අවුල් වන්නට පෙර (62)…අසූ තුනේ කැත ජූලියෙන් බාගයක්..

මගේ කථාවේ මේ පසුවන්නේ එක්දාස් නවසිය අසූතුන වසරයි. මම තවමත් ඔබරෝයි හෝටලයේ සේවකයෙක්මි. මගේ ආදරණීය මිතුරිය ෂෙරුනිකාද තවමත් එහි සේවය කරමින් සිටියි. පසුගිය සටහන අවසන් කෙරුණේ, මම සහ ෂෙරුනිකා අතින් අල්ලාගෙන ගිය පළමුවැනි ගමන පිළිබඳවය. ඒ තව සමුදීමක් සිත්හී තබාගෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ. තාරුකා සහ පවුලේ අය ෂෙරුනිකාට ඉතා හොඳින් සංග්‍රහ කෙරුවා පමණක් නොව, එම නැගණියන් ඇය හා ඉතා ඉක්මනින් මිතුරු විය. ඔවුන්ද ඇයගේ පාසලට නුදුරු පාසලක සිසුවියන් වීම, මේ මිතුදම තවත් පහසු කරවීය. මොවුන් බොහෝ කාලයක් හොඳම මිතුරියන් බවටද පත්වසිටි යුගයක් මට මතකය. මේ මිතුදම් නිසා මට සිදුවූ වාසි මෙන්ම පාඩුද නැතුවා නොවේ. තාරුකා සහ මා අතර කිසිවක් සිදු නොවූ සහ අප පෙම්වතුන්ව සිටියා දැයි නොසිතෙනා අයුරින් තාරුකා හැසිරේ. නමුත් ඇය මා හා දොඩමළු වීමට උත්සුකවන බවක් නම් පෙනේ. මම නැවතී සිටින්නේ ඒ නිවසේමය. ඕනෑම මොහොතක ඒ කතාබහ කරගත හැකිවේ. අප ඔවුන්ට සමුදී එතනින් පිටත් වුණෙමි.

ප්‍රේම සබඳතා කෙසේ වෙතත්, ඒවා අවුට් ඔෆ් ද ට්‍රැක් නොවී පවත්වාගෙන යෑම එතරම් පහසු කටයුත්තක් නොවන බව කවුරුත් දනී. මම දැන් ඉන්නේ හමුවීමක් සහ සමුදීමක් අතර සංක්‍රාන්ති සමයකය. සමුදීම් එතරම් පහසු නොවේ. අතහැර දැමීම් ඒ තරම්වත් පහසු නොවේ. හිත යට සිටිනා ගිජු තනිකඩ තරුණයා, ඒ අතහැර දැමීමට එතරම් කැමත්තක් නැති බවත් හැඟේ. පසුකාලීනව මේ සම්බන්ධතා වෙනත් මගක් ගති.

මම ෂෙරුනිකාට මගේ සියලු විස්තර පවසා තිබුණි. ඇය දවසක් අපේ අම්මා දකින්නට අවශ්‍යය යැයි කීමුත් මම ඉක්මන් නොවූයෙමි. නමුත් ඇයට අප අම්මා ගැන යම්කිසි හැඟීමක් හිතේ තිබෙන්නට ඇත. ගෙදර මොනවා වෙනවා දැයි මම නොදනිමි. ගෙදර යැවෙන්නේ “සර්විස් චාර්ජ්” නම් පඩිපත අතට හමුවෙන දවසට පමණී. අම්මා අතට ඒ මුදලම පවරා, පිටත්වෙන මම ආපසු එන්නේ තව මාසයකින්ය. මම කෙමෙන් කෙමෙන් මගේම ලෝකයකට කොටු වෙමින් සිටින්නේය. නොසිතූ දිනෙක, නොසිතූ මොහොතක, අප දෙදෙනාට අම්මා මුණ ගැසුණේ නුගේගොඩ හන්දියේදීය. බඩු මල්ලක්ද අතැතිව සිටි ඇයගේ විඩාබර මුහුණත්, ඇය හැඳ සිටි සාරියත්, ඒ කබල් සෙරෙප්පු දෙකත් මට අදත් මැවී මැවී පෙනේ.

තාත්තා මොහොතකටවත් වෙනස්වී නොමැති බවත්, තවමත් යහළුවන් අතරේම තම බීමත් ජීවිතය ගෙවා දමනා බවත්, රැකියාවට යෑම පවා ඉඳහිට අතපසු කරගන්නා බවත් පැවසීය. අම්මාටත් මටත් නිදහසේ කතාකිරීමට ඉඩදී,ෂෙරුනිකා අප වාඩිවී සිටි කූල් ස්පොට් එකෙන් මොහොතකට ඉවත්ව යාමට අර අඳී. මම ඇයව බලෙන් නවත්වාගතිමි. අප දෙදෙනා අතර මහා ආදර කතාවක් ගොඩ නැගී නොතිබුණත්, අප දෙදෙනා අතර මහා විශාල විශ්වාසයක් තිබූ බව නම් සහතිකය.එදා මා අත මුදල් තිබූ දවසක් නොවේ. කෑම බීම බිල්පත් ගෙවූ ෂෙරුනිකා, පසුම්බියේ බස් ගාස්තු පමණක් ඉතිරිකර ගෙන, අන් සියලුම මුදල් අම්මා අත තැබීය. එදා අම්මා සමග මිත්‍රවූ ඇය, අදටත් ඒ මිත්‍රත්වය ඉතා තදින්ම පවත්වා ගෙන යන්නීය. ඇයගේ මවත්, මගේ අම්මාත් ඉතා සමීප යෙහෙළියන් බවට පත්විය. ඇයගේ මවගේ වියෝවෙන් පසු,මේ මිතුදම වඩ වඩාත් සමීප විය. ඒ බව කවුරුත් දනී. ඇය අපේ අම්මා කෙරෙහි දක්වන දයාව යමෙකු වටහා ගනීවිදැයි මට සැකය. එය ඒ තරම් බලගතුය. අම්මාගේ වචනවලින් කියනවා නම් ඇය අම්මාගේ ලොකු දියණියය. මේවා කියමින් අපේ ගෙදර නංගිලා සිනහවේ.

රට තොට නොයෙකුත් කතා බහ ඇතිවේ. උතුරේ යම් යම් සිද්ධීන් වාර්තාවේ. යාපනයේ හමුදාවේ සේවයේ නියුතු අම්මාගේ මල්ලීද (පුදුම ජොලි චරිතයක් අපේ තාත්තගේ හොඳම බෙබේ සගයෙක් ) මේ බැව් පැවසූ බවක් අම්මා කියයි. මිනීමරු කොටි සංවිධානය විසින් උතුරේ හමුදා සොල්දාදුවන් දහතුන් දෙනෙකු ඝාතනය කල පුවත උණුසුම් ලෙස ප්‍රචාරය වේ. එය සිදුවූයේ 1983 ජූලි මස විසිතුන් වෙනිදා යාපනයේ තිරුණෙලිවේලිහීදි බෝම්බයක් පුපුරුවා හැරීමෙන්ය. අවමගුල් කටයුතු සිදුකළේ ඊට පසුදින බොරැල්ල කනත්තේදීය. මෙය මහා ව්‍යසනයක ආරම්භයක් විය. ඒ පිළිබඳ බොහෝ දේ ලියවී ඇති නිසා මම මගේ දෑසින් දුටු දේ පමණක් ලියා තබන්නෙමි. මහා කළු වලාවකින් වැසීගිය 1983 ජූලි මාසය පිලිබඳව නැවත මතක් කරදීමට සිදුවීමත් මහා අභාග්‍යයක් නොවේදැයි සිතේ. ඒ පරිච්ඡේදය එතරම්ම අමිහිරිය.

විජේරාමේ මිතුරන් සමග රාත්‍රියක් ගත කෙරූ මම,පසුදා උදය වරුවේ විජේරාම හංදියෙන් 112 මහරගම සිට කොටුව දක්වා ධාවනය වෙන ලංගමට අයත් ඩබල් ඩෙකර් බසයට ගොඩවුණේ රැකියාව සඳහා ඔබරෝයි හෝටලයට යෑමේ උවමනාවටය. බස් රථයේ උඩ තට්ටුවේ අසුන් ගත් මට, නුගේගොඩ පසුවනවාත් සමගම දක්නට ලැබුණේ කළු දුමාරයකි. අවට නොසන්සුන්ය. බසය දිගටම ධාවනය වේ. උඩ තට්ටුවේ සිටි සමහරක් මහතුන් ජනෙල්වලින් හිස එළියට දමා පර දෙමළුන් මරාපියව් යනුවෙන් මොර දෙන්නට විය.බස් රථයේ සමහරුන් තුෂ්ණිම්භූතව අවට බලමින් සිටී. සමහරුන් හුරේ දමනවාය. වෙන්නේ කුමක්දැයි පැහැදිලි නැත. මොහොතකින් මට වැටහී ගියේ ඒ කෑගසන්නේ මහත්වරුන් නොව ජාතිවාදයෙන් හිස පුපුරවාගත් අමනයින් රැළක් බවය. ඒ මා දුටු අවාසනාවන්ත යුගයේ පළමු දසුන් පෙළය. පාසල් සමයේ අඩු මුදලින් ,බඩගින්නට කුස පුරවා ගත් නුගේගොඩ අශෝකා සයිවර් කඩය ගිනි ගනී. දෙල්කඳ හංදියේ ඇල අසල බිම එළාගත් ගෝනි පඩංගුවේ වාඩිවී සපත්තු මැසූ සිවා නම්වූ ඒ තඩි උස මහත මිනිසාත්, ඒ අවට පදිංචිව සිටි නිවැසියන්ගේ වැසිකිළි වළවල් ඉතිරී යන කාලයට ඒවා ගොඩ දමා නැවත අපේ එවුන්ට බඩ ශුද්ධ කරගන්නට කක්කුස්සිය විවර කෙරූ තංගම්මාත්, ඇයගේ ස්වාමියා වූ සක්කිලි රාජා යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ රාජන් නම් වයෝවෘද්ධ මිනිසාත් වල පල්ලට යවා තිබූ බව මම පසුව දැන ගතිමි. ජාතිය ජන්මය අහවල් රෙද්දක් වූවත්, මේවා මනුශ්‍යත්වයට කිසිසේත් නොගැලපෙන පාහර ක්‍රියාදාමයන්ය.

සක්කිලියන් කවුදැයි වටහා ගැනීමට මේ නිදසුන ප්‍රමාණවත් යැයි මම සිතමි. ඉතාමත් අව්‍යාජ මිනිසෙක්වූ මගේ තාත්තා හැම මාසයකම පඩි දවසට, දෙල්කඳ හංදියෙන් බැස, අරක්කු බෝතලයක් සිවාට සහ සක්කිලි රාජාට මිලදී ගෙන දෙන බවත් මම බොහෝ කාලයකට පෙර දැන් සිටියෙමි. එය ඔවුන් නැවත විකුණා දමා, අඩු වියදමින් කසිප්පු ගහනා බවත් අපේ තාත්තා කියනු මම අසා තිබේ.. තාත්තා ඔවුන් සමග ඉඳ හිට හෝ අඩියක් ගසන්නේ අපේ වැසිකිළි වල ශුද්ධ කිරීමට ඔවුන් පැමිණි දිනයටය. අපේ ආච්චි තාත්තාට බැණ වැදුණේ සක්කිලියන් එක්ක එකට බොනවා යැයි කියමිනි. ඔවුන් මරා දැමූ බව දැනගත් පසු අපේ ආච්චි හඬා වැටුණු බවත්, මම අසා ඇත්තෙමි. ඒ දෙල්කඳ ග්‍රාමයේ බොහෝ කාලයක සිට විසූ අහිංසක, අසරණ දෙමළ ජාතිකයන්වේ. ඔවුන්ට ජාතිවාදය, ත්‍රස්තවාදයට වඩා තිබුණේ කුසගින්න හා අරගලයක් බව ගමම දනී.

බස් රථයේ රියදුරාද අවට සිරි නරඹමින් ඉදිරියට ඇදේ. නුගේගොඩ ගිනි ගනී. දැන් කිරුළපොන, තිඹිරිස්යායධ කියා වෙනසක් නැත. පළවෙනි ඉලක්කයන්වී ඇත්තේ ද්‍රවිඩ ජාතිකයන්ගේ ව්‍යාපාරික ස්ථානයන් බව පැහැදිලිය. එය එතනින් නතර නොවී මිනිස් ජීවිත අමු අමුවේ විනාශකිරීම දක්වා ව්‍යාප්ත වෙමින් පවතී. බසය කොල්ලුපිටියේ නතරවිය. ජාතිප්‍රේමීන් අරක්කු, බ්‍රැන්ඩි, බියර් කේස් පිටින් කරගහගෙන දේශප්‍රේමය රටට පෙන්වා දෙති. කොල්ලුපිටියේ වික්ටෝරියා වයින් ස්ටෝර්ස් එක කුඩේ කුඩුය. ජාතියට ගිලන්පස නොමිලේය. බසයට ගොඩවු අපතයෝ රියදුරුටත් සද්දයක් දමා, බසය ධාවනය කිරීමට අණ කරති.

