අවුල් වන්නට පෙර (67) බෝම්බ සහ වලි….

මගේ අවුල තුළ මා තුන්මං හන්දියකට පැමිණ, කොයි දිශාවකට හැරෙන්නට දැයි කල්පනා කරමි. එක් පැත්තක එදා රටේ තත්වයය. අනිත් පසින් මගේ පෞද්ගලික ජීවිත කථාවය. තවත් පැත්තකින් මගේ රාජකාරී ජීවිතයේ තොරතුරුය. රාජකාරී ජීවිතයේ තවත් මා දුටු සිදුවීමක් දෙකක් ලියා තබා, මම ඔබරෝයි හෝටලයෙන් පිටව යන්නෙමි. එයින් පිටවගියේද මගේ වරදකින් මිස, ඔවුන්ගේ වරදකින් නොවේ.

1984 ජනවාරි මාසයේ විසි එක්වෙනි දින රැකියාවට වාර්තාකර මොහොතක් ගතවීමෙන් පසු, හෝටලය දෙදරා යන හඬක් ඇසිණි. උතුරේ ත්‍රස්තවාදී සංවිධානයක් විසින් ඇටවු බෝම්බයක්, හෝටල් කාමරයක් තුළ පුපුරා ගොස් ඇති බව කවුරුත් කථාවේ. එදා දෙමළ ත්‍රස්තවාදී සංවිධාන අතරින් කවුරුන් එය සිදුකරාද යන්න මට දැන් මතක් නොවේ. නමුත් අපේ එක් සහෝදර සේවිකාවක්වූ වොලස් නම් බර්ගර් ජාතික හවුස්-කීපින්ග් සුපර්වයිසර්වරිය ජීවිතක්ෂයට පත්විය.

මේ හෝටල් කාමරය පස්වන හෝ හයවන මහලේ කාමරයකි. කලින් වෙන්කරවාගෙන මෙහි ලැගුම්ගත් අමුත්තන් යුවළ, පසුදින වෙනත් කටයුත්තකට ඉන් පිටත්ව ගොස් තිබේ. ඔවුන් පිළිබඳව කිසිම හෝඩුවාවක්වත් සොයා ගැනීමට නොහැකිවූ බව මගේ විශ්වාසයයි. කාමර පවිත්‍රකිරීමේ සේවකයන් කාමරයට ඇතුල්වන්නේ ඒ නිසාය. එසැනින් බෝම්බය පුපුරා ගොස් වොලස් එහි ගොදුරක් විය. වෙනත් ජීවිත හානි නොවුණත් නොයෙකුත් අලාභ හානි සිදුවූ බව මතකය. ඔබරෝයි හෝටලයේ නම ඈඳුණු ත්‍රස්තවාදි නායකයෙක්ද විය. ඒ ටෙලො හෝ ටෙලා යන සංවිධානය මෙහෙයවූ කුලසේගරම් දේවසාගරම් නම්වූ පුද්ගලයාය. ඔහු ඔබරෝයි දේවන් නමින් ප්‍රසිද්ධව සිටියේය. පසු කාලයකදි එල්ටීටිය අතින් ඝාතනයවූ බවට මතකයක් තිබේ. මේ දේවන් සේවය කළේ මුළුතැන් ගෙය ආශ්‍රිත පිරිසිඳු කිරීමේ අංශය හෙවත් කිචන් ස්ටුවඩින්ග් කොටසේ බවටත් මතකය. බෝම්බයක් පුපුරා යන තැනක මා සිටි පළවෙනි සහ දැනටඅවසාන අවස්ථාව එය වේ.ලෝකයේ සිදුවෙමින් පවතින දේ ගැන සිතනාවිට ඉදිරියේ කුමක් සිදුවේ දැයි කීමට නොහැක. 2008 වැනි වසරක මුම්බායිහී ඔබරෝයි හෝටලයක් සහ තවත් හෝටල් කීපයක් දරුණු ත්‍රස්ත ප්‍රහාරයකට ගොඳුරු විය.http://www.nytimes.com/2010/04/21/business/21hotel.html 2005 වසරේදී ලන්ඩන් බස් බෝම්බයට අදාළ සිදුවීම වෙන අවස්ථාවේත් මම ඒ ආශ්‍රිත නගරයක ජීවත්විය. ඒ කම්පනය කොතරම් මානසික තැති ගැන්මක් ඇතිකරනවාද යන්න, ඒ අවස්ථාවන්ට මුහුණදුන් මිනිසුන් මට වඩා හොඳින් දන්නවා ඇතැයි සිතමි.

මා සේවය කල හෝටල්වල කිසිදා මරාගන්නා තරමේ වලි දැක තිබුණේම නැත. පසුකාලයක මම කළමනාකරුව සිටි ස්ථානයක එවන් සිද්ධියක් ඇතිවිය. මටද එහි කොටස්කරුවෙක් වෙන්නට සිදුවූයේ සහෝදර සේවයකයින් වෙනුවෙන් පෙනීසිටිම නිසාවෙන්ය. මම හෝටලයක් තුළ දුටු අවාසනාවන්තම වලිය දුටුවේත් ඔබරෝයි හෝටලය තුළදීම වීම විශේෂත්වයකි.

මේ 1984 හෝ ඒ අවධියේ සිදුවීමකි. ඒ කාලයේ ආර්.ප්‍රේමදාස අගමැතිව සිටි යුගය බව මතකය. ප්‍රේමදාස මහතාගේ හොඳම ගෝලයන් හෝ මිතුරන් කරලියේ ඉදිරිපසින් සිටින්නට පටන්ගන්නේ මේ කාලයේ බව මට මතක්වේ. ඇලෝසියස් මුදලාලි මින් එක් අයෙකි. මේ ඇලෝසියස් මුදලාලි සහ අර්ජුන් ඇලෝසියස්ලා එක පවුලේ උදවිය නොවේ. අර්ජුන්ගේ සීයාටද යුඇන්පිය හා සම්බන්ධ ඉතිහාසයක් තිබෙනා බවත් අසා ඇත්තමි. බැංකු පොලු ගැනද කියවා තිබේ. නමුත් මා කියන්නේ කැසිනෝ ඇලෝසියස් මුදලාලි පිළිබඳවය. රේණුකා ඉලෙක්ට්‍රිකල්ස් නමින් තොරන් සඳහා විදුලි බුබුළු ආදිය සැපයුවේ මොවුන්ය. පසු කාලයක ප්‍රේමදාස මහතාගේ සම්බන්ධතා මත හෝ ලංකාවේ ප්‍රසිද්ධම ව්‍යාපාරිකයෙක් විය. නවලෝක මුදලාලිත් ප්‍රේමදාස මහතාගේ හොඳ ගජයෙකි.

