අවසන් ලියුමයි ඔබට ලියන්නේ…

මම බ්ලොග් ලොව තුළ යම්කිසි කාලයක් ගතකර දැමූ මිනිසෙක්මි. ඒ කාලය තුළ ඔබ මෙන් මමද බොහෝ මිනිසුන් හඳුනාගෙන ඇත්තෙමු. මිතුරන් බොහෝ අතර විජ්ජා කාරයන්, කොළ තුනේ සූදු කාරයන්, කටු ගසන්නන්, බොරු පතුරුවන්නන් මෙන්ම ඉතා සුන්දර මිනිස් චරිතයන් ස්පර්ශ කර ඇත්තෙමි. මා වටහාගත් මහා පුදුම හිතෙනා ආකාරයේ මිනිස් සත්වයන් මේ තුළ නොයෙක් ආකාරයේ ස්වරූපයන් තුළින් මේ කරලියේ ඒ ඒ කොටස්, ඒ ඒ ආකාරයෙන් රඟ දක්වනු ලැබේ. ඒ එක එකා සතු අයිතිය බව මම දනිමි. මේ සයිබර් අවකාශය තුළ අපට නොපෙනෙනා හෝ අප වටහා නොගන්නා වෙළඳුන් රාශියක් බිහිවෙමින් පවති. මම අධ්‍යාත්මික වෙළඳුන් හා ගනුදෙනු කිරීමට ප්‍රියතාවයක් නොදක්වමි. එය ඉතා භයානක ගනුදෙනුවක් බව හය හතර තේරුම් ගන්නා කාලයේ සිට වටහා ගත්තෙක්මි. මට මේ බව මුලින්ම කියා දුන්නේ රාජකීය ප්‍රාථමික විදුහලේ අපේ ආදරණීය ගුරුතුමෙක්වූ අමරදාස සර් නම්වූ නිර්ව්‍යාජ මිනිසාය.කාලය ගෙවී යාමත් සමග අමරදාස සර්ගේ පාඩම කොතරම් නිවැරදිද යන්න අදත් මට පසක් වේ.

මේ ගනුදෙනුව අද ලෝකයට ගැලපෙන්නේ නැත. ඒත් මම මෙය අපේ දරුවාට පවා ඉතාමත් නිර්ව්‍යාජ හදවතකින් කියා දී තිබේ. ඇය ඒ සතුටින් පරිහරණය කරයි. මම බ්ලොග් ලෝකයට තිත තබමි. ඒ වෙන කිසිවක් නිසා නොව, මම මැජික් කාරයෙක් නොවෙන නිසාවෙනි.

මෙතෙක් කල් මා කියවූ සහ මා දිරිමත් කල නමින් සඳහන් කල නොහැකි ඔබට මගේ හෘදයාංගම ස්තුතිය මෙසේ පළ කරමින් ඔබෙන් සමුගන්නෙමි.

ඊයේ පෙරේදා මා පිළිබඳ පළවු කමෙන්ට් කිහිපයක් පහතින් උපුටා දක්වමි.

////Anonymous has left a new comment on the post “ලීකෙලි සම්මාන ගැන ප්‍රශ්න සහ උත්තර”:

Aruna Perera will retreat into his shell like a tortoise whenever he is found out to be duplicitous. He did it before, he threatens to do the same now. Well, that is the benefit of having a thick skin. He attacked Mahinda mercilessly, his treatment of Mahinda was contemptuous. So this is payback time for Aruna, he was behind this too but artfully moving away now. There are Mahinda haters like Maathalan and Mahinda lovers like Sarasa, why don’t we have a problem with them? Because they are true in their expressions, they don’t have a hidden agenda and don’t carry a big chip on the shoulder like Aruna the excreta eater/////////////

/////Anonymous has left a new comment on the post “ලීකෙලි සම්මාන ගැන ප්‍රශ්න සහ උත්තර”:

මා සිතන්නේ නම් අරෑ කියන දෙයෙහි වැදගත්කමක් ඇති බවයි.අජිත් පැරකුම් හෝ දර්මකීර්ති වැන්නන්ගේ ගෙන් අපට ලද හැකි එකම පාඩම එවැනි ජරාසතුන් බවට අප පත් නොවීම ගැන ඇති ආඩම්බරය පමනකි.මෙවැනි මිනිසුන් අතරේ ඉන්නවාට වඩා සද්ද නැතිව ඉන්න එක වටී.මම 2009 සිට බ්ලොග් බලමි.බියොන්ඩ් ෆ්‍රේම්,ටැබූ සිට මාතලන්,අරූ හරහා දර්මකීර්ති හෝ පැරකුම් දෙස බලන විට ඇතිවන්නේ කලකිරීමක් පමනි.මම 2013 සිට අරූගේ බ්ලොග් එක බලමි. ///////

/////Anonymous22 March 2017 at 13:31 rasikalogy blog
අරූ විතරයි බ්ලොග්කරුවෙක් හැටියට කොන්ද කෙළින් තියාගෙන ඇත්ත කිව්වෙ මේ පජාත බිස්නස් එක ගැන.
Reply/////

////කල්‍යාණ මිත්‍ර22 March 2017 at 19:57 rasikalogy blog
//මට නම් හිතා ගන්නට බැරිවුණා අරූ මේ වැඩසටහන නරඹා කලකිරුණේ ඇයි කියා// මටනම් හිතා ගන්න බැරි අරූ අයියා මේ U turn එක කොහොම ගැහුවද කියල.. ලංකා නිව්ස් වෙබ් එකට ‘දෙල්කඳ හංදිය’ විශේෂාංගය ලියපු තැන ඉඳල සයිබර් අවකාශයේ නිදහස් මත පළකරන්නන් සමඟ බද්ධ වෛරයෙන් ඉන්න සයිබරයේ ‘සුපිරියෝරිටි’ එක තියාගන්න අසාර්ථක උත්සාහයක යෙදෙන කුජිත දේශපාලන බලු ගැත්තන් සෙට් එකක් එක්ක එක පතේ වළඳන තැනට එනකං.. සමහරවිට කලින්ම අවුල් වෙලාද දන්නේ නෑ. අපරාදේ./////

මේ ටිකවත් උපුටා දැක්වූයේ ඔබේ විනිශ්චය හෝ තක්සේරුව සඳහාමය.

මා පෞද්ගලිකව මුණ ගැසී ඇති ප්‍රා, අජිත් ධර්මා,කහ සල්ලි ලියන සරද සහ සඳුන් සෙවණ ලියන චන්දන පමණක් නොව මා හා දුරකථනයෙන් දොඩමළුවී ඇති හෝ නැති සියලුම බ්ලොග් කරුවන්ට විශ්වාසනීයත්වයකින් යුතු අනාගතයකට මගේ බොක්කේ සුබ පැතුම් පතමි!!!
මා කැමතිම ගීතයක්.
ගායනය ..විශාරද ෂෙල්ටන් පෙරේරා
රචනය…නොදනිමි
තනුව…නොදනිමි.

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

139 Responses to අවසන් ලියුමයි ඔබට ලියන්නේ…

  1. sudeeka says:

    අයියෝ අරූ මේ මොකද? ප්‍රශ්න ඇති තැන මග හැරීම හොඳ පිළිවෙතක් වුවත්, ප්‍රශ්න වලට මුහුණ දීම හොඳම පිළිවෙත බව මගේ විශ්වාසයයි. මේක මම කැමතිම බ්ලොග් වලින් එකක්. මම ඒක කලිනුත් කියලා ඇති. අපි දෙන්නාගේ රාජකාරි ගමනේ තියෙන සමාන්තරතාව ඒකට හේතු වෙන්න ඇති. නමුත් අපි කවදා හෝ මුණගැහේවි. සමහරවිට නොවේවි. අඩුම ගානේ කියවීම කරන්න.

    • සුදීක….මගේ අවසන් ලියුමට උත්තර දිය යුතු නිසා, මේ ලිපියේ අදහස්වලට මම කෙටියෙන් පිලිතුරු දෙමි.

      සුදීක , මම බ්ලොග්ස් කියවීම අත අරින්නේ නැහැ. ඔබගේ ලියවීම තුල ඉතා රසවත්ම පරිවර්තනය ගොවිපලේදී ලෙසින් ලියු සිස්ටෝ ඔශන්ගේ ඉන් ද ප්ලාන්ටෙශන් නම් කෙටිකතාවයි. මම එහි මුල් කෘතිය කියෙව්වා.

      මා පලායන්නෙක් නොවේ සුදීක. බොරුව සහ වංචාව පවතින තැනින් ඈත්වෙන්නෙක් පමනයි.

      • රසුදැල් says:

        ලංකාවේ හැම දේටම වගේ නිදහසේ ලියන බ්ලොග් වලටත් සම්මානයි, දේශපාලනෙයි ඇවිත් මිනිස්සුන්ට එපා කරවලා. බ්ලොග් ලියන්න ඕනේ තමන්ගේ අදහස් දැනුම දෙන්න මිස වෙන දෙකට නෙමෙයි., එනිසයි ලෝකෙම බ්ලොග් ලියන බොහෝ දෙනෙක් අන්වර්ථ නාමවලින් එන්නේ. ඩිජිටල් ලෝකය ස්වභාවික ලෝකයට බද්ධ වෙන්න ඕනේ ලියවිල්ලෙන් විතරයි. ලංකාවේ හැම දේම වගේ මේකත් වරද්දාගෙන.
        මම ලියන්න අරන් කලක් වුනාට බ්ලොග් එකක් ලියන්න ගත්තේ ලඟදි. එහෙම කළෙත් ලිපි හොරුන්ගෙන් ප්‍රවේසම් කරගන්නයි. ලිපි සොයාගන්න ලෙහෙසි වෙන්නයි. මුල්ම ලිපියේ සිටම අරුණගෙන් ලද ධෛර්යය ඉමහත්. ඒත් ඉන්න අඩවියක් හොයාගන්න බැරිවුණා. අටම් ගෙන් අහගෙන එද්දී දැක්ක දේ මදැයි .. අතීතය නොදන්නා නිසා වැඩියමක් කියන්න බැරිවුනත් ලියන්න තැනක් හොයාගන්න. බ්ලොග් විතරක් නෙමෙයි අන්තර්ජාලයේ ලියන්න පුළුවන් එකම තැන.
        මෙතන ලියන්නේ මේ අඩවියේ කමෙන්ට් පොස්ට් කරන විදියක් හොයාගන්න බැරිනිසා.

  2. බස්සි ගේ කවි පොත මතක් උනා. මොකද මේක ඉතා කෙටි කළබල සිහිනයක් වගේ.. අරූ අයියා ඔච්චර ලාමක වෙන්නේ කොහොමද? පහුගිය දවස් දෙක තුනේ ඔයා සහ ඔයාගේ කමෙන්ට් මත ඔයාගේ අලුත් යාළුවො අපිට ගහපු ගැහිල්ලට මෙලහකට අපි යන්න නෙවෙයි දුවන්න ඕනි බ්ලොග් දාල.. 🙂

    මමනම් මීට කලින් හිටපු කමියම තමයි. ජයවේවා!

    • ////අරූ අයියා ඔච්චර ලාමක වෙන්නේ කොහොමද?///////

      කමීයෝ…මම ලාමක නෙමේ බං. මම දඩබ්බරයි.

      ///ඔයාගේ කමෙන්ට් මත ඔයාගේ අලුත් යාළුවො අපිට ගහපු ගැහිල්ලට /////
      මට අලුත් පරණ කියලා යාලුකම්වලට තරාදි නැහැ. අපි හමුවෙන දවසක ඒක උඹ තේරුම් ගනියි. ඔය යොදාගෙන තියන වාක්‍ය කණ්ඩය තුලම ලොකු අවුලක් තියෙනවා. ඔන්න ඔය කල්ලි හීනෙන්වත් හදන්න එපා. ඒක ලොකු අපරාධයක්. තරහ වෙන්න එපා.

      • X - Porter says:

        “අරූ අයියා ඔච්චර ලාමක වෙන්නේ කොහොමද? ” ඔයා බබා හෙහ්..හෙහ්…

      • අරූ අයියා……………..

        කමියා කියපු කතාව අපිටත් පැහැදිලිව ම දැනුණ දෙයක්. අරූ අයියාගේ පහුගිය දවස් වල මතයේ ලොකු වෙනස්වීමක් පෙනුනා…. ඒත් අරූ අයියා ඒ අදහස් ප්‍රකාශ කරන්නට ගිය තැන ගැන අපිටත් ගැටලුවක් තිබුණා. අපි දන්න විදිහට මේ වෙලාවේ බ්ලොග්කරුවන් බොහෝ දෙනෙක් මධ්‍යස්ථ මතයක ඉන්නවා. ඒත් අපි ඒක කතාකරන්න අර ජරාවලට බහින්නෑ….. කමක් නැහැ ඒක අරූ අයියාගේ තේරීමනේ..

        හැබැයි අපි දැන් මෙහෙම දෙයක් දකිනවා. ඔබ වෙනස් කරපු මතය දිගින් දිගට ම දරන්න ඔබට බැහැ. ඒකයි ඔබ බ්ලොග්කෙරුවාව නවත්තන්නේ. ඒ කියන්නේ ඒක ක්ෂණික වෙනස්වීමක් විතරක් නෙමෙයි තාවකාලික වෙසන්වීමක්. ඒකයි දිගින් දිගට ම අරූ අයියාට ඒක දරාගෙන ඉන්න බැරි. ඒකට උත්තරය මේක නෙමෙයි.

        අරූ අයියා තව දෙයක්. බ්ලොග්ලෝකයේ ඇතිවුණ දේශපාලනික යුද්ධයේ අනිසි ප්‍රතිඵල ගොඩක් අපි දැක්කා. අරූ අයියත් මේක අතහැරලා යෑම තවත් ඒ ගොඩට ම වැටෙන අපරාදයක් විදිහටයි අපි දකින්නේ.

        අරූ අයියා. අපි කියන වැදගත් ම දේ තමා මේ වැඩේ කරන්න එපා කියන එක. හැබැයි ඒක අර පුංචි ළමයි වගේ අනේ එපා අනේ කියනවා වගේ දෙයක් නෙමෙයි….. මේක ඊට වඩා වෙනස් විදිහට දකින්න…

    • Anonymous says:

      මේ ඔක්කෝම බබාලා. කවුරුවත් අඩුම ගණනෙ දන්නෙවත් නෑ තමන් කුජීත බිස්නස් එකක කොටස්කරුවන් වෙලා කියලාවත්.

      • @ X-Porter

        මචං මම නම් බබෙක් තමයි.. ඒත් මෙච්චර බහුශ්‍රුත (ඇසු පිරූ තැන් ඇති) අරුණ පෙරේරාලත් බබ්බු වෙන එකනේ අවුල..

        ඔය ‘කුජිත බිස්නස්’ කතන්දර කියාගෙන ඇනෝ දාන දෙතුන් දෙනාගේ ‘පොලිට්‍රික්ස්’ වලට අරූ අයියා අහු උනා.. අරූ විතරක් නෙවෙයි තව දෙතුන් දෙනෙක්ම ලිස්ට් එකේ ඉන්නවා.. අරූ කෙලින් කතා කරන හිත හොඳ එකෙක් නිසා කලින්ම කට ඉස්සර කරගෙන කලින්ම කෙලවගත්තා..

        බ්ලොග් සම්මාන දෙන එක නවත්වන්න ඕනි කාටද ඒ ඇයි කියන එක පොඩ්ඩක් හොයල බැලුව නම් ඕක යස අපුරුවට තේරෙනවා..