ඔබරෝයි හෝටලයේ රාජකාරී සඳහා ඇතුල්වීමට අප බසයෙන් ගොඩ බසින්නේ, අරලිය ගහ මන්දිරය ඉදිරිපිට තිබූ බස් නැවතුමෙන්ය. 1983 ඒ අවාසනාවන්ත දිනයේ හෝටලයට ගොඩවූ මා නැවත ගෙදර පැමිණියේ තව සති දෙකකින් හෝ තුනකින් බව මට මතකය. එදා රැකියාවට නොපැමිනියා නම් හොඳ යැයි මට සිතෙන්නට ඇත. නමුත් ඒ අත්දැකීමත් එක්තරා සුවිශේෂි සිදුවීම් මාලාවක් විය. මේ අවාසනාවන්ත කළු ජූලිය සම්බන්ධව ඔබ බොහෝ දේ කියවා ඇතයි මම සිතමි. ඒ කතා සියල්ල ඇතුළේ ඔබ නොකියවූ එක් කතාවක් ඇත.එනම්, එදා මහා ධනවතුන්වූ, ප්‍රභූ පැළැන්තියේ නාගරික ද්‍රවිඩ පවුල්, තරු පහේ හෝටල් තුළ අනාථයින් වීමේ කතා පුවතයි. අනාථ කඳවුරු තුළ කතා පසෙකින් තැබුවත්, ඔබරෝයි හෝටලයත්, මුදල් අයකරමින් අනාථ කඳවුරක් පවත්වා ගෙන ගියා කිව්වොත් එය නිවැරදිය. මුදල් එදා බලු විය. අප හැකි පමණින්, අපේ ද්‍රවිඩ සේවක සගයින්ගේ දෙමව්පියන්ද කෙසේ හෝ රැගෙන විත් මේ කඳවුරේම, කාටත් රහසේම බලා ගත්තෙමු. එය තවත් පැතිකඩක් යැයි මම විශ්වාස කරමි. ඒ නම් සති දෙක තුනකට පමණ කාලයක්, ඉතා දුෂ්කර කාල පරිච්ඡේදයක් ගත කරමින්, සේවාදායකයාට අති මහත් සේවයක් කල, කොළඹ තරු පහේ හෝටල් සේවක සේවිකාවන්ගේ කතාවයි. එය ලියා තැබිය යුතුය. මන්ද යත් ඒ ගැන නිසි ඇගයීමක් නොවූ නිසාවෙන්ය. ඒ කතා රසවත්ය. එලෙසින්ම ඉතා කනගාටුදායකය. ඒ සේවය වෙනුවෙන්, අපේ සේවා ස්ථානය පිරිනැමූ වටිනා සහතිකයක් අදටත් මා සතුව තිබේ. නමුත් මට ලියා තැබීමට අවශ්‍ය කතා පෙළක් ඇත. එය සෙමින් ලියා තබන්නෙමි.

මෙවන් සිදුවීමක් සහ ඒ කාලය මාතෘකා කරගත් සංවේදනීය නවකතා පොතක් මම කියවා තිබේ. ඒ JULY by Karen Roberts ය.

චන්ද්‍රා වාකිෂ්ඨ ලියූ ගුණදාස කපුගේ හඬින් ජාතියට එක්වුණු මේ ගීතය අදටත්, හෙටටත් වලංගුය. උතුරත්, දකුණත් මෙය වටහා ගන්නේ කවදාද…

උතුරු කොණේ නුඹ හිනැහෙන් නඩරාජා මල්ලියේ
දකුණු කොණේ නුඹ හිනැහෙන් සෙනෙහෙලතා නංගියේ……

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

111 Responses to අවුල් වන්නට පෙර (62)…අසූ තුනේ කැත ජූලියෙන් බාගයක්..

  1. ravi says:

    මචෝ….උතුරු කොණේ නුඹ හිනැහේ ගීතය ලිව්වෙ රත්න ශ්‍රී විජේසිංහ කියලයි මම හිතාගෙන හිටියෙ…ඒකෙ රචකයා චන්ද්‍රා වාකිෂ්ඨ කියල කෙනෙක්ද? අහලවත් නෑ එහෙම කෙනෙක් ගැන…

    • රවී….මේ ගීතය චන්ද්‍රා වාකිෂ්ඨ මුලින්ම ලියු ගීතය. විමුක්ති ගී සඳහා ලියලා තියෙන්නේ. මෙයාගේ දුව රචිතා වාකිශ්ඨත් ගීත ලියන බව දන්නවා. මේ දුව ලියපු එකක්.

      * පද රචනය – රචිතා වාකිෂ්ඨ
      * සංගීතය – තිළිණ රුහුණුගේ
      * ගායනය – ආත්මා ලියනගේ

      • තෑන්ක්ස් ඇනෝ මචං.. මේ එකතුකිරීම් මෙහෙමම කරගෙන යමු. පට්ට වැඩ කියලා මම කියන්නේ මේවට.

        කාටහරි කියවන්න එක්තැන් කරමු.

      • ravi says:

        අරූ සහ ඇනෝ,

        බොහොම ස්තූතියි…මේ ලෝකෙ අපි හිතාගෙන ඉන්න දේවල් කොච්චර වැරදිද කියල හිතෙන්නෙ මෙන්න මේ වගෙ වෙලාවට…You learn something new every second, every minute and every day…:)

      • ////////You learn something new every second, every minute and every day…////////////

        රවී…..දාන්න පහක් ලොක්කා…

      • සෙන්නා says:

        හුටා.. ඇනෝගේ ලින්ක් එක බැලුවේ දැන්නේ.. චන්ද්‍රා කියන්නේ පිරිමි කෙනෙක්නේ… 🙂

  2. Transylvania says:

    අප හැකි පමණින්, අපේ ද්‍රවිඩ සේවක සගයින්ගේ දෙමව්පියන්ද කෙසේ හෝ රැගෙන විත් මේ කඳවුරේම, කාටත් රහසේම බලා ගත්තෙමු. එය තවත් පැතිකඩක් යැයි මම විශ්වාස කරමි. ඒ නම් සති දෙක තුනකට පමණ කාලයක්, ඉතා දුෂ්කර කාල පරිච්ඡේදයක් ගත කරමින්, සේවාදායකයාට අති මහත් සේවයක් කල, කොළඹ තරු පහේ හෝටල් සේවක සේවිකාවන්ගේ කතාවයි. එය ලියා තැබිය යුතුය. මන්ද යත් ඒ ගැන නිසි ඇගයීමක් නොවූ නිසාවෙන්ය/////////////// Hotel Rwanda

  3. අපේ නංගි ඉපදුනේ ඔය 83 ජුලි කලබල දවස් වල. නංගිට තාත්තා පොඩි කාලේ විහිළු කලේ කොටි කෙල්ල කියල.. අපි නම් ඒ දවස් වල බොහොම පොඩි හින්ද වැඩි මතකයක් නෑ.. දන්නේ අම්මල තාත්තල කියපු කතා තමයි. අරූ ගේ කතා වලින් නොදන්නා දේවල් දැන ගන්න පුළුවන් වෙයි..

    [මේ ගීතය මුලින්ම ගැයු කෙනාව 89දී ඝාතනයවූ බවකුත් මතකයි. මට නම අමතකයි. මතක්වුනොත් දාන්නම්.]

    මම හිතුවේ ආත්මා ලියනගේ ගයන ඒ ගීතය අලුත් සිංදුවක් කියල..

    • /////මම හිතුවේ ආත්මා ලියනගේ ගයන ඒ ගීතය අලුත් සිංදුවක් කියල./////.
      මේක නෙමේ පැතුම්, කපුගේ ගේ ගීතය.

      මහ අප්‍රසන්න කාලයක් පැතුම්. එදා දවල් හෝටලේට ආපු අපි, සති දෙක තුනකින් ආපහු නගරය දකින කොට ඇතිවෙච්ච හැගීම් හරි මූසලයි. වස්තුව ගොඩ නගාගන්න පුලුවන්. ඒත් ඇතිවුන අසමගිය…ඒකට තාමත් රනින් රෙපෙයාස් කර කර දුවන්නේ. හදන්න පුලුවන්ද කියන එක ප්‍රශ්නයක්.

  4. අරූ…83 ජූලි 23 වෙනිදා උඹ ඔබරෝයි එකට එනකොට මම කින්සි පාරේ…මට යංතං අවුරුදු විසිදෙක හමාරයි…එදා මම දෙපැත්තෙම හිටියා කියලයි මට මතක..ඒ කියන්නේ පාහරයින්ගේ පැත්තේයි මගේ පැත්තෙයි..මම ඒක වෙනම ලියන්නං..ඇදගෙන පලයන් අපිව එතනට ආයෙත්…මම පටන් ගත්තා ආපහු ඒ ටික ලියන්න උඹ කිව්වා වගේ…තාම ඩ්‍රාෆ්ට් එකේ..හෙට අනිද්දා එලියට දාමු…
    එදා තමයි මම ජීවිතේ ඉස්සරමවෙලා දැක්කේ බඩට පිහියෙන් ඇන්නම වෙන දේ…මගේ පලවෙනි දරුව අපිට ලැබිලා දවස් ගානයි ඕක වෙනකොට..උඹ ඔබරෝයී එකේ හිරවෙලා හිටිය වගේ මම ශ්‍රාවස්තියට අල්ලපු වැටේ පුරාවිද්‍යා ඔෆීසියේ සුමාන දෙකක් හිරවෙලා හිටිය හැටිත්, පුලුවන් තරමින් අපේ යාලූවන්ව බේරගත්ත හැටිත් අදත් මතකයි මචෝ..බේරපු උන් එකෙක්වත් අද මෙහේ නෑ..භාගයක් කැනඩාවේ, අනිත් උන් ඩෙන්මාර්ක් වලයි නෝර්වේ වලයි…
    මේකේ සංවාදේ දිගට ගෙනියහන්…!!

    • මේ වින්නැහිය නිසා පීඩාවට පත්වුනු අපේ සගයෝ බොහොමයක් පුලුවන්, පුලුවන් විදිහට පිටරටවල් වලට පැනගත්තා. හෝටලය ඇතුලෙ හිටිය සමහරක් අපේම අපතයෝ, අපේම දෙමල ස්ටාෆ් එකට පාට් එක දාන්නත් පටන් ගත්තා. ඒවා විසඳුනා. ඒ බයවෙච්ච මුහුණු මට තාම මතකයි.

      අපි අපි අතරේ වෙච්ච රස කතාත් බොහොමයි. ඔබරෝයි ගෝල්ඩන් බෝල් රූම් එක තමයි. තුන් හාරසීයක් වගේ හිරවෙච්ච අපිට නින්ද දුන්නේ. පැත්තක් වෙන් කරා කෙල්ලන්ට. ඒකත් ලොකු ඔපරේශන් එකක් ශෙෆෝ. ලොන්ඩ්‍රි එක පවා පැය විසිහතරෙම වැඩ. යුද්ධයක් වගේ.

    • අර මා එක්ක කියපු කතාවද …ඒක ලියනවද ..මරු

  5. maathalan says:

    මම ඒ ලෙවල් පන්තියේ… මේ ගන ගොඩක් තැන්වල ගිඩක් සටහන් තබලත් ඇති… සක්කිලි කව්ද කියලා එදා මුළු ලෝකයටම පෙන්නුවා මරදානෙදි ඇස් දෙකෙන්ම දැක්ක සිද්ධීන් කීපයක් සහ ඒ පුළුටු ගඳ හේතුවෙන් මාස ගානක් අවුල් වෙච්ච හිත හදාගත්තෙ බොහෝම අමාරුවෙන්.

    කොහොමින් කොහොම හරි බන්ඩාරනායක කියන කාළකන්නිය ජනසතුවක් ගෙනත් ලාංකිය වෙළඳ ප්‍රජාව විනාෂ කරා ඊළන්නගට උගෙ ගෑණී. එයිට පස්සෙ මහා ළොකු ආර්ථික කාරයා වෙච්ච ජේ ආර් පප්පා 83 දි දෙමළ ව්‍යාපාරික ප්‍රජාව විනාෂ කලා. ඉටිරි උන් ටික රාජපක්ෂ නැති කරලා ඔක්කෝම එයාලට ලියා ගත්තා. දැන් පිටරට උන් එනකන් බලාගෙන ඉන්නවා. එහෙම හරක් පාලනය කරපු රටක් මෙහෙම යන එකමයි පුදුමේ…

    • මාතා කියනවා වගේ මේවා ඇති පදම් ලියවිලා ඇති. ඒත් තාමත් පාඩම් ඉගෙනගන්නේ නැහැ. 1983 ජූලියට පප්පා වග කියන්න ඕන. දවස් තුන හතරක් ගිනිතියාගන්න, මරන්න ලයිසන් දීලා වගේ හිටියේ හයෙන් පහේ නායකයෙක්. ඒ වැරැද්දට පප්පට ඉතිහාසේ සමාවක් නැහැ. මේවාට විරුද්ධ වෙච්ච එවුන්ටත් පරිප්පු කන්න වුනා.

  6. Hotel ruwanda අලුත් වර්ශන් එකකින්….
    ඔයා කාලේ මම දිව්‍යලෝකේ වෙන්න ඇති.ඒත් පස්සේ කාලෙක ඉපදෙන්නේ මේ ලංකාවේ ඉපදුණු අවාසනාවන්තම පරපුර වෙන අසූවේ දශකයේ එකෙක් විදිහටම තමා.
    Shooting dogs සහ lord of war කියන ෆිල්ම් දෙකත් බලන්න පුලුවන්නම්. ඒවා බලලා අදටත් සමහරවෙලාවට පැයගානක් උඩබලන් කල්පනාකරන වෙලාවල් තියනවා.පාසල් ශිෂ්‍යයෙක් විදිහට දැඩි ජාතිවාදී ප්‍රතිපත්තියක හිටිය මාව වෙනස්කරපු ප්‍රධාන සිදුවීම් දෙකෙන් එකක් තමයි ඔය චිත්‍රපටි දෙක.

