අවුල් වන්නට පෙර (35)…1977 මැතිවරණය

මගේ අටවැනි නවාතැන්පොළට පිවිසීමටත්, ඒ හා බැඳුණු තොරතුරු ලියා තැබීමටත් පෙර, මා පන්සලේ නැවතී සිටි කාලයේ රටේ සිදුවු තවත් එක් පෙරළියක පිළිබඳව ලියා තැබීම සුදුසු යැයි සිතුවෙමි. ඒ 1977 මහා මැතිවරණයයි. පැවති ශ්‍රිලනිප පාලනයට අති දැවැන්ත පරාජයක් හිමිකර දෙමින් එජාපය පාලන බලය ලබාගත්තේ මේ මැතිවරණයේදීය. ශ්‍රීලනිපය ආසන අටකට බස්සවමින් ආසන දහ අටක් දිනාගත් ද්‍ර.එවිපෙ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකත්වය හිමිකර ගන්නා ලදී. ෆෙඩරල් පක්ෂයේ නායක එස්.වී. චෙල්වනායගම්ගේ මරණයෙන් පසු යම් යම් ද්‍රවිඩ කංඩායම් එකතුවී අප්පාපිල්ලේ අමිර්තලිංගම්ගේ නායකත්වයෙන් මෙම පෙරමුණ ගොඩ නගාගත් බව එදා සාකච්ඡා විය. මේ සිදුවූ මැතිවරණ ප්‍රතිඵලය තුළ රටේ අනාගතය පෙළගැසුණු ආකාරය පිළිබඳ විග්‍රහය දේශපාලන විචාරකයින්ට පවරා මම ඇසූ දේ සහ දුටු දේ ලියා තබන්නෙමි.

පාලන බලය හිමිකර ගත් පක්ෂයේ ආධාරකරුවන් විසින් පරාජිත විරුද්ධ පාක්ෂිකයින්ට ඒ තරම් අඩන්තේට්ටම් , මැර ප්‍රහාර එල්ල කෙරූ මෙවන් අවස්ථාවක් ගැන ශ්‍රීලාංකීය දේශපාලන ඉතිහාසය තුළ ඉන් පෙර හෝ ඉන් පසුවත් මම අසා නැත. ඒ තරම් අවිචාරවත් සමයක්වී නම්, ඒ 1983 කළු ජූලිය නම්වූ අප්‍රසන්න, මෘග, ම්ලෙච්ඡයන් නීතිය අතට ගත් සමය යැයි හැඳින්විය හැකිය. 1989 පිළිබඳව ලිවීම පසුවට තබාගතිමි. මේ යුග තුනේදීම සිදුවූ ඒ අවාසනාවන්ත තත්වයන් ඇසින් දැකීමට තරම් මිනිසුන් වීම පූරුවේ කල එක් එක්තරා පාප කර්මයක් යැයි මගේ සමකාලීනයෙක් මෑතකදී මා හා පැවසීය. සත්තකින්ම එය ඇත්ත යැයි මමත් සිතන්නෙමි.

1977 පශ්චාත් මැතිවරණ අපරාධයන් සඳහා එක් හේතුවක් වූයේ 1972 ව්‍යවස්ථා සංශෝධනයත් සමගම වසර දෙකකට මැතිවරණය කල් දැමීමට සිරිමාවෝ රජය ගත් තීරණය මත විරුද්ධ පාක්ෂිකයන් තුළ ඇතිව තිබූ තෙරපුම සහ ක්‍රෝධය යැයි මම අනුමාන කරන්නෙමි. මැතිවරණ ප්‍රචණ්ඩත්වයන් සාධාරණීකරණය කිරීමට එය හේතුවක් නොවිය යුතුය. මෙම ව්‍යවස්ථාව යටතේ පැවැත්වූ එකම සහ අවසාන මැතිවරණය මෙයවේ. පොලිසියට සතියක් නිවාඩු දෙනවා යැයි මැතිවරණ වේදිකාවල ජේආර් ජයවර්ධන පොරොන්දු විය. ඇට රාත්තල් අටක පොරොන්දුවද අඩක් කුසගින්නේ සිටි ජනතාවට වැදගත් විය.

අද බොහෝ දෙනෙකුට අමතකව ඇතත් 1977 මැතිවරණයෙන් පසු උතුරු පළාතේද යම් ප්‍රචණ්ඩත්වයක් ඇතිවිය. රාජ්‍ය මර්දනය යාපනයටද මුදා හැරිණි. එහිදී දෙමළ ජනයා දෙසීයකට අධික ප්‍රමාණයක් මිය ගිය බවද කියවිණි. මේ සිද්ධියට අදාළ නොයෙකුත් කතා ප්‍රචාරයවූ අතර මට ඒ පිළිබඳ මතකය අවුල්ය. කාලීනව වර්ධනයවූ දෙමළ ජාතිවාදී ගැටලුවලට මෙම සිද්ධියත් පදමට ලුණු ඇඹුල් සපයන්නට ඇතැයි සිතාගත හැක. මේවා ගැන ගැඹුරින් විග්‍රහ කිරීමට තරම් මගේ දැනුම ප්‍රමාණවත් නොවේ. කෙසේ හෝ වේවා මැතිවරණ ප්‍රතිඵල නිකුත්වීමෙන් පසු යුඇන්පී නොවූ බොහෝ ආධාරකරුවන්ගේ උන් හිටි තැන් පවා අහිමි විය. ජීවිත අහිමි විය. ගම්බිම් අත හැර පලා ගියෝය. ජේආර් ජයවර්ධන මොන පොරොන්දුව අමතක කළත් එක් පොරොන්දුවක් ටක්කෙටම ඉටු කළේය. පොලිසියට සතියක් නිවාඩු දෙනවා යැයි කියු නිසා පොලිසිය නිදි වැදුණේය.

අපි ඡන්ද ප්‍රතිඵල ඇහුවේ පන්සලේ ගුවන් විදුලි යන්ත්‍රයෙන්ය. එන්න එන්නම ඡන්ද ප්‍රතිඵල නිවේදනය කිරීම පරක්කු වෙන්නට විය. නායක හාමුදුරුවෝ කිවේ පරාජය ගැන මුලින් දන්නා බවත්, දැන්නම් වැඩේ හොඳටම ජූනියස් බාස්ට ගිහින් බවත්ය. සමහරක් නරක ආරංචි නිසා බොහෝ අය සිතුවේ ශ්‍රීලනිප බල කණුවක්වූ නායක හිමියන්ට කරදර විය හැකිද යන්නය. මම එදත් බය නැහැ, අදත් බය නැහැ යැයි කියු මේ යෝධ පුරුෂයා, ප්‍රතිඵල අසන්නට අවදි කරන්න යැයි කියා නිදන්නට ගියේය. මට අදත් හොඳහැටි මතක පළමුවන ප්‍රතිඵලය නිකුත්වුණේ සම්මන්තුරේ ආසනයේය (සුධීකගේ බ්ලොගයේ තවත් කවුරුන් හෝ මේ බව සඳහන් කර තිබුණී). කේවල ආසන ක්‍රමයට පැවැත්වූ අවසාන මැතිවරණය මෙය විය.

මට වඩාත් සමීපවු මැතිවරණ ප්‍රතිඵල වූයේ, මා නැවතී සිටි බටහිර කොළඹ ආසනයත්, කෝට්ටේ, මහරගම, අවිස්සාවේල්ල සහ ඇහැලියගොඩ ආසණයන්ය. අපේ ගම් පළාතත්, තාත්තාගේ සමසමාජ මිතුරන් තරඟකල ආසනයන් වුයේ ඔය පළාත්ය. බටහිර කොළඹ ජේආර් ජයවර්ධන ජයග්‍රහණය කළේ අති විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින්ය. ඔහුගේ ප්‍රතිවාදියා වූයේ පැරදෙන නිසාම දැමු අපේක්ෂකයෙක්වූ ලාල් සල්ගාදු නම් කෙනෙකි. බටහිර කොළඹ එදාත් අදත් යුඇන්පී බලකොටුවකි. මගේ උපන් බිමවූ දෙල්කඳ අයිතිව තිබුණේ කෝට්ටේ ආසනයටය. මේ මැතිවරණ කොට්ඨාසය මහරගම නමින් තවත් කොටසකට වෙන්වූ බැවින්, එදා කෝට්ටේ කොටා නමින් හැඳින්වූ හිටපු කතානායක ස්ටැන්ලි තිලකරත්න මහරගමින් ඉදිරිපත් විය. කෝට්ටේ ආසනයට ඉදිරිපත් වූයේ 1977 මැතිවරණයට කලින් යුඇන්පී ප්‍රබලයෙක්වූ ජිනදාස නියතපාලය. මොහු දේශපාලනයේ අවාසනාවන්තම මිනිසා කරමින් යුඇන්පියේ ආනන්ද තිස්ස ද අල්විස් කෝට්ටේ අසුන ජයගත් අතර, එම ආසනයෙන් කොමියුනිස්ට් පක්ෂයෙන් තරඟ කෙරූ අපේ ගමේ මිනිහා, තාත්තාගේ හිතවතා කේ.පි.සිරිවර්ධන ඉතා අඩු ඡන්ද ප්‍රමාණයක් ලැබීය. අති දැවන්ත දේශපාලන චරිතයක්වූ කතානායක ස්ටැන්ලි තිලකරත්නව මහරගමින් පැරදවූයේ යුඇන්පියේ ප්‍රේමරත්න ගුණසේකර නම්වූ නවකයාය. මොහු සිනමාශාලා සේවකයෙක් ලෙස රැකියාව කෙරුවෙක් බව මිනිසුන් පැවසීය. ජනතා කලකිරීම වටහා ගැනීමට හොඳම නිදසුනක් මෙය විය යුතුය. අවිස්සාවේල්ල ආසනයට මහජන එක්සත් පෙරමුණෙන් තරඟ කල දිනේශ් ගුණවර්ධන පරාජය කරමින් යුඇන්පියේ එම්.ඩී.ප්‍රේමරත්න නම් නවකය ජය ලැබීය. තාත්තාගේ මිතුරා සමසමාජයේ චන්ද්‍රා කුමාරගේ අන්ත පරාජයක් ලැබීය. ඇහැලියගොඩින් වාසුදේව නානායක්කාර පරදමින් කුලරත්න නම් කෙනෙකු ජය ගන්නා ලදි. අපේ තාත්තාගෙත්, නායක හිමියන්ගේත් දේශපාලන අදහස් හා එහි නායකයින් 1977 ජනතා කැමැත්ත මත දේශපාලන භූමියෙන් අතුගා දමන්නට විය. මමද තදින් කම්පාවුණෙමි. වාසනාවකට මේ දෙදෙනාගෙන් කිසිවෙක් මැර තර්ජනයන්ට ගොඳුරු නොවීය.

මෙම මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුවේදි ආර්.ප්‍රේමදාස අගමැති ලෙස පැවැත්වූ කථාවේදි “වලව්වක උපන් අවජාතක කුමාරයෙකුට වඩා. පිටකොටුවේ එළවළු බක්කියක උපන් ප්‍රේමදාස …..”යැයි කතාවක් පැවැත්විය. මට හරියටම එහි වචන මතක නැත. ඒ මැතිවරණ වේදිකාවේ ප්‍රේමදාසට එල්ලවු ප්‍රහාරයට,අනුර බණ්ඩාරනායක වෙත දුන් ප්‍රතිප්‍රහාරයක් විය. නමුත් මේ කථාවේ එම කොටස බොහෝ දෙනා පිළිකෙව් කරන්නට යෙදුණි. ඉදින් පසු අගමැති ප්‍රේමදාස ඔහුගේ කතා ශෛලිය වෙනස් කෙරූ බව මගේ මතකයයි.

අපේ තාත්තා, 1960 ගණන්වල සිට පැවත්වූ ඡන්දයන්හී ප්‍රතිඵල ,පුවත්පත් වලින් කපා අලවා තැබු වටිනා එකතුවක් විය. තාත්තා නැවැත්වූ 1977 මැතිවරණයේ සිට පුතා වැඩ පටන් ගත්තේය. මට ඕවා කට පාඩම් විය. එතැන් සිට 2000 මැද භාගයක් වෙන තෙක් පැවැත්වූ සියලු ප්‍රාදේශීය සභා, පළාත් සභා, පාර්ලිමේන්තු, ජනාධිපතිවරණ සියල්ලකම ප්‍රතිඵල (ආසන මට්ටමින් පවා)ලොකු සීආර් පොත්වල අකුරෙන් ලියා තබා ඇත (ප්‍රධාන පක්ෂවල නාමයෝජනා ලැයිස්තුද ඇතුළත්ය ).මා වරක් සමසමාජ පක්ෂයේ ප්‍රධාන කාර්යාලයට ගියේ යම් තොරතුරු රැස් කිරීමකටය. ඒත් එක් මැතිවරණයක් සඳහා සංධානගතව ඉදිරිපත්වූ සමසමාජ අපේක්ෂයන් කවුදැයි සොයාගැනීමටය. ඒද මගේ මේ එකතුවට අවශ්‍ය නිසාවු බැවින්ය. එහිදී මට හමුවූ එවකට සමසමාජයේ ප්‍රධාන ලේකම්වූ විමලසිරි ද මැල් මහතා, මා සතු මේ තොරතුරු ගැන පුදුමයට පත්විය. ඒ සියලුම පොත්පත් සහ තොරතුරු සමසමාජ ප්‍රධාන කාර්යාලයේ පුස්තකාලයට පරිත්‍යාග කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටියේය. නමුත් ඒවා නොදිසිටීමට තරම් මම මසුරු වුණෙමි. දුන්නා නම් ඒවා අදටත් සුරක්ෂිතව පවතී. මෑතකදී මට දැනගන්නට ලැබුණේ සියල්ලක්ම පුස් කා තෙත බරිතවී ඇති බවය. මීට වසර ගණනාවකට පෙර තිබූ තැන්වලම තිබෙන්නට දමා තිබූ නිසා මේ සිදුවී ඇතැයි සිතේ. මේ සමගම විනාශවූ තවත් ඉතාමත් වටිනා (මූල්‍ය නොවේ )යම් යම් එකතුවක් මා සතුව තිබුනි. නැතිවූ දේවල් ගැන මට දැන් කිසිම උනන්දුවක්ද නැත. ඒ ගැන ලියන්නට ගියොත් කතාව දිග වැඩිය.

මැතිවරණ සහ එහි ප්‍රතිඵල විස්තරයන් ගැන මට ඇත්තේ පුදුම පිස්සුවකි. මට ඡන්ද අහන්නට ඇත්තේද එවැනි පිස්සුවකි. මම පසුගිය බස්නාහිර/දකුණ ඡන්දයද මුල සිට අග දක්වාම නොකඩවා සවන් දුන්නෙමි. මේවා ගොන් වැඩය. නමුත් සමහරක් ගොන් වැඩවලට මම තවමත් ආසා කරන්නෙමි. මේ පිස්සුව නිසාම මම අද අන්තර්ජාලයෙන් ලැබුනු තොරතුරු පහත අකාරයට සකස්කර ලියා තබන්නෙමි. මගේ පිස්සුව කියවා ඔබත් පිස්සෙක් වෙන්න.

මට වෙච්ච දේට පෙර 1977දී රටට වෙච්ච දේ ලියවුනේ ඔන්න ඔහොමය!!
එදා සිටි සහ අද සිටිනා දේශපාලකයින් පිලිබඳ ඔබම සංසන්දනය කර බලන්න!!!!

1977 ආසණ මට්ටමින් ලැබු ප්‍රථිපල:
UNP…….140
TULF…… 18
SLFP…….08
CWC……..01 (Thondaman Sr)
OTHERS…..01 (R.P.Wijesiri)

ජයග්‍රහණය ලැබු යුඇන්පී සමහරක් (මොවුන් බොහෝ දෙනා නවකයින් විය )
R.Premadaasa ….. MDH JAYAWARDHANA … RENUKA HERATH … AMARA PIYASEELI ….
M.H.MOHOMED.. GAMANI JAYASURIYA .. RUPA KARUNATHILAKA … JAYAWICKRAMA PERERA…
S.DE.S.JAYASINGHE .. TYRONNE FERNANDO … RONNIE DE MEL … DB WELAGEDHARA….
WIJAYAPALA MENDIS…. BAKEER MARKER … MONTEGUE JAYAWICKRAMA… GM PREMACHANDHRA….
JOSEPH MICHAEL … ALICK ALUWIHARE …. RANJITH ATHAPATTU… ELB HURULLE…
SARATHCHANDHRA RAJAKARUNA … ACS HAMEED… PMB CYRIL…. AMS ADHIKARI….
RANIL WIKRAMASINGHE …. EL SENANAYAKA… P DAYARATHNA …. HGP NELSON…
CYRIL MATHEW .. DB WIJETHUNGA… HERALD HERATH… PERCY SAMARAWEERA…
WEERASINGHA MALLIMAARCHCHI … GAMINI DISANAYAKA … FESTUS PERERA … WLM LOKUBANDARA ….
NISSANKA WIJERATHNA … WIMALA KANNANGARA … GAMINI ATHUKORALA … NANDA MATHEW ….
LALITH ATHULATHMUDALI … GD MAHINDASOMA … VINCENT PERERA … ARIYARATHNA JAYATHILAKA .

පරාජය ලැබු ශ්‍රීලනිප සමහරක් (මොවුන් බොහෝ දෙනා ජ්‍යේෂ්ඨයින් විය )
AHM FOWZIE …. THAMARA ILANGARATHNA … MAHINDA RAJAPAKSA…
CV GUNARATHNA… RATHNASIRI WICKRAMANAYAKA… BASIL RAJAPAKSA…
VIJAYA KUMARANATUNGA … MANGALA MUNASINGHA… KB RATHNAYAKA…
LAKSHMAN JAYAKODI… TB TENNAKOON …. HB SEMASINHA…
JRP SOORIYAPPERUMA … ANURUDDA RATWATTA … JAGATH BALASURIYA…
SKK SURIYARACHCHI… DHIMU JAYARATHNA … RATHNA DESHAPRIYA SENANAYAKA…
FELIX DIAS BANDARANAYAKA … HECTOR KOBBAKADUWA…. DHARMASIRI SENANAYAKA…
TB ILLANGARATHNA…. ARIYA BULEGODA..

පරාජය ලැබු වාමාංශික නායකයින් සමහරක් (මොවුන්ගෙන් බොහෝ දෙනා පාර්ලිමේන්තුවට පත්කරගතව තිබු අය බව මගේ විශ්වාසයයි )
PIETER KEUNEMEN … NM PERERA …. SA WICKRAMASINHA … COLVIN R DE SILVA….
BENARD SOYZA … WIMALASIRI DE MEL … CHOLMONDELEY GUNAWARDHANA…. BY THUDAWE…
VIVIEN GUNAWARDHANA…. BATTY WEERAKOON…. MG MENDIS… DEW GUNASEKARA…
LESLI GUNAWARDANA…. ANIL MUNASINGHA… EALIAN NANAYAKKARA … TB SUBASINGHA….
NANDA ELLAWALA…. ATHAWUDHA SENEVIRATHNA …. SARATH MUTHTHETUWEGAMA.