      • Anonymous says:

        බ්ලොග් සම්මාන දෙන එක පවත්වන්න ඕනි කාටද ඒ ඇයි කියන එක පොඩ්ඩක් හොයල බැලුව නම් ඕක යස අපුරුවට තේරෙනවා……..
        දැන් එහෙම නේද මිත්තරයා

      • Anonymous says:

        බ්ලොග් සම්මාන දෙන එක නතර කරන්න ඕනැ කාටද? කාටවත් එහෙම අවශ්‍යතාවයක් නෑ. දෙන එකෙක් දී ගත්තාවෙ. ප්‍රශ්නෙ තියෙන්නෙ ඒක බිස්නස් එකක් කියන එක හංගලා කරන එක. එයින් හැදෙන මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ට හැදෙන්න බ්ලොග්කරුවන් විකුණන එක තමයි කුජීත. ඒවට සල්ලි ගෙවලා ගන්න වන්දි භට්ටයො කඩේ යන හැටි ඊටත් කුජීතයි.

  3. අරූගේත්, කෙන්ගේත් බ්ලොග් මම කියවූ සීමිත බ්ලොග් අතර තිබුණු බ්ලොග් දෙකක්. ලියන එක නැවැත්වීම කණගාටුවට කරුණක්. ඔබට පෞද්ගලිකව හොඳම දෙය කරන්න. දැනට නැවැත්වුවත් පසුව අදහස වෙනස් වුණොත් නැවත ලියන්න.

    • ඉකොන්….මට ඔබේ ලිපි තුලට යමක් එකතු කිරීමට තරම් ශාස්ත්‍රීය දැණුමක් නැතිවුනාට, මම ඔබේ ලිපි හරහා යමක් එකතු කරගත්තා. ඒකට ඔබට බොහොම ස්තුතියි!! ඔබට වඩ වඩාත් ධෛර්ය සහ ශක්තිය බොක්කෙන්ම පතමි.

    • ආරම්භයට මෙන්ම අවසානයටද ජවය දුන් “අරූ” ඔබට ස්තුතියි. බොරුවට මවා පාන්නට දේවල් නැති නිසා කොහොමටත් මට නිර්ව්‍යාජ මිනිසෙක් වන්නට අපහසු නෑ. ඔබලා තරම් ජීවිතයේ පරිණත නැතත්, වසර 30ක පමණ ජීවිත කාලයේදී ලැබූ අධ්‍යාපනය සහ අත්දැකීම් සහ ගුරුවරුන්ගෙන් ලැබූ පුහුණුව කනිෂ්ටයෙකු වන මට යම් ගුණාංග ආරෝපණය කර ඇතියි සිතනවා. ඒවා තමයි හැකි පමණින් බෙදා ගන්නට උත්සහ කලේ. ඉකොනෝ ඔබටත් ස්තුතියි.

      මට ඉතිරි කර යන්නට යමක් තිබේද දන්නේ නැහැ.

      තරුණයෙක් ලෙස ජවසම්පන්න අවසානයක් ඉතිරි කර යන්නට මම උත්සාහ කරනවා.

      • /////බොරුවට මවා පාන්නට දේවල් නැති නිසා කොහොමටත් මට නිර්ව්‍යාජ මිනිසෙක් වන්නට අපහසු නෑ. ඔබලා තරම් ජීවිතයේ පරිණත නැතත්, //////

        කෙන්කි…..මම මේ දේ සහසුද්දෙන් අදහන මිනිහෙක්. ඒත් පරිනත වීම තියෙන්නේ වයසේ නෙමෙ කෙන්කි. මට බොහෝ තරුන මිතුරන් සහ මිතුරියන් ඉන්නවා. මගේ දුවගේ යහළු යෙහෙලියෝ පවා මගේ වයසට ගෞරව කරන ගමන්, මාව හොඳ මිතුරෙකු සේ සලකනවා. ඒ නිසා කෙන්කිගේ තරුණ වයස තුලම, පරිනත මිනිසෙක් මම දකිනවා. අපි කොහේ හෝ දවසක හමුවෙයි. එහෙම මග හැරුනු ඉතා සුන්දර අදහස් සහ ගති පැවතුම් ඇති තරුනයෙකු මට අද කතා කරා. ඒක අහඹු සිදුවීමක්.

        /////Education is the most powerful weapon which you can use to change the world.
        Nelson Mandela///////////

        මම පාසල් අධ්‍යාපනය මිස් කරගත්තා. ඒක අපේ දුවටවත්, අපේ පවුලේ අනිත් අයගේ දරුවන්ටවත් මිස් නොකරගන්න ලෙසට මම පියෙක්සේ අවවාද කරනවා. යාළුවන්ගේ දරුවන්ට පවා එය එසේ බව ඔවුන් දන්නවා.

  4. mayya says:

    අනේ බං අරූ ….උඹට පිස්සුද මේ කොහෙවත් යන නන්නාලා හින්දා උඹේ ආතල් කඩා ගන්න…..ලියන එක උඹට ආතල් නම් ලියපන්….උඹට ඒකෙන් ආතල් එකක් නැත්තං නවත්තලා දාපන්…ඒත් මේ කොහෙවත් ඉන්නා නන්නලා හින්දා ලියන එක නවත්තවන්න ….යකෝ උඹ ඔච්චර සංවෙදීද?

    • මයියෝ….මම උඹව දකින්නේ නිහඬ සහ නිර්භීත බ්ලොග් රචකයෙක් ලෙසට. ඒ ගැන අමුතුවෙන් කියන්න යෑම වචන වමනේ දැමීමක්.

      නන්නලා සහ නාන්නලා කියලා දෙකොටසක් ඉන්නවානේ බං. නාන්නලා දැන් ලිඳ බොර කරලා තියෙන්නේ. මේ ලිඳ නැවත කාලයකදි පැහැදිලි වතුර පොදක් දෙයි. බොර කරනා මිනිසුන් දෙස උපේක්ශාශීලීව බලා හිඳ නැවත එය පිරිසිඳු දිය ගබඩාවක් කරන්නේ ඒ ලිඳම මිසක් මිනිසුන් නොවේ. ලිඳ ඉහින්න තරම් මට ශක්තියක් නොමැති නිසා, මම පසෙකටවී බලා සිටිනවා. මයියා…උඹ ලියපන්. මම උඹව නිරතුරුවම කියවපු එකෙක්.

  5. ගස්ලබ්බ says:

    වර්ඩ් ප්‍රෙස් වල මම දාන පලවෙනි කොමෙන්ටුව.
    ඔබට හැරමිටි පාරක් අනුමතයි.දුටු තැනදී ලැබෙනු ඇත.
    (හීනි අඩියක් ගහල දුමක් දාල සිංදුවක් අහලා නින්දක් නිදාගන නැගිටලා ෆ්‍රෙශ් එකේ දිගටම ලියමු අයියෙ.)
    ජයවේවා..!!

    • //////වර්ඩ් ප්‍රෙස් වල මම දාන පලවෙනි කොමෙන්ටුව.////////

      ලබ්බෝ….මේ බ්ලොගේ නොවුනත් අනිකුත් වර්ඩ්ප්‍රෙස් බ්ලොග්ස්වල කමෙන්ට් කරපන්. බ්ලොග්ස් ලියන්නන්ට ඒ දිරිදීම අත්‍යවශ්යයි. ඒ දිරිදීම තුල තමයි, ඔවුන් තව දුරටත් ලියන්නේ. මම ඒක වටහාගත් එකෙක්. මම මගේ දිරිදීමේ ඩියුටිය සීයට අනූවක්වත් කරා. ඉතිරිය උඹලගේ. මම වෙලාවක උඹ හා සම්බන්ද වෙන්නම්. ආදරනීය ජීවිතයකට සුබ පැතුම්!!!!!මල්ලි මේවා බොක්කෙන් කියන්නේ 😀

  6. Duminda Abeysekara says:

    සතුටින් එදා සිට ‘දුමි’ යට දුන්නු අත
    හිතකින් මැකෙන්නෑ මතකයෙ සදා ඇත
    අවසන් ලිපිය ලෙස ඔබ මේ තබන තිත
    දැකුමෙන් දුකක් ඇති වූවා මගේ හිත…..

    ජයවේවා!!!

    • කවියක රසය නිරතුරුවම බෙදු දුමි
      කවි මග යාම මට බැරි බව දකින් නෙමි
      මිනිසුන් අතර මිනිසත් බව ඇහින් දෙමි
      මේ කුණු ලොවේ මම “මමියක්” නොවෙන් නෙමි

      හරිද මන්දා කොල්ලෝ.ඒත් ඔහේ ලිව්වා.

      • Duminda Abeysekara says:

        අරුණ අයියේ. ඉදිරි ජීවිතේට සුභපැතුම්. ආයිත් බ්ලොග් බලන්නවත් එන්නේ නැතිවෙයිද ?

      • දුමීගෙත් සියලු බලාපොරොත්තු එලෙසම ඉටුවේවා යැයි පතනවා. මම කියවීම අතහරින්නේ නැහැ දුමී. ඒත් නිහඬව 😀 මම යම් තාක් දුරට කියවපු මිනිහෙක්.

  7. ඇරුණ අයියා තව දුරටත් බ්ලොග් ලියන එක එන්ජෝයි නොකරනව නම් මේ තීරණය හරි, නමුත් කොහොවත් යන කවුරු හරි නිසා නං මට හිතෙන්නෙ මේක වැරදීමක් !

    • X - Porter says:

      කන්ඩා වැරදීමක් නෙමෙයි සිංහල බ්ලොග් වල ඉන්න පාදඩ අවස්ථාවාදීන්ගෙ ප‍ටු ලාබාපේක්ෂාවන් නිසා අපිට අහිමිවෙන සජීවී අත්දැකීම් සමුදායක්

      • එක්ස්පෝ…අවස්තාවාදය බ්ලොග්ස්වල විතරක් නෙමේ, හැම තැනම තියෙනවා. එතනින් ඉවත්වෙන්න ලේසි නැහැ. මට ඒක අප්පිරියයි. මේක හෙමින් කියවපන්.
        /////Choose your leaders with wisdom and forethought. To be led by a coward is to be controlled by all that the coward fears. To be led by a fool is to be led by the opportunists who control the fool. To be led by a thief is to offer up your most precious treasures to be stolen. To be led by a liar is to ask to be told lies. To be led by a tyrant is to sell yourself and those you love into slavery.
        Octavia Butler////////////

      • මේක වැරදීමක් තමයි “X” //පාදඩ අවස්ථාවාදීන්ගෙ ප‍ටු ලාබාපේක්ෂාවන්// අන්තිමට දිනුම් !!!

    • කණ්ඩෝ….මේ කවුරුවත් නිසා වෙච්ච දෙයක් නෙමේ. කමින් කලර්ස් නෝ ගුඩ් නිසා, මම සෑහීමකට පත්වෙන්න ගත්ත තීරනයක්. කණ්ඩාව මුල ඉඳලා කියවපු කෙනෙක් මම. මම ඔබේ ලිවීම් රටාවට විතරක් නෙමේ, ඔබ වර්ඩ්ප්‍රෙස් බ්ලොග් ලියන කෙනෙක් වීමට දැක්වු උවමනාවත් හරි අගෙයි. ඒ තුල මම ඔබේ උවමනාව ලිවීමද, වෙන මොකක් හරි එකක්ද කියන එකත් වටහාගත්තා.

      • මම මෙතැනදි ආත්මාර්ථකාමී වෙන්න පුළුවන් නමුත් මට හිතෙන්නේ අරුණ අයියගේ තීරණයෙන් අවැඩක් වෙන්නේ අපි වගේ පාඨකටන්ට මිස, ඔයාගේ කනස්සල්ලට හේතු වුන යම්කිසි දෙයකට, තත්වයකට හෝ පිරිසකට නෙමෙයි කියලයි !

        එහෙම පිරිසකට හෝ තත්වයකට මුහුණ දී කෙලින් හිට ගන්න පුළුවන් උදවිය මෙලෙස හැර යාම විසඳුමක්ද ?

        මම ඔයාගේ තීරණයට පිළිගන්නවා හැබැයි එකඟ වෙන්නේ නැත 🙂

  8. rangi says:

    Aru,
    this is very unfair for readers like me.
    but if it is ur choice i respect it.
    dont give much importance to these blog things. dont make ur self down. u are a wonderful person. and we love u and care u as our own Aru…

    • රංගි….ඔබේ හෘදයාංගම අදහසට ඩබල් සැලියුට්!!! මම කඩා වැටීලාවත්, පසුතැවීමකට ලක්වෙලාවත් නැහැ. ඒත් මේ අපේ හාදයෝ ගැන අප්‍රසන්න හැඟීමක් තියෙන්නේ. වමනේ දාන තැනක මීල් එකක් ගන්න බැහැනේ. ඒ නිසා හොඳම දේ එතනින් ඉවත්වෙලා හරි බඩගින්නේ සිටීම. මගේ ජීවිතේ මේ වගේ වමනේ දාන වගේ දේවල් ගොඩක් දැකලා තියෙනවා. ඒත් ඒවා පෞද්ගලික දේවල්. ඒවා ඔට්ටුයි. මේවා ඊට වඩා වෙනස්. රංගි කීප් ෆිට්. ඕල් ද බෙස්ට්!!!!!!!

  9. Anonymous says:

    මේ මොකද වෙන්නේ මචං? මට තේරෙන්නෙ නෑ. ඒත් උඹගෙ කතාව කියවන්න බලාගෙන ඉන්න මහා පිරිසකට මේක හරිම අසාධාරනයක්. පොඩි විවේකයක් අරගෙන ආයෙත් වරෙං මචං.

    මේ සිංදුව ලිව්වේ ඩෝල්ටන් අල්විස් මහත්තයා. සංගීතයනම් මම දන්නෙ නෑ. ෂෙල්ටන් පෙරේරා සූරීන්මද කියලත් හිතෙනවා. ඒ කෙසේ වෙතත් උඹට ජයෙන් ජය!!

    • මචං…හොඳම විවේකය තමයි විරේකය : D උඹට මම නැවතත් කියන්නේ සයිබර් පකීර්ලාගෙන් පරිස්සම් වෙන්න කියලා. මම කියන්නේ විහිලුවට නෙමේ කියලා උඹ දන්නවා. ඔය හාදයෝ ගැන මට වඩා උඹ දන්නවා.

      අවසන් ලියුම ලිව්වේ ඩෝල්ටන් අල්විස් බව දැන්වීම පිලිබඳ ඉතාම තෑන්ක්ස්!!!!! අපි හමුවෙමු.

  10. [°•_•°] {`^`…´^´} (~•`_´•~) says:

    කමෙන්ට්ස් එක්කම මුල ඉඳල ගොඩක් ආසාවෙන් කියවගෙන ඇවිත් අද තමයි ඔක්කොම කියවල ඉවර කලේ. ගොඩක් කනගාටුයි ඔබතුමා ගත්ත තීරණය ගැන .කවරු මොනව කීවත් ඔබ්තුමාගෙ අත්දැකීම් බ්ලොග් එකක් තුලින් ලියවෙන එක අපිට ගොඩක් වටිනව .දැනට සිංහල බ්ලොග් අවකාශෙ ඉන්න මං ගරු කරන චරිත අතර මුලම ඉන්න දෙදෙනාගෙන් එක්කෙනෙක් ඔබතුමා අනිත් කෙනා රවී මහත්මයා, ඔබතුමන්ලාගේ පරිණත අදහස් අත්දැකීම් අපිට ගොඩක් වටිනව . පුලුවන් නම් තීරණය ගැන නැවත හිතල බලන්න.
    ඔබට ජය!

