සමන් ලෙනින්

සමන් ලෙනින්…..
උඹ වැඩකරුවෙක් පුතා. ආපහු කියන්න දෙකක් නැහැ. චරිත්ලා එක්ක මිණි ගං දෑලේ පතුල අත ගාමින් , උඹ සිංහල සංගීතයට පුදුම සුවඳක් දෙනවා. ඒ සුවඳ අපි වගේ වැඩිහිටි උදවියට මාර ආතල් එකක් දෙනවා. ජගත් එදිරිසිංහ සහ ප්‍රියාල් වීරසිංහ මේ නාට්ටිය එක මිටකට හකුලා ගනිමින් පද රචනා කර තිබෙනවා.

සමන් ලෙනින්… පුතා උඹ මාර පොරක්. මම කාලයක් තිස්සේ මෙහෙම බුවෙක් බිහිවෙයි හිත හිත කල් ගෙව්වා. අමරසිරි, දුමාල්ටත් වඩා ගමනකට උඹ සූදානම් වෙයන්. තොගෙ නිර්වයාජත්වයට මම බොක්කෙන්ම ආදරෙයි. සමන් දෙයියෝ වඳින්නම් කියන ඕන තැනකට, දෙයියෙක් නොවී මණුස්සයෙක් ලෙසින් අප අතරේ ඉඳපන් අපේ අම්මා.

“අකුණු සැර වෙලා ජාමෙට වහිනකොට
පැතු පැතුම් සේදී වැහෙනා කොට
සංසාරේ මතු ආයේ එපා මට
මෙහෙම ඉවුරු දැලේ හිද හඬන්නට”

“නුබේ හිතේ ඉඳිකටුවක් විතර ඇති
මගේ හිතේ මහා මෙර තරම් ගිනි ඇති
දෙන්න කී වචන දෙන්නගෙ හිතේ ඇති
කඳින් හුස්ම යනතෙක් ආදරේ ඇති”

චරිත්……කියන්න හෝ ලියන්න වචන මදි. සමස්ත නිර්මාණයම බොක්කට වදින වැඩක්. අපි උඹලාගෙන් හොඳ වැඩ බලාපොරොත්තු වෙනවා. වයසක අපිට උඹලා ලොකු බලාපොරොත්තු. ජයවේවා!!

 

මිණිගංදෑළේ…. ගායනය : සමන් ලෙනින්

පද රචනය : ජගත් ජේ එදිරිසිංහ

සංගීතය : සමන් ලෙනින්

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

17 Responses to සමන් ලෙනින්

  1. “සමන් ලෙනින්… පුතා උඹ මාර පොරක්. මම කාලයක් තිස්සේ මෙහෙම බුවෙක් බිහිවෙයි හිත හිත කල් ගෙව්වා”.පුදුමෙනුත් පුදුමයි මෙහෙම හිත කල් ගෙව්වේ මගේ විතරයි කියලයි හිතාගන හිටියෙ. හරියටම හරි අරු සමන් ලෙනින් කියන්නෙ මාරම මාර පොරක්! ඔබේ ලිපියට මම අත් දෙකම ඔසවා අගයකරනවා.

  2. Anonymous says:

    එකෙන්ම ඌ වැඩ්ඩෙක්

  3. සමන් ලෙනින්ගෙ සිංදු ගොඩක් තියෙනවා ලොකු අයියා. මම දැං ගොඩ කාලයක් තිස්සෙ අහනවා. මටම හිතාගන්න බැරි ඇයි මෙයාව තාම ලංකාවෙ මිනිස්සු දන්නෙවත් නැත්තෙ කියලා. බලං ගියාම මං විතරක් නෙවේ ලොකුඅයියත් පොරගෙ ෆෑන් කෙනෙක්නෙ . එලෙ එලෙ එලේ

  4. සෙන්නා says:

    මම මුගෙ ආසම පන්ති නැති ඉස්කොලෙ සිංදුවට…

    මිණි ගං දෑලෙ ජනකවි පාර බොක්කටම වදිනවා තමා..

    ඇත්තටම හොඳ අනාගත බලාපොරොත්තුවක්…

    • ගායනය – සමන් ලෙනින්
      සංනාද : දර්ශන රුවන් දිසානායක
      ගී පද : රජී වසන්ත වෙල්ගම

  5. ආත්මා ලියනගේ ගේ මා කැමතිම ගීතයක් සමන් ලෙනින්ගේ කටහඬින්.

  6. අප අතින් ලියැවුණ මිණිගං දෑල ගීතය ගැන ඔබේ අදහස් දැක්වීම පිළිබඳව මගේ ස්තුතිය….

  7. මිනිගං දෑල මෑත කාලෙ ආසාවෙන්ම බලපු නිර්මාණය. පොඩි හරි අවුලක් කියල කියන්න තියෙන්නෙ අර කවි කියන ගායිකාව ගැන විතරයි. ඒ ගායනයෙ නෙවෙයි. නිලිය තරම්වත් මෘදු හඬක් නොවීම විතරයි. ඒ හැරුනම අද කාලෙ සුපිරිම කතාව.
    අරූ අයිය කියන්නැහේ සමන් ලෙනින් ආයෙ කතා දෙකක් නෑ! පොරක්ම තමා. ස්නේහ වර්ෂා එහෙම ඇහුවද?