****
රෙජිනෝල්ඩ් කුරේ….ඡන්ද 54යි…බේරුවල ආසණය…ස්වාධීන
එස්. බී. දිසානායක…ඡන්ද 400යි…වලපනේ ???? කොමියුනිස්ට් පක්ෂය

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

144 Responses to අවුල් වන්නට පෙර (35)…1977 මැතිවරණය

  1. Dinesh says:

    ඒ කාලේ ඉතින් අපි හිටියේ නැති වුනත් මේ 77 ඡන්දේ පස්සේ කාලෙකදි සුවිශේෂ එකක් වුන බව නම් අහලා තියෙනවා..

    • ඔව් දිනේශ්…77 කියන්නේ අපේ රටේ ආර්ථික,සමාජ,සංස්කෘතික සහ දේශපාලනිකව උඩු යටිකුරු වෙච්ච යුගයක ආරම්භය. කවුරු කැමති අකැමතිවුනත් ඒ ක්‍රමය නිසා කිඳා බැහැපු හොඳ නරක දෙකේම පාරිභෝගිකයො බවට අපිත් අනාගතයත් පත්වෙලා අහවරයි. කණගාටුවෙන් හරි බුක්ති විඳින්න තමයි තියෙන්නේ.

  2. මිනිසුන්ට යමක් එපා උණාම තමන්ට අවශ්‍ය වෙනස්කමක් කරන බව මේකෙන් පැහැදිලි වෙනවා නේද අරූ…ඒ කාලේ මිනිස්සු හොඳට කල්පනා කරපු අය වගේ පේන්නේ. අද කාලේ එක්ක බැලුවොත් අද ඉන්න කට්ටිය කතා කරනවාම විතරයි. ඒත් කියන දේවල් ක්‍රියාවට පෙරලන්ට ආණ්ඩු ලෑස්තිත් නෑ. මිනිස්සු ලෑස්තිත් නෑ. 😀

    • ඒ කාලේ මිනිස්සු හොඳට කල්පනා කරපු අය වගේ පේන්නේ////
      මට නං හිතෙන්නෙ කල්පනා කලා නං කවදාවත් ජේ ආර් ට චන්දෙ දෙන්නෙ නෑ…
      ජේ ආර් හින්ද රටට ප්‍රගතියක් අත්වුණා කියල කව්රු කීවත්… පරණ සිදුවීම් බලනකොට මට නං හිතෙන්නෙම ජේ ආර් තමා මේ රටට වෙච්ච ලොකුම හෙනේ කියල… එදා හිටපු මිනිස්සු ඒ අය ගැන නැතුව අනාගත පරම්පරාව ගැන හිතන්න පරාර්ථකාමී වුණා නං අද මේ රට මෙයිට වඩා හොදට තියෙන්න තිබුණ කියල හිතෙනව…
      මට අදටත් හිතෙන දේ තමා 83 හා 89 වෙච්ච සිදුවීම් වලට සෘජු උත්තේජනයක් ලඅබුනෙ එයා කරපු ඔය මගුල් ටික හින්ද කියලමයි

      • @ මහේෂ්……එදා ජේආර්ට නොදී කාට දෙන්නද? මිනිස්සුන්ට කල්පනා කරන්න ලොකු දේවල් තිබුනේ නැහැ. 70-77 යුගය තුල මිනිස්සු අරගල කලේ කෑම එක්ක. එකම කුණු බක්කියේ කෑම හොයන බල්ලොයි කොල්ලොයි අපි නගරයේ දැක්කා. ජනතාවට වෙන කරන්න දෙයක් තිබුනේ නැහැ..විකල්පයක් තිබුනේ නැහැ. වාමංශික ව්‍යාපාරය 70-77 ඇමති මංඩලය ඇතුලේ සමහර වැඩ නිසා පීචං වෙලා හිටියේ. ඒ බව 77 ඡන්ද ප්‍රතිපල තුල පේනවා. වාමාංශික අදහස් දැරූ පවුල්වල සමහරක් අය පවා අලියට කතිරේ ගැහුවා වෙන කරන්න දෙයක් නැති නිසා.

        83/89 සිදුවීම් විතරක් නෙමේ තවත් බොහෝ ප්‍රශ්නවලට 77 ආරම්භය උත්තේජනයක් වුනා කියලා මාත් හිතනවා. හැබැයි ඒ විතරක්ම නෙමෙයි හේතුව.

    • @ PODDI……ඒ වෙනස කරන්න අවශ්‍ය මහා පොදු සාධකය ජනතාව කියලා ජේආර් හොඳින් වටහාගත්තා විතරක් නෙමේ එය මැනවින් කලමනාකරනය කලා. ඒ වෙනුවෙන් කැපවුනු හොඳ ටීම් එකක් එයාට හිටියා. ප්‍රේමදාස ඉන් මුල් තැන ගත්තා. ප්‍රේමදාස නොහිටින්න 77 ගැන ලියන්න වෙන්නේ වෙනස් විදිහකට කියලා මම හිතනවා. මගේ දේශපාලන සිතීම වෙනස් වුනත් ඕක තමයි ඇත්ත.

      ජනතාව මත බලෙන් කිසි දෙයක් පටවන්න බැහැ පොඩ්ඩි. එක අපි කවුරුත් වටහගන්න ඕන. ජනතාව විසින්ම පටවගන්නකම් ඉන්න ඕන. නායකයින්ට තියෙන්නේ පටවගන්න බඩු ලෑස්ති කරන්නයි. ජේආර් ඒක කරා 1977දී.

  3. kathandarakaraya says:

    ඔය කාලේ සියරට පත්තරේ ගිය කවි පන්තියකින් මට මතක කොටසක්
    (අරූ ගේ මල්ලී සමහර විට දැකලා ඇති මුූළු කවි පන්තියම)

    කොළොන්න කැලණිය ගත්තූ
    මැතිව් කියන පිය පුත්තූ
    බෙලිඅත්තෙන් එකතු වුණා
    මැති රංජිත් අතපත්තූ

    • කකා…..මේ කවිපද ටික ගැන මට යාන්තම් මතකයි. ඉතිරි පද ටික හොයාගන්න මම මල්ලිට කතාකරා. මිනිහා ලංකාවේ නැහැ මේ දවස්වල. එයා ලියපු පොතේ තියෙනවා 1970 පෙර සියරටේ පලවු සමහර උපහාසාත්මක කවි පන්ති. අවාසනාවකට මිනිහා ලියලා තියෙන්නේ 1947-1970 වෙනකම් විතරයි. ඒ පොතේ තියෙනවා 1947 සියරට පත්තරේ ගිය කවියක්. සෝමවීර චන්ද්‍රසිරිව හිරේ දැම්මාම එයගේ ඡන්ද සටන මෙහෙයවලා තියෙන්නේ වාමාංශික කඳවුරේ හිටපු කවීන් (සෝමවීරත් දක්ෂ කවියෙක් ). ගෙවල් ගානේ ගිහින් මියුරු හඬින්කවි කිය කිය පත්‍රිකා බෙදන්න සෝමවීරගේ කුඩා දියණියවත් අරන් ගිහින් තියෙනවා. ඒකට සියරටේ මෙහෙම කවියක් දාලා තියෙනවා. දුව මාලනි ලස්සනට කවි කියලා තියෙනවා.

      //ජම්බු ගහට එක අඩියයි තියන්නේ
      හොඳ හොඳ ජම්බු ඉන වටකර කඩන්නේ
      ඒවා ගොසින් ගම් මැද්දේ බෙදන්නේ
      **** ගුටි කාලයි මැරෙන්නේ////
      **** දාලා තියෙන්නේ සෝමවීර කියන එකට වෙන්න ඇති.
      දේශපාලනය ගැන උනන්දුවක් තියෙන අයට කියවන්න හොඳ පොතක් (ඇඩ් එකක් යැයි නොසිතන්න )

      77 කැබිනට් එකේ සිරිල් මැතිව් කර්මාන්ත හා විද්‍යා කටයුතු ඇමති. අනිත් දෙන්නා නවකයෝ.

  4. kathandarakaraya says:

    ඒ කාලේ චිත්‍රපටිවල නම් ඇසුරෙන් සමගි පෙරමුණ රජය උපහාසයට ලක් කරමින් ලියවුණු විරිදු කීපයක්
    (මට මතක මෙච්චරයි)

    මාටින් වයන විට “පෙම්බර මධු” වීනා
    ටුවිස්ට් නටයි දෙහිවල “චිං චිං නෝනා”

    අනුර පුතාගෙ ලු මස්කෙලි මනමාලී
    කොහොමද “රත්තරං අම්ම”ගෙ වැඩ කෑලී

    හත් වසරක් ම දිවු “කඩවුණු පොරොන්දුව”
    ලඟදිම ලැබයෙි “දෙවියන් ගේ තීන්දුව”

    • කකා……ඔය මාටින් කිව්වේ නානායක්කාරගේ මාටින් පෙරේරාට (ඩොක්ටර් එන්.එම්.පෙරේරාට ) දෙහිවල චිං චිං නෝනා තමයි දෙහිවලින් ඡන්දේ ඉල්ලපු සමසමාජ ගිනි පුපුර විවියන් ගුණවර්ධන මහත්මිය.

  5. kathandarakaraya says:

    /* (මොවුන්ගෙන් බොහෝ දෙනා පාර්ලිමේන්තුවට පත්කරගතව තිබු අය බව මගේ විශ්වාසයයි ) */

    මං හිතුවේ පත්කළ මන්ත්‍රීන් හිටියේ හය දෙනෙක් විතරයි කියලයි.

    NM PERERA …. = Yatiyanthota
    COLVIN R DE SILVA = Agalawatta
    BENARD SOYZA = Colombo East
    CHOLMONDELEY GUNAWARDHANA = Panadura
    BY THUDAWE = Matara
    VIVIEN GUNAWARDHANA = Dehiwala
    ANIL MUNASINGHA = Matugama
    TB SUBASINGHA = Sanda Lankawa ???
    NANDA ELLAWALA = Ratnapura
    SARATH MUTHTHETUWEGAMA. = Kalawana

    • Anonymous says:

      CHOLMONDELEY GUNAWARDHANA – Kalutara
      Lesley GUNAWARDHANA- panadura
      TB SUBASINGHA – katugampola

    • @ kaka…මට ඇත්තටම අදහස් කරන්න ඕන වුනේ “ජනතාව විසින් ඡන්දෙන් පාර්ලිමේන්තුවට පත්කල යවන්නට තිබුනා” කියන එකයි. පත්කල මන්ත්‍රී ක්‍රමය 1977 තිබුනේ නැහැ මගේ හිතේ.
      චම්ලි ගුණවර්ධන …කළුතර
      ටීබී සුබසිංහ…කටුගම්පල….කකාට ටීබී සුබසිංහ නමත් එක්ක සඳලංකාව මතක් වෙන්නේ සමුපකාර පිහිටුවීමත් එක්ක වෙන්න ඇති.

  6. Miyuru says:

    ඔය අප්පාපිල්ලේ අමිර්තලිංගම්ගෙ නෝනා නේද කිව්වෙ සිංහලයන්ගෙ හම් වලින් සෙරෙප්පු හදනවා කියලා…
    ජිනදාස නියතපාල ගැන මගේ මෑත කාලීන මතකය, ඒ මනුස්සයා අන්තිමට ඉල්ලපු ඡන්දෙනුත් පරාද වුනු පාර, පත්තරේක පලවුනු ‘පරාජයට නොවරදින බෙහෙත නියතපාල ස්පෙෂල්’ කියපු එක…
    ඔය කාලෙ ඡන්ද ප්‍රතිඵල ලකුණු කරන්න හිස් තැන් තියලා අනිත් විස්තර එක්ක අච්චු ගහපු පොත් තිබුණා නේද… ඒක පත්තරයකින් හම්බු වෙච්චි එකක්ද එහෙම නැත්නම් කඩෙන් ගත්තු එකක්ද කියලා මට මතක නැති උනත්, චිත්‍ර පොතක් වගේ තිබුණු ඔහොම පොතක අපේ ගෙදරත් තාත්තයි අම්මයි ඡන්දය සටහන් කළා කියල මතකයි…
    77 ඡන්දෙන් දිනපු අයගෙන් බොහොමයක්ම වගේ දැන් ජීවතුන් අතර නැතුවා වගේ… රනිල් විතරද මන්දා තාමත් ඉන්නෙ… මිනිහා ඒ කාලෙ ගොඩක් පොඩි ඇතිනේ… මොනව උනත් කැරපොත්තා වගේ තමයි…
    රෙජිනෝල්ඩ් කුරේ ඒ කාලෙත් ඡ්න්දෙ ඉල්ලලා තියෙනව නේද… මං හිතුවෙ ටියුෂන් ගුරුවරයෙක් විදියට ඉඳලා මෑතකදියි කල එළි බැස්සෙ කියලා…
    මැතිනිට ‘චිං චිං නෝනා’ කිව්වෙත්, ජේ ආර්ට ‘ටොම් පචයා’ කිව්වෙත් ඔය කාලෙමද අරූ…
    මට මතකයි ප්‍රවෘත්ති පටන් ගන්න කලින් යන තේමා වාදනයට නොයෙක් අර්ථ කථන සැපයුවා… එකක් තිබුණා ‘සිරිමාවො උඩ පැන්නෙ ඔය ඩිංග කරගන්න’ කියලා… තව එකක් තිබුණා ‘ඇන් ඇම්ට පුළුවන්ද නව රජය පෙරලන්න’ කියලා… හැබයි ඔය පද දෙකම කිව්වෙ එකම තේමා වාදනයට… ඒවා ඔය කාලෙ ඒවාද… ඔය කාලෙ මං පුංචි නිසා ඒ හැටිම මතකයක් නෑ…

    • kathandarakaraya says:

      ඕක ඊට වඩා පරණ කෑල්ලක්.
      මං හිතන්නේ කේ.එම්.පී. රාජරත්න තමයි කියලා තියෙන්නේ (50 දශකයේදී විතර) දෙමලුන්ගේ හම්වලින් සෙරෙප්පු හදනවාය කියලා.

      • @ කකා……ඔව්. ඔය වැලිමඩ හිටපු රාජරත්න තමයි ඔහොම කියලා තියෙන්නේ. මිනිහගේ වයිෆ් කුසුමා රාජරත්න. ඔය දෙන්නාම පාර්ලිමේන්තුවේ හිටියා. ඔය වගේ තව කපල්ස් හිටියා පාර්ලිමේන්තුවේ.
        ටීබි /තමාරා ඉලංගරත්න
        ලෙස්ලි/විවියන් ගුණවර්ධන
        ෆිලිප්/කුසුමා ගුණවර්ධන

        වෙන මතක නැහැ..

    • රාජ් says:

      ඡන්ද පොත් නං මටත් මතකයි. මාත් ලියල තියනව 94න් පස්සෙ

    • Niroshini says:

      //තව එකක් තිබුණා ‘ඇන් ඇම්ට පුළුවන්ද නව රජය පෙරලන්න’ කියලා…//

      ‘නව රජය’? අම්මා කියනවා මතක ‘තුන් හවුල’ වගේ එකක්…?

      • @ නිරෝ…..ඇන් ඇම්ට පුළුවන්ද හත් හවුල පෙරලන්න.
        තුන් හවුල..70-77 (SLFP+LSSP+CP)
        හත් හවුල..65-70 (යුඇන්පී+දහනායක+ ෆිලිප්+සීපී ද සිල්වා ඇතුලු කංඩායම් හතක්..හත්හවුලේ කැඳ හැලිය කියලා කිව්වේ )

    • //අමිර්තලිංගම්ගෙ නෝනා//
      @ මියුරු…..අමිර්තලිංගම් මැතිනිය එහෙම කතාවක් කියු බව අසා තියෙනවා. අර කකා කියනවා වගේ ඕකේ ෆස්ට් වර්ෂන් එක තමයි අර වැලිමඩ රාජරත්න කියන බුවා ඒ කාලේ කියලා තිබුනේ.
      ////පරාජයට නොවරදින බෙහෙත නියතපාල ස්පෙෂල්’ කියපු එක…/////
      නියතපාල තරම් අවාසනාවන්ත දේශපාලකයෙක් මම දැකලා නැහැ. ඒ අවංකකම නිසාද දන්නේ නැහැ. දිනන පැත්ත පෙනි පෙනි ඡන්දෙට කලින් පැත්ත මාරු කරනවා. ඔහු තරම් යුඇන්පියට සේවයක් කල කෙනෙක් මම දකින්නේ නැහැ. මහේ මිණුම් දඬු ඇතුලේ ඔහු අවංක මිනිහෙක්. නියතපාල නැති යුඇන්පියක් නොතිබුනා වගේ ඒකාලේ. නමුත් යම්කිසි මත ගැටුමක් නිසා 77 ඡන්දෙට කෝට්ටෙන් ඉල්ලුවේ මැතිනිගේ සහය ඇතුව ස්වාධීනව. හොඳ සටනක් දුන්නා. පැරදුනා. ඉස්සර මට මතකයි..”නියත ජය නියතපාල” කියන එක කොල්ලො වෙනස් කරනවා “නියත පරාජය නියතපාල” කියලා.
      ඒ වගේම තමයි “දොස්තර රාජිත සේනාරත්න” කියන එක “කොන්දොස්තර පරාජිත” කරනවා.
      ///අච්චු ගහපු පොත් තිබුණා නේද… ////
      ඔව්. ඔය පොත් කඩෙන් ගන්න ඕන. විනෝදෙට ඒ ඒ ආසණය ජය ගන්න අයව අපිට මාර්ක් කරන්න පුළුවන් ඡන්දෙට ඉස්සෙල්ලා. ඡන්දේ අහන්නේ ඕකත් ලඟ තියන්. බලන්න ඉස්සර ඡන්දෙට තිබුනු උනන්දුව. ක්‍රිකට් මැච් වගේ තමයි. ඡන්දේ දාන්න ගියෙත් පිරිසිඳු ඇඳුමක් ඇඳන් එක පිලිවෙලකට.

      එක කාලයකදි කිව්වා….”ඇන් ඇම්ට පුළුවන්ද හත් හවුල පෙරලන්න කියලා”
      77න් පස්සේ කිව්වා ” ඇට කන්න බැරි හින්දා පිටි දුන්නා රොටි කන්න” කියලා. ( JR ඇට රාත්තල් අටක් දෙනවා කියලා දුන්නේ පාන්පිටි ටිකක් )
      පසු කාලයක ඔය තේමා වාදනය වෙනස් කලා.

