ඍණපාල: ස.. මම පොඩි සිස්ටම් එකක් හොයා ගත්තා සුනාමි නවත්තන්න..
සර්: අම්මපා…හරි ශෝක්නේ රෙණපාල.
ඍණපාල: සර් මම රෙණපාල නෙමේ ඍණපාල…ධනපාලගේ අයියා.
සර්:.සොරි ඍණේ….මේ දවස්වල ධන ඍණ මාරුවෙලා ඉන්නේ. සුනාමි නවත්තන්නේ කොහොමද ඕයි….
ඍණපාල: සර් වෙරළ වටේට අපි ගොක්කොළ තොරණක් ගහමු.
සර්: මරු වැඩක්නේ ඕයි …කොහොමද හොයා ගත්තේ ?
ඍණපාල: කාළි අම්මගේ හොර මිනිහා කිව්වේ…
සර්: දිලිත් මෙන්න අපි හොයපු එකා …දීපන් පබ්ලිසිටි.
අදද රෙණ දිලිත්: හොඳයි ස…
(ඔබයි අපේ විරුවා ගීතය පසුබිමෙන් ඇසේ ) දින කිහිපයකට පසු ශ්‍රීලංකා ඉන්ජිනේරුවන්ගේ වෘත්තිය සභාව ගොක්කොළ සුණාමියට අනුමැතිය ලබාදෙ.)🙏🙏අයියා මහත්තයා වුනත්…මල්ලි ස…වුනත් මේවා එක ගහේ බඩුය.
“අදද රෙණ” යෙදුම මුලින්ම අපට හුරුකරේ අපෙන් වියෝවු විචාරක නමින් ලියු අප අතරින් සමුගත් “විචා” ලෙස ඔහුට මම ආමන්ත්‍රනය කර සුහද බ්ලොග්කරුවා යැයි ගෞරව පූර්වකව ලියා තබමි. එය ඉතා අති සාර්ථක යෙදුමක් යැයි දිලිත් ජයවීරලා
ඔබ අපිට පෙන්ව සිටී. සැලියුට් විචා.
https://www.youtube.com/watch?v=ZiBg20VJup8&ab_channel=LSBMediaCorp.
ලී වලිං ප්ලේන් හදල ඉන්දියාවට ගිහිං බඩු කෑල්ලකුත් උස්සං එන්න තරං ‘හෙළ’ ටෙක්නොලොජි තිබ්බ අපිට ඔව්වත් වැඩද මල්ලි.
එළ!
“සෘණපාල” යන්නත් මෙතෙක් නොඇසූ යෙදුමක් හැමට උදව් කළ වරද දුටු තැන කර්කෂ ලෙස බැන වැදුන අපේ විචාරක සේම ඔබත් අපූරු වදනක් එක්කර තිබෙනවා. බොහෝවිට හමුවන මෙවැනි අයනම් කළ හැක්කේ කෙසේදැය මා කල්පනා කරමින් සිටියා. සෘණපලා යන්න ඉතාම සුදුසුයි නොවැ.
උඹට මතකද පොඩි එකීට ඉංග්‍රීසි පොත් එව්වා.අද ඒකී ඉංග්‍රීසියෙන් ලියනවා.නවල් එකකුත් කරල ඉන්නෙ.මට උඹව මතක් වුණාට කතා කරන්න නම්බර් එකක් නැහැ.
අද කෙල්ල ඉංග්‍රීසි බසින් පෙළහර පාද්දි මට උඹව මතක් වෙනවා.දැන් හොයාගෙන ලොකු පොත් කියවන්නෙ.ස්තූතියි මචං.උඹත් ඒකි නඟින ගමනෙ එක පඩියක උර තියපු කෙනෙක්.
ආඩම්බරයි මචන්….සතුටුයි. දරුවෝ ටිකෙන් ටික ලොකු වෙනකොට ඒ සතුට මුලු සමාජයටම දැණෙනවා. මට ඊමේල් එකක් දාපන්.
හෙහ්