අවුල් වන්නට පෙර මේ බල්ලා බැඳ දමනු!!!!

ලියන්නට සිටි දේ පසකට දමා බල්ලෙක් ගැන ලියන්නට වුණේ…ඌ සමග ලගිනා බල්ලන්ට නැගිටීන්නට වෙන්නේ මැක්කෝ සමග නිසාමය. මේ වල් බල්ලා ලගින්නේ කොයි බල්ලා සමගද යන්න බල්ලෝ නොවෙන හැම සතෙක්ම දනී. මුන් ගැන ලියන්න බොහෝදේ ඇතිමුත්, මේ බල්ලා අයිති නිකායක් තිබිය යුතුය. ඒ නිකායේ මහ තැන්, මේවා වෙනුවෙන් ගත යුතු තීරණ සහ ක්‍රමවේද තිබිය යුතුය. එක්කෝ මේ බල්ලාට නිකායක් නැති, තාත්තෙක් නැති අවජාතකයෙක් විය යුතුය. මේ පාහරයාට මස් කටු වැටෙන්නේ කොයි පාත්තරයෙන්ද කියා දන්නා මුත්, උන්ට ගිය රටක අනිත් හැම එකාම බල්ලෝ වී සිටි.

කිසිත් නොලියා අද දුටු දේ ගැන කම්පා වෙමි. නානසාර නම්වූ අවජාතක සුනඛ පුත්‍රයාට, බුද්ධ පුත්‍රයෙක් යැයි කීමට සිදුවීමම අප මහා ගෞතම බුදු රජාණනන් වහන්සේට කරනා විශාලතම අසාදරණය යැයි මම සිතමි.

මෙවැනි බල්ලන්ට කියන්නට ඇත්තේ …තොපි වැනි එවුන් කාලකට වඩා ගැහුවොත් ඩෝප් වෙන වගය. බල්ලන් භාගයක් ගහන්නට පෙර සිතා බැලිය යුතුය. නැත්නම් තොපේ ඩෝප් ඉවසා වදාරා සිටීමට මිනිසුන් අකැමතිය. තොපිට කුණු වෙන්නටම බොන්න දෙන මහ බල්ලෝද මෙය තේරුම් ගත යුතුය. බල්ලෝ ඩෝප් වෙන හැටි පහතින් බලන්න.

බුද්ධ පුත්‍රයා

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

98 Responses to අවුල් වන්නට පෙර මේ බල්ලා බැඳ දමනු!!!!

  1. Anonymous says:

    @අරූ…
    මාතෘකාව දැක්කම හීන් දාඩිය දැම්මා…

    @ අරුණි,
    නානසාර ගැන කථාකර පලක් නැත. ඔහුගේ දැඟලිල්ලේ අවසානය නොබෝ දිනකින්ම උදාවනු ඇත.

    • ඇනෝ……..මතෘකාව අප්සට්ද බන්? මුන් කරන වැඩ දැක්කාම හීන් දාඩි දාන්නේ නැත්තේ කාටද?
      දෙවෙනි අදහස..
      ඇමරිකාවට යායුතු කමෙන්ට් එකක්ද මේ පැත්තට ඇවිත් තියෙන්නේ :
      මොනවා වුනත් කතාව ඇත්ත.

  2. says:

    මමත් රූපවාහිණියෙන් සියල්ල නැරඹුවා. දැක්කම කණගාටුයි, අශීලාචාරයි, තුච්චයි, අධමයි, නිද්දිතයි..
    කොටියක් වූ සංවර සීලය රකින හිම්වරුන් විය යුතු උදවිය හැසිරුණු විදිය…
    විලි ලැජ්ජයි.. අසික්කිතයි…
    පැහැදිලිවම අරූ, අවුල්වන්නට පෙර පන්නා දැමිය යුතුයි.. නැතිනම් තවත් ලේ ගංගාවක පිහිනීමට සිදුවනු ඇත..

  3. maathalan says:

    මූ කනවා ළඟදීම. තම්බී ඇවිත් කොහොමත් හරක් මරණ ජාතියනේ.

  4. Ravi says:

    මේ යකා කියපු එක දෙයක් නම් ඇත්තම ඇත්ත. අද මේ රටේ පාලකයොවත් නායකයොවත් නෑ.ඉන්නෙ මොන පජාති වැඩේ කරල හරි මොන බල්ලට උඩු බුරන්ඩ දීල හරි තමන්ගෙ බලය රැකගන්ට දතකන කාපාළුවො හැත්ත බුරුත්තක්. ඒකයි මේ වෙලා තියන හෙණේ!!!