    • කටුස්සෝ….ර්වන්ඩා හෝටලේ වගේම නොවුනත් යම් වැඩ කොටසක් වුනා. මෙහෙම ගියොත් මේවා ඊට නොදෙවෙනි වෙයි.වාසනාවකට අපේ රටේ තාම කුළ ගෝත්‍රික බෙදීම නැහැ. බෙදීම නෙමෙයි, ඒ වෙනුවෙන් තාමත් මරා ගන්නේ නැහැ. බෙදීම මිනිස්සුන්ගේ හිත්වල තියෙනවා. බලපන්කෝ මංගල දැන්වීම්. මේ විකාරවලින් ගොඩ එන්න බැරිද. අල්ලපු රටේ ප්‍රාදේශියව ඒවාගේ මරාගැනීම් වෙනවා හිටපු ගමන්. අපි ඒ රටෙන් එන ඕනම දෙයක් ඕකේ කියන නිසා කාස්ට් යුද්දෙකුත් එයිද මන්දා…අම්මට හුඩු මාත් ආචාරියෙක්. තොපි අල්ලන් ගහයිද… ලෝකෙම විහිලු බං. කොමිඩියක් බලලා අඩමු.

      ///////දැඩි ජාතිවාදී ප්‍රතිපත්තියක හිටිය මාව වෙනස්කරපු ප්‍රධාන සිදුවීම් දෙකෙන් එකක් තමයි ඔය චිත්‍රපටි දෙක./////////

      මම තාමත් හිතනවා…මේ වෙනස කරන්න පුලුවන් ලොකු, පුළුල් සිතීමේ අරගලයකින් පමනයි කියලා. මට එහෙම පහදලා දෙන්න විෂය මූල දැනුමක් නැහැ. පළල් කරවා ගැනීමනම් දන්නවා. මේවා හරි ප්‍රායෝගික දේවල්. නමුත් යම් ප්‍රමානයකට ශාස්ත්‍රීය එඩියුකේශන් එකකුත් තියෙන්න ඕන. මට ඒක නැහැ. තිබුනා නම් මාත් අද පකීර් කෙනෙක්.

      මටත් කවි ලියන්න කියලා දීපන් 😀

      • සෙන්නා says:

        මම නම් මගේ කුලේ මොකක්ද කියලවත් දන්නේ නෑ… අපේ අම්මලා අපිට කවදාවත් ඒ වගේ දෙයක් ගැන උගන්නලත් නෑ…ලංකාවේ හැබැයි කුල බේදේ තුනී වේගන යන්නේ.. බොහොම ඉක්මනට නැත්තටම නැති වෙලා යයි…

      • ///////ලංකාවේ හැබැයි කුල බේදේ තුනී වේගන යන්නේ.. බොහොම ඉක්මනට////////////

        සෙන්නා…….අපේ පවුලේ ඔක්කොම වගේ අපි කැමති කැමති අය බැඳගත්තා. ඒ නිසා මොක්කු මොක්කු ඉන්නවද කියලා දන්නෙත් නැහැ. කුළේ මොකටද බං පැලේ සතුටට.

  7. DDT says:

    අරූ, 1983 මගේ ජීවිතයෙ වැදගත් අවුරුද්දක්. ඒ මම ඉපදුනු අවුරුද්ද, ඔය සිදුවීම්වලට මාස කීපයකට පසු. සමහර විට ඒ මැරුණු දෙමළ කෙනෙක් වෙන්නත් පුළුවන්. ජාතිය ආගම ඉස්සර කරගෙන තිරිසන්නු වගේ හැසිරෙන උන් ගැනනම් කතා කරල වැඩක් නෑ. අන්තිමට බැලුවම මේව ඔක්කොම මේ මජර දේශපාලකයො තමන්ගෙ පැවැත්ම වෙනුවෙන් ගහන දේශපාලන ගේම්.

    • DDT…..මම යමක් කමක් බ්ලොග්ස්වල ලියන්න තටමන කාලේ, මට බොක්කෙන් සපෝර්ට් කරා යම්, යම් අවස්තාවලදි. මම උඹව දකිනවා කලාතුරකින් හරි බ්ලොග්ස්වල. ඒක ඇත්තටම හොඳ දසුනක්. උඹලා බ්ලොග්ස් පෝශනය කරපු මිනිස්සු. මට නෙමේ, බ්ලොග්ස්වලට පොඩි තල්ලුවක් දීපන්. ඒක වටිනවා. මටත් එපා වෙලා තිබුනේ. ඒ අතීතය දැන් වැඩක් නැහැ.

      බලපන් කොල්ලෝ උඹ 83 වසරේ උඹ ලෝකය දකිද්දී, කිසිම වරදක් නොකරපු මිනිසුන් කොටසක්, ලෝකයට අහිමිවුනා. මේවා මහ අපරාධ. අද ලෝකය පුරාම මේ ගැටුම් තුලින් මියන්නේ සහ විඳවන්නේ අපි, උඹලා වගේ සාමන්‍ය මිනිසුන් මිසක්, මේ ගැටුම් නිර්මාණය කරන අය නොවේ. මේක ලොකු කතාවක් මචං.

      • ///////මේව ඔක්කොම මේ මජර දේශපාලකයො තමන්ගෙ පැවැත්ම වෙනුවෙන් ගහන දේශපාලන ගේම්.///////
        මේකටත් මම හිතන විදිහ කියන්නම්. දේශපාලකයෝ කියන උන් විතරක් නෙමේ මචං, අපිත් එහෙමයි. උන් ටෝක්ස් දෙනවා. අපි අහනවා..ඒ ටෝක්ස් අහගෙන අපි ලියනවා. අපි ඒ සියල්ල තුල ආතල් එකක් ගන්නවා. මමත් ඒ වගේද කියලා මට හිතෙනවා. අනේ මන්දා මේකමද මේක නෙමේද කියලා මටත් තේරෙන්නේ නැහැ. සියල්ල ටෝක්ස් බං.

  8. 83 දී මට අවුරුදු පහයි…ඒ නිසා අහල, පොත පත කියවල දැනගත්ත දෙයක් හැර මේ ගැන ලොකු මතකයක් නැහැ….මට මතක 87 පිටකොටුවේ බ්ලාස්ට් එක…ටී වී එකේ පෙන්නපු රූප රාමු අදටත් ඒ විදියටම හිතේ ඇඳිලා තියනවා….

    අරුණගේ පොස්ට් එක කියෙව්වම හිතට ලොකු වේදනාවක් දැනුනා…කොයි තරම් දේවල් එදා සිදු වුනත්, අදටත් මිනිස්සුන්ගේ ආකල්ප වල වෙනසක් වෙලයි කියල මං නම් හිතන්නේ නැහැ…

    • මටත් වයස අවුරුදු පහයි ..හැබැයි මට ඒ කාලේ මතකයි ….රුවන්වැල්ල ටවුන් එකේ තිබුන කඩ දෙකක් හරි තුනක් හරි පුච්චල තිබුනා මතකයි …vt කියල කඩයක් එහෙම ගිනිතියල තිබුනා … විචා ඒ කාලේ එහේ හිටියේ එයාටනං ඔය සිද්ධි හොදට මතක ඇති

      • ඔව් බං අටමෝ….මේ නන්නත්තාර ගේම් එක දවසින් දවස රට ඇතුලටත්, රට වටේටත් පැතිරුනා. ඒක නවත්වන්න ආණ්ඩුව වැඩ කරේ නැහැ. රටේම වෛරය ඇතිකෙරෙව්වා. විචාට නම් හොඳට මතක ඇති.

    • පොකුරු……අසූතුනේ සිදුවීම් ඇහෙන් දැක්ක අය ඉන්නවා නම්, මේවට අර කුමන්ත්‍රන, මේ කුමන්ත්‍රන කියලා හැඳින්වීම් දෙන්න යන එකත් කැත ජූලිය වගේම අපරාධයක්. අපි පාඩම් ඉගෙනගන්න මිනිස්සු නෙමේ. ඒ මදිවට වැරැද්ද පිලිගන්නවත් සුදානම් මිනිස්සු නෙමේ. වැරදි හදාගන්න ඉස්සෙල්ලා, වැරදි පිලිගන්න එපැයි. අපි වරද්දගන්නේ ඔතනින්.

  9. Anonymous says:

    ඔය කියන ෂෙරුනිකා නේද දැන් අරුච්චි නැත්නම අරූගෙ වයිෆ්.

  10. //බඩු මල්ලක්ද අතැතිව සිටි ඇයගේ විඩාබර මුහුණත්, ඇය හැඳ සිටි සාරියත්, ඒ කබල් සෙරෙප්පු දෙකත් මට අදත් මැවී මැවී පෙනේ……තාත්තා මොහොතකටවත් වෙනස්වී නොමැති බවත්, තවමත් යහළුවන් අතරේම තම බීමත් ජීවිතය ගෙවා දමනා බවත්//

    සමාවෙන්න, අද කතාව ඔය උඩ තියෙන කොටසෙන් පස්සෙ කියව්වෙ උඩින් පල්ලෙන්. පෞද්ගලික හේතු, නොකියයුතු කතා. කියෙව්වොත්, සති අන්ත නිවාඩුවට බඩුම තමා.
    අම්මා ❤ ❤ ❤

    • බස්සො….අනිත් හැම දෙයක්ම අමතක කරලා දාලා, මේ ගීතය ගැන කතා කරමු. මරු වැඩක්. මේ දැන් බැලුවේ.

      • මාව ඇති කල (සහ නැති කල ඒ අසමසම , අපූරු නිර්මාණය – ගැහැනිය වෙනුවෙන්

      • මේත් මම කැමති ගීයක්. කාලෝ ෆොන්සේකා ලිව්ව හොඳ ගීතයක්. රෝහණගේ තනුවත් සුපිරි. කාලෝ ලියපු ගීත ඇතුලත් කැසට් එකක් ආවා ඒ කාලේක. “කාලෝචිත ගී” කියලා.

        බස්සො මම තාම ඉන්නේ “අයි ගිරි නන්දිනි” රොක් වර්ශන් එකත් එක්ක. මාරයි ඕයි. බලපන් විශුවල් එකේ තියෙන කොලිටිය. අයි ගිරි නන්දිනි කියන්නේ හින්දු ස්තෝත්‍රයක්ලු නේද? බලපන් කරලා තියෙන වෙනස. මේක ගැන පොඩ්ඩක් හොයාගෙන යනකොට හිපොප් වර්ශන් එකකුත් අහුවුනා. අහලා බලපන්.

      • අයිගිරි නන්දනි කියන්නෙ , හින්දු පාරම්පරික ස්තෝත්‍රයක් බවයි අසා තියෙන්නෙ. මේකෙන් වන්දනා කරන්නෙ දුර්ගා මාතාව. දුර්ගා දෙවගනක් හැබැයි ෂේප් එකයි,පාරයි—ටෝච් එකයි,පොල්ලයි” ජාතියෙ දෙවඟනක්. මේ ගීතය එක, එක තාලෙට වෙනත් ඉන්දියන් භාෂා වලිනුත් තියනවා. ඒ එක සිංදුවක කියන විදිහට මේකෙන් පොදුවේ “ගැහැණිය” නිරූපණය වෙනවා.

        , මේ විෂුවල් වලින් එන්නෙ එහෙම අදහසත්. රූප රාමු, සංස්කරණය, විෂූවල් එෆෙක්ට් පට්ටයි. මටත් එඩිටින් ගැන පොඩි උණක් තියනවා. මේ වීඩියෝ එකේන් , මට නං වෙනම කතාවක් කියවන්නත්, මට හින්දි නොතේරුණත්, අඩුවක් නැතුව රසවිඳින්නත් පුළුවන්. ” ජීවිතය සහ මිනිස්සු” මේ මගේ කැමතිම සබ්ජෙක්ට් එකක්.

      • ////////මේ වීඩියෝ එකේන් , මට නං වෙනම කතාවක් කියවන්නත්, මට හින්දි නොතේරුණත්, අඩුවක් නැතුව රසවිඳින්නත් පුළුවන්. ” ජීවිතය සහ මිනිස්සු” මේ මගේ කැමතිම සබ්ජෙක්ට් එකක්./////////////////////

        +++++++++++++++++++++++
        මටත් එහෙමයි. ජීවිතය සහ මිනිස්සු…හරිම ඉන්ටරෙස්ටින් .

      • සුපිරි නිර්මාණයක්. ජයවේවා. සුබ පැතුම්!!!

        ලාංකීය රොක් සංගීතයට තවත් පිටුවක්. මරු වොයිස් එකක්. මේ වගේ දෙයක් බලන්න ලැබීම හොඳයි. වීඩියෝ එකත් සුපිරි. තෑන්ක්ස් ඇනෝ.

  11. 83 අපි පොඩි එවුවො උනත් ටවුන් එකේ කඩයක් දෙකක් ගිනි ගත්ත හැටි මතකයි.

    • ප්‍රසන්නලා පොඩි ඇති ඒ කාලේ. මගෙත් වයස විසි එකයි. ප්‍රසන්නට හම්බවුනොත් අර JULY කියන නවකතාව කියවන්න. ඒක කියවන්න වටිනවා. ඒ සිදුවීම් හොඳට රසවත්ව ලියලා තියෙනවා. එහෙම තමයි ඒ වැඩ වුනේ.

  12. Anonymous says:

    මම හෝඩියේ පංතියේ 83 අවුරුද්දේ.. පානදුර ඥාති ගෙදරක ආපු වෙලාවේ දැක්ක ටවුමේ කඩ ගිනි තියල තිබ්බ හැටි..
    මිනිස්සු උපදිනකොට තමුන්ගේ ඕනෑකමින් ජාතිය ආගම තීරණය කරගෙන උපදින්නේ නැහැ.. ඒක කර්මානුරූපීව සිද්දවෙන දෙයක්.. ඒත් මැරී මැරී නැවත උපදින ස්භාවය දැන දැනම මිනිස්සු ජාතියක් ආගමක් මුල් කරගෙන ගහමරාගැනීම කොයිතරම්නම් මෝඩද.. ඊළඟ ආත්මය කුමන ජාතියක කුමන ආගමක කුමන සත්වයෙකුගේ කුසේ උපත සකස්වෙයිද කියන දේ නොදන්නා මිනිස්සු තාවකාලිකව ලැබිච්ච ජාතියට ආගමට මරාගැනීම හරිම විහිළුවක් අරුණ මහත්මයා..

