අවුල් වන්නට පෙර (53)….අරූලා සහ අමරෙලා

මෙතැන් සිට මා නැවතත් මගේ කතාවට අවතීර්ණ විය යුතුය. පසුගිය සටහනක මා ලියා තැබු පරිදි හැන්දෑවට හමුවෙන්නම් යැයි මේ අමුත්තාට පවසා පිටත්වූ මම, නැවත පැමිණියේ බෝතලයක්ද, ගෝදම්බ රොටි සහ තවත් අඩුම කුඩුමද අතැතිවය. විජේරාමේ නිවසට අලුතින් ආ නේවාසිකයා සුදු සරමක් සහ සුදු බැනියමකින්ද සැරසී ,ඉතා ප්‍රසන්න ලෙස සිනහමුසුව කුඩා පුටුවකටවී සිගරට්ටුවක්ද උරමින් වාඩිවී සිටී. අපේ කාමරය හැර මුළු නිවසම ශුද්ධ පවිත්‍ර කර අවසන්ය. සියලුම ජනෙල් දොරවල් හැර දමා තිබු නිසා මුළු ගෙදරම නැවුම් වාතාශ්‍රයෙන් පිරී අමුතු ප්‍රබෝධයකින් පණ ගැසී ඇති හැඩකි. ජානකත්, මමත් එකිනෙකා දෙස බැලුවේ අපි කිසිදිනෙක අර පාළු ගෙයි අස්සටවී සිටියා මිස, පිළිවෙළකට ජීවත් නොවූ නිසා විය යුතුය. අප වයසේ මිතුරන් කොතරම් කල්ලි ගැසුණු නිවසක් වූවත් කිසිදා මැද සාලයවත් පිරිසිඳු කරගෙන ජීවත් වූයේ නැත.

මේ මිනිසා වැඩිහිටියෙක් බැවිනුත්, අප හමුවූයේ පළමුවරට බැවිනුත් පොඩි අඩියක් ගන්නවාද..හැබැයි ගල් තමයි තියෙන්නේ යැයි කියා ගෞරවපූර්වකව ආරාධනා කළේ ජානක අයියාය. ඉද්ද ගැසුවා සේ පුටුවෙන් නැගිටගත් මොහු, ගහමු..ගහමු..ඔය කොයි එකටත් මම ඔට්ටුයි කියා වැඩේට සෙට් වුණේය. කවුද කින්ද මන්දැයි තියා නමවත් නොදන්නා බැවින් මම ඔහුගෙන් නම ඇසුවෙමි. මම අමරබන්දු යැයි කියා පැවසූ ඔහු වීදුරුව කටට හලා ගනිමින් සිගරට් එකක්ද දල්වා, අපටද සිගරට් දිගුකල විට, ජානක කිව්වේ එකක් ඇති, අපි දෙන්නා බාගේ බාගේ ගහන්නම් කියාය. “ආ ඒක හොඳයි. මටත් මේ දවස්වල සල්ලි හිඟයි. නැත්නම් මමත් බෝතලයක් ගේනවා” යැයි කීවේය. මොහු අඩිපුඩි ගසන්නෙක් බව මට වැටහුණි. මේ මිනිසා ගැන මට කැමැත්තක් සහ උනන්දුවක් ඇතිවුණේ මේ විවෘතභාවය නිසා විය යුතු යැයි සිතමි. ඔබ අමරබන්දු කවුදැයි කියා ඇසූවිට ,මම අමරබන්දු රූපසිංහ යැයි ඔහු පැවසීය. මට උන් හැටි තැන් අමතක විය. අප කුඩා කාලයේ ගුවන් විදුලියේ ඇසුණු ඒ ගාම්භීර හඬ පෞරුෂය මා ඉදිරියේය. මා ප්‍රිය කල කටහඬකි. ඒ අමතක නොවන කටහඬකි. ඒ කාලයේ රූපවාහිනි නොතිබුණු නිසාත්, මොහු 1977න් පසු මාධ්‍ය හා සමග සම්බන්ධයක් නොතිබූ බැවිනුත්, අද මෙන් නොව එදා ජනතාව මේ ප්‍රසිද්ධ මාධ්‍යවේදින් හඳුනන්නේ නමින් සහ කටහඬින් පමණි. රූප මාධ්‍යය ශ්‍රීලංකාවට අළුත් අත්දැකීමක් විය.

අමරබන්දු මහත්මයා කියා අමතන්නද, වෙනයම් අයුරකින් අමතන්නද සිතාගත නොහැකිවිය. අමරෙ අයියා යැයි කියා කතා කරපල්ලා යැයි පැවසූ නිසා එයද පහසුය. සිගරට් කොටේ ගහන්නට ඔට්ටු නිසා එයත් පහසුය. අප නිතරම අමරෙ අයියාට පත්තුකරන්න දී පසුව බාගේ ඉල්ලාගන්නෙමු. මොහු ඇසුරට පහසු වැඩිමහල් මිනිසෙක් විය. සෑම වැඩිමහල් මිනිසෙක්ම මිතුරන්සේ ඇසුරු කිරීම අපහසුය. ඒ ඔවුන්ගේ මතයන් බලහත්කාරයෙන් අපගේ හිස මත පටවනවා පමණක් නොව, ඔවුන්ට රිසි පරිදි අපද ජීවත්විය යුතු නිසාය. ඒ කෙසේ වෙතත් එදා පටන් අද ඔහු ජීවතුන් අතර නොසිටියත් මට ඔහු අමරෙ අයියාම විය.

බෝතලයද අහවර කර සියල්ල නිමාවු පසු ගෙදරින් එවා තිබු කෑමත්, ගෝදම්බ රොටි කලවමත් ගිල දමා සුබ රාත්‍රියක්ද පතා නින්දට වැටුණෙමි. මට හරි ජොලි දවසක්ය. මගේ උවමනාව වූයේ මේ මිනිසා සමග ළඟින් ඇසුරු කිරීමටය. කුඩාකල සිටම මාධ්‍යකරුවන්, කලාකරුවන් පිළිබඳ මසිතේ දැඩි උනන්දුවක් විය. හෝටල් රැකියාවට පිවිසීමට පෙර මාධ්‍යකරුවෙක් වීමේ දැඩි ආශාවක් විය. එය ආශාවකට පමණක්ම සීමාවූයේ හෝටලයක රැකියාවකට ගිය පසු සියල්ලක්ම අමතකව ගොස් ඒ රැකියාවට ලොල්වූ නිසා යැයි මට දැන් සිතේ. ඒ රැකියාවටත් වඩා ඒ හා බැඳුණු උප සංස්කෘතියට ලොල්වීම යැයි කීම වඩා නිවැරදිය. එක යුගයක ගුවන් විදුලියේ පතාක යෝධයෙකු මා වැනි කුඩා මිනිසෙකු සමග එකට සිගරට් කොටය ගැසීම නම් අදහාගත නොහැකිවිය.

ඒ කෙසේ වෙතත් පසුදින පාන්දර සේවයට ගොස් හැන්දෑවේ ගෙදර පැමිණියත් හැන්දෑවට සප්පායම් වීමට යහමින් මුදලක් අතේ නොතිබුණි. අරක්කු නැතිනම් ලාබෙට වින්දනය ගංජා මිටියක් ගැසීමය. ජානකත්, මමත්, ලකීත් ඉඳහිට ගංජා ගැසීමටත් පුරුදුවී සිටියෝය. එදා අමරේ අයියා පෙනෙන්නට නොසිටී නිසා, අපි දෙදෙනා කුස්සියටවී ගංජා සුරුට්ටුවකුත් ඔතාගෙන කතාබහේ යෙදෙමින් සිටිනා විට, එකවරම ඉදිරිපස දොර හැරගෙන කුස්සිය දෙසට පැමිණියේ අමරේ අයියාය. එසැනින් අත තිබු සුරුට්ටුව කලබලයෙන් ජනේලයෙන් ඉවතට විසිකර දැමුවේ ජාණකය. “ඇයි බං විසිකරේ…මමත් මේ සුවඳ දැනිලා ආවේ. ගිහින් ඇහිඳගෙන වරෙන්” යැයි කියූ අමරේ අයියා, එහි ආදීනවද කියා දුන් මුත්, ඉඳහිට කලාතුරකින් අප සමග ගංජා වඩියකටද සෙට් වීමට පසුබට නොවීය.එවැනි දවසකට නම් මුළු නිවසම සිනහ සාගරයක් වේ. ඒ කතා ඇසීමට අවශ්‍ය නිසා අපි ඔහුට ඉඳහිට හෝ සුරුට්ටු කොටයක් ගස්සවන්නෙමු. ඔහු තරුණයා සහ තරුණ මනස හොඳින් අවබෝධ කරගත් මිනිසෙක් විය. මා මේ ලියන්නේ ගංජා ප්‍රවර්ධනය කිරීමටවත්, අමරෙ අයියාට අගෞවරයක් පිණිසවත් නොවේ. ඒ මා පසුකර ආ කාලය නිසා බැවින්ය.

එදින රාත්‍රියේ අමරෙ අයියාවද කැටුව මා අප නිවසට ගියේ රාත්‍රී ආහාරය රැගෙන ඒම පිණිසය. අම්මා සමගද දොඩමලුවූ මොහු අප ජීවත්වූ දුෂ්කර තත්වයද මැනවින් වටහාගත් නිසාදෝ, යමින් ගමන් පැවසූයේ , අලි මදිවට හරක් සේ තුන් දෙනෙකුට අම්මාගෙන් නොමිලයේ කෑම සපයා ගැනීම නොකළයුතු බවත්, නිතරම එය එසේ වෙනවානම් ඔහු ඒ සඳහා විරුද්ධ බවත්, අපි තුන්දෙනා එකතුවී රාත්‍රී අහාරය නවාතැනේදී සකසා ගත යුතු බවට යෝජනා කළේය. අපි තුන්දෙනා එකඟතාවයකට පැමිණ සාර්ථක ආරම්භයකට මුල පිරුවා මතකය. ජානක ඒ වනවිට තම දෙමව්පියන්ගෙන්ද යම් මුදලක් ලබාගෙන, දෙල්කඳ හංදියේ පොඩි සමූපකාරය ඉදිරිපිට ටේලර් සාප්පුවක් අරඹා තිබුණි. එහි සරූක් සහ ෆාරුක් නම් දෙල්කඳම විසූ අයියා මලෝ දෙදෙනෙක් ඇඳුම් මැහීමේ නිරත විය. ඒ කාලයේ කලිසම්, කමිස කඩෙන් ගන්නවාට වඩා ටේලර් සාප්පුවකින් තමන්ට අවශ්‍ය ලෙස මසා ගැනීම සිරිත විය. ජානක යම් ආදායමක් ලැබුවද වියදමට කැමැත්තක් දැක්වූයේ අඩුවෙනි. ඔහු ව්‍යාපාරයන් ගැන තදබල උනන්දුවක් දැක්විය. පසු කාලයක මෝටර් රථ අමතර කොටස් ව්‍යාපාරයකටද උරදී පසුව ඒ සියල්ලක්ගෙන්ම ඉවත්විය. නමුත් ඔහු අද ජපානයේ පදිංචි ධනවත් ව්‍යාපාරිකයෙක් බව සැබෑය. ඒ බොහොමයක් සිදුවූයේ පසු කාලයකදි බැවින් ඒ ගැන පසුව ලියමි.