      මෙහෙම දිග රිප්ලයි දාන්නේ රවී විතරයි 😀

  7. Senna says:

    මැතිනිය ඊළඟ චන්දෙදි හම්බෙන චන්ද ගාන ගැන හිතන්නැතුව රට ගොඩ ගන්න ගිහින් කරගත්තු වින්නැහියක් නේද ? එක අතකින් එයා මෝඩයි, අනිත් පැත්තෙන් අවංකයි. එහෙමයි මට හිතෙන්නෙ. රටට අවශ්‍යය ගොඩක් දේවල් රටේම නිශ්පාදනය කරගන්න බිහිවුන කාර්මික ජනපද සංකල්පය මැතිනියගෙ කාලේ ඇතිවෙච්ච එකක් නේද ? ඒකල කාර්මික ජනපදයට අද වෙලා තියන විනාශය සතිපතා දෑසින්ම දකින්න මට පුළුවන් වෙලා තියනවා. ඉස්සර රටට අවැසි ගොඩක් නිශ්පාද කෙරුනු, දහස්ගානකට රැකියා සපයපු ඒක, අද අයාලේ යන හරක්ගේ, බල්ලන්ගේ, කුඩ්ඩන්ගේ නවාතැන්පලක්. එහෙම බලපුවම ජේ.ආර්. පොලිසියට විතරක් නෙමේ නිවාඩු දීලා තියෙන්නෙ. 77 දී බඩ ගැනම හිතලා යූඑන්පී එකට කතිරෙ ගහපු එවුන්ගෙයි, පබාට චන්දෙ දීපු එවුන්ගෙයි ලොකු වෙනසක් මටනම් පේන්නෑ..

    • රාජ් says:

      ඕක මටත් හිතෙන දෙයක්. නමුත් නිවැරදි සංකල්පයක් වැරදිලෙස ක්‍රියාත්මක කිරීමක් විදියටයි මට මේක පේන්නෙ. අනෙක ඉහලින් ලැබෙන්න ඕන ආදර්ශය ලැබුනෙ නෑ.

      • රටක අනිවාර්යෙන් නිෂ්පාදන ආර්ථීකයක් තියෙන්න ඕනේ.නමුත් එහෙම කියලා ජනතාවට දරා ගන්න බැරි විදියට කටයුතු කිරීම නිවැරදි වෙන්නේ නැහැ කිසිසේත්ම.

      • /////නිවැරදි සංකල්පයක් වැරදිලෙස ක්‍රියාත්මක කිරීමක්/////
        මේක තමයි මචං ඇත්ත….උඹ මම සෙන්නාට දාපු රිප්ලයි එක පොඩ්ඩක් කියවපන්.

      • @ මනෝ…….නිශ්පාදන ආර්ථිකයක් සඳහා හොඳ අදහස් තිබුනා සිරිමා යුගයේ…නමුත් මිනිස්සුන්ට කිසිසේත්ම දරා ගන්න බැරිවුනා. අපේ තාත්තලා කියන්නේ ඒ වෙනුවෙන් මිනිසුන් දැනුවත් කිරීමට හරි ප්‍රචාරක යාන්ත්‍රනයක් තිබුනේ නැහැලු. මම ඇහුවා ඇයි ඒකාලේ ලේක් හවුස් එකත් පවරගෙන ලොකු ගේමක් ගැහුවා නේද කියලා…එයා හිනාවෙනවා….එයා සමසමාජලු 😀

        අද බලපන්…නිශ්පාදන ආර්ථිකයකුත් නැහැ….ඒත් මිනිස්සු දරාගෙන ඉන්නවා….මොකද වෙලා තියෙන්නේ…ප්‍රචාරක යාන්ත්‍රනය බලවත් වෙලා..උනුත් ගොබෙල්ස්ලා වෙලා…අපිත් ගොබෙල්ස්ලා වෙලා එකම දේ කියව කියව එක තැන කැරකෙනවා…මට තේරෙන්නේ නැහැ බන්.

    • පත්තර මල්ලි says:

      +++++++++++++++

      • පත්තර බ්‍රදර්…..ඡන්දයක් කියලා හිතුවාද බන් කතිර ගොඩාක් ගහලා ගියේ 😀

    • තිසර says:

      ඔය දේවල් නොපවතින්න හේතුව, ඒවාට අවශ්‍ය නියමිත යටිතල පහසුකම්, යාන්ත්‍රණය ගැන සැලකිල්ලක් නොදක්වා දේශපාලන ප්‍රොජෙක්ට් ලෙස ඉදිරිපත් කිරීම. ජාතික වැඩපිළිවෙලක් නෑ. එන එන ආණ්ඩුව අලුත් අලුත් ප්‍රොජෙක්ට්. දැන් මේ ආණ්ඩුව මෙලෝ තේරුමක් නැතුව මත්තල ගුවන් තොටුපොලක් හැදුවා… කවදාහරි ඊට පස්සෙ එන ආණ්ඩුව ගොඩක් වෙලාවට මත්තල වහලා ගාල්ල දිහාවේ ගුවන්තොටුපොලක් හදන්න බැරි නැහැ.

      උපාලි විජයවර්ධන, උපාලි මැස්ඩා ආයතනය ලංකාවේ පටන්ගන්නකොට හදනකොට මැතිණි ඒක වලක්වපු හැටි සහන් ලියලා තිබ්බා මතකද? ඔය කාටවත් දේශපාලන ප්‍රොජෙක්ට් මිසක්, දුරදිග දකින ඥාණයක් තිබ්බ කියලා මම හිතන්නෙ නෑ.

      • @ තිසර……..අපේ රටේ හැමදාම තිබුනේ සංකල්ප තමයි එදා ඉදන් අද වෙනකම්. ඒ හැම එකකම ටාගෙට් එක ඊළඟ ඡන්දයේ ගොඩ වැඩිකර ගැනීම. මුල්ගල් තියෙන දවසේ ඉඳන් පම්පෝරි ගහනවා ඊළඟ ඡන්දේ වෙනකම්. ප්‍රේමදාසගෙ සංකල්පෙන් අඩුම ගානේ මොකෙකුට හරි වහලක්වත් හම්බවුනා. අද අතුරුගිරියේ වානේ සංස්තාවට මොකද කරේ…මට ආරංචියි එතන ලොකු හෝටලයකට සංකල්පයක් යනවා කියලා.

    • @ සෙන්නා……උඹ ඔය කියන කතාව තමයි අපේ තාත්තා හැමදාම කිව්වේ. ඔය කතාව යම්තාක් දුරට මමත් පිලිගන්නවා. රාජ් පැහැදිලි වචනයෙන් ඒ ටික ලියලා තියෙනවා. මිනිස්සු බඩ ගැන හිතුවා විතරක් නෙමේ සෙන්නා මිනිස්සුන්ට ලොකු කේන්තියක් තිබුනා පාලකයින්ගේ හැසිරීම් එක්ක…ෆීලික්ස්ගේ කුකුල් ෆාම්වල සත්තුන්ට කන්න ලක්ස්ප්‍රේ….සමහරක් ඇමතිවරුන්ගේ තානායම්වල පත්වීම් දෙන කතා (ටීබී තෙන්නකෝන් ඇමතිවරයාගේ නමත් ගෑවීලා තිබුනා ) ආදී වශයෙන්. වෙන විකල්පයක් මිනිස්සු හිතුවේ නැහැ.

      කාර්මික ජනපද සංකල්පය වගේම…දේශීය කර්මාන්ත නගා සිටුවීම උදාර සංකල්ප. නමුත් මිනිස්සුන්ට බඩ කතාකරනවා සෙන්නා මොලේට ඉස්සෙල්ලා. ඒක උඹටත් මටත් කාටත් පොදුයි. ඒකල කාර්මික ජනපදය අන්තිමට මම දැක්කේ 1990 ගණන්වල. අපේ තාත්තා කිව්වා ඕක දැකලා මුන්ට හෙන ගහන්න ඕන කියලා.

      • Indika Upashantha says:

        //උපාලි විජයවර්ධන, උපාලි මැස්ඩා ආයතනය ලංකාවේ පටන්ගන්නකොට හදනකොට මැතිණි ඒක වලක්වපු හැටි සහන් ලියලා තිබ්බා මතකද?//

        ඒකත් බොරු සාගරයක්.

        ඒ පෝස්ට් එකේම කියන විදියට උපාලි මැස්ඩ බිස්නස් එක පටන් ගත්තෙ 65දි ලු. 65 ලංකාවෙ තිබ්බෙ ඩඩ්ලිගෙ මසලවඩේ ආන්ඩුව. ඒතකොට කොහොමද සිරිම අරින්නෙ? 😛

        මම දන්න විදියට උපාලි කාර් පටන් ගත්තෙ සිරිම විදේශ සංචිත ඉතුරුකරගන්න කාර් ඉම්පොර්ට් කරන එක අඩු කරාට, පාට්ස් ඉම්පෝර්ට් කරන එකට ලොකු අවුලක් නොදාපු එකේ වාසිය අරන් මැස්ඩ කාර් මෙහෙ ඇසම්බල් කරල නීතියෙ වාසියෙන් ලාභ හොයන්න. පස්සෙ උපාලි තම්න්ගෙ නීතියෙ හිල් වලින් තමන්ට අරින කොට ෆීලික්ස් ඒකට ලෙඩ දැම්මලු. ඒ වෙලාවෙ සිරිමගෙ අය්යගෙ දූ ලක්මිණිව බැඳල උපාලි ඔක්කොම ෂේප් කරගත්ත.

      • Maathalan says:

        රාජ් මතු කරන දේ මම පිලිගන්නේ නෑ. එදාවත් අදවත් අපිට සංවෘත ආර්ථිකයක් එක්ක ගොඩ යන්න බෑ. මේ නිශ්පාදන ආර්ථික කතාවත් විහිළුවක්. නිශ්පාදන ආර්ථිකයක් ඇති කරන්න මොනවද අපට තියෙන අමුද්‍රව්‍ය. ඔක්කෝම තියෙනවා කිව්වට මෙළෝ දෙයක් නෑ. ඔය ධිවර කර්මාන්තය, කෘෂිකර්මාන්තයෙන් නම් මක්කා හරි කරන්න පුළුවන්. නමුත් ඒකත් මහා පරිමානයෙන් කරන්න ඕන. මුළු ළෝකෙටම නම්බර් වන් ටූනා දෙන්න පුළුවන් රටක් මේක. ඒත් ඒවා මහා පරිමාණයෙන් වෙන්න ඕන. ඒකට මූලික ප්‍රාග්ධනයක් තියෙන ව්‍යවසාකයොවත්, කර්මාණ්තය ගැන දැණුමක් තියෙන එකෙක්වත් මෙහේ නෑ. ආන්ඩුවෙන් ඒවා කරනවා කියන්නේ නිකන් හොර ගුහා වෙනවා විතරයි. පාක්ෂිකයන්ට රස්සාවල් දෙයි අයිස් ගගහා ඉන්න. මේ රටට ගැලපෙන්නේ, වරාය ආශ්‍රිතව එහෙම නැත්නම් නැව් තොටවල් ආශ්‍රිතව ක්‍රියාත්මක වන සේවා ආර්ථිකයක්. සිංගප්පූරුව, ඩුබායි වගේ. අපිට හරි මිනිස්සු හිටියනම්. හරි දැක්මක් තිබුනා නම්. ඒ රටවල් දෙකටම වඩා අපට දියුණු වෙන්න තිබුනා. ඩුබායි කියන්නේ එක මනුස්සයකුගෙ සැබෑවූ සිහිනයක්.

  8. මේ ලිපිය ගොඩක් වැදගත් වෙයි. පලාත් සභාවට ඉල්ලපු ඇමති පුත්තු . ලද බොලද දුවරුන්ටත්.. හරි පුදුම‍යි . එස් බී ගේ මනාප ගාන දකිද්දි.

    • ඒ කාලේ කේවල චන්ද තිබුනෙ ලමයෝ….මනාප ගෙනාවේ ජේ ආර්…

      • ඒකනේ බන්….මේ ළමයින් ඉපදෙන්න තිබුනේ හැට ගනන්වලනේ…කෝ අපි කිව්වාට ඇහුවේ නැහැනේ 😀

    • @ ස්තූතියි ඔමායා…..මේ පෝස්ට් එකේ තියෙන කමෙන්ට්ස් කියවන්න. ඔයාට ඒ යුගය ගැන යමක් හිතාගන්න පුළුවන්. ඔය එස්බී ඒ ආසණයෙන් ගත්ත ඡන්ද ප්‍රමාණය. මනාප නෙමේ ඔමා. අද මන්ත්‍රී පුත්තු නෙමේ මන්ත්‍රී තාත්තලාත් අමු ගොබ්බයෝ…ඒ කාලේ හිටපු වාමාංශික නායකයින්ගේ දේශපානය පැත්තකින් තියලා ඒ මිනිස්සුන්ගේ අධ්‍යාපනයට ගරුකරන්න වටිනවා. මාල කඩපු පච්චයෝ අපිට දැන් අපිට ධර්ම දේසනා දෙනවා.අපිත් අහනවා.

  9. හිටපු මහ ඇමති රෙජිනෝල්ඩ් කුරේගෙයි සුමන බණ්ඩා අංකල්ගෙයි මනාප ඡන්ද ගාන දැක්කම සමස්ථ ඡන්දෙම තරම මැන ගත්තෑකි. 🙂 විලි ලැජ්ජ නැති ප‍රාදයක්නෙ.

    හැබැයි ඉතිං අපේ මිනිස්සු කලේ ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක්නෙ. 😦

    • kathandarakaraya says:

      මනාප ???

    • @ ප්‍රියා…..ඔය ඒ අයියලා ඒ කාලේ එක් ආසණයකින් ගත්ත ඡන්ද ප්‍රමාණය. හැබැයි කොල්ලෝ බලපන් අවුරුදු 40ක් විතර අතහරින්නේ නැතුව පැති මාරු කර කර මේ ගේමේ ඉඳලා තියෙනවා. ඒකත් දක්ෂකමක්. ජනතා සේවයට ඇති ලැදියාව පෙනවානේ බෙල්ල දැක්කාම. ඕකුන් අපිට ණයයි බන්.

      ඉඟුරු දීලා මිරිස් ගන්නම වුනා. වෙන කරන්න දෙයක් තිබුනේ නැහැ මම හිතන විදිහට. මේ කමෙන්ට්ස් කියෙව්වොත් උඹට වැටහෙයි තත්වය.

      • sudeeka says:

        ඔය දෙපැත්තට පැණිල්ලේ කප් ගහපු කීප දෙනෙක්ම ඉන්නවා රොනී ද මැල් තමයි අංක එක. අනිත් කෙනා ආර්.ජී. සමරනායක.දැන් නම් අලුත් අය ඉන්නේ.

      • රොනී පනී..
        හැබැයි මොන පැත්තෙන් ඉල්ලුවත් දිනුම්.. අන්තිමට නෝනයි මහත්තයයි දෙන්නම පාර්ලිමේන්තු ආවා..

      • සුදීක කියන්නේ ආර්ජී සේනානායක ගැනද ආර්ජී සමරනායක ගැනද? සේනානායක නම් පක්ෂ මාරු කරා..එයාගේ වයිෆ් තමයි එරින් සේනානායක ..කැළණියෙන් ඡන්දේ ඉල්ලුවා ශ්‍රීලංකා එකෙන්. ආර්ජීගේ තාත්තා තමයි එෆ් ආර් සේනානායක. බාන්ස් රෝඩ් එකට හෝ ඒ හරියේ පාරකට එයාගේ නමත් දැම්මා.

        සමරනායක නම් බෙන්තර අලියෙක්. එයත් පක්ෂ මාරු කලාද?

  10. අපි දන්නෙ 1995 විතර පස්සෙ ලංකාවේ වුන දෙවල් විතරයි ,මේ ඉතිහාසය ගැන දන්නෙ මෙහෙම කියවලා තමයි.මෙහෙම හරි දැන ගන්න එක ලොකු දෙයක් මොකද මැදි පිළිවෙතෙන් මේ කියන්නෙ කියලා හිතෙනවා …

    ///අවාසනාවන්ත තත්වයන් ඇසින් දැකීමට තරම් මිනිසුන් වීම පූරුවේ කල එක් එක්තරා පාප කර්මයක් යැයි මගේ සමකාලීනයෙක් මෑතකදී මා හා පැවසීය///

    • සහෝ…..1995 කිව්වා නේද….රෑට කවුද චූ කරන්න එක්කන් යන්නේ 😀
      ඒ යුගය වෙනස් බන්. මෙන්න මේ වෙනස් කරපු ගීතය කියවලා බලපන්. මේක තිබිලා තියෙන්නේ 1965 /02/19 යුඇන්පී සියරට පත්තරේ (මම උපුටා ගත්තේ අපේ මල්ලි ලියපු පොතෙන් )

      කුමටද සොබනියේ කඳුළු සලන්නේ ..හේතුව මම නොදනිම්
      ඇඬුවට සොබනියේ රැවටුනු කාලය ඉවරයි නොව දැන්නම්
      දුප්පත් ළමයට පොල් අතු මඩුවල ඉගෙනුම සලසන්නම්
      මගේ දුව පමනක් ලොකු ඉගෙනුමකට ඔක්ස්ෆඩ් ඇරලන්නම්….

      මාමාට බෑනට ලේලීට ලොකු තැන් දෙන්නම්
      සමාජවාදෙට හා මේ ගමනට පවුලම කැඳවන්නම්
      මියගිය සැමියගේ සොහොනට වමතින් සැලියුට් එක ලන්නම්
      චීනෙට උගසට රට විකුනන්නම් ඔප්පුව ලියවන්නම්….

      මේව අවුරුදු 50කටත් පස්සේ අදටත් වලංගුයි නේද? අපි මෙච්චර කල් මොනවාද කරලා තියෙන්නේ…කොහෙද ගිහිල්ලා තියෙන්නේ..

      • මාරයි මෙක නම්

        චීනෙට උගසට රට විකුනන්නම් ඔප්පුව ලියවන්නම්….///
        දැන් ඔය තියෙන දෙවල් වෙන්නෙ ,අරූ ගේ මල්ලි ලේඛකයෙක් ද ???

      • @සහෝ……එක පොතක් ලිව්වාමත් ලේඛකයෙක් කියනවා නම් ඌ ලේඛකයෙක් 😀 පොතක් ලියලා තියෙනවා. ඒක දේශපාලන මාධ්‍ය ඉතිහාසය හොයන ,ඉගෙනගන්න කෙනෙකුට හොඳයි.

        සියරට
        දේශපාලන පුවත්පත හා මාධ්‍ය භාවිතය
        1947-1970
        ඉන්දික පෙරේරා

  11. රාජ් says:

    ගොඩාක් උඩට ගියාම තියන අවුලක් තමයි වැටෙන වෙලාවට ලැබෙන වේදනාව වැඩිවීම. 70-77 ආණ්ඩුවටත් උනේ ඒක. (මේක දැන් තියන ආණ්ඩුවටත් වලංගුයි)

    යූඇන්පී රජයෙන් මොන තරම් දේවල් කලත් ජාතිවාදයට/භීෂණයට ඉඩදීම කියන කාරණයට ඒ සියළු හොඳ යටයි කියලයි මට හිතෙන්නෙ.

    • මේ ආන්ඩුව උඩ ගිහිල්ලා තියෙන සයිස් එකේ හැටියට බිම වැටුනොත් මැරෙනවා කිසිම වේදනාවක් නැතුව 😀

      යුඇන්පිය පතුරවපු ජාතිවාදයේ පරිප්පුව තමයි මේ කන්නේ. ජිනීවා වලින් එහෙන් මෙහෙන් මතුවෙන්නේ ඒ නෂ්ඨාවශේෂම තමයි. යාපනයේ පුස්තකාලය ගැන ඊයේ පෙරේදාත් වයසක දෙමල මනුස්සයෙක් මාත් එක්ක කතාකරා. ඒ මනුස්සයා කියනවා එදා දාහක් දෙදාහක් ද්‍රවිඩයන්ව මරලා දැම්මා නම් එයාට දුකක් නැහැලු පුස්තකාලයට ගිනි නොතිය. උගතුන් බුද්ධිමතුන් මේවාට සාප කරනවා.