    – අම්බලන්ගොඩ කතා –

    • අම්බලන්ගොඩ කතා………..

      මොකක් හරි වෙනස්කමක් හොයාගෙන ගහමරා ගන්න එක තමයි මිනිසාගේ පරම යුතුකම වෙන සයිස් එකට තමයි සමාජයේ වැඩ කටයුතු වෙන්නේ. ජාති,ආගම් විතරක් නෙමේ දේශපාලන අදහස් වෙනස් කම්වලටත් මරාගන්න ලෝකයක්නේ මේක. අතපය විසිකරගන්න එක තමයි විලාසිතාව.
      /////ඒත් මැරී මැරී නැවත උපදින ස්භාවය දැන දැනම මිනිස්සු ජාතියක් ආගමක් මුල් කරගෙන ගහමරාගැනීම කොයිතරම්නම් මෝඩද.. ////////
      රෙන පුකට මොන වැඩද කියලා මිනිස්සු කියන කතාව මතක්වුනා 😀

  13. 83 කලු ජූලිය යනු සිංහල බොද්ධයන්ට එරෙහිව දෙමළ ජාතිවාදයත්, එයට උඩගෙඩි දුන් ඊනියා බටහිර යුදෙව් ක්‍රිස්තියානි සුපිරි ව්‍යුහයත් විසින් අටවපු පිල්ලියක්. ඒකේ මූලික අරමුණ වුණේ දෙමළ ජාතිවාදයේ ඊළඟ පියවර වෙච්ච, සිංහල බෞද්ධයන්ට (කතෝලිකයන්ට නොවේ) එරෙහිව ගැනීමට සැළසුම් කළ සන්නද්ධ ක්‍රියාමාර්ගයේ සුජාත බව තහවුරු කිරීමයි. ඒ මඟින් ලංකාවේ සිංහල බෞද්ධ ජන සංහාරයකට මුල පිරීමේ සැළසුම තිබුණා.

    මේගැන සත්‍යය ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. බ්ලොග් අවකාශයේ් මේ ගැන පුළුල්ව විග්‍ර‍යක් කරලා තියෙන්නේ මහාචාර්ය නලින් ද සිල්වා මහතා. ඒ ඇරුණුකොට ජගත් පතිරණත් යම් යම් ලිපි මඟින් කරුණු පැහැදිලි කරලා තියෙනවා. නිර්භයව මේ සඳහා ඉදිරිපත්වීම වෙනුවෙන් ඔවුන්ට සිංහල බෞද්ධ ජනතාවගේ කෘතඥතාව හිමිවිය යුතුයි.

    • Anonymous says:

      මචං, දෙල්කඳ හංදියේ සපත්තු මහපු අහිංසක මනුස්සයව මරල දාපු, ඊනියා බටහිර යුදෙව් ක්‍රිස්තියානි පරයව පොඩ්ඩක් හොයල දෙන්න බැරිද?

      • /////මචං, දෙල්කඳ හංදියේ සපත්තු මහපු අහිංසක මනුස්සයව මරල දාපු, ඊනියා බටහිර යුදෙව් ක්‍රිස්තියානි පරයව පොඩ්ඩක් හොයල දෙන්න බැරිද?////////////////

        ++++++++++++++++++++++++++++++++++++++++++++++++++
        සපත්තු මහපු දෙමලගෙන් ,දෙල්කඳ හංදිය බේරගත්තට ඌ නිවන් ගොහින් ඇනෝ.

    • ravi says:

      මේ වන්සපුරේ මහත්තය කියන කතාව සහතික ඇත්ත.ඔය 83 ජූලි කලබල පිටිපස්සෙ තියෙන්නෙ යුදෙව් කුරුමන්තරනයක්ය කියල මම සහසුද්දෙන් දන්නෙ මගෙ දෑහිම්ම දැක්ක හින්ද.

      මම ඒ කාලෙ හිටියෙ අනුරාදපුරේ.එහෙ තිබ්බ දෙමළ මහත්මයෙකුට අයිති හෝල් එකක්. නම සිත්තම්පලම්. ඒ දවස්වල එහෙ තිබ්බ හොඳම හෝල් එක. ඒක පුච්චනව කියල ආරංචියට අම්ම යන්ට එපා කියල කෑගහද්දි මම මගෙ ෆුටාර් එකේ නැඟල පාගල ගියා එතනට.

      අම්මට උඩු සුදුපාට පසුබිමේ නිල්පාට පස්මුලු තාරකාවක් ඇඳපු කොඩි ලෙලවමින් උස මහත මිනිස්සු කට්ටියක් මෙලෝ සිහියක් නැතුව, “לִתְקוֹף, לִתְקוֹף” කියල බෙරිහන් දෙමින් හෝල් එක කාබාසීනියා කරනව. ඒ ඊස්රායලේ කොඩියය, එතකොට ෆිල්ම් හෝල් එක විනාස කලේ මොසාඩ් එකේ ඒජන්ට්ලය, එතනිං ගිහාම අර කෑගහල තියෙන්නෙ හීබෲ බාසාවෙං “ගහපිය මරපිය ඔලුවට කොටපිය” කියල මම සහසුද්දෙම්ම දැනගත්තෙ පස්සෙ කාලෙක ආචාරිය නලියන ද සිල්වා මහත්තයගෙ විස්ලේසන සහ විග්ගරහ කිරීං කියවල.

      ඒ කාලෙ කැමරා පෝන් තියා මොබයිල් පෝන් වත් තිබ්බෙ නෑ. නැත්තං එහෙම පොටෝ දෙකතුනක් ගත්තනං ඒ පොටෝ ටිකම ඇති අපේ මේ නිර්මල සින්හල බවුද්ද දේසපෙරේමින්ට ජාතියන්තර කුරුමන්තරන කාරයො ගාපු කලු පැල්ලම අකාමකා දමන්ට. දෙයියම්ප.

      ඇත්තෝම ඇත්ත මම හිතාන හිටියෙ ජේ ආර් පප්ප ඔය 83 ජූලියෙ වුනේ මොකක්ද කියල හොයන්ට කොමිසමක් පත්කලානං එහෙම ගිහිල්ල දිවුරුම් දීල මම දැක්ක දේ කියන්ට. ඒත් මොසාඩ් එකෙං රටපුරා ප්‍රචාරයක් ඇරියනෙ දෙමලුන්ට ගහන්ට මූලික වුනේ සිරිල් මැතිව් ප්‍රමුක ජාතික සේවක සංගමයය, එතකොට ජේ.ආර්. පප්පත් සද්ද නැතුව ඉඳල පස්සෙං පහු කලදුටුකල වල ඉහගන්නව වගෙ ඒ පිට දාල ජේ.වී.පී. එක තහනම් කලාය අරකද මේකද කියල.පප්ප බයවෙච්චි පාර කොමිසම දැම්මෙ නෑ.

      ඉතිං මම හිතාගෙන ඉන්නෙ හෙට අනිද්දම මගෙ දෑහිම්ම දැක්ක දේ අනාගත්ත පරපුරට (සොරි අනාගත්ත පරපුර නෙවෙයි අනාගත පරපුර) දැනගන්නත් එක්ක ලියල තියන්ට. “කලු ජූලිය ඇත්තම කතාව-මොසාඩ් කුරුමන්තරනය – මගේම දෑහිං දැක්ක දේ” අන්න එහෙමයි මාත්තුරුකාව…එල නේ?

      • අනේ මන්දා රවියෝ හිනාවෙන්නද,අඬන්නද කියලා.

        පක්ෂ තුනක් තහනම් කරලා පප්පා නටපු ජෝගිය අපි දැක්කනේ. ඒ තුලින් තවත් ව්‍යසනයකට පාර කැපුවා පප්පා වහන්සේ. දැන් කවුරුත් බබා හුකුන්ලා. ඔය අස්සේ දෙමළ හිරකාරයින්ව, හිරගේ ඇතුලෙම මැරුවේත්, ඔය කියන කුමන්තරන කාරයෝද කියලත් උඹේ “කලු ජූලිය ඇත්තම කතාව-මොසාඩ් කුරුමන්තරනය – මගේම දෑහිං දැක්ක දේ” කතාවේ ලියපන්.

    • /////83 කලු ජූලිය යනු සිංහල බොද්ධයන්ට එරෙහිව දෙමළ ජාතිවාදයත්, එයට උඩගෙඩි දුන් ඊනියා බටහිර යුදෙව් ක්‍රිස්තියානි සුපිරි ව්‍යුහයත් විසින් අටවපු පිල්ලියක්////////////

      මම ජානකගේ බ්ලොග් එකට ගොඩවෙන කෙනෙක්. ඒත් ජනක මේ කතාව 83 ඉතිහාසය මතක අයව හිනස්සන කතාවක්. මේ සියලු සිදුවීම් වෙන්නේ ආණ්ඩුවේ සමහරුන්ගේ උවමනාව මත ඇතිකරපු සිද්ධීන් නිසා. තනිකරම වෛරීසහගත ක්‍රියාදාමයක් අපි දැක්කේ.

      උතුරේ මරා දාපු සොල්දාදුවන් 13 දෙනාගේ අවසන් කටයුතු කොළඹ පැවත්වීම අන්තුරුදායකයි කියා ප්‍රේමදාස අගමැති කියු දෙය ජේඅර් ඉවත දැමුවා. ඒ දේහයන් පවුල්වලට බාර දුන්නෙත් නැහැ. රාජ්‍ය ගොඋරව සහිතව තමයි සිදුවුනේ. එල්ටීටී එකේ ක්‍රියාකාරකම් පිලිබඳ දකුණේ ජනතාවගේ කේන්තියක් තිබුනා. ඒවා සමනය කරනවා වෙනුවට සිරිල් මැතිව්ලා, වැඩේ ගිනි තිබ්බා. ඕක තමයි අපිට පෙනුන දේ.

      ආපහු ගිනිතියන්න එපා කියලා තමයි පාලකයින්ටත්, පාලිතයින්ටත් කියන්න තියෙන්නේ. තල වැපිරුවොත් නෙලන්න වෙන්නෙත් තලම තමයි.

      • ravi says:

        අනික මේ වචනවල තේරුම් නොදැන නිකම් කොහේ හෝ දැක්ක පලියට ලියන එක.

        “ඊනියා” කියන්නෙ එසේ පවසන නැත්නම් ව්‍යාජ කියන තේරුම එන වචනයක්. ඔය ඊනියා වචනෙ බොහොම අපූරුවට පාවිච්චි කලේ අපේ ජේ.වී.පී. සහෝදරවරු. “ඊනියා සාම ගිවිසුම පරදවමු”. “ඊනියා යුද අධිකරණය අපි පිළි නොගනිමු.” අන්න ඒ වගේ.

        එතකොට මෙතන ඊනියා බටහිර යුදෙව් ක්‍රිස්තියානි සුපිරි ව්‍යාපාරයත් කිව්වම ඒ කියන්නෙ එහෙම එකක් නෑ කියන එක. ඉතිං එහෙම නැති එකක් ගැන උඩ පනින්නෙ මොකටද කියල මට නම් තේරෙන්නෙ නෑ.

      • Pra Jay says:

        අරූ සහ රවි,

        යුදෙව් ක්‍රිස්තියානි බටහිර පමණක් නෙමෙයි පිට සක්වල ඊනියා ජීවීනුත් ඕකට හවුල් කියලා නාථ දෙය්යො හීනෙන් කියලා තියනවා.

      • අසූතුනේ මෙහෙම දෙයක් වුනේ නැහැ කිව්වත් පුදුම වෙන්න දෙයක් නැහැ.

  14. ඒ දින දෙක තුනේ මා දැක්කේ ගණේමුල්ල දුම්රිය ස්ථානයේ මරා එල්ලා තිබුණු (දෙමළ ජාතිකයෙකු ගේ) මළ සිරුරක් පමණයි.

    නුවර, බොරැල්ල, නුවරඑළිය වගේ තැන්වල පිළිස්සුණු ගොඩනැගිලි දැක්කේ ඊට පසුවයි!

    • රසිකටත් මේ ගැන හොඳ මතකයක් සහ අත්දැකීම් ඇති. මම දැක්කා නුගේගොඩ අනුලා එක කිට්ටුව ගිනි තියපු සිරුරක්. ඒ වෙලාවේ කර්ෆිව්. අපි කර්ෆිව් පාස් එකක් අරන් හෝටලේ වැඩට ස්ටාෆ් හොයන්න යන ගමන්. අසික්කිත සිදුවීම්. ඉන්දිරා ගාන්ධි එහේ ඉඳන් නරසිංහ රාවෝ එවනකම් පප්පා නිදිවැදුනා. ප්‍රකාශයක්වත් කරේ නැහැ කියලා තමයි මතක.

  15. දුප්පත් මිනිස්සුන්ට මොන අරගලද?උන්ට තියෙන්නෙ බඩගින්නත් එක්ක අරගලයක් විතරයි.
    අදටත් තියෙන්නෙ ඒ ගැටළුවමයි
    උන්ටත් හරි ත්‍රස්තවාදීන් අදුනගන්න බෑ
    අපිටත් හරි ත්‍රස්තවාදීන් අදුනගන්න බෑ

  16. දුක හිතෙන කතන්දර බෝමයි.. ඉස්ඉස්සෙල්ලම ඔලුව කොර කරපු මතකය තමයි 83 කළු ජූලිය.. තාමත් ඒ කොරේ ඉඳ හිට මතුවෙනවා..