අමරබන්දු රූපසිංහ කොතරම් සිනහ මුසුව ජීවත්වූවත් ඔහු අභ්‍යන්තරයේ ඉතා තදබල කණස්සලක් හා කලකිරීමක් විය. ඒ රැකියාවක් නොමැතිවීමත්, ලැබෙන්නට තිබු යම් වන්දියක් හෝ ගෙවීමක් ඒ වනවිටත් නොලැබී තිබීමත් රාජකාරි මට්ටමේ කලකිරීම්ය. පෞද්ගලිකව ඔහු තම බිරිඳ සහ දරුවන්ගෙන් වෙන්ව අයාලේ යන ජීවිතයක් ගතකිරීමත් ඒ කනස්සල්ලට හේතුවූවා විය යුතුය. එක් යුගයක රටේ අගමැතිනිය සමග ප්‍රවෘත්ති සම්පාදකයෙක් ලෙස රට රාජ්‍යන්හී කරක් ගසා තිබූ මොහු අද කිසිවෙක් නොමැතිව විජේරාම හංදියේ වැදගම්මකට නැති අප වැනි එවුන් සමගය. වියදමට මුදල් නොතිබීම අන් අයට මෙන්ම මොහුටත් මහා හිසරදයක් වන්නට ඇත. මම කිසිවිටෙකත් අඩුපාඩුවක් වන්නට නොදී මොහුව රැක බලා ගත්තෙමි. අමරේ අයියාගේ ජීවිතය ඒ කාලයේ එතරම් කටුක විය. එහි යම් යම් දුක්බර අවස්ථා මෙන්ම රසවත් අවස්ථාද ඉදිරියේ හැකි අයුරින් ලියන්නෙමි. මොහු තදබල ලෙස බීමට ඇබ්බැහිවී සිටියේ මේ යුගයේ යැයි මම සිතමි. කිසිවෙකුටත් ඇහුම්කන් නොදෙන අති දඩබ්බර ජීවිතයක් ගත කළේය. බංඩාරනායක පවුලේ ළඟම හිතවතෙක්වූ අමරේ අයියා කිසිවිටකවත් උදව් පතා ඔවුන් වෙත නොගිය බව මම සහසුදක්සේ දන්නෙමි. ඔවුන්ගේ වැඩකට උදව් වීමට ගියා මිස, අමරබන්දු උදව් ඉල්ලුවේ නැත. මම කිහිප විටක් මේ පිළිබඳව කතාකර ඇතත් ඔහු ඒ පිළිබඳ සිනහවකින් පිළිතුරු බැන්දා මිස මුවින් කිසිවක් පිට කළේ නැත. අද සමහරක් මාධ්‍යවේදීන්ගේ හැසිරීම ගැන බැලුවිට අදහාගන්නට බැරිය. අමරබන්දුලා මොන වැරදි තිබුණත් ප්‍රතිපත්ති ගරුක මිනිසුන් විය.

කාලය මෙසේ ගෙවී යද්දි, තවත් නවාතැන් කරුවෙක් අනිත් කාමරයට පැමිණියේය. ඔහු නමින් අරුණ ගුණරත්නවිය. ඔහු කොළඹ ඉන්ටකොන්ටිනෙන්ටල් හෝටලයේ වේටර්වරයෙක් ලෙස පත්වීමක් ලබා පැමිණියේ මාතර කඩවැද්දුව ප්‍රදේශයේ සිට වුවත් කොළඹ නගරයේ වෙනත් රැකියාවලත් නිරතව සිට ඇත්තෙකි. මොහුට මෝටර් සයිකලයක්ද විය. ඒ මදිවාට පෙම්වතියක්ද විය. මට ඔයින් කිසිවක් තිබුණේ නැත. මමද හිත හදා ගත්තෙමි. ඒ පෙම්වතියක් ගැන මිස මෝටර් සයිකලයක් ගැන නොවේ. අරුණ කාමරය බැලීමට පැමිණියේ ඇය සමගය. ඇය නැවතී සිටියේ කැලණිය විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයක බැව් මතකය. ඇය උපාධියක් සඳහා ඉගෙනගනිමින් සිටියාය. වයසින් මට වඩා ටිකක් වැඩිමහල්වූ මොවුන් පසු කාලයකදි විවාහ විය. මොහුද ඉතා ප්‍රියමනාප තරුණයෙක් විය. ජොලි පොරකි. ටික දිනකින්ම ඔහුද අප කංඩායමේ නිත්‍ය සාමාජිකයෙක් විය. අද අරුණ ගුණරත්න දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙකි. ඔහු දිගුකාලයක සිට දේශපාලනයේ යෙදෙන්නෙකි. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කිට්ටුම ඥාති සොහොයුරෙකි. හිටපු ධීවර ඇමතිවරයෙක්වූ ජෝර්ජ් රාජපක්ෂ මහතාගේ නැගණියගේ පුත්‍ර රත්නය බව මතකය. ඉඳහිට හෝ රූපවාහිනියෙන් හෝ මාධ්‍යවලින් අරුණ ගැන අසන්නට ලැබෙන්නේ සතුටුදායක ආරංචි නොවේ. නමුත් මාතර ජනතාව සමග ඔහුගේ ළබැඳි ඇසුරක් ඇතිබව මාතර නගරයේ මිනිසුන් පවසති.

වැඩිහිටියෙක්, සම වයසේ කෙනෙක්, තරුණයෙක් හෝ කුඩා දරුවෙක් වුවත් මා හා ඉතා ඉක්මනින් කුළුපග වේ. එදත් එහෙමය. අදත් එලෙසමය. අමරේ අයියාත්, අරුණත් තව බොහෝ කාලයක් මා හා සමග අත්වැල් බැඳගෙන යම් දුරක් ඉදිරියට පැමිණි මිතුරන්ය. තුන්වැනි කාමරයට පැමිණියේ ජානකගේ දෙමව්පියන්ගේ හැඳුනුම්කම මත බදුල්ල ප්‍රදේශයේ සිට කොළඹට පැමිණි මහාමර්ග දෙපාර්තමේන්තුවේ ඉන්ජිනේරුවරයෙක්ය. ඔහු නමින් අමරසේකර විය. මට වඩා වැඩිමහල්ය. කොයි වේලේ බැලුවත් සිනහා මුසු මුහුණින්ය. අප මුලින් හිතුවේ නැන්දලාගේ හිතවතෙක් නිසා, අපේ විනෝදකාමී ජීවිතයට බාධාවක් වේ යැයි කියාය. සත්තකින්ම එය එසේ නොවීය. ඔහුද තවත් අප වැන්නෙක්ම විය. පසු කාලයකදි ජානකගේ නැගණිය විවාහ කරගැනීම නිසා අපගේ ඥාතියෙක්ද වූ මොහු මාර්ග සංවර්ධන අධිකාරියේ ඉතා ඉහළ නිලයක් දැරීය.

අමරබන්දු අයියාගේ ආගමනය නිසා අපේ නවාතැනට විටින් විට ගෙන්වා ගත් සමහර උදවියගේ තාවකාලික රාත්‍රී නැවතුම් සඳහා සදාකාලික තිතක් වැටුණි. ඒ ඔහුගේ බලකිරීමක් නිසා නොව ජානකත්, මමත් වැඩිහිටි ගෞරවය නිසා ගත් තීන්දුවකි. එය තම තමන්ගේ පෙම්වතියන්ට පමණක් දහවල් වරුවේ ගොඩවී යාමට හැකිවනසේ සීමා කෙරුණි. ජානකගේ පෙම්වතියන් නම් මාසයකට දෙවතාවක් වත් මාරුවීම කිසිසේත් පුදුමයට කරුණක් නොවීය. ඔහු එතරම කඩවසම් මනමාල කුරුල්ලෙක් වූ නිසා පමණක් නොව ගැහැණු ළමයින් සමග ඉක්මනින් කුළුපග වීමට තිබූ දක්ෂතාවයත් නිසාය. අපි මොහුට ඊරිසියා කෙරුවෙමි. අමරේ අයියාට නම් ඒ විෂය ගැන තඹ දොයිතුවක උනන්දුවක් තිබුණේත් නැත. ඕවා ගැන හොට දමන්නට ආවේත් නැත.

දැන් මේ නවාතැනේ අරූලා දෙදෙනෙකි. මම පොඩි අරූ විය. අරුණ ගුණරත්න ලොකු අරූ විය. අමරෙ අයියලාද දෙදෙනෙකි. අමරබන්දු රූපසිංහ ලොකු අමරෙ අයියා විය. අමරසේකර පොඩි අමරේ අයියා විය.

මෙම වීඩියෝ පටයේ 38 වැනි විනාඩියේ සිට 39 වෙනි විනාඩිය දක්වා සවන් දීමෙන් මා මිත්‍ර අරුණ ගුණරත්න කෙරූ වීර ක්‍රියාවකට සවන් දිය හැක.

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

72 Responses to අවුල් වන්නට පෙර (53)….අරූලා සහ අමරෙලා

  1. Ravi says:

    මසං අරූ, ( මගෙ හොඳම යාලුවෙක් හිටිය ..ඌ කියන්නෙ මචං නෙවෙයි මසං ..)

    මේ සටහන් මෙච්චරම ආතල් වෙන්නෙ බං කරුණු දෙකක් ජාඩියට මූඩිය වගෙ එහෙම නැත්තං රායි මයියොක්කයි වගෙ එහෙමත් නැත්තං සුදුවයි, පුච්චපු හුරුල්ලයි වගෙ එහෙමත්ම නැත්තං බඩු මිටියයි, මස්කට් කෑල්ලයි වගෙ ගාණට සෙට් වෙන හින්ද..ඒ තමයි මසං උඹේ ලිවීමේ හැකියාව සහ උඹ එක ආත්ම භාවයක ලබපු සාමාන්‍යයෙන් ආත්ම හතක් ගතකලත් ලබාගන්ට අසීරු අත්දැකීම් සමුදාය……

    ඒ ලිවීමේ හැකියාව පුද්ගලයෙකුට පිහිටන්නෙ සහ ඒ පුද්ගලයටම අච්චර අපූර්ව අත්දැකීම් විඳින්නට අවස්ථාව ලැබෙන්නෙ බොහොම කලාතුරකින්. ඒ අතින් මසෝ උඹ වාසනාවන්තයි ඒ වගේම අපිත් වාසනාවන්තයි..අනෙ දෙයියම්ප ඇත්ත 😀

    • මසං ….මම මේකට දැන් පොඩි වීඩියෝ ක්ලිප් එකක් ඇඩ් කරා ඒකේ 38 මිනිත්තුවේ ඉඳන් තත්පර තිහ හතලිහකට සවන් දීපන්. මම උඹේ කමෙන්ට් එකට උත්තරයක් දාන්නම් පස්සේ.

      • Ravi says:

        ඇහුව… ඇහුව..අර අපතයත් ඉන්නව ඕකට සම්බන්දව නේද? මාස්ටර් බාස්ටර්ඩ් නොහොත් මිස්ටර් පස් කමිං අවුට්…..අම්මාපල්ල ඔය මූදු *******ට 95/96 කාලෙ අපි වැන්දෙ නැති එක විතරයිනෙ.වික පුකාගෙන මැරෙන්ට හිතෙන්නෙ මේ වෙලාවට තමයි.

        මට පුදුම මසං මෙච්චර මෙවුං මේ කරන දස බලු වැඩ ඇස් දෙකට පෙනි පෙනිත් මේ ගෝල බාලයිංගෙ ලොක්කට ආයම චන්දෙ දෙනවයි කියන මිනිස්සුත් ඉන්න එකනෙ. නිකං මේ උඹල අපි වගෙ හාංචි පයිස් පොරවල් නෙවෙයි. එම්.එස්.සී කාරයො.. ඊට්න් ගෝඩ්ස් රයිස් වෙන්න ඕන නොවැරදීම….