      මේ ආන්ඩුව අද ඥාණසාරලත් එක්ක කරන ගේමත්, පෙනී පෙනී නටන භීෂන නාඩගමෙත් ප්‍රතිපලය බලන්න වෙන්නේ තව කාලයක් ගියාම..එදාට හොදි නැතුව තමයි පරිප්පු කන්න වෙන්නේ.

  12. අරූ අයියේ කොයිකට වුණත් අනවශ්‍ය බලයක් ලැබුණාම විකෘති වෙනවා.හොදම උදාහරණය මේ පවතින රජය.
    මුන් පිස්සු කෙලින්නේ රට උන්ගේ පුද්ගලික දෙයක් කියලා හිතාගෙන වගේ.

    මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ඉස්සර තරම් දැන් නැත්තේ ඉස්සරට වඩා අද සමාජය දියුණු නිසා මිසක බලයේ ඉන්න අයගේ තියෙන බුද්දිමත් බවක් නිසා නම් නොවේ කියාලයි මට නම් හිතෙන්නේ.

    මම අහලා තියෙනවා 77 යු.එන්.පි එක දින්න ඒවා වැඩි ජන්ද 10,000 වගේ දිනන කොට පැරදුන ඒවා පැරදුනේ ඉතාම ආසන්න ගණන් වලින් කියලා.එකෙන් පවා පේනවා නේද 3/2 බලයක් තිබුණු මැතිණිය කොයි තරම් මිනිස්සුන්ට එපා වෙලා තියෙන්න ඇතිද කියලා.ඕකම තමයි මේ ආණ්ඩුව වෙන්නේ වැඩි කල් යන්න කලියෙන්.

    • අසීමිත බලය කියන්නේ අසීමිත දූෂණය මනෝ…ඕක හැම තැනටම එකයි. මේ ආන්ඩුවත් බලයෙන් අන්ධවෙලානේ ඉන්නේ.
      ///මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ඉස්සර තරම් දැන් නැත්තේ/////
      ඉස්සරවගේ මිනිස්සු තම පක්ෂය කෙරෙහි ඇතිවුනු හැඟීමකින් දේශපාලනය කරන බවක් පේන්නෙ නැහැ. එක්කෝ අරක්කු,සාරි,බුරියානි වගේ දේකට. පෝස්ටර් ගහන්නයි, ඡන්දේ දාන්නයි ගියාට ඒ කාලේ වගේ මරාගන්න යන්නේ නැහැ. දැන් ඔය පක්ෂවලට වැඩ කරන බුවාලත් හිතන්නේ මේක ජොබ් එකක් කියලා. හැන්දෑවට පඩි හම්බවෙනවා. ඉතින් ජොබ් එකට මිනීමරාගන්න යන්නේ නැහැනේ එහෙමත් මීහරකෙක් මිස. මට හිතෙන්නේ එහෙමයි මනෝ.

      එදා දිනපු ආසන 8න් තුනක් හෝ හතරක් දිනුවේත් බහු ආසණ තිබුනු මැතිවරණ කොට්ඨාශ නිසා. ඒ තරමට ආන්ඩු විරෝධයක් රටේ තිබුනා. ඒ දීපු බලයම කරකවලා අනිත් පැත්තෙන් මිනිස්සුන්ට ගැහුවා. බලවත් විපක්ෂයක් නැති තැන කන්න වෙන්නේ ජනතාවටම තමයි. ජනතාවට ගානක්වත් නැහැ.

  13. මිනිස්සුන්ට මැතිණිය එපා වෙන්න ඇත්තෙ කෑම කේස් එක හින්ද කියල තමා මට හිතෙන්නෙ…
    එයා ඒ තරං රළු නොවී යම් තරමකට රටේ ආර්ථිකය විවෘත තත්වයකට පත් කලා නං මං හිතන්නෙ මැතිනිව වට්ටන්න ටිකක් අමාරු වෙන්න තිබ්බ… ඊටත් අද තියෙනවට වඩා රට යම් ස්ථාවර මට්ටමක සහ මීට වඩා හොදට තියෙන්න තිබ්බ…
    77 චන්දෙ කලේ රටට හොරු බෝ කරන එකයි පලා බබාල ගෙනත් අපිය හිගන්නො කරන එකයි විතරද මංද…

    මං කොතන හරි ඇහැව්ව මේම දේකුත්… ඇත්තද කියල දන්නව නං කියන්න… (ඇන් ඇම් මුදල් ඇමති වෙලා හිටියද….?)
    අන්න ඒ කාලෙ ඒ කියන්නෙ 77 ට කලිං ලංකාව කිසිම රටකට සංවිධානයකට හෝ බැංකුවකට ණය වී නොසිටි වග…ඇත්තද ඒ කතාව…
    මංද මට ඕක කව්රු හරි කියපු එකක් ඈ.. දන්නව නං කියන්ටකො

    • ඇන් ඇම් ඊටත් වඩා නියම වැඩක් කලා මුදල් ඇමති වෙලා ඉන්න කාලේ….ඔක්කොම ලොකු මුදල් නෝට්ටු අවලංගු කලා…පරන ඒවට අලුත් ඒවා බැංකුවෙන් නිකුත් කරන්න හෑමොටම සල්ලි පෙන්නන්න උනා….අද එහෙම කලොත් කොච්චර බ්ලෑක් මනි එලියට ගන්න පුලුවන් වෙයිද?

      • අතුල…..ඔය කාලේ මට මතකයි. ඒ දවස්වල බොහොමයක් කළු සල්ලි තිබුනේ පෙට්ටගම්වල : ඒ සල්ලි එලියට ආවා. මොකද ඔය සල්ලි බැංකු ගිණුම්වල තිබුනේ නැහැ ඉස්සර. ඒ ක්‍රමවේදය කොහොම උනාද කියලා මට මතකයක් නැහැ.

    • @ මහේෂ්….මැතිනිය මිනිස්සුන්ට පටිතද කරගන්න කියලා වටේ ඉන්න එවුන්ට පටි බුරුල් කරගන්න දුන්නා..එදා පරාජයට හේතුව විපක්ශයේ ශක්තිමත් හා සංවිධානත්මක බවත් හේතුවෙන්න ඇති.

      එන් එම් ගැන බොහොමයක් දේ ගෙදර කතාවුනා. මට පැහැදිලි මතකයක් නැහැ. මම ඔය ණය කතාව නම් ඔහොම හිතන්නේ නැහැ. අපිට ණය නොගෙන ජීවත් වෙන්න පුළුවන් ශක්තියක් එදා තිබුනෙත් නැහැ. රාජ්‍ය ආර්ථිකය ශක්තිමත් කලබව කියනවා වතු ජනසතු කිරීම තුලින්. එහි ගුණ අගුණ කියන්න දැණුමක් මට නැහැ මහේෂ්. ඔහු උගතෙක් බව කවුරුත් දන්නවා.

  14. දිනපු පැරදුනු අයගෙ නම් දැක්කම මතකයිනේ…අද ඉල්ලන කී දෙනාද එහෙම දන්නේ…

    • ඒකනේ බන් කියන්නේ. ඔය බොහොමයක් දෙනා දැන්නම් ජීවතුන් අතර නැහැ. සමහරක් තාමත් සක්‍රීයව දේශපාලනයේ ඉන්නවා. සමහරු දේශපාලනයෙන් සමු ගන්නකොට හෝ මියයන කොට ..තිබුනු දේපලත් නැති කරගෙන අසරණවෙලා හිටියේ. අද තත්වය හිතලා බලපන්. මුන් කොච්චර අපත විදිහට දේශපාලනය බිස්නස් එකක් කරගෙනද කියලා. අප්පිරියයි බන් කතා කරන්න. ඔය වමේ අයගේ ලිස්ට් එකේ උගත්කම ගැන පොඩ්ඩක් හිතලා බලපන්. අද අට පාස් නැතීවුනුත් ඇවිත් රට කනවා.

  15. Chandana says:

    ඒ මිනිස්සුන්ට නිල් පාට පේන්න බැරි වුනු හේතු, මාත් ටිකක් අහල තියනවා. සමහර ඒව සෑහෙන්න දුක හිතෙන කතා.

    • ඇත්තටම චන්දන එක් කාලයක් නිල්පාට එපාවුනා මිනිස්සුන්ට. ඊට පස්සේ කොළපාට එපාවුනා. දැන් ආයෙමත් නිල්පාට එපාවෙයි මෙහෙම ගියොත්. දැන් ට්‍රයි කරන්න ඕන දේදුන්නේ පාට පාටින්…. 😀

  16. හරි දේ වැරදියට සහ වැරදි දේ හරියට කරපු අවදීන් පිළිබඳ වටිනා විස්තරයක් හා සංවේදී විග්‍රහයකි. ස්තුතියි අරූ

    • ////හරි දේ වැරදියට සහ වැරදි දේ හරියට කරපු අවදීන්///
      ඔබේ මේ වාක්‍ය කිහිපය ඉතාමත් නිවැරදියි 77 පෙරත් 77 පසුත් සම්බන්ධව කතා කිරීමේදි. ඒ යුගය ගැන නොදන්නා කෙනෙකුට මෙයින් යම් කිසි අදහසක් ගම්‍ය කරගන්න පුළුවන් .ස්තූතියි!!

  17. Maathalan says:

    ප්‍රචන්ඩත්වය මම කිසිසේත් අනුමත කරන දෙයක් නෙමෙයි. ඒත් ඒ තරම් දරුණු ප්‍රචන්ඩත්වයක් ඉබේම එන්නෙත් නෑ. කොහොම හරි මිනිස්සු එක්ක කතා බහ කරන කොට තේරෙන්නේ අනාගතේ දවසකත් ආයෙත් ඒ විදියෙම ප්‍රචන්ඩත්වයක් එන්න ඉඩ තියෙනවා කියන එක. නමුත් ඒ ප්‍රචන්ඩත්වය එන්නේ අළුතෙන් පත්වෙන එකාගෙන්වත්, විරුද්ධ පක්ෂයේ එකාගෙන්වත් නෙමෙයි. තමන්ගෙම පක්ෂයේ උන්ගෙන්..

    • මාතා….ජනතාව තුලින් ප්‍රචන්ඩත්වය ඉස්මතු වෙනවා නම් එසේ වෙන්නේ පාලකයින්ගේ තෙරපුම ඉවසාගෙන සිටිය නොහැකි තැනයි. එය එසේ නැවත ඇතිවෙනවා නම් , මේ රජය කෙරෙහි ජනතාව හෝ තම පාක්ෂිකයා දක්වන ආකල්පය හිතාගන්න පුළුවන්. එය කෙදිනක හෝ සිදුවෙයි මේ විදිහට ගියොත්. නමුත් ඒවැනි තත්වයක් ඇතිවුවහොත් එයට එරෙහිව වර්තමාන පාලකයින් මුදාහරින ප්‍රචන්ඩත්වය ශ්‍රීලංකා ඉතිහාසයේ මෙතෙක් නොදුටු ආකාරයේ රාජ්‍ය ප්‍රචන්ඩත්වයක් වෙන බවනම් දැන්ම ඉඳලා ලියා තැබිය හැකියි.

  18. Niroshini says:

    අපි නම් 77 දී ඉපදිලා නෑනේ…ඒත් ඔය ගැන අම්මා කියනවා හොඳ කතා ටිකක්.

    ඒ දවස්වල අම්මලාගේ ගම් පැත්තේ සමසමාජ කාර්යාලේ තිබිලා තියෙන්නේ එයාලගේ ගේ ඉස්සරහ පාරෙන් oppsite. සීයාත් තද සමසමාජ කාරයෙක්.
    ඉතිං 77 ආණ්ඩුව පැරදුණාම UNP කට්ටිය ඇවිත් අර සම සමාජ ඔෆිස් එකට ගල් ගහලා බෝඩ් ලෑලි කුඩු කරා ලු. සීයා පක්ෂ භේදෙකින් තොරව රාජකාරිය අකුරට කරපු කෙනෙක් නිසා එයා ප්‍රසිද්ධියේ සමසමාජ කියල හැමෝම දන්නවා උනත් මුකුත්ම අලාභ හානි කරලා නෑ ඒ කට්ටිය. හැබැයි ගේ ඉස්සරහ ඉඳන් පැය ගාණක් හූ තිය තිය නැටුවලු! සීයත් අත ඇරලා නෑ. ගේ ඉස්තෝප්පුවට වෙලා හිටගෙන අර කට්ටිය නටල යනකම්ම හිටියලු. එයා විතරක් නෙමෙයි. අම්මයි ආච්චියි මාමයි තුන්දෙනා ටත් එන්නයි කියල ඉස්තොප්පුවෙන් වාඩි වෙලා ඉන්ඩ කියල අර UNP කට්ටිය නටල හූ කියල ඉවර වෙනකම්!

    • /////අපි නම් 77 දී ඉපදිලා නෑනේ//////
      ඇයි ඒ අප්පා 😀

      නිරෝ….අපේ ලොකුඅම්මාගේ ගෙයි ඉස්සරහ කොටස කුලියට දීලා තිබුනේ කොමියුනිස්ට් පක්ෂයේ කෝට්ටේ කාර්යාලයට. ඡන්දෙන් පස්සේ කිසිම කරදරයක් වුනේ නැහැ. ඒ අපි ගමේ මිනිස්සු නිසාද දන්නේ නැහැ. CP,LSSP අයට කරදර වුනා අඩුයි. නමුත් අපේ තාත්තා කිව්වා යටියන්තොට පැත්තේ එන්.එම්.පෙරේරාගේ ආධාරකරුවන්ට ගම් බිම් පවා අතහැර යන්න වුනා කියලා.

      ඔයාගේ සීයා වගේ නිර්භීත උදවිය හිටියා නම් සමහර විට හානිය අවම වෙන්නත් තිබුනා. බය වුනාම හොඳටම ගහන සිරිතක් මිනිස්සුගේ තියෙනවානේ.

      • Niroshini says:

        //බය වුනාම හොඳටම ගහන සිරිතක් මිනිස්සුගේ තියෙනවානේ.//
        ඒක නම් ඇත්ත.
        ඕකේ තව කතාවක් මතක් උනා.

        දවසක් 2002 දී විතර සීයා හම්බ වෙන්ඩ දුරින් නෑවෙන ආච්චි කෙනෙක් ආවා. මොකක් හරි ඉස්කෝලෙට මුනුබුරා දාගන්න හරි ඒ වගේ වැඩකට. එයා ගියාට පස්සේ සීයා නෝන්ඩි හිනාවක් දාගෙන මට කියනවා
        “හහ්..ඔය එමලින් 77 දී රෙද්දත් උස්ස උස්ස අපේ ගේ ඉස්සරහ නැටුව නෙ” කියල 😀

      • @ නිරෝ….ඕක සදාතන සත්‍යයක් නිරෝ…අද රෙද්ද ඉස්සුවොත් හෙට පාතදාන්න වෙනවා. අපේ මිනිස්සු ඕවා තේරුම් ගන්නේ නැහැ. මගේ වයිෆ්ගේ අම්මා කියපු එක දෙයක් තමයි ” මිනිස්සුන්ව මීකිරි වගේ බදාගෙන බෙදාගෙන කන්නත් එපා…පොල්කුඩු වගේ අහක දාන්නත් එපා කියලා” ඒ පාඩමේ මුල් කොටස නම් තාම ඉගෙණගන්න බැරිවුනා. අවසාන කොටස නම් කොහොමත් කරේ නැහැ : D

  19. Anonymous says:

    අරු,
    77 මහ චන්ඩෙ මට හොඩට මතකයෙ.මම එ ඩවස්වල 8 නත්නම් 9 පන්තියෙ.රය එලිවෙන්කම් තාත එක්ක චන්ඩෙ චන්ඩෙ අහුවා.සමන්තුරෙ තමි පලවෙනි චන්ඩ ප්රතිපල්ය අවෙ
    සුමනෙකින් කොලබ හිට්පු මගෙ පියා හම්බන්තොටට මාරු කලා
    අපෙ කාර් එක ගිනිතියන්නෙ එන්වා කියලා අරන්චියක් ආවට
    මුකුත් උනෙ නාහ. පන්සෙලෙ පොඩි හමුඩුරුවො MPDඉරිවර්ඩන මහතයා ගෙ හොඩ පක්ශිඅයෙක් පන්සලෙන් එල්ලාවන ගම්මෙ මිනිස්සු හඩුවට මගෙ පියා හමුඩුරුවන්ට වස් වසන්ට අරඩනා කරල එක සුක්ශ්ම විඩියට නවත්වුවා.අම්මට මරුවක් අවෙ නතෙ අම්ම හොරෙන් UNPඑකට චන්ඩෙ ඩුන්න නිස කියල කියන්ව
    රනතුන්ගෙ මහතයලගෙ ගෙඩරක්ට ගිනිතියල් තිබුන ඩාක්ක.

    77 හතට ඉස්සෙල්ල හවස 4 ට තිබුන පාන් පොලිම මතකඩ්, එ වගෙම අගහරුවඩ හා සිකුරඩෑ බත් උයන්න බාහ කලිසම් රෙඩි ඩුන්නෙ සමුපෙන්, එක්කත් හය මාසෙකෙට සරයක්.මිනිස්සු ගොඩක් අල බතල වවන්නෙ පටාන් ගට්තා
    JR ගෙ මීටිමක් බලනා ගිය brc ග්රොඋන්ඩ් එකට එය කොලබ හතෙ නොන කෙන්නෙක් එවපු ලිපියාක් වෙඩික්වෙ කියෙව්ව.එකෙ ලියල තිබුන එ නොන අවුරුඩු ගනකින් bacon , cheese කාවෙ නෙහ කියල jr ගෙ අසනය මට මතක හටියට බටහිර කොලොබ ජ්ර සුරියප්පෙරුම මහත තම ස්රිලන්ක එකෙන්න් ඉල්ලුවෙ මතක හටියට.
    හබඉ සිරිමගෙ අන්ඩුව තව කලයක් තිබුනනන් අපෙ රට් මීට වඩිය හොඩින් තෙයේ කියලි මට හිට්තෙනෙ
    අකුරු වලට හින්න්වෙන්න එප්පා මම ත්වම ඉගෙනගන්න්වා
    MEETA SURAYA

    • /////අකුරු වලට හින්න්වෙන්න එප්පා මම ත්වම ඉගෙනගන්න්වා/////
      සුරයා දොස්තර මහත්තයෝ…..උඹ මේ රටේ ඉන්න සීනියර් ඩොකෙක් වෙනකම් ආපු ගමන බැලුවාම…උඹට මේ සිංහල යුනිකෝඩ් කොටන එක ලොකු වැඩක් නෙමේ. නිතර කොටපන්..ඔය කෙටිල්ල මේ වයසටත් හොඳයි 😀
      මචං උඹ 77දී 10 පන්තියේ. මට උඹලගේ තාත්තාව මැවිලා පේනවා නැෂනල් සූට් එකත් ඇඳලා ,ඔළුවත් අත ගගා කොච්චර තැතිගැන්මකට පත්වෙන්න ඇද්ද කියලා. එවන් කරුම යුගයක් නම් ඕන නැහැ ආපහු.