    • ඇත්තටම කමියෝ මේවා මතක්වෙන කොටත් ඔළුව කොර වෙනවා තමයි. අත්දැකීම් නිසා නොලියත් බැහැ. ඊට පස්සේ ආවා 89. තවනම් එපා.

  17. උඹ මාව අවුලනවා බං…..
    මම මිනිස්සු මරණයෙන් ගැලවෙන්න දරන වෑයම සහ ඊට දක්වන බය 83 හඳුනාගත්තා…
    තාත්තා වැඩේ ඇවිලෙනකොට හිටියෙ කහවත්ත හුසේන් මැණික් ආයතනයෙ.හවස් වෙන කොට කොළඹ තොරතුරු වගේම ලංකාවෙ සියල්ල එයා එතනින් දන්න කියන අයට කතා කරලා අර ගන්නවා….
    ඊට පස්සෙ අපිට පණිවිඩ දෙන්න විදිහක් නැහැ.ගෙදර එන්න විදිහක් නැහැ බස් නැහැ.නමුත් තාත්තට මතක් වෙනවා අපේ ගමේ හිටිය එකම දෙමළ පවුල.සුන්දරම්ලා…තාත්තා කහවත්තෙ ඉදල මගට එන පොලිස් වාහනවල සහයත් අරං ගෙදර එනවා.ඒත් කිලෝමීටර් 30 ක් විතර පයින්.වැලිමළුවෙ ඉදල මහ රෑ ගෝණකුඹුරට,එතනින් ඇටිකෙහෙල්පොළ කම්බි පාළම හරහා අපි හිටිය දුරෙක්කන්දට.මේ ළගදි මළ ගෙදරක ගියාමයි දන්නෙ ජාතිහිතෛශීන් ගෝණකුඹුර දෙමළ ලැයින් ටිකේ කුකුළන්ට ආදරය කරන්න ගිය එකත් තාත්තා නවත්තලයි ඇවිත් තියෙන්නෙ.
    කම්බිපාළමේ කළුවරේ වැටෙන්න ගිය තාත්තාගෙ කකුළත් තුවාල වෙලා.ඒත් ජීවිතය බේරගෙන ජීවිත ගොඩක් වෙනුවෙන් ආවා.ඉරුණු කළිසම ලේ,කූඩැල්ලො මේ සියල්ලත් එක්කම අවුරුදු 12 මාත් එක්ක සුන්දරම්ලගෙ ගෙදරට ගියා.ගේ වහලා.තාත්තා කතා කළා.ඒත් උත්තරයක් නැහැ.අපි පරක්කුද වගේ හැඟීමක් තාත්තගෙ මුහුණෙ ඇස්වල දිලිසෙන කඳුළෙන් පේනවා.සුන්දරම් මම නෙවිල් මහත්තයා…
    තාත්තා හයියෙන්ම කෑ ගහපු දවස….ටිකකින් ගේ පිටුපස කැකිල්ල ගාල හෙල්ලුනා.රබර් වත්තෙ උඩින් එක එක සෙවනැලි මතු වුණා.පුංචි අත දරවන්ගේ මුහුණුවලත් කූඩැල්ලො එල්ලිලා.කාපු එව්වො ලේ බීලා වැටිලා.ඒ තැන්වලින් ලේ පෙරෙනවා.පැටව් ගැහෙනවා.
    සියල්ලම අපේ ගෙදරට අරං ආවා.පස්සේ අපේම පතලවල හිටිය කට්ටිය ගේ ළඟින් උඩහට නඟිනවා ජාති ආලය වපුරන්න.තාත්තා කතා කරා ඒ අයටත්.ඉන්නෙ අපේ ගේ ඇතුළෙ බව කිව්වා.එක්කෙනක්ට පාරක් වැදුණා.පොඩි මිනිහ වුණාට හරි හයියයි.මනුස්සය බිම…
    තව තව කතා කියලා පහදලා දුන්නා.ඒ පවුල බේරුණා.අනිත් ගම්වල හැමෝටම මංකොල්ලකෑමට සම්බුව පස්සෙ හම්බ වුණා.අපේ ගමේ කිසි කෙනෙක්ට අවුලක් නැහැ….
    හැබැයි සුන්දරම්ල බේරගන්න තාත්තා කහවත්තෙන් නාවනම් කහවත්ත පල්ලියෙ වෙච්චි ඝාතනවලදි තාත්තත් මැරෙන්න තිබුණා ඒව හරස් වෙලා.එතනදි දෙමළ මිනිස්සු මරලා ලේ බීලා තිබුණා….අනුත් කම්කරුවො අපිත් කම්කරුවො කියන එක වෙනුවට අපේ ජාතිය තොපේ ජාතිය කියල හිතන්න පුරුදු රන දේශපාලනයට මම එදා ඉදන් වෛර කරනවා.

    • මේ වගේ මනුස්සයෙක් උඹේ පියා වීම උඹ ලැබු වාසනාවක්. ඒ එක පරම්පරාවක සිතීමේ තිබු උත්තුංග ගුණයක්. එහෙම මිනිස්සු අදත් ඇති. වැල්ලවත්තේ, බම්බලපිටියේ කොවිල්වල ගාල් වෙන්න, හිතහදා ගන්න බැරිවෙච්ච, සල්ලිකාර දෙමළ මිනිස්සුන් හිටියෙත් ඔය ජීවිත බියෙන්ම තමයි නිශ්මා. මම ඒවාත් දැක්කා. රොක්සාමි මාස්ටර්ව බලන්න අමරේ අයියා මාව ඔය කෝවිලකට එක්කන් ගිය බවට මතකයක් තියෙනවා. ටික කාලෙකට පසුවත් ඔය මිනිස්සු කෝවිල් ගේට්ටුවේ එල්ලිලා පාර දිහා බලන් ඉන්න හැටි, උදේ හවස දෙහිවල යන මම, ඒ බස් ඇතුලෙ ඉඳන් බලන් හිටිය හැටිත් තාම මතකයි. මේවා මතක්වෙනකොට මහා වරදකාරී හැඟීමක් එනවා. අපේ අයට උඹලගේ තාත්තලා වගේ වෙන්න ඕන නම්, තවත් කාලය තියෙනවා. මිනිස්සුන්ට තියෙන්නේ වෙන අවශ්‍යතාවයන්. කොටියා කාපු නිසාම ගෙදර බළලුන්ව මස් කරපු යුගයක්. ජාතික අපරාධ.

      • ාලකණ්නි තවමත් ජාතියයි ආගමයි පෙන්නලා උන්ම හදපු නූගත්කමෙනුයි දුප්පත්කමෙනුයි කතිර හම්බ කරනවා ඇරෙන්න වෙන වැඩ පිළිවෙලක් නැහැ

    • ambalangodakatha says:

      You dad is a great person… Respect..

  18. isurufeat says:

    නොදන්න අතීතයක් මතක් කලාට ඉස්තුති 😊

    • ශාස්ත්‍රීය අතීතයක් නෙමේ ඉසුරු. පොඩි සමාජ අතීතයක්, එහෙමත් නැත්නම් පොඩි බාජාර් ජීවිතයක මතකයන් විතරයි. කිසි දෙයක් සීරියස් ගන්න එපා ජීවිතේ. live your life !! එච්චරයි තමන්ගේ ආත්ම වින්දනය. මම වැරදි ඇති. ඒ නිසාමයි මම කියන්නේ සීරියස් ගන්න එපා කියලා.

      ////“The circumstances surrounding your birth is not as important as the opportunity to live life.”
      ― Lailah Gifty Akita, Think Great: Be Great!////////

  19. Manoj says:

    මම ඉපදුණේ ඔය වගේ කලබල ජූලියක 87.මිනිස්සු මේ තරම් සත්තුන්ටත් වඩා අන්ත විදියට හැසිරෙන්නේ කොහොමද කියන එක නම් හිතාගන්න බැහැ.ඊනියා දේශප්‍රේමින් තමයි රට නැති කෙරුවේ.

    • ඔහොම බැහැ මනෝජ් 😀 ඇතුලේ ඉන්න දේසප්‍රෙමි ගැරඬියාට භූමිතෙල් ගහපන්..සෙල්ලංද කොල්ලෝ ෆේස්බුක් ඇවිස්සුනාම. අපි භූමිතෙල් ඉල්ලන පාංකඩ ගැරඬියෝ 😀 ඉස්සර තිරීක්කල රේස් දුවන හරක්ගේ පුකේ භූමිතෙල් ගාන පොන්න ජොකියොත් හිටියා. මේවා කොහෙටත් අදාලයි බං. පාට රත්තරන් වෙන්නම ඕන නැහැ.

      • අනිත් එක තමයි කොල්ලෝ.. ජොකියෝ මාල පලඳිනකොට ,පුකේ භූමිතෙල් ගාගෙන දුවන අර අහිංසක හරකාට අන්තිමේ හම්බවෙන්නේ පුන්නක්කු බාල්දියක්ම පමනයි. තිරික්කල කතාව මේ තරම්ම කැත නැහැ, දේශපාලන කතාව තරම්. ජොකියෝ නොහොත් තිරික්කල රේස් කාරයෝ, උගේ රේස් එක දුවන සතාට පුදුම ආදරෙන් සැලකුවා. අඩුම ගානේ රේස් එකෙන් පස්සෙවත්.

      • ravi says:

        /ඉස්සර තිරීක්කල රේස් දුවන හරක්ගේ පුකේ භූමිතෙල් ගාන පොන්න ජොකියොත් හිටියා/

        බූමිතෙල් ගෑවට වඩා හොඳට ගොනා දුවන්නෙ බං පුකේ අයිස් පලමක් ගැහුවම…එක අතකට මෙහෙම කියන එකත් පව්..ඒත් මම එහෙම සීන් දෑහිම්ම දැකල තියනව. 😦

      • Manoj says:

        අරූයියා,රවීයියා දැන් නම් තිරික්කල් රේස් නැහැ නේද ?කොහොම වුනත් ගැණියෙක්,පිරිමියෙක් කරන්න විතරක් බැහැ කියලා කිව්වා විධා+යකා (විධායක) ජනපතිට තව දේවල් කරන්න බැරි බව පෙන්නුව වැඩක් තමයි කළු ජුලිය.ජේ.ආර් ගේ නිහඩ බව නිසා නැති වුනේ ජිවිත විතරක්ම නොවේ සිරිල් මැතිව්,ලොකුගේලා යාපනය පුස්තකාලය ගිනි තියලා බෙදුම්වාදී සර්පයාට ගිණි තිබ්බා.ආණ්ඩුවක ලොකු ඇමතිවරු ඒ වගේ වියරුවෙන් හැසිරෙන කොට පහල සාමාන්‍ය මිනිස්සු ගැන කවර කතාද?

      • අයිස් පලම් කතාව මාත් අහල තියෙනවා තල්දූවෙදි. එහෙත් තිරික්කල රේස් ප්‍රසිද්ධනේ. පව් බං පස්ස ෆ්‍රීස් වෙලා යනවා ඇති.

      • මනෝජ්….තිරික්කල් රේස් තහනම් කරානෙ.
        ජේආර් ලොක්කා 77 ඉලෙක්ශන් එකෙන් පස්සෙත් ඔහොම බුදිය ගත්තා. එව්වා තමයි ලෝකෙට අපි ගැන කතාකරන්න ඉතුරුකරේ.

  20. මචං ඔය ඔබරෝයි එකේ එහෙම අනාත කඳවුරක් තිබුන බව මම දන්නෙ නෑ මේ උඹ කියනකල්. එතකොට සේවකයන්ගෙ දෙමව්පියෝ එතන ගෙනත් තියන් ඉන්නවට පරිපාලකයෝ ලෙඩ ඇද්දෙ නැද්ද? ඒ එක්කම, ඒ කාලෙ එතන හිටියට බිල ඩබල් කරලා ගත්තෙ හෙම නැද්ද ධනවත් ව්‍යාපාරිකයන්ගෙන්?

    • මචං මේක හොඳ කතාවක්. උඹට මම දැන් උත්තරයක් දුන්නොත්, මට ඊලඟට ලියන්න තියෙන කොටස් උඹට දෙන්න වෙනවා 😀

      ඔබරෝයි අනාත කඳවුර කියන අදහස මම ගේන්නේ, එදා හෝටලයේ හිටපු සුදු සංචාරකයොත්, මේ පාහර පහරදීම් නිසා කාමර බුක් කරගෙන ආපු ,කොළඹ නාගරික ධනවත් ද්‍රවිඩ ප්‍රජාවත්, තුන්සීයකට අධික හෝටලයේ හිරවුනු සේවකයොයි තුනම අරගෙන. ඩූඩ්…ඒකත් අනාත කඳවුරක්. සැප පහසු අනාත කඳවුරක්. උඹට තේරෙනේවා මම කියන්න හදන දේ.. ඒක මාරම මාර එක්ස්පීරියන්ස් එකක් මචං.

  21. Anonymous says:

    පේරාදෙණිය ටවුමේ තිබුණු බෝතල් / පත්තර – ගෝනි කඩේ ගිනි ගන්න; ගිනි දැල් සහ කලුපාට දුම කිලෝමීටර් එක හමාරක් විතර දුරින් තිබුණ අපේ ගෙවල් හරියටත් හොදින් පෙනුනා (දවල් 11.30 විතර වගේ වෙලත්).