    • මසං රවී……..ශුක්‍රාන්..ජසීලන් !! ලිවීමේ හැකියාව කියන කොටස පැත්තකට කරත්, මා ලැබු අත්දැකීම් සහ ගොඩවැදුණු සමාජ ස්ථරයන් නම් කාටවත් ලැබෙයිද කියලා හිතන්න ටිකක් අමාරුයි. මුඩුක්කුවේ අසරණ මිනිස්සුන්ගේ ඉඳන්, පික්පොකට් කාරයින්, වීදියේ ලඳුන්, තිතට මත්වෙන්නන් හරහා,රාජ්‍ය නායකයින්, රජ කුමාරවරු දක්වා උස්,පහත් බිම් තරණය කරගෙන ආ ගමනක එක් තාවකාලික අම්බලමක දැන් පොඩ්ඩක් ගිමන් හරිනවා. මේ සියල්ල තාවකාලිකයි නේද කියලා හිතෙන්නේ මේ විඩා නිවන කාලෙදි. මගේ ජීවිතය එක් සමාජ යථාර්තයක හරස්කඩක් වගේ කියා මා ගැන දන්නා බොක්කේ පොරවල් කියනවා. ඇත්තටම ඒ කතාව වැරදිත් නැහැ.

      /////මට පුදුම මසං මෙච්චර මෙවුං මේ කරන දස බලු වැඩ ඇස් දෙකට පෙනි පෙනිත් මේ ගෝල බාලයිංගෙ ලොක්කට ආයම චන්දෙ දෙනවයි කියන මිනිස්සුත් ඉන්න එකනෙ. නිකං මේ උඹල අපි වගෙ හාංචි පයිස් පොරවල් නෙවෙයි. එම්.එස්.සී කාරයො.. ඊට්න් ගෝඩ්ස් රයිස් වෙන්න ඕන නොවැරදීම…./////

      අනේ මන්දා මසං..මේ ගැන ලියන්න කාලය වෙන්කරනවාට වඩා, පාර එහා මෙහා මාරුවෙන්න බැරිව බලන් ඉන්න වයසක මිනිහෙකුට අත්වැලක් වෙලා පාර පන්නන එක මීට වඩා ප්‍රායෝගිකයි කියලා මට හිතෙනවා. එහෙමත් නැත්නම් හව්හරනයක් නැති,ජීවිතයේ අවසන් කාලය කාත් කවුරුත් නැතිව අහස දිහා බලන් ඉන්න කෙනෙකුට, වචන හුවමාරුවකට ලඟින් ඉඳන් දෙබසකට හවුල්වීම ඊට වඩා ප්‍රයෝජනවත් කියලා හිතෙනවා. උඹට කියන්න මසං…මම පහුගිය ටිකේ මම ශ්‍රීලාංකික දේශපාලනයේ යටි පෙළ අරුත කියලා පොඩි සටහන් පෙළක් ලියන්නට පටන් ගත්තා මම දන්න සිංහලෙන්. පස්සේ ලියපු ටිකත් අල්ලලා විසිකරල දැම්ම කුණු බක්කියට. දැන් ඒක කුණු ගොඩක මිරිකී චප්පවී ඇති. ඔන්න ඕක තමයි අපේ රටේ දේශපාලනයේ යටි පෙළ අරුත. කවර කතාද මසං.

      මසෝ….සනත් ගොයියා ගැන මොනවා කියන්නද බං. මේ පහුගිය ඉන්ඩියන් ටුවර් එක ඔය පරිපාලක පකීර්ලා ගැන හොඳ පනිවිඩයක් දුන්නා. මුන් ගැන මම හිතන්නේ බෝතලේ අන්තිම ශොට් එක බිම හලාගත්තා වගේ සිතුවිල්ලකින්. ඒක ගැහුවත් වැඩක් නැහැ. හැලුනා කියලා දුක්වෙලා වැඩකුත් නැහැ. ඕනම නම් තව කාලක් හොයාගෙන යන එක තමයි කරන්න වෙන්නේ.

      • Chandana says:

        මේ මසං ල දෙන්න ගෙ කතාවත් සෝයි නෙ.. 😀 😀 😀

      • සන්දන……බොරුවට කියනවා නෙමේ අරූ මසංට වඩා රවී මසං භාශා දෙකෙන්ම වැඩ කටයුතු කල හැකි සහ ලෝකය දෙස පුළුල් ඇසින් බලන මසං කෙනෙක්. අපි වයසින් වැඩි මසංලා වුනත්, සන්දන ඒ මසං ලෝකය පියවි ඇසින් දකින මසං කෙනෙක් ලෙස මම මෙහෙම ලියා තබන්නම්.
        චන්දන මසං කියන පලතුර කාලා ඇති මගේ හිතේ.

      • Chandana says:

        හහා මසං ලා ගේ ලෝකයේ පැත්තකින් ඇණ බාගෙන මසං කතා අහගෙන ඉන්නට ලැබීම මං මසං ට ද සන්තෝෂයක් බව ලිය තබන්නට කැමතියි.

        කිව්වම මොකෝ, කමෙන්ටුව දැක්ක ගමන් මතක් වුණේ ඒ පළතුර තමා. 🙂

  2. මචන් අරූ මේකනම් බොහොමත්ම රසවත්. උඹේ කතාවල හොඳම හරිය එන්නේ දැන් දැන් වාගෙයි. ඒ මදිවාට ලියනා ඉස්ටයිල් එකේද යම් වැඩි දියුණුවක් පැහැදිලිවම පෙනෙන්නට තිබේ. උඹේ කතාවල සිටි මා කතා බහ කොට තිබෙන දෙවන පුද්ගලයා මම හිතන්නේ අමරසේකර වෙන්න ඕනි. පළවෙනි පුද්ගලයා ඔබරෝයි එකේ හිටපු පොන්සේකා.

    • තිලකේ….උඹටත් ශුක්‍රාන් ජසීලන්!! දිරි දෙන අදහසක්!!!

      මචං ෆොන්සේකා ඉන්නේ උඹලාගේ පලාතේ බව රවී දාපු කමෙන්ට් එකකින් දැණගත්තා. කුමුදු හොඳ මිනිහෙක් ඒ කාලේ. තාමත් එහෙම ඇති කියා හිතනවා. පොර දක්ෂ පුද්ගලයෙක්. අපි ඔහුව ඒ කාලේ හරියට අගය කලා.

      අමරසේකරව උඹ දන්නවාද….තවත් හොඳ මනුස්සයෙක් මා දන්නා කාලයේදි. මට මෑතකදි නම් කතා කරන්න වුනේ නැහැ. අර පල්ලෙහා කමියා දාලා තියෙන වීඩියෝ ක්ලිප් එකේ ඉන්නේ එයා තමයි.

  3. ඩිලාන් says:

    පෝස්ට් එකෙන් පෝස්ට් එකට වෙනස් වෙන නිසා,,හරිම රසවත් අරූ අයියගේ බ්ලොග් පෝස්ට් කියවන එක,,,ඒත් ගොඩක් අයට තමන්ගේ පුද්ගලික කතා ලියන්න ගත්තම ටික කාලෙකින් නවතිනවා ඒ කතා ඉවර උනාම,,,අරූ අයියට නම් කතා ඉවරයක් වෙන පාටක් නෑ…
    මට මතකයි ඔය අරුණ කියන කෙනාව රුහුනු කැම්පස් එකේ දැයට කිරුල තියන්න හදනකොට ඒ ප්‍රහාරයට සනත් ජයසූරිය එක්ක සහභාගි උනා..

    • ග්‍රාසි ඩිලාන්…එහෙම නේද ඔය භාශාවෙන් තෑන්ක්ස් කියලා කියන්නේ. ඔය මම හෝටල්වල ඉන්න කාලේ අල්ල ගත්ත කෑලි.

      ////ඒත් ගොඩක් අයට තමන්ගේ පුද්ගලික කතා ලියන්න ගත්තම ටික කාලෙකින් නවතිනවා ඒ කතා ඉවර උනාම,,,අරූ අයියට නම් කතා ඉවරයක් වෙන පාටක් නෑ…///////

      මේක හරි වාතයක් ඩිලාන්. මම මේ දේවල් ලියන්න පටන්ගත්තේ වසරෙන් වසර එක එක කොටස ලියනවා කියලා. එහෙම ලියන්න බැරි නිසා මම පාසල් කාලය නවාතැනින් නවාතැනට ලිව්වා. ඒ නිසාම මගේ අතින් සමහරක් ලියා තැබිය යුතුම රසවත් සහ කටුක අත්දැකීම් ගිලිහිලා ගියා. මේක දිගින් දිගට ලියාගෙන එනකොට, දවසින් දවස පවා ලියන්න දේවල් මතකයට එනවා. ඒ සිදුවීම් තුල යම් යම් සමාජ අත්දැකීම් සහ පණිවිඩ තියෙනවා. මම ඒවා ලියන්න අදිමදි කරන්නේ මේවා කියවන අය බොරු හෝ කතා ප්‍රයෝග යැයි සිතාවි යැයි කියා මට හිතෙන නිසා. නමුත් මේ සියල්ලක්ම සහතිකවම බොක්කේ කතාය. 83 බලු ජූලිය, මගේ සීරියස් ප්‍රථම ප්‍රේමය, අපේ පවුලේ කතාව. මගේ පාදඩ ජීවන රටාව මේ කාලය තුලම සිද්ධ වෙනවා. බලමු කොහොමද ෂෝට් ඇන්ඩ් ස්වීට් දෙන්න පුළුවන් කියලා. මේක ලියන එකත් ලොකු සටනක්.

      ///මට මතකයි ඔය අරුණ කියන කෙනාව රුහුනු කැම්පස් එකේ දැයට කිරුල තියන්න හදනකොට ඒ ප්‍රහාරයට සනත් ජයසූරිය එක්ක සහභාගි උනා../////

      ඒ කලකට පෙර මා හා විසූ අරුණම තමයි. බලය නම්වූ සාධකය මත බොහෝමයක් මිනිසුන් වෙනස් වෙනවා. බලය, මුදල්, රාගය, වගේ අකුරු තුනේ වචන රාශියක මිනිසුන් නොමිනිසුන් වෙනවා. මේවා හෙමිහිට හෙමිහිට කතා කරමු. මම ආසයි උඹලා මාව අවුස්සනවා නම් 😀 එතකොට තමයි මම දොඩවන්න පටන් ගන්නේ 😀

  4. සින්දු ඇනෝ says:

    අරු අය්යේ මේ පොස්ට් එක කොයි වේලාවේද දාන්නේ කියලා බලා හිටියේ .මම එදා කිව දේම තමයි කියන්න තියෙන්නේ .උඹලා ගොඩක් වාසනාවන්තයි අය්යේ.අපිටත් පොඩ්ඩක් හරි වාසනාවක් තිබිලා තියනවා මෙහෙම උඹලාගේ අත්දැකීම් අහන්න හරි ලබිම…….

    පෙර ජාති ජාති මා ආ මේ සංසාරේ
    පණ සේ මා පෑහී පෑහී ආ මිතුරේ
    කවුදෝ දන්නේ ඔබ හා යළි මා
    හමුවේදෝ මේ ගමනේ …
    .
    ගසේ දලු දමන්නා විලාසේ අතූ
    සහෝදර පෙමින් මේ බැඳීලා ඉමූ
    කඩා බිඳ දමන්නෝ කියා දී තතූ
    බලාගමු නිදැල්ලේ දිනේදී මතූ
    මිතුරෝ ඔබ මා සසරේ හැමදා
    හමුවේවා මේ විලසේ …
    .
    සඳේ ලප ලෙසින් වී සදා කාලෙදී
    ඔබේ රුව සිතින් මා නොයාවී මැකී
    කුසේ එක උපන් සේ වෙළීලා බැඳී
    රැඳී ඉමු පොරොන්දූ වුණා සේ අපී
    හිරු හා සඳ සේ තරු හා රැය සේ
    හමුවේවා මේ භවයේ …
    .
    .
    ගායනය – එච්. ආර්. ජෝතිපාල සමග අමිත් වල්පොල
    ගී පද – අජන්තා රණසිංහ
    සංගීතය – සරත් ද අල්විස්

    • සින්දු ඇනෝ…….මම තාමත් උඹව මේ ලෙසම අමතන්නම්. හේතුව නම්…සින්දුවා සහ වයලීනුවා යන පිස්සු බොක්කේ කොල්ලො දෙන්නෙක් මියැසියේ රස කතා නමින් බ්ලොග් එකක් ලියනවා බොහෝ කාලයක ඉඳන්. උන් අධ්‍යාපන කටයුතු නිසා කලින් කලට තමයි ඕක අප්ඩේට් කරන්නේ. උන් ගැනත් බ්ලොග් ලියන බොහෝ දෙනා දන්නවා. ඒ නිසා මම සින්දු ඇනෝ නමින් දිගටම උඹ අමතනවා. ඒ ගැන අහිතක් නැතැයි මම හිතනවා.