      උඹලාගේ මිනුවන්ගොඩ ආසණයේ දිනුවේ බෙනට් ගුණසේකර. ඔය එඩ්වඩ් ගුණසේකර කියන පලාබබාගේ තාත්තා මගේ හිතේ.MPDeZ සිරිවර්ධන මිනුවන්ගොඩ හිටපු ප්‍රබලයෙක්. 77 මැතිවරණයෙ එයා ගැන සඳහනක් නැහැ. JRPසූරියප්පෙරුම (SLFP)තමයි මිනුවන්ගොඩට ඉල්ලලා පැරදිලා තියෙන්නේ.
      ඒ කාලේ එකේBRC Ground තමයි ගොඩාක් JRගේ රැස්වීම් තිබ්බේ. 90 ගනන්වල එක JVP මැයි දින රැස්වීම් තියෙන තැන වුනා. මචං බටහිර කොළඹ හිටියේ චීස්, බේකන් කෑලී තමයි ඒ දවස්වල. ලියුමත් පප්පාගේ කෑල්ලකගේ වෙන්න ඇති 😀 හැබැයි පප්පාට ඒ චෝදනා නම් නැහැ නේද? පුතා වගේ නරක නැහැ පප්පා.

      • සුරයෝ…..ඔය රණතුංග මහත්තයා කිව්වේ රෙජී රණතුංග විය යුතුයි මගේ හිතේ. 77 ලොකු විනාශයක් වුනා අර්ජුනලාගේ පවුලට.

  20. Anonymous says:

    පාන් පෝලිම මතකද? අපි පාන්දර හතරට බේකරියෙ පෝලිමට යනවා. එක් කෙනකුට පාන් කාලයි. ඒවත් බාගෙට තැම්බුණු ඒවා. ඒව ගෙනැත් කව්පී හොදි එක්ක කාලා තමයි ඉස්කෝලෙ යන්නෙ. දවසක් දඹදිව වන්දනාවෙ ගිය නෑයෙක් ගෙනත් දුන්නා මයිසූර් පරිප්පු ග්‍රෑම් 100 ක් විතර. සීනි සත 72 යි පාලන මිළ නමුත් ගන්න නෑ. තේ බීමට උක් හකුරු ඒවයේ නම රන්කැට නමුත් මැටිකැට. උම්බලකඩ වෙනුවට ගෙනත් දුන්නා ජරාවක් රසජීව කියලා දැන් තමයි දන්නෙ ඒවා සත්වාහාර. ඒවා දෙන්නෙ කුකුළන්ට (fishmeal).බයිසිකලේ ගෙවුන ටයර් එක දීලා තමයි අලුත් එකක් ගන්න වෙන්නෙ. ඒත් ඉඳහිට.සිමෙන්ති ගන්න එක තමයි අමාරුම වැඩේ. ඔය ඔක්කොම කරලා 1977 චන්දෙ පෙනිපෙනී සිංහල අවුරුද්දට මිනිස්සුන්ට ගෙනල්ලා දුන්නා ඕලන්දෙන් අර්තාපල්. ලූනු, චිලියෙන් ප්ලාසා ජැක් මැකරල්. චීනයෙන් ජම්පිං ෆිෂ් චීත්ත. මට හොඳට මතකයි. මිනිස්සු රත්තරන් දුන්නත් එවෙලෙ චන්දෙ නම් දුන්නෙ නෑ.

    • ඇනෝ…..ඔය කියන සිදුවීම් ඔක්කොම මතකයි. රන්කැට කියන නම මතක් වුනේ මේ කමෙන්ට් එකෙන්. හංවැල්ලේ අම්මලා හිටිය පැත්තේ ඔය කාලේ උක් ගෙනල්ලා සක්කර කියලා හකුරු වගේ ජාතියක් හැදුවා. තව ලාවුළු වලිනුත් හකුරු වගේ කටේ ඇලෙන ජාතියක් හැදුවා. ඔය ඔක්කොම කලේ සීනි නැති නිසා.
      රසජීවත් මතක්වුනේ දැන්. නමුත් ඒවා සත්තුන්ට දෙන දෙයක් බවනම් දැණගෙන හිටියේ නැහැ. පාන් පෝලිම්වල කොච්චර හිටියාද ඒ කාලේ. පාන් බෙදුවේ ගමට පත්කරලා හිටිය කවුරුහරි හෙන්චෙක් මගින්. මිනිස්සු පෝලිම්වල රන්ඩු සරුවල් කරගත්තා.

  21. Kandyan says:

    අරු..ඇත්තටම ඒකාලෙ ඡන්ද ප්‍රතිඵල අහනවා කියන්නේ සොමි වැඩක්. මට මතකයි 70 ඉලෙක්ෂන් එකට දවස් කීපයකට කලින් අප්පච්චි අළුත් ‘නැෂනල්’ රෙඩියෝ එකක් ගෙනාවා. අපි පොඩි උන්..ඒ උනාට නිදි කිර කිර ප්‍රතිඵල අහගෙන් හිටියා. දැන්ව ගේ ඇඩ්ස් නෑනෙ. රේඩියෝ එකේ යන සින්දුත් ආය කියලා වැඩක් නෑ. එලිවෙනකං අහගෙන ඉන්ට පුළුවන්. සින්දුව නවතිනකොටම අප්පච්චි අක්කට කෑගහනවා ‘ඔය පත්තරෙයි පැන්සලයි අරගෙන ප්‍රතිඵල ලියන්ට ලෑස්ති වෙන්ට කියලා. ඡන්ද ප්‍රතිඵල ලියපු දිනමිණ පත්තරේ තාමත් තියෙනවා.
    77 වෙනකොට යමක්කමක් තේරෙන කාලේ. මට මතකයි ප්‍රේමදාස උන්නැහෙගේ රැස්වීමක් තිබුනා අපේ ගෙවල් ලඟ. පොල් බෑ දෙක් අතේ හොලවා හොලවා කතා කරේ. අරුට මතකද ප්‍රේමදාස උන්නැහෙගේ රැස්වීම් වල සින්දු කියන පොඩි කොලුවෙක් හිටියා. නියම සින්දු ගහන්නේ . 77 ඉලෙක්ෂන් කාලෙ එකතු කරපු leaflets තාම තියෙනවා. වැඩියෙන්ම ගහලා තිබුනේ සිරිමටයි ෆිලික්ස්ටයි. නොබැඳි නාඩගම කියලා leaflet එකක තිබුනා ටිටෝ සිරිමව කිස් කරන photo එකක්. ඒකාලෙ ෆොටොෂොප් නෑනෙ.

    77 ඉලෙක්ෂන් දවසට පහුවදා ගම්පහ අපේ අයිය කෙනෙක්ගේ – (ශ්‍රි ලංකා කණුවක් ඒ උනාට කාටත් වැඩක් කරපු කෙනෙක්) ගෙදර සම්පූර්ණයෙන්ම විනාශ කලා. අවුරුද්දකටක් වැඩි කාලයක් internally displaced වෙලා හිටියා. කොටින්ම ගෙදර ඇතිකරපු ගිරවත් පොලවේ ගහලා මරලා තිබුනා. ඔන්න ජේ ආර් පප්පගෙ වැඩ!
    කොමෙන්ට් එක දිග වැඩිඋනානං සොරි වේවා!

    • ආයෙත් අහලා කැන්ඩියන් පුදුම ආතල් එකක් නේන්නම්. කඩල තම්බනවා..ලඩු හදනවා අපි පොඩිම කාලෙනම්. යුනික් කියලා රේඩියෝ එකක් තිබුනා ඒ දවස්වල. උපාලි ගෲප් එකට සම්බන්ධයි. ප්‍රතිඵලයක් දෙන්න යනකොට සින්දුව නවත්වලා පොඩි මියුසික් කෑල්ලක් දානවා. එක්කෙනෙක් යුඇන්පි ඡන්ද ලියනවා.අනිත් කෙනා ශ්‍රීලංකා ඡන්ද ලියනවා…මොකද කියන ඉක්මනට මිස්වෙයි කියලා බයට. එලිවෙනකොට බොහොම අය නිදි. මායි තාත්තයි ඒත් ලියනවා.

      හරියට කැලෑපත්තර වගේ පොඩි පොඩි පොත් ගැහුවා තමයි. සිරිමාට ෆීලික්ස්ට අමතරව වැඩිපුරම ටාගට් වුනේ ටීබී ඉලංගරත්න. කරවල කුමාරයාද කොහෙද කියලා කිව්වේ. මම අහලා තියෙන හැටියට ඔය ප්‍රචාරක වැඩවලට සිසිර කුමාර මාණික්ක ආරච්චි ගොඩාක් මුලික වෙලා තියෙනවා.
      77න් පස්සේ දේශපාලන පලිගැනීම්වලට අහුවුනු සමහරක් දිවි නසා ගත්තා.

  22. මා හිතන්නේ නැහැ අරු මේ 1977 ගැන විග්‍රහය මෙතරම් කෙටියෙන් අවසන් කල හැකියි කියා. එය ඒ තරම්ම සංකීර්ණ සහ ඓතිහාසික සිදුවීම් මාලාවක්. මම මගේ ජීවිතයේ පළමුවරට ඡන්දය පාවිච්චි කලේ 1977 දී.

    බණ්ඩාරනායක මැතිනිය දේශපාලන දැණුමෙන් හෙබි කෙනෙක් නෙවෙයි. ඇය හැමදාමත් තම විශ්වාසවන්තයන්ගේ බහට නැමුනා පමණයි. ඇත්තටම මේ රටට ගැලපෙන ආර්ථික ක්‍රමයකට රට ගෙනයාමේ අඩිතාලම දැමුවේ එන්.එම්.පෙරේරා මහතායි. ඔහු හඳුන්වාදුන් ආර්ථික ක්‍රමයේ හාල් පොලු, මිරිස් පොලු තිබුණේ, කිසියම් විඳවීමක් නැතුව, ‘අනේ පනේ’ කියලා අපේ මිනිස්සුන්ව හදන්න බැරි නිසයි. එදා මැතිනියගේ ආණ්ඩුවේ මුදල් ඇමති හැටියට ඉඳිමින් ඔහු කළ සෙල්ලම් කාටවත් කරන්නට බැරිවුනා. එන්.එම්. ගේ ආර්ථික සැළසුම් සාර්ථක වන බවත් එහි අවසාන ප්‍රතිඵලය වශයෙන් ඔහු අගමැති තනතුර දක්වා යන බවත් තේරුම්ගත් ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක තමයි මැතිනියව ඇන්නුවේ.

    ජේ.ආර්.ජයවර්ධන කියන්නේ දේශපාලනය මෙන්ම ලෝක විෂයය ගැන කෙල පැමිණි පුද්ගලයෙක්. ඔහුට පෙනෙන දුර අපට හිතාගන්න අමාරුයි. ඔහු 1978 ව්‍යවස්ථාව හැදුවේ සදාකාලිකව සිංහල මිනිහෙක් ජනාධිපති වෙන්නත්, හැකිනම් ඒ මිනිහා යූ.ඇන්.පී. කාරයෙක් වෙන්නත් බලාගෙනයි. මටනම් පෙනෙන්නේ ප්‍රේමදාස,චන්ද්‍රිකා,මහින්ද, ආදී නම් වලින් පෙනී සිටින්නේ ජේ.ආර්. ම තමයි.

    • විචාරක…..ඇත්තටම ඔබ හරි. මේ පිලිබඳව ලියන්න ගියොත් බ්ලොග් පෝස්ට් සීයක්වත් ලියන්න වෙයි. ඒ නිසාම තමයි මමත් විග්‍රහය පසෙකට තබා මා දුටු දේ සහ ඇසූ දේ පමනක් ලියන්නම් කියලා සඳහන් කරේ. ඒ වුනාට කමෙන්ට්ස් කියවනකොට වැඩේ දිග්ගැස්සුනා.
      වැඩිහිටියන් කියන්නෙත් සිරිමාවෝව විනාශකලේ ෆීලික්ස් කියලා. ඒත් ෆීලික්ස් සීයට 47ක් විතර දොම්පෙ ඡන්ද ඩැහැගෙන තිබෙනවා. ජේආර් කියන්නේ ලංකාවේ බිහිවූ කපටිම දේශපාලකයා කියලා තමයි මට හිතෙන්නේ.
      /////මටනම් පෙනෙන්නේ ප්‍රේමදාස,චන්ද්‍රිකා,මහින්ද, ආදී නම් වලින් පෙනී සිටින්නේ ජේ.ආර්. ම තමයි.//////
      මෙන්න මේ කොටසට තදින්ම සිත ගියා.

  23. Ravi says:

    77 මැතිවරණය ගැන මෙහෙම ලියන්ට බෑ අරූ..70-77 සමගි පෙරමුණු රජයේ පාලන සමය ගැනත්, එකල ක්‍රියාත්මක වුනු ආර්ථික ප්‍රතිපත්ති සහ ඉන් පොදු ජනතාවට වූ බලපෑම් ගැනත්, අද ශ්‍රී ලංකාව මුහුණදී ඇති දුර්භාග්‍ය සම්පන්න තත්වයට මගේ අදහස අනුව ප්‍රධානම හේතුව වූ 77 එක්සත් ජාතික පක්ෂය ලබාගත් අසීමිත ජයග්‍රහණය ගැනත් වෙනම ලියන්ට ඕන දීර්ඝ ලෙස.

    77 මහ මැතිවරණයට තමයි මම මුලින්ම තනියම ගෙදර ගියේ. ඒ කාලෙ අපි හිටියෙ අනුරාධපුරේ. කොටුව ස්ටේෂන් එකට ඇවිල්ල තනියම රජරට රැජිණෙ නැඟල ගෙදර ගිය එක මට මාර ආතල් එකක් ඒ කාලෙ. කොටුව ස්ටේෂන් එක ඉස්සරහ පේව්මන්ට් එකෙන් මම ගත්ත මම හිතන්නෙ රුපියල් දෙකකට වගෙ මැතිවරණ ප්‍රතිඵල සටහන් කරන පොතක්. මට තවම මතකයි ඝනකම කාඩ් බෝඩ් වගෙ කවරයක් දාල මුලටම පරණ පාර්ලිමේන්තුවෙ ෆොටෝ එකක් එහෙම දාල තිබ්බෙ. රෑ එලිවෙනකල් ඇහැරල ට්‍රාන්ස්සිස්ටර් එක වටේ වටවෙලා මම ඔය පොතේ ප්‍රතිඵල ලිව්ව.

    අපිට මචං අතීතයෙ සමහර සිද්ධි මතක් වෙද්දි ඒ එක්කම බැඳිල තියෙන තවත් සමහර දේවල්, බොහෝවිට අර ප්‍රස්තුත සිද්ධියට කිසිම විදිහකින් සම්බන්ධ නැතිදේවල් ඒ එක්කම මතක් වෙනව, උඹට එහෙම නැද්ද? මට නම් ඔය සීන් එක හරියටවත් තියෙනව.

    77 ඡන්දෙ ගැන කියද්දි මට මතක් වෙන්නෙ මොකක්ද දන්නවද? සිංදු දෙකක්.

    එකක් සුජාතගෙ….

    බොලං පොඩි නංගි ටිකක් හිටපං..බුලත් විට කන්න නෙවෙයි…
    වෙල ලන්ද ළඟින් සුදු බණ්ඩි අදත් ඇවිදින්
    හමු වෙන්ට එයා මට යන්න සැකයි තනියෙන්,
    බොලං පොඩි නංගි ටිකක් හිටපං

    අනික ස්වර්ණලතා කවීශ්වරගෙ….

    සඳ මඬලේ සිට හිරුමඬලේ සිට දිවැස් හෙලන පුතුනේ,
    බලා ගන්න පුත බලා ගන්න පුත ලස්සන ලක් දෙරණේ,
    පුරන් කුඹුරු වපුරන්නේ පුතුනේ හෙට උපදින පුතුටයි,
    කම්හල් නව නිපැයුම් නිමවන්නේ ඒ සුරතල් පුතුටයි

    පලි – හත්වසක ශාපය කියල යූ.ඇන් . පී. එකෙන් පොතක් ගහල තිබ්බ. මේ ළඟක් වෙනකල් අපේ මහ ගෙදර තිබ්බ ඒක. දැන්නම් තියනවදත් මන්ද…

    • Anonymous says:

      සඳ මඬලේ සිට ගැයුවේ මාලනී බුලත්සිංහල

      • Indika Upashantha says:

        ඇයි ඊට කලින් ඔය විට්ටර් සනත් දෙන්න ජනරජයටත් ගී ගයල දැන් ඔය කටුස්සො වගේ පාට වෙනස් කරන් ඉන්නෙ.

      • Ravi says:

        ස්තූතියි ඇනෝ..ඔබ හරි ස්වර්ණලතා කවීශ්වරගෙ මට මතක ගීතය ‘ සවර්ණප්‍රදීපය මාන සූරිය විමනයි ” අන්න ඒක. 77 ඡන්දෙත් එක්ක මට ඔය ගීත කීපය මතක් වෙන්නෙ මම හිතන්නෙ ඡන්ද ප්‍රතිඵල කියද්දි ඔය සින්දු වාදනය වෙච්චි නිසා වෙන්න ඇති.

      • @ ඉන්දික……දේශපාලනය සහ මුදල්, බලය කියන තැනදි ඔය කවුරුත් එකයි බන්. අමරදේව මාස්ටරුත් මරු වැඩක් කරා….ඔබට මතක නැහැ-මට අමතක නැහැ ..මොඩ්ල් එකේ වැඩක්. ඒ සිරිමාවෝගේ ප්‍රජා අයිතිය නැතිකරාට පස්සේ ඊට විරුද්ධව පෙත්සමක් අත්සන් කරපු වෙලාවේ. වෙලාවක් නැහැ බන් ඕවා ලියන්න. ඊටත් වඩා වැඩකුත් නැහැ කියලා හිතෙනවා ලියන්න.

    • රවී…..ඇත්තටම මෙහෙම ලියන්න බැහැ. වෙනම දේශපාලන විචාරයක් ලියන්න වෙයි. එහෙම අදහසක් නැද්ද?ඕනෑම පාලකයෙකුට අසීමිත ජයග්‍රහනයක් කියන්නේ ජනතාවට කටු ඔටුන්නක් කියලා බොහෝ විට ඔප්පුවෙලා තියෙනවා. 1970 යුඇන්පිය ආසණ 17ට බැස්සුව වෙලාවෙත් මේ වගේම ඔටුන්නක් තමයි වැටිලා තියෙන්නේ මම හිතන විදිහට.