    නුවර වැව රවුමේ, දෙමළ කියලා සැක හිතුන අහිංසකයන්ට “බාල්දිය” කියපන් “ගාථා” කියපන් කිය කියා …… බැරි වුණ අයට සැහෙන අමානුෂික විදිහට කරදර කරලා තියෙනවා සමහර තිරිසන්නු. (මගේ යාලුවෝ ඇසින් දුටු දේවල්, මෙතන ලියන එක එච්චර හොද නැහැ කියලා හිතුනා … අරු.)

    නුවර ටවුමේ තිබුන …… කොයි කා අතරත් බොහොම ජනප්රියය තෝසකඩේ තමා “විජයා කැෆේ” එක. (තාම මතක් වෙනවා ශත හැටට තොසේ – වඩේ කාලා ඇගට දැනෙන ප්ලේන්ටියක් ගහපු හැටි… එකෙක් ඇවිත් තෝස දෙක කෙසෙල් කොලේ තියලා යනවා…. සුදු කොටු සරම කැහැපොට ගහගත්ත කොල්ලා බාල්දියක අරන් එන සම්බාරු හොද්ද, කරඩියෙන් දෙකක් අරක උඩට වක්කරනවා …. අපි කෙහෙල් කොලේ කොන් වලින් උස්ස උස්සා, හොදි බේරෙන්න නොදී තොසේ කනවා) 83 ඕකටත් ගිනි තියලා දවස් තුනක්ද කොහෙද ගිනි ගත්තා. මාර දුකයි ඕක ගිනි ගන්නවා දකිනකොට.

    කොලඹ වීදියේත් කඩ කිහිපයක්ම ගිනි තියලා තිබුණා. “ස්වාජි එම්පෝරියම්” කියන රෙදි කඩේ, ලංකා මෙඩිකල් එක, රත්රින් බඩු කඩ, වගේ තැන්. ලංකා මෙඩිකල් එක ඇතුලේ මිනි තුනක්ද කොහෙද තිබුන පිච්ච් පිච්ච් දවස් ගානක්. බාර් එකකටත් දීල තිබුන බඩු උස්සන්න.

    නුවර අනාථ/ අසරණ වූ අය රදවලා තිබුනේ කටුකැලේ තිබුන හින්දු සංස්කෘතික ශාලාවේ. ඒක හදලා ඉවර වූණෙත් අසුගණන් වලම තමා. ඉතින් මට මතකයි කට්ටිය කියනවා ඔය වගේ විශාල හෝල් එකක් දෙමල අය හැදුවෙත් මේ වගේ හදිසි අවස්ථාවක පාවිච්චියට ගන්න කියලා…. ඕකට බෝම්බ ගහලවත් විනාශ කරන්න බැහැ…. ඒ තරමටම කොන්ක්රී ට් දාල ශක්තිමත්ව හදලා තියෙන්නේ කියලා….. වගේ දේවල්.

    මට තවත් කතාවක් මතක් උනා ඔය හින්දු සංස්කෘතිකයේ තිබුන අනාථ කදවුර ගැන. මගේ යාලුවෙකුගේ තාත්තලා කට්ටියක් ගිහින් තියෙනවා කැඳ බෙදන්න හවසක. ඒ අයට සෑහෙන ගැටළුවක් උණාලු අනාථ වී සිටි අය එක වගේ කෝප්ප වලින් හා එකම වෙලාවේ අනෙත් අයත් එක්ක සංග්ර හා බුක්ති විදින්න බැහැ කියලා කියපු එකට. හේතුව බොහොමයක් අය කුල වලින් විවිධ අයුරින් පහත් නිසා ඒ අයත් එක්ක සම සමව මොනම දෙයක් වත් කරන්න බැරි කමලු:)

    අනේ මන්ද අරූ … ඔය වගේ අවාසනාවන්ත සිදිදියක් තවත් නම් අහන්න දකින්න නොලැබේවා!

    • ඇනෝ…බොහොම ස්තූතියි දිග කමෙන්ටුවට.. මේ වගේ රටේ හැම පලාතකම වගේ අරන් බැලුවොත් ඒ විනාශය මෙච්චරයි කියා කියන්න බැහැ. උතුරේ සිංහලයාටත් මේ වගේම අපරාධවුනා. මේ සහෝදරත්වය හදන්න තව බොහෝ කාලයක් යයි. හදන පැත්ත කොහොම වුනත් වනසන්න බලාගෙන ඉන්න කට්ටිය නම් බොහෝයි.

  22. සෙන්නා says:

    උඹ එහෙනම් නැන්දම්මයි ලේලියි අතර සැන්ඩ්විච් නොවෙන වාසනාවන්තයෙක්..

    80 වැඩවර්ජන සීන් එකෙන් අපේ අම්මගෙයි, තාත්තගෙයි දෙන්නගෙම රස්සා නැති වුනා එක පාරම.. දෙමළ කඩේ මුදලාලි මාස හයක් නිකන් බඩු දුන්නා කවදාවත් සල්ලි ගැන අහන්නැතුව…සිංහල මිනිහෙක්නම් මලාට ඒ වගේ දෙයක් කරන්නෑ….

    • ///////උඹ එහෙනම් නැන්දම්මයි ලේලියි අතර සැන්ඩ්විච් නොවෙන වාසනාවන්තයෙක්..//////

      ඒ තරං වාසනාවක් ලෝකේ තවත් නැහැ බං. ඒක විවාහ ජීවිතේක ඉක්මනින්ම විසඳගන්න ඕන ප්‍රශ්නයක්. මට ඒක තිබුනෙම නැහැ. ගොඩාක් අය හිතන්නේ මම අපේ අම්මාගේ බෑණා කියලා. මට ඇහිලත් තියෙනවා. ඉස්සර නිවාඩු ඇවිත් ඉන්නවා දැක්කම සමහරු අම්මාගෙන් අහනවා ලොකු බෑණා ගෙදර ඇවිත් නේද කියලා. කාටද ආඩම්බර 😀 මගේ වයිෆ්ගේ අම්මා, ඒ දේවල් නිසියාකාරව කියලා දීලා තිබුනා දූවරු දෙන්නටම.

      ඔය සෙන්නා කියනවා වගේ කතාවක් මමත් දන්නවා. කුළී ගෙවාගන්න බැරිව එලියට වැටුනු ජෝඩුවකට, තම ගෙදරින්ම පොඩි කාමරයක් දීලා මාස ගානක් බලා ගත්ත දෙමළ වයසක දෙන්නෙක් ගැන. ඒ ආච්චිගේ මරණයට වියදම් කරලා තිබුනේ අර සිංහල කොල්ලා. මොන ජාති කතාද තවත්,

  23. නොකී කතා says:

    83 කළු ජූලිය දවස්වල මහනුවර අනිවත්තෙ අපේ මිත්‍රයෙකුගෙ ගෙදර උන්නෙ. ඒ ගෙදරට උඩින් තමයි ෆායිවාස් හෝටලය අයිති කට්ටිය ජීවත් වුණේ. හොඳින් සිංහල කතා කරන්න බැරි අයට “බාල්දිය” කියන්න කියල “වාල්දිය” කිව්වම ගහල මරන්න තරම් සිංහලය තිරිසන් වීම නිසා ෆායිවාස්ල ගෙදර උන්නෙත් බයෙන්. මොකද වටේටම උන්නෙ සිංහලයින්.
    අපි තරුණයො තුන් දෙනෙක්
    ඒ ගොල්ලන්ට ආරක්ෂාව දෙන්න අපි තීරණය කළා. ඒ අනුව ඔවුන්ගෙ වාහනේ ජනෙල් කවුළු අසලින් අපි ඉඳගත්තා. ෆායිවාස් නෝනයි බබාලයි මැද. මහත්තය ඩ්‍රයිවිං. අපි කිව්ව නවැත්තුවොත් උත්තර දෙන්නෙ අපි. ඔයගොල්ලන්ට කතා තහනම් කියල. කරදර කරන්න ආවොත් ඒකටත් සූදානම් වුණා.
    පොලු, කඩු, කිනිසි අතින් ගත් සිංහල ජාත්‍යාලයින් රංචුවක් මුල්ගම්පොළදි වාහනේ නවැත්තුව. අපි සිංහලෙන් හයියෙන් කතා කළා. බාල්දිය කියන්න ඕනෙද කියල එකෙක් ඇහුවෙ ඔළුව එළියට දාල. දෙමළු ඉතිරි කරන්න එපා.. කියල අනෙක කිව්ව.
    හරි..හරි..මල්ලිලා යන්න. අපි බලාගන්නං එක දෙමළෙක් ඉතුරු කරන්නෙ නෑ..කියල උං කෑගහමින් අපිට යන්න ඇරිය..
    මරබියේ වෙව්ලන දෙමාපියන් හා දරුවන් නිරුපද්‍රිතව ඔවුන්ගේ නෑසියන් ඉන්න පෙදෙසකට ගෙනිහිං ඇරලවල අපි පයින්ම අනිවත්තට ආව.

    • මෙහෙම අත්දැකීම් තියෙන මිනිස්සු ඉන්න එකත් වටිනවා හෙන්රි. එදා ඔබ වගේ මිනිසුන් නිසා ජීවිත බේරාගත් කී දාහක් ඇතිද කියලා හිතෙන්නේ මේ කතා ඇහුවාම. ආදරයයි, වෛරයයි අතර තියෙන්නේ කෙස් ගහක වෙනසක්. මට දුක මේ පාඩම් වලින් ඉගෙනගන්න දේවල් තියෙද්දිත් ආපහු පස්සට යන්න හදන එක.

      • නොකී කතා says:

        ඇත්තටම මිනිසුන් ජාති, වර්ග, ආගම් වලට බෙදිල තිරිසන්නු වගේ ඇන කොටාගන්න එක ගැන මං හැමදාම කම්පා වෙනවා. පේරාදෙනිය විශ්වවිද්‍යාලෙ ඉගෙන ගද්දිත් , රස්සාව කරද්දිත් සිංහ තිරිසන් වෙස් ගත්තු සිංහලයින්ගෙන් දෙමළුන් බේරගන්න කීපවරක්ම මැදිහත් වුණේ ජීවිත අවදානම නොතකායි. මේ ගැන වෙනම පෝස්ට් එකක් ලියන්න හිතුණා. අමිහිරි වුණත් මේ මතක අවදි කළාට අරූට ස්තූතියි.

  24. නොකී කතා says:

    ඇත්තටම මිනිසුන් ජාති, වර්ග, ආගම් වලට බෙදිල තිරිසන්නු වගේ ඇන කොටාගන්න එක ගැන මං හැමදාම කම්පා වෙනවා. පේරාදෙනිය විශ්වවිද්‍යාලෙ ඉගෙන ගද්දිත් , රස්සාව කරද්දිත් සිංහ තිරිසන් වෙස් ගත්තු සිංහලයින්ගෙන් දෙමළුන් බේරගන්න කීපවරක්ම මැදිහත් වුණේ ජීවිත අවදානම නොතකායි. මේ ගැන වෙනම පෝස්ට් එකක් මෙන්න. අමිහිරි වුණත් මේ මතක අවදි කළාට අරූට ස්තූතියි.

    http://nokieekatha.blogspot.com/2015/07/blog-post_31.html

    • බොහොම ස්තූතියි. මට කියවන්න නොලැබිච්ච පෝස්ට් එකක්. හෙන්රි ලියා තිබෙන පහත කොටස පිලිබඳ මගේ මතයත් ඕකමයි. එහෙනම් රටේම තත්වය වෙනස් වෙන්න තිබුනා. ජේආර් මේ සියල්ලට ඉඩදී පස්සේ හෙමිහිට ගෙදර ගියා. උතුරේත්, දකුණේත් පරම්පරාවක් අපට අහිමි වුනා.
      //////////////83 කළු ජූලිය නිර්මාණය වන්නට ඉඩහරමින්, රටම ගිනි ජාලාවක් වෙමින් දෙමළ සංහාරයක් සිදු වනතුරු කට පුක වසාගෙන උන් ජේ.ආර්. එකී ජාතිවාදී කලබල වලට කිසිසේත්ම සම්බන්ධ නැති ජනතා විමුක්ති පෙරමුණ හා නව සමසමාජ පක්ෂය ඊට වගකිවයුතු යැයි කියා තහනම් කොට, විශේෂයෙන් ජ.වි.පෙ. ගමන අඩාල නොකරන්නට ශ්‍රී ලංකාවේ දේශපාලන භූමිය මීට වඩා බොහෝ සෙයින් සුමට එකක් වන්නට ඉඩ තිබුණා.//////////////////////////////

  25. Ajith says:

    Lokka! Your bro wrote 59th episode also today what about your next one? Can’t wait till it!

  26. බන්‍ධුල කුදලාගම says:

    ගරු අරුණ පෙරේරාණෙනි,

    මතු පළ වන්නේ මා විසින් සරසතුමාගේ වියුණුවේ තැබූ ආලෝචනයක අප දෙදෙනාට ම රිසි කොටස ය. 1. සහ 3. කොටස් සරසතුමාගේ වියුණුවේ පළ ව ඇත.

    2. ගුණදාස කපුගේ ගැයූ “අයියණ්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ” ගීය පිළිබඳ ද රසවත් සංවාදයක් ඇති ව තිබේ. නාගොල්ලාගම නිමල් ආනන්දගේ පුතණුවන් ද එම සංවාදයට එක් ව සිටිනු මම දුටුවෙමි***.