      උඹ සිංදු උල්පතක් බව මම ආපහු කියන්න යන්නේ නැහැ. අපි උඹට ලොකු බරක් දානවා සහ උඹව පාවිච්චි කරනවාද යන වරදකාරී හැඟීමක් මට පෞද්ගලිකව ඇතිවෙනවා. එය සංවාදාත්මක විය හැකියි. උඹ තුල ඇති නිර්මානාත්මක ශක්තිය එක අයුරිකින් එක විෂයකට සීමා කරනවා දැයි මට හිතෙනවා. ඒ මම හිතන හැටි. සියල්ල ඔබට බාරයි 😀

      මේ ගීතය වගේ ගීත කිහිපයක් වල්පොල දරුවන් හා එක්ව ලතා- ජෝති යුගලය ඒ වකවානුවේ රටට එලි දැක්වූවා. ඒවා එතරම් දුරට සාර්ථක වුනේ නැහැ. ඒ තුල වෙනත් කාරනා කිහිපයක් තිබුනා. ඒවා අදට අදාල නැහැ. නමුත් උඹ මෙවන් ගීතයන් මතක් කිරීමත්, ඒතුල උඹේ හැකියාව මා අගයකිරීමත් වටහා ගන්නා මෙන් බොක්කෙන් ඉල්ලා සිටිමි.

  5. deshakaya says:

    අරූ මම හැමදාම කියන දේ අදත් කියල වැඩක් තියේද්?? අවුල් වෙන්න පෙර ඔක්කෝම ටික ලියන එකයි උඹේ වගකීම… මේ වගේ සමාජීය පශ්චාත් උපාධි කාරයෙක් මට හමුවෙලා නෑ.. ජය වේවා

    මොක උනත් උඹ ලියන එක නැවැත්තුවොත් උඹව මරල කෑලි කෑලි වලට කපල කොතන හරි දානවා. ඒ ඕන තැනක උඹ දන්න එකෙක් ඉදිවී නේ..

    • Chandana says:

      මේ දේශකයා නෙවෙයි ද කොහෙ ද !! හැක් නෑ. ලින්ක් එකත් වෙන මොකද්දෝ මගුලක් දාල තියන්නෙ. හැක්… 😀

      • චන්දන….ඕකා හැක් හැක් හැකරල්ලම තමයි. රවී කියන විදිහට නම් ලැච්චරයා!!

    • /////මේ වගේ සමාජීය පශ්චාත් උපාධි කාරයෙක් මට හමුවෙලා නෑ../////
      මචං දේශා……මම එහෙමද කියලා කියන්න ඒ තරමට මම දන්නේ නැහැ. නමුත් එවැනි පුද්ගලයන් අතරේ උඹ ගාව එවැනි ගෑවී ගිය හෝ කොටස් ඇති බව මට පෞද්ගලිකව හැඟෙනවා. අපි උඹලා වැනි අය මේ භෞතික සමාජයේ ඕන තරම් ඇති. කම්පියුටර් ස්ක්‍රීන් එක තුලත් දකින නොයෙකුත් මොඩ්ල් අස්සේ, එහෙම යැයි හිතනා සයිබර් චරිත කිහිපයකුත් ඉන්නවා. මම සුදානම් වෙන්නේ මගේ ජීවිතය නිරාවරනය කිරීමකටයි. මා කවුදැයි මා යම්තාක් දුරකට හෝ හඳුණාගෙන ඇති නිසා, මට එයින් දොයිතුවක හෝ පාඩුවක් නොවේ යැයි මම සිතමි. ලාබ අලාබ තමාටම නෙ මචං. උඹ මට වඩා වයසින් අඩු බවත්, උඹ දීර්ඝ ගමනක මග පෙන්වන්නෙක් විය යුතු බවත් මම වටහාගෙන ඉන්නෙමි. දේශා…කියවපන්…අරූලා, මූලා ගොඩක් මේ තුල ඉන්න බව උඹට සිතේවී.

      • deshakaya says:

        උම වගේ අරූ කෙනෙක් වෙන්ට තියා ඊට කිටුටු වෙන්ටවත් මට බැහැ. එය විය නොහැකියි. මොකද උඹ රටක් වටින ලියන්නෙක් වෙන දිනය වැඩි ඈතක නැහැ… ඒක නිසා මැරුම් නොකා අවුල් වෙන්නට පෙර සියල්ල ලියහං..

        උඹගේ මේ කතාව මං ලොකු අරූට දෙනවා.. බලන්න..

      • දේශා….උඹ පොරව දන්නවානම් මේක බලන්න කියපන්. මට අන්තිමට හම්බවුනේ දෙවිනුවර ප්‍රාදේශීය සභා චෙයාමන් වෙලා ඉන්න කාලේ.

  6. හිහි
    මං හිතුව වීර කිරියාවක් කියපුවාම සුපර් මෑන් කොරාවගේ එකක් කියල බැලින්නං ඊට හපං නෙව…
    ලොක්කගෙ අතකොලු නෙව ඒ හන්දං වෙන්නැති බයක් හැකක් නැතිව හැම තැනටම තලන්නෙ…
    පහුගිය දවසක රුහුණු විස්ස විජ්ජාලෙ වෙච්ච සීන් කෝන් එක ගැන නේද ඔය දොඩන්නෙ

    • මහේෂ්….මේවා නෙමේද වීර ක්‍රියා ? අසාධාරනය ඕකේ යැයි කියන සමාජයක, බලු බෙටි සුවඳයි කියන සමාජයක, දූශනය අපේ අයිතිය යැයි නොකියා කියන පාලකයින් ඉන්නා සමාජයක අරුණලා වීරයින් නොවේද?

      කවදා හෝ දිනක අරුණලා බලය නමැති උරචක්කරමාලය බිම තියපු දවසක, මාත් මගේ පැරණි මිත්‍රයා අරුණ හමුවී වාඩිවෙලා පොඩි අඩියක් ගහගෙන ජීවිතය කතාකරන්න ආසයි. බලය නම්වූ මාරයා සහ ඒ වටා ඇති මුදල්වූ නම් යක්ෂයාගෙන් මත්වූ මිතුරන් ආශ්‍රයෙන් මිදී ඉන්නට මම වග බලා ගන්නවා මහේෂ්. අරුණලා අන්න එහෙම වෙච්ච දවසක මම අපි උන්ගේ එදා ජීවිතය කතාකරන්න කොහේ හෝ තැනක වාඩිවෙනවා. එදාට නම් ඔය කොයි කවුරුත් උස්සන් යන සයිස් එකෙන් බොයි. මම එහෙම දේවල් හරි හරියට ඇස් දෙකෙන් දැකලා තියෙනවා. මිනිස්සු හරි අමුතුයි මහේෂ්!! සයිබර් එක ඇතුලේ පිම්බෙන සම හරක් (අපේ මාතලන්ගේ යෙදුමක් ) වීරයෝ ගැන දුකයි. එක ඇහකට පේන්නේ එක් දිසාවක් පමණයි. ඇස් දෙකම පෙනුනත් සමහරුන්ට පෙනෙන්නේ ලඟ ඇති ගොන් පොපියුලරිටි එක විතරයි. චූ ගියාම නැපිය මාරු කරන්න වෙන්නෙත් අපි උඹලාට තමයි.

  7. බොහොම ස්තුතියි ඔබේ ජීවිත විශ්වවිද්‍යාලයේ ලැබූ දැනුම සහ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගන්නවාට.. මේ තරම් තමන් ගැන අවංකව සහ විවෘතව ලියන එක හරිම අපූරුයි.

    • මානවිකාවියේ..ඔබට කියන වග නම්….මතකයිද සනත්ගේ මේ සින්දුව 😀

      එක් මානවිකාවියක් කියන නම ලියන්න දිග නිසා මම ඒක මෙහෙම කෙටිකරගන්නම්. එ.මා. හෙවත් එමා :

      එමා…කෙනෙකුට තමා විවෘතවීම හෝ අවංක වීම තුල හැර වෙන සතුටක් සනීපයක් තියෙනවාද….ඒ තුල ඇත්තේ ඕනෑම තැනක ඕනෑම අවස්තාවක නිදහසේ පියඹායෑමේ අත්තටු යැයි කියා මම හිතනවා. සමනලයාගේ එක් අවධියක කෝෂයක ලැගුම් ගැනීම වරදක් නොවේ. නමුත් මා දැන් ගතකරන්නේ සමනළ අවධියයි. ඒ තුල ඇත්තේම මා දකිනා සොඳුරු නිදහසයි.

      ඇත්තටම එමා….මා මේ ලිපි තුල සටහන් කරන්නේත් මගේ සැබෑ කතාවමයි. මගේ ආදරනීය බිරිඳත්, අපේ එකම දියණියත් කියා සිටියේත් …තාත්තා කවුද යන්න දුවගේ දරුවන් සිටිනා කාලයකට ඔවුන්ට කියවා තැබීමටත් ලියා තබන ලෙසයි. මට මා ගැනත්, අප පවුලේ සියල්ල ගැනත් , මා ආ මේ පට්ට ආතල් ජීවිත ගමන ගැනත් ඇත්තේ මහා ආඩම්බරයකි.

      එමා…දිගටම කියවන්න. ඉවත දැමිය යුතු දේ බොහෝ ඇත. වඩාත් වැදගත්වන්නේ ඉවත හෙලනා හොන්ඩරයට වඩා අහුලා ගත යුතු අවුන්සය පමණක් යැයි මට කියා දුන්නේ මාගේ ආදරනීය බිරිඳගේ අම්මාය.

  8. Kalyana Mithra says:

    පට්ට සැට් එකක් නෙ අරූ අයියේ.. මට උඹ ගැන ඉරිසියයි ඇත්තටම.. මේ කියන්නෙRDA එකේ Eng. RM අමරසේකර ගැනද.. යූ ටියුබ් එකෙ වීඩියෝවක් තියෙනව එයාගෙනම්. දැකල තියෙනවද?

    අරුණ ගුණරත්නල ගැන නම් දැන් කතා කරන්නත් බෑනෙ නේද? වෙලා මදි තව රස තැන් කීපයක්ම තියෙනව තලු මරන්න.. ආපහු එනවා..

    • කමියෝ…….ඉස්සෙල්ලාම කියන්නම් මේ වීඩියො ක්ලිප් එක දාපු එක ගැන. උඹට රොම්බ තෑන්ක්ස් මචෝ. මේ ඉන්නේ මා කියනා අමරසේකර අයියාම තමයි. බොහෝ කාලයකින් මම කතා කලෙත් නැහැ. උඹට හමුවෙනවා නම් හෝ දන්නවානම් මේ කතාව කියවන්න කියපන්. ඔහු සතුටු වෙයි. මේකේ බොරු නැහැ.

      ඔය අමරේ අයියා එදා හිනා වුනෙත් එහෙමයි, කතා කලෙත් එහෙමයි. ඉතාමත් නිහතමානී, ඉතාමත් සරළ, සුන්දර මිනිහෙක්. අතිශය බොක්කේ පොරක් ඒ කාලේ. අපි කොච්චර දඩ දාගෙන ඇද්ද…ලාවට බැනලා කීයක් හරි අතේ තියනවා. මම ඉස්සරහට ලියන්නම්. රාජකාරී මට්ටමෙන් මම දන්නේ නැහැ. පෞද්ගලිකව අති සුන්දර, අති සරල, බොක්කේ පොරක්. මම තමයි වෙඩින් එකට කෑම හදන්නත් උදවු වුනේ. පස්සේ වරෙන් අපි අරුණලා, අමරෙලා ගැන කතා කරමු.