    • උඹට කොල්ලෝ මොකා කියලා අමතන්නද කියලා මට තේරෙන්නේ නැහැ 😀 ඒ මොනවා වුනත් මේ බ්ලොග්ස් ඇතුලේ මරු පොරවල් ටිකක් ඉන්නවා. රවී කියන්නේ එහෙම බුවෙක්. ඔහු මහා අත්දැකීම් රාශියක් තියෙන කෙනෙක් බව මට තේරෙනෙවා. රවී ජීවිතය තේරුම් ගත් කෙනෙක්. ඔහු ලියනා දේ තුලින් ,ඒ සොඳුරු,විවෘත, නිර්ව්‍යාජ මිනිසා එලියට එනවා. රවීට අපි සලකනවා මදිද මන්දා… ඌ සැලකිල්ලට නැමෙන කෙනෙක් නෙමේ බවත් මට තේරෙනවා. ඒ රවී ගැන ලිව්වේ, උඹ ලියපු නිසා. මාව දිරිමත් කෙරූ හොඳම බ්ලොග් කමෙන්ට් කරුවෙක්.

  11. හැට්ටර් -මේ විට්ටර් ගෙ මල්ලි says:

    අරූ බ්‍රෝ,

    පිෂ්ෂු කෙළියට නං කමක් නෑ හැබැයි විකාර කරන්ඩ නං හදන්ඩ එපා.
    අපි මේ ඉඳල හිටලා පොඩි ජොලියක් ගන්ඩ එන බ්ලොග් වල කේස් වලට හිත නරක් කර ගන්ඩ එපා බං.
    හැබැයි මම පොඩ්ඩක් විතර නෝටිස් කෙරුව උඹේ සේකිට් එකේ වයර් මාරුවෙච්ච ගතියක් තිබුන පහුගිය දවස් දෙක තුනේ. පොඩි රීසෙට් එකක් ගහපං, ෂුවර් බඩු ආයේ නෝමල්.

    ආයෙම බ්ලොග් ලියපන්, බැරි….. ම නං අඩු ගානේ කොමෙන්ට් වත් දාපං.

    එක්කො ඕව අල්ලලා දාපං, වරෙන් බයිලා වාදෙකට,

    මගේ බයිලා පල්
    ඒවාට ගහයි කොල්ලො ගල්
    අරූගෙ බයිලා මල්
    ඒවාට වහිනවා වැහි මල්

    උඹේ බයිලා මල්
    ඒවාට වහිනවා වැහි මල්
    මේ හැට්ටර්ගේ බයිලා පල්
    ඒවාට ගහයි කොල්ලො ගල්

    (බලාපන් අපි උඹට සලකන විදිය)

    මේ එක නෙවෙයි, අමරදාස සර් කිව්වම මතක් උනේ, උඹ හතේ පන්තියේ හිටියේ කොයි කාලේද බං.

  12. OBK says:

    now 3 of my 4 favorite blogs are gone. Your blog, Oba mama’s blog, blog gadol and hapala’s blog. They all followed the same plot. Reliving someone else’s life and experience through their words.
    Good Bye Aru… and all the best for your future endeavors

  13. අරූ සහෘද්දයා, මගේ සමුගැනීමේ සටහන සමග මට ආරම්භයේ අතහිත දුන් ඔබේ අවසාන සටහනත් එකවිටම කියවීමට වීම දෛවෝපගතයි.

    ඔබට සුබවර දිවියක් ප්‍රර්ථනා කරනවා.

  14. Loku putha says:

    /// මට නම් හිතා ගන්නට බැරිවුණා අරූ මේ වැඩසටහන නරඹා කලකිරුණේ ඇයි කියා// මටනම් හිතා ගන්න බැරි අරූ අයියා මේ U turn එක කොහොම ගැහුවද කියල.. ලංකා නිව්ස් වෙබ් එකට ‘දෙල්කඳ හංදිය’ විශේෂාංගය ලියපු තැන ඉඳල සයිබර් අවකාශයේ නිදහස් මත පළකරන්නන් සමඟ බද්ධ වෛරයෙන් ඉන්න සයිබරයේ ‘සුපිරියෝරිටි’ එක තියාගන්න අසාර්ථක උත්සාහයක යෙදෙන කුජිත දේශපාලන බලු ගැත්තන් සෙට් එකක් එක්ක එක පතේ වළඳන තැනට එනකං.. සමහරවිට කලින්ම අවුල් වෙලාද දන්නේ නෑ. අපරාදේ.///

    me nulun huththa Aruwa kalin hijack karala uwa nathi kalaa…
    Dan aaphu uta meka epaa kalaae huththa harahaa…
    Thuk nodakin, mata nelum magulen hambu wechcha lee pathura aaphu ewanna one mona paaharayatada kiyala kiwwoth aapahu ewanna puluwan…
    Hamba wechcha salli kalinma charity ekakata dunnaa guilty nisaama…
    Edaa beepu ekata bilak dunnoth hetama gewanna sudaanam…
    Gaana kiyanna…
    Shit…
    Me minihawa aapahu nathi karaa mee nelum ballo…
    Atam, Kami wena wena agenda naththan adu gaane redda bera ganillaa oya kade yawannangen…

  15. සෙන්නා says:

    බ්ලොග් ලෝකයේ මම සැරිසරන්නේ සීමිත කලාපයක නිසා සමස්තයේ වෙන සමහර සිද්ධි වලට මම ආගන්තුකයි.. මේකත් ඒ වගේ අවුලක්…දීලා තියන කරුණු මදි වටහා ගන්න…තේරුණ එකම දේ කොනක නෙළුම් යාය ඉන්නවා කියලා…

    ඒත් අරූගෙන් මම මේ වගේ ප්‍රතිචාරයක් බලාපොරොත්තු වුනේ නෑ කවදාවත්….

    මම උඹට කියන්නෑ අනේ අරූ පිස්සු නැතුව ආපහු ලියපන් කියලා.. මොකද කොන්දක් තියන මිනිහෙක් කවදාවත් මේ ජාතියේ තීරණයක් රිවර්ස් කරන්නෙ නෑ…කියලා මම දන්නවා..ගත්තු තීරණයේ ඉදපන්.. ඒ එක්කම අපි එක්කත් ඉඳපන් කමෙනට් එකක් දාගෙන විහිළුවක් කරගෙන…

    උඹේ කතාව පොතක් කරලා අපිට දීපන්..

    එහෙනම් ජය !!

  16. ලියුන් නැතිවට කාරි නෑ, වටින කියන කොමෙන්ට් කෑලි මදෑ

  17. දඩබ්බර අරුගෙ දඩබ්බර පෝස්ටු තවදුරටත් කියවන්න ලැබේවායි දෙයියන්නෙ රටේ ගංගොඩයා පතනවෝ. බ්ලොග් දාල යන්න එපා අරු

  18. Sa rasa says:

    කිසිදා තම ආත්මයේ කුණු ගාගත්තෙ නැති මිනිසෙක් තමා වටේ සිටිනා හැමෝම මීතොටමුල්ලේ කුනු කන්දේ ගිලී කිමිදෙනු දැක……..

    අරූ, මෙතෙක් කිසිම කෙනෙකුට වාසි ප්‍රොයෝජන ගන්නට නොනැමූ ඔබේ කොන්ද සැමදා කෙලින් තබාගෙන අභිමානයෙන් ජීවත්වීමට වාසනා ලැබෙවා !

    • Anonymous says:

      යකෝ මේවා බලු වැඩ බං….. උඹලා මේ මිනිහාවත් පන්නගන්නවා නේද??? බ්ලොග් අවකාශය කන්න ආපු උඹලා කරුමක්කාරයෝ බං…

  19. Ajith says:

    So sad machan! U know i am waiting till u write & when you get delay i used to call Sherunika as why u are not publish any thing recently! SO SAD!

  20. ඔය කියුවට ආ‍යේ එනවා ….. මං නොදන්න අරූ ….ආදරෙයි හුත්තෝ

    • Anonymous says:

      ඔව්වොව් මේක මේ තනි බොරුවක් කොරන්නෙ, ඌ මේ සමීක්ෂනයක් කරන්නෙ උගේ පොප්‍යුලැරිටි බැහැලද බලන්න.
      ගොං පාට් නැතිව ලියහං Xත්තෝ.
      Xත්තෝ කියල කිව්වෙ බොක්කෙම්ම මමත් උඹේ වයසෙම කොල්ලෙක් හන්ද.
      ඔන්නොහෙ ඕනැමනං සතියක් දෙකක් නිවාඩු අරන් ලියහං බං.

    • Anonymous says:

      මේ ඔක්කෝම බබාලා. කවුරුවත් අඩුම ගණනෙ දන්නෙවත් නෑ තමන් කුජීත බිස්නස් එකක කොටස්කරුවන් වෙලා කියලාවත්.

  21. උඹ ලියන්නේ උඹේ ආතල් එකට නම්, අහවල් මගුලටද මේක නවත්තන්නේ ? ලියන එක හරි නොලියන එක හරි උඹේ අයිතිය තමයි, හැබැයි ඒ වගේම දිගටම ලියපන් කියල කියන්න පාඨක අපිටත් අයිතියක් තියෙනවා.
    උඹ වංගු නැතුව උඹේ අදහස කෙලින් කියපු නිසා දැන් උඹට දෙපැත්තකින් වදිනවා. උඹේ දේශපාලන සමගාමී එවුන් කියනවා උඹට අලුත් යාලුවෝ සෙට් වෙලා, යු ටර්න් එකක් ගහලලු. විරුද්ධවාදීන් කියනවා, උඹ විරෝධය දියකරන්න ආපු ට්‍රෝජන් අශ්වයෙක්ලු.
    ඔය දෙකම ලාබාල සිල්ලර තර්ක. හැම රෙද්දම දේශපාලන කණ්නාඩියෙන් බලන මේ අටේ පන්තියේ එවුන්ට යමක් කමක් ඉගෙන ගන්න හරි උඹලා වගේ ජීවිත පරිණත මිනිස්සු ඉන්න මේකේ ඉන්න ඕනේ.

  22. mithila says:

    මොකෝ අයියෙ මේ… මමනන් මේ බ්ලොග් එක කියවන්න ගත්තෙ මෑතකදි ඉඳලා…ආසාවෙන් කියවනවා… ලියන එකෙන් ඔයාට සතුටක් නැත්තන් ලියන්න එපා…ඒත් වෙන කවුරුත් නිසා ලියන එක නතර කරන්න එපා…

  23. අරූ වෙත,

    මම නම් හිතන්නේ තමන්ගේ අනන්‍යතාවය නොවිකුණා සමාජය ඉදිරියේ තම අවංක අදහස ඉදිරිපත් කිරීමයි වටින්නේ.

    සම්මාන දීම් ගැන නම් මගේ කිසිම ප්‍රසාදයක් නෑ මොකද බ්ලොග් කරුවෙකුගේ අනාගත ආරක්ෂාව සහ බ්ලොග් කරුවන් දේසපාලුවන් ගේ කුලීකරුවන් වීම මම නම් ඉතාම පිළිකුල් කරනවා, නමුත් මෙවැනි කුලී කරුවන් වීමට සමහරුන්ට සිදුවෙලා තියෙන්නේ නොදනුවත්මයි. මේ දේසපාලුවෝ වගේම දෙසපාලුවන්ගේ පස්සෙන්යන මිනිසුන් හිත මිතුරන් උනාම දන්නෙම නැතිව අවංක මිනිසුන් උනත් මේ ජරා වැඩේට හවුල් වෙන්න වෙනවා.

    මේවා දකින බ්ලොග් කරුවෙකුගේ යුතු කම මුළු බ්ලොග් අඩවියම විරුද්ද උනත් මිට විරුද්දව තම අදහස ඉදිරිපත් කිරීමයි.

    මේ නිසයි මම අන්වර්ථ නාමයකින් ලිපි ලිවිම හොදයි කියල කියන්නේ කිසිම බලාපොරොත්තුවක් නැතිව තම දැනුම සමාජය සහ බෙදාගැනීම පමණයි මුලික පරමාර්ථය වෙන්න ඕනේ. මෙතැනදී කවුරු තමන්ට අපහස කලත් එය පුද්ගලිකව නොගැන සිටීම වගේම තව කෙනෙකුට අපහාස නොකර විනයක් පැවැත්වීමත් වැදගත් වෙනවා.

    කොහොම උනත් මගෙනම් අදහස අන්වර්ථ නාමයකින් නැවත ඔබේ අදහස ඉදිරිපත් කරන ලෙසයි.

  24. X - Porter says:

    මචං අරුන අය්යා . මේ සින්හල (සිඟාල) බොල්ග් අවකාශය කාගෙවත් බූදලයක් නෙවෙයි. සිංහල බ්ලොග් යංතං ව්යාප්ත වෙන්න පටං ගන්නකොට එක එක ගෝතයො උන්ගෙ ගොං ප‍ටු ඇජෙන්ඩා මෙතනට රීල (රිංගවල)බොරදියේ මාලු බාන්න හැදුවට උඹල අපි දන්නව වෙන්නෙ මොකද්දකියල. ඒ නිසා උඹගෙ පාඩුවෙ උඹ ලියං පලයං . අපේ පාඩුවෙ අපි කොමෙන්ට් කොරං එන්නං. ආයිත් උඹට කියන්නෙ ලෝකෙ කොහේ හිටියත් ගෝත්‍රිකයො ගෝත්‍රිකයොමයි. බොලා වගේ අපායෙයි දිවිය ලෝකෙයි දෙකේම අත්දැකීම් ඇති උන් මේ වගේ ගොං පාට් වලට සැලෙන්න ඕනෙ නෑ. බොලා ට නැතිවෙන්න දෙයක් නෑ. එ නිසා මගෙං කුනුහරුප අහගන්නෙ නැතුව තොගෙ බ්ලොග් එක ලියං පලයං. බ්ලොග් කියන්නෙ ඩයරියක් කියල ඔස්තාද්ල කියනවනෙ. ඒ නිසා ඔය ‍රැලි වල ගොං හරක් ප්‍රබුද්ද කොමෙන්ට් වල පස්සෙ යන්න එපා. බොලාගෙ ඩයරිය බොලා ලියං පලයං. මොකද අපේ ඩයරිය අපිට ඕන විදිහට අපි ලිවුවට අනිත් උන්ට පාංද.????තාක්ශනයෙ දියුනුවත් එක්ක ලංකාවෙ ටික ටික මිනිස්සු මේකට සම්බන්ධවෙනකොට හාල්පාරු දේශපාලනය මේකට හොට දානව තමයි. ඒක උඹනොදන්නවයි. උන්ට මේතන රීල හත්පොලේ ගාගන්න දීල. බ්ලොග් වල තියෙන සුවිසේශී භාවය අපිට අපේ හිතේ තියෙන දෙයක් අපි කතා කරං කොමෙන්ට් කරං අපියං. ඔය හැංගිච්ච ඇජේන්ඩා තාප්පෙ හැප්පෙන්නෙත් මේ බ්ලොග් වලම තමයි. අනිත් එක මේ සිදුවීම් වලිං පේන දෙයක් තමයි ඇරියස් කවර් කරන සීන් එක. සමාජයෙ පොරක් වෙන්න දඟලන උන් බ්ලොග් හරහා සිවිල් බලයක් හදාගන්න දඟලන එක. පවුනෙ උන්ට එහෙම වෙන්න අරින්න ඕනෙ. බ්ලොග් වල පුරෝ ගාමීන් සිංහල බ්ලොග් හඳුවා දුන්න උන් බ්ලොග් ගුරාලා වගේ මානසිකව පොරත්වයක් වගේ ලාමක සිවිල් බලයක් ගොඩනගාගන්න දඟලන උන්. උන් පවු නැද්ද හා? උන්ටත් චෑන්ස් එකක් දෙන්නකො . උන්ගේ හිත්වල තියෙන ලාමක ටිං ටිං අසාව සංසිඳවගන්න. අඩුගානෙ මැරෙන මොහොතෙ හරි සමාජයට වයිර නොකර මැරෙන්න.උඹගෙ මේ පෝස්ට් එකෙන් මට දැනෙන අනතුර තමයි සිංහල බ්ලොග් වලට අවශ්‍යය සජීවී නිර්වයාජ සම්පත් දායකයින් අහිමි වීම. ( සම්පත් දායකයින් කියන්නෙ සල්ලිවත් සම්මාන කබල්වත් නෙවෙයි හරිය)

  25. සජ්ජාගේ පඩංගුව says:

    අරූ අයියා.. කවදාවත් හමුවෙලා නැති පුද්ගලයෙක් උනත් බ්ලොග් අතරේ හමුවුණු ඔබ ගැන තියන ඒ ලෙන්ගතුකම සදාකාලිකයි… යන්න එපා කියන්නද, මොකක් කියන්නද මට තේරෙන්නෙ නෑ.. අම්බානෙක කාර්යබහුල නිසා බ්ලොග් අතැරිලා තිබ්බට කොමෙන්ටු නොදැම්මට, මාස ගානකින් දාපු නැති කමෙන්ටුවක් මෙතන දාන්නම්. ආයෙත් හමුවෙමු. බ්ලොග් අතරේ බැරිනම් පුද්ගලිකව.