    මගේ හිතවත් අරුණ පෙරේරාණෙනි, අප දෙදෙනාඉතිං කවදත් රස විඳින්‍නට රිසි පැරණි රසාංග නො වැ! එනිසා අපි නාගොල්ලාගම නිමල් ආනන්ද ඔස්සේ අතීතාවර්ජන කෙටි කතාබහක් කරමු. ගුණදාස කපුගේ පෙර කී ගීය ලියූ නාගොල්ලාගම නිමල් ආනන්ද මේ ය යි දැන ගත්තේ ගීය ගයා කලකට පසු ව බව පවසනු මම අසා ඇත්තෙමි. නාගොල්ලාගම නිමල් ආනන්ද ලංකා බැංකුවේ සේවකයෙකි.

    ලංකා බැංකුවේ සේවකයෝ කවදත් කලාවට සුරුවෝ ය. එක්දහස් නවසිය හැට ගණන්වල මුල ඇරඹි, දැන් වසර පනහකටත් වැඩි ඉතිහාසයක් තිබෙන සාහිත්‍ය සංගමයක් ද ඔවුනට තිබේ. ආනන්ද මෙන් ම කලා ලොව ප්‍රකට ලංකා බැංකු සේවකයන් කීප දෙනෙක් ම සිටිති (සේවකයන් කීපදෙනෙක් ය යි ලියුවේ වැරදීමකින් නො වේ). අරුණ පෙරේරාණන්ගේ අගනා වියුණුවේ පසුගිය දිනෙක වන්ද්‍රා වාකිෂ්ඨ පිළිබඳ සඳහන් ව තිබිණි. චන්ද්‍රා වාකිෂ්ඨ ලංකා බැංකුවේ පැරණි සේවකයෙකි (මතක හැටියට තංගල්ල ශාඛාවේ). පතී අවසන් වරට අධ්‍යක්ෂණය කළ සක්කාරං චිත්‍රපයට පදනම් වූ නවකතාව ලියූ චම්මින්ද වෙලගෙදර ද මගේ මතකයේ හැටියට ලංකා බැංකු සේවකයෙකි. “මලයි වැලයි එක වාගේ – ඔබයි ප්‍රියේ නෙත මාගේ – සිනා කැලුම් මට ඈගේ” ගීතය ක්ලැරන්ස් සමඟ ගැයූ, “සඳයි තරුයි රැයයි හිරුයි මගේ මේ ලොවේ – මමයි ඔබයි අපේ සිතයි සදා වෙන් නො වේ” ගීතය අනිල් සමඟ ගැයූ ගායිකාව මගේ හිතවත් ගීත විශාරද අරුණ පෙරේරාණනට මතක ඇති බව මට නිසැක ය. ඕ ලාංකිකා පෙරේරා නම් වුවා ය. ලාංකිකා පෙරේරා ලංකා බැංකුවේ සේවිකාවකි. ‍ලාංකීය කණ්ඩායම් සංගීතයේ සුපිරි තරුව වූ ක්ලැරන්ස් විජේවර්ධන මූන්ස්ටෝන්ස් කණ්ඩායමෙන් ඉවත් ව ශානක පෙරේරා සමඟ හැත්තෑව දශකයේ මුල දී ඇරඹූ ගොල්ඩන් චයිම්ස් කණ්ඩායමේ නිත්‍ය ගායිකාව වුයේ ද ලාංකිකා ය (ලාංකිකා ශානකගේ භාර්යාව ය; විජිතගේ සහෝදරිය ය). සිංහලය ද දෙමළය ද මනා ව ව්‍යවහාර කළ මඩුළුගිරියේ විජේරත්න ද ලංකා බැංකුවේ සේවකයෙකි. ප්‍රකට කවියකු, පරිවර්තකයකු වන දේ. වි. ගාල්ලගේ ද ලංකා බැංකුවේ සේවකයෙකි. ඔහු කලක් ලංකා බැංකුවේ සඟරාවේ ද සංස්කාරක වූයේ ය. එම යුගය සිහි කරමින් මම යළි නාගොල්ලාගම නිමල් ආනන්ද වෙත එමි.

    නාගොල්ලාගම නිමල් ආනන්ද ලංකා බැංකු මූලස්ථානයේ විශ්‍රාමිකයන් පිළිබඳ අංශයේ ද සේවය කළ බව මට මතක ය. එකල ලංකා බැංකු මූලස්ථානයෙන් සංවිධානය කෙරුණු බොහෝ සංගීත වැඩසටහන්වල දී අදහස් දක්වන්නට ආනන්දට ද ආරාධනා කෙරෙයි. එයට හේතු ව ආනන්ද නිවුණු විධායකයකු තරමට ම කලාකාමි‍යකු ලෙස ද ප්‍රකට ව සිටීම ය. එසඳ පෙර කී ගීතය පිළිබඳ යමක් පවසන්නට ද ආනන්ද අමතක කරන්නේ නැත! එවන් අවස්ථාවක ආනන්ද පැවසූ ගීතයේ නිදාන කතාව දැන් මට සම්පූර්ණයෙන් මතක නැත. එහෙත් එය ඔහුට සම්බන්ධ සිදුවීමකි. එය ආනන්ද යම් කලහයක් සමථනයට මැදිහත් වූ අවස්ථාවකි. ආනන්ද තම දීර්ඝ විස්තරය අවසන් කළේ “ඒ පහර මට වැදුණා නම්” ලෙස සාත්විකාංගිකාභින පාමින් පවසා ප්‍රේක්ෂකාගාරය සිනා සයුරේ ගිල්වමින් ය.

    ආනන්ද ලියූ වෙනත් ගීයක් පිළිබඳ මගේ මතකයට නො නැඟේ. අරුණ පෙරේරා‍ණනි, ‍කලාකාමීත්වය කෙසේ වෙතත් අමරබන්දු රූපසිංහ පන්නයේ ලංකා බැංකු කලාකාමියකු ද ආනන්ද නිසා මට සිහි වේ. යාගොඩින් පැමිණි ඔහු නමින් ද යාගොඩ ය. අදාළ රස කතා මෙහි ලිවීම නොනිසි ය!

    ආනන්ද අසනීප වූ බව මීට වසර පහ-හයකට පෙර මට දැන ගන්නට ලැබිණ. විශිෂ්ට හෘදරෝග විශේෂඥ වෛද්‍ය මුබාරක් ලංකා බැංකු කාර්යමණ්ඩලයට කිරීටක ධමනී රෝග පිළිබඳ වැඩමුළු කළේ ඉන් පෙර ද පසු ද යන්න ද පිළිබඳ මට නිනව්වක් නැත (මෙම වාක්‍යය පිළිබඳ අදහස් දැක්වීම සරසතුමා තහනම් බව දන්වමි!). සුව ලැබූ ආනන්ද දැන් නම් විශ්‍රාමික ය යි සිතමි. පසුගිය වසර පහ-හය තුළ ඔහු පිළිබඳ විමසන්නට මට නොහැකි විණ.

    මෙවැනි පැරණි මතක යළි අවදි කරවන්නට සැම දා මා පොලඹවන්නෝ සුමිතුරු සරසතුමාත් අරුණත් ය. අනෙක් පාඨකයෝ අපගේ අතීතකාමය පිළිබඳ ඉවසත්වා!

    බොහෝ විට යළි කෙදිනකවත් පවසන්නට නො වන දෙයක් මේ සමඟ ම පවසමි. ලංකා බැංකු සේවකයන් ලියූ කවි දෙතුන් මසකට වරක් කියවන්නට මට වසර ගණනක පෙර සිදු විණ. බොහෝ කවි මගේ මතකයේ නොරැඳුණු මුත් කලකට පෙර මහනුවර ශාඛාවේ ලක්‍ෂමි උදලාගම ලියූ මතු දැක්වෙන කවිය නම් සෑහෙන කලක් මතකයේ රැඳුණි (මා ඇය දැක හැඳින නැත. අරුණ පෙරේරා‍ණනි, ඔබ “දන්නේ නැහැ” යන වදන් ද්වයය ව්‍යවහාර කරන්නේ “දැක හැඳින නැත” යන අදහසින් විය යුතු ය යි මම සිතමි!):

    “සංසාර ගමන් මඟ කටුකබව දැන ගන්න
    ගොඩවෙච්ච නවාතැන ටික කලක් නවතින්න
    කවද හරි වෙන හින්ද හැමගෙන් ම සමු ගන්න
    විඳවන්න එපා දිවි ඉන්න කල් විඳ ගන්න”

    බන්‍ධුල කුදලාගම,
    සදම්ටනය.

    • බන්ධුල මහත්තයෝ……ලාංකිකා පෙරේරාව හිටපු ගමන් ටීවී ප්‍රොග්‍රෑම්ස්වලින් දකිනවා. ඇය ඒ අතීතය මතක් කරනවා. ඔබ මතක් කෙරූ අන් අය පිලිබඳවත් පුවත්පත් කියවීමේදි ඇස ගැටෙනවා. මේ වටිනා තොරතුරු අතරේ ඔබට බන්ධුල නානායක්කාරවසම් අමතක වූවා දැයි සිතේ. ඔහුත් ලංකා බැංකු සේවකයෙක් බව අසා ඇත්තෙමි.

      මම “දන්නේ නැහැ” කියා ලියන්නේ ඔබ කියන අරුතෙන් මෙන්ම” නොදනිමි” කියන තේරුමෙන්ද වේ. වරදක් වේ නම් කියන්න.

      ලක්ෂ්මි උදලාගමගේ කවියට නම් මම බොහො කැමැත්තෙමි. ජීවිතය ගතකිරීම ගැන මම සිතන්නේත් ඒ විදිහට. විඳවන්න නම් ජීවත්වීමේ අරුත කුමක්දැයි සිතේ.

      • බන්‍ධුල කුදලාගම says:

        මා හිතවත් අරුණ පෙරේරාණෙනි,

        ඔබගේ ප්‍රතිචාරයට ස්තුතියි! මම බන්‍ධුල අමතක නො කළෙමි. බන්දුල නම් ලද අය බොහෝ වුව ද බන්‍ධුල නම් ලද අය නම් දුලබ ය. නානායන්කාරවසම් මා ප්‍රිය කරන ගී පද රචකයෙකි. “ගඟක් සේ ඔබ ගලා ඒ නම් – මුවදොරක් වී ඔබ ව හමුවන්නම්- මලක් සේ ඔබ පෙති සලයි නම් – පවන් රළ වී ඔබ ව සිප ගන්නම්” යනුවෙන් ලියූ සෞන්දර්යවාදී මිනිසෙකි නානායක්කාරවසම්***.

        මගේ මතකයට අනුව හෙතෙම සේවය කළේ ලංකා බැංකුවේ නො ව ලංකා කොමර්ෂල් බැංකුවේ ය. ඔහු ඊටත් පෙර මහජන බැංකුවේ සිටියේ ද යන සංශය ද මසිත ඇත. එහෙත් ඔහු ලංකා බැංකු මූලස්ථානයේ සේවය කළ බව නම් මට සිහි නො වේ. විමසා බලා ස්ථිර ව දැන ගත හොත් මා ද දැනුම්වත් කරනු මැනවි.

        “දන්නේ නැහැ” යනු වැරදි වහරක් නො වේ. වියුණුකරුවන් අතර අනිසි ගැටුම් අවුළුවන, සිංහල වියුණු අවකාශයේ සරන යම් මහත්මයෙක් වෙහෙස මහන්සි වී මගේ නමට පොදුජන ක්ෂේත්‍රයට පසුගිය දිනෙක ඉලෙක්ක්ට්‍රොනික ලිපියක් එවා තිබිණ. අරුණ පෙරේරාණන්ගේ වැකියක් ද සන්දර්භයෙන් බාහිර ව උපුටා එහි සඳහන් කර එයට අරුත් විවරණ ද සපයා දී තිබිණි. මම එම වැකියට අදාළ සම්පූර්ණ සටහන සොයා ගෙන කියවා බැලීමි. ඉන් පසු මම මෙසේ පිළිතුරු යැවීමි: “ව්‍යායාමයට තුති. ඔබතුමා උපුටා දක්වා තිබූ වාක්‍යයට පෙර සහ පසු අරුණ පෙරේරා සඳහන් කර ඇති වාක්‍ය කීපය ද කියවා බලන මෙන් කාරුණික ව පවසමි.”

        දැනීම/දැනුම්වත්බව යන්නට මූලික අරුත් කීපයකි (ඩෙකාර්ට්, ස්පිනෝසා, රසල් අරගොල්ලෝ මේගොල්ලෝ ගාව ගන්නේ නැති ව අපි කතා කරමු!). “දන්නවා” කියූ විට එක් අර්ථයක් නම් අප ය‍ම් අයකු දැක හැඳින ඇති බව ය. තවත් අර්ථයක් නම් අප යම් අයකු පිළිබඳ අසා ඇති බව ය. “අරුණ පෙරේරා අමරබන්‍ධු රූපසිංහ දනියි” යන වැකියේ පළමු අර්ථය ඇත. “අරුණ පෙරේරා මයිකල් රොද්‍රිගු පියනම දනියි” යන වැකියේ දෙවන අර්ථය ඇත.

        නො දනියි යන්නෙත් එවැනි අරුත් පවතී. “අරුණ පෙරේරා මොරිස් ශ්‍රී රම්මණ්ඩල නො දනියි” යන වැකියෙන් අරුණ පෙරේරා එවැනි අයකු පිළිබඳ අසාවත් නැති බව හැඟ වේ (රම්මණ්ඩලයන් පිළිබඳ අරුණ අසාවත් නැති බව මම උපකල්පනය කරමි!). “අරුණ පෙරේරා බන්‍ධුල කුදලාගම නො දනියි” යන වැකියෙන් පැවසෙන්නේ පෙර වැකියෙන් පැවසෙන “නො දනියි” යන්න නො ව “දැක හැඳින නැත” යන්න ය. අරුණ පෙරේරාණනට සහ සරසතුමනට වඩා බන්‍ධුල කුදලාගම “දන්නා” අය සිංහල වියුණු ලෝකයේ නැති තරම් ය. එහෙත් මා දැක හැඳින ඇත්තේ එක ම එක් අයකු පමණි. එහෙත් ඔහු සියල්ල පටලවා ගෙන ඇත!!!