      ඉස්සර ඡන්දයක් ඉවරවුනාට පස්සේ බොහොමයක් ගීත මතකයේ රැඳෙනවා. මේ ගීත දෙකත් උඹ මතක් කරපු නිසා ඉබේම සිහියට ආවා. බොලන් පොඩි නංගි…කොච්චර ලස්සන පද වැලක්ද…
      සම්බන්දේ අපේ දන් නැද්ද නගේ…හුඟ ඈත කළක් හෙම නෑ..
      ගම්මැද්දෙ ඉතිං හැදුනාට කතන්දර…ඒකෙවගක් මට නෑ..
      කරකාර බඳින්නට නංගි හිතයි මට..හිත කෝළ සිතුම් එනවා..
      අප්පච්චි අපේ ඉඩ දුන්නෝතින් අපි..හද්ද මඟුල් කනවා..
      කවුරු ලිව්වාද මන්දා..

      උඹට මතකද…රැජිණ මමයි අපේ රාජ්ජේ සිංදුව…සිරිමාවෝ දිනාගෙන එනවා නම් ඕක තමයි නිතරම දාන්නේ..අතීත මතකයන් නම් බොහොමයි ඡන්ද කාලයත් එක්ක.

      ගුවන් විදුලියේ ස්වර්ණමය යුගය බිහිකෙරුවා යැයි කවුරුත් කියන රිජ්වේ තිලකරත්නයන්ව මේ ඡන්දෙන් පස්සේ ජේආර් එලියට ඇදලා දැම්මා…ඒවගේ වන්දි තමයි දැන් අද හඩ්සන්ලා හඩු ගඳ ගගහා පිට කරන්නේ.

    • Anonymous says:

      “අපිට මචං අතීතයෙ සමහර සිද්ධි මතක් වෙද්දි ඒ එක්කම බැඳිල තියෙන තවත් සමහර දේවල්, බොහෝවිට අර ප්‍රස්තුත සිද්ධියට කිසිම විදිහකින් සම්බන්ධ නැතිදේවල් ඒ එක්කම මතක් වෙනව, උඹට එහෙම නැද්ද? මට නම් ඔය සීන් එක හරියටවත් තියෙනව.”

      අනාරාධනයෙන් මැද්දට පැන්නට සමාවෙන්න. මට මේක කියන්නම හිතුන.
      ඔය කතාව සහතික ඇත්ත රවි .

      මම 4 වෙනි පන්තියේදී තාත්තා එක්ක බයිසිකලෙන් තමයි ඉස්කෝලෙ ගියේ. තාත්තා ගෙදරින් පිටත් වෙන්නේ හරියට 7.30 වෙනකොට ඉස්කෝලෙට ලඟාවෙන විදියටයි. තාත්තා අපර් ස්කූල් එකට යනවා. ඒකේ ඉඳන් ප්‍රයිමරි එකට යාර 200ක් විතර දුරයි. ඉතින් ඔය ටික මම යනකොට හැමදාම පරක්කු පෝලිමේ තමයි. ඉස්කෝලෙට කලින් ලොකු කන්දක් තියෙනවා. ඒකෙදි බැහැලා තල්ලු කරගෙන තමයි යන්නේ. ඉස්කෝලෙ පටන් ගන්න විනාඩි කිහිපයයි තියන්නෙ. එතකොට ගෙවල් වල රේඩියෝ සද්දෙ ඇහෙනවා.යන්නෙ උදා ගී.ඔන්න ඔය වෙලාවට නිතරම ඇහෙන සින්දුවක් තියෙනවා. අදටත් මට ඇහෙන කොට බඩ දනවා පරක්කු පෝලිම මතක් වෙලා.
      මෙන්න සින්දුව

      තොටිල්ලෙ ලී වැටෙන් එහා තව වැටවල් ගොඩක් ඇතේ
      තොටිලි වැටෙන් පනින පුතා ඒ වැටවල් බිඳිනු ඇතේ
      තොටිල්ලෙ ලී වැටෙන් එහා….//…………………………….

      ගායකයා අප අතරින් වියෝ වූ අබේවර්ධන බාලසූරිය.

      හර්ෂ

      • @ හර්ෂ…….මැද්දට පැන්නට කමක් නැහැ …. හැබැයි අදත් එදා වගේම පරක්කු පෝලිමේ 😀

        ඔය ගීතය සුනිල් ආරියරත්න ලියලා වික්ටර් මියුසික් කරලා තියෙන්නේ. හර්ෂ, රවී කියනවා වගේ සමහර ගීත මතක්වෙන කොට ඒ අස්සෙන් මතක් වෙනවා අතීතයේ වෙච්ච සිදුවීම්. මේවා එකිනෙකට යාවෙලා තියෙන්නේ.
        උදා ගී වැඩසටහනින් හොඳ ගීත අහන්න ලැබුනා. මේවා මතක්වෙන කොටත් හරිම සතුටක් දැණෙනවා.

    • Anonymous says:

      //වෙල ලන්ද ළඟින් සුදු බණ්ඩි අදත් ඇවිදින්//

      ඈ බං රවි අය්යෙ….ඕකෙ ‘සුදු බන්ඩි’ නෙමේ ‘සුදු බන්ඩෙ’ වෙන්න ඕනෙ නේද ? එක්කො මේකත් අර අහවල් කට්ටිය ගැන කියන පරන කාලෙ සින්දුවක්ද ?

      • @ ඇනෝ…….අනේ මන්දා මේ රවියා දාන ලෙඩ ලස්සන සිංදු මතක් කරලා දීලා. ඔය සමහර තැන්වල ලියවිලා තියෙනවා බන්ඩි කියලා…සුජාතා කියන්නේ බන්ඩේ කියලා.
        මේක ලියලා තියෙන්නේ කරුණාසේන ජයලත්ලු..සංගීතය.. එම්.කේ.රොක්සාමි මාස්ටර්ලු… දන්න කෙනෙක් නිවැරදි කරන්න.

      • Ravi says:

        ඇනෝ,

        අඩේ එහෙමද බොල? සුදු බණ්ඩෙද? මට මතකම සුදු බණ්ඩිවගේ…අම්මාපල්ල තව කෙලියක් වෙයි ඒ පාර වෙන මොකවත් හිතාගෙන කස්ටිය….හෙහ්,හෙහ්,

      • Ravi says:

        Aru,

        ” ඈත ගමේ සරු පස පෙරළන්නට මා යනවා හෙට උදෑසනේ…”

        ” දෑ කාමී පුත් රුවනක් පිය බඳ මට ලබා දෙන්න ඔබේ ලෙයින්..මගේ ලෙයින්…”

        ” රුක් අත්තන මල මුදුනේ..බමරු නටන හැන්දෑවේ..සැඳෑ අඳුර පියමංකර … කවුරුද එන්නේ කවුරුද එන්නේ ..පුතුනි බලන්… යොමා නුවන්… කවුරුද එන්නේ…”

        ” අනුරාධපුරය ඔබයි..සිරිසර දෙදහස් වසරක්..ඈත අතීතයේ….”

        ” ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ දාං අදින්නේ….”

        මතකද ගොයියො ඔව්ව?..ඒ කාලෙ උදේ හවස අපිට ඇහිච්ච එව්ව තමයි..හැත්තෑව දශකයේ ගීත…හෙහ්,හෙහ්

      • @ Ravi…මොකද මචං මතක නැත්තේ….ඒ තමයි මම හිතන්නේ සාහිත්‍යයේ හොඳම අවධිය…හොඳ නිර්මාණ බිහිවෙච්ච යුගය.

        ගමේ කෝපි කඩේ ගීතයට පොඩි කචල් එකක් ඇදුනා ගමේ කොල්ලෝ ඔහොම නැහැ කියලා…පස්සේ සනත් ඒකට හරියන්න තවත් ගීතයක් කරා. මට වචන මතක නැහැ.

      • kathandarakaraya says:

        /* පස්සේ සනත් ඒකට හරියන්න තවත් ගීතයක් කරා. */
        ආකාසේ තාරුකා මූදෙ මඩ වුණත් අරන් දෙන්නට
        කෝපි කඩේ දාන් අදින ගැටව් හපන්නූ
        ගැටව් හපන්නූ

      • මෙන්න සිංදුව. තෑන්ක්ස් කකා!!!

  24. Damith says:

    77 සිදුවිමෙන් අපෙ අම්මලගෙ ගමෙ ගොඩාක් වැදගත් විදියට ලස්සනට හිටපු පවුලක් විනාස වෙල ගිහින් තිබුන

    • ඔව් දමිත් ඔය වගේ කේසස් හරියට වෙලා තියෙනවා. කවුරු කරත් වැරැද්ද වැරැද්දම තමයි.

  25. එක දේසපාලන පක්ෂයකටවත් අයිති නැති ස්වාධීන මට මේකට කමෙන්ට් එකක් දාන්න ලේසි නෑ මචං. ඉස්සෙල්ලම මේ කමෙන්ට් වැල කියවන්න ඕනේ. ඊට පස්සේ එන්නම්.

    • ඩූඩ්……උඹට මේ කමෙන්ට්ස්, රිප්ලයිස් කියවලා ඉවරකරන්න නම් ගුරුසේවයෙන් විශ්‍රාම ගන්න වෙයි 😀
      මමත් මේක කිසිම දේශපාලන කන්නාඩියක් නොදා ලිව්වේ…මම දැකපු සහ මම අහපු දේවල් හැටියට. නමුත් කමෙන්ට්ස් ඇතුලේ වැඩේ දිගින් දිගට යනවා.

      • දේශපාලනය ගැන කතා කරනකොට වෙන දෙයක් තමයි නිකම්ම “කාරයා” වෙන එක. මගේ තාත්තගේ දේශපාලනේ මොකක්ද කියලා මම වත් දැනගෙන හිටියේ නෑ. තාත්තා විශ්වාස කලේ රජයේ නිලධාරියෙක් හැටියට පවතින රජයට සේවය කරන ගමන් තමන්ගේ පෞද්ගලික මතිමතාන්තර තමන්වෙතම තබාගත යුතුයි කියන නොලියවුනු, අප්‍රකාශිත ප්‍රතිපත්තියක්. මේකෙන් වුනේ යූඑන්පී කාරයෝ තාත්තා ශ්‍රී ලංකාකාරෙයෙක් හැටියට දැකීමත්, ශ්‍රී ලංකා කාරයෝ තාත්තා යූඑන්පී කාරයෙක් හැටියට දැකීමත් තවත් සමහරු තාත්තා සමසමාජකාරයෙක්, කමියුනිස්ට් කාරයෙක් හැටියට දැකීමත් විතරයි. ඒ නිසා පවතින කිසිම රජයකින් අපිට සත පහක උදව්වක් ලැබුනේ නෑ.

        මම අදත් තියෙන දෙයක් තමයි අන්න ඒ වගේ මාව ඔය පාටක් නියෝජනය කරන ‘කාරයෙක්’ගේ තත්වයට ඇදවැටෙයි කියලා තියෙන බය.

        මිනිසුන් සුදු හෝ කලු පමණක් නෙවෙයිනේ. අලු වර්ණයෙ විවිධ මට්ටම් (shades of grey) තියෙනවා. ඕනැම කෙනෙකුට අගය කලයුතු සහ හෙලා දැකිය යුතු ගති ලක්ෂන තියෙන්නේ පුලුවන්. අපි හුඟ දෙනෙකුට වෙන දේ තමයි අපි අකමැති පුද්ගලයා කරන හොඳ පවා නොහොඳක් ලෙස දැකීම සහ, කැමති පුද්ගලයා කරන නොහොඳේ පවා යහපතක් දැකීමට තැත් කිරීම.

        ඒකෙම අනිත් පැත්ත තමයි, අපි මධ්‍යස්ථව ඉඳගෙන දේශපාලනඥයෙකුගේ හොඳක් කිව්වොත්, අපි ඒ ගමන්ම නිතැතින්ම ඒ පුද්ගලයාගේ වැරදි පවා සාධාරණීකරනය කරන බවට ඔහුගේ/ ඇයගේ විරුද්ධවාදීන් නිතැතින්ම උපකල්පනය කිරීමයී. ඒ වගේම නරකක් කිව්වොත්, ඒ පුදගලයාගේ හොඳ පවා අපි නොහොඳක් හැටියට දකින බව උපකල්පනය කිරීමයි.

        ඔය කියපු 71-77 කාලය හත් හවුරුදු සාපය හැටියට තමයි මිනිස්සු හැඳින්වුනේ. මතකද ධවල භීෂණය කියලා පෝස්ටර් හෙම තිබුන. ඒ වගේම ඕපාත හෝ ඔසී දියලගොඩ හෝ වෙනත් දක්ෂ කාටූන් ශිපියෙක් ඇඳපු කාටූන් වලින් මිනිසුන්ගේ විරෝධය දල්වන්න හුඟක් දායක වුනා. හැත්තෑඑකේ සිදුවුනු කැරලිකාරී තත්වය සහ ප්‍රේමවතී මනම්පේරි හමුදාව අතින් දූෂණය වී මිය යාම වගේ සිද්ධි වලට තිබූ විරෝධය නැවත් අලුත් වුනා.

        කර්මාන්ත නගා සි‍ටුවීමත්, කෘශිකාර්මික ස්වයංපෝෂනයත් වගේ අරමුණු නිසා පටන් ගත්තායැයි කියපු වැඩපිලිවල්වල අන්තගාමිත්වය නිසා ඇතිවුනු, මිරිස් පොලු, හාල් පොලු, භූමිතෙල් චීත්ත, ‍රැවිල කැපිය නොහැකි චැම්පියන් බ්ලේඩ්, පත්තු නොවෙන ගිණිකූරු සහිත ලේනා මයිනා ගිණිපෙට්ටි, සිමෙන්ති, පාන්, සහ සියලුම ද්‍රව්‍ය වල හිඟය, පෝලිම් වලින් හෙම්බත්වී හිටපු මිනිස්සුන්ට පාලකයෝ සුර සැප විඳීන් තමන් හාමතේ තැබීම ගැන තිබ්බේ වෛරයක්. ඒ වගේම සාතන් යනුවෙන් ප්‍රසිද්ධි වී සිටිෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක වැනි පුද්ගලයන් ගැනත්, වලව් මානයෙන් හිස උදුම්මාගෙන සිටි බවට ජනතාව විශ්වාස කල පාලක වලව් පැලැන්තියත් කෙරෙහි ජනතා විරෝධය අවුලුවන්නට ගාමිණී ෆොන්සේකාගේ චිත්‍රපටියත් නොසෑහෙන මෙහෙවරක් කලා. අසූ නවයේ භීෂනය අහවර කර වෙනත් ඕනෑම යකෙකුට බලය ලබාදීමට ජනතාවට තිබුන උනන්දුවටම සමාන උනන්දුවක් හත් අවෲදු සාපය ඉවර කර රට මුදා ගැනීමටත් මිනිසුන්ට තිබුනා. ඒකයි ඔය ඡන්ද ප්‍රතිඵලය හැටියට හැඳින්වුනේ.

      • සාධාරණ පැහැදිලි කිරීමක් ඩූඩ්. රාජ්‍ය නිලධාරින් හැටියට ස්වාධීනව වැඩකරන්න යෑමේදි ගිරයට අහුවුනා වගේ තමයි. ඉස්සරට වැඩිය දැන් ඒ තත්වය ඔඩු දුවලා. දැන් රජයේ නිලධාරියෙකුට වඩා පාලක පක්ෂයේ නිලධාරියෙක් වගේ තමයි වැඩ කරන්න වෙලා තියෙන්නේ…

        මට මතක හැටියට SC ඕපාත තමයි අර කාටුනිස්ට්.

  26. අරෑ , මචං උඹ මගේ මතකයත් ඒ කාලයට ගෙන ගියා. මැතිවරණ වලින් 1977 තමයි මගේ පළමු මතකේ තියෙන අත්දැකීම.
    අනුරාධපුරයෙත් ඡන්ද සටන් දරැණුවටම ගියා. අපේ තාත්තා බැහැලා වැඩ නොකලට යූ එන්පියට තමයි ඡන්දේ දුන්නේ. තාත්තගේ යාළුවෝ සමහරක් ශ්‍රීලනිපයටත් සමහරක් ජේ ආර්ටත් වැඩකළා. තාත්තගේ මස්සිනා සහ ළඟම යාළුවා වැඩකළේ ශ්‍රීලනිපයට.
    මස්සිනා ඒ දවස්වල අනුරාධපුර බස් ඩිපෝවේ ලොක්කා. උඹ දන්නවනේ ඒ තැන් දේශපාලන ගුහා. ඔක්කොම රස්සාවල් ගියේ දේශපාලන හෙංචයියන්ට. ඒ මාමා දේශපාලන වේදිකාවල පවා කතා කළා.
    ඉතිං ඔන්න එදා රෑ අපිත් උඹලා වගේ රේඩියෝව ළඟට රොක් වෙලා මැතිවරණ ප්‍රතිඵල අහන්න පටන් ගත්තා. ටික ටික ආසන යූඑනපියට වැටෙද්දී තාත්තා බයිසිකලයෙන් රෑම මාමලගේ ගෙදර ගියා. මොකද යූඑන්පියෙන් දිනුවාම ගහන්න එන සෙට් එකත් තාත්තා දැනගෙන හිටපු නිසා මාමගේ ආරක්ෂාවටයි එහෙම කළේ. පහුවදා උදේ තාත්තා ගෙදර ආවා. මාමට අනතුරක් නොවුනත් මාමා ඇතුළු මාමා රස්සා අරන් දුන්න අයව ගෙදර යවලා තිබුනා.
    පහුවදා අපිට ඇහුනා මිනිස්සු බස්වල සිංදු කිය කිය යනවා උඹ කිව්වා වගේ පැරදුන පාක්ෂිකයින්ට පහර දෙමින්. ඒ මිනිස්සු මත් පැනින් අමනුෂ්‍යයෝ වෙලයි හිටියේ. තාත්තටත් අඬගහලා තිබුනා ඒත් තාත්තා අර ශ්‍රිලනිප යාළුවව තනි නොකර එයත් එක්කම එදා හිටියා එයාගෙත් ආරක්ෂාවට.
    දිට්ඨ දම්ම වේදණීය කර්මය අපට සිහිගන්වමින් අර කෑ ගහ ගහ ගෙවල් කුඩු කරමින් ගිය බස් එකක් පෙරලිලා අපේ ගෙදරට උඩ පාරේ ගෙවල් පහක විතර මිනිස්සු මැරැනා. මට තාම මතකයි මිණි පෙට්ටි පෝලිමට සොහොනට අරගෙන යනවා…. හරිම අවාසනාවන්ත සිදුවීම්. ඊළගට 1978 ,1983 දෙමළ කෝළහල, 1989 ජනතා විමුක්ති පෙරමුණේ අරඟලය. උඹ කිව්වා වගේ කොච්චර මළමිනී අපි දැකලා ඇද්ද? 1985 කොටි අනුරාධපුරයට ගහපු වෙලාව එහෙම උඹට මතකද?

    • ගුණේ…….බස් ඩිපෝනම් දේශපාලන ගුහා තමයි..1977න් පස්සේ ඒවා ඩබල් ට්‍රිබ්ල් වුනා .ප්‍රවාහන ඇමති මොහොමඩ් මේවා බොරැල්ල ආසණයේ යුඇන්පි පක්ෂ කාර්යාල බවට පත්කලා. ඒ කාලෙද මන්දා එම් එස් ප්‍රනාන්දුලා සීටීබියට ගියේ. සීජීආර් එකටත් ඒ ආනිසංසෙමයි.