ඇලෝසියස් මුදලාලි කැසිනෝ සහ රැකියා ඒජන්සි ව්‍යාපාර හරහා සුපිරි ධනවතෙක් වෙද්දී, නවලෝක මුදලාලි වෙනත් ව්‍යාපාර කරා යොමුවිය. ඇලෝසියස් මුදලාලිගේ පුතුන් දෙදෙනා එම ව්‍යාපාරයන්ට කොතරම් සාධාරණයක් ඉටුකෙරුවාද යන්න මම නොදනිමි. සුදත් සහ කීර්ති ගල්කිස්සේ ශාන්ත තෝමස් සිසුන්ව සිටි බව දන්නෙමි. මොවුන් මට හමුවන්නේ ඔබරෝයි හෝටලය හරහාය. ඒ මම කාලයක් රාත්‍රී වැඩ මුරය කරනා කාලයේ දිනපතාම පාන්දර දෙක තුන වෙනවිට මොවුන් ඔබරෝයි කොෆි ෂොප් එකට කෑමට එන නිසාය. එන්නේද මදාවි පන්නයේ සහපිරිවර සමගය. ඇලෝසියස් මුදලාලිගේ කොටුවේ තිබු පාම් ට්‍රී හෝ පාම් නමකින් හැඳින්වූ සුප්‍රකට කැසිනෝව පාලනය කිරීමට සුදත් පුතා හවුල්විය.සුදත් ඇලෝසියස් විවාහවූයේ ඒලියන්ත වයිට් නම් කුප්‍රකට පුද්ගලයාගේ සොහොයුරියක් සමගය. ඒ කාලේ වයිට් මිසක් ඒලියන්ත කෑල්ලක් තිබුනේ නැත. වයිට් පසුව බ්ලැක් වීම කවුරුත් දන්නා කතාවකි. කීර්ති පුතා කොළඹ නාගරික මන්ත්‍රීවරයෙක් විය. මේ දෙදෙනාම එතරම් උසස් අධ්‍යාපනයක් නොලැබූ, නාස්තිකාර පුතුන් දෙදෙනෙක් යැයි එදා ප්‍රකට කරුණක් විය. නමුත් මිනිසුන් හා ගැවසුණු, බජාර් මොඩ්ල් එකේ සොමි කාරයන්ය. උදව්, පදව් කරන හිතහොඳ ඩයල් බව කිව යුතුය. සුදත්ගේ ක්ලාස්මේට් කෙනෙක් මගේ වැඩ මුරයේ අතිජාත මිත්‍රයාය. සුදත්ලාට එදා නොකරන්නට බැරි වැඩක් තිබුණේ නැත. පොලිසිය අතේය. අත පොලිසියේය. මේවා ඇත්තය. සුදත්ලා කුවේට් එයාර්වේස් ගුවන් යානයක් පැය විසිහතරකට ප්‍රමාද කරේ කටුනායකටවත් නොගොසින්ය.

කුවේට් එයාර්වේස් ගුවන් සේවකයන් නවාතැන් ගත්තේ ඔබරෝයි හෝටලයේය. ඒ දිනවල බොහොමයක් ජාත්‍යන්තර ගුවන්සේවාවන්හී සේවකයන්ට නවාතැන් දුන්නේ මේ හෝටලය බව ප්‍රසිද්ධ කරුණකි. කුවේට් කංඩායම එදා විනෝදවෙන්නට සෙට්වුණේ හෝටලයේම සපර් ක්ලබ් නම්වූ රාත්‍රී සමාජ ශාලාවේය. ඕනෑම ගුවන් සේවක සේවිකාවකටම මත්පැන් භාවිතයෙන් තොරව සිටිය යුතු කාලසීමාවක් තිබේ. ඒ සඳහා උපදෙස් මාලාවක්ද ඇත. පසුවදා සේවයට වාර්තා කිරීමට තිබුණත් මොවුන්ද අඩිපුඩි ගසමින් සිටියෝය. අපේ කතානායක සුදත් ඇලෝසියස් සහ තව දෙතුන් දෙනෙක් එහි ගොඩවිය. සුදත් ඇඳගෙන සිටියේ කුවේට්යන්ගේ ජාතික ඇඳුමට සමාන ලෝගුවක් සහ හිස් පැළඳුමකි. කුවේටි සේවකයෝද (නොයෙකුත් ජාතින් මේ කංඩායමේ සිටි බව මතකය ) සුදත්ලාද, සුද්දෝද, ලංකාවේ පොෂ් බුවලා සහ බුවීලාද ඩාන්ස් ෆ්ලෝර් එකේය. පීටර් ප්‍රින්ස් ඇන්ඩ් කොම්බෝ සහ පර්ල්ස් නමින් බෑන්ඩ්ස් දෙකක් සංගීතය සැපයීය. ඉතාමත් ප්‍රීතිමත් සහ නැගලා යන මොහොතක් බව කිව යුතු නොවේ.

කුවේට් ජාතිකයෙක් සුදත්ට කියා තිබුණේ, ඔවුන්ගේ ජාතික ඇඳුමෙන් සැරසී විකාර නැටීම අපහාසයක් බවය. එය අනවශ්‍ය කතාවකි. සුදත්ලා ඒ කාලයේ කොහොමත් නාහෙට අහන්නේ නැත. එකක් මුදල් බලයයි. අනික දේශපාලන හා පිරිස් බලයයි. අදත් ඒ වගේ උදවිය අනන්තය, අප්‍රමාණය. එදාටත් වඩා අද භයානකය. කතාව දිග්ගැස්සි ගොස් සුදත්ට පහරක් එල්ල කෙරූ බවත් කියවෙයි. ගතවූයේ විනාඩි කිහිපයකි. අන්ත මදාවි සෙට් එකක් ඔබරෝයි ඉහළම මාලයේ රාත්‍රී සමාජශාලාවට ඇතුල්වීමට පොර බඳී. ඒ අතර නයිට්ක්ලබ් මැනේජර්වරය ඔවුන්ට ඩ්‍රෙස් කෝඩ් එක ගැන කියා දෙන්නට යයි. බෙල්ලෙන් අල්ලා මැනේජර් තුමාව පසෙකට විසිකර දැමු මේ මදාවියෝ මහා විනාශයක් කෙරුවෝය. හුලංගමුව නම්වූ අපේ මැනේජර් තුමා අන්ත අසරණ විය. මෙවන් තත්වයන් පාලනය කිරීමට මහත්මා මොඩ්ල් එකේ මැනෙජර්ලා හරියන්නේ නැති බව වටහා ගත යුතුවේ. සමාජ අවබෝධය වඩාත් වැදගත්වන්නේ මෙවන් අවස්ථාවලදී බව කිවයුතු නොවේ. පසුව අපේ වර්ගයේ මැනේජර් කෙනෙක්වූ මොහාන් ද සිල්වා එහි කළමනාකරු ලෙස පත්කිරීම වෙනම කතාවකි. ඒ ඒ බනිස් සඳහා ඒ ඒ කෙසෙල් වර්ග ඇති බව පළපුරුද්දෙන් වටහා ගත යුතු සත්‍යයකි. ඒවා පොතේ නැත. ඒවා මිනිස් ක්‍රියාකාරකම් තුළින්ම වටහා ගත යුතු ප්‍රායෝගික අත්බෙහෙත් බව දන්නෙමි.