  9. හැමදාම වගේ කතාව නම් නියමයි.. ලිපිය කියවන් යද්දි අමරබන්දු රූපසිංහගේ වැඩසටහනක් අහන්න තිබුණා නම් හොඳයි කියල හිතුණ.

    • රවිඳු…..ඇඟට ගන්නේ නැතුව හිතට අරන් කියවන්න 😀 මගේ විහිලුවට තරහ ගන්න එපා.

      අමරබන්දු ගැන අහන්න ඕන නම් මම පහුගිය සටහන්වල යම්කිසි ලින්ක්ස් ටිකක් සහ තොරතුරු ස්වල්පයක් දැම්මා. ඒවා තුලට පිවිසෙන්න. ඊට වඩා යමක් දැක්කොත් මටත් කියන්න.

  10. Sanjeewa Mendis says:

    එල ද බ්‍රා අයියන්ඩි..
    මට ඡොයින්ට් එක අවුල් ගැහැව්ව ගමන් මූන හොදනවා ඉවරයක් නැතුව

    • බ්‍රා නම් බ්‍රා….බ්‍රා නැත්නම් වඩා හොඳා…. 😀

      මෙන්ඩියෝ…..උඹේ එල ද බ්‍රාට වැඩිය උඹේ ධෛර්‍යවන්ත ජීවන නැගිටීම මම ඉතාමත් ඉහලින් අගය කරනවා. ඒ සියල්ල අතරේ උඹ තුල සිටිනා සරල සුන්දර නිහතමානී තරුණයා මාව ඈත අතීතයට ගෙනියනවා. ඒ තුල උඹත්, ආදරනීය බිරිඳත්, පොඩි මෙන්ඩියාත්, මාව තව දුරටත් අපේ සොඳුරු මතක සටහන් නැවත නැවතත් මතක් කරනවා. කිසිම විටකත් අතීතය අමතක කරන්න එපා. එහෙම වුනොත් උඹ පුස්සෙක් වෙනවා.

      මූණ හෝදලා වැඩේ ඉවර වෙන්නේ නැත්නම් රස්නෙන් කෝපි එකක් වගේ දෙයක් බීලා බලපන්. මූණ හෝදන තැනට හැමදාම ලෑස්ති වෙන්න එපා. ඒක එච්චර හොඳ වැඩක් නෙමේ. ඉඳලා හිටලා ඕන දෙයක්. බ්‍රෑන්ඩ් එක වයින් හෝ වොඩ්කා මේ දවස්වල . ඒ කාලේ පිච්චිය නැතිවුනාම කසිප්පුත් ගහලා තියෙනවා. සෙස්ස පස්සට.

  11. ජීවන says:

    අරූ අයියට අවුල් උනාම අපිට පාන් ද කිව්වලු
    හැබැයි ඒ කතා ඔක්කොම ටික ලියල ඉවර උනොත් විතරයි.

    අර කලින් දවසකත් මම කිව්වා වගේ තමාගේ ජීවන කතාව අවංකව ලියන නිසා තමා මෙතරම් රසවත්. ඕකෙන් කෑලි හැන්ගුවානම් එතන හිඩැසක මතු වෙනවා. එතකොට කතාවේ විශ්වාසනීයත්වය නැතිව ගිහින් තවත් එක කතාවක් බවට පත් වෙනවා. උදාහරණයක් කිව්වොත් ගොඩක් කතා වල බීම ගැන විතරයි ලියවෙන්නේ. ගංජා ගැහිල්ල ගැන ලියන්නේ නෑ. නමුත් ගංජා නොගහන බෝඩිමක් සක්වල පුරාම කරක් ගැහුවත් හොයන්න ලැබෙන්නේ නෑ. නමුත් මෙතන ඔක්කොම ටික අඩුපාඩු නැතිව ලියල තියෙනවා. ඒක ලිව්වේ නැතිනම් කියවන එකා දන්නවා බාගෙට ලියල කියල.

    • ජීවන…..උඹ හිතපන් මට ජීවිතේ හංගන්න කිසිදෙයක් නැහැ. සත්තයි. මම මේ දේවල් ලියන්නේ කාගෙවත් උවමනාවකට නොවේ. මා තුල සිටිනා සැබෑ මිනිසා ලෝකයට එක්ස්පෝස් කර ගැනීමේ , මට ඇති උවමනාව නිසාමයි.

      උඹ සංගීතයට වඩා ඉඩක් ඉතිරි කර තබනා එකෙක් නිසා, මගේ ජීවිත කතාවේ ඉදිරි නොයෙකුත් තැන්වල උඹට මා මුණ ගැසේවී. ජීවන…මම එක කාලයක රොක් පිස්සෙක්. තව කාලයක රෙගේ පිස්සෙක්. මම ඒ කාලයේ 80 යුගයේ අපේ රටේ හිටපු අපේ රොක්, රෙගේ පොරවල්ගේ හැම තැනම ආතල් ගත්තා. ඒවා පස්සේ ලියමු.
      ජීවන්…..ඕවා පොඩ්ඩක් මතක් කරපන්…රැට්ල් ස්නේක් ගහපු ආනන්ද ? මම මතක් කරගන්න උත්සාහ කරනවා. ජෝන් ඩි සිල්වා එකේ, විහාර මහා දේවි එකේ ඉස්සර ඕවා තිබුනා. මම මතක් කර කර ලියන්නම්. මම ඒ හැම තැනකම හිටියා. හිපි නොවන හිපි ගතියක් ඇඟේ තිබුනා.

      ජීවන…කූල් එකේ කියවපන්. උඹට හමුවෙයි එදා ලෝකය.

  12. ගෝදම්බ රොටී!! මං අද ලන්ච් එකට ඉස්සර හෝටලේට යනවා, ඕ යේස්!!

    • ඔව් මනෝෂ්…..ගෝදම්බ රොටි වුනත් , ගෝදම්බ නොවන රොටි වුනත් කමක් නැහැ. හරි කඩේකින් කන්න. නැත්නම් දිරවගන්න අමාරුයි. මම කියන්නේ ගෝදම්බ රොටි ගැන. ඕ යස්!!

  13. සුපුරුදු පරිදි ආසාවෙන් කියෙව්වා … බිම නිසා සැහෙන්න කට්ටිය සෙට් වෙනවා නේද .. මම කිව්වේ මිනිස්සු බොන්න සෙට් වීම නිසා සැහෙන්න යාළුකම් හැදෙනවා … අරූ ට සෙට් වෙච්ච යාලුවෝ ටික නම් රටක් වටිනවා ..

    • .//// මම කිව්වේ මිනිස්සු බොන්න සෙට් වීම නිසා සැහෙන්න යාළුකම් හැදෙනවා … අරූ ට සෙට් වෙච්ච යාලුවෝ ටික නම් රටක් වටිනවා ..///////
      පැතුම්…….ඕවා බොරු. මමත් ඉස්සර හිතාගෙන හිටියෙ ඔහොම තමයි. මිනිස්සු විවෘත වෙන්නේ මත් වුනාම කියලා මම මෑතකදි තේරුම් ගත්තා. මේ ගැන කිවයුතු දේ බොහෝයි. කොතනින් පටන් ගන්නද මන්දා. හැබැයි මාත් නින්දට යන නිසා උඹට එක දෙයක් විතරක් කියන්නම්. අවන්හල සුන්දරයි. එතනට පැමිණෙනා මිනිසුන් සුන්දරයි කියලා කිව්වේ අපිට ‘හිටපු’ බොක්කේ පොරක්වූ සුනිල් මාධව ප්‍රේමතිලක නම්වූ එකල යුග පුරුෂයා. ඇත්ත ..අවන්හල සුන්දරයි…පැතුම් හෙට නැගිටලා ඉතිරිය ලියන්නම්. මම කැමතියි පැතුම් එක්ක සාකච්ඡාවකට හිතන්න ඉඩ තියන්න. මම මත් වෙන්න තාමත් ආසයි.

      • මම ජිවිතේට බීලා නැති වුණාට බිම ගැන කිසි අවුලක් තියෙන කෙනෙක් නෙවෙයි .. බොන චරිත ගැනත් අවුලක් නෑ ඉතින් මළ ඇනයක් නොවෙන තාක්කල් … මම ඔය පාර්ටි වලට ගියාම බොන වුන සෙට් එක මැද්දේ මම ෆුල් ආතල් එකේ උන් එක්ක ඉන්නවා කොයි වෙලාවේදී වත් එපා වෙලා නෑ .. ජොලි මිසක් … මිනිස්සු විවෘත වෙන්න බොන්නම ඕනේ ද .. ? හෙහ් හෙහ් ..

        මම විවෘතයි හැබැයි හැමෝටම නෙවෙයි .. එහෙම විවෘත නොවෙන්නේ අනිත් පුද්ගලයා ගැන නොදන්නවානම් තමයි . හැබැයි තමන්ට තමන් ගැන තීරණ ගන්න බැරුව .. යාලුවන්ගේ මත වලට බිමට ඇබ්බැහි වෙලා තමුන් විහින් නාස්ති වීමට වඩා එහා ගිය තමන්ගේ ජිවිතේ ගැන ස්වාධින තීරණ ගන්න ගමන් ආතල් එකට බිලා .. ඒ ආතල් එකෙන් විවෘත වෙන චරිත වලට මම කැමතියි …බොන අය විවෘත නිදහස් මිනිසුන් කියන දේ මම තේරුම් ගත්තෙත් අපේ තාත්තාගෙන් …

        අපේ තාත්තගේ අයිය කෙනෙක් හිටියා නියම සිංහල ගුරුවරයෙක් .. උසස් පෙළ ප්‍රශ්න පත්‍ර බලන්න කොළඹ ආපුවහම නතර වෙන්නේ අපේ ගෙදර .. ගම ගිරාඳුරුකෝට්ටේ … තාත්තටත් බාගයක් විතර අරගෙන හවසට එන්නේ .. හෙහ් හෙහ්
        මම දැකපු සිරාම චරිතයක් …

        මම නොබී ඉන්නේ ජොලියට …පොඩි ම කාලේ බොන එක වරදක් කියල හිතුවත් අර මම ලියපු පෝස්ට් එකේ තියන සත්‍ය ගවේෂණයේදී මම තේරුම් ගත්ත දෙයක් තමයි බීම කියන්නේ කිසිම ආකාරයකින් ඒ ගමනට බාධකයක් වෙන දෙයක් නෙවෙයි කියන එක .. එක බාධකයක් වෙන්නේ අර කොන්දක් නැතුව බීලා චාටර් වෙන ජාතියේ ඩයල් වලට තමයි ..

        සෙන් , මහායාන වගේ දර්ශන වලින් මිනිස්සු විමුක්තිය ලබාගෙන තියෙන්නේ බීමෙන් වැලකිලා ඉඳල නෙවෙයි …සංතෘප්ත මනසකින් ජිවත් වෙලා … නොබී එහෙම වෙන්න පුළුවන් නම් ලෙඩ අඩුයි … එච්චරයි වෙනස මම හිතන විදියට .. …. හෙහ් හෙහ්

      • ඔන්න ඕක තමයි පැතුම් මම කියන්නේ මත්වුනාම විවෘත වෙන මිනිස්සු කියලා. සමහර අය එහෙමයි. ඩෝප් බැස්සාම වෙනම ලෝකයක. පැතුම් විවෘතවීම තුල තියෙන්නේම අවාසි මිස වාසි නෙමෙයි. ඕක මම හොඳට අත්විඳලා තියෙනවා අපේ ලාංකීය මිනිස්සු එක්ක. අපේ සමහර උදවිය ලංකාවේදිත් එකයි, මෙහෙත් එකයි. හොඳ පැත්තට වෙනස් වෙනවා අඩුයි. මිනිස්සුන්ව මනින්නේ සල්ලිවලින්, රැකියාවෙන් මිසක් ඒ මනුස්සයාගේ ගතිගුණවලින් නෙමේ. මම එවැනි මිනිසුන් ගැන හිතන්නේ තමන් කවුද කියලා තමන්ට වැටහීමක් නැති ජාතියේ පොරවල් කියලා. යුරෝපීය ජාතිකයෝ බොහෝ දුරට එහෙම හිතන්නේ නැහැ. උන්ට මිනිහෙක් තවත් එක් මිනිහෙක් හැටියට තියෙන ගෞරවය සහ සුහදතාවය විතරයි තියෙන්නේ. උන් කාටවත් සළුපිළි අන්දවන්නෙත් නැහැ, ඇඳං ඉන්න එව්වා ගලවන්න උත්සාහ කරන්නෙත් නැහැ.