  26. X - Porter says:

    අනික අරූ. මට නිකමට මට හිතෙන දෙයක්. උඹ අරූගෙ අඩවිය ලියං ආව. කස්ටිය ඒක කියවල බොලාගෙ ලිවිල්ලට කොර වෙලා බොලාව උඩින්ම වර්නනා කොලා. ඊට පස්සෙ බොලා ඒකෙන් චූන් වෙලා දැන් මෙහෙම ලියං ආව ( මට හිතෙන හැටි හරිය සමහර විට මම වැරදි වෙන්න පුලුවං) මට හිතුනෙ මේ පහුගිය ටිකේ වෙච්ච සිද්ධිත් එක්ක බොලාව උඩ දාපු උන් පොලොවට බැස්සට පස්සෙ බොලාගෙ ඇත්ත ස්ථාවරය දැක්කට පස්සෙ බොලාට එරෙහිව ආවම බොලා ආයිත් පරන පුරුද්දට කට්ට අස්සට රිංගුව වගේ.

    • X - Porter says:

      උඹට කියන්න තියෙන එකමදේ මේකයි. උඹ උඹට හිතනදේ ලියං පලයං. අඩුගානේ ඒව කියවන්න අපි ඉන්නව. උඹලත් මෙතනින් ගියහම අපිට කියවන ඉතුරුවෙන්නෙ මොනාද ??? මේ ගොං වාහෙල ලියන දේ ද ????

      • Likhitha says:

        [මේ ගොං වාහෙල ලියන දේ ද ????]
        හත්වලාමේ…
        හරි හරි.. ආයේ ලියන්නේ නැහැ අය්යා.. අම්මෝ ඔව්.. දිවුරා පොරොන්දු වෙනාවෝ…

  27. ano@ano.com says:

    හයියෝ සල්ලි…. නෙළුම් පක හරහා බ්ලොග් ප්‍රවර්දනය වෙන අපූරුව තමා මේ…. කැx වේxගෙ පුතාලා තව බ්ලොග් එකක් කෑවා….

    බ්ලොග් එක ජීවිතය වෙච්ච කටු කන කාලකණ්නි එක්ක ජීවිතයම බ්ලොග් එකක් වෙච්ච උඹ වගේ එකෙක් මුන් එක්ක මැච් වෙන්නෙ නෑ බං….

  28. Transylvania says:

    අකාලයේ සමු ගන්නේ ඇයි ? ඔබගේ අත්දැකීම් තව ලියන්න

    • Anonymous says:

      උඹ වගේ මෙන්ටල් ඩොක්ටර්ලා බඩ වඩාගන්න පොත් විකුණගන්න මේ වගේ තැනකට ඇවිල්ලා කරන දේවල් දක්කහම් ඔලුවක් තියන ලියන කෙනෙක් කොහොම ඉන්නද

      ඒත් කොහේ හරි තියෙන පොතක් බලලා එ අනුව තවත් කෙනෙක්ගේ මානසික මට්ටම මෙහෙමයි, ඔහුගේ මානසික මට්ටම අසමබරතාවයි වගේ කියලා ප්‍රසිද්ධියේ ලියන එක . ඒක වෛද්‍ය ආචාර වලටත් ගැලපෙන්නේ නැහැ .

  29. අරූ, ඔබ හොඳින් දන්නා කරුණක් නම්- බ්ලොග් යනු පුද්ගලික ලියවිලි බව සහ ඒවා එකිකෙන් පරිබාහිරව පැවතිය හැකි බවයි.

    ඔබත් සින්දුවක් ලිපියට ඈඳා ඇති නිසා, මේ ඔබ කරන්නේ, අර ජෝතිපාල ගේ සින්දුවක කියවෙන “මුහුණත් එක්කල තරහ වෙලා නහය කපා ගෙන” ඉඳීම වැනි දෙයක් නේද?

    තවත් සින්දු පදයක් කියනවා නම්-

    ඔබමයි ආවේ
    ඔබමයි යන්නේ
    අප එතැනම එහෙමයි
    නිදුකින් ඉනු මැන
    ඔබ සතුටින් නම්
    අපෙ සතුට ද එයමයි

    • Anonymous says:

      මෙන්න බබා උක්කුං ඇවිල්ලා.

      මෙයාගේ කටයුතු, මෙයා ලියපු දේවල් නිසා සැලකිය යුතු පිරිසක් බ්ලොග් ලියන එක එපා වෙලා අත ඇරියා. (මහැදුරු බිරිඳ, ඇල්කෙමියා, සයිලන්ට් සහන්, මහ වෙදනා…) අරූත් ඒ ලිස්ට් එකට එකතු වෙන්න එපා කියලයි මං කියන්නේ.

    • Anonymous says:

      කුම්බලා මාළු කෑවා නම් විඳවාපන් බළලෝ කියන්න වාගෙ තමන්ට ලබා ගැනීමට සදාචාරාත්මක හිමිකමක් නැති “සම්මානයක්” අල්ලසට ලබා ගත්තු රසිකට ඒක දුන්නු උදවියට කඩේ යනවා මිසෙක වෙන දෙයක් කරන්න නිදහසක් නැති බව අපි දන්නවා.

  30. indumathie adikari says:

    මම නම් කියවන්නියක් පමණයි. කමෙන්ට් නොකළාට ඔබව කියෙව්වා . ඔබ අහිමිවීම දැනේවි තීරණය ගැන නැවත හිතා බලන්න .

  31. අරූ ව මුල් කාලයේ ඉදන් ම කියෙව්වත් මට මතක විදිහට ප්‍රතිචාරයක් දක්වලා නැහැ . නමුත් අරූ ලියන දේ කියවීම මග හැරෙන නිසා මම මේ දේ කියන්නම්.

    මට තේරෙන්නේ නැත්තේ තමුන්ගේ හිතේ තියෙන දේ ආසාවට ලියන එකට අමතරව අරූ වගේ අත්දැකීම් තියෙන මිනිස්සු මේවට ඕනෙවට වඩා ඇටැච් වෙන්න යන්නෙන් ඇයි කියන එක. අරූ මෙතන ලියන්නන් පටන් ගන්නේ මිත්‍ර සම්බන්දතා වර්දනය කරගන්න නෙවෙයි නේ. මට හිතන්නේ ප්‍රතිචාර , ලැබෙන ජනප්‍රියත්වය එක්ක අයාලේ යෑමක් වෙනවා ( මට කියන්න ඕනේ වුනේ got carried away කියන එක) .

    සරලවම කියනවා නම් අපි ලියන දේවල් වලට අදාළ සංවාද වලින් එලියට යන්න ගියාම , ඔය ප්‍රශ්න එනවා. අවාසනාවකට එහෙම නැතුව මේ වගේ තැනක රදා පවතින්නත් අමාරුයි. එකට හොදම උදාහරණය , බ්ලොග් ලෝකයේ විශිෂ්ට ලියන්නෙක් වෙන අමිල චතුරංග බොහෝ දෙනෙක්ට මග හැරීම සහ මග හැරයාම. හේතුව මිංහ මිනිස්සු එක්ක බ්ලොග් එකකට අදාලව ඇරෙන්න එක දශමයක්ක් එහාට යන්නේ නෑ. අහවලා මට ප්‍රතිචාර දැක්වුව කියල , අනිත් පුද්ගලයාගේ බ්ලොග් එකේ ප්‍රතිචාර දක්වන්න යන්නෙත් නෑ . එක ගැන ඔහුට වගේ වගක් නෑ . හැබැයි නිරන්තරයෙන් ලියනවා.

    මම කියන්නේ පුළුවන් නම් එහෙම පවතින්න උත්සහ කරන්න. වැරදියට හිතන්න පුලුවන්න් වුනත් මම කියන්නම් මගේ අත්දැකීම. මුල්ම කාලයේ අපි ( 2008) වගේ බ්ලොග් ප්‍රචලිත කරන්න අදහස් කරගෙන , බ්ලොග් මැරතන් වගේ දේවල් කල. බ්ලොග් සංසදයක් හදල , උපකාරක ලිපි එහෙම පල කලා . හැබැයි මුල්ම්ම කාලේ අදුන ගත්ත ඒ වැඩ වලට උදව් උන හතර පස් දෙනා ඇරෙන්න , ඊට පස්සේ කට්ටිය වැඩි වෙනකොට මග ඇරියා . මොකද ඕනෙවට වඩා පුද්ගලික හදුනා ගැනීම් බ්ලොග් ලිවීමට උදව්වක් නෙවෙයි කියන මතයක් මට තිබුන නිසා. ඊට පස්සේ කාලේ බ්ලොග් කරුවන් ගේ සුහද හමු ආදී නොයෙක් දේ ආවත් ඉවත් වෙලා හිටපු එක හොදයි කියන එක අනෙක වාරයක්ක් තේරුනේ මඩ, කැපිලි , තර්ජන සහ පොලු වගේ දේවල් දැක්ක නිසා .

    ඒ තීරණය අදටත් හරි කියල මට හිතෙනවා. මිත්‍රකම් නැති වුනාට පාඩුවේ ඉන්න පුළුවන්. ඒක නිසා පුළුවන් ආයේ කල්පනා කරලා බලන්නන් නිඉවී සැනසිල්ලේ . අටැච් වෙන්න යන්න එපා .

    ස්තුතියි

  32. හොඳ මිනිසුන්ට සයිබරය අකැපයි අරූ. මට ද දැන් එය හොඳින් පසක් වෙමින් තිබේ.

    • raj1st80 says:

      වැඩිපුර ගාගන්නෙ නැතුව හිටිය නං වේදනාවක් නෑ.
      {උඹ සනීපෙන්ද? අසනීප වුනා කියල කොතැනක හෝ දැක්ක….}

  33. Anonymous says:

    බ්ලොග්කරුවන් පෞද්ගලිකව එකිනෙකා දැන ඇඳින ගැනීම, කල්ලි ගැහීම, මුණ ගැහී සාද පැවැත්වීම වගේ දේවල් බ්ලොග් වල ඉදිරි ගමනට හානියක් කියලයි මගේ අදහස. අපි මේක එදා ඉඳන්ම දැක්කා. හැබැයි බිස්නස් කරන එව්වො එහෙමයි කියලා නෑ තමන්ගෙ බිස්නස් එක කොර ගත්තා. කොරනවා. කපටියො මුන්ට සහාය දෙනවා. මෝඩයෝ අහුවෙනවා. අරූ වගේ කලාතුරෙකික් කෙනෙක් රජා හෙලුවෙන් කියලා පෙන්නලා නිහඬ වෙනවා.

  34. මොකක්ද මේ අවුල… මට හිතාගන්න බෑ…

    මේ වැඩේට ඉඩ දෙන්න බෑ… අපි එක පවුලක් වගේ නෙවෙයිද? ඉතින් පවුල ඇතුළෙ ප්‍රශ්නයක් වුණාම ඒ අයව අතාරින්න බෑ… ටික කලක් ඉඳල හිත හැදුණුම ආයෙම අරූගෙ අඩවියෙන් එන්න…

    • Likhitha says:

      Objection my load!
      මේ අවුල පවුලට ගන්න නම් මගේ අනුමැතියක් නැත!

      • පවුල්වලට අවුල් ගන්න නම් ඕන නෑ තමයි… ඒත් ඉතින් අපි දුක සැප බෙදන් හදන් හිටියනේ… හා නැද්ද ලිඛිතා?…

  35. Anonymous says:

    පොඩි විවේකයක් අරගෙන ආයෙම ලියපං.
    මම හැලපයා

  36. මොකද්ද ලියන්නෙ කියල හිතාගන්න බෑ.කොහොමත් මට අහන්න ඕන හුගක් දේවල් උඩ කමෙන්ට් වලින් අහලා තියෙනවනෙ. ඒ නිසා මන් ඒවම අහන එක තේරුමක් නෑ

    අරුණ අයියා ගේ මේ බොලොග් එක මට හම්බුනේ අහම්බෙන්. අයියගේ වචන වලින්ම කියන සමනල සීරියස් ඒක මට හොදටම හිතට වැදිච්චි කතා සෙට් එකක්( ඒත් මන් ඔය සමනල කියන නම ටිකක් බොළද හින්දා ඔය නමටනම් කැමති නෑ) මන් මේක මීට ඉස්සෙල්ලත් කියලා ඇති. බොලොග් වල මන් කැමතිම බොලොග් එක තමයි මේක. වර්ඩ්ප්‍රෙස් වල කමෙන්ට් කරන්න ගත්තේ අයියගේ බොලොග් එක හින්දා.(මොකද මන් හිතන් හිටියේ ඒක හෙන ප්‍රෝග්‍රෑම් එකක් කියලා) ඒ ලියවිල්ල නිකන් ලියවිල්ලක් නෙවෙයි. ඒ ලියවිල්ල දැනෙන ලියවිල්ලක්. කම්මල් කාරයෙක්ට ම තමයි තලපු යකඩ ගැන කියන්න පුළුවන්. හරියට ඒ වගේ තමයි අයියගේ හැම ලියවිල්ලක් තුළම ඒ සැබෑ ස්පර්ශය තිබුණා.

    නොලියන ඒක ඔබේ අයිතියක් ඒ වගේම ලියන්නයි කියලා බල කරන එක මගේ අයිතියක්. හැබැයි නියම ෆීලින්ග් එක ඇගේ නැත්තම් ලියන්න එපා. ආයෙත් හරියටම සෙට් වුනාම ලියන්න.මොකද මන් කැමති නෑ මගේ කැමතිම බොලොග් එකට මෙහෙම සමුගැනීමක් දෙන්න….

  37. Likhitha says:

    පිස්සු නැතුව ලියන්න අරූ…
    අය්යෝ අර කතා ටික ඔහොම්මම බාගෙට තියලා තිබ්බොත් මැරෙන මොහොතේත් මට මතක් වෙලා.. දෙය්යනේ.. මම පෙරේතියක් වෙලා ආවොත් එහෙම ඔන්න මට දොස් කියන්න එපා හරිද?
    පොඩි විවේකයක් අරගෙන ආයෙත් ලියමු.. නැත්තන් මේ පෙරේතිගෙන් බේරෙනවා බොරු!!

    • මේක තමයි හොඳම කමෙන්ට් එක… මට මැවිල පේනවා ඔයා මළ පෙරේතියක් වෙලා එනවා.. හොඳ වෙලාවට මම කතා ලිව්වෙ නෑ… හී හී…

      • Likhitha says:

        හෑ මැවිලා පේනවා කිව්වා…
        ඉක්මනින් තොයිලයක් කරගනින් නංගියේ…. වැඩේ දරුණුයි

  38. raj1st80 says:

    තීරණය අනුමත නොකලත් ඒක උඹේ වැඩක්! අපට මොකුත් කියන්න බෑ. මේ ගැන ලියන්නත් ඉන්නව. මාත් අවසාන සටහන් කිහිපය ඉදිරි දවස්වල ලියනව…

  39. අරූ, මීට කලින් මම කොමෙන්ට් කරල තියෙනවද කියල මතක නෑ. නමුත් ඔබේ ලිපි දිගටම කියෙවුව.
    නොලියා සිටීමේ තීරණය ඔබ විසින් කුමණ හේතුවක් නිසා ගත්තත් කියවන්නෙක් විදියට ඒක ගැන නැවත වතාවක් හිතල බලන්න කියල මම කියනව.
    කෙදිනක හෝ නැවත හමුවෙමු. ජය.