      ලොකු ගුණේ මහත්තයලා වගේ හිතන්න පුළුවන් අය වැඩිපුර හිටියානම් ඕවා අවම කරගන්න තිබුනා බං. කොහෙද හිටියේ අමුතුම මොඩ්ල් බුවාලනේ. ඔය වගේම තමයි මචං 1983දී අපේ වයිෆ්ලාගේ ගෙදර අහිංසක දෙමළ අය කොපමන හිටියාද. ඒ යුගය මතක් වෙනකොටත් අප්සට් බන්. මම එතකොට ඔබරෝයි එකේ වැඩ. වෙනම ලියන්න වෙනවා. මිනිසුන්ට මිනිස්කම අමතක වෙච්ච යුගයන් විටින්විට ඇතිකලේ මේ කාළකන්නි දේශපාලකයෝ හැර වෙන මොක්කුද මචං.

  27. Dilan says:

    මම දන්න විදිහට 77 ජය ලේසියකින් එක පාරටම ගත්තු ජයක් නෙමේ,පැවතුනු අමාරු කාලෙත් එක්ක යූ ඇන් පිය දක්ශ විදිහට සංවිදානය උනා අවුරුදු 2,3 ඉදන්,,ඒ වෙලේ යූඇන්පියටත් රැස්වීම් එලිපිට පවත්වන්න අමාරුවක් තිබුනද සිරිමා ආන්ඩුවෙන්,අපේ අම්මගෙ මහ ගෙදර මාසෙකට පාරක් වෙන්නප්පුවේ පෙස්ටස් පෙරේරා රහසිගතව රෑ ඇවිත් පාක්ශිකයින්ට රැස්වීම් තියනවා කියලා සීයා මට කියලා තියනවා,සීයා තද අලියා,කොටින්ම ලාම්පු එලියෙන් කීප දෙනෙක්ව රැස් කරලා සාකච්ජා කලාලු.එහෙම සංවිදානය කරලා තමා 77 දින්නෙ කියලා සීයා කිවුවෙ.
    පෙස්ටස් පෙරේරත් ලගදි මැරුනා,අපේ රටේ පාර්ලිමේන්තු ගිය අයගෙන් දිගු කාලයක් පාර්ලිමේන්තු ගිය කෙනෙක්,,දිගු කාලයක් එහෙම ගියා අයට ලොකු පෙන්ශන් එකක් හම්බෙනවලු,,පත්තරේ දැක්කේ,පෙස්ටර් පෙරේරත් ඒ වැඩිම පෙන්ශන් ගන්න අයගේ ලිස්ට් එකේ උන්නා..

    • මම අහල තියෙන විදියට 70 මැතිවරණය පැරදුනු දවසට පහුවෙනිදා ඉදලම ජේ.ආර්. සංවිධානය උනා ආණ්ඩුව පෙරලන්න. ඒ වෙනුවෙන් සැලසුම් හැදුවා 77 දී ඒ දෙවල් දක්ෂලෙස ක්‍රියාත්මක කළා.. 5/6 ක් ගන්න පුළුවන් උනේ ඒකයි..
      අහල තියෙන විදියට ලංකාවේ හිටපු කපටිම දේශපාලකයා තමයි ජේ.ආර්..

      • විදානේ….ඩඩ්ලි සේනානායකගෙන් පස්සේ ජේආර් යුඇන්පියේ නායකයා වුනු තැන ඉඳලා කරේ පාලන බලය අතට ගැනීමේ සැලසුම් තමයි කියලා කියන්නේ. 1973 විතර මම හිතන්නේ.
        1977 ඡන්දේ තියෙන වඩාත් වැදගත්ම දේ තමයි 80-90% ප්‍රමානයක් ඡන්දේ පාවිච්චි කිරීම. මිනිස්සුන්ව ඡන්ද පොලට යවන්න තරම් ඔවුන් සමත් වුනා. ඡන්දපොලට නොයන මිනිසුන් ගෙන්වා ගැනීම තමයි විරුද්ධ පක්ෂය කල යුත්තේ කියන එකට හොඳ නිදසුනක් 1977.

    • @ ඩිලාන්…..1977 වෙනකොට ජේආර් හිටියේ ජයග්‍රහණය ගැන නිවැරදි ඉලක්ක සම්පූර්ණ කරලා. ඒක ඉතාමත්ම ඉහල සංවිධානාත්මක හැකියාවක් කියලා තමයි කියන්නේ. ඒ කාලේ අනිත් අයට රැස්වීම් තියාගන්න අමාරුකම් තිබුනාද කියලා පැහැදිලි මතකයක් නැහැ. නමුත් හැම ගමකම සිරිමාවෝ ජනතා කොමිටි කියලා දෙයක් හදලා තිබුන බව මතකයි. අද නිල් බලකාය වගේ ඔවුන් ගමේ විරුද්ධ පාක්ෂිකයින් බෙලහීන කිරීමේ වැඩ කටයුත්තක් කරලා තියෙන බව අහලා තියෙනවා.
      ෆෙස්ටස් පෙරේරා පුත්තලම් දිසාවේ ජේආර්ගේ අග්‍රශ්‍රාවකයා. වයිෆ් මේරි ලැරින් පෙරේරා පවා ක්‍රියාකාරි දේශපාලනයේ හිටියා මෑතක් වෙනතුරු.ෆෙස්ටස් 77 දිනලා තියෙන්නේ වැඩි ඡන්ද 10000කට ආසන්න ගණනකින් කියලා වාර්තා කියනවා. කරපු මැරකම් ගැනත් කතා තිබුනා. දැන් පුතා නිරෝශන් පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රී නේද..

      හැරල්ඩ් හේරත් ,ග්වෙන් හේරත් ජෝඩුවත් ,හරේන්ද්‍ර කොරයාත් ඒ කාලේ යුඇන්පී ප්‍රබලයෝ. ග්වෙන් හේරත් කියන්නේ සිනමාවේ හිටපු අයේෂා වීරකෝන් කියන සුරූපි නිලිය.

      • ඩිලාන් says:

        සිරිමා කාලයේ අපේ පැති වල යූඇන්පී පාක්ශිකයන්ට කරදර සිදු වෙලා තියනවා අරූ,පෙස්ටස් පෙරේරා 89 කලබල කාලයේ නම් යම් යම් සිදුවීම් තියනවා,,කළු බලල්ලු මෙහෙයුවේ එයා කියලා කියන්නෙ,,ඒ දවස් වල සුසන්ත පුංචිනිලමේ එක්ක කීප දෙනෙක්ම හැංගිලා ඉදලා තියනවා වෙන්නප්පුව්වේ..
        2002 මහා මැතිවරනෙ වෙනකන් පෙස්ටස් පෙරේරා මන්ත්‍රී වෙලා උන්නා,පස්සෙ තමා ලැරින් ඉදිරිපත් උනේ,,අවුරුදු 2 නේ රනිල් ඇද්දෙ,,ඒ ටික දවසකින් ලැරින් අංශභාග රෝගයට ගොදුරු උනා,,පස්සෙ තමා නිරෝශන් ආවෙ,,නිරෝශන් එතකොට ටෙලිකොම් එකේ ඉංජෙක්,තමන්ගේ තාත්තලාට බලේ තිබුනට උඩ පැනපු නැති දරුවෝ,ඒත් තාත්තට තරම් නම් ආකර්ශනයක් නෑ,,තාත්තා වෙන්නප්පුවට කරපු සේවයට නිරෝශන්ට ජන්දෙ වැටෙන්නෙ,පෙස්ටස් පෙරේරලා ලොකු සේවයක් කරලා තියනවා,තමන්ගේ ජන්ද දායකයන්ව නමින් කතා කරන්න තරම් මතකයක් තිබුමු කෙනෙක්,ගමකින් අඩුම ගානේ 10,15 නම් මතකයි,වෙන්නප්පුව සී නෝර් කම්හල,දංකොටුව පෝසිලේන් වගේ එයාගේ වැඩ.
        හැරල්දේරත් නාත්තන්ඩියේ,හරේන්ද්‍ර කොරයා හලාවත.

      • ස්තූතියි ඩිලාන් විස්තරයට.

  28. Clement Peris says:

    Aru,
    I still remember the “dawasa” news paper,then.. It was only =/60 cents in 1977.
    When JRJ won the general election the head line of the news paper was ratama jayagath agameti ,JR
    Then, the sub title was vama sedi yai. But ironically, an inside middle page of the same news paper there was drawing of a stampede elephant. The caption was, hasti viyaruwa.
    You remember that?!
    In 1977 I was in grade 2
    ………………………..
    (The reason to type this comment in English was my total illiteracy of typing in Singhalese and no other reason.)
    Clement

    • ////(The reason to type this comment in English was my total illiteracy of typing in Singhalese and no other reason.)//////
      Clement…….Don’t hesitate to comment in English…if it is easier than Sinhala typing.
      දවස ගැහුවේ එම්ඩී ගුණසේන එකෙන්. සවස කියලා පත්තරයකුත් ගැහුවා හැන්දැවරුවට. සිරිමාවෝ දවස සීල් තිබ්බා 1974 හෝ 75හේ. ඊට පස්සේ ලේක් හවුස් එක පවරාගත්තා. ක්ලෙමන්ට් කියන කතාව මේ කමෙන්ට් එක කියෙව්වාම ෆේඩ් වෙලා වගේ මතක් වෙනවා.
      1974 දවස සීල් කරාට පස්සේ 77ඡන්දේ ඉවරවෙන කොටම, ගුණසේනලා දවස ප්‍රින්ට් කරලා එලියට දැම්මා කියන කතාවකුත් මතකයි. දවස සීල් කරේ ඇයි කියලා එහෙම මට මතකයි තාත්තා කියනවා. ලියන්න වෙලාවක් නැහැ ක්ලෙමන්ට්.

  29. sudeeka says:

    77 ජනතාව කෑම/බීම ඇඳුම් පැළඳුම් වගේ දේවල් පදනම් කරගෙන ලබා දුන්න ජයක්. ජේ ආර් ඒ ජය පාවිච්චි කරලා හදපු ව්‍යවස්ථාව තමයි ගොඩක් දේකට හෙනේට හිටියේ. අද බිහිවන අඳබාල දේශපාලුවන් එහි ප්‍රතිඵල. පැරණි මැතිවරණ ක්‍රමයේ ප්‍රායෝගිකව වැඩ කරපු කෙනෙකුට පක්ෂ බේදයක් නැතිව යම් චන්ද ප්‍රමාණයක් ලැබෙනවා. 77 පෙරලියෙදී නම් ඒ කාරණා මත පදනම් වුණේ නෑ. ජේ.ආර්. ගේ ජිල්මාට් නිසා තමයි අද එජාපය මේ තත්වයට වැටුණේ. ප්‍රේමදාස ඊට වඩා හොඳ දේවල් කළා. පොඩි මිනිහා වෙනුවෙන් හිතලා වැඩ කළා. ප්‍රේමදාස පිට පැටවූ 89/90 ප්‍රශ්ණය නොවන්නට ප්‍රේමදාසගේ ක්‍රමය ජය ගන්න තිබුණා. කිවයුතු බොහෝ දේ තිබෙනවා. නමුත් කාලය හරස් වෙනවා.

    • //77 ජනතාව කෑම/බීම ඇඳුම් පැළඳුම් වගේ දේවල් පදනම් කරගෙන ලබා දුන්න ජයක්.//

    • //77 ජනතාව කෑම/බීම ඇඳුම් පැළඳුම් වගේ දේවල් පදනම් කරගෙන ලබා දුන්න ජයක්.//
      එදා විතරක් නෙවෙයි අදත් එහෙමම තමයි. මතකනේ 3.50 ට පාං කන්න චන්දෙ දීපු හැටි. මේ පාර උනත් උදලුතල වලට ටකරං තහඩුවට, චිකන් රයිස් එකට, ගල් කාලට, තමයි බහුතරේ චන්දෙ දුන්නේ..

    • @ සුදීක…..77 කෑම බීම වගේම පාලකයන්ගේ උද්දච්ච වැඩ කටයුතුත් මිනිස්සුන්ට දිරෙව්වේ නැහැ. පත්තර සීල් තැබීම,පවරා ගැනීම වගේ දේවලුත් බලපාන්න ඇති. ආර්.එස්.පෙරේරා තමයි ප්‍රවෘත්ති ඇමති හිටියේ. ඒ මිනිහාට කරන්න දෙයක් තිබුනේ නැහැ…ෆීලික්ස් තමයි තීරන ගත්තේ. ආර්.එස්ගේ පුතා අපේ පන්තිවල හිටියේ. ඒ නිසා මට ඔව්වා පොඩ්ඩ පොඩ්ඩ මතකයි. අද වෙන්නෙත් මේ වගේම දෙයක් තමයි. ඊට වඩා සියුම් විදිහට.

      තවමත් පොඩි මිනිසුන් ප්‍රේමදාස ගැන කියන එකනම් ඇත්ත. අඩුම ගානේ නොතෙමි ඉන්න වහලක් ලැබුනා. අද පාරට ඇදලා දාන්න ට්‍රයි කරනවා. එදා පාරෙන් ගේකට දාන්න ට්‍රයි කරා ප්‍රේමදාස. කොච්චර නරක තිබුනත් මිනිස්සු මේ දේ අදටත් අගය කරනවා.
      වර්තමාන දේශපාලු මහමුදලිලා මේ දේශපාලන ඉතිහාසය කියවන්න ඕන.

      ඔව් සුදීක..වෙලාව තමයි හරහට හිටින්නේ. වෙලාව බලන්නවත් වෙලාවක් නැහැ මේ බ්ලොගට ගියාම 😀

  30. “ඉතිහාසය නැවත නැවත සිදුවෙනවා” කියන කතාව අරූ විශ්වාස කරනවද? එහෙමනම් ආපහු අවිචාරවත් සමයක් හරි 77 වගේ යුග පෙරලියක් හරි සිධ්ධවෙයි කියන කතාව ගැන මොකද කියන්නේ ?

    • ඉතිහාසය නැවත නැවත සිදුවෙනවා කියන එක 1977,1994 වගේ ලාංකීය උදාහරණ ගන්න පුළුවන් මම හිතන්නේ. ලොකු පෙරළියක් නොවුනොත් තමයි පුදුමේ. ඒ පෙරලියට පෙර ලොකු ජීවිත විනාශයන් ටිකක් නම් බලාගන්න හැකිවෙයි කියලා අනුමාණ කරනවා මගේ සිතීම අනුව.
      1977 ආසන්නයේ වුනු සිදුවීම් හා සමාණ සිද්ධි දැනටත් වෙනවා. උඹ කියවපන් මම සුදීකට දාපු රිප්ලයි එක.

    • තෑන්ක්ස් ඩිසිල්වා…..මේ ලින්ක් එකේ තියෙන ලිපිය ලියලා තියෙන්නේ විචාරකගේ බ්ලොග් එකේ බොහෝවිට සාකච්ඡාවෙන ඩොක්ටර් රුවන් ජයතුංග. කියවන්න ඕන නිදහසේ. මම යාන්තමට අදහසක් ගත්තා දැනට. කෙසේ වෙතත් ඒ ලිපියේ ඇති එක් කොටසක් අනිත් අය වෙනුවෙන් මම මෙතන උපුටා
      දක්වන්නම්

      By Dr. Ruwan M Jayatunge
      ///Of all the tasks of government, the most basic is to protect its citizens from violence.-John Foster Dulles////////////

      /////When there is a strong , literate , politically conscious and civilized civil society, there is no space for political violence.////////////

  31. අරූ..,
    ලිපිය මුලසිටම කියෙව්වා.. කොමෙන්ට් ටික නිසා ලිපිය සර්ව සම්පූර්ණ වෙලා කියල හිතෙනවා.. අර කියපු මැතිවරණ ප්‍රථිපල එකතු කරන පිස්සුවනම් මටත් තියෙනවා ඉස්සර සීආර් පොත්වල ලිව්වා දැං නං ලියන්නෑ අන්තර් ජාලේ තියෙනවනේ..
    ජය වේවා!!!

    • විදානේ…..බොහෝ විට මේ බ්ලොග් එකේ කමෙන්ට්ස් තුල තමයි බොහෝදේ සාකච්ඡා වෙන්නේ. පෝස්ට් එක තුල ලියාගන්න බැරි බොහෝදේ මම කමෙන්ට් එකක් හරහා සාකච්ඡා කරන්න උත්සාහ කරනවා. කවදා හෝ කාට හරි වැඩක්වේ යැයි යන අදහසින්.

      දැන් මොන පොත්ද බන්. සියල්ල අන්තර්ජාලයේ තියෙද්දි. උඹට ස්තූතියි.

  32. helapayaa says:

    77පෙරළිය සරලව වාක්‍ය කීපයකින් ලිය දක්වන්න බැහැ මචං,නොයෙක් අය එක එක කෝණයන්ගෙන් එක එක දේවල් විග්‍රහ කරනව, නමුත් මුළු ප්‍රතිපලය හෝ ඊට මුල්වෙච්ච හේතු හරිම සංකීර්ණයි.
    77 ඡන්දෙ මට හොඳටම මතක තියෙන ප්‍රථම ඡන්දෙ මොකද මම මුල්වරට ඡන්දය පාවිච්චි කලේ 1977 නිසා.අරූ මටනං ඔය සංසිද්ධිය ගැන කෙටියෙන් විග්‍රහ කරන්න බෑ.

    • උඹ හරි හැලපේ…..77 කියන්නේ අපේ දේශපාලන ඉතිහාස පොතේ නැවත නැවත හැදෑරිය යුතු පරිච්ඡේදයක්. මෙහෙම ලියන්න බැහැ. පෝස්ට් එක ලියනවාට වඩා මට මහන්සියි මේ සාරවත් අදහස් හා සංවාදය කිරීම. ඒ මහන්සියට මා ලැබූ ආත්ම තෘප්තිය ඔක්කොටම වඩා වටිනවා මචං.

  33. deshakaya says:

    මටත් මතක විදියට උන්නැහේ කිව්වේ එළවලු බක්කි කතාවක් තමා…

    • දේශා….මටත් මතක එහෙම තමයි. එදා අනුර බංඩාරනායක පාර්ලිමේන්තුවේ වාඩිවෙලා හිටියාද කියලා මට මතක නැහැ. අද, ඔහු එදා කියු වලව්වේ අවජාතක කුමාරයාත් නැහැ…එලවළු බක්කියේ මොකාද එකත් නැහැ. කාලය සහ දෛවය.

      දේශා…..ඔය චරිත දෙක ගැන හෙමින් විශ්ලේෂනය කර සිතා බලපන්….උඹට කෙටිකතාවකට වස්තුබීජ හොයාගත්ත හැකි.

  34. kathandarakaraya says:

    ඒ කාලේ දේශපාලන වේදිකාවල කියවී ඇති කවියක්.

    අම්මා තාත්තා සමගින් ලොකු අක්කී
    නංගී මල්ලිලා සහ ගෙයි බලු කික්කී
    අදිනා බව කෑම සොයමින් කුණු බක්කී
    දන්නේ නැතිලු තව හොරගොල්ලෝ ලොක්කී!