        ////බොන අය විවෘත නිදහස් මිනිසුන් කියන දේ මම තේරුම් ගත්තෙත් අපේ තාත්තාගෙන් …//////////

        මේ වගේ මිනිස්සු අඩුයි පැතුම්. ටිකක් මත්වෙලා ඉන්න කැමති මිනිස්සු සුන්දරයි… කොයි තරම් දුරට විවෘතද කියලා කියන්න නම් අමාරුයි. පැතුම්ලාගේ තාත්තාගේ අයියා වගේ උදවිය ඇසුරට හරි ශෝක් ඇති කියලා මට හිතෙනවා. ඒ වගේ අය ඇස් දෙකෙන්ම වටේම බලපු අය. උඹ නොබී ඉන්නේ ජොලියට නම්….ඒ ජොලිය දිගටම පවත්වාගෙන යන්න මගෙනුත් ධෛර්ය සහ ශක්තිය!!!!

        ////////සෙන් , මහායාන වගේ දර්ශන වලින් මිනිස්සු විමුක්තිය ලබාගෙන තියෙන්නේ බීමෙන් වැලකිලා ඉඳල නෙවෙයි …සංතෘප්ත මනසකින් ජිවත් වෙලා … නොබී එහෙම වෙන්න පුළුවන් නම් ලෙඩ අඩුයි … එච්චරයි වෙනස මම හිතන විදියට .. …. හෙහ් හෙහ්/////////////

        මම වැඩිපුර මේ ගැන කියවලා නැහැ. නමුත් පැතුම් කියනදේට මම එකඟවෙනවා. සන්තෘප්ත මනසක් කියන්නේ හරිම වැදගත් මාතෘකාවක්. ඒත් අපි…පන්සිල් පද පහෙන් දවස පටන් අරන්, ඒ පද පහෙන්ම දවස ඉවරකරනවා. කිසිම දෙයක් ගැන තෘප්තිමත් වෙන්නෙත් නැහැ. ගිරව්…මාල ගිරව්.

  14. maathalan says:

    මචෝ මට මේ සමාජයේ හම්බ උන සුන්දරම පුද්ගලයෝ ඔක්කෝම මල් පූජා කරපු උන්. ඊට පස්සෙ බොන උන්. කන බොන උන්ගේ බොක්ක හොඳයි. එහෙම කියලා නරුමයෝ නැත්තෙත් නෑ.. ඒ වගේම ආතල්ම සෙට් එකක් තමයි කෑවේ බිව්වේ නැති උනත් එහෙම උන් එක්ක වැඩේ ඉවර වෙනකන්ම ඉන්න උන්. ඒ වගේ මේ මෑතකදි හම්බ උන එකෙක් තමයි ඉවාන් පවුලූෂා. මම කලිනුත් කියපු විදියට මම බෝඩින් වල ඉඳලා නෑ.. හැබයි බෝඩින් වල සෙට් වෙලා තියෙනවා.. ඒ කාළේ පෙම් සුව විඳින්න ඔය බෝඩින් කොච්චර නම් උදව් වෙලා තියෙනවද? අනික නිල් චිත්‍රපටි බැලිල්ල. අපි බැඳපු අලුතත් අපේ ගෙදර ඒ වගේ පුණ්‍ය කටයුතු වලට පූජා කරලා, අර ලබපු උපකාර වලට ප්‍රතිඋපකාර කළා.

    රහයි කියන් එක හැමදාම කියන්න ඕන නෑ කියලා මම නම් හිතන්නේ.. අතීතාවර්ජන ලියන බ්ලොග් වලින් සුපිරිම හා ජාතික තලයේ තියෙන බ්ලොග් එක උඹේ එක තමයි.. ආයේ ඒකේ කතා දෙකක් නෑ.

    මම නම් ඉඳ හිට දැණුත් මලක් පූජා කරනවා. පුදුම ආතල් එකක් නේ තියෙන්නේ.. කට්ටිය එක්ක සෙට් වෙලා බොන කොට ඊට ආතල්.. හැබයි මචෝ.. මල් පූජාවෙන් පස්සේ හිනාවෙලා ආතල් ගන්න උන් දැක්කේ අපේ රටේදී විතරමයි.. අනික් උන් ගහන්නේ වෙන වැඩකටනේ..

    • ///කන බොන උන්ගේ බොක්ක හොඳයි. එහෙම කියලා නරුමයෝ නැත්තෙත් නෑ..///////
      මාතා…..මේක කොහොම පැහැදිලි කර ගතයුතුද කියා මට තේරෙන්නේ නැහැ. උඹ කියනවා වගේම ඔය අතරේ අපතයොත් ඉන්නවා. ඒ වගේම නොබොන සහ මල් පූජා නොකරන එවුන් අතරෙත් පට්ට සොඳුරු මිනිස්සු ඉන්නවා. මම මේ වෙනකොට තේරුම් අරන් තියෙන විදිහට නම් (මගේ පෞද්ගලික වටහා ගැනීම අනුව පමණයි )මිනිස්සු විවෘත වෙන්නේ සහ සුන්දර වෙන්නේ මත්වීම තුලින් කියලයි. මොකද රෑට මත්වෙලා දෙන අති සුන්දර සමනල ටෝක්, ඩෝප් බැස්සාම ඉවරයි. මට එවැනි එවුන් අනන්ත හම්බුවෙලා තියෙනවා. පහුවදාට අර කියපු දේවල් ගැන පසුතැවිලි වෙනවා. පහුවදා රෑ වියදම් කරපු ගාන අහනවා. හැබැයි කන බොන වෙලාවට හදවත මේසේ උඩ. ඕක තමයි ඇත්ත. ඔය ඉවාන්ලා වගේ අය මමත් දන්නවා. බිව්වේ නැති උනාට, බීල වමනේ දාන එවුන්ට පඩික්කම් වෙනවා. ඒකයි මම කියන්නේ මතින් සුන්දර එවුන්ට වඩා ඉවාන්ලා වගේ එවුන් බොහෝ සුන්දරයි කියලා. අර පැතුම්ගේ දෙවැනි අදහස කියවපන්.

      ////අපි බැඳපු අලුතත් අපේ ගෙදර ඒ වගේ පුණ්‍ය කටයුතු වලට පූජා කරලා, අර ලබපු උපකාර වලට ප්‍රතිඋපකාර කළා./////////

      මාතා සත්තකින්ම අපි දෙන්නාටත් ඔය වගේ අපූරු කතා තියෙනවා. මගේ යාළුවන්ට විතරක් නෙමේ මගේ වයිෆ්ගේ යාළු කෙල්ලන්ටත් ජීවිතයේ ඔවැනි තනිවීම් අවශ්‍ය වෙලාවට උදව්කරලා තියෙනවා. අපි හැම නිදහසක් ගැනම පපුව ඉස්සරහට දාලා ඉදිරියට එනවා. හැබැයි මිනිහෙක්ගේ හෝ ගැහැණියකගේ ලිංගික නිදහස කියන තැනදි අර බෝඩ් පැත්තකට දාලා, නැවත පන්සිල් පද පහ කරේ තියාගන්නවා. මට වෙන තැනක මේ ගැන සංවාදයක් තියෙනවා.

      ////මම නම් ඉඳ හිට දැණුත් මලක් පූජා කරනවා/////

      මමත් එහෙමයි!! අපි ඉඳලා හිටලා ඔහොම සෙට් වෙනවා. ඒ වගේ තැන්වල ඩොක්ටර්ස්ලාගේ ඉඳන් මාකට් එකේ බඩු කරගහන එකත් ඉන්නවා. මම උඹලා නොහිතන තරම් අප්සට් කල්ලන්ගේ සමාජවලත් තවමත් ඉඳහිට හෝ කරක් ගහනවා. ජොයින්ට් එකක් එහෙම ගහනවා. පුදුම හිතෙන කතා තියෙනවා මාතා උන්ගේ ජීවිත ඇතුලේ. මට හම්බවුනා මරු ජැමෙයිකන් පොරක් කතාකරන්න. උගේ ආදරනීය අම්මාට ඒඩ්ස්, ඒ උගේ තාත්තා නිසා. මේ පොරටත් අවුරුදු 40ක් විතර ඇති. සුද්දියෙක් බැඳලා ඉන්නේ. ලස්සන පුත්තු දෙන්නෙක් ඉන්නවා. හරිම විවෘතයි සෙට්වෙලා කතා කරනකොට. මේවා තමයි ලියන්න වෙන්නේ.

  15. හැමදාම වගේ කියන්න තියෙන්නෙ එකම දේ..මේ ලිපි පෙල මාරම රහයි.. බොරු සෝබන නැතුව කතාව අමු අමුවෙන්ම ලියල දාන හන්ද බෝරිං එකක් නැතුව කියවතැහැකි..
    අරූ අයියා ඔය සඳහන් කරන පුද්ගලයො ගැන මං කවදාවත් අහල නැතුවට රටේ නමගිය පුද්ගලයො කිහිපදෙනෙක් එක්ක මේ වගේ අත්දැකීම ටිකක් ලබාගන්න අරූ අයියා කොච්චර වාසනාවන්තද කියල හිතෙනවා.

    • සංචා……මම ජීවිතේට බොරු නොකියපු හෝ බොරු නොකරපු අති පාරිශුද්ධ මිනිස් චරිතයක් නොවේ. හැබැයි බොරු සෝබන නම් තිබිලා නැහැ. එදත් අදත් සෝබන දාන්න තරම් මගේ ගාව සෝබන ඇත්තෙත් නැහැ. උඹේ ඔය සෝබන කියන වචනේ නිසාම මට මගේ හිටපු සෝබන කියන ඇත්ත නම තියෙන මිතුරෙක් මතක් වුනා, ඌ දෙල්කඳ හිටිය ප්‍රයිවට් බස් ඩ්‍රයිවර් කෙනෙක්. ඒකත් අමුතු චරිතයක්. උඹලාත් එක්ක මේ වැඩේ කරන්න බැහැ..එක එක චරිත මගේ ඔලුවට දානවා 😀

      නොදන්නා ඉසව් තුලට යන එක තමයි අත්දැකීම් කියන්නේ. නමුත් අනතුරුදායක විය හැක. කියවන්න…හැබැයි ට්‍රයි කරන්න එපා!! මම ලියන්නේ කරුණු එකතුකර තැබීමේ අවශ්‍යතාවයක් හිතේ ඇතුවයි.