කුවේට් එයාර්වේස් කෲ එකම ඉදිමෙන්නට ගුටිකා අවසන් වන්නට විනාඩි දහයක් පහළොවක් ගතවෙන්නට ඇත. කෙළින් කටින් ඉන්නවා තබා හුස්ම ගන්නවාද යන්න සැක සහිතය. කොල්ලුපිටිය පොලිසිය පැමිණියේ සුදත්ලා පිටවීමේන් පසුවය. ගුවන් සේවකයන් පොලිසිය ගාවා ගැනීමට අකැමති වූයේ ඔවුන්ගේ ආයතන නීති රීති නිසා විය යුතු යැයි මම සිතමි. ඔවුන් මත්පැන් පානය කර තිබුණේ ඒ රෙගුලාසිවලින් සීමා පනවා තිබු කාල සීමාවකය. පසුවදා ගුවන් ගමන කුවේට් බලා යෑමට සිටි සේවකයන් රෝහල්වලය. ගුවන් ගමන අවලංගුවූ බවත්, ඉන්දියාවේ සිටි කුවේට් එයාර්වේස් කෲ එකක් කොළඹට ගෙන්වා ඒ ගමන පසුවදා සිදුකෙරු බවත් පසුව ආරංචිවිය. ගුවන් සමාගමට සිදුවු පාඩුව කෙසේ ගනන් බැලිය හැකිද යන්න නොදනිමි. හෝටලයට සහ එහි කීර්ති නාමයට නම් ලොකු පාඩුවක්වූ බව ලොක්කන්ගේ මතය විය.

සුදත් ඇලෝසියස්ට ඔබරෝයි හෝටලය ටික කාලයකට තහනම් කලාපයක් බවට හෝටලය විසින් නීති පැනවිය. නමුත් ඉන් සති කිහිපයකට පසුව සුදත් සහ සගයන් නැවතත් ඒ හෝටලයේම සුපුරුදු ලෙසම අප හමුවිය. ඒවා සිදුවෙන්නේ බලය පාවිච්චි කිරීමේ හැකියාව සහ බලයට යටවීමේ ඇති දිග සහ පළල අනුව බව අප වැනි රටවල අයට අමුතුවෙන් කියා දිය යුතු නොවේ. සුදත් සහ ඔබරෝයි හෝටලය පිළිබඳ තවත් බොහෝ කතා මම දන්නෙමි.

මගේ ජීවිතයේ මා දුටු මෙවන් අත්දැකීම් තුළින් මම බොහෝ පන්නරය ලබා ඇත්තෙමි. මගේ කතාව ලියන්නට යාමේදී මා දුටු දෑ නොලියා අතහැරීම අපරාධයකි. ඉදිරියේදීවත් මගේමවූ කතාවට අත තැබිය යුතුවේ. සමනල සීරිස් එක පටන්ගත්තා පමණි. එහි තව ලිවිය යුතු දේ ගොඩ ගැසී තිබේ. කියවාගෙන යන මෙන් ඉල්ලමි.

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

83 Responses to අවුල් වන්නට පෙර (67) බෝම්බ සහ වලි….

  1. //ගතවූයේ විනාඩි කිහිපයකි. අන්ත මදාවි සෙට් එකක් ඔබරෝයි ඉහළම මාලයේ රාත්‍රී සමාජශාලාවට ඇතුල්වීමට පොර බඳී.//
    බලාගෙන ගියාම මේ වගේ දේවල් ඉතිහාසය පුරාම වෙලා තියෙනවා.

    කෙළින්ම අදාළ දෙයක් නෙමෙයි. වාසගම ලෙස ඉංග්‍රීසි නමක් භාවිතා කරමින් මංගල මොඩලින් කළෙත් ඔය කාලෙ නේද?

    • අපොයි ඔව් ඉකොන් මම නම් දන්න කාලේ ඉඳලා තිබුනා. හැබැයි එක කාලෙක වගේ මහා දරුනුවට ලෙඩේ වැලඳිලා තිබුනේ නැහැ.
      මංගල මේ කාලේ මොඩ්ලින්ග් ඇන්ඩ් ඩිසයිනින්ග් ෆීල්ඩ් එකේ හිටියා Mangala Innocence නමින්. සේනක ඩි සිල්වා වගේ අයත් හිටියා ඔය කාලේ.

  2. සෙන්නා says:

    කාලෙන් කාලෙට එක එක චන්ඩි නේද ? මේ කාලෙ චන්ඩි පුතා චරිතය රඟපාන්නේ කවු ද ?

    • එකම සිස්ටම් එක තමයි සෙන්නා. චන්ඩින්ගේ මූනු වෙනස්වෙන එක විතරයි වෙනස…මේ කාලේ චන්ඩි තාම ෆෝම් වෙනවා ඇති. දහම් පුතා නම් වරක් දෙකක් නොන්ඩි පාට් එකක් දැම්මා නේද..ඊට කලින් නියම සෙට් එකක්නේ හිටියේ.

      සිංහල සිනමාවේ නම් චන්ඩියාත් ගාමිනි, චන්ඩි පුතාත් ගාමිනි.

  3. mithila says:

    Mama ipadubeth 98 wechchi kota , me dewal gana kiyawapu dekin misak wena athdakeemak nan na… pahugiya lipi asawen kiyewwa…

    • mithila says:

      Ipaduneth* ( aluth helakuru app eke mokak hari awulak ehema thiyenawada aiye? Blog wala Sinhalen comment karanna ba, pissu natanawa. )

      • බුදු අම්මේ පුතේ….උඹ අපේ දරුවටත් වඩා ගොඩාක් බාලයි. මේ කතා කියවලා හොඳ දෙයක් තියෙනවා නම් හිතට ගන්න. නරක දේ බැහැර කරන්න. අධ්‍යාපන වැඩ කටයුතු සාර්ථක කරගන්න.

        මිථිල මම මේ කම්පියුටර් වැඩ එහෙම දන්න කෙනෙක් නෙමේ. මම ලියන්නේ කලම්බු යුනිවසිටි යුනිකෝඩ් වලින්. සොරි, මම ඕකට උත්තරයක් දන්නේ නැහැ.

  4. Who let the dog out තමයි .. නම් ගම් විතරයි වෙනස් වෙන්නේ කාලෙන් කාලෙට.. කතාව එකමයි..

    • ඔව් කමියෝ සේම් වයින්- ඩිෆරන්ට් ලේබල්. අලුත් වයින් එකක් අපි මැරෙනකම් හැදෙන එකක් නැහැ වගේ. උඹලවත් ට්‍රයි කරලා බලපන්. එක්කෝ බල්ලො බඳින්න ඕන. නැත්නම් බල්ලො ඉස්කෝලේ යවන්න ඕන.