    • Anonymous says:

      අපෝ කොන්ක්‍රීට්බදාමයෝ උබ කොමන්ට් නොකරන තරමට ඒ බ්ලොග් හොඳට යනවා උම්බ් ඔය ගු බාල්දිය මෙහාට නොගෙනාවට කමක් නෑ

  40. Anonymous says:

    දෙල් කඳින් පුබුදු එකට , චාලිගේ මාළු කඩේ ගාවින් ආර්ට් සකල් එකට මිරිහානේ පින් තාලියෙන් ගල්අම්බලමට ෆිට් වෙච්ච ලෝක්කා අපි වගේ බෝක්ක්න්ව දාල කොහෙද මේ .
    ගල් වෙන්න උබ කොහෙද යන්න…. අපිත් ඒ මගේම එනවා ….. පොප් කොන් පොරි අපි කන්නේ නෑ !!!!!.

  41. Manoj says:

    සුබ ගමන් අරූයියා….!
    සයිබරේ අකුරු අතරින් හඳුනා ගත්තු අපුරු මිනිහෙක් උඹ.

  42. Indika Kodithuwakku මචං , මට ඔය වර්ඩ්ප්‍රෙස් කමෙන්ට් කරන්න බෑ , ඒ නිසා මේක ඌට යවහන් .

    මං ඉස්සර දැක්ක අපේ මැරුන ඔබා ගෙන් පස්සෙව හැමෝටම ආදරය කරන බ්ලොග් වල අමරණීය සුන්දර චරිතය අරුණ වෙයි කියල .

    ඒත් අරුණට තමන්ට ලැබෙන්න ගත්තු ” අලුත් තත්ත්වය ” කළමනාකරණය කරගන්න බැරි වෙච්චි නිසා අර සරළ කාගෙත් හිතවතා විදිහට තිබ්බ නියුට්‍රල් පින්තූරය සමාජයට මග පෙන්වන ගෝඩ් ෆාදර් කෙනෙකුට මාරු කරන්න පටන් ගත්තා .

    පීක් එකේදී ටීවී ප්‍රෝග්‍රෑම් නවත්තල තිබ්බට වඩා ප්‍රචාරයක් ලබා ගැනීම වගේ ප්‍රාථමික ට්‍රික්ස් විඥානිකව හෝ අවිඥානිකව භාවිත කරා. මේ ඒකෙ දිගුවක් විතරයි .

    මට අරුණ ට කියන්න තියෙන්නෙ , පරිණත වැඩිහිටි ජනප්‍රියත්වය පවත්වාගෙන යන්න අතුලගෙන් සහ හැළපයාගෙන් ඉගෙනගන්න.

    • මේක සිංහයා ලියල තිබ්බේ චෙෆාකි ගේ ෆේස් බුක් වෝල් එකේ.. චෙෆා අරූ අයියගේ පොස්ට් එක එයාගේ වෝල් එකේ ෂෙයාර් කරලා තිබුනා.

    • Anonymous says:

      Ane huke baharane otuwata giya kalak kiwwalu. Redi nathuwa me jahapaalana anduwata kade gihin goo nala dan enawa parinatha baawaya gana kiyanna.

  43. Pra Jay says:

    //මා පෞද්ගලිකව මුණ ගැසී ඇති ප්‍රා, අජිත් ධර්මා,කහ සල්ලි ලියන සරද සහ සඳුන් සෙවණ ලියන චන්දන පමණක් නොව මා හා දුරකථනයෙන් දොඩමළුවී ඇති හෝ නැති සියලුම බ්ලොග් කරුවන්ට විශ්වාසනීයත්වයකින් යුතු අනාගතයකට මගේ බොක්කේ සුබ පැතුම් පතමි//

    @ අරුණ පමණි.
    ඔබ කෙලින්ම ලියා ඇති නිසා මාත් පොලයිට් වෙන්නෙ නැතුව ලියන්නම්.

    1. මං බ්ලොග්කරුවෙක් නොවේ. බ්ලොග් ලොව මට තැනක් හෝ අනාගතයක් ලැබිය යුතු නැතිවා වගේම මට අවශ්‍යද නැත.

    2. මා අවු 3කට පමණ ඉහත සිංහල බ්ලොග් දැකලාත් නැත. හෙට සිට නොදැක්කත් ලොකු පාඩුවක් නැත. මට වෙන විනෝදාංශ තිබේ. එනිසා මා කියන දේ සමථයක් ලෙස බ්ලොග්කරුවන්ට වැදගත් නැත.

    3.මා ඔබගේ බොහෝ බ්ලොග් පෝස්ට් ඉහලින් රසවිඳ ඇත. එහෙත් මා කවදාවත් ඔබව අතිශයෝක්තියෙන් වර්ණනා කර නැත. මගේ කමෙන්ට්වල කොහොමත් මට අවංකව හිතෙන දේ මිස බ්ලොග්කරු ඇසීමට ආසා දේ ලියා නැත. එනිසා මා කියන්නේ ඔබේ ලිවීම් ඉහල වුනත් ඒ තරමම හෝ ඒවාට වඩා මා කැමති පොත් ආදිය තිබෙන නිසා ඔබ නොලිවීම කණගාටුවට කරුණක් වුවත් එය මහා ඩිසාස්ටර් එකක් ලෙස සලකන්නේ නැත.

    4. අරූ නැමති බ්ලොග්කරු මට තවත් හොඳ බ්ලොග්කරුවෙක් පමණක් වුවත් අරුණ පෙරේරා නැමැත්තා මා දකින්නේ මානුෂ ගුණයෙන් පිරුනු සොඳුරු මිනිසෙක් ලෙසය. මා පෞද්ගලිකව දන්නා බ්ලොග්කරුවන්ගේ බ්ලොග් අනන්‍යතා හා ඔවුන්ගේ පෞද්ගලික අනන්‍යතා මා වෙන් කර දකිමි. මා බ්ලොග්කරුවන්ට කඩේ යන්නේ හෝ කල්ලි ගැහෙන්නේ නැත. එහෙත් ඔබ වැනි මිතුරන්ට පෞද්ගලිකව ලෝයල් හා ලෙන්ගතුය. කල්ලියක් ඇත්තොත් ඇත්තේ බ්ලොග් වලින් පිට මිස බ්ලොග් තුල නොවේ

    5. අජිත් ධර්මා හා සාරස මගේ හොඳ මිතුරන්ය. අජිත්ගේ දේශපාලනය මා නොදන්නා අතර සාරසගේ දේශපාලනයට මා අකමැතිය. දෙදෙනාගේම දේශපාලනයට මා සම්බන්ධ නැත. ඔවුන් මා අකමැති දෙයක් බ්ලොග්වල ලිව්වොත් මා එයට විවේචනාත්මක හෝ හිනාවෙන කමෙන්ට් එකක් ලියමි. ඒ බ්ලොග්වල මා ස්වාධීනව සිටීමට කැමති නිසාය. ඒ බ්ලොග් කමෙන්ට්කරුවෙක් ලෙසය. මිතුරෙක් ලෙස ඔවුන් ලඟින් ආශ්‍රය කරමි. උදව් ගනිමි. උදව් කරමි.

    4. ඔබ ගැන මට තියන විවේචනය ඔබ බ්ලොග් ඕනෙවට වඩා සීරියස් ගැනීමය. මේකෙ ගොඩක් අය සීරියස් ලෙස තරහයන්නේ හෝ තරහ ගිය ලෙස පෙන්වා විවේචනය කරන්නේ ඔවූන්ගේ දේශපාලන මත නිසාය. ඔබට ඇජෙන්ඩා එකක් නැත. ඔබ ඉතා සංවේදී හා බ්ලොග් ගැන අයිඩියලිස්ටික් ලෙස බලන්නෙකි. එනිසා ඔබ මේවාට පෞද්ගලිකව කණගාටුවට පත්වේ. අපිට අයිඩියල්ස් තිබෙන නමුත් නමුත් අපි පිලිගතයුතු සත්‍යය වන්නේ වෙනස් අය වෙනස් ලෙස ඒවා දිහා බලන අතර ඔවුන් හා ඒවා වෙනස්වන සුලු බවය. හුඟක් දෙනා සමස්ථ බ්ලොග්ලොව, රට, ලෝකය, ක්ෂීර පථය හා විශ්වයට හොඳක් කිරීමට යයි හෝ වෙන්නට යන නරකක් වැලක්වීමට යයි ක්‍රියා කරන්නේ ඔවුන්ගේ දේශපාලනය හෝ වෙනත් මත අනුව හෝ පෞද්ගලික තෘප්තිය සඳහාය.

    5. ඔබ බ්ලොග් ලිවිය යුතුයයි මා සිතන්නේ පලමුව ඔබේ තෘප්තිය සඳහාය. මා බ්ලොග් නොලිව්වත් වෙනත් මාධ්‍යයකින් පොඩ්ඩක් ලියා ඇත. ඒ මගේ තෘප්තිය සඳහාය. මා ඒ ගැන කතාකරන්නේද ඒ විෂයයන් ගැන ඉන්ටෙරෙස්ට් එකක් ඇති අය සමග පමණි. මා මගේ සංවේදීබව නොපෙන්වන අතර මිනිසුන්ට caring බව පෙන්වන්නේ අවශ්‍ය වෙලාවට ක්‍රියාවෙන් පමණි. ඔබ මා වගේ misanthropic weird introvert කෙනෙක් නොව සියලු මිනිසුන්ට සැමවිට ආදරය කරන කරන මනුෂ්‍යලෝලියෙකි. එය බ්ලොග්වැනි සයිබර් අවකාශයක ඔබේ විශාල හදවතේ ප්‍රමාණයට කිරීම අපහසු දෙයක් බව මගේ අදහසයි. ඒ කෙසේ වෙතත් ඔබත් ලිව්වේ ඔබේ තෘප්තියට නම් බ්ලොග් ලෝකයේ වෙනස්කම්, හැලහැප්පිලි, කල කිරීම්, අනිත් අයගේ මත හා ඔවුන්ගේ අරමුණු ආදී කිසිම අල බෝලයක් ඔබේ ලිවීමට බාධාවක් කරගන්නේ මොන පිස්සුවකට දැයි මට නොතේරේ.

    (දැන් බ්ලොග්වල ඇති ප්‍රවණතාවය වන ඕන දේකට බැනුම් ඇහීමේ අවදානමට ලක්වෙමින් මං ඔය පණ්ඩිත හොල්මං හෑල්ල ලිව්වේ ඔබේ බ්ලොග් එක නිසාවත් ඔබ බ්ලොග්කරුවෙක් නිසාවත් නොව ඔබ මානුෂික ගුණයන්ගෙන් පිරුනු එනිසාම අනවශ්‍ය දේටත් දුක්වෙන සංවේදී හොඳ මිතුරෙක් නිසාය. ඔබට ආසා නැත්නම් නොලියා ඉන්න අරුණ, හැබැයි මේවට පුද්ගලිකව අප්සෙට් වෙන්න එපා )

    • තිසර says:

      මටත් මෙන්න මේ වගේ එකක් ලියන්න ඕනෙ වෙලා තිබ්බේ… කොටිම්ම අරූ, මම සමුගනිමි වගේ පෝස්ට් එකක් දාන එකම මෙලෝ රහක් ඇති වැඩක් නෙමෙයි.

    • සෙන්නා says:

      +1

    • Anonymous says:

      “අජිත්ගේ දේශපාලනය මා නොදන්නා අතර සාරසගේ දේශපාලනයට මා අකමැතිය” Ane Pon Jay (aka olu thune booruwa), umba thotha babane. Waren harahata naawanna. Nondi unp karayon gawagen inna thatta ajiyage deshapaalanaya umba danne naha? Umbala wage athma vancha karayo gana thamayi Aru me kiyanne!

      • Pra Jay says:

        ඇත්තද ගරු ඇනෝ? අජිත් යූඑන්පීද? මට කවදාවත් කියලා නම් නෑ. ඉතින් මට මොකද? මගෙ යාලුවෝ ගොඩක් ඉන්නවා යූඑන්පී, සමහරු ක්‍රියාකාරී දේශපාලකයෝ. ශ්‍රීලංකා එකේ සහ ඒකාබද්ධ විපක්ශයෙත් ඉන්නවා. ජේවීපී එකේ නම් එක්කෙනයි. මුස්ලිම් කොන්ග්‍රෙස් හා ටී එන් ඒ එකෙත් එකෙක් දෙන්නෙක් ඉන්නවා. පෙරටුගාමී නෑ.
        සමහරු ඉන්නවා පැත්තකට අදිනවා විතරයි. හරියට කියන්නෙ නෑ. ඉතින් මට මොකද? මාත් UNP, SLFP, ELJP, DUNF ට චන්දෙ දීලා තියනවා. වෙන වැඩක් තියනව නම් චන්දෙ දෙන්න නොගිහිල්ලා ඉඳලත් තියනවා. විශේෂයින් දෙන්නේ හොඳ යාලුවෙක් ඉන්නවනම් ඔහුටයි..

        මා වඩා අකමැති දේශපාලනය කරන / කල දේශපාලකයින් මා විවේචනය කරනවා /කරලා තියනවා. ඔබලාට තියන දේශපාලන ගැති බව සහ/ හෝ වයිරය මට නෑ. ජීවිතයේ ඉන්නේ මිතුරන් (අරුණ, සාරස හා අජිත් එයින් 3දෙනෙක්) . ඔවුන්ගේ දේශපාලනය මට මොකටද?. සාරසට කියලා තියනවා ඔහුගේ දේශපාලනයට මගේ කැමැත්තක් නෑ කියලා. අජිත්ගේ එකත් ඔහු කිව්වොත් කැමති හෝ නැතිබව කියන්න පුලුවන්. මං මොනවටද හොයන්නේ? මා ඔවුන්ට කැමති මිතුරන් ලෙසනෙ. එනිසා මට ඔබලාට වගේ බ්ලොග්වල තරහා යන්නේ නෑ.. මං බ්ලොග් කාරයෙකුත් නොවෙයි. එය බූරු කමක් නම් එය මට හොඳයි.
        මා ත්‍රී හෙඩඩ් බූරුවෙකුට වඩා මල්ටි හෙඩඩ් බූරුවෙකි. අරුණට ලියූ මගේ බූරු කමෙන්ට් එක කියවීම (අරුණවත් ඒක කියෙව්වද මංදා 😀 ) ‍ හා ප්‍රතිචාර දැක්වීමට ඔබට ස්තුතියි.

      • Anonymous says:

        @ Pon Jay AKA ඔලු තුනේ බුරුවා,

        එතකොට ඔය බබා කරු ජයසුරියගේ, (ප)රාජිතගේ දේශපාලනේ මොකද කියල දන්නවද?

        තමුසෙලා තමයි තමන් මධ්‍යස්ථ කියල බොරුවට පෙන්නගෙන පිටිපස්සෙන් රනිල්ට කඩේ යන්නේ. රස්සාවට බොරුකියන තමුසේ වගේ කෙනෙක්ගෙන් තව මොනවා බලාපොරොත්තු වෙන්නද හලෝ!

  44. අරූ අයියේ ,,,මම පුදුම ආසාවකින් කියව්වේ උඹ ලියන ඒවා ..කාලයක් නොලියා ඉන්නකොට අපි බ්ලොග් වලින් ඈත් වුනා …තවමත් කලින් තරම් බ්ලොග් බැලෙන්නේ නැ දැන් ..එත් උඹලා මෙහෙම නොලියන්න තීරණය කරපු එකනම් මහා අපරාදයක් …

    “කුමට නිහඬ මුවින් සිටිනු යාළුවේ 
    අපට අපෙයි කියා ඉන්න තියෙන ලෝකයේ …..”