  16. Pra Jay says:

    Copied and pasted from Ravi’s blog :- දෙන්නම පොත් ලියන්නනේ යන්නෙ කොහොමත්, එකපොතක් ලිව්වනම් කොහොමද, ඒක unprecedented කොන්සෙප්ට් එකක් වෙයි. චැප්ටර් එකක් ගන්නව ඒක කාලයකට ( උදා 1982 – 1985 දක්වා ) මුලින් (age before beauty) අරූගෙ ලියනව ඊට පස්සෙම රවිගෙ ඒව. overlap වෙන තැනුත් එයි. ඒ වගේම එකම කාලයක ලංකාවෙ ස්ථාන දෙකක ලඟ වයස දෙන්නෙක්ගේ සමාන හෝ වෙනස් අත්දැකීම් එකම තැනක කියවන්න පුලුවන් )

    • deshakaya says:

      ඒක මරු.. හැබැයි. රවියා යන්නේ කදු පාත් කරං පාරවල් කෙලින් කරං.. ගංගා වල බැහැල. හරියට පුකට පැට්‍රල් දාපු බල්ලා වගේ.. ඒකයි එතන වෙනස..රවියා සහ අරූ සංසන්ධනය කෙසේවත් කළ නොහැකියි. පාරවල් දෙකක්

      • ලැච්චරයෝ……පාරවල් දහයක ගිහින් හරි කමක් නැහැ බං එක හන්දියක හම්බවෙනවා නම්. අපි ඔක්කොම එක එක පාරවල් වල. මට ධර්මසේන පතිරාජ මහත්තයාගේ චිත්‍රපටි තේමාවල් මතක් වෙනවා. ඒවා ජීවිත පාඩම් බං. සුගතපාල ද සිල්වා උත්තමයාගේ නාට්ටි වගේ.

    • @ප්‍රා….ඇත්තටම මේක හොඳ කොන්සෙප්ට් එකක. ඒක නවමු ආරම්භයක් වෙයි. බලමු මොකද වෙන්නේ කියලා. හැබැයි ඕකා එක්ක ඔය වැඩේ කරන්න ගිහිල්ලා කොතනින් කෙලවර වෙයිද දන්නේ නැහැ 😀

      තන්හා, රතී, රඟා ස්ක්‍රිප්ට් එක ලියලා ඉවරවෙන කොට සරත් කොතලාවලටයි, කුමාර තිරිමැදුරටයි කොත්තමල්ලි වතුර බෝතල් හැත්තෑවක් විතර ඉවර වුනාලු ඒ කාලය ඇතුලේ. ඕක කිව්වේ සරත් කොතලාවල. ඔය තිරිමාදුර තරුනයා කාලේ මට එවපු පෝස්ට් කාඩ් එකක් තිබුනා මා ගාව. ඒක හරි රසවත් කතාවක්. ඕකා බැන්දේ මගේ වයිෆ්ගේ යාළුවෙක්. සුන්දර චරිතයක්.

      ප්‍රා…උඹ අප වෙනුවෙන් දක්වන සහයෝගය අති සුන්දරයි!!!!!!

  17. කුරුටු ගෑ ගී පවුර says:

    අරූ………………

    මේ තමයි ජීවිතය අරූ…………. අත්දැකීම්…. පළපුරුද්ද කිය කිය ඒක ඒක වචන වලින් කියන්නෙත් මේක වෙන්න අැති… ඒත් මට මගේ ජීවිතයේ මේ තරම් අත්දැකීම් සමුදායක් ලබා ගන්න කොච්චර කල් යාවිද කියලා හිතෙනවා කියවගෙන යද්දි…. ඒත් අපේ කාලේ මේ විදිහ සුන්දර අත්දැකීම් නැති වේවි නේද???????

    • කුරුටු ළමයි…..අත්දැකීම් කියන්නේ තමන් පසු කර ආ ගමන් මගනේ. ඒ තුල මා නොදුටු ඔබ දුටු බොහෝ දේ ඇති. ඒවා සුන්දර විය හැකියි, එහෙම නැත්නම් අසුන්දර විය හැකියි. වඩාත් වැදගත්වන්නේ ඔබ ඒ තුලින් ලබනා ජීවිතාවබෝධයයි. හෙමින් ඇවිදපල්ලා….බොහෝ දේ ඔබ දකියි….බොහෝ දේ ඔබ සිප ගනියි. දකින දේ සහ ඔබ වැලඳගන්නා දේ තමයි මා මේ දකින ජීවිතය. ජීවිතයට සුන්දර ඉඩක් දෙන්න….එය දිනෙක ඔබව මවිතයට පත් කරනු ඇත.

  18. මසං අරූයියේ,උඹ මේ ලියන ඒවා කට ඇරන් අසාවෙන් කියවනවා ඇරෙන්න මොනවා කියලා ලියන්නද ?
    කොච්චර වුනත් උඹට ඇසුරු කරන්න ලැබිලා තියෙන්නේ පොඩි පහේ සෙට් එකක් නෙමේයි වගේනේ.

    • අනේ පලයං මනෝ මසං යන්න…..කොල්ලො සනීපෙන් ඉන්නවා නේද….උඹ අහලා නැති ගොඩක් චරිත ගැන මම හෙමින් ලියන්නම්. ඒ අතර නොයෙකුත් චරිත ඇති. ඔහොම යං.

  19. Ajith Dharma says:

    මචං ගොදම්බ රොටිමතක් කරන කොටත් කටට කෙල උනනවා. අරුවාගේ ඉවීමේ හැකියාව දැන් අත් දැකල තියෙන නිසා. සුස්ති කතාව අවංක භාවයෙන් කිරීම ගැන මාගේ අකලංක නිකැළැල් ස්තුතිය. අපේ විවාහය ජර්මනියේ ගන්න කලින් amsterdam හරහා තමා ගියේ. යාලුවෝ ගැන්සිය එක්ක. කිව්වට විශ්වාස කරපන් ඩ්‍රයිවින් කරපු ක්‍රිසා ඔත ඔතා ඩ්‍රයිව් කරේ. කාටවත් තේරුනේ නැහැ..

    • අජියා….කෑම ගැන නම් ලියලා වැඩක් නැහැ. එහෙම කිව්වේ උඹ පහුගිය පෝස්ට් එකට දාපු කමෙන්ට් එක නිසා. ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් ගැන ලියන්න පුලුවන්. ඒකත් මචං අර තැපෑලෙන් ඔරු පදින්න උගන්නනවා වගේ වැඩක්. කොළ පත්තර ඔක්කොම අරන් ඔරුවට නැගලා, ඔරුව ගිලෙන කොට ඒ ලියාගත්ත දේවල් වතුරට තෙමිලා. කුකින්ග් වල කතාවත් එහෙමයි. උඹට පුලුවන් නම් මට සයිබර් ලිපක් හදලා දීපන්. මම උයන්නම් 😀 කුකින්ග් කියන්නේ ආදරය, විද්‍යාව සහ කලාව එකතුකරන තැනක්. අඩියක් ගහන වෙලාවක තව නොයෙකුත් කෑම වර්ග හදලා බලමු.

      මචං….සූස්තිය ගැන විතරක් නෙමේ ජීවිතයම විවෘත විය යුතුයි කියන තැන මම ඉන්නේ. ඒ තුල නොයෙකුත් අවාසි විය හැකියි. මම වාසි වලට වඩා අවාසි ලබපු එකෙක් අජියා. අපි ඉදිරියට කතා කරමු.

      සූස්තිය….අඩෝ ඔය ක්‍රිස්ලා වගේ පොරවල් තාම ඉන්නවා. උන් ඒවා කරන්නේ පඩ ශෝ හැටියට නෙමේ. ඒ කරන විදිහ හිතාගන්න බැහැ. මේවා කියන්න ගියාම සුචරිත සහ සදාචාර ගල් මුගුරු එයිද මන්දා. මම ඒවා උපේක්ෂාවෙන් බැහැර කරනවා අජියා..නැත්නම් මේ සමාජයට පනිවිඩ දෙන්න බැහැ,

  20. අමරබන්ධු රූපසිංහ ගැන යම්කිසි මාධ්‍යයක් ඔස්සේ මා මෙතෙක් කිසිම විස්තරයක් කියවා නැහැ මේ තරම් නිර්ව්‍යාජව ඉදිරිපත් කල එකක්. ඔහුගේ පෞද්ගලිකත්වය ද රැකගනිමින් මේ ආකාරයට කරුණු ඉදිරිපත්කිරීම මා සැබවින්ම අගය කරනවා.

    ඔබ හොඳ තලයකට ගෙනවිත් තිබෙනවා මේ සත්‍ය වෘතාන්තය. ඉතින් මම කරන්නේ අබිං කෑවා වගේ එක කොටසක් කියවලා ඊළඟ කොටස එනතුරු වරින්වර මේ අඩවියට පැමිණ, නොදෝකින් මේකා අදත් ලියලා නැහැනේ ඊළඟ කොටස කියලා උණුසුම් හැඟීමෙන් සුබ පතමින් 😀 ඉන්න බව තමයි කියන්න වෙන්නේ.

    • Chandana says:

      //උණුසුම් හැඟීමෙන් සුබ පතමින්// ඔන්න අරු අයියෙ නහය දන්න වුණොත් එහෙම මේ විචාරක තුමා තමයි. අපි එහෙම නෙවෙයි, හරි ? 😀

      • නහය දැවිල්ල ගත්තොත් උඹලා කියලා හිතා ගන්න පුළුවන්.. නිකං වෙඩි වදිනවා වගේ ගතියක් දැණුනොත් ඒ විචාරක 😀

    • විචා……..පොඩි වැඩ ටිකක් ගොඩගැහිලා තිබුනා ඒකයි පරක්කු. මේ චරිතය ගැන ඇත්තටම අහන්න ලැබෙන්නේ නැහැ. මම දන්නෙත් රාජකාරි මට්ටමේ තොරතුරු නොවේ. මට මේ ලිපි කියවපු අය යම් යම් විස්තරත් කිව්වා. කෙනෙක් කිව්වා ඔහු ඇසින් දුටු සිද්ධියක් . මම ඊළඟට ලියන්නම්.

      උණුසුම් හැඟීමෙන්ම සුබ පතපන් මචෝ…මොකද මෙහේ එන්න එන්න සීතල වේගෙන එන්නේ 😀

  21. Chandana says:

    අරූලා අමරෙලා එකට හමු වුණු එකත් ලස්සන වැඩක්.

    //සෑම වැඩිමහල් මිනිසෙක්ම මිතුරන්සේ ඇසුරු කිරීම අපහසුය.// ඒක නම් ඇත්ත. එහෙම පුළුවන් අතලොස්ස, ඉතාම සුන්දර මිනිසුන් තමයි. ඕන දෙයක් දිහා නම්‍යශීලීව බලන්න වගේම කියන්න තියන ඕන දෙයක් අවුලක් නැතුව කියන්නත් ඒ අය දන්නව.
    අරු අයියත් එහෙම මනුස්සයෙක් බව පේනව ලියන කියන දේ වලින්. අන්න ඒකට මං උඩින්ම කැමති.

    • අරූලා අමරෙලා ගැන කතානම් බොහොමයි චන්දන. තව පොඩ්ඩක් ඒ ගැන ලියන්න තියෙනවා. විශේෂයෙන් අමරබන්දු නිසා මට හමුවූ ප්‍රසිද්ධ මිනිසුන් ගැන. ඒ මිතුරු හමු හරි රසවත්. ඒ හැම කෙනෙක්ම නිහතමානී පොලවේ පය ගසා ජීවත්වූ අය. කේමදාස මාස්ටර්ගේ ඉඳන් පටන් ගත්තාම ඒ වගේ චරිත ගොඩායි. අද ඒ අය අතරින් ජීවතුන් අතර ඉන්නේ අතලොස්සයි. බොහොමයක් අයගේ ජීවිත වැඩි වයසට යන්න කලින් අවසන් වුනා. චන්දන කියන විදිහට මේ සියළු දෙනාම ඒකාලේ මට වැඩිහිටියෝ. ඔවුන් තරුනයින් දෙස ඉතා ආදරයෙන් තමයි බැලුවේ. ඒ ඔවුන් සමාජය තුල හුදෙකලා නොවූ වැඩිහිටියෝ නිසා. ගතානුගතික චින්තනයන්ගෙන් බැහැරවූ මිනිසුන් නිසා. ඔවුන් පොතේගුරාලා නොවු නිසා. මානවවාදීන් කියා කට ඇරලා කියන්න පුලුවන්. ඒ ඒ අය ගැන සුලුවෙන් හෝ මම ලියන්නම්.