    • බොහොම අඩුවෙන් කතාකරන වැඩිමල් යාළුවෙක් කිව්වා….මෙයාට කොහෙන් හරි හොයලා කසාදයක් බන්දලා දුන්නා නම් කට පොඩ්ඩක් වැහෙයි කියලා.

  5. Anonymous says:

    මහින්දය ගොඩ යන්න බලාගෙන ඉන්නෙ,මේ වාගෙ කාලකන්නි සිවුරු කාරයො ඉස්සරහට දාල.බුද්ධාගමට හැබැවටම,ආදරේ කරන අයවත්,මුන්ට ගහන්නෙ නැහැනෙ.

    • ඇනෝ……බුද්ධාගමට ආදරේ සෙට් එකට ඔය ලඟදිත් උපහාරකරේ රෝහණ පුත්‍රද මොකක්ද කියලා. ඔය පුත්‍රයෙක්ව තමයි යවන්න වෙන්නේ මේ පුත්‍රයා ලඟට.

  6. LDS says:

    ඩෝප් නානසාරලා මේ ට්‍රයි කරන්නේ තව ජාතිවාදී අවුලක් හදන්න. ඊට පස්සේ කෑවො කෑවෝ කිය කිය උඩ පනින බැරියැ. කොටි වගේ නෙමේ, මේ ප්‍රශ්නය ඇදුනොත්, අමතක කරන්න එපා ඩොලර් බිලියන ගනන් වියදම් කරන්න අරාබි රටවල් ඉන්න බව.

    • බලපන් LDS ලඟදිම දෙමල ඩයස්ෆෝරා එක විදේශීය ඉස්ලාම් අන්තවාදීන් එක්ක කන්ටෑක්ට්ස් හදාගන්නවා මේ නිසාම.

  7. මොකක් ගැනද අරූ මේ තරහා ගිහින් තියෙන්නේ?
    මට ටිකක් මඥ්ඥඥ් වගේනේ.
    නානසාර කියන්නේ අර හෙලබොදු මාස්ටර් නේද? එයා කොහොමද ඔයාට තර්ජනය කරන්නේ?

  8. අරෑ මචෝ මේක දැකලා සිංහල බෟද්ධයෙකු හැටියට මට ඇතිවුනේ කිව නොහැකි තරමේ ලැජ්ජාවක්. මම මේ කතාවේ මුළු නිධානයම දන්නේ නෑ. ඒත් මෙයත් මුස්ලිම් ත්‍රස්තවාදයක් ඇරබීමේ පොටක් බවනම් පැහැදිලියි. අහෝ රටට,ජාතියට හා ආගමට ගිය කල. මේවා දකින්න ආයිත් බුදු කෙනෙක් පහල වෙන්නේ නෑ බං…..

  9. බොදු??? ලැජ්ජයි අප්පා…:(

  10. Miyuru says:

    ෂිහ් ඇත්තට… බෞද්ධකම ඉස්සරහට දාලා කරන අසමජ්ජාති වැඩ… හාමුදුරු කෙනෙක් වෙලා කතා කරන හැටි බලන්නකෝ… මැරයෙක් වගේ හරියට…

  11. අරු, මේ තියෙන්නේ ලවුඩ්ස්පීකරය පමණයි. මයික්‍රෆෝනය තියෙන්නේ වෙන තැනක. මේ ඉන්නේ රොබෝවෙක්. දුරස්ථ පාලකය තියෙන්නේ වෙන තැනක. මේ ඉන්නේ රූකඩයක්. නටවන්නා ඉන්නේ තිරය පිටුපස. අන්න ඒ මයික්‍රෆෝන් කාරයා, දුරස්ථ පාලකය අතේ ඇති එකා, රූකඩ නටවන්නා හොයා ඌට වැටෙන්නම ගහන්න තමයි අපි උත්සාහ කලයුත්තේ. මොකද, මේ රූකඩය විනාශ වුනත් තවත් රූකඩ එලියට එනවා.

  12. තිසර says:

    මූ බල්ලෙක් බව හඳුනාගනිමු… මූ පසුපස යන බල්ලන් නොවෙමු. මුගේ උඩුබිරීම් ගැන මිතුරන් දැනුවත් කරමු.