    ගුරුළු වෙස් දරා ඉදිබු ගමනේ යන්නා 
    ලොවට බණ දෙසා හොරෙන් සිල් බිඳගන්නා 
    මලෙක රොන් වනා එතැන රොනට වඩින්නා 
    කියන් කවුරු මෙවන් මිනිස් වෙසින් සිටින්නා 

    රෑ යාමේ සොර දෙටුවෝ මේ දහවල 
    වෙසතුරු සේ දන් දුන්නා නම් 
    මද්දහනේ මල් කොවුලෝ රෑ පානේ 
    කපුටන් සේ හඬ තැලුවා නම් 
    කුමට නොදුටු ඇසින් සිටිනු යාළුවේ 
    අපට අපෙයි කියා ඉන්න තියෙන ලෝකයේ 

    ලද ඉසුරෙන් මොණරුන් සේ විළිබිය සිඳ 
    මහ සබැ මැද රඟ දුන්නා නම් 
    බිව් මව් කිරි අමතක වී නැගී ඉණිමග 
    පා පහරින් බිම දැමුවා නම් 
    කුමට නිහඬ මුවින් සිටිනු යාළුවේ 
    අපට අපෙයි කියා ඉන්න තියෙන ලෝකයේ 

    ගී පද – වසන්ත කුමාර කොබවක 
    ගී තනු – රෝහණ වීරසිංහ 
    ගායනය – සුනිල් එදිරිසිංහ

  45. තිසර says:

    මගෙනුත් සිංදුවක්….

    ඇසුවේද කවුරුන් හෝ ඔබෙන්
    හැඬුවේ ඇයිද ප්‍රේමේ නමින්
    විමසා නැතිද කිසිදා ඔබත්
    කඳුලින් තුරන් වූ ප්‍රේමයක්

    සතුටේ උපත කඳුලයි සදා
    හද වේදනා දෝතින් ගෙනා
    පවනේ සිසිල සුසුමයි සිතේ
    පෙම් ප්‍රාර්ථනා බිඳදා ගෙනා

    පිපි මල් මතින් පියමං කලෝ
    දිනුවේද කවදා ප්‍රේමයෙන්
    විඳි වේදනා සතුටින් දරා
    පැරදී ගියේ කවුදෝ එයින්

    ගායනය – සුනිල් එදිරිසිංහ
    සංගීතය: රෝහණ වීරසිංහ
    පද රචනය: කුමාරදාස සපුතන්ත්‍රී

    • Anonymous says:

      දවසක්දා කකුළුවෙකුට මොනවද හිතිලා
      කෙලින් යන්න ටියුෂන් දෙන පන්තියකට ගියා
      මාස හයක් පාඩම් වැඩ තැපෑලෙන් කළා
      කෙලින් යාමේ උපාධියෙන් ඉහළින් ගොඩ වුණා.

      හරි තේජස් මැද කකුළු කොලුවා කෙලින් ගමන් ගියේ
      ඇයි වදේ වැරදියට යන්නේ කවුරුත් විමසුවේ
      නැහැ සීයේ මේක නියම ගමන තමයි අපේ රැහේ
      ඌ කිව්වා නමුත් කවුරුත් නැහැ කෙලින් ගමන් කළේ

      ටික කලක් කකුළු කොලුවා ඔහොම කෙලින් ගමන්කළා
      මූ අංග විකල කකුළුවෙකුයි සැවොම විහිළු කළා
      මේ සැවොම ඇදට යනවා නම් මටත් මොකෝ කියා
      සහතිකය ඉරා දමා ඌත් පරණ ගමන ගියා.

      පද රචනය – ප්‍රේමකීර්ති ද අල්විස්
      ගායනය – ‍‍ෆ්‍රෙඩී සිල්වා.

      Originally Posted by සින්දු ඇනෝ

  46. ravi says:

    /ඒ කෙසේ වෙතත් ඔබත් ලිව්වේ ඔබේ තෘප්තියට නම් බ්ලොග් ලෝකයේ වෙනස්කම්, හැලහැප්පිලි, කල කිරීම්, අනිත් අයගේ මත හා ඔවුන්ගේ අරමුණු ආදී කිසිම අල බෝලයක් ඔබේ ලිවීමට බාධාවක් කරගන්නේ මොන පිස්සුවකට දැයි මට නොතේරේ./

    ප්‍රා සමඟ 100% එකඟවන අතර මෙසේ ද එකතු කරමි.

    එලෙසම එසේ සිත් රිදවාගෙන බ්ලොග් ලිවීම නැවැත්වීමටද ඔබට පරම අයිතියක් ඇති අතර ඔබට යලි ලියන ලෙස බල කිරීමට කිසිවෙකුටත් නොහැක. ඔබ මීට පෙර ලිවීම නැවැත්වූ විට මම මෙසේ පැවසුවෙමි.

    “අරුණ ඔබ බ්ලොග් ලිවීමට පැමිණියේ ඇයිදැයි මම නොඇසීමි. එලෙසම ඔබ බ්ලොග් ලිවීම නවත්වන්නේ ඇයිදැයිද මම ඔබෙන් නොඅසමි. ලිවීම මෙන්ම ලිවීම නැවැත්වීමද ඔබගේ අයිතියකි.”

    එදවස එසේ පැවසූව වර්තමානයටද ඉතාම අදාලය.

    ” hasta que nos encontremos de nuevo algún día mi amigo adiós “

    • Anonymous says:

      そうですよね、このアルナばか「世の中いろいろ」という基本がまだわからないのか。
      心配しなくていいよ、必ず2,3か月ぐらいでまたは出てくると思う。

      • Pra Jay says:

        අනාගතයේ පහලවෙන රවි ගැන දැකපු පුරාණ රෝම කට්ටඩියෝ කියලා තියනවා :-
        Adversus solem ne loquitor

        මං නම් කියන්නෙ – Hakuna Matata

  47. aGodak asawen kiyawapu bolg ekaka eka parata nawatuwahama hitha ganna baha mokakda une kiyala.jivithe godak athdakeem thiyene kenek widihata oya wage reason ekaka nisa blog eka liyana eka nawatuwahama harida manda.eth oba thuma liyana dein oba thumata sathutak nathinam eka liyana eka nawatuwata kamak naha kiyalath hithenawa..

  48. ටික්කා says:

    අරූ අයියෙ. මට කියන්ට තියෙන දේවල් ගොඩක් උදවිය මෙතන කියල තියෙනව. ඔයාගෙ මේ අන්තිම කියන මේ පොස්ට් එකෙන් ඔබ ඔබමත් අදයිරමත් කරන ගමන් මේ ඔක්කොම බලන් ඉන්න අපිවත් අදයිරය කරනව කිව්වොත් නිවැරදියි. මේක කියන්නෙ තරහකින් නොවෙයි. දුකෙන්. මේ සියළුම කොමෙන්ට් වලින් මට තේරෙන්නෙ බ්ලොග් ලියන කියවන සියලුම දෙනාටම වැඩිය අපි ඔබද ආදරය ගෞරව කරන බවයි.

    ඉතුරුටික ඊ මේල් කරන්නං.

  49. Anonymous says:

    please write again…this may be the most short request…but you know it is a big request

    • Anonymous says:

      please write again..this may be the most short request..but you know it is a big request from ——wisiri sihina

  50. මොන රෙද්දක්ද මංදා මට පේන්නෙ මේක මහ බොළඳ වැඩක් හැටියට. ඉවසන හැටි ඉගෙනගන්න රසික මහතා සහ සාරසගෙන්. ඒ අහන කතාවල හැටියට ඒ දෙන්නම ඉන්න ඕනි හිමාල වනේ බවුන් වඩ වඩා..

  51. Dear Aruna

    Your writings gave me joy ,thank you!
    I routinely read most of the popular blogs and enjoy them irrespective of the writer’s personal view. I also sense there is something which isn’t quite right about this years’ nelumyaya awards and feel sad about it.I totally agree with prajay and Ravi ,but I can understand your disappointment as a fellow human being.
    All the best dear Aru.Hope I get the chance to meet you one day during my travels to london

    Cheers

    Thusitha

    • ///////Hope I get the chance to meet you one day during my travels to london//////

      තුසිත……ඕනෑම මොහොතක මා සම්බන්ද කරගන්න. මට හැකි අයුරින් ඔබට සංග්‍රහ කරන්නම්. ආපු දිනයක මට දන්වන්න. ස්තූතියි.

  52. Ian says:

    අරූ. ඔබගේ ලිවීමේ ශෛලිය සහ අත්දැකීම් නිසා ඔබ කියවන්නන්ට ලොකු ආස්වාදයක් ගෙනදෙන ලියන්නෙක්. එමෙන්ම ඔබගේ අත්දැකීම් යම් කිසි මාධ්‍යයක අන් පිළිවෙලකට පළවී තිබීම ඔබට සහ ඇසුරු කරන අයට වැදගත්. තමන්ගේ මතක සහ සිතුවිලි පිටකිරීමට මාධ්‍යයක් තිබීම ඔබටත් සහනයක් කියාත් මම සිතනවා. ඔබට ලිවීම කරදරයක් නොවේ නම් කියවීමට සිය ගණනක් මඟ බලා සිටිනවා නම් ලිවිය යුතු බව මගේ අදහස. නෙළුම්යාය ගැන කියවෙන දේවල් වල සත්‍ය අසත්‍යතාවය හෙළිවන දවසක් එයි. එවන් බාහිර දෙයක් නිසා ලියවීම නැවැත්වීම ඔබටත් අපටත් නරක දෙයක්

    • ටික්කා says:

      ඉයන් තුමෝ.. ඔහෙට දැන් සන්තෝසද..??? මට මේකට රිප්ලයි කරන්ට අයිතියක් නැහැ. ඒත් බ්ලොග් එක භේද බින්න කල එකට වක්‍රව සහ ඍජුව ඔහෙත් සම්බන්දයි… දැන් නිකං බබා වෙන්න එපා.. ඔහෙටත් මගේ ගෞරවයක් තිබුන කාලයක්. ඒත් දේශපාලකයන්ට වක්‍රව කඩේ යමින් නිකන් දෙන බ්ලොග් එකට නීති දාන්න ඔහේ පටන් ගත්ත දවසින්ම ඔහෙට තිබ්බ ගෞරවය නැති උනා. ඔහෙලා නිසයි අරුණ වගේ අනර්ග ගෞරවාන්විත මිනිහෙක් බ්ලොග් එකට නැති වෙන්නේ සහ නැති උනේ..

  53. SDC Palitha says:

    අරූ ගියා චානුක ආවා….බ්ලොග් ලෝකෙටම ඇඩ්ඩ්‍රස් නෑ……

  54. නොකීකතා says:

    අරුණගේ බ්ලොග් එක මගේ බ්ලොග් රෝලේ එල්ලා ඇත්තේ මා එයට බොහෝ සෙයින් කැමැති නිසාය. ඒ වගේම අරුණ බොහෝ අවස්ථාවල comment මගින් ඉතා වටිනා අදහස් පළ කරන්නෙක් ලෙසද හඳුනා ගත්තෙමි.
    ඔබ ගත් තීරණය කොයියම් හෝ මොහොතක ගන්නට ඉඩ ඇති අයෙකු ලෙස යන්න පෙර නැවතත් හිතන්නැයි හුරතල් නතා නොකියමි. අරුණට දැනෙන අප්‍රසන්න බව ගඳ සුවඳ දැනෙන බොහෝ වුන්ට වැටහෙනු නිසැකය.

    බ්ලොග් ලොව ඉතාමත් පුංචි ලෝකයකි. ඉන් පිටත ලෝකය සුවිසල්ය. කවදා හෝ ඒ ලෝකයේදී අප මුණ ගැසෙන්නට ඉඩ ඇත. ඔබට ජය පතමි.

  55. අරූ අයියේ……………..

    මේක බ්ලොග්වලින් යන්න වෙලාවවත්, මේක බ්ලොග් ලියැවිල්ල නවත්තන්න හේතුවවත් නෙමෙයි. ඔබ සමග පහුගිය ටිකේ ඇතිවුණ වෙනස ගැන කතා කරන්න හිටියත් පස්සේ ඕන නැහැ කියලා හිතාගත්තා. ඒත් මේ විදිහට නොහිතූ ප්‍රතිචාරයක් බලාපොරොත්තු වුණේ නැහැ. මොනවා වුණත් බ්ලොග් කියන්නේ අපේ ජීවිතය නෙමෙයිනේ අරූ අයියේ…. අපිනං යෝජනා කරන්නේ කොහෙවත් වෙන දේවල් හින්දා සුන්දර ලියැවිල්ල නවත්තන්න එපා. අවුල්වන්නට පෙර ලියන්න බැරිනං අවුල්වූවාට පසු කියලා හරි ලියමු……. විහිලුවක්.

    මුලින් ම ඔබ හමුවෙන්නේ කමෙන්ටුවක් දෙකක් නැතුව අපි ලියන්න පටන්ගත්තු කාලේ අපට හයියක් වෙමින් ඔබ නිතරම අපිත් සමග හිටි අවස්ථාවේ දී. මට මතකයි සමහර කවි ලියලා ඔබේ කමෙන්ටුව එනකල් බලාන හිටපු විදිහත්. ඒ තමා මුලින් ම හමුවූ ඔබ.

    කවදාවත් දැකලා නැති ඔබ ගැන දෙවැනියට විස්තර ලැබුනේ ඔහේ ඉදලා ආපු සංකගෙන්. සංක ඔබ ගැන විස්තර ගොඩක් කිව්වා. අපි ඔබේ විස්තර ඇහුවේ හරි ආසාවෙන්. ඔය සැබෑ මනුෂ්‍යයා ගැන දැනගත්තේ ඒ වෙලාවේ.

    තුන්වෙනුව ඔබ ගැන අමුතු විදිහට දැක්කේ මතවාදය වෙනස්වීමත් එක්කයි. ඒත් ඒ වෙලාවේ ඔබට කිසියක් කීවේ නැත්තේ ඒ ඔබේ ඇත්ත අදහස් නෙමෙයි කියලා දැනුණ නිසා.

    දැන් ඔබ යන්න හදනවා. අපි මොකද කරන්නේ දැන්……. ????

  56. අරූ,
    බ්ලොග් කියන්නේ තමන්ගේ සන්තෝසේ වෙනුවෙන් ලියන දෙයක්…ඒ ගමන් ලෝකෙටත් යමක් දෙන්න පුළුවනි නම් එකත් හොඳයි… ඔක්කොම පෘතග්ජනයෝ වෙච්චි….අපි අපිට ඕනේ දේ සමාජ ගත කරනවා මිසක, එව්වා කියවන උන්ගේ වත්, සම්මාන දෙන උන්ගේවත් ජාතකේ හොයල පලක් නැහැ….එහෙම කරනවා නම් අපේ අරමුණ හුදෙක් මේ බ්ලොග් ලියල වින්දනයක් ලබන එක පමණක්ම නෙවේ…තමන්ගේ යටි අරමුණු මුදුන්පත් කරගන්න එක…මම කියවූ අරුණ එහෙම මිනිහෙක් නෙවේ… ඔබට තියන අත්දැකීම් සමුදායේ හැටියට ඕනෙම මිනිහෙක්ගේ හැටි තේරුම් අරගෙන, තමන්ගේ පාඩුවේ ජිවත් වෙන හැටි අමුතුවෙන් දැන ගන්න දෙයක් නැහැ…තමන්ට ලියන්න බැරි නම් නොලියන එක වෙනම වැඩක්…ඒත් රටේ ලෝකේ එව්වොන්ට ඕනේ විදියට තීරණ ගන්නවා කියන්නේ අමුම අමු ගොං කමක්…

    කුණු ගොඩවල් හාරලා ඒවා ගඳයි කියනවට වඩා, ඒවා උඩ පැලයක් ඉන්දන එක තමයි වටින්නේ…

  57. තිස්ස දොඩන්ගොඩ says:

    ඇසූ පිරූ තැන් ඇත්තන්ගෙ කතා කියවන්න ලැබෙන්නෙ අපි මේ ජීවත් වෙන රටාවල් එක්ක බ්ලොග් වල විතරයි…
    මීවිත මත එක්කාසු වුණහම අපි ඔක්කොම පිස්සු කියවනව මිසක් ඔලුවට යමක් එකතු කරගන්නෙ නෑ නෙව..
    ඉසිඹුවක් ලද මොහොතක කියවන ඔබේ ලිපිවල අර කෙනෙක් උඩ කීවා වාගේ ඔබේ කතා ලියලම දාන්න…
    බාහිර කාරණා/ කාරණාවක් නිසා පාඨකයන්ට අවැඩක් වෙන්න දෙන්න එපා කියල ඉල්ලනවා..
    ජය!

