උනා.මට නම් මම ගිය රැකියා මාර්ගයත් එක්ක ඉංග්‍රීසි විතරයි ප්‍රයෝජනයක් උනේ. ගණිතය මද පමනින්.

  4. kathandarakaraya says:

    මං හිතන්නේ ප්‍රාවෘ කරන්න ඇති අරූලාට කලින් අවුරුද්දේ අයත්.

    රෝයල් එකේ අය නං මැටි වැඩට දක්‍ෂයි නේ අදත්!

    මේ අයව දන්නවාද?

    උදය සිල්වා
    අරුණ ගුණවර්ධන
    ෆැන්සිස් එම්මෑනුවෙල්
    ජෙරාඩ් ඇඩම්ස්
    සිරි වීරසූරිය

    දැන් බැසිල් ඉන්නේ කැනඩාවේ ය කියා රත්නායක මහත්තයා කියලා තියෙනවා.

    • කකා හරියටම හරි. අපි දෙවැනි බැච් එක.කකා කියන්නේ රාජකීය මැට්ටෝ ගැන නේද?

      කකාටනම් දිවැස් තියෙනවාද මන්දා. ජී.ඩබ්.ඇඩම්ස්..ජෙරාඩ් විලියම් ඇඩම්ස්. ඉතාමත්ම හොඳ මිනිහෙක්. අමතක වුනා නෙමෙයි. මම පස්සේ ලියන්න හිටියේ ඇඩාගේ කැම්පස් කාලේ ඇඩාට ශිෂ්‍ය දේශපාලනේ නිසා වෙච්ච අසාධාරනේ. මුන්ගේ පවුලේ කොල්ලො තුනයි.මල්ලිව මට ලංකාවේදි එක පාරක් හම්බ උනා. තුන් දෙනාම ඉගෙනීමට දක්ෂයෝ. ගෙවල් තිබුනේ කිරුලපණ ග්‍රවුන්ඩ්ස් ඉස්සරහා. තාත්තා හරිම හොඳ කෙනෙක්. ප්‍රින්සිපල් කෙනෙක්. මම ඇඩම්ස්ලාගේ ගෙදර නයිට් ගහලාත් තියෙනවා. කකා දන්නවානම් මේක පෙන්වන්න.

      අරුණ ගුණවර්ධන කියන්නේ අරුණ විජේසිරි ගුණවර්ධන විය යුතුයි. ඒ ඔහු නම් ඌට හරි පියකරු හිනාවක් තිබුනා.ඝනකම් කොන්ඩය තරමක් බොකුටුයි. සූට්කේස් එකේ පාටත් තාම මට මතකයි. ඉස්සර නම් නිහඬයි.කකා දන්නවාද?

      රත්නායක මහත්තයා කිව්වේ ප්‍රදීප්ද? බැසිල් දැන් කැනඩාද? අනිත් අයනම් අපේ පංතියේ නෙමෙයි වගේ.

    • SailorBoy says:

      Wow…..I am enjoying this matte….thanks for bringing up Golden oldies…

  5. Anonymous says:

    අපි නම් කොලේ මෝටර් මිකැනිසම්ය. ඔය පරණ බිල්ඩින් වල ඉට්ටැයිල් එකට අළුතෙන් හදලා තියෙන බිල්ඩිම තිබුන තැන ගරාජ් එකක් වගේ එකක මයාදුන්න සෑර් තමයි ඉගැන්නුවේ.. ඒ කාලේ මට හෘදය වස්තුව අඳිනවා වගේ. මත්කෙන් පිස්ටන් එකේ හරස්කඩ අඳින්න පුළුවන්. මොකෝ අපි මුළු අවුරුද්දෙම ඉගෙන ගත්තේ පිස්ටන් එක නිසා.. ගොඩක් උන්ට මෝට මිකැනිසම් වලට ලකුණු 100 යි. ආයේ ලෝබ නැතුව මාක්ස් දෙන්නේ. මැටි වැඩ, ලෝක වැඩ කරපු උන් පස්සට ගියා මේ වැඩෙන්.

    මමත් වැඩියෙන්ම ආදරය කරන සර් “අමරදාස සෑර්” සමහර විට දකුණේ වීමත් එක හේතුවක් වෙන්න ඇති. අපි යන කාලේ උන්න. ගනං උගන්නපු මුණසිංහ සෑර්, සයන්ස් උගනපු සමරකෝන් සෑර්, කෘෂිකරුමේ උගන්නපු බූ බම්බා සෑර්, ඇලකියුසොන් උගන්නපු කේ සී පී පෙරේරා මිස්, එතකොට දැරණියගල සෑර්. විජේ වීරසිංහ දෙයියෝ, කුරේ සෑර්, ධර්මතිලක් සෑර්. උසස් පෙළ උගන්නපු, රණසිංහ මිස්. මාල් සෑර්. ගංජා හුටං, රෝසීටත් වඩා ලස්සන කළුාරච්චි මිස්.. කවදා අමතක කරඳ..?

    මම කොහේ කරි කොමෙන්ට් එකක් දැම්ම. මම දැන් නවකතා කියවන්නේ නෑ කියාලා. උඹ, රවී, හැලපේ ලියන ඒවා කියෙව්වම මොන වස්ත්‍රයටෙයි ඒ පොත් කියවන්නේ.. රවියා අද ලියලා තියෙන එකේ රස වෑහෙනවා.. එ වගේමයි මේකෙත් මේ කෑල්ල..

    // මමද රිසි පරිදි උද්‍යාණ විද්‍යාවද, මැටි වැඩද, නැටුම් විෂයද තෝරා ගත්තේය. පසුකාලීනව, ඉගෙනගත් උද්‍යාන විද්‍යාවෙන් මල් කැඩීමට පුරුදුවූවාසේම අනන්තවත් මැටි වැඩනම් කර ඇත. ඉගෙනගත් නැටුම්වලින් පලක් නොවූවත් නටපු වෙන වෙන නැටුම් නම් බොහෝය. //

    • maathalan says:

      ඔය උඩ කොමෙන්ට් එක මගේ හොඳේ, ලොග් ඉන් වෙන්න ඉස්සර පත්තු උනා..

      • Kenji @ Japan says:

        ලියල තියෙන ඉට්ටයිල් එකෙන් කියන්න පුළුවන් බුවා කව්ද කියල ලොක්ක.
        මටත් පැණි වරක කෑල්ල තමයි,
        >>පසුකාලීනව, ඉගෙනගත් උද්‍යාන විද්‍යාවෙන් මල් කැඩීමට පුරුදුවූවාසේම අනන්තවත් මැටි වැඩනම් කර ඇත. ඉගෙනගත් නැටුම්වලින් පලක් නොවූවත් නටපු වෙන වෙන නැටුම් නම් බොහෝය.<<

      • කා(Ka) says:

        අනිවාර්යෙන් නම පළ කරන්න අරූ.
        -කා(Ka)

      • @ කෙන්ජි & මාතලන්……….මචන් ලියලා තියෙන විදිහෙන්ම මටත් තේරුනා බුවා තමයි කියලා. කෙන්ජි උඹත් ඔය හරියේ කැරකිච්ච එකෙක් නේද?

      • @Kaවෝ…….උඹ මේ කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරපන් තරහා ගන්නේ නැතුව.