    • ඇත්ත තිසර…මේවාට කෙන්ති ගියොත් උන්ට ඉස්සෙල්ලා අපිට ඉන්ජෙක්ෂන් ගහගන්න වෙනව. අන්තිම පිලිකුල්.

  13. ඇඟේ ලේ කෝප වෙනවා විතරයි මේ සක්කිලි ගැන කතා කරලා. මට තියෙන ලොකුම කේන්තිය එවලෙ හිටපු එකෙක්ටවත් මූට දෙකක් අනින්න පණ තිබ්බෙ නෑනෙ.

    කොහොම උනත් දෙමළ උන් එක්කත් ඇර ගත්තා මුන් හන්දා ළගදිම මුස්ලිම් උන් එක්කත් ඇර ගමු. ඊට පස්සේ කවුද…… ආ සිංහල ක්‍රිස්තියානි උන්. ආ ඊටත් පස්සෙ බෞද්ධ අපේම එක එක කුල වල උන්. ඊටත් පස්සෙ ප්‍රදේශ වශයෙන් ඇර ගමු උඩරට පහතරට දකුණ බස්නාහිර. ශැක් ඊට පස්සෙ ඉවරනෙ අප්පා.…… ආ නෑ නෑ අන්තිමට ගැහැණු පිරිමි කියලත් යුද්ධ කර ගමු.……………

    නාන සාරට සාධු කියන්න පිංවත සාධු කියන්න……

    කොහොම හරි මේ සක්කිලි බේබද්දන්ගෙ පිහිටෙන් අපි බෙදිලා වෙන් වෙමු… වෙලා වැනසෙමු.

    හත් දෙයියනේ අර හාරිස්පත්තුවෙ ආරියවංශාලංකාර හිමි වගේ සැබෑ හිමි වරු අපවත් වෙත්දි මේ වගේ පාපතරයො තාමත් ජීවත් වෙනවනෙ. තුක් නොදකින්.

  14. රාජ් says:

    මෙයා ඇවිල්ල පාජරස්ස නිකායෙ හොඳ කකුලක්. අර කවුදෝ අගමැති කෙනෙක් කියපු විදියට මුගේ පුකේ තාර ගාල නං මදි. ඊට වඩා යමක් කරන්න වෙයි.

  15. නානා ලෙබ්බේ says:

    වටරැක විජිතයා සෝයි ද?

    • Bau says:

      මෙන්න පින්වතුනි මිගාර වීරක්කොඩි වෛද්‍යාචාර්ය තුමා ඇනෝ ඇවිත් ගොං ප්‍රශ්නයක් නැඟුවා.

      • මචං Bau…ඔය මිගාරලා සුගාරලා තමයි පඩේ දාගෙන කඩේ යන්නේ. එයාට කෙටි උත්තරයක් දුන්නා. බලමු මොකද කියන්නේ කියලා. දිගින් දිගට පැහැදිලි කරලා ලියන්න හිතුවේ නැහැ….වැඩේ කක්කා නිසා. මට මේකට දීර්ඝ උත්තර දෙන්න හිතෙන්නේ නැහැ.

    • @ නානා තම්බි……විජිතයා සෝයීද..එහෙම නැත්නම් නානාගේ ලොකු අයියා නානාසාරයා සෝයි සෝස්ද කියලා මම දන්නේ නැහැ. නමුත් මෙහෙම නම් රටේ නීතිය සහ සදාචාරය පවත්වාගෙන යන්නේ …ඒකනම් සෝයිම තමයි.

  16. maheshrathnayaka says:

    අහෝ කේදයකිබ ඉරකි තිතකි
    කෝ…. යකා් මේ පොලිස් පොල්ල…..?????

    හුටා……………….. පොලොස් නෑනෙ

    • මම දැක්කා නානසාර පොලොස් ලොක්කෙකුගෙන් අහනවා කෝ ඔයාගේ පිස්තෝලේ කියලා.