      • හැට්ටර් -මේ විට්ටර් ගෙ මල්ලි says:

        අරූ ,

        මේ වයින් කතාව මේකට හරියන්නේ නෑ බං .
        මෙතනට තියෙන්ඩ ඕනේ same shit – different colour වගේ එකක්

      • same shit-different commode වගේ එකක් හරියයි නේද බං… ඔය ඔක්කොම බොග් පෝච්චි තමයි මචං. අපිත් ඉතින් ගඳ ගහන හින්දා කාලෙන් කාලෙට සුද්ධ කරලා බලනවා. ඒත් ගඳේ නම් අඩුවක් නැහැ.

      • Anonymous says:

        මමනං කියන්නෙ දඩාවතේ යන බල්ලො බලු අනාථාගාර වලට ගාල් කොරන්න ඕනෙ නැත්තං මරන්න ඕනෙ. පිස්සු බල්ලොනං අනිවා මරන්න ඕන.

      • ඒ වගේ බල්ලන්ව පුනරුත්ථාපනය කරන්න බැරිද බං : අඩුම ගානේ හපානොකා ඉන්න…සද්දෙන් බුරන්නේ නැතුව ඉන්න..පාරවල් දිගේ බොග නොදා ඉන්න..බල්ලො කියලා මරන්නැයි.

  5. Ajith says:

    I met Sudath through Thusharapala of wild life department while I was working at Yala! Sad news is today I got to know that my gud friend Thusharapala had passed away about 3 month’s ago! Sudath is a great person who helped lot of staff of wildlife department!

    • ඔව් මචං අජෝ. සුදත්ලාගේ ගොන් පාට් තරමටම මිනිස්සුන්ට උදව් තිබුනා. ඒ තමන්ට ෆිට්වෙන අයට. එහෙම නැතුව පොදුවේ කරපු වැඩනම් මම දන්නේ නැහැ. ප්‍රේමදාස ෆැමිලි එකට තිබුනු ෆිට් එක නිසා, යාල වයිල්ඩ් ලයිෆ් එකේ අයට උදව්කරන්න ඇති. ඒ සුදත්ලගේ හැටි. උන්ට හරි ගයිඩන්ස් තිබුනේ නැහැ. නවලෝක ෆැමිලි එකේ කතාව ඊට වෙනස්. නැත්නම් ඇලෝසියස්ලා ඒ වගේම පොරවල් වෙලා මේ වෙනකොට. ඒවා එහෙම තමයි වුනේ.

      තුසරපාල නේද ඒකාලේ යාල පාක් වෝඩ්න්. මට හම්බවුනා උඹ නිසා. ඒ ගත්ත ආතල් මට තාම මතකයි. සින්දුව මතකද..දළ පූට්ටුවා. ප්‍රේමවති මනම්පේරිගේ මල්ලි හිටියෙත් ඒ ස්ටාෆ් එකේ නේද…මට එයාවත් මතකයි. තුසරපාල හොඳ මිනිහා. මට රාජකාරි මට්ටමෙන් නම් දන්නේ නැහැ. හැබැයි ඒ කාලේ යාලට මාර ප්ලේස් එකක් තිබුනා.

  6. Transylvania says:

    අපේ එක් සහෝදර සේවිකාවක්වූ වොලස් නම් බර්ගර් ජාතික හවුස්-කීපින්ග් සුපර්වයිසර්වරිය ජීවිතක්ෂයට පත්විය./////// අහක හිටපු අසරණියක් වන්දි ගෙව්වාය

    • ඔව් රුවන් කොහොමත් ඔය හැම දේකින්ම බැට කෑවේ සහ බැටකන්නේ අහිංසකයෝ. ඒ ගර්ල් එන්ගේජ් වෙලාද කොහෙද හිටියේ බඳින්න. ඒ සියල්ල අතීතයත් එක්ක වැලලිලා.

  7. වයිට් බ්ලැක් වීම තවත් යුගයක මුත් සැමදා පවතින ලාංකීය කුජීත දේශපාලනයය.
    සමනල සීරියස් එක බලාපොරොත්තුවෙන් සිටිමි

    • දේශපාලනය වෙනස්වෙන්න නම් මිනිස්සු වෙනස් වෙන්න ඕන රස්තියෝ. නැත්නම් සදා සොත්ති තමයි. සමනල සීරිස් එක මෙහෙමම ලියන්න ඕන.

  8. Anonymous says:

    ///නමුත් මිනිසුන් හා ගැවසුණු, බජාර් මොඩ්ල් එකේ සොමි කාරයන්ය. උදව්, පදව් කරන හිතහොඳ ඩයල් බව කිව යුතුය. /…..///// අනිවාර්යෙන්ම මමත් සෙට් වෙලා තියනවා සුදත් එක්ක .සොමි කෑන් පොරක් . කැසිනෝ එකේ වැඩකලා බැරුවා කියලා මගේ බොක්කක් ඔය සුදත් පොඩිකාලේ මරදානේ තිබුන ඉස්කෝලෙකට බරුවත් එක්ක ගිය ෆිට් එකක් කියලා මට බැරුවා කිව්වා. 83 විතර සුදත් හැම පෝයටම වගේ නොමෑස් ග්‍රවුන්ඩ් එකේ ක්‍රිකට් මැච් එකක් ගහනවා කැසිනෝ වහලා හින්දා
    එදාට බොක්කට වදින්න බඩුෂුවර් සුදත් දැන් කොහෙද දන්නේ නෑ හැබැයි බරුවනම් 90 දෙව්ලොව ගියා ඉට මාසෙකට පස්ස අපිත් රට අත්හැරලා ගියා සෙට් එක සම්පුන්යෙන්ම මිස් වුනා බං

    • ඇනෝ මචං…….බැරුවා කියන්නේ සුදු , මිටි , ප්ලසන්ට් බුවෙක් නම් මම පොරව දන්නවා. සුදත් හිත හොඳ මිනිහෙක්. ඔය පෝයට මැච් ගහන සීන් එකට අපිවත් ඇදගෙන යනවා. කානිවල් වගේ තමයි. හැම පොසොන් එකටම සිතුල්පව්වේ දානේ දුන්නේ සුදත්ලා කියලා ඒහේ කෙනෙක් කිව්වා.

      බැරුවා 90 දෙව්ලොව ගියා….සුදත් 99 ඇතුලේ ගියා. ඒක ලොකු කේස් එකක්. ලංකාවේ නෙමේ වුනේ. පස්සේ එලියට ආවා. ඒක මෙතන ලියන්න ඕන නැහැ. අපරාදේ. නිකං සවුත්තුවුනා. ඊට පස්සෙත් පොඩි පොඩි කේස්.