      • මාතලන් මහතාණෙනි ඔබට මේ කපේදී ඇනෝ කොමෙන්ට් දැමීමට නොහැකි වන බව කරුණාවෙන් සලකන්න. කියවන්න පටන් ගන්නකොටම තේරෙනවා මේ මොකාද කියලා

      • කා(Ka) says:

        බලන්න අරූ කෑ-කෝ පප්පයි, මේ පප්පයි කොමන්ට් කරපු ටයිම් චැක් කරලා. කෙන්ජි පස්සෙන්මයි කා(Ka)

      • කා(Ka) says:

        //@Kaවෝ…….උඹ මේ කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරපන් තරහා ගන්නේ නැතුව.//
        අපේ සූර පප්පා (මාතලං ආචාර්ය්‍යතුමා) හරි කැමති නොවැ, නම ප්‍රසිද්ධ කර ගන්න. පවු බං. අපිත්, ඉදලා හිටලා හරි බඩගාන බොගනෙ. ඔන්න ඔය කොමන්ටුවට මාතලං කියලා දාන්න.
        http://maathalan.blogspot.com/2013/08/books-to-read.html?showComment=1377861024237#c1097277310360392945
        -කා(Ka)

    • මචං මාතලන්…….ඩ්‍රින්ක් එකකට සෙට් වෙලා කතා කරන්න ඕන ට්‍රොපික් එකක් මචං. තනියෙන් විඳලා වැඩක් නැහැ. මගේ පංතියේ එකෙක් ඉන්නවා මෙහේ. වීක් එන්ඩ් එකේ වහාම සෙට් විය යුතුයි.

      අමරදාස සර් දෙයියෙක් බං. වැරදිලා මනුස්ස ලෝකේ ඉපදිලා තියෙන්නේ. අනිත් අය හැමෝම මතකයි.දේවිකා රණසිංහ chemistry කලේ. කාලයක් මගෙත් එක්ක ස්කූල් බස් එකෙත් ගියා.මම හරිම ආදරෙයි ඒ ටීචර්ට.මචං එලොකියුෂන් කරේ Miss.M.C.C.P. Perera අපි මිසිසිපි කියලා කියන්නේ

      • maathalan says:

        හරියර හරි එලකියුෂන් කලේ එයා තමයි.. එයාට මාව පේන්න බෑ.. ඒ උනාට ආදරෙයි. මොකෝ මම මැඩම්ලට ගොට්ට අල්ලනවනේ.. ඒ කාලේ ඉන්ගිරිස් මෙලෝ හසරක් බෑ.. ඒ මදිවට තාත්තා මාව දැම්මේ වැස්ටන් මියුසික් වලට. එක දවසයි ඒකට ගියේ. මිස් මක්කදෝ ඇහුවා. අනික් උන් හිනා උනා.. ඊට පස්සේ උන් එක්ක මාත් හිනා උනා.. ඒ පාර මැඩමුත් හිනා උනා.. ජයසේකර මැඩම්ද කොහෙද නම මතක නෑ..

      • SailorBoy says:

        I have her number I will convey the message….

    • කා(Ka) says:

      //@Kaවෝ…….උඹ මේ කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරපන් තරහා ගන්නේ නැතුව.//
      අපේ සූර පප්පා (මාතලං ආචාර්ය්‍යතුමා) හරි කැමති නොවැ, නම ප්‍රසිද්ධ කර ගන්න. පවු බං. අපිත්, ඉදලා හිටලා හරි බඩගාන බොගනෙ. ඔන්න ඔය කොමන්ටුවට මාතලං කියලා දාන්න.
      http://maathalan.blogspot.com/2013/08/books-to-read.html?showComment=1377861024237#c1097277310360392945
      -කා(Ka)

      • Maathalan says:

        අනිවා…. ඔක්කෝටම කලින්, තමන්ට ආදරය කරන්න ඕනා.. එතකොට තමයි අනුන්ට ආදරය කරන්න පුළුවන්.. නැත්නම් ඉතින් ඇනෝ කියලා බොගක් ලියනවනේ.. මගේ නමටත් වඩා, මම මාතලන් නමට ආසයි..

  6. රාජ් says:

    අද ලිපිය නියමයි. උඩින් කමෙන්ටු දාල තියන උදවියත් ඊට ගැලපෙන ෆෝටි ප්ලස් උදවිය. 🙂
    ඒ කාලෙ තිබුන විශය නිර්දේශය නං අදට වඩා ටිකක් ප්‍රායෝගිකයි නේද අරූ? අඩුගානෙ දහයට ගිය එකාටත් අතේපයේ වැඩ ටිකක් ඉගනගන්න ලැබිල තියනව. මේ ක්‍රමය හරියට ක්‍රියාත්මක උනානම් අපේ කාලෙ වෙද්දි සංශෝධනය වෙලා(නැත්තං කාලෙ හැටියට අප්ඩේට් වෙලා) හොඳ වෘත්තිකයන් පිරිසක් බිහිකරගන්න තිබුන. ඒත් මට හිතෙන්නෙ අතරමඟදී සිදුවුන වැරැද්දක් හේතුවෙන් අධ්‍යාපනය ආපස්සට ගමන් කලා කියල. මොකද අපේ කාලය වෙද්දි “අධ්‍යාපනය” කියන එක “පාඩම් කිරීම” කියන තැනට තල්ලු වෙලා තිබුන. ඒක තාමත් එහෙමයි.

    • ඇත්තටම් රාජ් ඒ ක්‍රමය විධිමත්ව තව කාලයක් කරගෙන ගියානම් ගොඩාක් ප්‍රයෝජණ ගන්න තිබුනා. බද් උද්දින් සංකල්පයක් මගේ හිතේ. අවාසනාවකට මෙව්වා ඉතා ඉක්මනින් වෙනස් කරනවා. මේවා හැමදාම මෙහෙමම තමයි.මම ලියලා තියෙන හේමමාල් ජයවර්ධන දක්ෂතා කීපයක එකතුවක්.වෛද්‍ය විද්‍යාව, නීතිය,තොරතුරු තාක්ෂනය සහ ඡායරූප ශිල්පය. මෙයින් ඡායාරූප ශිල්පයට අත්වැලක් උනේ ප්‍රාග් වෘත්තීය විෂය. පුංචි කාලෙත් ජාවාගේ ගෙදර පොඩි ලැබ් එකක් දාගෙන ආසාවට රීල්ස් හෝදනවා.වැඩේ උනේ කිසිම දෙයක් ඉදිරියට ගෙනි යන්න බැරිඋනා. 1977 විපර්යාසය අපේ රටට එකපාරටම ඔරොත්තු දුන්නේ නැහැ කියලයි මගේ අදහස.

      • තිස්ස says:

        මමත් ඒ කාලේ නුගේගොඩ වීනස් ස්ටුඩියෝ එකෙන් ඩිවෙලොපර්/ෆික්සර් කෙමිකල්ස් ගෙනල්ලා ගෙදරදී ම ඡායාරූප (කළු-සුදු) මුද්‍රණය කරනවා. මමත් ප්‍රා.වෘ. එකට කළේ ඡායාරූප ශිල්පය.

      • තිස්ස says:

        හැබැයි වැඩි කාලයක් ඡායාරූප ශිල්පය කරන්න බැරි වුණා… මොකද 1977 ආණ්ඩු පෙරලියත් එක්ක විෂයය ධාරාව මාස දෙක තුනක් ඇතුළත වෙනස් වුණු නිසා. අපි කළේ පරණ විදියට ම ඕ/ලෙවෙල් විභාගය….; එන්.සී.ජී.ඊ නෙවෙයි.