  17. මේ ලිපියෙන් පැවසෙන හා අවධාරණය කරන අදහස් අද අපේ විචාරක තුමා ලියන “සාහිත්‍යකරණය සහ මට්ටම් පොලු බාස්ලා” ලිපියට එන පිළිතුරක් සේ ඈඳන්නටත් වටිනවා. බුදුන් වහන්සේ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව් පිරිසම “ශාසනය” ලෙස නිර්වචනය කළා දැයි මට සිතෙනවා. ඒක එහෙම නම් බුදුන් වහන්සේ අන්තිමට දී ඇති අවවාදය ගැන සලකන්න.
    “ධර්මයම ගුරු තන්හි ලා සලකන්න” යනුවෙන් පැවසුවේ කොයි තරම් දුර බලමින්ද ? ඒ නිසා බුද්ධ ශාසනය විනාශ කිරීමට බුදුන් වහන්සේ අනුදැන වදාල නිල ඇඳුමෙන් සැරසුන අයට (සිව්රුවලින් හෙළුව වසාගත් ප්‍රතිරූපකයන්ට) හැකිවෙන එකක් නෑ. නේද ? අප කාගේත් මොළ යම් තරමකින් සෝදන්නට ඊයේ ලැබුණ ඒ පිළිකුල් සහගත ප්‍රවෘතියටත් ශක්තිය ඇති ඇති බව අරූගේ අඩවිය මෙන්ම ඊට මේ එමින් තිබෙන අදහස් දැක්වීම් මගින් ද පෙනී යනවා. මෙහෙම අවුස්සා දමන්ට හැකිවුන අරූගෙ හාස්තමට පින් දෙමි. අරූට ස්තුතියි

    • ගුණේ මහත්තයෝ……අපි ඔහෙලාට පුළුවන් අපේ අකැමත්ත ලියා තබන්න විතරයි. මේවාට විරුද්ධ වෙන්නනේ රජෙක් පත් කරන් ඉන්නේ. අපි මොනවාද මේ ශිෂ්ඨ සමාජෙට පෙන්නන්නේ. අත දරුවෙක් මේක දැකලා කියනවා…පන්චලේ චාදුට තලහ ගිහිල්ලාලු…ඔන්න අපේ ඉතිරිය.

      • දැන නුවණ හා බලය ද ඇති අය නිහඩව ඉන්න එකයි සිදුවෙමින් තියන ලොකුම, භයානකම වැරැද්ද. මේ තත්ත්වයන් මේ විදිහට තවත් මෝරා ගියොත් කොතනින් කෙලවර වේදැයි කවුරු කවුරුත් සිහි ඇති අය සිතා බලන්න යන පණිවුඩය ඔබ තරමින්වත් දී ගන්න හිතට හයිය ආවෙ කී දෙනාටද බලා හිඳිමු. ඔබ පවසන විදිහටම මේ සිදුවෙන්නේ හසරක් නොදන්නාඅත දරුවන්ට කෙරෙන භයානකම අපරාධයක් තමයි.

      • මේ අපරාධයට වග කියන්න වෙන්නේ අපි උඹලාට නම් හිත හදාගත්ත හැකි…නමුත් මේ චක්ගුඩු ක්‍රීඩාවේ ස්කෝර් කාඩ් එක ලියවෙන්නේ අපේ ලම්යින්ගෙත් ලම්යින්ගේ උප්පැන්න සහතිකේ. මහින්ද හාමුදුරුවෝ ලිව්වේ…අනේ කුහුඹුන්නේ කියලා.

  18. පව් ….

    කවුද..?

    හැමෝම …

    ඇයි…..?

    ඇයි අහන්නේ ….ආණ්ඩුව කරන වැඩ වලට ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරන්නේ නෑනේ ,ඉහින් පොලිසිය තමයි වැඩියෙන්ම පව්

  19. හම්මෙ මේ ගැන නම් කියලා වැඩක් නෑ ,

  20. උදේ ඉඳන් ටීවී ඡැනල් පුරා කවි බනයි බයිලයි කියන ගානසාරගේ කුලේ ඈයොන්ට පේන්නේ ඇහෙන්නේ නැද්ද අප්පා මේ ගොනා කරන විනාසේ….කොහෙද ඉතින් මුන්ට රා පොවලා එවන්නෙ හැම එකම ආරක්ෂා කරන උදවියමනේ…වැඩි කල් නොගිහින් මූ උන්ගෙන්ම කනවා…..අර වැඳගෙන සමාව ගත්ත එකා ඊටත් ගොනා…..