      • Anonymous says:

        බරුවා ඇවිල්ලා, අම්බරුවා ඔරිජිනල් මොඩල් එකක්. කාලවර්ණ ඉස්කෝලේ රග්බ් යූනියන් සෙල්ලම් කරපු NO 3 ලෝක් ෆෝවර්ඩ් එකක් .කප්ටනුත් කළා 1 st xv ටීම් එක. .දෙදෙනෙක් කරේ එල්ලගෙන දුවන්න පුළුවන් පොරක් බං උඹ කියන කෙනා වෙන්න බෑ .සුදත් සයිස් ඊට පොඩ්ඩක් කොට පොරක් අරුණෝ මිනිස්සු ගැන දැනගන්න නම් උන්ව අස්සරේ කරන්න ඕනේ

      • එහෙනම් මම කියන බුවා වෙන්න බැහැ. සුදතුත් කුළුමීමා සයිස් පොරක්නේ.
        //////අරුණෝ මිනිස්සු ගැන දැනගන්න නම් උන්ව අස්සරේ කරන්න ඕනේ////////////
        උඹ කියන කතාව හරි. ආශ්‍රය විතරක් නෙමේ මචං, මිනිස්සුන්ව ස්ටඩි කරන්නත් ඕන. ඒ වෙන මොහොකටවත් නෙමේ, ඒ ජීවිත ඇතුලේ අමුතු ගති ලක්ශන තියෙනවා. ඒවා මාර ඉන්ටරෙස්ටින්ග්. උඹ සුදත්ව දන්න කෙනෙක් නිසා, පොරට වෙච්ච දේ ගැන මේ ඉන්දියාවේ නඩු තීන්දුව කියවලා බලපන්.

        https://indiankanoon.org/doc/1267785/

  9. maathalan says:

    සුදත් ඇලෝසියස් රෑට ඇවිත් “පවරව ලව්” (Power of Love) ගහන්න කියලා බෑන්ඩ් වලට මළ වදේ කියලා බෑන්ඩ් ගහපු එකෙක් ඒ කාළේ අපිට කියනවා…

    උඹට මතක ඇති ඩ්‍රම්ස් ගහපු ෂොක්මන්….

    • “පවරව ලව්” මාතා ..කතාව ඇත්ත වෙන්න ඕන. එහෙම ගතියක් තිබුනා. පොර එක එක නම්බර්ස් රික්වෙස්ට් කරනවා. බැන්ඩ් එකට බොන්න රවුන්ඩ්ස් දෙනවා. යනකොට සල්ලි දෙනවා. සොමිකාරයා. දැන්නම් වැල්ලවත්තේ මුහුද අයිනේ තිබුනු මහ විශාල ගෙවලුත් නැහැ කියලා කෙනෙක් කිව්වා.

      • maathalan says:

        අර්ජුන ඇලෝසියස් උන්ගේ කවුරු හරි බං….

      • නැහැ මචං. මේ පවුල් දෙකක්. අර්ජුන් ඇලෝසියස්ගෙ පියා ජෙෆ් ඇලෝසියස් කියලා කෙනෙක්. වික්‍රමසිංහ පවුලේ සගයෝ. සීයා ප්‍රේමදාස කාලේ ලංකා බැංකුවට මිලියන් 500ක පොල්ලක් තිබ්බ කතාවක් තියෙනවා. එයාගේ නම් කට්ටාර් ඇලෝසියස් බවත්, ඉන්දියානු සම්භවයක් ඇති ද්‍රවිඩ කතෝලිකයෙක් බවත් මම කියෝලා තියෙනවා. ඔහු ප්‍රේමදාස. ලලිත්, ගාමිනිලාගේ උදව්වෙන් උඩට ආපු කෙනෙක්. මුල් බිස්නස් එක කරවල වලට සම්බන්දයි කියාත් මම කියවලා තියෙනවා.

  10. එල ද බ්‍රා මෙන්ඩ says:

    ප්‍රේමදාස මහත්යාගේ කාලේ පර්ටියක්දී නැටුවා ගැනු ළමයෙක්ව ගෝනවල සුනිල් උස්සගෙන ගිහින් දුෂණය කරලා ගෙනත් දැම්මේ ඔබරියි හෝටලේ නේද ඒ සිද්දිය උනේ …ඒ ළමයාගේ තාත්තා ඉස්කෝලෙක ප්‍රින්සිපල් කෙනෙක් …

    • මෙන්ඩා…..ගෝනවල සුනිල් දූෂණය කරන්නේ ඩොක්ටර් කෙනෙක්ගේ දුවෙක් කියලයි මට මතක. ඒ 79-80 වගේ කාලෙක මගේ හිතෙ. ඔබරෝයි නමක් එතන නැහැ. පොඩි කෙල්ලෙක්. මූට සමාව දීලා එලියට ගන්නේ යුඇන්පි ජනාධිපති පප්පා. සුනිල් 83 වැලිකඩ හිරගෙදර සමූල ඝාතනයටත් සම්බන්දයි. යුඇන්පියට සහ පාතාලයට හොඳ සම්බන්දයක් තිබුනා. සුනිල් ගැන රනිල්ගෙන් ඇහුවොත් කියයි. පාතාල නිර්මාතෘලා තමයි එදා යුඇන්පී ලොක්කෝ. දන්නෝ දනිත්. ඊට පස්සේ ඒ විෂබීජේ හැම නායකයෙක්ම අද වෙනකම් අරන් යනවා. දැන් කොහොමද මන්දා. බැද්දගානේ සංජීව, ජුලම්පිටියේ අමරේ, වම්බොට්ටා ඕව ගැන කියන්න ඕන නැහැ. පට්ට ගහපු කතන්දර මෙන්ඩෝ.

      • කැළණියේ පාතාලේ එක්ක හැප්පුනු හොඳ තරුන පොලිස් නිලදාරියෙක් හිටියා නාලන්දෙ කොල්ලෙක්. රෝහිත ප්‍රියදර්ශන. අතුරුදහන් කෙරුවා. අපොයි මුන් දාපු සෙල්ලම් ඒ කාලෙ.

      • ඔය ජනාධිපති සමාවට කිව්වේ “සුනිල් සමාව” කියලා. දේශපාලකයෝ ඔක්කොම් එකයි. සුනිල්වයි, බිරිඳවයි 87 මරලා දැම්මා. අවි ගත්තෝ අවියෙන්ම සෙත්ත පෝච්චි වෙති.

      • ///කැළණියේ පාතාලේ එක්ක හැප්පුනු හොඳ තරුන පොලිස් නිලදාරියෙක් හිටියා නාලන්දෙ කොල්ලෙක්. රෝහිත ප්‍රියදර්ශන. අතුරුදහන් කෙරුවා. අපොයි මුන් දාපු සෙල්ලම් ඒ කාලෙ. ///

        ///අපොයි මුන් දාපු සෙල්ලම් ඒ කාලෙ.///

        දැන් සමහර වෙලාවට අරූ කියන දේවල් එක්ක බැලුවම Contradiction වගේ නැද්ද…

      • තව පොඩ්ඩක් පැහැදිලි කෙරුවානම් ලොකු පුතේ අපිට ගැටළුව ලෙහා ගත්තැකි.

      • ලොකු පුතේ……මගේ ඔලුවට කොළපාට තීන්ත බාල්දියක් හලලා, ඊට පස්සේ උඹ කුරහන් පාට කණ්ණාඩි දෙකකින් මගේ දිහා බලන්න එපා. එතකොට පේන්නේ ගොම පාට චිත්‍ර 😀 එතකොට මුහුද, අහස පවා ගොම පාටයි, නැත්නම් මඩ පාටයි. අපි ඇත්ත ඇති සැටියෙන් කතා කරමු.