    • Kandyan says:

      //ෆෝටි ප්ලස් උදවිය//
      මොන…….ෆිෆ්ටි ප්ලස්….

      • @ Kandyan…..උඹ නිකන් සමනලයෙක් වගේ පියාඹගෙන ගිහිල්ලානේ. උඹ මොන ප්ලස්ද්?

      • රාජ් says:

        ෆෝටි ප්ලස් කිව්වෙ ටිකක් සැර බාල කරල. එකසැරේටම කියන්න නිකං මොකද්ද වගේනේ

  7. ///සමහරක් බ්ලොග් අඩවි තුල, එය කියවන්නා දන්නා දේ සහ කියවා ඇතිදේ අදහසක් සේ පලකිරීම ගෝචර නොවන බව කියවේ. එක් මූලාශ්‍රයක් පමනක් නොසෑහෙන බවටත් කියා සිටී. ////
    මමත් එකගයි . බ්ලොග් ලෝකේ කියන්නෙත් සමාජයේ උප කුලකයක්. සමාජයේ අත්දකින සියලු චරිත බ්ලොග් ලෝකෙත් නියෝජනය වෙනවා. එකාධිපතියෝ නැති උනොත් තමා පුදුම.

    මම බලාගෙන හිටියේ 6 කවද දායිද කියල.බොහෝ බ්ලොග් වල මෙවන් දීර්ග ලිපි නොකියව්වත් මේ ලිපි පෙළ අනිවාර්යයෙන් කියවනවා. දැන් ඊලග ලිපිය දානකම් තමා බලන් ඉන්නේ. 😀

  8. silentsahan says:

    අර පලි එක ගැන නැවත පැහැදිලි කිරීමක් කරන්න අරූ.. මට ඒක වැටහුණේ නැහැ.. මම දන්න තරමින් කමෙන්ට් කරන්නන් හා ගැටෙන එකම බ්ලොග් හිමියෙක් වත් නැහැනේ… ඒ උනත් සංවාදයන්ට ඉඩ ප්‍රස්ථාව ලබා දීමත් , සංවාදයන්ට එක් වන බ්ලොග් හිමියනුත් ඉන්නේ ඉතාම සුළු පිරිසයි..සංවාදයක් ඒ අයුරින් ගෙනියන්න දන්න මිනිස්සු ඉන්නේත් ඉතාම සුළු පිරිසයි ..

    කොටින්ම 4 දෙනෙක් වගේ..අනිත් බොහෝ අය කරන්නේ සංවාදය ” ජෝන් බාස්ට යන විට ”

    01. ඔහේ ගැන ලැජ්ජයි
    02. ඔහේ ගෑණු පෙරේතයෙක්
    03. ඔහේ ගණිකාවන් ඇසුරු කරන්නෙක්

    වගේ මාතෘකාවට අදාළ නැති දේවල් කියන්න ගන්න එක.. කුණුහරප කියන අයත් ඉන්නවා පැරදීගෙන එද්දී.. බ්ලොග් ලෝකයට තව තවත් මැදහත් පිරිස උවමනා බව නම් හැඟෙනවා අරූ…

    • සහන්………බ්ලොග්ස් තුලින් සංවාදයක් ඇතිවිය යුතුයි කියන එක වැදගත්. ඒ සඳහා ඇනෝලා මෙන්ම තවත් රසවත් උදවියත් එකතු විය යුතුමයි.ඔවුන්ගේ දායකත්වය ඉතා ඉහලයි. ඔවුන් නැත්නම් බ්ලොග් ලෝකය ,දහ දෙනෙකුට පෙන්වන සම්භාව්‍ය නාඩගමක් වෙයි. සමහරක් ඇනෝවරුන්ගේ අදහස් හරිම ඉහලයි.ඔවුන් ඇනෝවරුන් ලෙස පෙනී සිටින බුද්ධිමතුන්. සමහරුන් හරි උපහාසාත්මකයි.සමහර අවස්තාවලදී එය ඉතා ප්‍රභල උපහාසයක්. සමහරක් අවස්තාවල ඔවුන් ලියන්නාව කෝප ගන්වයි. නමුත් මම ඔවුන්ට කැමතියි. ඒ වගේම කාටත් තේරෙන, සරළ භාශාවකින් අපට කතාකරන “කෙන්ජි” නොමැති තැන ඩොලැක් එකක් නැති බයිලා සාජ්ජයක් වගෙයි. ඔහුගේ උපහාසය තියුනුයි කියා මට දැනෙනවා.

      සංවාදයක ඇති උවමනාව මම රස්තියාදුකාරයාගේ බ්ලොගයේ සඳහන් කර ඇත. රස්ති බොහොම හොඳ සංවාද කරුවෙකි.ඔහු ලියු පසුගිය ලිපි සහන් කියවා ඇතැයි මම සිතමි.
      ***************************
      මා පසුව ලියා ඇති සටහන ඔබ නැවත කියෙව්වොත් මම කියන්නට හැදුවේ කුමක්ද කොතනද යන්න ඔබට වැටහෙනු ඇත.

  9. deshakaya says:

    මට හිතෙන්නේ අරූ ගේ දිග හැරීම සෑහේන වටින දෙයක් වෙයි කියලයි.. මට මේ කොටස නං දෙපාරක්ම කියවන්න හිතුනා…

    • මචං දේශකයෝ…..අඩියක් ගහගෙන කතා කරන්න ඕන දේවල් ස්ක්‍රීන් එක දිහා බලාගෙන කොටන කොට කිසි ගතියකුත් නැහැ බන්.

  10. Kandyan says:

    එක අතකින් ප්‍රා.වෘ. කරපු හින්දා තවමත් වඩු වැඩක්.. යකඩ වැඩක් කරද්දි ඒකාලේ ඉගෙන ගත්ත ඒවා මතක් වෙනවා..
    ඇන්සීජීඊ දිගටම තිබුනානම් හොඳයි කියලත් හිතෙනවා… දැන් ආයෙමත් ඉස්කෝලවල වල උගන්නන්නෙ ඒවාමනෙ..

    • ආ මේ ඇවිල්ලා ඉන්නේ. මම හිතුවා උඹ පියා සලා යන්න ගියා කියලා.ප්‍රා.වෘ. සමහර වැඩ ප්‍රයොජනවත් තමයි. හැබැයි පිඟානක්, කෝප්පයක් කැඩුනාම මැටි වැඩ මතක් වෙන්නේ නැහැනේ බං.

      වෙනස් කරපු නිසා ඊට පස්සේ ආපු බැච් එකකට දෙකකට පැටලුම් සහගත උනා කියලා කියනවා. මම හරියට දන්නේ නැහැ.