    • ///////// පොඩි හරි අවුලක් කියල කියන්න තියෙන්නෙ අර කවි කියන ගායිකාව ගැන විතරයි. ඒ ගායනයෙ නෙවෙයි. නිලිය තරම්වත් මෘදු හඬක් නොවීම විතරයි. ///////////////

      කසුන් පුතා…..ජන ගී සම්ප්‍රදායේ , කවි හෝ ගී ගැයුනේ ජනයා තුලින්. ජන ගීයකදි මියුරු කටහඬකට වඩා මා අගය කරන්නේ අර්තවත් හෝ “නොවන” වචන දහයක්, විස්සක් යම්කිසි අවස්තාවකදී, ජන මූල කර්තව්‍යයක අවශ්‍යතාව උදෙසා ගායනා කිරීම. උදාහරනයක් ලෙස විඩාව නිවාගැනීම, කංසිය මග හරවා ගැනීම හෝ යම් කිසි වෙනත් උවමානවක් වෙනුවෙන්. එහෙම තමයි ගායනයේ ඉදිරිමගට යමක් එකතු වෙලා තියෙන්නේ. මම මොකුත් දන්න මිනිහෙක් නොවේ. නමුත් පොඩි ඉවක් තියෙනවා.

      අමුතු තැන්වල මම අහන්න කැමති කතඬක් තමයි ඉන්දියාවේ ඌශා උතුප්. අහලා බලපන්. මම එයාගේ සින්දුවක් පස්සේ දාන්නම්. මට වෙලාව අඩුයි.

    • Anonymous says:

      මම ඔබේ අදහස් වලට ගරු කරමි. ඒත් වෙනස් හඬක් යෙදීම ගැන ඔබ දැරූ අදහසට නම් එකඟ වෙන්න අමාරුයි. කොහොමත් චරිත පරිනත වීමේදී වන වෙනස්කම් ගැන අපි බලා හිඳිමු.

    • Somasiri says:

      ඒ කාන්තා හඬ මට නම් හරිම නැවුම් . නිතර ඇහෙන හීනි හඩක් වෙනුවට බොහොම හැගීම් දනවන වෙනස් හඩක් යොදා ගැනීම ඉතා සාර්ථකයි කියායි මගේ හැගීම

      • ////////// නිතර ඇහෙන හීනි හඩක් වෙනුවට /////////////// මචං සෝමසිරි…..
        තවුසන්ඩ් ටයිම්ස් ඇග්‍රීඩ්.

      • Somadiri says:

        මචං අරූගෙ, මේ හඩ මට නම් බොක්කටම වදින හොද සිංහල ගැමි කාන්තා හඩක්. මේහෙම ගායිකාවො තමයි අපිට ඕනේ. කන් හිල් කරං යටිගිරියෙන් කෑගහන වොයිසස් වලට වඩා. කවුද ඇත්තටම මේ අලුත් ගායිකාව මචං?

      • ජන ගීයට ඒ හඬ වඩා ගැලපෙන බව මං පිලිගන්නව එකෙන්ම. ඒත් අරූ අයියෙ, සෝමසිරි, අවශේෂ, මං කියන්නෙ නිලියට වඩා ගැලපෙන හඬක් තෝරා ගැනීමේ උචිත බව ගැනයි මං කියන්නෙ. ඒකෙන් මං මොට්ට රසඥතාවක් තියෙන එකෙක්ය, මට ඕනෙ ගිරිය කඩාගෙන බෙරිහන් දෙන එකියක්ය කියන දේ අදහස් වෙන්නෙ නෑ. වටහාගන්න මිත්‍රවරුනි! ඒ ගායනය සහ හඬ වෙනම දුන්නනම් මං බොහොම කැමති වෙනව ශුවර්. මට හිතෙන්නෙ කතාවකදි හඬකැවීම් කරනකොට අපි තෝර ගන්න ඕනෙ ඒ නියම හඬ ට සමාන හඬක්. ගොරෝසු හඬක් තියෙන කෙනෙකුට සිහින් හඬකින් ගයන්න පුලුවන් බව ඇත්ත. ඒත් සිහින් හඬක් තියෙන කෙනෙකුට ගොරෝසු හඬකින් ගයන්න ටිකක් අමාරුයි.

        මේක මට විතරක් හිතෙන දෙයක් වෙන්න පුලුවන්. ඒත් මං මේක ආයේ අරං බැලුවමත් හිතෙන්නෙ ඒකමයි. මේ සතියෙ කොටස්වලින් කතාව යම් පසුබෑමකට ලක් වෙලාදෝ කියලත් හිතෙනව. එහෙමත් හිතෙන්නෙ මට විතරක් වෙන්න පුලුවන් සහෝදරවරුනි. එහෙමනම් සමා වෙන්න.

  8. Ajith Dharma says:

    දර්ශන රුවන් දිසානායක මෙහේ ආපු වෙලේ මට සින්දු සීඩී දෙකක් දීලා ගියා. ඒවා අහන මිනිස්සු අඩුයි කියල මමත් හිතන් හිටියේ. සමන් ලෙනින් ගේ සින්දුත් තියනවා. හම්බ වුන වෙලාවක දෙන්නම්

Leave a comment