  58. ආදරනීය බ්ලොග් හිතවතුනි, හිතවතියනි…

    ඉතාමත් වටිනා අදහස් සහ යෝජනා රාශියකි. මේ සියල්ලට එකින් එක පිලිතුරු දීමට යාම ඔබගේ කාලය විනාශකිරීමක් බව මම හිතමි. මා බ්ලොග් ලෝකයෙන් සමුගන්නේ කිසිම දේශපාලන මත ගැටුමක් හෝ කිසිවෙකුගේ කමෙන්ට් තුලින් ඇතිවූ වේදනාවක් හෝ නිසා නොවේ. මම ජීවිතයේ බොහේ වේදනාවන් දැඩි සිතින් විඳ දරා ඇති වැඩිහිටි මිනිසෙකි. ඒ නිසා ඒ චෝදනා හෝ යෝජනා කිසිසේත්ම අදාල නොවේ. එමෙන්ම මගේ දේශපාලන උවමනාව වූයේ යහපත් සමාජයක්, නිදහසේ සහ සුවසේ ජීවත්විය හැකි සමාජයක් නිර්මාණය වෙනවා දැකීමය. ඒ මගේ පෞද්ගලික ජීවිතයට හෝ අපේ පවුලේ අයගේ අවශ්‍යතාවයකට නොව ශ්‍රීලාංකික සහෝදර ජනතාව යුග ගනනාවක් විඳවනා අයුරු මා මැනවින් වටහා ගෙන සිටි නිසාවෙනි. පසුගිය පාලනය විවේචනය කලා සේම පවතින පාලනයත් විවේචනය කිරීමට සිදුවන්නේ ඒ යන දිශාව මා හෝ අප පැතු දිශාව නොවන බැවින්ය. ඒ මගේ දේශපාලනයයි. කල්ලි ගැසී පාට කන්නාඩි හරහා ප්‍රශ්න දෙස බැලීම, තදින්ම පිලිකෙව් කෙරූ අය අතරේ මමද එකෙක් වෙමි. අනික් කාරනය නම් මිත්‍රත්වය සහ දේශපාලනය මම කිසිවිටෙකත් පටලවා ගත්තේ නැත. දේශපාලනයට වඩා මම මිතුරන්ට පෙම් කරමි.

    බ්ලොග ලෝකයේ නොව, බ්ලොග් පදනම් හෝ යම් යම් කංඩායම් හරහා සිදුවූ සහ සිදුවෙමින් පවතින දෑ පිලිබඳව නම් මුල සිටම මට හොඳ ඉවක් තිබුනි. මා සිතු දේ ඒ අයුරින්ම ව්‍යාපරික උවමනාවන් සඳහා යටවී යන බව පසුගියදා බලාගත්තෙමි. එය සිදුවීමට නියමිතව තිබූ දෙයක් බව පැහැදිලිය. මෙහි අතීත කතා බොහොමයක් මම දන්නෙමි. නමුත් ඒවා ඔප්පු කිරීමට මට ලිඛිත සාක්ශි නැත. නමුත් මම බොහෝ දේ ඔය ලොකු තැන් සමග ගුටිකෙළි වලට නොගොස් වාද කර ගෙන ඇත්තෙමි. මේ යන දිශාව පිලිබඳ මගේ තක්සේරුව නිවැරදි බව මම විශ්වාස කරනා නිසාත්, මේ හාදයින් කතා කරන්නේ මුඛයෙන් නොවන නිසාත් මම මහා විඩාවකට පත්වුනෙමි. ඒ සහෘද බ්ලොග් කරුවන් හා සමග නොවේ. බ්ලොග් මුදලාලිලා සහ බ්ලොග් මැනෙජරලාත් සමගය. මම ඉවත් වෙමි. අදහස් දැක්වූ සියළු දෙනාටම නැවතත් ස්තූතිවන්ත වෙන්නෙමි. සත්‍යය වැලලිය නොහැක. අවශ්‍ය නම් යටපත් කිරීමට පමනක් හැක!!

    මේ කුඩා ලෝකය තුල අප කවදා හෝ කොතනකදී හෝ හමුවෙමු. ඔබ සියල්ල්ලන්ටම යහපත් සමාජයක, යහපත් මිතුරන් හා ජීවිතය ගෙනයාමට වාසනාව ලැබේවා යැයි පතමි. ස්තුතුයි.
    අරූගේ අඩවිය ලියු
    අරුණ පෙරේරා.

  59. එල ද බ්‍රා මෙන්ඩ says:

    උබට පුලුවන් උන දවසක මාවත් එකතු කරගෙන අඩියක් ගහමු …

  60. nadil says:

    pissu kelinn epa ..
    mata kiyawanna epa una blog ayeth kiyawanna patan gatte oba nisayi..
    eka ekage hunu killota balanna one na

    oya liyanna api kiyawannam

  61. Anonymous says:

    මම අව්රුදු ගණනාවක් සිංහල බ්ලොග් කියවගෙන එන්නේක්මි. මේ මාගේ පළමුවැනි කොම්මේන්ටුව.

    සිංහල බ්ලොග් අවකාශය අප ශ්‍රී ලංකික සමාජය තවත් නියැදියක් පමණි. බ්ලොග් ලියන ඔස්තාඩ්ලගේ සිට ලගදී පැමිණි අංකුර දක්වා ඔවුන්ගේ ලිපි සහ කොමෙන්ටු හරහා මොවුන්ට නොපෙනෙන ඔවුන්ගේ සැබැ ස්වරුපය මට පෙනේයි සිතේ.

    කොම්පඤ්ඤ වීදියේ ඉපදී රජ්ජුරුවන්ගේ ඉස්කෝලෙන් අමතර පන්ති හරහා දෙල්කඳ හන්දිය සහ නුගේගොඩ කරක් ගැසූ අපි සංචාරක හෝටල් පාසැල / ක්ෂේත්‍රය රසබලා අවසානයේ පොකුණෙන් එහා රටක සිට බලන ඔබගේ සුන්දර ලියවිල්ල අපගේ බොහෝ අත්දැකීම් හා සම්බන්ද කරයි.

    ඔබගේ බ්ලොග් අඩවියේ පලවුන රසබර දේ, තවන් ගොන් රැලක් හෝ වෙනයම් පෞතගලික නොවන හේතුවක් නිසා පාටකයන්ට තවදුරටත් නොලබෙනම්, එය අසාදරනයකි. තවද, සම හරක්ගේ වැඩ නිසා බ්ලොග්කරණය හැරදා යනවුන්නවුන් දෙස නිහඬව බල සිටියෙමි.

    ඔබගේ ඉවත්වීමේ තීරණය කාලයත් සමග වෙනස් වේවායි පතමි. නැවත ඔබගේ බ්ලොග් ලිපියක් දකින තුරු ….

    ඉතින් ආයුබෝවන් අරූ ගරු !

    • ආදරනීය ඇනෝ….
      මම ඔබ කවුදැයි නොදනිමි. නමුත් මේ කමෙන්ටුව මගේ දඩබ්බර හදවත මොහොතකට හෝ පිලිතුරක් දිය යුතු යැයි යන ඇස් තෙමනා කුඩා දරුවකුගේ අවස්තාවකට පත් කලේය. ඒ තුල මහා කතාවක් ඇති බව මම විශ්වාස කරමි.
      මම වියපත් ශරීරයකට හිමිකම් ඇති , පනස් පස් වියැති හදවතක් ඇති තරුනයෙක්මි. ඔබ මට වඩා වයසින් අඩු තරුනයෙක් යැයි මම සිතමි. මගේ ජීවිතය පුරා, ඔබ කවුරුත් නොදන්නා මහා කටුක මාර්ගයන් අතරින්, වැටෙමින්ද, වරක ඇවිදිමින්ද, වරක අඬමින්ද කවුරුත් නොහිතනා මහා සහ අතුරු මාර්ගයක මම මගේ පාඩුවේ ඇවිද්දෙමි. මගේ ජීවිතය ලියා තබාපන් කියා මා දන්නා අය පමනක් නොව මා නොදන්නා අය පවා මගෙන් ඉල්ලා සිටියේ, වෙන කිසිවක් නිසා නොවේ, ඒ තුල රසවත් කතාවක් ඇතියැයි සිතන නිසා විය යුතුය. දන්නෝ එය කොතරම් කටුකදැයි දනී. නොදන්නෝ ඒ කතාව රස විඳී. මට උවමනා වුනේ නොදන්නා අයට, තම ජීවිතය ශක්තිමත් කරගැනීමට සහ තමන් පිලිබඳ විශ්වාසනීයත්වයක් ගොඩ නගාගැනීමට පොඩි අත්වැලක් සහ ආතල් එකක් දීමටය.

      ඔබ පුවත් පතක මේ කතාව කියෙව්වොත්, එය කියවා අහක දමනු ඇත. ගුවන් විදුලිය නම් කිසිවකු අසනවා දැයි මට සැකය. බ්ලොග් තුල මේ කතාව ලියවෙන්නේ මේ කිසිම මාධ්‍යක මගේ කතාව ලියා තැබීමට උවමනා සිවිල් අයියලා නැති නිසා නොවේ. මම මේ බ්ලොග් මාධ්‍ය එතරම් සජීවි ලෙස රස මාධ්‍යක් බැව් වටහා ගත් නිසාය. මම තරම් බ්ලොග්ස් කියවු මිනිසෙක් සහ, ඔවුන් දිරිමත් කිරීමට කම්න්ටුවක් හෝ දැමු තවත් අය සිටීනවාදැයි කියා විනිශ්චය කල යුත්තේ බ්ලොග්ස් ලියන්නා සහ කියවන්නාය. ඒ මට අවශ්‍ය කාරියක් නොවේ. මෙතරම් මිහිරි මාධ්‍යයක් , බූරුවන්ගේ පිට පටවා, අශ්වයන් හා සම නොවනා ධාවන පථයකට තල්ලු කරන් යාමට අප මෑතකදි හඳුනා ගත් කොටලුවෝ රැසක් උර අදමින් සිටිනා බව මම කියා සිටියෙමි. ඒ වැලිත් සීනි කරනා අය බව මම පැහැදිලිව දුටුවෙමි. මට බූරුවෝ ගැන දුකය. ඒ ඔවුන් බර අදිනා බව මම දකිනා නිසාය. මට අශ්වයෝ ගැනද දුකය. ඒ ඔවුන්ට කස පහර දෙන්නේ ජොකියන් නිසා නොව, මේ ජොකියන්ට සහ අශ්වයන්ට අයිති කාරයන් ඇති නිසාවෙනි. මම ඔය ධාවන පතය හොඳින්ම නිරීක්ෂනය කල එංගලන්ත වැසියෙක්මි. මට සමාවෙන්න. ඔබ වැනි ආදරනීය කමෙන්ට් කරුවන් හෝ බ්ලොග් කියවන්නන්, මේ මුදලාලිලාගේ ඔට්ටු සූදුවට අසුනොවෙන්න. එය ඔබේ පාරාජය බව මම අද නැවතවරක් ලියා තබමි. මේ සූදු කරුවන්ගේ භූමියයි. මා ඉවත්වූයේ එනිසාමයි.

      ඔබ වැනි ආදරනීය ඇනෝවරුන්ට කවදා හෝ කියවීමට, මේ මිනිසුන් පිලිබඳ මා දන්නා දේ, ඩබල් රූල් පොතක, තනි රූලක හෝ ලියා තබන්නෙමි. එතකන් නොදන්නා මාර්ග වල,ශේප් එකේ ටෝච් එකක් අරන් යන මෙන් ඉල්ලා සිටිමි. මේ පසු පරිච්ඡේද මේ ඇනෝ මහතුන්ට අදාල නොවේ.

      සමහරුන් මට පරිණත වෙන්නට යැයි කියා තවත් මිනිසුන්ගේ නම් පවස්යි. මම ඒ මහතුන්ගෙන් බොහෝ දේ ඉගෙනගත්තේ වෙනෙකෙකු කියනා නිසා නොව, මා ස්වයං නීරීක්ෂකයෙකු නිසාවෙනි. මම , රවීලා, මාතලන්ලාගෙන් සහ හැලපෙලාගෙන් බොහෝ දේ නිහඬව උගත්තෙමි. අතුල කියන්නේ ශෙෆා නම් ඒ පිලිබඳ මට කිසි අමුත්තක් නැත. ඇති එකාටත්, නැති එකාටත් සමව සැලසීම ශෙෆාගෙන් ඉගෙනගන්න යැයි මම පරිණත ටියුශන් මාසටර්ට කියා තබමි. නමුත් මේ කියන මිනිසා අභීතලාගෙන් ඉගෙනගත්තා නම් මේවා කිසිදා තවෙකුට කියා නොදෙනු ඇත. ඔවා දෙනු පරහට-තමා සම්මතයේ පිහිටා සිට…..පරණ බ්ලොග් කරුවෝ මේවා දනී, සමහරුන් නොදන්නා සේ තවමත් තවලම් දක්කයි. මා දකුණතින් දුන්දේ වමතවත් නොදන්නා බව කියන්නේ නිහතමානී ආඩම්බරයෙකින්ය. එය මට එසේ විය යුතු යැයි කියා දුන්නේ, ටියුශන් මාස්ටර්ස්ලා නොව, මගේ බේබදු තාත්තාය. කාගෙවත් තාත්තාලා. කාගෙවත් පුත්තුන්ට එවන් පාඩම් කියා නොදීම පිලිබඳව මට සතුටක් හෝ තරහක් නැත. ඒ තාත්තලා කවුදැයි දන්නා පුතුන්ගේ හැටිය. ඒ පියවරුන්ට කඩේ මල්මාලා කොහෙත්ම උවමනා නොවේ.! ඒවා ගොතා පැලඳිය යුතුදේය.. ගෝඩ් ෆාදර්ස්ලා හොයන්න ඉටැලියන් චිත්‍රපටම බැලීම වැදගත් නොවේ. ඒක වම් ඇටය අතගා බැලූ විට, දකුණු ඇටය මැනවින් වටහා දේ. මෙය කියවනා විට අත ගා බැලීමෙන් වලකින්න. පුස්සන් වටහා ගැනීමට ඇට අත ගා බැලීම ප්‍රායෝගික නොවේ.

      ආදරනීය ඇනෝ…මේ කිව්වේ ජීවිතයේ මා දුටු තවත් මාර්ගයක පිවිසුම පමනි.

      • මම වීරයන්ව හඬවන්න කැමති නැහැ. එතකොට ප්‍රේක්ශකයෝ ඩිසපොයින්ට් වෙනවා. ඒ වගේ කුජීත ආසාවල් මට නැහැ.