      • Kandyan says:

        පියා සලා යන්ට? එහෙම පුළුවන්ද ෆිෆ්ටි ප්ලස් උනාම…මල් පෙති නොතලා රේණු නොසලා ….. බ්ලොගක් එහෙම බලලා…පොඩි සප් එකක් දිලා යන්ට එපා‍යැ…. 🙂

  11. raigam says:

    කොහෙද බන්, උඹලත් එක්ක ඉගෙන ගත සේරම රටේ නැහැනේ. අපේ පන්තියත් සම්පුර්ණයෙන් ශිෂ්‍යත්වකාරයන් ගෙන් හැදිලා තිබුනේ. හැබැයි අපට මැටි වැඩ වෙලාවට තිබුනේ නැහැ. 🙂

    • අනේ ඔව් බං රයිගම් බාගෙට බාගයක් රටින් පිට ගිහිල්ලා. උන් ඉතින් දෙමව්පියන්ගෙන් ඇත්වෙලා ,කොළඹට වෙලා දුක් විඳපු කාලෙට හරියන්න උන්ගේ දරුවන්ට සැප දෙනවාද කොහෙද? රයිගමුත් ශිෂ්‍යත්ව කාරයෙක්ද?

  12. Anonymous says:

    ඔය ඇමති ඉන්න කාලෙ නේද අධ්‍යාපන සියවස තිබුනෙ,අර නව රඟහල විවෘත කලෙත් ඒකට සමගාමීව නේද
    දැනුත් ඉතිං අපි මැටිවැඩ නං කරනවා නේද ඒක අතෑරලා බෑනෙ.

    • helapaya says:

      මම හැලපයා වෙමි

    • සියවස් ප්‍රදර්ශනේත් බලන්න ගියා මතකයි.නවරඟහල විවෘත කරලා තියෙන්නේ 1970 කොහෙද. මේ ඇමති තමයි 1977 වෙනකම් හිටියේ මගේ හිතේ.

      • තිස්ස says:

        නවරඟහල විවෘත කළේ 1969 දී අගමැති ඩඩ්ලි සේනානායක. ඒ කාලේ අධ්‍යාපන ඇමති වෙලා හිටියේ ඊරියගොල්ල.

        අධ්‍යාපන සියවස ප්‍රදර්ශනය තිබුණෙත් 1969 දී.

        බදුර්දීන් මහමුද් අධ්‍යාපන ඇමති වෙලා හිටියේ 1970-1977.

      • තිස්ස says:

        අරු (ඔබේ නම අරුණ ද මන්දා?—- නුගේගොඩ, ගංගොඩවිල පැත්තේ නිසා වාසගම නම් පෙරේරා විය යුතු යි ) බලන්න ගිහිල්ල තියෙනවා ද 1965 දී කොළඹ රේස් කෝස් පිට්ටනියේ තිබුණු කර්මාන්ත ප්‍රදර්ශනය? ඔය ග්‍රහලෝකාගාරයත් හැදුණේ ඒකට ම තමයි.

  13. වෙනදා මෙන අදත් කියවා රසවිඳීමි . ප.ලි. සටහන් තබන්නට හේතුවූ කාරනාව මොකක්ද අරූ

    • පවුලූශා…..ප්‍රා.වෘ.කරලම නැද්ද? උඹ අත් වැඩ කාරයෙක් වගේ!!

      ප.ලි. කතාව පසුගිය දාක බ්ලොග් අදහස් හුවමාරුවක වෙච්ච දෙයක් නිසා ලිව්වේ. ගනන් ගන්න එපා.

  14. අරූ අද මේක රාජකීයයන්ගේ කතිකාවක් බවට පත්වෙලානේ… ඒකනේ කතන්දරත් හින් ටොක්කක් ඇනල ගිහින් තියෙන්නේ..

    ඒ කොහොම වුණත් බොහොම රසට මේ ගැන ලියලා තියනවානේ.. ප්‍රාග් වෘත්තිය විෂයත් එක්ක උපහාස රසය එන්න ඔබ ලියා තියෙන විදිය හරිම සුන්දරයි. ඒ වගේම නිදහස් අධ්‍යාපනයේ ඇති වැදගත් කම කදිමට ට පැහැදිලි කරවන අගනා සටහනක්…

    • නලීන් ….ඔය රෝයල් කෑල්ල දාපු ගමන් හතර වටින් කන්න වෙනවා කියලා දන්නවා. ඕක අපේ ඉස්කෝලේ එවුන් අතර නෙමෙයි නම් නියම පෝරියල්.මොකද බං ඒ? මුළු රටම රාජකීය වික්‍රමයන්ට බයයි වගේ නේද?(අරූ… ඉල්ලන් කන්න වගේ හදන්නේ )

      • තිස්ස says:

        ඔය ආනන්දෙට, නාලන්දෙට ගිය එවුන්ට රොයල් කොල්ලෝ එක්ක තියෙන්නේ මාර ඊර්ෂ්‍යාවක්. ඒකට එක හේතුවක් තමයි උන්ගේ ඉස්කෝලවල පිහිටීම. උන්ගේ ඉස්කෝල තියෙන්නේ කොළඹ නගරයේ චාටර් ම තැන්වල. මරදාන කියන්නේ ඉතිං කොලෝනියල් කාලේ ඉඳන් ම පාදඩයන්ගේ නිවහන නේ…. ඒකට අපේ එක තියෙන්නේ කොළඹ වැදගත් තැනක…. ගාම්භීර රතු ගඩොල් ගොඩනැගිලි… පන්ති කාමරවල සිවිලිම තියෙන්නේ මීටර් 3 ක් උසින්; ඒ නිසා ම නිවර්තන කලාපීය රටවල තිබිය යුතු ම මනා වාතාශ්‍රය…. මන පිනවන, සිසිල දෙන විශාල වෘක්ෂ….. පායන කාලේ වුණත් නිල්ල ගැහුණු විශාල තණ පිට්ටනි දෙකක්…. මේවා එකක් වත් උන්ට නැහැ. ආනන්දේ තියෙන්නේ මහා කර්කශ තැනක, කට්ට අවුවේ. ඕවා නිසා තමයි උන් අපට ඊර්ෂ්‍යා කරන්නේ.

      • සහතික ඇත්ත තිස්ස. දැන් බලන්න රෝයල් කිව්වාම අපේ තියෙන ලස්සන, පින් පාට. ආනන්දේ, නාලන්දේ කිව්වාම ගොරකයොනේ. මුන් දිහා කෙල්ලෙක්වත් බලනවාද…අපෙන් පෙරිලා එන කෙනෙක් තමයි උන්ට හම්බවුනේ. 😀

  15. අපේ ස්කොලේ මෝටර් මැකනික් උගන්වන්නේ අර ප්‍රියන්ත සෙනවිරත්න කියන නළු සර් නොව.
    මම නම් ඒ තරම් ඕවට ගියේ නැහැ,නැටුම් කලා හැබැයි නටන්න බැහැ.
    කොයි හැටි උනත් අරූ ලියන හැටි බොහොම අපුරුයි.අපිවත් ඒ අතීතයට අරන් යනවා.

  16. ප්‍රධාන කතාවට ඈ‍ඳෙන අතුරු කතා තමයි කතාව රස කරන්නේ. උඹට ඔය හැම එකාගෙම නම් ඔය විදියට මතක තියෙන එකනේ බං වැඩේ. ඒ කියන්නේ තවම කන්ටැක්ට්ස් තියෙනවා කියන එකයි නේද? මට නම් එහෙම පන්තියේ හිටිය උන් හම්බ වෙන්නෙම නැති තරම්.

    • එහෙම කියලා කන්ටෑක්ට්ස් නැහැ මචං. හැබැයි මට පැමිනීමේ ලේඛනයේ අනු පිලිවෙලට නම් ටික මතකයි. අපේ කිට්ටුව එකෙක් ඉන්නවා. අපි හම්බවුනාම මේක තමයි මාතෘකාව.