      • ඒ කාලේ පාතාලේ මර්ධනය කරපු පොලිස් නිලධාරියෙක්ව මරල දාපු එක ගැන, ///අපොයි මුන් දාපු සෙල්ලම් ඒ කාලෙ./// කියල බොහොම උපේක්ෂාවෙන් ඒ ගැන කතා කරපු එකයි මම දැකපු වෙනස…
        ඒ සිද්ධි තරමක් පරණ නිසා අර සමහරු කියන විදිහට වනචර දශකයේ වෙච්ච සිද්ධි වල තරම් intensity එක වැඩි නැද්ද කියලත් හිතෙනවා…
        ඒකයි අරූ contradiction වගේ දැනෙනවා කියල කිව්වේ…

        අරූ මගෙන් කණ්නාඩි දකිනවා කියනවා වගේම ඔය සමහර සමහර දේවල් වලින් අපිටත් නිකමට contact lenses පේන වෙලාවල් තියෙනවා… 😉

      • ලොකු පුතේ….මෙතන බං කොළ, නිල්, කුරහන් යුග කම්පෙයාර් කරලා වැඩක් තියෙයිද. යුඇන්පී මැරකම් එපා නිසා, චන්ද්‍රිකාලා, මහින්දලා ගෙනාවා.ඊට පස්සේ මෛත්‍රී ගෙනාවා. ඕවා බලෙන් කරපු දේවල් නෙමේනේ. මම කියන්නේ මේ හැමෝගෙන්ම වෙච්ච වැරදි. තමන්ගේ පාටි ලෝයල්ටිය අනුව වැරදි රේට් කරන්න යාමෙන් වෙන්නේ, වැරදි සාධරනය කිරීම. ඒක නොවිය යුතු දෙයක්. කණ්ණාඩියෙන් බැලුවත්, ලෙන්ස් එකෙන් බැලුවත් පේන්නේ අවීචිය නම්, ඒකට අවීචිය නොකියා සුරපුරේ කියන්නේ මොන හිතෙන්ද මචං.

    • එල ද බ්‍රා මෙන්ඩ says:

      පැහදිලි කිරීමට ගොඩක් ඉස්තුති …ඒ වගේ තව පොලිස් නිලදාරීන් ටික දෙනක් හිටියනම් …

      • //////ඒ වගේ තව පොලිස් නිලදාරීන් ටික දෙනක් හිටියනම් …/////////

        උන්වත් මරලා දායි, නැත්නම් අතුරුදහන් කරයි. ඒත් නැත්නම් සල්ලිවලට ගනියි.

  11. Manoj says:

    වෙනසක් නැහැ එදා කතාවම වර්තමනයෙත් රිපීට් වෙනවා.බලය,ධනය තියෙන එක ඉස්සරහා හැම නීතියම නැමෙනවා.

    • කිසි වෙනසක් නැහැ මනෝ. වෙනසක් බලාපොරොත්තු වෙනවා නම් ඒක හීනයක් කියලා තමයි දැන් දැන් හිතන්න වෙලා තියෙන්නේ. අපිට වෙනසක් ඕනවුනාට උන්ට වෙනසක් ඕන නැහැ.

  12. OBK says:

    ඔබරෝයි එකේ කතා නවත්තන්න එපා. දිගටම ලියන්න

    • OBK..ඔයා ඔබරෝයි කෙනෙක්ද….ඔබරෝයි එක ගැන නම් තව බොහෝ කතා තියෙනවා. මම මේ ලියාගෙන යන පාරේ යන්නම්. ඔබ ඔබරෝයි නම් කොයි කාලෙද කියන්න පුලුවන්ද…

      • OBK says:

        මම ඔබරෝයි එකේ නෙමෙයි, හැබැයි අපේ අම්මා ඔබරෝයි එකේ වැඩ කලා අවුරුදු 30කට කිට්ටුව. මම ඕක ඇතුලේ ගොඩක් තැන්වල ගිහින් තියනවා. ඔයා කියන සමහර නම් එහෙමත් දන්නවා.

    • හොඳයි පුතා. හෙමින් කියවන් යන්න.

  13. Pra Jay says:

    //කුවේට් ජාතිකයෙක් සුදත්ට කියා තිබුණේ, ඔවුන්ගේ ජාතික ඇඳුමෙන් සැරසී විකාර නැටීම අපහාසයක් බවය.//

    උන් නටන්නෙ නැද්ද?

    • උන් නටනවා බං. ඔය සමහර අරාබි හාල්පාරුවෝ හිතන් ඉන්නේ, උන්ට විතරයි නැශනල් ඩ්‍රෙස් එකක් තියෙන්නේ කියලා. උන් ටයි කෝට් දාගෙන නටන කොට සුද්දො මොකද කියන්න ඕන. ඕකුන්ට පොඩි මහන්තත්ත ගතියක් එනවා ඒසියන්ලා ඉස්සරහ. සුද්දෝ ගාව ලතා පාට්.

      • ///ඕකුන්ට පොඩි මහන්තත්ත ගතියක් එනවා ඒසියන්ලා ඉස්සරහ. සුද්දෝ ගාව ලතා පාට්.///

        ඒ ඉතින් ගෘහ සේවයට පිං සිද්ධ වෙන්නනේ…
        උපාධි බැරිනම් මොන කඩ හරි ඇරලා (තාක්ෂණික හොඳේ…) ඔය රටවල ටෙක්නිකල් පැති වල රස්සා වලට අපේ කොල්ලෝ යවන්න පටන් ගත්තොත් අන්න එදාට ඒකෙන් විතරක් උනත් අපේ රට ගොඩ ගන්න ඇහැක් වෙයි…
        කොහෙද ඉතින් කාටද එහෙම උවමනාවක් තියෙන්නේ…

      • උඹේ කතාවට සීයට සීයක් එකඟයි. බලපන් ඉන්දියාව. මෙහෙමත් දෙයක් තියෙනවා. මැද පෙරදිග ඉන්දියන් ගෘහ සේවිකාවන් ඉන්නේ ඉතාම අඩුවෙන්නේ. ඒත් ඇබ්බෝ ඉන්දියන් කාරයින්ට සලකන්නෙත් අපිට වගේම තමයිනේ. ඒ නිසා මේක අපේ ගෘහ සේවිකාවන් නිසාම ඇතිවෙච්ච මානසික තත්වයක් කියලා හිතන්නත් අමාරුයි. උන් දන්නවා ආසියාතිකයෝ දුප්පත් කියලා. ඒකයි ඔය ලොකු පාට් එක දාන්නේ. ඔමානයේ මම ඉන්න කාලේ , මිනිස්ට්‍රි ඔෆ් ඩිෆෙන්ස් එකේ එකම රස්සාවට සැලරි ස්කේල්ස් දෙකක් තිබුනා. එකක් සුද්දන්ට. අනික ඒශියන්ස්ලට. සුද්දට වැඩි ස්කේල් එකක්. ඔව්වා එදා ඉඳන් හැදිච්ච සිස්ටම් ලොකු පුතේ.