        වීරයෝ ඉන්නේ තමන් තුල. ඒ වීරයා නිර්මානය වෙන්නේ තමන්ගේ ගති පැවතුම් තුල මිසක් බ්‍රෙක්ෆස්ට් එකෙයි, ලන්ච් එකෙයි, බොන බ්‍රෑන්ඩ් එකෙයි නෙමේ. අහසින් පොලවට බහින්න. මුන්ගේ රෙද්ද ස්ටේජ් එකේම ගලවන්න අවස්තා තිබුනත්. මිත්‍ර කමට ගැලව්වේ නැහැ.කුලියට වැඩ කරන හෝ පුක දීලා හෝ ඉන්න හදන රටේ මහත්තුරු ගැන මම පොතක් ලියමින් ඉන්නේ. ඔය කොයි ගාගෙත් වත ගොත මගේ ෆයිල් එකේ ඇත කියන සින්දුව නිහාල් නෙල්සන් මහත්තයාට ලියලා දුන්නෙත් ගල්කිස්ස හොඳට දන්න එකෙක්.

      • හොඳටම රිදිල. යන එකේ ආයි ඔය ගැන කතා කරල වැඩක් නෑ. ටික දවසකින් බ්ලොග් ලියන්න නැවත ආව දාට කතා කරමු.

        එහෙම නැත්තන් ගිය පාර නෙලුම් යායයට සල්ලි වලට ලිව්ව වගේ වෙන වෙබ් එහෙකට ලියන්න ගත්තොත් කියන්න, අපි එහෙදි හම්බුවෙමු. මේ මල ගෙදර ගෑණු අඬන අස්සෙ ඉඳගෙන වැඩි වාද පලක් නෑ.

        – ඉන්දික උපශාන්ත

      • ///////එහෙම නැත්තන් ගිය පාර නෙලුම් යායයට සල්ලි වලට ලිව්ව වගේ////////

        ඉන්දික…..මේකට උත්තර දෙන්න ඕන මම නෙමේ. එක්කෝ නෙලුම් මලක්. නැත්නම් ලංකා නිව්ස් වෙබ් එකේ චන්දිම. මගේ මතයන් කාටවත් දරාගන්න බැරිවුනාට, මම මොකද කරන්නේ. හැබැයි චන්දිමලා, අජිත්ලා මම සහ සල්ලි ගැන කැමතිනම් ලියයි. නැතත් මට ප්‍රශ්නයක් නැහැ.

        සල්ලි මොනවද සහ අරුණ කවුද ගැන කියලා කියන්න දන්නො දන්නවා.

  62. ambalangodakatha says:

    අරුණ මහත්මයා.. ඔබතුමාගේ තීරණය වැරදියි.. මම එහෙම කියන්නේ හේතු තුනක් නිසා.. පලවෙනි හේතුව යමෙක් අපිව පාවිච්චි කරමින් යම් වරදක් කරනවානම් අපි එම තැනැත්තා හෝ කටයුත්ත මගහැරීම ඔවුනට වෙස්වලාගත් ආශිර්වාදයක් වන නිසා. දෙවන කාරනාව අපි බ්ලොග් ලියන්නේ අපේ උවමනාවට නිසා වෙනත් උදවියගේ හැසිරීම අපගේ ලිවීම පාලනය කිරීමට තරම් ප්‍රභල සාධකයක් විය නොයුතුයි කියන එකයි . පුද්ගලිකව මම බ්ලොග් ලියන්නේ මගේ විනෝදය පිණිසයි. ඒ වටා පාඨක පිරිසක් රොක්වෙලා ඉන්නවනම් එය ප්‍රශංසනීයයි.. එහෙම බැලුවාම ඔබතුමාගේ බ්ලොග් ලිවිල්ල වටා සෑහෙන්න පාඨක පිරිසක් එක්වී ඉන්නවා මේ වෙද්දීත්.. ඒත් තුන්වෙනි පාර්ශවයක හේතුවක් නිසා ඔබ ලිවිල්ලෙන් සමුගන්නවානම් ඔබ ඔබගේ හැකියාවටත් , ඔබ වටා සිටි පාඨකයින්ටත් කරන්නේ අසාධාරණයක්. ඔබ බුද්ධිමත් පුද්ගලයෙක්. මදක් සිතන්න.

  63. maathalan says:

    මම අරූගෙන් තමයි දැනගත්තේ බ්ලොග් අයිති නෙළුම් යායටෙයි කියලා..

    මෙච්චර කල් හිතාගෙන උන්නේ.. ඒක මේ ගූගල් කොම්පැණියෙයි වර්ඩ්ප්‍රෙස් කොම්පැනියෙයි වැඩක් කියලා..

    අනෙ හුකේ නන්නානේ.. උඹයි මායි හඳපානේ…

  64. SURAYA says:

    aru
    please read this again.i have enjoyed your blog over the last few years, but due to inability to grasp typing in Sinhalese i think i have done a injustice to you but my feelings and thoughts are somewhat similar to this .මම අව්රුදු ගණනාවක් සිංහල බ්ලොග් කියවගෙන එන්නේක්මි.
    සිංහල බ්ලොග් අවකාශය අප ශ්‍රී ලංකික සමාජය තවත් නියැදියක් පමණි. බ්ලොග් ලියන ඔස්තාඩ්ලගේ සිට ලගදී පැමිණි අංකුර දක්වා ඔවුන්ගේ ලිපි සහ කොමෙන්ටු හරහා මොවුන්ට නොපෙනෙන ඔවුන්ගේ සැබැ ස්වරුපය මට පෙනේයි සිතේ.

    කොම්පඤ්ඤ වීදියේ ඉපදී රජ්ජුරුවන්ගේ ඉස්කෝලෙන් අමතර පන්ති හරහා දෙල්කඳ හන්දිය සහ නුගේගොඩ කරක් ගැසූ අපි සංචාරක හෝටල් පාසැල / ක්ෂේත්‍රය රසබලා අවසානයේ පොකුණෙන් එහා රටක සිට බලන ඔබගේ සුන්දර ලියවිල්ල අපගේ බොහෝ අත්දැකීම් හා සම්බන්ද කරයි.

    ඔබගේ බ්ලොග් අඩවියේ පලවුන රසබර දේ, තවන් ගොන් රැලක් හෝ වෙනයම් පෞතගලික නොවන හේතුවක් නිසා පාටකයන්ට තවදුරටත් නොලබෙනම්, එය අසාදරනයකි. තවද, සම හරක්ගේ වැඩ නිසා බ්ලොග්කරණය හැරදා යනවුන්නවුන් දෙස නිහඬව බල සිටියෙමි.

    ඔබගේ ඉවත්වීමේ තීරණය කාලයත් සමග වෙනස් වේවායි පතමි. නැවත ඔබගේ බ්ලොග් ලිපියක් දකින තුරු ….

    my sincere apologies for the above writer for copying without permission but i could not resist.as he as said the same thing wich i want to tell you .
    your Mango Friend
    Suraya

  65. Jaliya says:

    අරූ මෙය මෙහි සටහනක ලෙස තබන්නේ ඔබේ ඊ මේල් ලිපිනයක නොදන්නා නිසාය
    මුලින්ම කියන්න තියෙන්නේ . අපේ වයසේ පරතරය පැත්තකින් තියලා ඔබට මව් බසින්ම ආමන්ත්‍රණය කරන්නට යන බවය . ඒ ගැන මුලින්ම සමාව ඉල්ලමි . ඊට පස්සේ කියන්න වෙන්නේ පිස්සු කෙලින්න එපා %$තෝ කියලාය .

    ඔබේ සටහන් තුලින් මා කියවූ මිනිසාට , ego එකක් නැත . ඒ වගේම අපි ඔබව කියෙව්වේ , ඔබේ ජීවිතයෙන් පාඩම් ඉගැනීමටය . සහෘදයෙක් ලෙස අත්දැකීම් බෙදා ගැනීමටය .

    හැම කෙනෙකුටම විකිණෙන මිලක් ඇත . මට මෙන්ම ඔබට එය පොදුයි . එය යථාර්තයයි . ලෝකයේ බ්‍රෝ- කර්ලා (වෙන් කරලා ලියුවේ වුවමනාවෙන් ) බොහෝ බවත් , සමහරු කපටි කමට නොව අහිංසක කමටම එවැනි තත්වයන්ට වැටෙන බවත් මට වඩා ඔබ දන්නවා ඇති . අනෙක් අතට ඇතැම්විට බ්රෝකර්ලා අහුවෙන්නේ බයර්ලා හා සෙලර්ස්ලා ගේ දහම් ගැට වලට බවත් ඔබ දන්නවා ඇත . ඒ ගැන කිව්වේ නිකන්ය

    මට නම් මේ අවකාශය , මගේ අදහස් වලට වඩා වෙනස් අදහස් ඇත්තවුන් හමුවීමට . සංවාද කිරීමට අවකාශයකි . (එවැනි තැනක පලවනියා දෙවැනියා තේරිය යුතුද යන්න වෙනම කරුණකි ). ඔබ ලියන්නෙත් , සැරිසරන්නෙත් එවැනි සමාන හේතුවක් නිසාම බව මම සිතමි . ඉතින් ට්‍රෙන්ඩ් එක මට අදාළ නැතුවා මෙන්ම ඔබට අදාළ නැත . මොකද මම ලියන දේ සිරිසේන උන්නැහේට මෙන්ම වික්‍රමසිංහ උන්නැහේටද විවෘතය . එය එසේ නොවේයැයි බිත්තර කටු ආරක්ෂණ බවක් අපි සිතා සිටිනවා නම් , එය අපේ නොදන්නා කමය . ඉතින් අපේ සීමාවන් මෙන්ම , සීමාවන් බිඳ ගෙන යාම එය සිතේ තබා ගෙනම විය යුතුය . ඒ මගේ ඔපිනියන් එකයි . මම සමාජය ගැන . රට ගැන . සයිබර් අවකාශය ගැන ලොරි ටෝක් නොලියමි. හැම දෙයකම අග ඇත්තේ ආත්මාර්ථකාමයම පමණක් බව මට කියාදුන්නේද සියඹලා ගස් දෙකේ ඉස්කෝලේ ගුරුවරයෙක්මය. ඉතින් මෙහෙම කියමි ,මම ඔබේ ලිවීම රසවිඳිමි . අතිශයෙන් රසවිඳිමි . ලිවීම ඔබටද අතිශ්‍ය සතුටක් දනවන බව මම සිතමි.
    ඔබ ගන්නා තීරණය ට සහ ඒ සඳහා ඇති අයිතියට ගරු කරමි , ඒත් ඔබට දිගටම ලියන ලෙස නොඉල්ලී නම් මම දිනෙක පස්චාත් තාපයක් විඳිනු ඇත . එනිසාම පිස්සු කෙලින් එපා %^& , දිගටම ලියහන් &* කියා කාරුණිකව ඉල්ලා සිටිමි . ඒත් ඔබේ තීරණය මම දනිමි යයි සිතමි .

  66. අපෝයි අපේ සමනල සීරීස් එක!. අහෝ දුකකි, ඉරකි , තිතකි. ඔය ගියාට ආයෙ එයි, මොණරපාල ආයෙ චූන් කරල ගන්නෙ නැතෑ, එහෙම සිතුවිල්ලකුත් ආවෙ නැතුවම නෙමෙයි.

    ටික දිනක් බ්ලොග් කියවීමෙන් ඇත්වී සිටියෙමි. ඇවිත් බලන කොට , ඔය කෙලල තියෙන්නෙ පාත්තරේටම :).. අටලෝ දහම අනුව බ්ලොග් වලටද එක්ස්ෆයරි ඩේට් එකක් ඇත.සංසාරෙ හැටි ඔහොම තමයි දරුවො, කියල පන්සලේ ලොකු හාමදුරුවොත් කිව්වා. එය ඔබගේ තීරණයයි.
    අප වෙනුවෙන් මේ ලියා තැබූ මේ අපූරු මතක සටහන් වලට ස්තූතියි..ඔබගේ නික්ම යෑමෙන් ඇතිවන හිස් අවකාශය, සැමදා එසේම පවතිනු ඇත. හේතුව, කොම්ප කද කද වීදිය ,මරදාන, රාජකීය විදුහල, ඔබරෝයි සහ ලන්ඩන් ඉතා දුර්ලභ අච්චාරුවක් වන හෙයිනි.මං යනවා දෙකක් නමා ගන්න.

    සුභ දවසක් මිත්‍රයා.

  67. රොටියා says:

    ඉතාමත් කැමැත්තෙන් කියවාගෙන ආ බ්ලොග් එකක්. හැමදාම කොමෙන්ට් නොකලත් පරණ ලිපි මුල ඉඳලමත් කියෙව්වා.
    ප්‍රබන්ධයට වඩා සත්‍යය කතාව රසවත්ය කියල අර කවුද කියල තිබුනා වගේ ඔබ තුමාගේ ලිපි පෙළ හරිම අගෙයි.
    ඔබතුමාගේ බ්ලොග් එකේ ඔබතුමා ලියනකන් කියවන්න සෑහෙන දෙනෙක් බලා ඉන්නවාය කියන එක මතක් කරන්න කැමතියි.

  68. Anonymous says:

    මචං අරූ….. එකම රටක දියුණු ප්‍රවහනයක් වට කරන් හිටියත් අපි හරි දුරයි වගේ බං. අපිට හම්බු වෙලා අඩියක් පුඩියක් ගගහා උදේ වෙනකම් කථා කර කර ඉන්න කොච්චර අමාරුද කියල බලපන්….

    දැන් බලපන් මිනිස්සු චු කරන විවිධ ක්‍රම තියනවනේ…. සමහරු කොමඩ් එකට. තවත් සමහරු කොමඩ් සිට් එක උස්සල පිළිවෙලකට. සමහරු ගස්වලට ගල්වලට අල්ලන්න කැමතියි.

    ඒත් සමහර උන්ට ඕනි මුළු මානව සංහතියම එක විදිහට චු කරනවා දකින්න. උන් තමයි ඔය බ්ලොග් ලෝකය සින්තටික් කොකයක් කරන්න යන්නේ. උබ බ්ලොග් ලීවත් එකයි නොලීවත් එකයි. හැබැයි උබේ ඔය off road විලාසයෙන් කොහේ හරි ලියපන්…

    මං කැමති උබේ ඔය off road ගතියට තමයි. අපිට අපේ වෙන වෙනම දේශපාලන කතන්දර තිබුනත්….

    හැබැයි දැන් නෙලුම් කන්නාඩියෙන් බ්ලොග් දිහා බලන්න අවශේෂ ලෝකය පුරුදු වේගෙන යන හින්ඳ උන්ගේ enjoyment එක කඩා දැමීම යුගයේ අවශ්‍යතාවයක්. එකට උබ ඕනි වෙනවා.

    වරෙන්….. වෙලාවක සෙට් වෙලා මලක් ඔතමු. කථා කරන්න දේවල් බොහොමයි…

  69. අයියෝ අරූ… මොකක් ද මේ ජිවිතේ.. පාන් කෑල්ලක් කාල වයින් ටිකක් බීල ආයේ ලියන්න පටන් ගන්න..

  70. එල ද බ්‍රා මෙන්ඩ says:

    අයියන්ඩි ලියන්හ්කෝ

  71. එල ද බ්‍රා මෙන්ඩ says:

    ලියන්නෙම නැද්ද

  72. අරූ මහත්තයෝ, දැන්වත් ආපහු ලියන්න පටන් ගමුද…

  73. නිර්නාමික says:

    මේක නිකං සිරිසේන කැබිනට් එකෙන් නැගිටල ගියා වගේ එකක් නේ.

  74. අමරදාස සර් කියන්නේ සැබෑම ගුරුවරයෙක්.. හැමදාමත් ආදරෙන් හිතේ ඉන්න.
    අරූ මස්කට් එනවා කියලා ආරංචි උනා

Leave a comment