  17. මම නම් කවුරුවත් දන්නෙ නැහැ.හැබැයි පුරුදු විදියට කථාව කියෙවුවා.මේකෙ ඉන්න ගොඩක් අය එකිනෙකාව පෞද්ගලික අදුනනවා ඇති කියලත් මට හිතුණා.පොලොන්නරුව වගේ පැත්තකින් ඉන්නෙ මම විතරයි වගේ…….

    • ඒන්ජල්…….මේ කිසිවකුත් කළුද සුදුද කියාවත් මම නොදනිමි. මේ සියල්ලක්ම බ්ලොග් මිතුරන් පමනි. මා ඔවුන් ආමන්ත්‍රනය කරන ආකාරය නිසා ඔබ එසේ සිතන්නට ඇත.මනම්පිටිය, මාදුරුඔය හා සම්බන්ධ දේවල්ද මගේ කතාවේ අඩංගුය

      • Ravi says:

        ඔන්න ඉතිං ඕකනෙ කියන්නෙ….මනම්පිටියෙ,මාදුරුඔය මොකද බං කලේ?…මනම්පිටිය, දිඹුලාගල එහෙම අපෙ වැයික්කිය වෙල තිබ්බ නෙව අවුරුදු බර ගාණක්…:) 🙂

      • මචං රවී…….මුල්ම සිද්ධිය තමයි ඒ ලෙවල් කරන කාලේ මාදුරුඔය ව්‍යාපෘතියේ විශාල ඇලක් කපන්න එක්කන් ගියා.උඹලත් ගියාද? දෙවැනි සීන් එක මචං….ඊට ගොඩ කාලෙකට පස්සේ රස්සාවක් නැතුව චාටර් වෙලා ඉන්න යුගයක…..දිඹුලාගල පැත්තේ..හද්ද කැලේ පලාතක ..අලුතෙන් ගමක් හැදුවා…උඹට මතක නම් ගමේ නම මතක් කරපන්.මට ඉස්සරහට ලියන්න පහසුවෙයි…අතුරු කතා තියෙනවා ඔය අස්සේ.

      • Ravi says:

        ඔය මාදුරුඔය ඇල කපන්ඩ මගෙ යාලුවොත් ගියා..ඒත් මට දැන් හරියට මතක නෑ..මොකක් හරි නොවැළැක්විය හැකි කාරණයක් නිසා මට යන්ට බැරිඋනා. හෙහ්, හෙහ්, නැත්තං ඔව්ව අතාරිනවද මම?

        දිඹුලාගල මොකක්ද බොල උඹල හදපු ගම? එහෙ ගම්මාන ඔක්කොම හැදුවෙ මචං මහවැලියෙන් නෙව. අර දිඹුලාගල හාමුදුරුවො අසූතුනේ විතර මිනිස්සු බලෙං පදිංචි කරන්ඩ හදල හෙණ නාඩගමක් නැටුව. ජේ. ආර්. ලොක්ක පෝල් පෙරේර ගොයිය පොළොන්නරුවෙ දිසා ඇමති කරල දැම්මෙ හාමුදුරුවංගෙ ඒ වැඩ පිළිවෙල නවත්තන්ඩමයි.මොකද ඒ සීන් එකට ඉන්දියාවෙං එහෙම ආව දැඩි විරෝධය. මට පේන්නෙ බොලා යන්ට ඇත්තෙ අන්න ඒ හාංදුරුවංගෙ ජනපද වියාපාරෙ ගම්මානයක් හදන්ඩ වෙන්ට ඕන… 😀

  18. මචං….ඒක රජයේ ව්‍යාපෘතියක්. කොන්ත්‍රාත් එකෙන් කොටසක් හම්බවුනා….ඒ හඬ ඇසෙන්නේ මාලිගාවත්ත ලී මෝල…. මතකද? උන්ගේ පොඩි පුතා මගේ යාලුවා. ඌ තමයි මාව එක්කන් ගියේ. 1984/85 විතර වගේ.පොඩි ඉස්කෝලයක් සහ ගෙවල් කීපයක් තමයි මුන්ට පැවරුනේ.

    • Ravi says:

      අම්මට උඩු..උඹල මචං මහවැලියෙ කොන්ත්‍රාත් එකක් කරල තියෙන්නෙ.

      ඔය උඹ ඉස්කෝල් කියන්නෙ මචං 80′ x 20′ පන්ති කාමර හතරෙ බිල්ඩිං එකකට.ගෙවල් හැදුවෙ ඉස්කෝලෙ උගන්නන්ට එන ගුරුවරුංගෙ නවාතැන් හැටියට. එව්වට කිව්වෙ ග්‍රේඩ් ත්‍රී ක්වාටර්ස් කියල. ඔය අපෙ හෙන්රිය ඉස්සොරෝම මයියංගනේද කොහෙද ගිහිල්ල ඉඳල තියෙන්නෙ ඔයිං එහෙක..

      අඩේ 84 තමයි මම ඉස්සෙල්ලාම ඔය පැත්තෙ රස්සාවට ගියේ.හැබැයි මම හිටපු හරියට මනම්පිටියෙං තව ටික දුරක් මඩකලපු පාරෙ යන්න ඕන.

      ඔය පැත්තෙ මචං තිබ්බ රත්මල්තැන්න, ඇල්ලෙවැව, බිම්පොකුණ, දිඹුලාගල…

      • හරියටම හරි රවි…..පංති කාමර හතරේ කතාවයි. ටීචර්ස් ක්වාටර්ස් කතාවයි දඩස් ගාලා ඔලුවට වැදුනා.

    • තිස්ස says:

      “ඒ හඬ ඇසෙන්නේ….” කියලා රේඩියෝ එකේ ඇඩ් එකක් ගියේ නුගේගොඩ සිටි ටිම්බර් හෝල් එක වෙනුවෙන් නේද?

      • මාලිගාවත්ත ලී මෝළ නේද?

      • තිස්ස says:

        මාළිගාවත්ත වෙන්න ඇති…. මොකද, ඔය ඇඩ් එක යන කාලේ මම කුඩා දරුවෙක්… ඒක නිසා හරියට ම මතක නැහැ…. ඒ වුණත් නුගේගොඩ සිටි ටිම්බර් හෝල් එකෙනුත් ඔය වාගේ ම ඇඩ් එකක් දැම්මා රේඩියෝ එකේ.

  19. කා(Ka) says:

    //නාවුක හමුදාපතිගේ Flag Officer යනු කුමන රාජකාරියක්ද යන්න විචාරක තුමාවත් පැහැදිලි කරොත් මැනවි යැයි සිතමි.//
    එක නොවේ අරූ,
    89 කොලු පප්පලා (පංතියේ යාළුවෝ) උස්සවුවේ කොහොමද කියලා ඇහැව්වොත් ඊට වඩා හොඳින් උත්තර දෙයි.
    බ්ලොග් ලෝකේ මවාගත් සුදු පිරුවට ඇදි ඒ පප්පා කවුද? 71 සැඟවුනු පප්පා, 89 ජිල්මාට් පප්පා. අනේ අම්මපා 83 කළු ජූලියෙත් මල ජූලියක් කළාද දන්නේ නෑ. වැලිවේරිය සීන් එකේ ඉන්න නැතුව ඇති.
    හැංගිමුත්තං නෑ. මෙන්න මගේ රිප්ලේ එක.
    http://maathalan.blogspot.com/2013/09/in-respect-of-sunila-abeysekara.html?showComment=1379147772379#c2256237624604091198
    මං දැන් නිදහස් සෙබලෙක්. මගේ පංතියේ මං විතරයි.
    (මම මේක මේ තරම් දුර ගෙනාවේ කරපු අළුගුත්තේරු, අදම වැඩ උජාරුවෙන් පාපොච්ඡාරනය කරපු ලියපු නිසා)
    -කා(Ka)

    • කා(Ka) says:

      කා අදින් පසුව කා(Ka) ලෙස පැමිණෙන්නේ නැතිලු ආයුබෝවන්!

