අහිංසකාවියේ…

දකින්නේ අවට
අතිනත් බැඳ
තුරුල් වු
පෙම්වතුන්ගේ
පෙම් රැඟුම් නම්…..

පෙනෙන්නේ දසත
පොඩිවුන් හොවාගත්
ලබැඳි
පියවරුන්
මව්වරුන් නම්…..

පතන්නේ නුඹත්
ඇහැකි නම්
එවන් වු
පෙම් කවක් හෝ
ඉන් ඇබිත්තක්…..

හඬන්නේ මසිත
කෙලෙසදැයි
නුඹ නොදන්නේ
නංගියේ ….පොඩි වැඩිය

ඔබ එය නොදත්තත්……..
(ජීවිතයේ 41 වැනි කලට ලංවෙන මන්දමානසික නංගීගෙන් ලොකු අයියා අයදින සමාව.)

Aru

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

8 Responses to අහිංසකාවියේ…

  1. Charmi says:

    මේ කවිය අඹ ගහ යට අලවන ලදී.
    http://ambagaha.blogspot.com/2010/10/blog-post_09.html

  2. Kasun says:

    Sathya kathawakda ? harima wedanakaree wiya yuthui

  3. Reblogged this on Aru-ge adaviya and commented:

    වැව් ඉස්මත්තේ නැගණිය දීග ගිහින්ය.මම ඇයට සුභාසිරි පතමි.මගේනැගණියගේ කථා වස්තුව ඊට හාත්පසින්ම වෙනස්ය.මට කවි ලියන්නට බැරිය.ඒත් මීට අවුරුදු තුනකට පෙර ලියු අඹ ගහයටද එල්ලා තිබූ මේ මා හඬවන ඇගේ ගීතය නැවත පලකිරීමට හිතුනේ වැව් ඉස්මත්තේ “අම්මා කෙනෙකු මෙන්”කියවීමෙන් පසුවය.

  4. දුකා says:

    හරිම සංවේදීයි . . .

    ඇත්තෙන්ම මන්ද මානසික කෙනෙක් පවුලක හිටියොත් ඒ අයව සම්පූර්ණයෙන් වගකීමෙන් බලගන්න පුන්‍යායතන රටක තියෙන්නම ඕන.

    ඒත් අපේ රටේ එහෙම ඒවා තියෙනවද?

    තිබුනත් රාජ්‍ය නොවන සංවිධාන වලින් කරන ඒවා විතරයි නේද?

    පෙරේදා ප්ලිප්ඩ් කියලා ෆිල්ම් එකක් බැලුවා. ඒකෙත් තියෙනවා සංවේදී සිදුවීමක් ගෑනු ළමයගේ තාත්තා එයාගේ මුලු අමතර ආදායමම මන්දමානසික සොයුරා වෙනුවෙන් යොදවනවා. පවුලේ අය තමන්ගේ අඩුපාඩු ඉවසගෙන ඒකට සහයෝගය දෙනවා.

    • බොහොම ස්තූතියි දුකා.සමහර බටහිර රටවල් වල තියෙන අවම පහසුකම් වත් අපේ රටවල්වල තවමත් නැහැනේ.

  5. Miyuru says:

    මෙහේ දකින මන්ද මානසික සහ කායික ආබාධ තියෙන අය විඳින සැප පහසුකම් දැක්කම ඇත්තටම අපේ රටවල අය ගැන පුදුම දුකක් හිතෙනවා… ඒ අයටත් ප්‍රශ්ණ නැතුව නෙවේ… ඒ උනාට අපේ රටවල අයට මොකුත්ම නෑනෙ… එහෙම වෙලා කවුරුවත් අපේ වගේ රටවල නම් ඉපදෙන්න එපා…

Leave a comment