    • මචං…මට මෙහෙම දෙයක් මතක් වුනා…කවුද හරි කවුද වැරදි කියනවාට වඩා …කවුද බන් මැරෙන්න බය නැත්තේ….. වටරැක විජිත හිටපු තත්වය තමයි ඒ වීඩියෝ වල මට මතක් කලේ රෝහණ විජේවීරව 1989දී. ඕන මිනිහෙක් මරණය ඉස්සරහ තැතිගන්නවා. ඒක සාමන්‍ය දෙයක්. වැරැද්ද විසඳන විදිහක් තියෙනවා. මට තියෙන ප්‍රශ්නේ අපි ආපහු දුවන්නේ මාතලන් කියන ගෝත්‍රික සමාජ සංස්තාව වෙතටද කියලා. මගේ ආදරනීය මිත්‍රයා මාතා නම්, ලොක්කා ඇරෙන්න වෙන කෙනෙක් දකින්නවත් අදහසක් නෑනේ. මාතා අපි කතා කරමු..වැරැද්දට බටර් නොගා.

      • kathandarakaraya says:

        ගුවන් විදුලියේ හැම දිනයකම බණ 
        නුවන් පිනයි බණ රූ-වාහිනියෙ එන 
        මෙවන් පිනට බර දේසෙක හතර කොන
        රජුන් කොසොල් දුටු සිහිනය සැබෑවිණ 

      • kathandarakaraya says:

        ඒ 2012 ලියූ කවි පන්තියක්.

        මෙන්න කවි පන්තියම.
        http://kathandara.blogspot.com.au/2012/05/wesak-thoughts.html

    • කකා….මම ඔය කවි පෙළ ඒ දවස්වලම කියෙව්වා. ඔය දවස්වල පන්සලක “සෙලිබ්‍රේෂන්” එකක් ඉවරවෙලා එන ගමන් මගේ යාළුවෙකුට කිව්වා බ්ලොග්කාරයෙක් ලියපු කවි ටිකක් තියෙනවා…මට ආසයි කියලා ඒ ටික ප්‍රින්ට් කරලා බුදු ගේ ගාව අලවන්න.

      මේ කොයි යන්නේ…කියලා හිතාගන්න බැරි විදිහට බහුතරයකගේ ඔළුව කාලා තියෙන්නේ.

  21. මේ සුනඛයා ගැන නං කතා කරල වැඩක් නෑ..
    ඇඟේ ලේ ටික රත් වෙන එක විතරයි වෙන්නෙ මේව බලනකොට..

  22. Senna says:

    බුදු හාමුදුරුවන්ගේ කාලෙදිත් මේ වගේ මදාවියෝ ඉඳලා තියනවානේ…කලබල වෙන්න දෙයක් නෑ, ඕකුන්ට පැවැත්මක් නෑ… ඒ හැසිරීම දැක්කම අපිට පිළිකුල් හිතෙන්නේ අපි පෘතග්ජනයෝ නිසා වෙන්නැති…

    • සෙන්නා…..ඔහොම යමු….එක වෙලාවකටනම් හිතෙනවා මගේ රටට නෑවිත් ඉන්න. ඒ ගැන ලොකු විග්‍රහයක් ඉදිරියේ කරමු. අපි පව් බන්.

      • Senna says:

        <>

        අරූ, අපේ හුඟක් අය වරද්ද ගන්න තැන තමා ඔතන. එක එක බල්ලෝ කරන දේවල් වලට රට අතෑරලා ගිහින් හරි යන්නෑ අරූ. එතකොට නිකන්ම අර බල්ලෝ පොරවල් වෙලා රට ඉබේම කුජීත වෙලා යනවා. උන්ගේ තුප්පහිකම් යටපත් වෙන විදිහේ දේවල් අනිත් අයගෙන් වෙන්න ඕනා. මට හිතෙන්නේ එහෙමයි. සහෝදරයෝ වැරදිකළා කියලා අම්මව අතෑරලා දාන්න බෑනේ අරූ…

    • සෙන්නා…..මගේ සිහිනය මගේ රටට එන එක. මේ වියරු සමාජය නැවත හිතන තැනට තල්ලු කරනවා. අන්න ඒක තමයි දරාගන්න බැරි.