    • profile එකක් කියන්නෙත් එක්තරා විදිහක social mask එකක්. අපි හදාගන්න ඒ identity එක වෙලාවකට අපේම නිදහස් අදහස් සීමා කරනවා.එහෙම බැලුවොත් ඇනෝ එන එක තමයි හරිම දේ. එත් profile එක හදාගත්හට පස්සේ ඇනෝ එන්නේ නැ මම. එක හරියට දෙබිඩි චරිතයක් රගපානව වගේ අමාරු වැඩක්.එහෙව් එකේ නිදහස් ඇනෝල ගේ අදහස් වටිනවා උබත් කා කියල identity එකක් හදාගත්ත එක අවුලක් උනත් ඒක ඇතුලේ උබට base එකක් හැදුනා උඹේ ඒ identity එක අතහරින ඒක අපරාදයක් වගේ. හිතල බලල කැමැත්තක් කරපන්

    • SailorBoy says:

      Sandun Gunasekara was the Flag Lieutenant. This means Aid de camp , you can see further details on this link http://en.wikipedia.org/wiki/Aide-de-camp. He was selected by Admiral Clancy due to many reasons. If I try to write about Sanduns military life it would be another interesting blog…I am happy to note that I was fortunate to be a fellow batchmate of Sandun and we would remember him for ever….Lest we forget!!!!

  20. Black Puma says:

    පැත්තකට වෙලා අහගෙන ඉන්න එක තමයි කරන්න පුළුවන් අපිට නම්. මොකද කියනවා නම් මේක ගැන මෙලෝ දෙයක් දන්නේ නෑනේ

  21. JP says:

    අරු
    ඔබ මේ නම් කර ඇති සමහර ගුරුවරුන්ගෙන් පසු කලෙක මා ද උගත්තෙමි .

    හැබැයි , (වරදවා තේරුම් ගන්න එපා) , මට මෙහෙමත් හිතෙනවා .
    අපි බොහොමයක් අපේ පාසැල් ජීවිතේ ගැන කතා කරන්නේ ආදරෙන් , තුම්මුල්ල සෙන්ට්‍රල් , ආනන්දේ , මහරගම ජනාධිපති කියලා වෙනසක් නෑ .

    හැබැයි මට ඒ වගේම සුන්දර මතක සටහන් තියෙනවා , නුගේගොඩ රොටරි එකේ . මට ජිවිතේ හම්බු වෙච්ච සුන්දර මිනිසුන් අතර රාජා අල්විස් මහතා වත් උඩින් ම තියෙනවා . හැබැයි ගොඩක් වෙලාවට ඒ ගැන කතා කෙරෙන්නේ නෑ නේද

    • JP……….කතාව ඇත්ත. හැබැයි පුදුම වැඩේ කියන්නේ මම කිසිම ටියුෂන් පංතියකට ගිහිල්ලා නැහැ. අපේ කාලේත් තිබුනා බම්බලපිටියේ ටෙම්පල් රෝඩ් වගේ තැන්. මම දන්න හොඳ ටියුෂන් ගුරුවරයෙක් තමයි රන්ජන් සිල්වා. එයාගේ මල්ලි සුසිරන් සිල්වා. ඒ අයව දන්නේ රොස්මිඩ් ප්ලේස් එකේ අපි වල බහින තැනක් තිබුනා. එතැන අපි වගේ සාමන්‍ය මිනිස්සු ජීවත්වෙන පොඩි වත්තක් තිබුනා. රන්ජන්ලාගේ ගෙවල් තිබුනේ එතැන.අනිත් දන්න ටියුෂන් ගුරා තමයි “උසස් පෙල 4 ලැබු”ටැග් ලයින් එක රටට පුරුදු කරපු ප්‍රදීප් රත්නායක මගේ ක්ලාස් මේට්. HRනෝනිස්ගේ මල්ලි PH අපිට ඉස්කෝලේ Zoology ඉගැන්වුවා.

      රාජා අල්විස් මහත්මයා මිය ගියා නේද?

      • තිස්ස says:

        “උසස් පෙළ A හතර ලැබූ” ප්‍රදීප් රත්නායක තවම ටියුෂන් දෙනවා ද? නැත්නම් වෙන මොනවා හරි කරනවා ද? මිනිහා ඉස්කෝලේ ජනප්‍රිය චරිතයක්, ඒත් මට මිනිහගේ ඩයල් එක මතක නැහැ.

      • prabhath gamalathge says:

        Pradeep Rathnayaka is now the GA of Matara

      • Asitha Chandrakirthi says:

        PHE Nonis sir taught Botany and one can wright a book about him.

  22. කා(Ka) says:

    අරූ මට පොඩි ඉඩක් දීහන්,
    බොග් අතරේ රසය හදාපු, බොග අතරේ බොරුවට සිල්ගත්තු පප්පලා විවේචනය කොරාපු, හාස්‍ය මතු කොරාපු, කා(Ka) පප්පාව ආක්‍රමණය කර ඇත. කා Ka දැන් වෙනම පච්ච කොටාගෙන ආවත්, ඉස්සර හොද ඇනෝවෙක්.
    මෙන්න මාතලංගේ “රෙද්ද අස්සේ” පෝස්ට් එකේ ඔරිජිනල් කා(Ka) කොමන්ට් කොරපු වෙලාවල්
    http://maathalan.blogspot.com/2013/09/vintage-photography.html
    3:42 AM
    3:49 AM
    9:48 AM
    8:41 AM
    10:15 AM
    11:12 AM
    මෙන්න කාගේ වලංගු ip 74.121.25.251
    කා(Ka) කවුද? දෙදෙනෙකුගෙන් අදහස්වලින් එකෙක් කොමන්ට් කොරන එක්තරා රටක වූ කාර්යාලයක නව යොවුන් කොල්ලෝ 2 දෙනෙක්. මුන් 02 දෙනාගෙන් එකෙකුට සිංහල කොමන්ට් කොටන්න බැරිය.
    උන්ට ප්‍රොෆයිල් නැද්ද බොල ? ඇත. ගූගල් නැත. එසේම උන් ලඟ ගූ+ගල් කොමන්ට් ද නැත. රියල් ටෝක් පමණයි.
    කවුරු හෝ කා(Ka) කාඩ් එකට විරුද්ධනම් කියපල්ලා. එසේනම් මේකා නැවතත් රියල් ටෝක් කරන ඇනෝවෙක් විදිහට විතරක් එයි.
    අරූ මේ පප්පාට පොඩි ඉඩක් දීහන්,
    බොග් අතරේ රසය හදාපු, බොග අතරේ බොරුවට සිල්ගත්තු පප්පලා විවේචනය කොරාපු, හාස්‍ය මතු කොරාපු, කා(Ka) පප්පාව ආක්‍රමණය කර ඇත. කා Ka දැන් වෙනම පච්ච කොටාගෙන ආවත්, ඉස්සර හොද ඇනෝවෙක්.
    මෙන්න මාතලංගේ “රෙද්ද අස්සේ” පෝස්ට් එකේ ඔරිජිනල් කා(Ka) කොමන්ට් කොරපු වෙලාවල්
    http://maathalan.blogspot.com/2013/09/vintage-photography.html
    3:42 AM
    3:49 AM
    9:48 AM
    8:41 AM
    10:15 AM
    11:12 AM
    මෙන්න කාගේ වලංගු ip 74.121.25.251
    කා(Ka) කවුද? දෙදෙනෙකුගෙන් අදහස්වලින් එකෙක් කොමන්ට් කොරන එක්තරා රටක වූ කාර්යාලයක නව යොවුන් කොල්ලෝ 2 දෙනෙක්. මුන් 02 දෙනාගෙන් එකෙකුට සිංහල කොමන්ට් කොටන්න බැරිය.
    උන්ට ප්‍රොෆයිල් නැද්ද බොල ? ඇත. ගූගල් නැත. එසේම උන් ලඟ ගූ+ගල් කොමන්ට් ද නැත. රියල් ටෝක් පමණයි.
    කවුරු හෝ කා(Ka) කාඩ් එකට විරුද්ධනම් කෙකර ගගා ඉන්නේ නැතිව කියපල්ලා. එසේනම් මේකා නැවතත් ඇනෝ විදිහට විතරක් එයි.
    කා(Ka) නමින් දැනට විවේචනය කොරලා තියෙන පප්පලා/පප්පිලා.
    අර ශපිරෝ සහ අක්කා මලෝ සුසංයෝජනය.
    විකාරද ජිල්මාට්
    මෙහි වැරැද්දක් තියෙනවානම් කියහල්ලා. මිනි මරුවෝ, පාවා දෙන්නෝ, මිනිස්සු උකස් කරවන්නෝ, කුහකයෝ…………. සුදු ඇලගෙන බොගට රිංගනවානම් කා(Ka) උන්ව විවේචනය කොරනවා ආයුබෝවන්.
    -කා(Ka)

  23. -කා(Ka) says:

    අරූ මේ පප්පාට පොඩි ඉඩක් දීහන්,
    බොග් අතරේ රසය හදාපු, බොග අතරේ බොරුවට සිල්ගත්තු පප්පලා විවේචනය කොරාපු, හාස්‍ය මතු කොරාපු, කා(Ka) පප්පාව ආක්‍රමණය කර ඇත. කා Ka දැන් වෙනම පච්ච කොටාගෙන ආවත්, ඉස්සර හොද ඇනෝවෙක්.
    මෙන්න මාතලංගේ “රෙද්ද අස්සේ” පෝස්ට් එකේ ඔරිජිනල් කා(Ka) කොමන්ට් කොරපු වෙලාවල්
    http://maathalan.blogspot.com/2013/09/vintage-photography.html
    3:42 AM
    3:49 AM
    9:48 AM
    8:41 AM
    10:15 AM
    11:12 AM
    මෙන්න කාගේ වලංගු ip 74.121.25.251
    කා(Ka) කවුද? දෙදෙනෙකුගෙන් අදහස්වලින් එකෙක් කොමන්ට් කොරන එක්තරා රටක වූ කාර්යාලයක නව යොවුන් කොල්ලෝ 2 දෙනෙක්. මුන් 02 දෙනාගෙන් එකෙකුට සිංහල කොමන්ට් කොටන්න බැරිය.
    උන්ට ප්‍රොෆයිල් නැද්ද බොල ? ඇත. ගූගල් නැත. එසේම උන් ලඟ ගූ+ගල් කොමන්ට් ද නැත. රියල් ටෝක් පමණයි.
    කවුරු හෝ කා(Ka) කාඩ් එකට විරුද්ධනම් කෙකර ගගා ඉන්නේ නැතිව කියපල්ලා. එසේනම් මේකා නැවතත් ඇනෝ විදිහට විතරක් එයි.
    කා(Ka) නමින් දැනට විවේචනය කොරලා තියෙන පප්පලා/පප්පිලා.
    අර ශපිරෝ සහ අක්කා මලෝ සුසංයෝජනය.
    විකාරද ජිල්මාට්
    මෙහි වැරැද්දක් තියෙනවානම් කියහල්ලා. මිනි මරුවෝ, පාවා දෙන්නෝ, මිනිස්සු උකස් කරවන්නෝ, කුහකයෝ, සාටකයෝ…………. සුදු ඇලගෙන බොගට රිංගනවානම් කා(Ka) උන්ව විවේචනය කොරනවා ආයුබෝවන්.
    -කා(Ka)

    • කා(Ka) says:

      කා අදින් පසුව කා(Ka) ලෙස පැමිණෙන්නේ නැතිලු ආයුබෝවන්!

      • කා (ka ) උබ දිගටම ඔය නමින්ම කොමෙන්ට් කරපිය නොලිව්වත් profile එකක් හදාගෙන උනත් කමක් නැ උඹේ දායකත්වය වැදගත්….

    • කා(Ka) says:

      තෑන්ක්ස් මොරබා මචං පප්පේ. ප්‍රොෆයිල් එකකට යන එක තමා හොඳම විසඳුම.

  24. කා(Ka) says:

    අරූ මචෝ දැන් බොලා කොමන්ට් මොඩනේට් කරනවා නේද? වැඩක් නෑ. මම දන්නවා දාන විදිහ.
    කිසිම අසභ්‍යත්වයක් මතු නොවී කොමන්ට් මොඩනේට් කිරීම වැරැදියි යාළුවා. හොඳ සාකච්ඡාවක් ගොඩ නැගෙන්නේ විවෘත්ත භාවයෙන් පමණයි.

    • කාවෝ…ඔය මොඩරේට් කිරිලි, අනං මනං මගේ ශබ්ද කෝශයේ නැහැ. ස්පැම් එකේ තියෙන දෙයක් රිලීස් කරනවා හැර මම අනිත් දේවල් හිතන්නේ නැහැ. බ්ලොග් ලියන එක මගේ විනෝදයට කරන දෙයක් නිසා මම කොහෙත්ම කිසිම දෙයක් ලොකුවට හිතන්නේ නැහැ. හැබැයි අර මොරා කියනවා වගේ උඹේ අයිඩෙන්ටිටි එක කා නිසා ඒකෙම වරෙන්.විවෘතභාවය හරි වැදගත්. ඒක මම හිස් මුදුනින් පිලිගන්නවා.

  25. තිස්ස says:

    “සයන්ස් කොටා” කියා ඔබ මෙහි සඳහන් කර ඇති ගුරුවරයා පෙරේරා මහතා විය හැක. 1977 මැතිවරණයෙන් පසු ඔහු ආනන්ද විද්‍යාලයයට මාරු කෙරුණා.

    • නමින් මතක නැහැ තිස්ස. බොහොම කොටයි. බඩෙන්ම තමයි මිරිකන්නේ. හැබැයි හරි හොඳයි. සිගරට් බිව්වා කියලා මතකයි. නෙවිල් හර්බට් සර්ව මතකද..