  14. අමිල says:

    Api podi un…..onna qyewuwa!

  15. ටික්කා says:

    අරුණ අයියා. ඔන්න පලවෙනි එක කියෙව්වා. අම්මට හුඩු. 1994 කියන්නෙ මට අවුරුදු 4යි.

    ගුටි වලි වලින් ශේප් වීමේ කලාව ගුටි නොකා ඉඳීමේ වාසනාව මට උපතින් ලැබුන දෙයක් වගේ.

    ඔය කියන 1984-87 වකවානුව ගෙවා ගත්ත කියන එකත් ලොකු ජයග්‍රහණයක්.

    මම නුවර ගිය අලුතම බෝඩිමේ අනිත් සෙට් එක එක්ක නුවර පරණ පේරාදෙණිය පාරේ දනසිරිය හරියේ තියෙන 115 වගේ නමක් තියෙන බාර් එකට බොන්න ගියා. බීල වැඩි උන එකෙක් වේටර් කෙනෙක්ගෙන් ගේම ඉල්ලුව. ටික වෙලාවකින් සුදුහුම්පලින් සෙට් එකක් ඇවිත් බාර් එක වහල පෝරියල් එක දෙන්න හදනකොටම පෙර පිනකින් මට එක ගුටියක් නොකා හොරෙන්ම එලියට යන්න හම්බු වෙලා කෙලින්ම බෝඩිමටම ගියා.

    ටිකකින් අරුන් පස් හය දෙනා එනව නිකං කරත්තෙට අහුවෙච්ච තැඹිලි කෝම්බ වගේ.. 😂😂😂😜😜😜..

    • ///// 1994 කියන්නෙ මට අවුරුදු 4යි.////////
      ටික්කෝ මම මේ ලියන්නේ 1984. 1994 මම ඔමාන්වල. අපේ දරුවට අවුරුදු හතක් එතකොට. ඇයි උඹ වේලාසනින් එලියට ආවේ නැත්තේ 😀 ඒ කාලේ ඉන්න ඕන පොරක්නේ..ගම්පහ ඉන්න ඕන පොරක්නේ ලොක්කා 😀

      /////ඔය කියන 1984-87 වකවානුව ගෙවා ගත්ත කියන එකත් ලොකු ජයග්‍රහණයක්./////

      මොන මගුලක්ද මන්දා ටික්කෝ…මරණෙන් ගැලවුනා. ඒක වෙන්නැති තාම ගල් ටික්කා වගේ හිනාවෙලා ඉන්නේ.

      ///////ගුටි වලි වලින් ශේප් වීමේ කලාව ගුටි නොකා ඉඳීමේ වාසනාව මට උපතින් ලැබුන දෙයක් වගේ.////////

      මම ඔය දෙකම එක ලෙස රස විඳලා තියෙනවා. පස්සේ කියන්නම්.

      • ටික්කා says:

        වැරදීමක් උනා.. 1994 වෙනස් වෙන්ට ඕනි 1984 කියල. 1984 දී මට අවුරුදු 4යි.

        හැබැයි චතුර එතකොට ගාල්ලේ මහින්දෙ ප්‍රින්සිපල්.. 😂😂

      • tikaa….ගණන් ගන්න එපා ටික්කෝ, චතුරනේ බං වැද්දන්ට ගින්දර හොයලා දුන්නේ. ඒ කාලේත් ගිනිපෙට්ටිය උගේ සාක්කුවේ.

  16. ambalangodakatha says:

    හෝටල් කෙරුවාව ලොකු පොඩි සැමටම ලොකු පොඩි මට්ටමෙන් චණ්ඩින්ගේ අතවර වලට මුහුණ දෙන්න වෙන කර්මාන්තයක් කියල දන්නවා උනාට තරු පන්තියේ හෝටල් වලටත් එව්වයේ බලපෑම් තියනවා කියල මේ තරම් දුරට දැනගෙන හිටියේ නැහැ අරුණ මහත්මයා..ඒ කාලේ එහෙම නම් දැන් කාලේ වෙද්දී මීට වඩා සෑහෙන්න දරුණු ඇති තත්වය. දේශපාලනය විසින් අපේ රට පත්කරපු තත්වය තමා මේ. ඒ අතින් බටහිර රටවල පාලනයේ ඉහලම ඉන්න මිනිස්සු උනත් වැරදි කරන්න බයයි නීතිය සැමට එක නිසා. බලය ඉදිරියේ නීතිය වංගු යන ලංකාව වගේ රටක් කවදාවත් සමුර්ධිය කරා යන්නේ නැහැ අරුණ මහත්මයා..

    • /////////බලය ඉදිරියේ නීතිය වංගු යන ලංකාව වගේ රටක් කවදාවත් සමුර්ධිය කරා යන්නේ නැහැ/////////////////////

      සත්තෙන්ම ගොඩයෝ. මේක අපි තෙරුම් ගන්න ඕන. බලය කියන්නේ සරුංගලයක් වගේ. නමුත් සරුංගලය මෙහෙයවන්නා තේරුම් ගතයුතු සත්‍යයක් තියෙනවා. සරුන්ගලය රඳා පවතින්නේ සුළඟේ වේගය, පවතින කාලගුණය සහ නූලේ ශක්තිමත් බව නිසා කාටත් අමතකයි. අපි බලය කියන සාධකය ඔහේ මුදාහරිනවා. සරුංගල් ගස්වල පැටලීම, ගසාගෙන යාම සහ මාට්ටුවල පැටලීම උඹට අමුතුවෙන් කියලා දෙන්න උවමනා නැහැ. මම ඒ නිසා බලයට බයයි. මේ තුල නොයෙකුත් විග්‍රහ තියෙයි. නමුත් බලය කියන්නේ සරුංගලයක්. දේශපාලනය ගත්තොත් මම ඒ සරුංගල් වලට වෙන දේ ඊයේ පෙරේදා සවුත් කොරියාවෙත් දැක්ක.

    • එක්ස්පෝ…..මේ ගීතය ඉස්කෝලේ යන කාලේ ඉඳන් අහන කැමතිම ගීය. මම මේ මෙලඩි එකට හරිම ආසයි. අමිතා වැදිසිංහව නම් දකිනවා. පියසිරි විජේරත්න මහා ගාම්භීර කටහඬක්. මම මුහුගේ ගීත දෙක තුනක් අසා තිබෙනවා. මේ ලිපිය කියවපන්.

      මේ ලිපිය කියවපන්.