  22. madhumadhavi says:

    සිහින ගැන ලියනවට වඩා සත්‍ය ජීවිතයේ තම අත්දැකීම් රසවත්ව ලිවීම සමකරන්න බැහැ මොකකටවත්. ඔබේ ලිවීමේ හැකියාව සමග මුසුවෙලා මෙවැනි අපූර්ව නිර්මාණ බිහිවෙන්නෙ ඒකයි. අපේත් බෝඩිං ජීවිත සිහිගන්වනවා ඔබ. ඇත්තෙන්ම අපූරුයි.

    • මාධවීට ස්තූතියි!! මාධවීට යම් යම් සිද්ධීන් කවි ලෙස හෝ විරුදු ලෙස නැවත නිර්මානය කිරීමට ඇත්තේ ලොකු දක්ශතාවයක්. ඒ තුල ඇති උපහාසයත්, වචන භාවිතයත් මල් මසුරං. ඒ හැකියාව අගය කරනවා.

  23. 52 න් එක පාරටම 53 ට ආවා.
    පෝස්ට් එක මරු…
    මමනම් බෝඩිම් ජීවිතේ ෆන් එක උපරිමයෙන් අරගෙන තියෙනවා. ඒ වගේම බෝඩින් වල නොරසත් විඳල තියෙනවා.
    අරූල වගේම අතේ තියෙන කීය කීය හරි එකතු කරගෙන ගෝල්ලීෆ් එකක් එහෙම බීලා, තම්බගන්න බත් ටික ලුණු දාපු අමු මිරිස් කරලක් පරිප්පුවක් එක්ක කාල බෝඩිමේ නිදා ගන්න තිබ්බ හඩු මෙට්ට ටික බිම දාගෙන ගෙවපු ජීවිතේ මතකය හරි සුන්දරයි
    කාටහරි වැඩිපුර කීයක් හරි ලැබිච්ච දවසක් කියන්නේ අපිටත් මගුල් තමයි. අපි එක්ක ජොබ් කරපු උන් කීප දෙනෙකුත් හිටපු නිසා රස්සාවක් ලැබෙනකල් බලාගෙන හිටපු මටත් ලොකු අවුලක් උනේ නැහැ.
    ඒ වගේම ඒ කාලේදී මගෙත් සිකුරා හොඳට උච්ච වෙලා තිබ්බේ… එක පාර ප්‍රොජෙක්ට් දෙක තුන හැන්ඩ්ල් කරපු කාලයක්… මට ගෙදරින් සැලකිය යුතු මුදලක් ලැබුන නිසා ඒ හැමදේම මැනේජ් කරගන්න ඇහැක් උනා… හෙක් හෙක්…
    අපි නතරවෙලා හිටපු බෝඩිමේ අයියයි මිනිහගේ ගෝලයයි අපි එක්කම ඒ බෝඩිමේ නතරවෙලා පොඩි කාමරේක රත්තරන් බඩු හදන වැඩපොළක් දාගෙන හිටියා.
    උන් අපිට වඩා ගොඩක් වැඩිමල් උනාට අපේ ජාතියෙම නිසා කිසි අවුලක් තිබ්බේ නැහැ… ඒ වගේම උන් අතෙත් නාස්ති කරන්න තරම් ලොකු මුදලක් තිබ්බෙත් නැහැ.
    අරූ කිව්වා වගේම දෙයියනේ කියල හැමතැනම කිළිටු ඇඳුම්, අතු ගාන්නේ කළාතුරකින්.

    ඊට පස්සේ එළඹෙන්නේ බෝඩිම්වල වෙනම පරිච්චේදයක්… ඒ රැකියා ආරම්භය සමග…
    නොයෙකුත් මිනිසුන් කොළඹ අවට නොයෙකුත් තැන්, එක එක සමාජ තල, නොයෙකුත් දුරාචාර මේ සියල්ලම අත්දකින්න ලැබුනා.
    දැන් ඉන්නෙත් කුළියට, ඒත් අඹුදරුවෝ නිසා ලොකු වෙනසක් ඇතිවෙලා.
    ඒත් ඉතිං සමහර වෙලාවට මම එතනත් බෝඩිම් කාරයෙක් වගේ වෙන වෙලාවලුත් තියෙනවා…. හෙක්…
    අරූ නිසා අතීතයේ කරක් ගහන්න චෑන්ස් එකක් ලැබුනා…

    • ලොකු පුතේ…..බෝඩිං ජීවිත ගැනනම් කොච්චර කතා කරන්න පුළුවන්ද… එක වෙලාවකට නම් හඩු ජීවිත තමයි. අහුවෙන දෙයක් කාලා අහුවෙන තැනක වැටිලා නිදාගන්න පුරුදුවුනේ ඒ තුලින් තමයි.

      අනිත් එක තමයි කාගේ හරි අතට ගානක් වැඩිපුර ලැබෙන කොට තියෙන ආතල් එක. සමහර ගඩ්ඩෝ හිටියා එහෙම දවසට බෝඩිමට එන්නේ නැහැ. දවසකට දෙකකට පස්සේ තමයි ආපහු එන්නේ පිච්චිය නැතිවුනාම. මම පස්සෙ හිටිය තැන්වල එහෙම පොරවල් හිටියා.

      //////ඒත් ඉතිං සමහර වෙලාවට මම එතනත් බෝඩිම් කාරයෙක් වගේ වෙන වෙලාවලුත් තියෙනවා///////////
      එහෙම වෙලාවල් තියෙනවා. ඒක එක අතකින් හොඳයි. මට කොහොමත් වයිෆ් කියන්නේ මම නම් නියම බෝඩිං කාරයා කියලා. ඒ ගෙදර වැඩවලට වැඩිපුර උදව් පදව් නොකරන නිසා. පඩි ගත්තාම ගාන ගෙවනවානේ බං 😀

  24. සිරා says:

    මේ දවස් වල මමත් පරණ කාපු බීපුවා ගැන තමයි ලිව්වෙ. මැද මාස්ටර් රාජ්‍ය නායිකාව සමග රට රටවල සංචාරය කරලා අන්තිමට ඒ තත්වයට වැටුනා කිව්වම…මිනිස් ජීවිත මොන තරම් පුදුමද කියලා හිතෙනවා…හැබෑට අරූ අයියෙ බොට පෙම්වතියක් හාපුරා කියලා සැට් උනේ කොයි වයසෙදිද…

    • මැද මාස්ටර්ලා ඔහොම වුනාම මොකෝ සිරෝ, ගඩාෆිලා ගියේ අන්තිම දරුණු විදිහට. මෙන්න මේ සත්‍යය මිනිස්සු අඳුරගන්න ඕන. බලය කියන්නේ බලයා වගේ. කොක්කට අහුවුනාම එතනින් පස්සේ ඇතිලියේ. මේ ජීවිත සත්‍යය හඳුන නොගන්න එකා ඇතිලියේ ඉන්නේ මාළුවෙක් නම්…ඔය සත්‍යය තේරූම් නොගත්ත යාළුවන්ට කොහේ ඉන්න වෙයිද මන්දා….

      මගේ ජීවිතේ සීරියස් ලව් පටන් ගත්තේ නම් මට අවුරුදු විස්ස ලබන කාලේ. ඒ ගැන නම් ගොඩක් කියන්න ගොඩාක් දේවල් තියෙනවා. මේ ප්‍රථම සීරියස් එක මාව තනි පිස්සෙක් කරා. ඔය අමරබන්දු අයියා තමයි මට කියලා දුන්නේ විරහව සතුටක් කරගන්නේ කොහොමද කියලා. ඉතින් සිරෝ එදා පටන් මට ඕන දුකක් සීනි ගෝනියක් වගේ. ඒ මිනිස්සු එච්චරටම සමාජ ඇත්දැක්කීම් තිබු වැඩිහිටියෝ.

      • සිරා says:

        මටත් ඒකපාර්ශවීය ආදරයන්ගෙන් ඇති තරමට රිදුම් තිබුනා උසස් පෙළ කරන අවධියෙ..ඒ අන්තිම සීරියස් ලව් කරන්න ගිය නිසා…එවැනි අත්දැකීම් ලැබෙන්න ලැබෙන්න මටත් විරහව රසයක් උනා…කවියක් සින්දුවක් ලියන්න අදහස් ටිකක් එකතු කරගත්තා.

      • හැම දුකක් පිටිපස්සෙම රසවත් කතාවක් තියෙනවා සිරා.

  25. katussaa says:

    අරූ අයියේ,උඹේ තරමටම;නැත්නම් ඊටත් වඩා අත්දැකීම් තියන මිනිස්සු මේ සමාජයේ ඕන තරම් ඇති.ඒත් උඹේ තියන වටිනාකම ,ඒ අත්දැකීම් මේ විදිහට අකුරු කරල අනිත් අයත් එක්ක බෙදා ගන්න එකයි.කොච්චර අත්දැකීම් තිබුනත් ඒක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.වයස් බේදයක් නැතුව අරූගේ අඩවියට මිනිස්සු ආදරේ කරන්නෙත් ඒකයි.
    කොහොම කලත් මම දන්නව මේ සටහන් කවදාවත් පොතක් වෙන්නේ නැතිබව.ඒ උඹේ තියන ලියවිල්ලෙ බොරු කැටයම් නැති අමු කතාව මේ අමුතු ඇටේ ඉන්න පණ්ඩිතයන්ට දිරවගන්න බැරි නිසයි.ඒත් අනිවාර්යයෙන්ම මේ සින්හළ බ්ලොග් ඉතිහාසෙ උඹ පුරාවෘතයක් වෙනව.ඔය ලියන විදිහ ඔය විදිහටම හිමින් ,කළාවට කරගන යමු.අරූ අයියට අමතක වෙන්නයි,මැරෙන්නයි තව කල් තියන නිසා අවුලක් නැතුව ගල් ලෝඩ් එකම බාගන්න පුළුවන්.
    ජය වේවා…..

    • කටුසු ඇගයීමට ස්තූතියි!!! උඹ කිව්වා වගේ හෙමින් හෙමින් ලියාගෙන යන්න ඕන. මෙවැනි අත්දැකීම් ඇති උදවිය තව බොහෝ ඉන්න බව මාත් හිතනවා. මම ඊළඟ කොටසවත් තාම ලිව්වේ නැහැ. මට ඇත්තටම අවශ්‍යවන්නේ මේ සමාජීය තොරතුරු එක තැනකට එකතුකර තැබීමටයි. අපි බලමු මොකද වෙන්නේ කියලා.

      අමතකවීමයි, මැරෙන එකටයිනම් බං කාලසටහන්, අනාවැකි නිසා ඉන්න ටිකේ සතුටින්, ආතල් එකේ ඉන්න එක තමයි කරන්නේ.

      වර්ඩ්ප්‍රෙස් එකත් පොඩි පොඩි අවුල් දෙනවා මේ දවස් දෙකේ.

  26. කිරි හේරත් හාමි says:

    Aa

  27. කිරි හේරත් හාමි says:

    තමුසේ මොකෑ මේ කතාව නවත්තල දාල? අපි මේ අහු අස්සෙ රිංගන්ට ගත්තෙ තමුසේගෙ කතාව කියවන්ටමයැ. ඉතිං ලියාපල්ලකො ඉතිරි ටිකත් සහසුද්දෙං.

  28. අරුණ අයියා කාපු කටු තරමට අලගු තියන්ටත් මදි උවද යම් තරමකට හෝ මැදපෙරදිගදී මමත් බෝඩිං ජීවිතය රස බලා ඇත්තෙමි. නමුත් එහිදී අරුණ අයියාට ලැබුණා මෙන් මිත්‍ර සම්පත්තියක් හිමි නොවීම අවාසනාවකි 🙂

    අද මා අරූගේ අඩවිය කියවන්නේ අරූගේ අඩවියේ සිටමය, නිවාඩු පාඩුවක් ලැබුණු වහා ඔබ අමතන්නට බලාපොරොත්තු වෙමි 🙂

Leave a comment