      • තිස්ස says:

        බඩෙන් මිරිකන්නේ පෙරේරා මහතා තම යි. හරි, ඔහු සිගරැට්ටුත් බිව්වා. නෙවිල් හර්බර්ට් මහතා ඉගැන්වූයේ ගණිතය. ඔහු පාසලට එන්නේ ලැම්බ්‍රෙටා ස්කූටරයෙන්. එක දවසක් ඔහු ඒ ස්කූටරයෙන් යද්දී අනතුරකට භාජනය වෙලා බරපතල තුවාල ලැබුවා.

      • තිස්ස says:

        8 වන, 9 වන ශ්‍රේණිවලට ගණිතය ඉගැන්වූයේ කුමාරසිංහ මහතා. වැඩක් නැති වෙලාවට මැටි වැඩ කාමරේ ම යි ඉන්නේ අලස් මිස් එක්ක කතා කර කර. ඔහුට දමා තිබූ නම “තන්ඩර්බර්ඩ්”.

      • මට හොඳට මතකයි. නිතරම මැටි වැඩ කාමරේ. කුමාරසිංහ සර් ඇත්ලටික්ස් මාස්ටර් ඉන් චාර්ජ්. නෙවිල් හර්බට් සර්ගේ අනතුරත් මතකයි. ඔහුත් හරියට සිගරට් බිව්වා. හර්බට් සර් හරි ජොලි කාරයා බිග් මැච් දවස්වලට ග්‍රවුන්ඩ් එකේ.

  26. SailorBoy says:

    Very interesting….please go on writing more….

  27. Jayantha Prabhath Gamalathge says:

    මචං මම ජයන්ත ප්‍රභාත් ගමලත්ගේ. මතකද? මාදුරු ඔය ඇල කපන්න මමත් එකතු උනා. සෙස්ස පස්සට..

  28. Prasanna Meemaduma says:

    I really enjoyed reading this. Have a great day.

    • Prabhath Gamalathge says:

      Machang Prasanna, Please send your following details for our “Class of ’80” Directory.
      1.Postal address
      2.Mobile number
      3.Residence number
      4.Email address
      5.Profession/Designation
      6.Name of Company
      7.Date of Birth
      8.Last class in 1980

      • Prasanna Meemaduma says:

        Hi Prabhath,

        Thanks for the invitation. Yes, happy to do that. But this is a blog post and open to public.

        Regards Prasanna

    • P&P මචංස්ලා….උඹලා දෙන්නම මට මතකයි. ප්‍රසන්න කියනවට වඩා මට මතක උඹව මීමැඩුම කියලා. ලස්සණ සර්නේම් එක බං ඇත්තටම. මගේ යාලුවෙක් හිටියා “අසේල අස්මඬල” කියලා. තව කෙනෙක් හිටියා”අතුල වෙළඳගොඩ” කියලා. ඒ කොලුවා නම් දැන් පලාත් සභා මන්ත්‍රි කෙනෙක්. ලස්සන සර්නේම් එකක්.

      මචං උඹ මහේෂ් පද්මපෙරුම, විමල් රත්නසිරිලා එක්කද ක්ලාස් එකේ හිටියේ. නැත්නම් රාමලා, ප්‍රියන්ත එක්කලාද? මම නම් හිටියේ වලේ. මතකද BS4 එක.

      මචං ඔය උඹලගේ පර්සනල් ඩීටේල්ස් ඊමේල් එකකින් කරොත් තමයි හොඳ.. බ්ලොග්ස් කියන්නේ පබ්ලික් ලයිබ්‍රරීස් වගේනේ.
      උඹලා ඉන්නේ මම ඉන්න ඒරියල් එකෙනේ නම් වෙලාවක සෙට් වෙමු.මේකට කමෙන්ට් එකක් ඉංග්‍රීසියෙන් හරි දාපන්.

      • Prabhath Gamalathge says:

        I was in BS2 with Mahesh Padmaperuma. We used to call you, Wimal, Srinath, & Gamage as “Thaara Mudukku Bajar”. I can remeber you and Priyantha joining the “Maduru Oya” shramadana. This year on the invitation of our batch mate, Ravi (Navy Commander) we (Class of ’80 members, with their families) went to Trinco in February, and to Jaffna in September.https://www.youtube.com/watch?v=9SEMzNRLgHE We are once again invited by Ravi to visit Trinco in January next year. Next year we will all be 55 years. We hope to organise a “Back to school programm” (similar to the one we had in 2012) Fellowship Dinner Dance, Donation to school and the usual Stag night. Send me your email address, to be included in our Directory. I am in Nugegoda.

  29. Arosha Jayawardene says:

    Enjoyed reading this blog and rest of the comments. Best wishes for 2017.

  30. //////////////////////////////////////////
    තිස්ස says:

    ඔය ආනන්දෙට, නාලන්දෙට ගිය එවුන්ට රොයල් කොල්ලෝ එක්ක තියෙන්නේ මාර ඊර්ෂ්‍යාවක්. ඒකට එක හේතුවක් තමයි උන්ගේ ඉස්කෝලවල පිහිටීම. උන්ගේ ඉස්කෝල තියෙන්නේ කොළඹ නගරයේ චාටර් ම තැන්වල. මරදාන කියන්නේ ඉතිං කොලෝනියල් කාලේ ඉඳන් ම පාදඩයන්ගේ නිවහන නේ…. ඒකට අපේ එක තියෙන්නේ කොළඹ වැදගත් තැනක…. ගාම්භීර රතු ගඩොල් ගොඩනැගිලි… පන්ති කාමරවල සිවිලිම තියෙන්නේ මීටර් 3 ක් උසින්; ඒ නිසා ම නිවර්තන කලාපීය රටවල තිබිය යුතු ම මනා වාතාශ්‍රය…. මන පිනවන, සිසිල දෙන විශාල වෘක්ෂ….. පායන කාලේ වුණත් නිල්ල ගැහුණු විශාල තණ පිට්ටනි දෙකක්…. මේවා එකක් වත් උන්ට නැහැ. ආනන්දේ තියෙන්නේ මහා කර්කශ තැනක, කට්ට අවුවේ. ඕවා නිසා තමයි උන් අපට ඊර්ෂ්‍යා කරන්නේ.

    aruge adaviya says:

    සහතික ඇත්ත තිස්ස. දැන් බලන්න රෝයල් කිව්වාම අපේ තියෙන ලස්සන, පින් පාට. ආනන්දේ, නාලන්දේ කිව්වාම ගොරකයොනේ. මුන් දිහා කෙල්ලෙක්වත් බලනවාද…අපෙන් පෙරිලා එන කෙනෙක් තමයි උන්ට හම්බවුනේ.

    ////////////////////////////////////////////

    අම්මප පරණ ගුටි කාපුවයේ ඇරියස්ද කොහේද මේ ඩබල අල්ලන්නේ … හික් … හික් …!!!

    එක නෙමෙයි අරුණ අයියේ … මට මතක් උනේම අර “ඇස්ටෙරික්ස් ඇන්ඩ් ඔබෙලික්ස්” කතාවේ පප්පලගෙන් ගුටි කාපු රෝමන් කාරයෝ කියන කතන්දර 😀

    හික් … හික් … විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරුවා, මේ හටන තව කාලයකට නවතින එකක් නැහැ මයේ හිතේ … 😀

Leave a reply to aruge adaviya Cancel reply