      • X - Porter says:

        තැන්කූ අරුන අයියා මම මේක දැක්කෙ නෑ .. පියසිරිලව අපි අමතක කරා වගේ.රත්තරං කටහඬවල්

      • එක්ස්පෝ…මේ සින්දුව මම ඉඳලා හිටලා අහනවා. මම හරිම ආසයි මේ ගීතයම සමන් ලෙනින් වගේ ෆිට් කටහඬකින් අහන්න. මේ සින්දු සමන්ලාට තාම අහුවෙලා නැද්ද දන්නේ නැහැ. එක්ස්පෝ අපි හම්බවුන දවසක මම අහන සිංහල සින්දු ටිකක් අහමු. මම අමුතු සහ වෙනස් ආකාරයේ ඒවා අහන්න මාර ආසයි බං. එහෙම ශිල්පීන් ටිකක් ඉන්නවා. උන් ගැන කතා නොකිරීම හරි අප්සට්. අපි අමතක කරන්නේ උවමනාවෙන් නෙමේ බං. මීඩියා එකෙන් මේවා කතා නොකරන නිසා.

    • තවත් ලස්සන සින්දුවක්. අමිතා වැදිසිංහ ප්‍රවීණ ගායිකාවට නිදුක් සුවය පතමි.

  17. X - Porter says:

    අරූ අයියෙ අපි එක දෙයක් අමතක කරනව. සරුංගලේ උඩයන්නෙ හුලඟ නිසා නෙමෙයි. නූල නිසා. නූල සරුංගලේට ඉන්ටැක්ට් නැත්තං කොච්චර හුලං ආවත් සරුංගලේ බිම තමයි.

    • මේ සියල්ල අතර අන්තර් සම්බන්ධතාවය හඳුණානොගත් අය අතරේ උඹලා වගේ තරුනයෝ ඉන්න එකත් ලොකු දෙයක් එක්ස්පෝ. නිවැරදිව හිතන එකත් ලොකු සුදුසුකමක් මනුස්සයෙකුට.

  18. X - Porter says:

    අරුන අයියා සමාවෙන්න ඔනෙ වාතයක් උනානං ඒත් ඒක නාඩි වැටෙන කොට ඉවසං ඉන්න අම්මරුයි. රවිය කිවුව වගේ (මේ මම තේරුං ගත්ත විදිහ හරිය) බ්ලොග් වල සජීවීය කම මේකයි. මේ දැං මේ සින්දුව මාව පිස්සු කරනව .

    • මම දන්නවා බං නාඩි වැටෙන එවුන් කවුද..එසේ නොවන එවුන් කවුද කියලා. නිහාල් ජයවර්දන නාඩිවැටුන මිනිහෙක්. මම නිහාල්ව සහ මල්ලි රෝයිව නුගේගොඩ පුබුදු එකේදි සෙට්වෙලා තියෙනවා. රස සාගර සහ හොඳ මිනිස්සු. රොනට ඇදෙන සින්දුව නිසාම මම බ්ලොග් පෝස්ට් එකකුත් ලිව්වා. මම මුමුනන ගීතයක්. නිහාල්ලා බීවා වැඩිද මන්දා. ඒක උගේ අයිතියක්. වැරද්දකට කිව්වා නෙමේ.

      • X - Porter says:

        මම දන්න තරමට ආශ්‍රය කරල තියෙන හැටියට නිහාල්ගෙ ලේ ඤාතියෙක් තමයි නදීක ජයවර්දන . මගේ බොක්කෙ යාලුවෙක්. මාව නයි නැටවිල්ලෙන් ගලවගන්න මහන්සිවෙච්ච බොක්කක්. ඌ නිසා තමයි අද මම මෙහෙමවත් ඉන්නෙ .

      • නදීක මාරම මාර ටැලන්ට් එකක්. වැඩ හොඳින් දන්න කෙනෙක්. පඩ ශෝ වලට කැමති නිසාද මන්දා පැත්තක් අල්ලන් ඉන්නේ. නදී ගංගා තරනයේ දන්නවනේ…..

  19. X - Porter says:

    අරුන අයිය මම සමන් ලෙනින් ගෙන් අහන්න ආස මේ පර්ෆෙට් සින්දු නෙමෙයි සමන් ලෙනින් ලගේම සින්දු බං . අපි මේව අහල ඉවරයි. සමන්ල කියන්න ඕනේ උන්ගෙ සිඳු.. මේවගේ…සමන්ලගෙ වොයිස් පට්ට පර්ෆෙක්ට් ඒත් මේ වගේ ක්‍රියේශන්…???? අන්න ඒව බං අපිට ඕනෙ.

    • මම කියන්නේ ඔය අදහසින්ම නෙමේ. මේවා තව කවුරු හරි තව වර්ශන් එකකින් හෝ එලියට ආවොත් මේ පර්ෆෙක්ට් නිර්මාන අලුත් අය අතරට යයි. ඔවුන් ඒවා මෙහෙම දේවල් තිබුනාද කියා සොයා බලයි. මම ඒකට ආසයි. සමන්ගේ ගීතයක් තියෙනවා සත්පතිනි ටෙලියේ. මම ඒකටත් කැමතියි. අපි ජෝගි දාන වෙලාවකට මරු.

      අහලා බලපන්. එලියස් අයියාගේ නාන බාල්දිය. මියුසික් ඩැනිස්ටර් පෙරේරාගේ. මේකෙම තිස්ස ජයවර්ධන තීම් සෝන්g එක කියනවා ඒකත් මම කැමති එකක්.

      • X - Porter says:

        තිස්ස ජයවර්දන වෙනම කැරක්ටර් එකක් අරුන අයිය.. අයියෝ.. ඔයත් මාර ඒවතමයි මතක් කරන්නෙ.

  20. X - Porter says:

    සොරි වෙන්න ඕනෙ මම අද මෙහෙ වීක් එන්ඩ් එක නිසා ශොට් එකක් ගහනගමං ඉන්නෙ . අරුන අයිය මගේ බොක්කෙ සිඳුවක් අහන ගමං

    • එක්ස්පෝ….මාර සින්දු සෙට් එකක්. ඒත් මම හෙට පාන්දරම ජොබ් එකට යන්න ඕන. මම උඹව මෙහෙම තනිකරලා නිදාගන්න යනවා. හෙට හම්බවෙමු. මහා පාන්දර යන්න ඕන බං. සමාවෙයන්.

  21. X - Porter says:

    මේවගේ ලස්සන මොහොතක අරුත්බර දෙයක් කියන්න රවිය නැති එක හරි අඩුවක්. මේවගෙ වෙලාවක ඌනපූර්න කරන්න රවිය රුසිය

    • රන් සිකිපිල් කියන්නේ රන්වන් පිල්කලබ කියන එකලු නේද… මේ ගීතය ලිව්වේ සහ තනුව කාගෙද බං…

  22. X - Porter says:

    අපි ථාගෝර් අහමු අරුන අයියෙ

  23. පිස්සු හැදෙන සිංදු සෙට් එකක් අරූ. මාව හොල්මං. අවුරුදු ගානකට පස්සේ මටත් ‘නාඩි වැටෙන්න’ පටන් අරගෙනද කොහෙද.
    Hats off to both Aru & X-porter

    • ගණන් ගන්න එපා අසංග 😀 අපි ඔය දෙකක් දාගත්තම පොඩි ආතල් එකක් ගන්නවා. ඔහොම කියවගෙන යමු අසංග. හීනි ජීවිතනේ.

Leave a comment