      • Clement Peris says:

        Aru,
        Do not break yourself, you are too young to break like Ajith,KaKa,Wicharaka,Matalan and other progressive anos. . Let us go back and start with what we saw in these countries.
        We should say and show them as Ajith Perakum says in his W3 Lanka, “ ..(sri)Lanka is just another country in the world and not vice-versa.” Although we, the people of having common ideas of making the country a better place, are in small numbers..
        We should be the salt of the curry that makes a big mundane amount food more tasteful! We should be the yeast that makes huge dough that makes the bread soft and tasty!!
        Because only the salt and yeast are added to the mixture in small proportions, be sure and keep your faith in small groups and individuals who have a vision of benevolence, courage and perseverence. Therefore do not be disappointed what we see and hear. Let us grasp the abstract and pick the message.
        Good luck in your writing!!!!+++++
        Clement Peris

      • @ ක්ලෙමන්ට්…..මේ කමෙන්ට් එක බොහොම වැදගත්. මම අගය කරනවා ඔබේ අදහස්. ඇත්තටම මේ අපි කවුරුත් සිතිය යුතු දෙයක් තමයි.
        ////We should be the yeast that makes huge dough that makes the bread soft and tasty!!/////

  23. මේ එක සුනඛයෙක් මේ වගේ සුනඛයෝ තවත් ඇති තරම් ඉන්නවා.

    • මනෝ…..සුනඛ රාජ්‍යයක (ආන්ඩුවක ) මහා සුනඛයා නිදි වදින කොට මේවා මැක්කන්ට අයිති ප්‍රශ්න..

  24. අරූ ලා කොයිතරම් වාසනාවන්තද කියල මෙහෙ ඉන්න අපිට හිතෙන්න ලොකු හේතුවක් මේ තග්වහන්සෙල

  25. sasha says:

    විලි ලැජ්ජයි! ශික් අපරාදෙ ‍දන්චෙන්න තිබුන ලේ පයින්ට් දෙක තුන පිච්චුනේ

    • ලැජ්ජ බිමින් තියමු ළමයෝ…..ඒක මීට වඩා වැදගත්..මට දුක ඉදිරි පරම්පරාවල් ගැන. බොහෝ දේ ලිවිය හැකියි. ඉදිරියේ ලියන්නම්.

  26. පත්තර මල්ලි says:

    ඕ යේස් !!!
    අර කව්ද කිව්ව වගේ සිවුර පොල්ගහක ඔතලා ඒකට වැන්දනං හරි !!!
    මුංගේ අම්මලාට . . .

    • පත්‍ර බ්‍රදර්……අම්මලා පෙව් කිරි නෙමෙයි වැරදි….පස්සේ පොවපු සහ දැනුවත්ව බොන කෑප්පු සුරි.

  27. helapayaa says:

    සරීරෙ ලේ ටික කෝප කරගන්න ඕනෑ නෑනෙ මචං නොදැක්ක වගේ ඉන්නව.

  28. Chandana says:

    කාට කියන්න ද අරු. කොහොම වුනත් ඔය විගඩම් දිගටම ගියොත් නම් මේ ගමනේ අවසාන වෙන්නෙ තවත් විනාශයක් තමයි.

    • ඔව්..චන්දන….උඹ ලියපන් . අපි කියවන්නම්. මට ඇත්තටම හිතෙනවා මේ ලෝකයම කළු ආතා වගේ නේද කියලා..ආදරෙන් කිව්වේ. හැඟවුනු අර්ත නැහැ. තේරුම් ගනින් සෝපාසහය.

  29. mahinda says:

    Elakiri

    • මහින්ද……මේවා එලකිරි වගේම ටින්කිරි….නිවැරදි තැනදි මීට වඩා කතා කරමු කහට පොඩ්ඩක් වැඩියෙන් දාලා 😀

  30. Kenji ogawa says:

    ඊයේ ඉදල කමෙන්ට් කරනව මචෝ පබ්ලිස් වෙන්නෙ නැහැ….
    මට ඔය දසයව පෙන්නන්න බැහැ බං ….

    • කෙන්ජි…..අපි ඉන්නේ මාර්ග දෙකක ගමනාන්තයට ඇවිල්ලා. එකක් ධර්මරාජ්‍යට යන මාර්ගයේ අග්ගිස්සේ. අනිත් එක ආශ්චර්යයට යන මාර්ගයේ තොන්ගලේ. යන්න ඔන්න මෙන්න. පිහිදගන්න වෙන්නේ ඔය යකාගේ සිවුරේ නැතනම් මහ එකාගේ සාටකේ. යන මාර්ගය පේනවනේ. ලැජ්ජයි..ඒත් හිනා වෙලා ඔලුව කස කස ඉන්න වෙලා මේ පිටරැටියෝ අහන ප්‍රශ්ණ නිසා.