    • කකා….දේශපාලන වේදිකාවේ හෝ එදා මාධ්‍ය තුලින් මතුවු සාහිත්‍යමය රස රාශියක් තියෙනවා. මේවා එක් තැන් වෙච්ච තැනක් නැහැ. 1947-1970 වෙනකම් යුඇන්පිය විසින් විරුද්ධ පාක්ශිකයන්ට එරෙහිව කල එවැනි දෑ මල්ලි ලියු පොත තුල සියරට පත්තරය විශ්ලේෂනය කිරීම තුලින් එක් තැන් කර තියා තිබෙනවා. ඒක සතුටට කාරනාවක්. ඒක අගය කල යුතු දෙයක්. දැන් කවුරුන් හෝ යුඇන්පියට විරුද්ධව මතුකල සාහිත්‍යමය වේදිකා හෝ පුවත්පත් තීරු එකතුකරනා පොතක් ලිවිය යුතු බව මගේ අදහසයි. ඒ වෙනුවෙන් යොදාගත හැකි පක්ෂ දේශපාලනමය පුවත්පත “ඇත්ත” පත්තරය බව මගේ හැඟීමයි. ඒ එකතුව වඩාත් වැදගත් වෙයි…වෙන මුකුත් නෙමේ ඇත්ත පත්තරය හා එකතුවී සිටි අති දක්ෂ මිනිසුන්ම නිසා. මට එක වෙලාවකට හිතෙනවා මෙහෙම දෙයකට මුල පුරන්න. හේතුව 48 සිට අදවන තෙක් එජාපය යනු ලංකාවේ දේශපාලන ගමන් මාර්ගයේ ප්‍රධානතම පක්ෂයක් නිසා සහ ඔවුන්ට එරෙහිව ගොඩ නැගූ වේදිකාවේ සහ පාටි පේපර්ස් සාහිත්‍ය හඳුනා ගැනීම.

  35. මට මතකයි රාජා කුලතිලක කියලා මන්ත්‍රී කෙනෙක් ශ්‍රීලංකා එකේ 1970 -80 ගනන් වල. එයාගේ පුතා මාත් එක්ක ඔබරෝයි එකේ වැඩ කරා වේටර් කෙනෙක් හැටියට. හිතගන්න අද අයගේ පුතාලයි එදා පුතාලාගෙයි කාලය මැවු වෙනසක අරුමේ…

    තවත් කෙනෙක් තමයි අරිසෙන් අහුබුදුගේ පුතා. මාත් එක්ක වැඩකරා. ඒවා පස්සට ලියන්නම්. හොඳ කොල්ලෙක්.

  36. raigam says:

    මචං, මෙතන කතා නොකරපු දෙයක් මා ලියන්නම්. 1977 දී එජාපය පොපියුලර් වෝට් වලින් 50% ක් ගන්න කොට ශ්‍රීලනිපය 30% කට ආසන්න ප්‍රමාණයක් ගත්තා. මේ විශාල ආසන ප්‍රමාණයක වෙනස කියන්නේ 20% ක වෙනසක්. තවත් විදිහට කියනවා නම් 50% ක් විරුද්ධ පැත්තෙත් ඉන්නවා. අවුරුදු 7 ක සාපයකට පසුවත් 30% ක ජනකායක් මැතිනිට/ ශ්‍රීලංකා එකට චන්දය දෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මෙයයි. එක පැත්තක් නොවේ සමාජයේ “හොඳ” මොකක්ද කියන එක මත ගණනාවක් තියනවා.

    ඕස්ට්‍රේලියාවේ අන්තිම මහා මැතිවරණයේදී පක්ෂ දෙකක් ලෙස ලිබරල් හා ලේබර් ගත්ත චන්ද ප්‍රතිශතය (ලෝවර් හවුස්) එක සමාන වගේ කියන්න පුළුවනි. ලිබරල් හා එහි මිතුරන් නිසා තමයි, පක්ෂ දෙකේ මුළු ආසන ගාණ 90ට 55 ක් වෙන්නේ.

    ලෝකයේ කොහෙත් මෙහෙමයි. ආණ්ඩු පිහිටුවන බහුතර පිරිසක් කියන්නේ, සමාජේ බහුතරය නොවේ. නමුත් එවැනි බහුතරයක් ගන්න බැරි පිරිස් පිහිටවපු ආණ්ඩු පවත්වාගෙන යන්න, ගොඩක් “නරක” දේවල් කරන්න වුනා. අද ලංකාවේ තියෙන්නේ ඔවවෙල්මින් බහුතරය අනුමත කරන ආණ්ඩුවක් කියන එකත් අප අමතක කරන්න හොඳ නැහැ. වෙබ් අඩවි කාරයන් මේක අමතක කර සිහින ලෝක වල ගිල්ලිලා ඉන්නවා.

    බහුතරය අනුමත කරන ආණ්ඩුත් “නරක”දේවල් කරන එකේ බහුතරය අනුමත නොකරන ආණ්ඩු ගැන කවර කතාද? මා කියන්නේ සමාජ ප්‍රතිරෝධයට එරෙහිව, ඇති කරන්න අවශ්‍ය ප්‍රති-ප්‍රතිරෝධය ගැනයි.

    • ඔව්……..යුඇන්පි එක 51%යි අරන් තියෙන්නේ. එහෙම බැලුවාම බාගයක් ජේආර්ට විරුද්ධව ඡන්දේ පාවිච්චි කරලා තියෙනවා මොන යම් හේතුවක් උඩ හෝ. එහෙම තියෙද්දිත් තමයි ආන්ඩුව උතුරටත් දකුණටත් දෙවිදිහකට ප්‍රචන්ඩත්වය මුදාහැරියේ. උතුරේදි එය පෞද්ගලික උත්සව සංවිධානයක් සහ පොලිසිය අතර ගැටුමක් ලෙසද, දකුණේදි කෙලින්ම විරුද්ධ මතවාදීනටද වශයෙන්. ඒ තුලින් ආන්ඩුව බලාපොරොත්තුවුනේ අර 49% බලහත් කාරයෙන් නිහඬ කරන්න. එය සාර්ථක වුනා. ඒ “නරක” කරලා පටන් අරන් තමයි ඉතිරි නරක සහ හොඳ කරේ.

  37. Bindi says:

    මේ ලිපිය ඇස ගැටුනද නිවිසැනසිල්ලේ කියවීමට සිටි නිසා පමා විය .මම පොඩියි ඒ කාලේ . නමුත් ලොකු යුග පෙරලියක් වෙච්ච මැතිවරණය මතකයි එක ගෙදරකට එකතු වෙලා අපේ තාත්ත සහ තව අය ප්‍රතිපල ඇහුවා මතකයි. දිනුවට පස්සේ හරියට විනෝද වුනා. අපේ පැති වල නම් ප්‍රචන්ඩ ක්‍රියා වුන බවට මතකයක් නැහැ .නමුත් අපිට අල්ලපු ගමේ හැත්තෑව දශකයේ පොඩි මැරයෙක් වෙලා හිටි කෙනෙක් දීපව්‍යාප්ත මැරයෙක් සහ සමාදාන විනිසුරුවරයෙක් වෙන්න නම් ඔය මැතිවරණය හේතු වුනා .නිකමට ගුගල් කලාම මෙන්න බුවා ඉන්නවා උඩින්ම .මට මෙයාව හැබැහින් දකින්න ලැබුණ. ළඟ පන්සලක බුදු පිළිමයක් ඔලුව උඩ තියාගෙන පෙරහැරක යනවා . මල් මල් ෂර්ට් එකක් ඇඳලා බුසි කොණ්ඩයක් එක්ක .

    අපේ අම්මා නම් කිවේ රට එක පාරට ඕනවට වඩා විවෘත වුනා කියල. තාත්තා නම් තදබල ලෙස [ කටින් ] යු එන් පියට සහය දුන්න . එයාලගේ පවුලම . හැබැයි හුලන් විස්කෝතුවක් වත් ඉල්ලා ගෙන නැහැ දේශපාලකයින්ගේ. ප්‍රේමදාස මහතා පුදගලිකව වුනත් හම්බ වෙන්න හැකියාව තිබුණ තාත්තාගේ පවුලේ අයට . අපේ තාත්තා එහෙම දේශපාලනයෙන් මුකුත් ගත්තේ නැති එක ගැන අපි හරි ආඩම්බරයි. අපි හැමෝම විභාග කරලා තමයි රැකියා සොයා ගත්තේ.
    හැත්තෑව දශකය ගැන මගේ එහෙන් මෙහෙන් මතක විටින් විට ලීවා . අපි බොහොම කුඩා ළමයි නිසා සංවෘත ආර්ථිකයේ අමාරුකම් ලොකුවට තේරුණේ නැහැ . සිලි සිලි බෑග් නැති පත්තර ගොටු වල සිනි තේ කොළ විකිණු , ටීවී නැති රේඩියෝ ඇසු සමය ගැන මගේ පොඩි අය අසා ඉන්නේ ආසාවෙන් සහ පුදුමයෙන්.

    • Bindi says:

      අපිට සිංගප්පුරුව වගේ වෙන්න තිබ්බ . අපි වගේ කුඩා රටකට හරියන්නේ සේවා සැපයීම මිසක් ලොකු කර්මාන්ත නෙමේ . කෘෂිකර්මය වුනත් රටේ ගානට කන්න දෙන්න මිසක් සල්ලි හොයන්න නම් මදි..පිටරට හාල් පැටෙව්වා තමයි පරාක්‍රමභාහු රජතුමාගේ කලේ . අද ඒ සෙල්ලම් බැහැ මේ ජනගහණය එක්ක පරිසරයත් බේරාගෙන . පේනවනේ වකුගඩු රෝගය ඒ පළාත් වනසන හැටි.
      හැබැයි අපේ රටේ මිනිස්සු එකක් අමතක කරනවා මේ සිංගප්පුරුව වගේ වෙන්න ඕන කියන තැනදී. ඒ රට ඇතුලේ තියෙන නීති ටික අපේ රටේ දැම්ම නම් කොහොම වෙයිද . ප්‍රසිද්ධියේ මව් කිරි දෙන්න බැහැ . ෆිඩින් රූම් වල මිසක්. අපිට එහෙම වුනානම් ” මව් කිරට අත නොතබනු ” හෙට කොටුවෙයි ලිප්ටන් එක ගාවයි පෙළපාලි.
      චුවින්ගම් තහනම්. ඕන හැටියට පාර පනින්න බැහැ . ටැක්සියක් ගන්න ස්ටෑන්ඩ් එකටම යන්න ඕන . ඔය ටිකයි. හුඟක් ලියන්නම් නොබෝ දිනකින්.
      එතකොට ලොකු කර්මාන්ත හරි නොයන්නේ එකක් අමුද්‍රව්‍ය නැති එක . අනික හොරකම. වේටෙක්ස් එකේ රියදුරෙක් හිටියා අපේ ගේ ගාව . රෙදි විකුනලාම ලොකු ගෙයක් හැදුව. ඒ පොඩි හොරු. ලොකු හොරු.?
      මාත් අහල තියෙනවා තානායම් පත්වීම් ගැන .
      මමත් සමාජවාදයට ආදරය කල ළමයෙක් සහ තරුණියක් ලෙස හිටියා . ඒ යුගයට එය හොඳයි. නමුත් කාලයත් එක්ක පරිනාමය නොවී තාම සමුහ ගොවිජනපදවල හීනෙන් ඇවිදීම පිස්සුවක්.
      වියට්නාමේ බලන්න . දියුණු වෙන අපුරුව. මම මෙහෙ එද්දී හිතා හිටියේ හැමෝම එක වගේ කියල . අලි පෝසත්තුයි අන්ත දුප්පතුනුයි ඕනෑතරම්. පාසල් අධ්‍යාපනයේ පොඩි කෑල්ලයි නිකන්. බෙහෙත් තනිකරම මුදලට .

      • බින්දිගේ කමෙන්ට් එකේ දෙවෙනි කොටසට මම දකින විසඳුම තමයි….මේ සමාජය චින්තනයේ සහ ආකල්ප වශයෙන් උඩුයටිකුරු වෙන්න ඕන කියන එක. ඒක කරන්න නම් අවංක..බුද්ධිමත්, රටට ආදරය කරන නායකත්වයක් බිහිවෙන්න ඕන. එහෙම දෙයක් මට නම් පේන තෙක් මානයක නැහැ. මුළු සමාජයම මුදල් සහ තාවකාලික සැපයන් කියන සාධකයන්ට යට කරලා හමාරයි.

    • බින්දි….බොහෝම ස්තූතියි දීර්ඝ පැහැදිලි කිරීමට. බින්දි ගෝනවල පැත්තෙද? :
      ඔය කාලෙන් පස්සේ නොයෙකුත් පාතාල නායකයින් බිහිවුනා. ඒ හා අත්වැල් බැඳගත්ත කුඩු සංස්කෘතියක් බිහිවුනා. කොම්පඤ්ඤවීදියේ ඩේලු නොහොත් කුඩු රජාගෙ මළගමට එවකට ප්‍රභල ඇමතියෙක් වෙච්ච සිරිසේන කුරේ ගිය නිසා මාධ්‍ය ආන්දෝලනයක් ඇතිවුනා. වැඩක් වුනේ නැහැ.මම ඩේලු ගැන දන්නදේ ලියන්න ඕන. බින්දිට වෙලා තියෙනවානම් අනුර හොරේෂස් ලියපු පොතේ ටෙලිඩ්‍රාමා එක පෙරේදා පටන්ගත්තා පෙන්නන්න..ඒක බලන්න.

      ඉතාමත් හොඳ යුඇන්පී පාක්ෂිකයින් පවා ඒ යුගයෙන් පසු සමාජයේ නරක හංවඩුවට යටවුනා. ඒ පාලකයින්ගේ වැරදි නිසා. ප්‍රජාතන්ත්‍රීය සොඳුරු භාවිතයන් ලිප් මුල්ලට ගියා..දේශපාලනය පාදඩකරනය වුනා. අපි මේ දකින්නේ ඒ තුලින් විකාශයවූ දේවල්. අපේ සියළුම නායකයින් මේවාට වග කියන්න ඕන. ඔය දේවල් හැරුනාම බින්දි… ඒ යුගයේ අපේ සමාජීය ගති පැවතුම් නම් මිහිරි මතක තමයි.

    • Anonymous says:

      සිලි බෑග් හඳුන්වා දුන්නෙ moosajees සහ Mikechris යන ආයතන. celopak සහ tuffpak බ්‍රෑන්ඩ් වලින්. රේඩියෝ නිශ්පාදකයො කීප දෙනෙක් හිටියා CKD යුනිට්ස් ගෙනැත් එකලස් කළ අය. මතක හැටියට St. Anthony’s – Sanyo Siedles cineradio -Sony Uni-Walkers -National Panasonic Development corporation- Develo Sirul Khadeer -Suzuki Upali Electronics – Unic මේවයෙ විශේෂත්වය වුනේ ඔක්කොම transistor වීමයි.

      • ඇනෝ…..මේ මතකය අවදිකිරීමට ස්තූතියි! මට මතකයි ඉලෙක්ට් කියලා රේඩියෝ වර්ගයකුත්.

  38. sasha says:

    මග බලා බාල හිටියෙ 77 ගැන ලියනකල්..බොම ඉත්තුති.

    • මග බල බලා ඇතිය මගේ සුදා කියලා පරණ සිංදුවක් තියෙනවා. ඒක මතක් වුනා.

      සාෂා තෑන්ක්ස් ළමයෝ!!

  39. //නමුත් ඒවා නොදිසිටීමට තරම් මම මසුරු වුණෙමි. දුන්නා නම් ඒවා අදටත් සුරක්ෂිතව පවතී. මෑතකදී මට දැනගන්නට ලැබුණේ සියල්ලක්ම පුස් කා තෙත බරිතවී ඇති බවය. මීට වසර ගණනාවකට පෙර තිබූ තැන්වලම තිබෙන්නට දමා තිබූ නිසා මේ සිදුවී ඇතැයි සිතේ. //

    මගේ ජීවිතෙත් මේ දේ මේ විදියටම වෙලා මෙදා ගෙදර යද්දී අපේ මල්ලි මං අවුරුදු ගානක් පරිස්සම් කරපු පෙරේතකමින් එකතුකරපුවා පුස්කන්න ඇරලා වේයන්ට ඇරලා,,. අවුල් වෙනවා තව ටිකෙන් අන්තිම ලිපි 3 ම කියෝලා ඉවරවුනේ දැන්

    • ඔව්වා ඔහොම තමයි ඔමා…නැතිවෙන්න දෙයක් තියෙනවා නම් ඒක නැතිවෙනවාම තමයි. ඔමාගේ නිවාඩු ඉවරවෙලා ආපහු ඇවිත් වගේ.

  40. Anonymous says:

    මගේ තාත්තා 1940 ගණන් වල ඉඳලා ලියා පුවත් පත් වල පළවූ ලිපි අලවපු විශාල පොතක් තිබුණා. මරණින් පසු ඒ ටික scan කරලා එකතුවක් හදන්න හිටියත් කොහොම කොහොම හරි කල්ගියා. පස්සෙ බලනකොට අල්මාරියට වේයො නැගලා.
    හර්ෂ

    • ඔන්න ඕක තමයි හර්ෂ ලෙඩේ. අපිත් ඒවා උවමනාවෙන් පරිස්සම් කරේ නැහැනේ. මගේ ගාවත් ඉතාම වටිනා තොරතුරු රාශියක් තිබුනා. තාත්තා ලියපු කවි, තවත් තොරතුරු, මගේ නොයෙකුත් එකතුවන්, මට චාර්ල්ස් කුමාරයාගෙන් ලැබුනු යම් දේවල් ආදි වශයෙන්. හරි කණගාටුයි මතක් වෙනකොට.

  41. //නමුත් මේ කථාවේ එම කොටස බොහෝ දෙනා පිළිකෙව් කරන්නට යෙදුණි. ඉදින් පසු අගමැති ප්‍රේමදාස ඔහුගේ කතා ශෛලිය වෙනස් කෙරූ බව මගේ මතකයයි.//
    අදත් කතා ගොඩක් තියෙයි…දැන් ඒවා සාමාන්‍යකරණය වෙලා පිළිකුලක් නෑ…

  42. තිස්ස says:

    1977 මහා මැතිවරණයේ මුලින් ම ප්‍රකාශ කෙරුණේ සම්ම්න්තුරෙයි ආසනයේ ප්‍රතිඵල තමයි….. ඒ රෑ එකකුත් ගණනකට…. උදේ එළි වෙන කොට තිබුණු ආණ්ඩුව හේදිලාම යන තත්ත්වෙකට ඇවිල්ලයි තිබුණේ.

    ඔය මැතිවරණයට නාම යෝජනා බාර ගත්තේ 1977 ජූනි 6 වන දා. ඒ දවස ඇන්. ඇම්. පෙරේරාගේ උපන් දිනය නිසා වාමාංශික එක්සත් පෙරමුණෙන් (ලංකා සම සමාජ පක්ෂය සහ ලංකා කොමියුනිස්ට් පක්ෂය එකතු වී හදා ගත් සංධානයක්) පෝස්ටර් ගැහුවා මෙහෙම:

    “අද ඇන්. ඇම්. උපන් දිනේ – නව යුගයක් අපට ගෙනේ”

Leave a reply to aruge adaviya Cancel reply