කුමාරසිරි අබේකෝන්….මා දුටු නිහතමානිම නිර්මාණකරුවා…

අබේ අයියා හෙවත් කුමාරසිරි අබේකෝන් මහත්තයා මට හමුවන්නේ අහම්බයෙන් නොවේ. මම ඔහුගේ නිර්මාණ අතිශයෙන් රස විඳ ඇත්තෙක්මි. ටෙලි නිර්මාණායන් අප හඳුණාගන්නා යුගයේ සිට අබේ අයියලා අපිට වැඩ පෙන්නවු උදවියය. ඒ කාලයේ ටෙලිවිව් ප්‍රඩක්ශන් කියන්නේ ,සුනිල් රත්නායක මහත්තයාගේ අති සාර්ථක වැඩ පිලිවෙලක්ය. මේ තුලින් නිර්මාණය වූ ටෙලි ප්‍රඩක්ශන් අදටත් අපිට සිහිනයන් සේ මතයට ආවර්ජනය වේ. මේ පිටිපස සිටි බොහෝ මිනිසුන් අතර කුමාරසිරි අබේකෝන් විශිෂ්ඨ ඩිරෙක්ටර් කෙනෙකි. ඒ සියල්ල්ටම වඩා නිහතමානි උත්තුංග චරිතයකි. ටෙලි නාට්‍ය කලාව ආලිංගයට ගෙනා මිනිසුන් අතරේ කුමාරසිරි අබේකෝන් වඩ වඩාත් කතා කල යුතු චරිතයකි. මා රසවිඳි ඔහුගේ නිර්මාණයන් අතරේ මතක ඇතිදේ මෙසේ සටහන් කරන්නෙමි. ඔහු පිලිබඳ ලියවෙනවා අල්පය. මේ මගේ පසුතැවිල්ලය. ඔහු ප්‍රසිද්ධියට එතරම් ප්‍රිය කරන්නක් නොවේ.

මේවා ලියන්නේ ආදරයට මිසක මිනිසුන් ඔසවා තැබීමට නොවන බව අබේ අයියා තේරුම් ගන්නා බව මමද විශ්වාස කරමි.
මේ කුමාරසිරි අබේකෝන් ප්‍රේක්ශකයා ආලින්දයට ගෙන ආ නිර්මාණයන්ය..

ටෙලි අධ්‍යක්ශනයන්…..

පොද වැස්ස
චායා
එක් මෘගංගානවියක්
විල්තෙර
කල්පාන්තයක්
මේඝ තරණය
ඊශ්වර සති
බඹර සකමන
වැනි විස්සකට වඩා ටෙලි නිර්මාණ අපට තිලිනය කෙරූ අබේ අයියා නොහොත් කුමර සිරි අබේකෝන් “සීමා පවුරු” නමින් සිනමා පටයක්යද ද ශ්‍රීලාංකිකයන්ට දායද කලේය.

මේ සින්දුව අහන්න…මේවා කුමාරසිරි අබේකෝන්ගෙ වැඩ බව බයක් සැකක් නැතිව ලියා තබන්නෙමි.

එක් මෘගංගනාවියක් එකේ.

පද රචනය…සුනිල් රත්නායක
සංගීතය…ආදරනීය තිස්ස සිරි පෙරේරා නම්වූ මහා ලයාන්විතයා
ගායනය …නිරෝශා විරාජනි.

 

 

 

 

 

 

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

1 Response to කුමාරසිරි අබේකෝන්….මා දුටු නිහතමානිම නිර්මාණකරුවා…

  1. හරිම අහාම්බයක් තමයි. කුමාරසිරි අයියා කතා කරා අහාම්බෙන්. බොහෝම සතුටුයි……!!!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s