        කෙසේ වෙතත් වියුණුකරුවන් අතර ගැටුම් ඇති කරන්නට වෙහෙසෙන පිරිසක් සිටින බව හැඟේ (සරසතුමාගේ වියුණුවේ ද මේ දිනවල ඔවුහු සැරිසරති). දශක හයකට ආසන්න කාලයක් ගෙවූ අරුණ පෙරේරා ද දශක හතක් ගෙවූ මා ද එවැනි විසුළුවලින් කම්පිත නො වන බව නම් මම දනිමි.

        අරුණ පෙරේරාණන් ලක්‍ෂ්මි උදලාගමගේ කවියට කැමති නිසා මෙන්න ඇයගේ තවත් කවියක්:

        “ජීවිතය වසන්තය කර ගන්න දිරි ගන්න
        වසන්තය නිමා වෙයි එපා එන කල් ඉන්න
        දිගු කරන් වසන්තය හැකි තරම් විඳ ගන්න
        එපා ඔබ මැරෙන්නට පෙරාතු ව වැළලෙන්න”

        සරල යි, සුමට යි, අරුත්බර යි. මා කැමති මෙවැනි කවිවලට යි. ආතභූත කවි ප්‍රහේලිකා පිළිබඳ මගේ එතරම් උනන්දුවක් නැත!

        බන්‍ධුල කුදලාගම,
        සදම්ටනය.

        *** දිවුල්ගනේ සහ දීපිකා තවමත් එක් ව ගී නො ගයන්නෝ ද? කාලයක් ජෝති සහ ඇන්ජි ද ගී ගැයීම නැවතූහ. එපමණ නො වේ ටි. එම්. සහ නීලා ද එසේ ම ය. හේතු නො විමසමු.

      • බන්ධුල………නානායක්කාරවසම් ගැන මගේ මතකය එහෙනම් අවුල් ඇති කියා හිතෙනවා.

        මම බන්ධුල කුදලාගමව දන්නේ නැහැ කියලා කියන්නේ දැකලා ආශ්‍රයකරලා නැහැ කියන අරුතෙන් තමයි. මේ එකිනෙකාට යවාගන්න ඊමේල් නම් හරිම වාතයක් බ්ලොග්ස්වලට අප්පා. අහක ඉන්න අපිවත් ගාඅවගන්නවා මේ විෂබීජ වලට. මේ කවුරු හරි එක කල්ලියක වැඩක්. මට නම් දෙයියනේ කියලා ඕවා එන්නේ නැහැ.
        ඔබ බ්ලොග් ලෝකය තුල සිටීම ඉතාම වැදගත්. මටත් විස්වාසයි, මේ හාල්පාරුවන්ට ඔබව අන්දන්න බැරි බව. අහුවෙන්නත් එපා. ඔබට මගේ උපදෙස් අවශ්‍ය නොවන බව මම දන්නවා. අමු කුහකයෝ කොටසක් ඉන්නවා.

        ////////////දිගු කරන් වසන්තය හැකි තරම් විඳ ගන්න
        එපා ඔබ මැරෙන්නට පෙරාතු ව වැළලෙන්න”///////////
        මල් මසුරන්….

        ///////*** දිවුල්ගනේ සහ දීපිකා තවමත් එක් ව ගී නො ගයන්නෝ ද? කාලයක් ජෝති සහ ඇන්ජි ද ගී ගැයීම නැවතූහ. එපමණ නො වේ ටි. එම්. සහ නීලා ද එසේ ම ය. හේතු නො විමසමු.///////////////

        මේ සියල්ල තුල අතිශය පෞද්ගලික කතා ඇති බව අසා ඇත්තෙමි. 😀

      • බන්ධුල…….ඒ කාලේ ලංකා බැංකුවෙන් හොඳ සංගීතමය වැඩ සටහනක් කරා ගුවන් විදුලිය හරහා. මට නම මතක් වෙන්නේ නැහැ. සුපිරි වැඩක්. දැන් ලංකා බැංකුවට ඒ වගේ රසයක් දැනෙන්නේ නැද්ද…

      • ravi says:

        “ආරාධනා”

      • ravi says:

        ආරාධනා වැඩ සටහනේ තේමා ගීතය ගායනා කලේ අමරදේවයන්. මට දැන් ඒක නම් මතක නෑ. ඒත් ඊට පස්සෙ මෙහෙම නිවේදනයක් නම් මතකයි…

        .”ලංකා බැංකුවයි මේ ඔබේ.වාසනා නිධානයයි ජාතියේ..ලක් දනන්ගෙ පින් බෙලෙන් පහළවූ…කප් රුකයි..සිත් දිනයි…සුරභි ධේනුවයි..ජාතියේ මහා දායාදයයි…ලංකා බැංකුවයි මේ ඔබේ…..මෙන්න අදත් රසික ඔබ හැම වෙනුවෙන් ලංකා බැංකුවෙන් පිදෙන උත්තමාචාරය…ආරාධනා ස්වර දැහැන”

      • මචං රවී මේක නේද භාණ්ඩේ…

      • බන්‍ධුල කුදලාගම says:

        අරුණ පෙරේරා‍ණෙනි,

        ලංකා බැංකුව විසින් තවමත් හොඳ සංගීත වැඩසටහන් සංවිධානය කෙරෙයි. වර්ෂයකට එවැනි වැඩසටහන් තුනහතරක් ම මෙදවස ද පැවැත්වෙන බව දැන ගතිමි. මා ලංකාවේ සිටි අවසාන කාලයේ දී මම එම වැඩසටහන් නැරඹීමට ගියෙමි. එම වැඩසටහන් මනා ව සංවිධානය කෙරී තිබිණ. එකල ලංකා බැංකුවේ සංගීත වැඩසටහන් සඳහා සේවකසේවිකාවන් පුහුණු කිරීම ලකීට (ලක්‍ෂ්මන් විජේසේකරට) ද පැවරිණි. තැම්පත් මනුෂ්‍යයකු වන ලකීට ඇතැම් විට කේන්ති යන බව එදවස මට හැඟී ගියේ ය!

        ලංකිකා පෙරේරා දශක හතරක සේවය නිම කර සමුගන්නා විට ඇය වැනි දක්‍ෂ කලාකාමි ස්ත්‍රියක් ලංකා බැංකුවෙන් මතු ව පැමිණියා ය. ඇය මහනුවර මගේ ගමට නුදුරු ගමක හැදී වැඩී, මහාමායාවේ උගෙන, පේරාදෙණි සරසවියෙන් විද්‍යාවේදී උපාධිය දිනා, පසු ව බැංකු ක්ෂේත්‍රයට පැමිණි තරුණියකි. ඇයගේ පියා මගේ සමකාලීනයෙකි. ඇය ලාංකිකා ආරියසිංහ ය; අතිදක්ෂ ස්ත්‍රියකි.

        ලංකාවේ බැංකුවල භක්ති ගීත කණ්ඩායම් අතර ද ලංකා බැංකු භක්ති ගීත කණ්ඩායම ප්‍රමුඛ ව වැජඹේ.

        ලංකා බැංකුවේ තේමා ගීතය මා හිතවත් අරුණට මෙන් ම මට ද රසවත් ය. එම අතීත මතකයන් පුදුම සැනසීමක් ගෙන දෙයි. පැරණි රෑපවාහිනී වෙළෙඳ දැන්වීම් මාලාවක් ද යූටියුබයේ තිබී මම කලකට පෙර නැරඹීමි. අමුතු අසිරිමත් හැඟීමකි. අතීතකාමය වැඩෙන්නත් එක්ක පහත විඩියෝ කීපය නරඹනු මැනවි.


        https://youtu.be/qeNWCWJY2OA (ලස්සන කටහඬක්)
        https://youtu.be/TYBCHg69mzs (මේවායේ ගමන් ගිය කාලය මතක ද?)

        බන්‍ධුල කුදලාගම,
        සදම්ටනය.

    • ravi says:

      අන්න මචං බඩු…තෑන්ක්ස්…මට මතක විදිහට බ්‍රහස්පතින්ද රෑ අටහමාරට මම ඔය තේමා ගීතය ඇහෙනකොට මම දුවගෙන ඇවිල්ල කෑගල්ලෙ අපේ ගෙදර එළියෙ තිබ්බ දිග කොරිඩෝවක්.. ඒකෙ කුළුණකට හේත්තුවෙලා බිම ඉඳගන්නව හරි බරි ගැහිල…හෙහ්,හෙහ්,

  27. බන්‍ධුල කුදලාගම says:

    හිතවත් අරුණ,

    විත්‍රා සහ වන්ද්‍රා වාකිෂ්ඨ යන දෙදෙනා පිළිබඳ අවුලක් ඇති ව තිබෙනු දුටුවෙමි. මම තවත් එම අවුල වැඩි කරන්නට මේ නම් ද එක් කරමි. එවිට ඔබට අතීතය සිහිවනු ඇත:

    ලොයිඩ් වාකිෂ්ඨ සහ ප්‍රාන් වාකිෂ්ඨ

    බන්‍ධුල කුදලාගම,
    සදම්ටනය.

    • මේ පවුල පදිංචිව සිටියේ ගංගොඩවිල වනාත පාරේ. ලොයිඩ් වාකිෂ්ඨ නම් බොහෝ කාලයකට පෙර මිය ගියා. ප්‍රාන්ව පොඩි කාලේ ඉඳන්ම මට මතකයි. දැන් නම් අයිටීඑන් එකේ මගේ හිතේ. ප්‍රාන් වාකිෂ්ඨ නුගේගොඩ සාන්ත ජෝන් එකට ගියේ.

      • බන්‍ධුල කුදලාගම says:

        අප කවුරු කවුරුත් ඔය පැතිවල අය බව නම් පැහැදිලි ය!

        බන්‍ධුල කුදලාගම,
        සදම්ටනය.

  28. බන්‍ධුල කුදලාගම says:

    මා හිතවත් අරුණ,

    කළු ජූලිය පිළිබඳ බොහෝ දේ පවසන්නට ඇත. මා අතීතයේ දී ඒ පිළිබඳ විවිධ දේ ලියා ඇත. දැන් පවසන්නේ වෙනත් ලියවිල්ලක් පිළිබඳ ය:

    http://www.jdslanka.org/s/index.php/2014-12-20-03-13-45/2014-12-20-03-18-29/442-83blackjuly25

    ඉහත පුරුකෙන් එම ලිපිය කියවිය හැකි ය. කරුණාකර එම ලිපිය පළ වූ තැන කුමක් ද?, ඒ අයගේ දේශපාලනය කුමක් ද?, ලේඛකයා කවුරු ද? ලේඛකයාගේ දේශපාලනය කුමක් ද? යන දේ අමතක කර කියවන්න. මෙම ලිපිය සත්‍යය සිදුවීම් මත ලිය වී ඇති බව නම් පවසමි. ලිපියේ දෙවන කොටසට සබැඳෙන පුරුක පළමු කොටසේ ඇත.

    බන්‍ධුල කුදලාගම,
    සදම්ටනය.

    • මේ ලින්ක් එක දැමීම පිලිබඳ ස්තූතියි. මම ලිපි දෙකම කියෙව්වා. මේ සිදුවීම් සත්‍ය බැව් කිය යුතුය. මමත් මේ හා සමාන දේ ඇසින් දුටුවෙක්ම්. අමිහිරි වූවත් දුර්ලභ ෆොටො දකිනා විටත් මතකය හාරා ඇවිස්සේ.

      //////ලිපිය පළ වූ තැන කුමක් ද?, ඒ අයගේ දේශපාලනය කුමක් ද?, ලේඛකයා කවුරු ද? ලේඛකයාගේ දේශපාලනය කුමක් ද? //////

      ඇත්තටම බන්ධුල මම නම් ලිපියේ අන්තර්ගතය ගැන පමනයි හිතන්නේ. ලියා තිබෙන දේ ඇත්ත නම් ලියපු කෙනාගේ පැටිකිරිය මොකටද කියා මම නිතර සිතනවා.

      • බන්‍ධුල කුදලාගම says:

        අරුණ පෙරේරාණෙනි,

        ඔබ පවසන දෙය සැබෑවකි. අප පෙළ කියවිය යුත්තේ කතුවරයා අමතක කර ය. භාවිත විචාරය නම් වූ කලා විචාර සිද්ධාන්තයක් අතීතයේ තිබිණි. එය කේම්බ්‍රිජ්හි අයි. ඒ. රිචර්ඩ්ස් විසින් ප්‍රචලිත කරන ලද සිද්ධාන්තයකි. කෘතියේ පෙළ මත පිහිටා කෘතිය ඇගයීම එහි මූලික ලක්ෂණයකි. පසු ව එම සිද්ධාන්ත එෆ්. ආර්. ලීවිස්, විලියම් එම්ප්සන් වැනි අය විසින් වර්ධනය කෙරිණි.

        බන්‍ධුල කුදලාගම,
        සදම්ටනය.

  29. අසූ තුනේ කළු ජූලිය කාලේ මම යන්තමට ඇවිදින පොඩි එකෙක්, හැබැයි පස්සේ සිද්ධ වෙච්චි අසූ නවයේ JVP කලබල ගැන නම් පොඩි පොඩි මතකයන් නැතිව නෙමෙයි.

    මචන් අංකල් වගේ උදවිය මේ කිසිම දෙයක් නොලියන එකෙන් පාඩුව අපිටම තමයි !

    කැතයි හොඳේ 😦

Leave a comment