  31. deshakaya says:

    මාත් ඔය යකාට කලින් දවසක පලු යන්න බැන්නා බං..

    මුඩු මහණ ඔබ කොහිද??

    • දේශා….මම උඹේ පෝස්ට් එක කියෙව්වා. කියන්න ඕන දේ ලෙසට කියලා තියෙනවා. උඹ අවුරුද්දකට කලින් කියපු දේ දැන් අද වෙනකොට නෝ කතා නෝ සිනා ලෙසම වෙනවා. හිනාවෙන්නද අඬන්නද හිතා ගන්න බැහැ. ඇයි මේ තරම් ජනතාව අසරණ කරන්න ඉඩ දීලා බලන් ඉන්නේ කියන එක තමයි අහන්න තියෙන මඤ්ඤංම ප්‍රශ්ණේ ඇස් පේන එවුන්ගෙන්.

  32. Anonymous says:

    ඔය යකා කඩන් පනින ගම්වල හරිහමන් කොල්ලො ටිකක් නැද්ද, සිවුර ගලවල හොඳ ගුටිදානයක් දෙන්න…

    • ගමේ රටේ කොල්ලෝ රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිව සටන් වැදීම නවත්තලා හුඟක් කල් මචෝ.

  33. යකෝ බල්ලට කරලා තියෙන අපහාසයක් ….. සරත් අයියේ මෙන්නෝ………

  34. සිරා says:

    මොනවද ඔට්ටු නානසාර ලගදිම පාර්ලිමේන්තු මන්තිරියෙක් වෙනවා…සුවර් ඇන්ඩ් සොට්…
    පරණ අවුරුද්දෙ මේ පැත්තෙ ආව නිසා සුභ අලුත් අවුරුද්දක් වේවා කියා පතන්නම්…සියලු සුභ පැතුමන් ඉටුවේවා !

    • මේ හාදයා නම් සිවුරු හැරලා හරි මන්ත්‍රී ගොයියෙක් වෙනවා. ඒකනම් සිරා සිරෝ. උඹටත් පවුලේ සියළු දෙනාටත් හොඳ වසරක් වේවා!!!

  35. raigam says:

    මචං, ඥානයෙන් සාර වූ ප්‍රවුර්ති හා කතන්දර වැඩියෙන් අසන්නට ලැබෙන සුබ නව වසරක් වේවා!

    • මචං පැතුමට තුති!! උඹලාටත් එසේම වේවා!!

      හැබැයි ඥානසාර ටෝක් අහන්න වෙයිද දන්නේ නැහැ…බොබසේ..ත්‍රස්ථවාදී සංවිධානයක් හැටියට නම් කරලා ලෝකයේ මේ ත්‍රස්ත ක්‍රියා නිරීක්ෂනය කරන සංවිධානයක්. ඒ ගැන වැඩි යමක් කියන්න දන්නේ නැහැ. අද දැක්කේ.

  36. අවිචාරය හා අවනීතිය මැදින් අප යමින් සිටින්නේ විනාශය දෙසටයි. මොනා උනත් උඹට සරුසාර හරබර දේ දිගටම ලියන්නට හැකිවන සුබ නව වසරක් වේවා !!

  37. අරූ ගෙ කෙලින් කතාවට එකෙන්ම ++++++++++++++++

    • අනේ මන්දා ඩ්‍රැකි….හිතට එන දුකයි..කේන්තියයි..ලිව්වා. මේවා කොහෙන් ඉවර වෙයිද කියලා දන්නේ නැති නිසා.

  38. අනේද කියන්නේ.. මාත් ලංකාවට ගිය වෙලේ මේ කතාව අපේ අම්මගෙන් අහගත්තා, වැඩේ කියන්නේ මේ හාමුදුරුවන්ගේ වැඩ අනුමත කරන උදවියත් ඉන්නවනේ අපි අතර

    • අනිත් හාමුදුරුවරු වගේ නෙමේ ඔමා…මේ සෙට් එකට පොඩ්ඩක් උණ වැඩිවෙලා.

  39. මම නම් කියන්නේ අපේ රටේ ඉන්න සම-හරක්ට දිරවන්නේ මේ වගේ ගූ හැලි තමයි !!!

    ඒ නිසා පටන් ගමු “නානසාර-2020” කියල කැම්පේන් එකක් 😀

Leave a comment